Prostate Gland & Womb Diseases Specialist(Herbalist)

Prostate Gland & Womb Diseases Specialist(Herbalist) A Traditional Sri lankan Herbalist who's specializes in prostate gland and womb diseases. Dosthora is a Sinhalese word.

Dos-Thora means Without(Thora)-Disease(Dos). Nimal Warnasuriya is a traditional Sri lankan Herbalist who's specializes in prostate gland and womb diseases for 35+ years. Medicine is solely created by him self using his father's(Dosthora Mudalihamy Warnasuriya's) knowledge and made according to traditional system.

27/09/2022

⭐ ⭐ ⭐ ⭐ ⭐ (237)

27/09/2022
17/06/2022
13/06/2022

කංසා ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රටේ ඩොලර් ආදායම වැඩි කර ගත හැකිද?
=======================

විද්‍යාත්මක දත්ත මත පදනම්වූ වාණිජමය කංසා වගාව ආර්ථිකයට රුකුලක්
++++++++++++++++++++

ගංජා සුරුට්ටුවට ඔබ්බෙන් කංසා වල වෛද්‍යමය සහ කාර්මික ප්‍රතිලාභ දෙස බලමු
*******************************

වර්තමාන ආර්ථික අර්බුදයට ඩොලර් ආදායම වැඩි කරගැනීමේ අරමුණ සහිතව කංසා අපනයනයට අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව සංවාදයට බඳුන් වී තිබේ. මෙම යෝජනාව යථාර්ථයක් කිරීමට නම් ඉතා ප්‍රවේශමෙන් ජනතාව සහ සමාජය වෙත මෙහි වටිනාකම බුද්ධිමත්ව වටහාදීමට අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් දේශීය උරුමයන් ගැන කතා කරන සියලු බලවේග ඒකරාශී විය යුතු අතර එම යෝජනාව දෙස වපර ඇසින් බලන විවේචන කෙරෙහි යම් විද්‍යාත්මක ප්‍රතිචාර දැක්වීමට විද්වතුන් සූදානම් විය යුතුය. කංසා මත්ද්‍රව්‍යයක් ලෙස සලකා ඊට පරිභව කරන සමාජය මෙන්ම කංසා මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන සමාජයෙන් ද මෙම යෝජනාව බේරා ගත යුතුව තිබේ. කංසා වල ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට නම් හුදු කංසා අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීමට වඩා එයට අගය එකතු කිරීමක් සිදු කොට ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමට යම් විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ශ්‍රී ලංකාවේ වැවෙන කංසා ප්‍රභේද සහ ඒවායේ පාරිසරික තත්වයන් මෙන්ම රසායනික සංයුතීන් ගැන ද ඉතා පුළුල් අධ්‍යයනයක් කිරීම මෙහි පළමු අදියර විය යුතුය. ඊට යම් ජාතික මට්ටමේ සැලසුමක් අවශ්‍ය වන අතර සුදුසු විද්වතුන් ගේ දායකත්වය ලබා ගත යුතුය.

දැනට ක්‍රියාත්මක වන 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ ආඥාපනත අනුව කංසා (Cannabis sativa) යනු ශ්‍රී ලංකාවේ නිතිය මගින් වැවීම, ආනයනය, අපනයනය, විකිණීම, සන්තකයේ තබාගැනීම තහනම් කරන ලද මාදක ද්‍රව්‍යයකි. 1984 අංක 13 දරන විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත මඟින් සංශෝධනය කළ අතර 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල පනත මඟින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලය පිහිටු වීමටද කටයුතු යොදන ලදී. මේ සෑම නෛතික ප්‍රතිශෝධනයක් ම ගතානුගතික බ්‍රිතාන්‍ය අධිපතිවාදී මුලධර්ම මත සිදු කරනු විනා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වීමක් දක්නට නොලැබේ. 1988 එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා මනෝවර්තික ඖෂධ පිළිබඳ නීතිවිරෝධී ජාවාරම සම්මුතිය අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 2008 අංක 1 දරන පනත තුළින් ද කංසා පිළිබඳ නීතිමය බාධක ලිහිල් වීමක් සිදු නොවූ අතර සියලු නීතිමය විධිවිධාන ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ආයුර්වේදයේ අවාසි සහගත අන්දමිනි.

ශ්‍රී ලංකාවේ කංසා පිළිබඳ නීතිය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ 1936 දී සම්මත කළ වසවිස, අබිං හා අන්තරයාකාරි ඖෂධ ආඥා පනතේ විධි විධාන වලට අනුකුලවය. 1988 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සම්මුතියට අත්සන් කිරීමෙන් අනතුරුව 1961 මත්ද්‍රව්‍ය පිළිබඳ කේවල සම්මුතිය හා 1972 ඊට අදාළ සංශෝධන මුලාකෘති ලේඛන වල සඳහන් මුල් අර්ථනිරූපණ වල වලංගුභාවය නැවතත් සිහිපත් කළ යුතුව ඇත. එහි වැදගත් ම නිර්වචනය වන්නේ කංසා යන්නට මල් හටගන්නා හෝ ඵල දරන්නාවු ඉහළ කොටස මිස එහි බීජ හෝ පත්‍ර අයත් නොවන බවය. එසේම කංසා පිළිබඳ විද්‍යාත්මක හා වෛද්‍යමය භාවිතයන් සඳහා වන නීතිමය මුක්තියේ සිමා නොසලකා ශ්‍රී ලකාවේ නීතිය ක්‍රියාත්මක වීම ඉතා කණගාටුදායකය. මනෝවර්තික නොවන කංසා ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමට සඳහා එහි මල් හැර අනෙක් කොටස් වලට පනවා තිබෙන සීමා නීතියෙන් නිදහස් කිරීමට අවශ්‍ය බව ඉතා පැහදිලිව කිව යුතුය. කංසා ශාකයේ සියලුම කොටස් වාණිජමය නිෂ්පාදන සඳහා යොදා ගන්නා කංසා කර්මාන්තයක් මේ රටේ බිහිකිරීමෙන් සදාචාරයට හානියක් වනු ඇතැයි සිතිය නොහැකිය.

මෙම කේවල සම්මුතියේ IV වැනි උපලේඛනයේ අනතුරුදායක මත්ද්‍රව්‍යයක් ලෙස තිබූ කංසා පසුගිය දෙසැම්බර් 2 වැනිදා එම උපලේඛනයෙන් ඉවත් කරනු ලැබීය. එය සිදුවූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ වලට අනුකූලවය. 2019 මුල් භාගයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගංජා රෙසිනය “මත්ද්‍රව්‍ය පිළිබඳ කේවල සම්මුතියේ (1961) 4 වන උපලේඛනයෙන් මකා දැමිය යුතුය” යන්නත් ඊට අමතරව, ටෙට්‍රාහයිඩ්‍රොකානාබිනෝල් (THC) “මනෝචිකිත්සක ද්‍රව්‍ය පිළිබඳ සම්මුතියෙන් (1971) ඉවත් කොට, කේවල සම්මුතියේ (1961) 1 වන උපලේඛනයට එකතු කළ යුතුය” මත්ද්‍රව්‍ය කොමිසමට වෙත නිර්දේශ කර තිබේ. තව දුරටත් එම වාර්තාව නිර්දේශ කර ඇත්තේ 0.2% THC දක්වා වන CBD නිස්සාරණය ඖෂධ පාලන සම්මුතීන් තුළ ඇතුළත් නොකළ යුතු බවයි. මෙයින් ගම්‍ය වන්නේ ගංජා වල ඖෂධීය අගය සම්බන්ධයෙන් විශාල වෙනසක් ඇති කළ අතර CBD නිෂ්පාදනවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ පැහැදිලි බලපෑමක් ලබා දුන්නේය.

දේශීය වෛද්‍ය ක්‍රමයට අයත් බොහෝ ප්‍රබල ඖෂධ බොහොමයක කංසා අඩංගු වන අතර ඒවා කිසිදු උපද්‍රවයකින් තොරව දරුණු රෝග තත්වයන්ට සහනය සලසයි. එහෙත් නීතිමය බාධකය නිසා වෛද්‍යවරුන් හට එම ඖෂධ නිපදවා ගැනීමට හෝ ඒවා ළඟ තබා ගැනීමේ අවසරයක් නැත. දේශීය ඔසු ඇඹරීම සඳහා මෙන්ම ඔසු දීමේදී අමු කංසා කොළ ඉස්ම යොදා ගැනීමට නියම කර ඇති හෙයින් කංසා ගෘහස්ථ ශාකයක් ලෙස හෝ අඩු වශයෙන් වෙදගෙදර ගෙවත්තේ වවා තිබූ බවට අනුමාන කළ හැකිය. ආයුර්වේදයේ හා දේශීය වෛද්‍ය ක්‍රමයේ දී අභ්‍යන්තර ඖෂධ යෝග ගණනාවකත් තෛල සංයෝග ගණනාවකත් ප්‍රධාන ඖෂධයක් ලෙස කංසා භාවිතා කර ඇත. එනමුත් අද වන විට අවාසනාවකට කංසා යනු “විෂ ද්‍රව්‍යය අබිං සහ අන්තරායකර ඖෂධ අඥාපනත” යටතේ වගා කිරීම, ලඟ තබා ගැනීම සහ විකිණිම තහනම් කර ඒ සම්බන්ධයෙන් ඉහත ක්‍රියා වල නිරත වීම අපරාධ වරදක් ලෙස නීතිගත කර තිබේ. විශේෂයෙන් ම අනෙකුත් මත්ද්‍රව්‍ය ගණයට කංසා ඇතුළත් කිරීම නිසා දේශීය වෛද්‍යවරයා ගේ වෘත්තීය ප්‍රතිරූපයට මෙන්ම ක්ෂේත්‍රයේ අභිවර්ධනය ට ද විශාල අගතියක් සිදුවන බව කිව යුතුය.

එසේම කංසා සම්බන්ධයෙන් ගොඩ නගා ඇති වැරදි සමාජ මතවාදය නිසා ද සිදු වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිරූපයට හානියකි. එබැවින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය මෙන්ම ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ද කංසා සම්බන්ධයෙන් පවතින නීතිය සංශෝධනය කිරීමේ කාලින අවශ්‍යතාවක් මේ වන පණ නැගී ඇත. යුරෝපියානු ආයෝජන බැංකුව අනුව ගෝලීය කංසා වෙළෙඳ පොළ ඊළඟ දශකයේ දී 1000% කින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යානුකූල කංසා වලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමෙරිකාව හා යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් ය. උතුරු ඇමෙරිකාවේ 2017 දී ඩොලර් බිලියන 9.2 ක් වූ නීත්‍යානුකූල කංසා වෙළෙඳාම 2021 දී බිලියන 20.1 ක් ද 2027 දී බිලියන 47.3 ක් ද වනු ඇත. 2018 දී දකුණු අමෙරිකාවේ වෛද්‍යමය කංසා භාවිතය ඩොලර් මිලියන 125 ක් වනු ඇති බවත් එය 2027 දී මිලියන 776 ක් බවත් ගණන් බලා තිබේ.

ඕස්ට්‍රේලියාවේ 2018 දී අපේක්ෂිත නීත්‍යනුකුල කංසා වගාව ඩොලර් මිලියන 52 ක් ලෙසත් එය 2027 දී බිලියන 1.2 ක් වන බවත් පෙන්වා දී තිබේ. ඕස්ට්‍රේලියාව සැලසුම් කරන්නේ සිඩ්නි සරසවියේ වාර්තා අනුව ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල කංසා කර්මාන්තය ඩොලර් මිලියන 78 ක් වන තර කැනඩාවේ එය බිලියන 3.19 කි. ඔවුන් ගේ සැලසුම් වන්නේ ලෝකයේ නීත්‍යානුකූල කංසා වෙළෙඳාමේ සිව් වන ස්ථානය ලබා ගැනීමට හා ගෝලීය වෙළෙඳ පොළ තුළ සැලකිය යුතු කොටසක් අත්පත් කරගැනීමටය. තවත් වාර්තාවක් අනුව 2016 දී නීත්‍යානුකූල කංසා වෙළඳාම ඩොලර් බිලියන 14.3 ක් වූ අතර 2017 සහ 2014 අතර වෙළෙඳ පොළ වර්ධන වේගය 21.1% ක් වන අතර 2024 දී ඩොලර් බිලියන 63.5 ක් බවට පත් වේ. මොරොක්කෝවේ 2015 දී කංසා වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර් 47000 ක් වූ අතර වාර්ෂික කංසා නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 38000 ක් ලෙස ගණන් බලා තිබේ. බොහෝ රටවල් කංසා වගාව කර්මාන්තයක් ලෙස දියුණු කරන්නේ එහි ආර්ථික අගය ඉහළ නිසාය. ලැට්වියා වේ දළ ජාතික නිෂ්පාදනයෙන් 0.64% ක් වන කංසා කර්මාන්තය ඕස්ට්‍රේලියාවේදී 0.47% කි. චෙක් ජනරජයේ 0.45% ක් වන අතර ස්ලෝවේනියාවේ 0.36% ක් හා නවසීලන්තයේ 0.35% ක් ද වේ.

2016 දී ඇමරිකාවේ ප්‍රාන්ත 28 ක් තුළ වෛද්‍යමය භාවිතය සඳහා මරිජුවානා නීතිගත කළ අතර Medical The Medicinal and Adult Use Cannabis Regulation and Safety Act නමැති පනත මේ වසරේ සිට ක්‍රියාත්මක වේ. කංසා නීතිය ලිහිල් කළ යුතු බවට ඇමරිකානු ජනතාව 64% ක් කැමැත්ත පළ කොට තිබේ. මේ අනුව කංසා වගාකරුවන්, සිල්ලර වෙළෙන්දන්, හට බලපත්‍ර නිකුත් කිරීමද මේ යටතේ සිදු වේ. දැනට ඩොලර් බිලියන 7.7 ක් වන කංසා ඉල්ලුම 2021 දී බිලියන 31.4 ක් විය හැකි බවත් බොහෝ රටවල් කංසා නීති ලිහිල් කිරීමත් සමඟ එහි වාර්ෂික වෙළෙඳ පොළ වර්ධන වේගය 60% ක් විය හැකි බවට අනාවැකි පළ කෙරේ. දැනට කංසා වෙළෙඳ පොළෙන් 90%ක් පාලනය කරන ඇමෙරිකාවේ කොටස 2021 දී 57% දක්වා පහළ බසිනු ඇත. එහෙත් ඇමරිකාවේ වෙළෙඳ පොළ ආධිපත්‍යය තවදුරටත් පවතිනු ඇති බවත් ලොව සියලු වෙළෙඳ පොළ ප්‍රමාණය ගත් විට ඇමරිකාව ඉදිරියෙන් සිටින බව පිළිගැනේ. ඒ අනුව එම වෙළෙඳපොළ තුළ යම් වපසරියක් අත්පත් කරගැනීම තරමක් අභියෝගාත්මක පියවරක් ද වනු ඇත.

2003 දී ඇමෙරිකානු රජය කංසා වල ප්‍රතිඔක්සිකාරක හා නාඩිබලකාරක ක්‍රියාවට අදාළ අංක 6630507 පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම ආන්දෝලනාත්මක සිද්ධියක් විය. වොෂින්ටන් ප්‍රාන්තයේ 2016 වර්ෂය තුළ අලෙවි කළ ඩොලර් බිලියනයක් වූ කංසා වලින් රජයට අය වූ බදු ප්‍රමාණය ඩොලර් මිලියන 400 ක් විය. කොලරාඩෝ ප්‍රාන්තයේ කංසා වලින් ඉපැයූ බදු ප්‍රමාණය ඩොලර් මිලියන 135 කි. කැලිෆෝර්නියා කංසා වෙළෙඳපොළ 2020 දී ඩොලර් බිලියන 7.6 ක් වන අතර ඉන් 3.3 ක් වෛද්‍යමය භාවිතයන් වේ. එහෙත් ජර්මනිය වැනි රටවල් කංසා නීති ලිහිල් කිරීමත් සමඟ යුරෝපය ලෝකයේ විශාලතම කංසා වෙළෙඳ පොළ බවට පත් වීමේ පෙරනිමිති ද පහළ වෙමින් තිබේ. ජර්මනියේ වෛද්‍යමය භාවිතය සඳහා වන වෙළෙඳ පොළ ඩොලර් බිලියන් 11.9 ක් වන අතර යම් හෙයකින් නීති තව දුරටත් ලිහිල් කළ හොත් එය බිලියන 17.14 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. යුරෝපයේ ජනගහනයෙන් 12% ක් යම් ආකාරයකින් කංසා භාවිතා කරන බවත් යුරෝපයේ සෑම රටක්ම කංසා නීති ලිහිල් කළ හොත් එහි වෙළෙඳ පොළ ඩොලර් බිලියන 66.8 ක් විය හැකි බවටත් අනාවැකි පළ වී තිබේ.

අද වන විට මුළු ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපයේ බහුතරයත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ඉක්මවා යමින් හෝ ඒවා ප්‍රතිශෝධනයට අවශ්‍ය බව පෙන්වමින් සිටින බව පෙනේ. ලෝකයේ වෛද්‍යමය කංසා භාවිතය පිළිබඳ පර්යේෂණ කරනු ලබන ප්‍රධාන රටවල් අතර ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, චෙක් ජනරජය යන රටවල් ඉහළින් සිටියි. 1998 දී බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ විද්‍යා හා තාක්ෂණ තේරීම් කමිටුවේ වාර්තාව කංසා ගැන තබා ඇති දිරි ගන්වන සුළු නිගමනය වන්නේ නීති සංශෝධනය සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ඇති බවයි. කැනඩාව 2018 ජුලි මාසය වන විට කංසා පිළිබඳ නීති පුර්ණ ලෙසම ලිහිල් කරන බව සඳහන් ය. යටත් විජිත යුගයේ අධිරාජ්‍යවාදී මානසිකත්වය නිසා කංසා මත්ද්‍රව්‍යයක් ලෙස පමණක් හංවඩු ගසා නීති ප්‍රතිශෝධන යෝජනා හමස් පෙට්ටියට යවන අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් දැන් බ්‍රිතාන්‍යය දෙස බලා පාඩම් උගහ යුතු කාලය එළඹ තිබේ. කංසා වල චිකිත්සීය අගය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ අවධානය බෙහෙවින් යොමු වී ඇත්තේ එහි මාදක සංඝටකය වන THC කෙරෙහි නොව කැනබිඩොල් වර්ග වලින් ලැබෙන සාඵල්‍යතාව කෙරෙහිය. ඒ අනුව කංසා ඇට ගුණයෙන් ඉහළ පෝෂ්‍යදායි ආහාරයක් ලෙස නොයෙකුත් නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයක් වේ.

මේ වන විට කංසා වල චිකිත්සීය භාවිතයන් ගැන කරනු ලබන පර්යේෂණ ඉතා පුළුල් ලෙස විද්වතුන් ගේ අවධානයට මෙන්ම සමාලෝචනයට ලක් වෙමින් තිබේ. ඒ අනුව පර්යේෂණ දත්ත ඇසුරෙන් හෙළිවෙමින් පවතින්නේ අබිං ඇබ්බැහිය පාලනය කිරීමේ හොඳම ප්‍රතිකාරයක් ලෙස කංසා භාවිතා කළ හැකි බවයි. එසේම කංසා වල ඇති ඇබ්බැහි විය හැකි මාදක සංඝටක ප්‍රතිශතය අවම කිරීමෙන් නව ප්‍රභේද නිපදවා ගැනීමේ ජෛව තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධ පර්යේෂණ ද මේ වන විට දියත් වෙමින් තිබේ. මෙම රටවල මෙන්ම ඊශ්‍රායලය, රුමේනියාව, මැසඩෝනියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල කංසා වලින් නිපදවෙන Dronabinol, Nabilone, Nabiximols වැනි ඖෂධ නොයෙකුත් රෝගාබාධ වලදී වෛද්‍යමය භාවිතයට අවසර දී තිබේ. 2001 දී කැනඩාව වෛද්‍යමය මරිජුවානා සඳහා නීතිමය අවසරය ලබාදුන් අතර ඩෙන්මාර්ක් රජය 2011 දී මේ සඳහා තිබූ සියලු නීතිමය සිමා ඉවත් කළේය. මෙම නීති ලිහිල් කිරීමේදී ලෝකයේ දියුණු රටවල් ක්‍රියා කළ ආකාරය අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ.

මේ වන විට ලෝකයේ අවධානය යොමුව ඇත්තේ කංසා වල වෛද්‍යමය අගය සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා ආයෝජනය කිරිමේ විද්‍යාත්මක මෙහෙයුමක් වෙතය. එනිසා ඉන්දියාව වැනි රටවල් වෛද්‍යමය කංසා (medicinal cannabis) යන නම නිලවශයෙන් කරළියට හඳුන්වා තිබේ. ඉන්දියාවේ ගුජරාට්, බිහාර්, ඔඩිස්සා, බටහිර බෙංගාලය, හා නිරිත දිග ප්‍රදේශ වල කංසා වගාව නිත්‍යානුකුලව සිදු කරනු ලබයි. ෆින්ලන්තයේ, ඩෙන්මාර්කයේ, ඕස්ට්‍රේලියාවේ හා ජර්මනියේ ඖෂධීය අවශ්‍යතාවන් සඳහා කංසා වගාව රාජ්‍ය අනුමැතියෙන් සිදු කරන අතර ලෙසතෝ රාජ්‍යය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ කංසා වගාව සිදු කරයි. 2017 මාර්තු මාසයේදී ජර්මානු පාර්ලිමේන්තුව කංසා වල වෛද්‍යමය භාවිතය නීතිගත කිරීම වෙනුවෙන් චන්දය පාවිච්චි කළේය. පෘතුගාල පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් පසු ගිය වසර වන විට පෘතුගාල රජයට අයත් කංසා වගාවන් තිබු බවත් වාර්තාවේ. කංසා වගාව වාණිජ මට්ටමට ගෙන ඒමේ ප්‍රයත්නය යුරෝපය තුළ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක විය.

2019 වසරේ ජනවාරි මාසයේ දී ඩෙන්මාර්ක් රජය සිව් අවුරුදු වෛද්‍යමය කංසා නියමු වැඩසටහනක් අරඹා ඇති අතර කංසා ආශ්‍රිත ඖෂධ නිපදවීම දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ. ඉතාලිය තුළ කංසා වගාව 2015 සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත සිදු කරන අතර එම ගොවින් ගේ කංසා අස්වැන්න රජය විසින් මිළදී ගනු ලබයි. යුරෝපයේ විශාලතම වාණිජමය කංසා වගාකරුවන් අතර නෙදර්ලන්තය සිටින අතර ආනයනය කරනු ලබන කංසා සහ දේශීය නිෂ්පාදිත කංසා හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් සහිත එකම යුරෝපීය රට නෙදර්ලන්තය වේ. Cannabis production and markets in Europe (2012) වාර්තාව අනුව නෙදර්ලන්තයේ වගා කරනු ලබන කංසා වලින් 24% ක් වෛද්‍යමය සැපයුම් සඳහා වන අතර ෆින්ලන්තයේ එය 59% ක් වේ. මිට අමතරව බල්ගේරියාව, ප්‍රංශය, හංගේරියාව, ස්වීඩන්, ස්ලෝවැකියා, නොර්වේ, එක්සත් රාජධානිය වැනි රටවල ද වාණිජමය කංසා වගාකරුවන් සිටි. ඒ අනුව අපේ රටේ ද එබඳු වාණිජ වගාවක් ලෙස කංසා ආරක්‍ෂිත ක්‍රමවේදයක් මත ප්‍රචලිත කිරීමේ බාධාවක් නොපෙනේ.

ආයුර්වේද ඖෂධ කර්මාන්තය සඳහා මෙන්ම අපනයන වෙළෙඳපොළට අදාළව කංසා වලට අදාළ නීති ලිහිල් කළ යුත්තේ යල්පැනගිය නෛතික ප්‍රතිපාදන අනුව නොව නවතම ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්ය. ඒ අනුව නිසි පරිදි ස්වාභාවිකව වගාකරනු ලබන හා අස්වනු නෙළා ගනු ලබන කංසා ඖෂධ පිණිස යොදා ගැනීමේ ක්‍රමවේදයක් හා නෛතික ප්‍රතිපාදන සැලසිය යුතුය. ආයුර්වේදය කිසි විටෙක කංසා දුම් පානය ප්‍රතිකාරයක් ලෙස යොදා නොගන්නා අතර එය කිසි විටෙකත් රෝග වැළැක්වීමේ සෞඛ්‍යමය භාවිතයක් හෝ සුවකිරීමේ වෛද්‍යමය භාවිතයක් ලෙස ප්‍රවර්ධනය පිණිස අනුබල නොදෙයි. එබැවින් ආයුර්වේද ඖෂධ සඳහා කංසා ලබා ගැනීමට වන නීතිමය බාධක ඉවත් කිරීමට අවශ්‍ය පරිදි පවත්නා අණපනත් සංශෝධනය කිරීම හෝ නව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීම අවශ්‍ය වේ. යම් හෙයකින් කංසා අඩංගු ආයුර්වේද ඖෂධ වල මත්කාරක සංඝටක අඩංගු වන්නේද යන්නත් නියමිත මාත්‍රාව තුළ එම ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර මට්ටමෙන් පවතින්නේ ද යන්නත් සොයාබැලීමේ පර්යේෂණ සිදුකළ හැකිය. ඒ අනුව නියමිත මාත්‍රාව තුළ මත්කාරක සාමාන්‍ය තත්වය ඉක්මවා තිබෙන විටකදී එම ඖෂධ වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිතා කළ යුතු ඖෂධ ලෙස වර්ගීකරණය කළ යුතුය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

08/11/2021

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැ....

07/11/2021

ෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු .....

13/10/2021

අපගේ දිනපතා ආහාරයේ ශක්ති ජනක ආහාර කෙතරම් තිබුනත් ස්නායු ආරක්ෂාවට විශේෂිත හැකියාවන් තිබෙන ආහාර ඉතාමත් අඩුය. දේශී....

13/10/2021

ZeroHedge - On a long enough timeline, the survival rate for everyone drops to zero

05/10/2021

*උතුම් වූ සෝවාන් ඵලයට පත්වුණා වූ විශාඛා උපාසිකාවගේ... උතුම් සෝවාන් ඵලයට පත්වුණා වූ අනේපිඬු සිටුතුමාගේ.... උතුම් සෝවා...

26/09/2021

Dr. HARRIS PATHIRAGE - Consultant Paediatrician - Lady Ridgeway Hospitalකොවිඩි වසංගතයට මුහුණ දීමේදී අපගේ හැසිරිම....සම්බන්දව ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පති...

25/09/2021

උණුසුම් පුවත් ලඳ සැණින් ඔබ වෙත ගෙන එන Aluth Thorathuru ( අලුත් තොරතුරු ) යුටියුබ් චැනල් එකට ඔබව සාඳරයෙන් පිළිගන්නවා.මේ වගේ වීඩ...

Address

99/2 Gothami Road
Colombo
00800

Opening Hours

Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Telephone

+94718329726

Alerts

Be the first to know and let us send you an email when Prostate Gland & Womb Diseases Specialist(Herbalist) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Prostate Gland & Womb Diseases Specialist(Herbalist):

Share