Aura Energy Healing Centre - Sri Lanka

Aura Energy Healing Centre - Sri Lanka Healing for Pain relief, headaches, neurological etc...
ebay: https://www.ebay.com/itm/354964702086

pranichealerashok/ebay, ashok_pranic_healer/instagramm,, TikTok live usely we do 10.30pm -1.00pm every Saturday -"ashok_pranic_healer" my profile

ඔබේම ජීවිතය තුළ අද්භූත හෝ අසාමාන්ය  දේ අත්විඳීමට ඔබට අවශ්යජ නම්— එනම් ඔබේ ශරීරය සුවපත් කර ගැනීම, මීට පෙර කිසිදා සිතා නොත...
14/04/2026

ඔබේම ජීවිතය තුළ අද්භූත හෝ අසාමාන්ය දේ අත්විඳීමට ඔබට අවශ්යජ නම්— එනම් ඔබේ ශරීරය සුවපත් කර ගැනීම, මීට පෙර කිසිදා සිතා නොතිබූ නව අවස්ථාවන් උදා කර ගැනීම සහ උත්තරීතර ගුප්ත අත්දැකීම් ලැබීම සඳහා—ඔබ මුලින්ම 'වර්තමාන මොහොත' හෙවත් 'සදාකාලික දැන්' (Eternal Now) යන සංකල්පය ප්රොගුණ කළ යුතුය.

වර්තමානයේ ජීවත් වීම හෝ 'දැන්' යන මොහොතේ රැඳී සිටීම ගැන අද කාලයේ බොහෝ කතාබහට ලක් වේ. එහි මූලික අර්ථය (එනම් අනාගතය ගැන නොසිතීම හෝ අතීතයේ ජීවත් නොවීම) බොහෝ දෙනෙකුට වැටහුණද, එය කිරීම හැමෝටම පහසු නොවේ.

ඒ සඳහා ඔබ ඔබේ ශරීරය, ඔබේ අනන්යඔතාවය සහ ඔබේ පරිසරය ඇතුළු භෞතික ලෝකයෙන් ඔබ්බට යාම අවශ්ය වේ. එපමණක් නොව, කාලය යන සංකල්පයෙන් පවා ඔබ්බට යාමට ඔබට සිදුවේ. ඔබ සතු අවබෝදය යථාර්ථයක් බවට පත් කරන්නේ මෙන්න මේ ස්ථානයේදීය.

මෙ මගින් අදහස් කරන්නේ ඔබ හුදෙක් සිතුවිලි පාලනය කිරීමක් පමණක් නොව, ඔබේ පැවැත්මේ මූලික පදනම වෙනස් කරමින් විශ්ව ශක්තිය සමඟ ඒකාබද්ධ වන ආකාරයයි. මෙය ප්ර්ගුණ කිරීමෙන් ඔබට ඔබේ සෞඛ්ය්ය සහ ජීවිතයේ අරමුණු සම්පූර්ණයෙන්ම අලුත් මාවතකට යොමු කළ හැකිය.

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා ඇතුළු අධ්‍යාත්මිකත්වයට මග පෙන්වන පන්තිය (සීමිත කණ්ඩායමක් සහබාගි කරගන්නා බැවින් ඔබේ...
14/04/2026

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා ඇතුළු අධ්‍යාත්මිකත්වයට මග පෙන්වන පන්තිය (සීමිත කණ්ඩායමක් සහබාගි කරගන්නා බැවින් ඔබේ ආසනය අදම වෙන්කර ගන්න Class 14)
♦️සොබාදහමේ විවිද ශක්තින් හදුනාගමු, සොබාදහම සමග එක්ව මානසික පීඩනය නැතිව සතුටින් ජීවිතය ජයගමු
අධ්‍යාත්මික සහ සාමාන්‍ය ජීවන රටාවටද මහගු පිළිසරණක් වන මෙම කරුණු ඉගෙනීමට සහ ප්‍රයෝගිකව විදීමට කැමති නම්, කතාකරන්න .
-------------------------------------------------
📍 ස්ථානය : නුගේගොඩ
⏳ පාටමාලා කාලය : දින 5 කි (ඉරිදා දින 5 කි )
🕝 Sunday Class:
පන්ති ආරම්භය : අප්‍රේල් මස 26 වන ඉරිදා
සවස 2.30 සිට 5.00
( ගම්පහ නව පන්තිය මැයි මස අරම්භ වේ)
--------------------------------------------------
💲 මුළු අයකිරීම : Rs. 20,000 ( දෙපාරකට ගෙවිය හැක )
--------------------------------------------------
🔸 ශක්ති ශරීරය මගින් රෝග සුව කිරීමේ රහස් / Energy healing.
🔸 රෝග සුවකිරීමට භාවනාව කරන ක්‍රමවේද සහ ප්‍රායෝගිකව රෝග සුවකිරීම පුහුණුකරවීම.
🔸 තම ඔරාව /Aura බල ගැන්වීම & Higher Vibrations ඇතිකරගනිම.
🔸 ආර්ථික අපහසුතතා මග හැර බලාපොරොත්තු වෙත ලඟාවීම / මානසික සහනය.
🔸 බුද්ධිය/ ප්‍රක්ඥාව වර්ධනය වන භාවනා ක්‍රම. ධනාත්මක චින්තනය
🔸 කුන්ඩලනී භාවනා ක්‍රම සහ ඒ පිළිබඳ දතයුතු මුලික කරුණු.
🔸 ප්‍රාණ ශක්‌තිය වැඩිකරන ප්‍රාණයාම අභ්‍යස.
🔸 ආනාපානාසති භාවනාව / ගුප්ත විද්‍යාව හැදින්වීම/ අමුනුෂ්‍ය බලපෑම් වලින් බේරීම, අධ්‍යාත්මික ආරක්ෂන ක්‍රම.
🔸 Feng Shui ක්‍රම මගින් තමාටම නිවසේ, ව්‍යාපාරික ස්ථානය ආදියේ දෝෂ ඉවත් කර ගැනිමේ සරල ක්‍රම.
🔸 භාවනා කිරීමට සුදුසු ස්ථානයක් සැකසා ගැනීම එහි අධ්‍යාත්මික ශක්තිය වැඩිකර ගැනීම.
--------------------------------------------------
🔥 මුලදර් ම සහ ප්‍රයෝගිකව තමා මෙන්ම වෙනත් කෙනෙකුද සුවකිරීමේ අත්දැකීම ඔබතුලින්ම ලබාගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසිය හැකි පාටමාලවක් ලෙස සකසා ඇත. ඕනෑම කෙනෙක්ට තම ජීවිතය වෙනස් කර ගැනීමට / දියුණුකර ගැනීමට ස්වභාවධර්මය අත්දකිමින් ඒ සමග ගණුදෙනු කිරීම/ මානසික පීඩනය නැතිකර ගැනීමට ආදී වටිනා කරුණු රැසක් අවබෝද කරගැනීමට අවස්ථාව සලසන ප්‍රායෝගික පාඨමාලාවකි.
🩺 දැනට සුවකිරීම් සිදුකරන අයටද මෙම පාඨමාලාව මගින් තම දැනුම වර්ධනය කරගත හැක
☎️ Call or WhatsApp : 070 494 3404

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා / කුන්ඩලනී යෝග මුලධර් ම  වැඩසටහන (ගම්පහ කණ්ඩායම) සාර්ථකව නිමකළ ඔබ සැමට සුභ අනාගතයක...
25/03/2026

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා / කුන්ඩලනී යෝග මුලධර් ම වැඩසටහන (ගම්පහ කණ්ඩායම) සාර්ථකව නිමකළ ඔබ සැමට සුභ අනාගතයක්

https://www.facebook.com/share/p/1aQ8aFfu8B/
18/03/2026

https://www.facebook.com/share/p/1aQ8aFfu8B/

⚫ “උද්ධරේත් ආත්මනාත්මානං” -
මිනිසා තමන්වම තමන් විසින් උසස් කරගත යුතුය.

⚫මේ කතාව පටන් ගන්නේ දේවාලයකින් නෙමෙයි. කන්දක් උඩ ඉන්න දෙවියෙක්ගෙන් නෙමෙයි. මේ කතාව පටන් ගන්නේ පරණ වනයක් අසල තියෙන ගල් පර්වතයක් අසලින්.
එතන රාජ ගුරු නිහඬව ඉඳගෙන පිළිමයක් අඹමින් ඉන්නවා. ඔහුගේ අතේ තියෙන්නේ අඹරන හතුරක්. ගල් කැබැල්ලෙන් ටිකෙන් ටික මතු වෙමින් තියෙන්නේ රූපයක්.
එය සාමාන්‍ය පිළිමයක් නෙමෙයි. එය "මායාසුරගෙ" රූපය. ගල් මත කුඩා තට්ටු වැටෙමින් එය ජීවිතයක් ලබනවා වගේ පේනවා. ඒ වෙලාවේ රාජ පණ්ඩිත එතනට ඇවිත් ටික වෙලාවක් නිහඬව බලාගෙන ඉන්නවා.

⚫ රාජ පණ්ඩිත:
ගුරු… ටික වෙලාවකට කලින් මේක සාමාන්‍ය ගල් කැබැල්ලක්. දැන් එය රූපයක්. තව ටික වෙලාවකින් මිනිස්සු එයට දේවත්වයක් දෙන්නත් පුළුවන්. එහෙනම් ගුරු… මිනිසා දෙවියන්ව හොයන්නේ ඇයි ?

⚫ රාජ ගුරු:
පණ්ඩිත… ඒ ප්‍රශ්නය මනුෂ්‍ය ඉතිහාසයේ පරණම ප්‍රශ්නය.
පළමු මිනිසා අහස දිහා බලපු දවසේම ඒ ප්‍රශ්නය උපන්නා.
අකුණු වැටුණා. ගිගුරුම් හැඩුණා. ගින්න දැක්කා. සුළං දැක්කා.
ඔහුට ඒවාට විද්‍යාත්ම උත්තර තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඒවා අද්භූත ශක්තියක් ලෙස දකින්න පටන් ගත්තා.ඒවාට වැදුම් පිදුම් කලා පසුව ඒ ශක්තියට නමක් ලැබුණා - දේවත්වය.
⚫ නමුත් පුරාණ රිෂිවරු මේක ගැඹුරින් තේරුම් ගත්තා. ඔවුන් කිව්වා,
“එකෝ දෙවඃ සර්වභූතේෂු ගූඪඃ”
අර්ථය: සියලු ජීවයන් තුළ රහසේ පවතින්නේ එකම දේව චේතනාවකි.
📚 මූලාශ්‍රය - ශ්වෙතාශ්වතර උපනිෂද් 6.11
⚫ ඒ කියන්නේ පණ්ඩිත… දේවත්වය කන්දක් උඩ හෝ පිළිම වල ඉන්න කෙනෙක් නෙමෙයි. එය විශ්වය පුරා පවතින චේතනාවක්.
නමුත් මිනිසාගේ මනසට ඒක එක වතාවටම තේරුම් ගන්න බැහැ. ඒ නිසා රිෂිවරු එය විශ්ව යුග අනුව මිනිසාට කියලා දුන්නා.

⚫ රාජ පණ්ඩිත:
ගුරු… ඒ යුග හතර කියන එක ?

⚫ රාජ ගුරු:
ඔව්. සත්‍ය යුගය, ත්‍රේතා යුගය, ද්වාපර යුගය, කලි යුගය.
නමුත් මෙතන මිනිස්සු බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තියෙනවා. ඔවුන් හිතනවා යුග කියන්නේ මිනිසාගේ ශාරීරික පරිණාමය කියලා.
එහෙම නෙමෙයි. "ඩාවින්" කියන පරිණාමය ශරීරය ගැන. Homo habilis, Homo erectus, Homo sapiens - ඒක ශරීරයේ විද්‍යාත්මක පරිණාමය.විශ්ණු අවතාර චක්‍රය එය මනාව පැහැදිලි කරනව.
නමුත් රිෂිවරු කියන යුග සංකල්පය කියන්නේ චේතනාවේ පරිණාමය ගැන.
⚫ ශරීරය ගල් යුගයේ තිබුණත් චේතනාව උසස් විය හැක. ඒ නිසා රිෂිවරු කිව්වා.
“න අයං ආත්මා ප්‍රවචනේන ලබ්‍යඃ”
අර්ථය: ආත්ම සත්‍යය බුද්ධි විවාදයෙන් හෝ බාහිර දැනුමෙන් හෝ ලැබෙන්නේ නැහැ.
📚 කඨෝපනිෂද්
⚫ සත්‍ය යුගයේ මිනිසාගේ චේතනාව උසස්. ඒ නිසා දේවත්වය බාහිරෙන් හොයන්න අවශ්‍ය නැහැ. ඒ නිසා රිෂිවරු කිව්වා.
“අහං බ්‍රහ්මාස්මි”
අර්ථය: මමම බ්‍රහ්මයයි.
📚 බෘහදාරණ්‍යක උපනිෂද්
⚫ කාලය ගත වෙද්දි මිනිසාගේ අවබෝධය අඩු වුණා. ත්‍රේතා යුගයේදී දේවත්වය සගුණ රූපයෙන් පෙන්වන්න පටන් ගත්තා.
ද්වාපර යුගයේදී ඒවා දේවාල, යජ්ඥ, පිළිම වලින් ප්‍රකාශ වුණා.
කලි යුගයට එනකොට මිනිසාගේ අවබෝධය තවත් අඩු වුණා. එතකොට දෙවියන් පිළිම තුළ පමණක් හොයන්න පටන් ගත්තා.

⚫ රාජ පණ්ඩිත:
එහෙනම් ගුරු… මේ සියලු පිළිම ?

⚫ රාජ ගුරු:
පණ්ඩිත… මේක හොඳට මතක තියාගන්න. ඔය ගල් පිළිම, දේවාල, මන්ත්‍ර,පූජා සහ ආගම් - ඒවා දෙවියන් ඇවිත් හැදුවෙ නැහැ. මිනිස්සුමයි දෙවියන්ව මැව්වේ.
මෙම සත්‍යන් දන්න පුරාණ " ගුරුන් " මිනිසාට විශ්ව ශක්තිය තේරුම් ගන්න පහසු වෙන්න සංකේත රූප දුන්නා. නාම දුන්නා,සෘෂිවරුන් හරහා මන්ත්‍ර ලබාදුන්නා ඒකයි විවිධ ආකාරයේ දෙවියෝ බිහි වුණේ.
⚫ ඒක තේරුම් කරගන්න රිෂිවරු තවත් වාක්‍යයක් කිව්වා.
“යථා පිණ්ඩේ තථා බ්‍රහ්මාණ්ඩේ”
අර්ථය: පිණ්ඩය තුළ තියෙන දේම බ්‍රහ්මාණ්ඩය තුළත් තියෙනවා.
📚 ශිව සම්හිතා
⚫ නමුත් කලි යුගයේ අන්තිම කොටසට එනකොට විශාල විහිළුවක් සිද්ධ වෙනවා.
ඒක විශ්වයේ න්‍යාය.මිනිස්සු තමන්ම මැව්ව දෙවියන් වෙනුවෙන් එකිනෙකා මරාගන්නවා.
කෙනෙක් තමන්ගේ දෙවියා සත්‍යයි ශ්‍රේෂ්ඨයි කියනවා. අනිත් කෙනා තමන්ගේ දෙවියා සත්‍යමයි ශ්‍රේෂ්ඨමයි කියනවා. නමුත් රිෂිවරු පුරාණයේම මේකට උත්තරය දීලා තියෙනවා.
“තත් ත්වම් අසි”
අර්ථය: ඔබම ඒ සත්‍යයයි.
📚 චාන්ද්ග්‍ය උපනිෂද්
⚫ ඒ නිසා පණ්ඩිත… මිනිසා ලෝකය පුරා දෙවියන් හොයනවා. කදු උඩ යනවා. දේවාලවල යනවා. පිළිම ඉදිරියේ වැඳගෙන ඉන්නවා. නමුත් අන්තිමට ඔහුට තේරෙනවා.
ඔහු හොයපු දෙවියා කවදාවත් කන්ද උඩ හිටපු කෙනෙක් නෙමෙයි. ඔහු හොයපු දෙවියා හැමදාමත් ඔහුගේම හදවත තුළ නිහඬව බලාගෙන හිටපු එකම "චේතනාව' බව.

⚫ රාජ පණ්ඩිත ටික වෙලාවක් නිහඬව ඉඳලා ආයෙම ප්‍රශ්නයක් අහනවා.

⚫ රාජ පණ්ඩිත:
ගුරු… එහෙනම් මිනිස්සු කොහොමද දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්නේ ? ආශිර්වාදය ගන්නේ ? පූජා නොකර. මොකද ලෝකේ මිනිස්සු දෙවියන් හොයන්නේම ඒ වගේ අවශ්‍යතා නිසානෙ. බියෙන්. දුකෙන්. අසරණකමින්.

⚫ රාජ ගුරු අඹමින් තිබුණ ගල් පිළිමය පැත්තකට තියාගෙන මද හිනාවක් හිනාවෙනවා.
⚫ රාජ ගුරු:
පණ්ඩිත… මේක තමයි මිනිසාට තේරුම් ගන්න අමාරුම තැන.
මිනිසා හිතන්නේ දෙවියන් පිටින් ඉන්න කෙනෙක් කියලා.
එතකොට ඔහු දෙවියන් ඉදිරියට යන්නේ "යාචකයෙක්" වගේ. ඉල්ලන්න. ආශිර්වාදය ගන්න. කරුණාව ගන්න. නමුත් රිෂිවරු කියන්නේ වෙන දෙයක්.
⚫ ඔවුන් කියනවා.
“උද්ධරේත් ආත්මනාත්මානං”
අර්ථය:
මිනිසා තමන්වම තමන් විසින් උසස් කරගත යුතුය.
📚 භගවද් ගීතා 6.5
⚫ පණ්ඩිත… මේ වචනේ අර්ථය ගැඹුරුයි. මිනිසාට පිහිට දෙන්න පිටින් දෙවියෙක් එන්නේ නැහැ. මිනිසා තුළම තියෙන චේතනාව අවදි වුණාම ඒ ශක්තිය ක්‍රියා කරනවා.
⚫ රිෂිවරු තවත් කියනවා.
“දෙවෝ භූත්වා දෙවං යජේත්”
අර්ථය:
දේවත්වයට ළඟා වෙන්න නම්
ඔබම දේවත්වයට පත් වෙන්න.
📚 තන්ත්‍ර සම්ප්‍රදාය.
⚫ ඒ නිසා පණ්ඩිත… මිනිස්සු හිතන පූජාව කියන්නේ මල්, පහන්,පලතුරු නෙමෙයි. ඒවා සංකේත. ඇත්ත පූජාව සිද්ධ වෙන්නේ ඇතුළේ.
⚫ කෝපය - නිහතමානී බවට බවට පත් වෙනකොට.
⚫ බිය ධෛර්යයට පරිවර්තනය වෙනකොට.
⚫ අවිද්‍යාව ප්‍රඥාවට පත් වෙනකොට.
ඒ වෙලාවට මිනිසා තුළ දේවත්වය අවදි වෙනවා.
⚫ ඒකයි රිෂිවරු අවසානයේ කියන්නේ.
“චෛතන්‍යම් ආත්මා”
අර්ථය:
චේතනාවම ආත්මයයි.
📚 ශිව සූත්‍ර
⚫ එතකොට පණ්ඩිත… මිනිසා දෙවියන්ගෙන් පිහිට ඉල්ලන එක නවතින්නේ නැහැ. නමුත් ඒ පිහිට පිටින් නොව ඇතුළෙන් ලැබෙන බව ඔහුට තේරෙනවා.
⚫ ඒ දවසට පස්සේ ඔහු දෙවියන් ඉදිරියේ "යාචකයෙක්" වගේ නෙමෙයි.
ඔහු චේතනාව අවදි කරන මනුෂ්‍යයෙක් වෙලා නැගී සිටිනවා.
“උද්ධරේත් ආත්මනාත්මානං”
මිනිසා තමන්වම තමන් විසින් උසස් කරගත යුතුය.

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා ඇතුළු අධ්‍යාත්මිකත්වයට මග පෙන්වන පන්තිය (සීමිත කණ්ඩායමක් සහබාගි කරගන්නා බැවින් ඔබේ...
15/03/2026

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා ඇතුළු අධ්‍යාත්මිකත්වයට මග පෙන්වන පන්තිය (සීමිත කණ්ඩායමක් සහබාගි කරගන්නා බැවින් ඔබේ ආසනය අදම වෙන්කර ගන්න Class 3)
♦️සොබාදහම සමග එක්ව මානසික පීඩනය නැතිව සතුටින් ජීවිතය ජයගමු
අධ්‍යාත්මික සහ සාමාන්‍ය ජීවන රටාවටද මහගු පිළිසරණක් වන මෙම කරුණු ඉගෙනීමට සහ ප්‍රයෝගිකව විදීමට කැමති නම්, කතාකරන්න .
-------------------------------------------------
📍 ස්ථානය : ගම්පහ
⏳ පාටමාලා කාලය : සෙනසුරාදා දින 5 කි.
🕝 පන්ති ආරම්භය : මාර් තු මස 28 සෙනසුරාදා සවස 2.30 සිට 5.00
💲 මුළු අයකිරීම : Rs. 20,000 ( දෙපාරකට ගෙවිය හැක )

--------------------------------------------------
💲 මුළු අයකිරීම : Rs. 20,000 ( දෙපාරකට ගෙවිය හැක )
--------------------------------------------------
🔸 ශක්ති ශරීරය මගින් රෝග සුව කිරීමේ රහස් / Energy healing.
🔸 රෝග සුවකිරීමට භාවනාව කරන ක්‍රමවේද සහ ප්‍රායෝගිකව රෝග සුවකිරීම පුහුණුකරවීම.
🔸 තම ඔරාව /Aura බල ගැන්වීම & Higher Vibrations ඇතිකරගනිම.
🔸 ආර්ථික අපහසුතතා මග හැර බලාපොරොත්තු වෙත ලඟාවීම / මානසික සහනය.
🔸 බුද්ධිය/ ප්‍රක්ඥාව වර්ධනය වන භාවනා ක්‍රම.
🔸 කුන්ඩලනී භාවනා ක්‍රම සහ ඒ පිළිබඳ දතයුතු මුලික කරුණු.
🔸 ප්‍රාණ ශක්‌තිය වැඩිකරන ප්‍රාණයාම අභ්‍යස.
🔸 ආනාපානාසති භාවනාව / ගුප්ත විද්‍යාව හැදින්වීම/ අමුනුෂ්‍ය බලපෑම් වලින් බේරීම, අධ්‍යාත්මික ආරක්ෂන ක්‍රම.
🔸 Feng Shui ක්‍රම මගින් තමාටම නිවසේ, ව්‍යාපාරික ස්ථානය ආදියේ දෝෂ ඉවත් කර ගැනිමේ සරල ක්‍රම.
🔸 භාවනා කිරීමට සුදුසු ස්ථානයක් සැකසා ගැනීම එහි අධ්‍යාත්මික ශක්තිය වැඩිකර ගැනීම.
--------------------------------------------------
🔥 මුලදර් ම සහ ප්‍රයෝගිකව තමා මෙන්ම වෙනත් කෙනෙකුද සුවකිරීමේ අත්දැකීම ඔබතුලින්ම ලබාගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසිය හැකි පාටමාලවක් ලෙස සකසා ඇත. ඕනෑම කෙනෙක්ට තම ජීවිතය වෙනස් කර ගැනීමට / දියුණුකර ගැනීමට ස්වභාවධර්මය අත්දකිමින් ඒ සමග ගණුදෙනු කිරීම/ මානසික පීඩනය නැතිකර ගැනීමට ආදී වටිනා කරුණු රැසක් අවබෝද කරගැනීමට අවස්ථාව සලසන ප්‍රායෝගික පාඨමාලාවකි.
🩺 දැනට සුවකිරීම් සිදුකරන අයටද මෙම පාඨමාලාව මගින් තම දැනුම වර්ධනය කරගත හැක
☎️ Call or WhatsApp : 070 494 3404

https://www.facebook.com/share/p/18FcbecAFR/
04/03/2026

https://www.facebook.com/share/p/18FcbecAFR/

නිවසේ ඉරණම වෙනස් කරන අදෘශ්‍යමාන බලවේගය: ලුණු වල සැඟවුණු විශ්වීය රහස

අප සැමවිටම උත්සාහ කරන්නේ අපේ නිවස පිරිසිදුව තබා ගැනීමටයි. දිනපතා අතුගෑම, පිසදැමීම මගින් බිම ඇති දූවිලි සහ මකුළු දැල් අප ඉවත් කළත්, නිවසක සැබෑ ගැටලුව ඇත්තේ ඒ පියවි ඇසට පෙනෙන කුණු රොඩු වල නොවේ. බාහිරින් පැමිණෙන විවිධ පුද්ගලයින්ගේ අසුබ කිරණ, ඊර්ෂ්‍යාව, පවුලේ අය අතර ඇතිවන ගැටුම් නිසා පිටවන කෝපය වැනි දෑ නිවසක් තුළ 'සෘණ ශක්තියක්' ලෙස තැන්පත් වේ. මෙය හරියට නිවසක් වටා නොපෙනෙන කළු පැහැති දුමාරයක් වෙළී පවතිනවා වැනිය. මේ අදෘශ්‍යමාන අඳුර ඉරා දමා, නිවසට නැවතත් සෞභාග්‍යය සහ සතුට කැඳවිය හැකි විශ්වයේ ඇති ප්‍රබලම ආයුධය වන්නේ අපේ කුස්සියේ ඇති සාමාන්‍ය 'ලුණු' ය.

ස්වභාවධර්මයේ චුම්භකය සහ විද්‍යාත්මක සත්‍යය

ලුණු යනු හුදෙක් රසකාරකයක් පමණක් නොවේ. විද්‍යාත්මකව බැලූ කල, එය ප්‍රබල ස්වභාවික විෂබීජ නාශකයකි. මුහුදු වෙරළකදී අපට දැනෙන අප්‍රමාණ නැවුම් බවට හේතුව මුහුදු සුළඟේ ඇති ලුණු මිශ්‍ර වාතයයි. එමගින් පරිසරයට මුදා හැරෙන 'ඍණ අයන' (Negative Ions) අපගේ ශරීරයට මෙන්ම මනසටද විශාල සහනයක් ගෙන දෙයි. ගුප්ත විද්‍යාවට අනුව ලුණු ක්‍රියා කරන්නේ හරියට චුම්භකයක් වැනිය. යකඩ කැබලි චුම්භකයකට ඇදී යන්නාක් මෙන්, නිවසේ අඳුරු මුළු වල, පරණ ලී බඩු අතර සිරවී ඇති බරපතල සෘණ ශක්තීන් සියල්ලම තමන් වෙතට ඇදගැනීමේ අසමසම හැකියාවක් ලුණු වලට ඇත. නමුත් මේ සඳහා කර්මාන්තශාලා වල රසායනිකව සකසන ලද කුඩු ලුණු කිසිසේත්ම සුදුසු නැත. ඒ සඳහා ස්වභාවධර්මයේ ජීවය රැඳුණු, මතකයක් සහිත ස්ඵටිකයක් වන 'මුහුදු ලුණු කැට' හෝ 'සහඳ ලුණු' ම භාවිතා කළ යුතුය.

පිරිසිදු කිරීමේ කලාව: නිවැරදි ඉලක්කය සහ පාවහන් වල ආරක්ෂාව

ලුණු වතුරෙන් නිවසක් පිසදැමීම යනු නිකම්ම බිම මැදීමක් නොව, එය එක්තරා ආකාරයක භාවනාවකි; චාරිත්‍රයකි. මෙහිදී පළමු නීතිය වන්නේ ඉලක්කයයි. කිසිදාක පිටත සිට ඇතුළට නිවස පිසදැමීම නොකළ යුතුය. එය හරියට අතුගාන කුණු ටික නැවතත් සාලය මැදට ගෙනත් දමනවා වැනිය. සෑමවිටම නිවස ඇතුළත සිට ප්‍රධාන දොර දෙසට, එනම් අනවශ්‍ය අමුත්තෙකු නිවසින් පිටමං කරන්නාක් මෙන් සෘණ ශක්තිය එළියට තල්ලු කර දැමිය යුතුය.

මෙහිදී බොහෝ දෙනෙක් නොදන්නා භයානකම රහස වන්නේ පාවහන් භාවිතයයි. ලුණු වතුර බිම ස්පර්ශ වන විට, එය පොළොවේ ඇති විෂ ශක්තීන් උරා ගනී. ඔබ නිරුවත් දෙපතුල් වලින් එම ජලය මත පා තැබුවහොත්, ඔබගේ ශරීරය ඇන්ටනාවක් සේ ක්‍රියා කර එම සියලු දෝෂ ඔබගේ ශරීරයට ඇතුළු විය හැක. එබැවින් විදුලිය පරිවාරකයක් වන රබර් පාවහන් පැළඳීම අනිවාර්ය වේ. එසේම, මෙම කටයුත්ත සඳහා යකඩ හෝ ලෝහ බාල්දි භාවිතයෙන් වැළකිය යුතුය. ලෝහ සහ ලුණු අතර ඇතිවන රසායනික හා ශක්තිමය ඝට්ටනය මගින් පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වේ. ඒ සඳහා ප්ලාස්ටික් බාල්දියක්ම යොදා ගන්න.

බලය තීව්‍ර කිරීම: ඖෂධීය සංයෝග සහ නිහඬතාවයේ මහිමය

පිරිසිදු මුහුදු ජලය සොයාගත හැකි නම් එය ලුණු කැට දියකරනවාට වඩා සිය ගුණයකින් බලවත්ය. කෙසේ නමුත්, ඔබ සාදන ලුණු මිශ්‍රණයට තවත් දේවල් කිහිපයක් එකතු කිරීමෙන් එහි බලය අරුම පුදුම ලෙස වැඩි කර ගත හැක. කහ කුඩු ස්වල්පයක් මුසු කිරීමෙන් සෘණ ශක්තිය ඉවත් කරනවාත් සමඟම නිවසට දිව්‍යමය ආරක්ෂාවක රන්වන් ආවරණයක් වැටේ. නිවසට තදබල ලෙස ඇස්වහ මුඛවාහ වැදී ඇති බවක් දැනෙනවා නම් එයට විනාකිරි බින්දු කිහිපයක් එකතු කරන්න. යම් අමනුෂ්‍ය බලපෑමක් හෝ අඳුරු ආත්මයන්ගේ බැල්මක් ඇතැයි හැඟේ නම්, කපුරු කුඩු කර දැමීමෙන් එම ආත්මයන්ට නිවස තුළ රැඳී සිටිය නොහැකි තරම් ප්‍රබල පීඩනයක් නිර්මාණය වේ.

මෙම ක්‍රියාවලිය අතරතුර ඔබේ මනස විසිරී යාමට නොදෙන්න. රූපවාහිනිය නරඹමින් හෝ කතාබහ කරමින් මෙය කිරීමෙන් ඵලක් නැත. නිහඬතාවය තුළින් උපදින මානසික ඒකාග්‍රතාවය, ලුණු වතුරේ ශක්තිය සමඟ මුසු වූ විට ලැබෙන ප්‍රතිඵලය සිතාගත නොහැකි තරම්ය. විශේෂයෙන්ම මායිම් හතර සහ මුළු හතර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න. ජලය බැස යන කාණු වල හෝ නිවසේ අඳුරු මුළු වල කුණු රොඳ බැඳෙන්නාක් මෙන්, සෘණ ශක්තිය සැඟවී සිටින්නේ ඒ ස්ථාන වලයි.

දින වකවානු සහ අනිවාර්යයෙන්ම කළ යුතු අවසන් පියවර

මෙම සත්කාරය දිනපතා කිරීම අවශ්‍ය නැත. විශ්වයේ අඳුරු බලවේග ප්‍රබලව ක්‍රියාත්මක වන අමාවක දිනය මේ සඳහා කදිමයි. පවුලේ ගැටුම් දුරු කිරීමට අඟහරුවාදාත්, මූල්‍යමය වාසනාව කැඳවීමට සිකුරාදාත් තෝරා ගන්න. ලොකු දෝෂයක් ඇති විට එක දිගට දින තුනක් මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් නිවස සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබේ.

අතිශය වැදගත්ම කරුණ වන්නේ ඉතිරි වන ජලය බැහැර කිරීමයි. කිසිදු විටෙක නිවසේ මිදුලට හෝ ගස් මුලකට එම ජලය නොදමන්න. මුළු නිවසේම තිබූ 'විෂ' එහි අඩංගු බැවින් එය වැසිකිළියට දමා ෆ්ලෂ් කර පියන වසා දැමිය යුතුය. ඉන්පසු, නිවස තුළ හිස් වූ ශක්ති අවකාශය නැවතත් ධනාත්මක කිරණ වලින් පිරවීම සඳහා අනිවාර්යයෙන්ම සාම්බ්‍රාණි දුමක් හෝ සුවඳ කූරක් දැල්විය යුතුය. එය නොකළහොත්, එම හිස්තැනට නැවතත් වෙනත් අඳුරු ශක්තීන් පැමිණිය හැක. පිරිසිදු කිරීම කළ පුද්ගලයා අවසානයේදී තම අත් පා සෝදා පිරිසිදු වීමද අනිවාර්ය වේ. නිවස පිරිසිදු වූ පසු සුරතල් සතුන් හැසිරෙන සැහැල්ලු ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඔබටම එහි සාර්ථකත්වය තහවුරු කරගත හැක.

නිවසින් ඔබ්බට: මුදල්, නින්ද සහ පුද්ගල ආරක්ෂාව

ලුණු වල බලය බිම පිසදැමීමට පමණක් සීමා නොවේ. ඔබේ මුදල් පසුම්බියේ හෝ ව්‍යාපාරික ස්ථානයේ මුදල් ලාච්චුවේ රතු රෙදි කඩක ඔතන ලද ලුණු කැට කිහිපයක් තැබීමෙන්, මුදල් සමඟ සංසරණය වන මිනිසුන්ගේ ලෝභකම් සහ ඊර්ෂ්‍යාවන් උරා ගෙන මුදල් ආකර්ෂණය කරගන්නා ප්‍රබල මෙවලමක් බවට එය පත්වේ. නින්දෙන් බියට පත් වන හෝ පවුල් ගැටුම් ඇති අයට, ඇඳේ කකුල් හතර යට ලුණු පොට්ටනි හතරක් තැබීමෙන් භූමියෙන් එන දෝෂ සහ ශරීරයෙන් පිටවන විෂ උරාගෙන සුවදායී නින්දක් ලබා දේ.

එසේම, මළගෙදරක හෝ රෝහලක ගොස් පැමිණි විට, එහි ඇති බිඳ වැටුණු ශක්තීන් අපේ ශරීරයේ දැවටී නිවසට පැමිණේ. එබැවින් නිවසට ඇතුළු වීමට පෙර ලුණු මිශ්‍ර ජලයෙන් දෙපා දෝවනය කිරීම අපේ පැරැන්නන්ගේ අනිවාර්ය සිරිතක් විය. සතියකට වරක් ලුණු ස්වල්පයක් මිශ්‍ර කළ ජලයෙන් ස්නානය කිරීමෙන් ඔබගේ ශරීරය වටා ඇති ප්‍රභාව (Aura) පිරිසිදු වී අපිරිමිත සැහැල්ලුවක් ගෙන දේ. කෑම මේසයේ ලුණු බඳුන කිසිවිටෙකත් හිස් වීමට නොදී පිරී ඉතිරී යාමට ඉඩ හැරීමෙන් නිවසට සෞභාග්‍යය කැඳවනු ලබයි.

මෙම සරල එහෙත් අතිශය ප්‍රබල විශ්වීය සත්‍යය අවබෝධ කරගෙන ක්‍රියාත්මක කිරීමෙන්, ඔබගේත් ඔබගේ පවුලේත් ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කර යහපත් දිශාවකට යොමු කරගත හැකි වනු නොඅනුමානය.

දෙවියන් ඔබට සවන් නොදෙන බව ඔබ සිතනවාද !!!දෙවියන්ව/විශ්වාසය වෙනත් කිසිවෙකුට ඔබට ලබා දිය නොහැක. ඔබ විසින්ම උත්සාහයක් දරන තු...
02/03/2026

දෙවියන් ඔබට සවන් නොදෙන බව ඔබ සිතනවාද !!!

දෙවියන්ව/විශ්වාසය වෙනත් කිසිවෙකුට ඔබට ලබා දිය නොහැක. ඔබ විසින්ම උත්සාහයක් දරන තුරු ඔහු ඔබ වෙත පැමිණෙන්නේ ඇයි?

ඔබ ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු මනසින්ම සහ ඔබේ මුළු ආත්මයෙන්ම දෙවියන්ට ආදරය කළ යුතුය. ඔබට ඔහු සියයට සියයක් අවශ්‍ය බව ඔබ පෙන්විය යුතුය, එවිට ඔහු පැමිණෙනු ඇත. මෙම ජීවිතයේදී ඔබට දෙවියන් කෙරෙහි දැනෙන එම දැඩි ආශාව, නිසැකවම ඔබ ඔබේ අතීත ජීවිතයේදී ද දැරූවකි. මෙය මට ඔබට සත්‍ය ලෙසම පැවසිය හැකිය.

නමුත් ඒ හා සමාන උද්යෝගයක් දැන් ඔබට දෙවියන් කෙරෙහි පවතින බව එයින් අදහස් නොවේ. එම ආශාව වර්ධනය වී සම්පූර්ණ වීමට නම් ඔබ එය පෝෂණය කළ යුතුය. ඔබව කවදා මෙම ජීවිතයෙන් උදුරා ගනු ලැබේද සහ නැවතත් අසරණ බිළිඳෙකු ලෙස ආරම්භ කිරීමට සිදුවේදැයි ඔබ දන්නේ නැත.

ඔබ අතරින් කී දෙනෙක් අවංක අධ්‍යාත්මික උත්සාහයක් දරනවාද? ඔබ මා පවසන දේ අසා සිටින නමුත්, ඔබ සැබවින්ම දෙවියන්ව හඳුනා ගැනීමට උත්සාහ කරනවාද? ඔබ අවංකව උත්සාහ කරන්නේ නම්, ඔබ ඔහුව සොයා ගනු ඇත.

ඒ සඳහා කාලය සහ නොසැලෙන විශ්වාසය අවශ්‍ය වේ: "ස්වාමීනි, ඔබ මාගේ යාච්ඤාවට සවන් දෙන බව මම දනිමි." ඔහු ඔබට සවන් නොදෙන බව සිතා ඔබ ඔහුට ඇමතීම නැවැත්වුවහොත්, එය ඔබගේ අවසානයයි/අවාසනාවයි .

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා / කුන්ඩලනී යෝග මුලධර් ම  වැඩසටහන (නුගේගොඩ 8 වන කණ්ඩායම) සාර්ථකව නිමකළ ඔබ සැමට සුභ ...
22/02/2026

භාවනා සහ රෝග සුව කිරීම/ ගුප්ත විද්‍යා / කුන්ඩලනී යෝග මුලධර් ම වැඩසටහන (නුගේගොඩ 8 වන කණ්ඩායම) සාර්ථකව නිමකළ ඔබ සැමට සුභ අනාගතයක්

Address

107/16, Shalawa Road, Mirihana, Nugegoda
Colombo

Telephone

+94704943404

Website

Alerts

Be the first to know and let us send you an email when Aura Energy Healing Centre - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Aura Energy Healing Centre - Sri Lanka:

Share