Insight - Heal your mind

Insight - Heal your mind Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Insight - Heal your mind, Medical and health, Colombo.

INSIGHT is an online counseling center conducted by a team of psychological counsellors who followed Higher Diploma in Psychology & Counseling,BSc Nursing from University of Colombo and currently members as Registered Nurse of Sri Lanka Nursing Council.

අපේ Mental Health එක ගොඩක් වැදගත් period එකක් තමයි exam කියන්නෙ ! ඔයා අන්තිම මොහොත පාඩම් කරන කෙනෙක් නම් ( අන්තිම මොහොත ව...
19/01/2025

අපේ Mental Health එක ගොඩක් වැදගත් period එකක් තමයි exam කියන්නෙ !
ඔයා අන්තිම මොහොත පාඩම් කරන කෙනෙක් නම් ( අන්තිම මොහොත වෙනකම් ඉන්නෙපා පාඩම් කරන්න..ඒත් ඔයා අන්තිම මොහොතෙ පාඩම් කරන කෙනෙක් නම් ) මේ tips ටික කරලා බලන්න ..

ඔයාට පාඩම් කරන්න තියෙන ගොඩ දැක්කම ඔයා stress වෙන එක සාමාන්‍යයි. ඔයාට පුලුවන් ඒ "ගොඩ" පොඩි පොඩි කොටස් වලට කඩාගන්න ! 😍
ඊට පස්සෙ ඒ පොඩි පොඩි කොටස් වලට ඔයාගෙ හිතෙන්ම deadlines දාගෙන ,
මේ කොටස මං මේ පැය ඇතුලෙ බලලා ඉවර කරනවා ,
මේ කොටස මං අද lunch එකට කලින් ඉවර කරනවා ,
මේ කොටස මං නිදාගන්න කලින් ඉවර කරනවා....වගේ ඔයාම හදාගත්ත deadlines වලට දාගන්න පුලුවන්..
ඒකෙන් ඔයා stress වෙන එක අඩු වෙනවා !

කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නැතිනම් ඔයාට පුලුවන් ඒවා පොඩි පොඩි short notes වලට දාගන්න ,
නැත්නම් sketch notes හදාගන්න ,
පොඩි පොඩි drawings කරලා ඔයාගෙ ඔලුවට දා ගන්න ,
අකුරු ගොඩක් මතක තියා ගන්නවට වඩා පොඩි සරල රූපයක් , සටහනක් අපේ memory එකේ ඇත්තටම රැදෙනවා වැඩියි ! 😍

ඔයා කොච්චර පාඩම් කරත් ඒක ඔයාට paper එකට ලියා ගන්න බෑ නම් වැඩක් නෑනෙ..ඒ නිසා පාඩම් කරලා ඉවර හැම lesson එකක්ම ඔයා කොළයක් අරන් ප්‍රශ්නයක් හිතින් හදාගෙන උත්තරයක් වගේ ලියලා බලන්න ,
ඔයා ලියන්න ගත්තම වචන ගලාගෙන ඒවි ,
හැබැයි ඔයා මේක කෙලින්ම exam එක දවසට කරන්න ගියොත් ඔයාට අනිවාරෙන් වෙලාව මදි වෙනවා...ඔයා කියාවි exam නම් ලේසියි..උත්තරත් මං දන්නවා ඒත් ලියන්න වෙලා මදි උනා කියලා 🥺
එහෙම නොවෙන්න ඔයා මේක practice කරලා යන්න ඕන. නැතුව එක පාරට ගිහින් exam hall එකේදි ලියන්න ඉදියොත් ඔයාට අනිවාරෙන් වෙලාව මදි වෙයි..ඒ නිසා ඔයා පාඩම් කරන කොටස් ආයෙ ආයෙ recopy කර කර memory එකට දා ගන්න ඕන ! 😍

ඉතින් Exam stress එක අඩු කර ගන්න ඕන නම් ,
මේ Last minute exam tips ටික කරලා බලන්න ! 💗

✍️ Insight - Heal your mind

අද අලුත් අවුරුද්දක පලවෙනි දවසතවත් අලුත් දවසක් ! 1/365 හැම දවසක්ම අලුත් ... අපි ඒක ලස්සනට බාර ගන්නව නම්... 🥰ඔයා විශ්වාස ක...
01/01/2025

අද අලුත් අවුරුද්දක පලවෙනි දවස
තවත් අලුත් දවසක් !
1/365
හැම දවසක්ම අලුත් ... අපි ඒක ලස්සනට බාර ගන්නව නම්... 🥰

ඔයා විශ්වාස කරනවද
මේ ලෝකෙ හොද දවස් , නරක දවස් කියලා බෙදාගෙන තියෙන්නෙ අපිමයි
හැම දවසක්ම හොදයි සුබයි
අපි ඒ දවස් හොදින් බාර ගන්නවනම් ....🥰
අපි නරකයි කියන හැම දවසකටම මුල් වෙන්නෙ අපේම හිත තමයි
ඕනම නරක දෙයකදි, අමාරු අවස්තාවකදි
අපිට පුලුවන් නම් අපේ හිත ඒ නරක එක්ක ගැටෙන්න නොදී
කුණාටුව පහවෙලා යනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න ,
එහෙනම් හැම දවසක්ම හරිම ලස්සනයි.... 🌈

ඉතින් දවසකට එක ගානෙ උත්සහ කරත්
අවුරුද්ද පුරාවටම ඔයාට තියෙනවා
Opportunities 365ක් !
ඔයාට බැරි නෑ පුලුවන්....
ඔයාගෙ ලස්සන ලෝකෙ හදාගන්න ඕන ඔයාම මිසක්
කවුරුත් ඒක ඔයාට හදලා දෙනකම් බලන් ඉන්නෙපා ,

එහෙනම් මේ අවුරුද්දෙ ඔයා හිතන පතන හැම හොද බලාපොරොත්තුවක්ම හොදින් කරගන්න පුලුවන් වෙන්න ඕන !
ඒකට ඔයාගෙ හිතයි ගතයි දෙකම නිරෝගී වෙන්න ඕන !
ඔයාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා 💛🪄

Insight - Heal your mind

Write it on your heart that every day is the best day in the year !❤️Insight - Heal your mind 💛🌸
31/12/2024

Write it on your heart that every day is the best day in the year !❤️

Insight - Heal your mind 💛🌸

Effective  Study Tips 💛
04/11/2024

Effective Study Tips 💛

23/10/2024
Self care is the foundation of good mental health 💛🌼Insight - Heal your mind
15/10/2024

Self care is the foundation of good mental health 💛🌼

Insight - Heal your mind

You can't always see growth , But it doesn't mean it's not happening ✨By Insight - Heal your mind 💛
14/10/2024

You can't always see growth ,
But it doesn't mean it's not happening ✨

By Insight - Heal your mind 💛

Self love is important ♥️📌 Knowing your needs📌 Prioritizing your well being📌 Valuing your inner peace📌 Spending time on ...
13/10/2024

Self love is important ♥️

📌 Knowing your needs

📌 Prioritizing your well being

📌 Valuing your inner peace

📌 Spending time on yourself

📌 Giving yourself time to grow

📌 Honor your feelings

📌 Setting boundaries

📌 Doing things you love

Just like a flower , you will bloom if you take time to water yourself ... 🌼💛

By Insight - Heal your mind ♥️

♥️🌈Insight - Heal your mind
11/10/2024

♥️🌈
Insight - Heal your mind

People can be struggling with their Mental Health even if ,📌they seem normal📌they say positive things📌they have dreams a...
10/10/2024

People can be struggling with their Mental Health even if ,
📌they seem normal
📌they say positive things
📌they have dreams and goals
📌they have a career
📌they had a happy childhood
📌they have plans for the future
📌they have a caring family
📌they laugh and smile alot
📌they don't have a diagnosis or medication

People may be suffering from some inside wounds that never bleeds.
Let 's sending love to those who,
⭕suffer from a mental health issue
⭕are having a hard time
⭕are afraid to speak up
⭕feel misunderstood
⭕feel alone

By INSIGHT - Heal Your Mind

"මං හිතන්නේ මට Depression" "මට මැරෙන්න හිතෙනවා" ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකර...
29/06/2024

"මං හිතන්නේ මට Depression"
"මට මැරෙන්න හිතෙනවා"

ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ?

Depression තියෙන බොහොම දෙනෙක් දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ. තමන්ට මේ තියෙන තත්ත්වය depression,එහෙමත් නැත්නම් විශාදය තත්ත්වයක් කියලා දැන ගත්ත කෙනෙක්ගෙන් වුනත් ඉතාම සුළු පිරිසක් තමයි, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මේ ගැන හොයන්නේ.

ඒත් විශාදය තත්ත්වයකින් පෙළෙන කෙනෙක් බොහෝ විට මුලින්ම වගේම අවසාන පියවරේදීත් තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන විවෘත වෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක් ට. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවෙක්ට, ඔබ රැකියාව කරන තැන ඉන්න යාලුවෙක් එහෙම නැත්නම් ඔබත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුනොත් ඇත්තටම ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබ මොනවද නොකළ යුත්තේ ?

මේ සටහන ඒ ගැනයි.

කවුරුහරි දුකින් හිටිය පමණින්, තරමක් කළකිරීමෙන් හිටි පමණින්, එහෙම නැත්නම් "මට depression වගේ" , "මට සේරම එපාවෙලා තියෙන්නේ" කියලා කියූ පමණින් එයාට depression කියලා කියලා නිගමනය කරන්න බෑ. (එහෙම කරන්නත් එපා )

උදාහරණෙකට කියමු ඔයාගේ ළඟම යාළුවෙක්, බැලූ පමණින් එයාට depression ඇති කියලා හිතෙන විදිහේ දේවල් කියනවා කරනවා කියලා. මුලින්ම බලන්න මේ කියන ලක්ෂණ ඔහුට/ ඇයට කියනවද කියලා.

නිතරම දුකින්, අඬන්න සූදානමින් ඉන්න එක.

වෙනදාට වඩා අසුබවාදී විදිහට හිතෙන එක සහ "තමන්ට අනාගතයක් නැහැ" කියන එක නැවත නැවත කියන එක.

මොනවා හරි දෙයක් ගැන කලකිරීමෙන් වරදකාරී හැඟීමෙන් ඉන්න එක, තමන් කිසිම වටිනාකමක් නැති කෙනෙක් විදිහට හඳුන්වාගන්න එක

වෙනදාට වඩා අඩුවෙන් කතා බහ කරන එක

අනිත් අය නුරුස්සන ගතිය

කිසිම energy එකක් නැතිව, එදිනෙදා කරන දේවල් ඉතා හෙමින් , නූමනාවෙන් කරන එක

තමන්ගේ පිරිසිදුකම ගැන අඩු සැලකිල්ලක් දක්වන එක

සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවෙන් හෝ ගොඩක් වැඩියෙන් නින්දට යන එක

ප්‍රමාණය ඉක්මවා කෑම ගැනීම හෝ කැම නොගෙන ම ඉන්න එක

ඉතාම පුංචි කාරණා වලදී තීරණයක් ගන්න ලොකු වෙලාවක් ගන්න එක,

අමතක වෙන සුළු ගතිය

එදිනෙදා මිනිසුන් සියදිවි හානි කරගැනීම සාධාරණීකරණය කරන එක..

මේ වගේ ලක්ෂණ ඔයාගේ යාලුවා පෙන්නනවනම් ඔයා මොකක්ද කරන්න ඕනෙ? 👇👇

පළවෙනි කාරණේ තමයි එයාලට හොඳින් ඇහුම් කන් දෙන්න. එයාලගේ ප්‍රශ්නයට ඔයා සම්පූර්ණ අවධානය දෙන බව අඟවන්න. ප්‍රශ්නේ ගැන එයා කතා කරන්නෙ නැත්නම්, "ඔයාට මේ දවස් වල කොහොමද? අර වැඩේ ට මොකද උනේ?" මේ වගේ වක්‍රාකාරයෙන් එයාගෙ ප්‍රශ්නයට එළැඹෙන්න. හැබැයි මෙතනදී එයාලට advices දෙන්න යන්න එපා. "ඕක ගැන වැඩිය හිතන්න ඕන නැහැ, ඕක සුළු දෙයක්" මේ විදිහට කියන්න යන්න එපා. ඒ වෙනුවට කියන්න, "ඔව් මට තේරෙනවා, මටත් හරි කණගාටුයි" කියලා. එයාගේ හිතේ තියෙන ලොකුම ලොකු ප්‍රශ්නය ඉඳලා පුංචිම සිත් තැවුල් වෙනකන් හැම දෙයක්ම කියන්න සලස්වන්න. ඔයාගේ අංග චලන වලින්, එයාගේ කතාව ගලා ගෙන යන්න උදව් වෙන්න

ඊළඟ කාරණය තමයි, හරි උපදේශනයකට යොමුවෙන්න එයාලට උදව් වෙන එක. කලිනුත් පැහැදිලි කළා වගේ සමහරවිට ඒ කෙනා නොදැන ඉන්න පුළුවන් එයාට තියෙන්නේ විශාද තත්ත්වයක් කියලා.. මුලින් පැහැදිලි කරපු විදිහෙ ලක්ෂණ පෙන්වනවා නම්, එයාට විශේෂඥ උපදේශනයක් ඕනැ බව පැහැදිලියි.

ඇත්තෙන්ම අපේ රටවල ඒ තරම් ප්‍රසිද්ධ නොවුනත්, බටහිර රටවල බොහෝ දෙනා මනෝවෛද්‍ය උපදේශන වලට යොමු වෙන්නේ තමන්ට මානසික රෝගයක් තියෙන නිසා නෙවෙයි. ඉගෙන ගන්න වගේම රැකියාවක් කරන කාර්යබහුල අයට හොඳ මානසික සෞඛ්‍යය එක තියෙන වැදගත්කම දන්න නිසා, බටහිර රටවල බොහෝ දෙනා, පුරුද්දක් විදිහට Mental therapy sessions වලට යොමු වෙනවා. ඉතින් ඒ කාරණයත් එක්ක ඔයාගේ යාලුවට වක්‍රාකාරයෙන් පැහැදිලි කරන්න, මේ වෙලාවේ ඒ වගේ උපදේශනයකට යොමු වෙන එක හොඳ තීරණයක් කියලා.

යාලුවගෙ මානසික තත්ත්වයත් එක්ක, එහෙම සායනයක්, වෛද්‍යවරයෙක් හොයාගන්න පුලුවන් තත්වයක් නැත්නම්, මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහලා, මේ මේ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ගෙන් එයාට උදවු ගන්න පුලුවන් කියන එක කියන්න.

වෛද්‍යවරයෙක් තෝරගන්න, appointment එකක් දාගන්න, පලවෙනි සැසියේදී ඉදිරිපත් කරන්න ඕන ප්‍රශ්න ගැන එකතු වෙලා සාකච්ඡා කරන්න.

ඒ විදිහට ප්‍රතිකාර ආරම්භ කළාට පස්සේ, ප්‍රතිකාර වලට යොමු වෙන එක ගැන ඒ කියන්නේ හරිම වෙලාවට එයා sessions වලට සහභාගි වෙනවා ද කියන එක ගැන සැලකිල්ලෙන් ඉන්න. අනිත් හැම හැමදේටම වගේ, තමන්ට දීලා තියෙන දවසට ප්‍රතිකාර වලට යොමු වෙන්නත් යාළුවා අදි මදි කරන්න ඉඩ තියෙනවා. එහෙම වෙලාවට "මතකද ගිය සතියේ සතියෙ session එකෙන් ඔයාට ලොකු උදව්වක් වුන බව ඔයා කිව්වා, සමහර විට මේ session එකෙනුත් හොඳ දෙයක් වෙයි.." කියලා කියන්න.

විශාදය වගේ තත්ත්වයන් සනීප කරන්න ලබාදෙන ඖෂධ නිසා සාමාන්‍යයෙන්, මුල් සති කිහිපයේ සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඖෂධවලට හුරු වෙනකන් ඒවා හරි පිලිවෙලට ගන්න එකත්, අතුරු ආබාධ තමන්ට දරාගන්න අමාරුයි නම්, prescription එක වෙනස් කරගන්න එකත් වැදගත්. හොඳ යාලුවෙක් විදිහට ඔයාට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද නිර්දේශයක් නැතුව එකවරම ප්‍රතිකාර නවත්වන එක, ප්‍රතිකාර නොගෙන ඉන්නවට වැඩිය නරක ප්‍රතිඵල ගේන්න හේතු වෙන්න පුළුවන්.

මෙතැනදී යාලුවගෙ ඔයාගෙත් දෙන්නගෙම හොඳට ගන්න පුළුවන් තවත් පුංචි පියවර කිහිපයක් තියෙනවා.

ඔයාගේ කාර්යබහුලත්වයත් එක්ක, විශේෂයෙන් ඔයත් විභාගයට සූදානම් වන අවස්ථාවක වගේ නම්, දවස පුරා එයාට ඇහුම්කන් දෙන එක කරන්න ටිකක් අමාරුයි නේ. ඒ නිසා, ඒකට වෙනම වෙලාවක් වෙන්කර ගන්න. හැබැයි එයාට ඔයාව සම්බන්ධ කරගන්න අත්‍යවශ්‍ය වුණ හදිසි අවස්ථාවක, ඒ බව ඔයාට අඟවන්න, මොකක් හරි විශේෂ සලකුණක් code එකක් වගේ දෙයක් තියාගන්න.

යාලුවට ඉන්න ලොකුම ශක්තිය ඔයා වුණත්, එයාට තියෙන ආධාරය ඔයා විතරක්ම වෙන්න ඉඩ තියන්න එපා. ඔයත්, ඔයාගේ යාලුවත් හැර, තවත් ඔයාලගේ විශ්වාසවන්ත යාලුවෙක් වැඩිහිටියෙක් එකත් එක්කත් ක්‍රමයෙන් සම්බන්ධ වෙන්න, විවෘත වෙන්න ඉඩහරින්න.

මේ අදියර වෙනකොට ඔයාගේ යාලුවා උපදේශනයකට යොමු වෙලා හිටියත්, ඔයා කියන කෙරෙන දේවල්වලිනුත් එයාට ලොකු බලපෑමක් වෙන නිසා, ඉඩක් ලැබුනු වෙලාවට Depression කියන්නේ මොකක්ද , ඒක මොන තරම් සුලභ තත්ත්වයක් ද, ලෝක ජනගහනයෙන් කොයිතරම් ලොකු ප්‍රමාණයකට මේ තත්ත්වය තියෙනවද, depression එකට හේතු වෙන්නේ මොනවද, මේ වගේ දේවල් ගැන යාළුවත් එක්කම එකතු වෙලා ස්වයං අධ්‍යයනයේ යෙදෙන්න.

යාළුවට එදිනෙදා වැඩ වලට පුළුවන් විදිහට උදව් කරන්න බලන්න. හැබැයි "උදව්වක් ඕනි නම් කියන්න" කියලා කියන්න එපා. ඒ වෙනුවට, "ඔයාට අද තියෙන වැඩ වලින් මට කරන්න පුළුවන් මොකක්ද, මම අද මේ තැනට යනවා එතනින් ඔයාට කරගන්න මොනවා හරි වැඩක් තියෙනවද?" වගේ දේවල් කියන්න. ඔයාගෙ වැඩ පාඩු කරගෙන, එහෙමත් නැත්නම් එයා වෙනුවෙන් විශේෂ කැප කිරිමක් කරන බව පෙන්වන්න යන්න එපා.

mood එක change කරන්න කියලා, ට්‍රිප් යන්න, පාටි වලට බලෙන් එක්කං යන්න උත්සාහ කරන්න එපා. ඒ දේවල් වලට එයා සූදානම් වෙනකම් pressure කරන්න එපා.

ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුරේ ඔයාගේ යාලුවා එකම එක දවසක වෙන කවරදාටත් වැඩියෙන් දුකින් ඉන්නවා දැක්කොත්, ප්‍රතිකාර සේරම අසාර්ථකයි කියලා හිතන්න එපා. ඒ වගේම තමයි, හදිසියේ එක දවසක සතුටින් විනෝදෙන් හිටියා කියලා ඔයාගේ යාළුවා සම්පූර්ණයෙන් සුව වෙලා, සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා කියලා නිගමනය කරන්න යන්නත් එපා.

මේ සම්පූර්ණ ක්‍රියාවලියේදී ඔයාගේ ඉවසීමත් ගොඩක් වැදගත් කාරණයක් වෙනවා. Depression එක සුව කරන්න ගත වෙන කාලය වගේම ඒකට පාවිච්චි කරන්න ක්‍රමවේදයත් එක කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෙනස් වෙනවා. ඒ මුළු කාලය පුරාම ඔයාට ඔයාගේ යාලුවත් එක්ක වෙනදට වඩා තරමක් ඉවසීමෙන් වැඩ කරන්නත්, අර කලින් කියපු විදි වලට එයාට උදව් කරන්නත් පුළුවන්නම්, ඉක්මනින්ම තමන්ගේ සුපුරුදු ජීවිතේට ආයෙමත් අවතීර්ණ වෙන්න එයාට ඒක ලොකු උදව්වක් වෙයි.

Insight - Heal your mind

ඔයා stress වෙලා නම් ඉන්නෙ,ඔයාගෙ සිතුවිලි හරි බරයි වගේ ඔයාට දැනෙනවා නම්පුරුද්දක් විදියට දවසකට ඔයාට හිතෙන හොද හරි නරක හරි ...
14/05/2024

ඔයා stress වෙලා නම් ඉන්නෙ,
ඔයාගෙ සිතුවිලි හරි බරයි වගේ ඔයාට දැනෙනවා නම්
පුරුද්දක් විදියට දවසකට ඔයාට හිතෙන හොද හරි නරක හරි මොනවම හරි දෙයක් පොඩි note එකක් විදියට දා ගන්න...
මේ තියෙන්නෙ කාලෙකට කලින් මම එහෙම note කරපු එකක්..♥️

අපිට එකපාර වෙනස් වෙන්න අමාරුයි..අපි හැමෝම මිනිස්සුනේ....ඒත් දවසකට පොඩි step එක ගානෙ තිබ්බොත් කාලයක් යද්දි අපි දන්නෙම නැතුව වෙනසක් වෙලා තියෙන්න පුලුවන්...♥️
එක දවසකට ඔයා ළග තියෙන එක පොඩි වැරැද්දක් ඔයා note කරගෙන හදා ගන්න බැලුවොත් එහෙම කාලයක් යද්දි ඔයා දන්නවා ඔයාගෙ අඩුපාඩු මොනවද කියලා වැරදි මොනවද කියලා...කාලයක් යද්දි ඔයාට ම හිතේවි ඔයා බෑ කියලා හිතපු ගොඩක් අමාරු දවස් හෙමින් හෙමින් පහු කරන් ඔයාට ඕන තැනට ආවා කියලා....♥️

Insight - Heal your mind

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Insight - Heal your mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram