Suwanari - සුවනාරී - சுகவனிதையர்

Suwanari - සුවනාරී - சுகவனிதையர் Official page on Well-woman Clinic services by Health Promotion Bureau, Ministry of Health

28/05/2025
ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් (වයස අවුරුදු 18 ට වැඩි අය සදහා) සතියකට මිනිත්තු 150ක මධ්‍යස්ථ වෙහෙසකර ව්‍යායාම නිර්දේශ කරයි.ව්...
07/03/2025

ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් (වයස අවුරුදු 18 ට වැඩි අය සදහා) සතියකට මිනිත්තු 150ක මධ්‍යස්ථ වෙහෙසකර ව්‍යායාම නිර්දේශ කරයි.
ව්‍යායාම මගින් මනෝභාවය වැඩි දියුණු කිරීම මාංශපේශි ශක්තිමත්ව වර්ධනයවීම සහ රෝගවලට ඇති අවධානම අඩුවීම ඇතුළු බෝහෝ ප්‍රතිලාභ ඇත.ශාරීරික ක්‍රියාශිලිභාවයෙන් තොරවීම, බෝ නොවන රෝග (NCDS) , හෘද රෝග (CHD), දියවැඩියාව, පියයුරු සහ මහා බඩවැලේ පිලික ඇතුළු බෝහෝ අභිතකර සෞඛ්‍ය තත්වයන් ඇතිවීමේ අවධානම වැඩි කරන අතර ආයු කාලය අඩු කරන බවට තහවුරු වී ඇත.

ඔබ වයස අවුරුදු 35-45 අතර කාන්තාවක් නම් සුවනාරී සායනයකට (Well Women Clinic) යොමුවීමෙන් ඔබට, ඉහත සදහන් රෝග වලට ඇති අවදානම පිළිබද දැනුවත් කිරීමත්, ඊට අදාල පරීක්ෂණ පිළිබද තොරතුරු ද සපයයි.

The WHO recommends at least 150 minutes of moderate severity exercises throughout the week (for those aged above 18 years). Do you know about the importance of exercises? Exercise has many benefits, including improved mood, stronger muscles, and a reduced risk of disease. Strong evidence shows that physical inactivity increases the risk of many adverse health conditions, including the world's major non-communicable diseases (NCDs) of coronary heart disease (CHD), type 2 diabetes, and breast and colon cancers, and shortens life expectancy.
If you are a lady of age 35-45 years of age, a visit to a Well Woman Clinic provides a critical opportunity to receive recommended clinical preventive services, including screening and counselling, which can lead to appropriate identification, treatment and prevention of disease to optimize the health of women.

Breast Cancer Awareness Month
02/10/2024

Breast Cancer Awareness Month

Breast cancer is one of the most common cancers affecting women in around the world including Sri Lanka, and early detec...
28/09/2024

Breast cancer is one of the most common cancers affecting women in around the world including Sri Lanka, and early detection can save lives.
We invite you to be a part of the Breast Cancer Awareness Walk in Sri Lanka, a meaningful event dedicated to raising awareness about breast cancer, early detection, and the importance of regular screening. Come walk with survivors, supporters, and advocates to show your solidarity in the fight against breast cancer.

Date: 2nd October 2024
Time: 8.00 am
Venue: Police Park grounds to Havelock City Mall

පියයුරු පිළිකාව ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ පිළිකාවක් වන අතර කල්තියා හඳුනා ගැනීමෙන් ජීවිත බේර...
28/09/2024

පියයුරු පිළිකාව ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ පිළිකාවක් වන අතර කල්තියා හඳුනා ගැනීමෙන් ජීවිත බේරා ගත හැකිය.
පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම, කලින් හඳුනා ගැනීම සහ නිතිපතා පරීක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කැප වූ අර්ථවත් පා ගමනක් වන ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා දැනුවත් කිරීමේ පා ගමනේ කොටස්කරුවෙකු වීමට අපි ඔබට ආරාධනා කරමු.

දිනය: 2024 ඔක්තෝබර් 2
වේලාව: පෙ.ව.8.00
ස්ථානය: පොලිස් ක්‍රීඩාංගනයේ සිට හැව්ලොක් සාප්පු සංකීර්ණය වෙත

මැයි 28 යනු ලෝක ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව සඳහා වන දිනයයි. Together for Menstrual Friendly world යන්න මෙම දිනයේ තේමාවයි...
28/05/2024

මැයි 28 යනු ලෝක ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව සඳහා වන දිනයයි. Together for Menstrual Friendly world යන්න මෙම දිනයේ තේමාවයි.
ඔබේ ඔසප් චක්‍රය පිළිබඳ දැනුවත් වීම ඔබේ ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම පාලනය කිරීමට උපකාරී වේ.
ඔසප් දින දර්ශනයක් තබා ගැනීමෙන්, ඔබට :
* මීලඟ ඔසප් දින නිවැරදිව අනුමාන කරන්න: ඒ අනුව ඔබේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට හැකිය.
* සරු කාලය හඳුනාගන්න : පිළිසිඳ ගැනීමට උත්සාහ කරන අයට ගැබ් ගැනීමට සහ උපත් පාලනයට අවශ්‍ය නම් ගැබ් ගැනීම වළක්වා ගැනීමටත් ඩිම්බ මෝචනය වන කාලය හඳුනා ගැනීම වැදගත්.
* ගැටලු ඇත්නම් හඳුනාගන්න: අධික රුධිර වහනය, යටි බඩ කැක්කුම, මනෝභාවය වෙනස් වීම සහ තෙහෙට්ටුව වැනි ලක්ෂණ නිරීක්ෂණය කර ඒවා වඩා හොඳින් කළමනාකරණය කර ගන්න.
* ඔබේ ශරීරය තේරුම් ගන්න: ඔබේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇත්නම් එය හඳුනා ගෙන අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.
ඔබේ ශරීරය සහ එහි ස්වභාවික රිද්මයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න, වඩා හොඳ සමස්ත සුවතාවය ප්‍රවර්ධනය කරන්න.
ඔබ වැදගත් සිදුවීම් සඳහා සැලසුම් කරන විටදී හෝ, පිළිසිඳ ගැනීමට උත්සාහ කරන විටදී හෝ, ගැබ් ගැනීම වළක්වා ගැනීමට හෝ ඔබේ ශරීරය ගැන දැනුවත්ව සිටීමට අවශ්‍ය විටදී , ඔසප් දින දර්ශනය ඔසප් වන සෑම කාන්තාවකටම වටිනා මෙවලමක්.
ඔබට ඔබේ ඔසප් චක්‍රයේ විස්තර සටහන් කිරීමට මුද්‍රිත ඔසප් දින දර්ශනයක් හෝ ඩිජිටල් යෙදුමක් ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ භාවිත කරන්න.

May 28th is World Menstrual Health and Hygiene day.   is the theme of this year .By keeping track of your menstrual cycl...
28/05/2024

May 28th is World Menstrual Health and Hygiene day. is the theme of this year .
By keeping track of your menstrual cycle you get to know about your body, helping you to take control of your health and well-being.
By maintaining a menstrual calendar, you can:
* Predict Periods: Know when to expect your next period to avoid surprises and plan activities accordingly.
* Track Symptoms: Monitor symptoms like excessive bleeding, abdominal cramps, mood swings, and fatigue to understand patterns and manage them better.
* Understand Fertile Window: Identify ovulation and fertile windows, which is helpful for those trying to conceive or avoid pregnancy.
* Understand your body: Detect irregularities in your cycle that could indicate health issues, allowing you to seek medical advice promptly.
Gain a deeper understanding of your body and its natural rhythms, promoting better self-care and overall wellness.
By understanding your cycle, you can better manage your health and well-being. Whether you're planning for important events, trying to conceive, or just wanting to stay informed, a menstrual calendar is a valuable tool for every person who menstruates.
You can use a printed menstrual calendar or a digital app on your smartphone to track the details of your menstrual cycle.

21/05/2024

පෙර නව යොවුන් වියේ සිටින දරුවන් වැඩිවියට පත්වීම ගැහැණු දරුවන් වගේම පිරිමි දරුවන්ටත් පොදු කාරණාවක්. යොවුන් වියේ ගැහැණු දරුවන් වැඩිවියට පත්වීමත් එක්ක සිරුරේ ඇතැම් වෙනස්කම් සිදුවන බව තේරුම් ගනිමු.

මේ කාලයේදී ගැහැණු දරුවන්ගේ සිරුරේ හා හිතන පතන විදිහ වෙනස් වීම හරිම සාමාන්‍ය දෙයක්. යොවුන් වියේ ගැහැණු දරුවෙකුගේ නම් මාසික ඔසප් චක්‍රය පටන් ගැනීම, පියයුරු වර්ධනය වීම, ඉකිළි සහ කිහිලිවල රෝම ඇතිවීම, යෝනි ශ්‍රාවය පිටවීම ආදි වෙනස්කම් ඇති වීමට පටන් ගන්නවා. මේ සියල්ලම ඔයාගේ වැඩිවියත් සමඟ සිරුරේ සිදුවන ස්වභාවික වෙනස්වීම් බව වටහා ගනිමු.

14/05/2024

විවාහක යුවළක් විදියට ඔයාලා දෙන්නා අතර ආදරණීය විවාහ ජීවිතයක් ගොඩ නඟා ගන්න නම් ගෙදර දොර වැඩ කටයුතු බෙදා හදා ගනිමින් සහයෝගයෙන් කටයුතු කිරීම හරිම වැදගත්. දරුවන් ඉදිරියේ ආදර්ශමත් දෙමාපිය සබඳතාවයක් ගොඩ නඟා ගන්නට නම් දෙමව්පියන් ලෙස ඔයාලා දෙන්නා අතර සුහදත්වය, සහයෝගය, විශ්වාසනීයත්වය, අවබෝධය ඉතා හොඳින් ගොඩනැඟී තිබීම අත්‍යාවශ්‍ය දෙයක්.

දරුවන්ගේ මානසික සංවර්ධනය සඳහා කුඩා කාලයේ ඉදලම දෙමව්පියන්ගේ ආදරණීය බැඳීම් ඉහළ බලපෑමක් සිදු කරනවා. යහපත් සබඳතාවයක් සහිත පවුලක් තුළින් සමාජයට එක්වන්නේත් යහපත්, ආදරණීය දරුවන් නිසා සෑම මොහොතකම ආදරණීය, ආදර්ශමත් දෙමව්පියන් ලෙස හැසිරෙමු.

සෑම පවුලකම හදවත නිරෝගී මවයි. ඇය සුවතාවයේ සහ ආදරයේ ප්‍රතිමූර්තියයි.පවුලේ පෝෂණයේ සිට කායික  මානසික සුවතාවය දක්වා මුළු පවුල...
12/05/2024

සෑම පවුලකම හදවත නිරෝගී මවයි. ඇය සුවතාවයේ සහ ආදරයේ ප්‍රතිමූර්තියයි.පවුලේ පෝෂණයේ සිට කායික මානසික සුවතාවය දක්වා මුළු පවුලේම යහපැවැත්ම රදා පවතිනුයේ මවගේ යහපත් සෞඛ්‍යය තත්වය මතයි. නිරෝගී මවක් ශාරීරිකව සහ මානසිකව ශක්තිමත් වන අතර එමගින් ඇය ඇගේ දරුවන්ට සහ සහකරුට ශක්තිමත් පදනමක් සපයයි.
මෙම මව්වරුන්ගේ දිනය, සියළුම මව්වරුන්ගේ සෞඛ්‍යයට මුල්දෙතැන දෙන මව් වරුන්ගේ දිනයක් කරගනිමු.
රට පුරා ඇති සුවනාරි සායන මගින් රෝග ගණනාවක් සඳහා පරීක්‍ෂණ සපයන අතර අපේ මව්වරුන්ගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.
ලොව පුරා සිටින මව්වරුන් සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට අප හා එක්වන්න, මන්ද නිරෝගී මවක් සැබවින්ම නිරෝගී ,සුරක්ෂිත පවුලක් නිර්මානය කරන කරන බැවිනි!

Mothers shapes our family's melody filling our heart and soul with her endless love making us feel safe, happy and peaceful. From nutritious meals to mindful self-care, she's the epitome of wellness and love.
Today, let's shine the spotlight on Mom's health and happiness! She's always been there for us, now it's our turn to make sure she's feeling her best. Whether it's encouraging her to take time for herself, joining her for a walk, or cooking up some nourishing meals together, let's show her the love and support she deserves.
Let’s join hands by providing the helping hand and encouraging them to take a break and focus on her health. Well woman clinics around the country provide screening for number of diseases and help to promote the health of our mothers.
Join us in promoting a healthier lifestyle for mothers around the world because a healthy mother truly means a healthy family

11/05/2024

පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය දෙමාපිය යුවළක් ලෙස ඔයාලා දෙදෙනා අතර ආදරය, අවබෝධය ඉහළ නංවා ගැනීමට නම් අනිත් කෙනාට ආදරය ක්‍රියාවෙන් ඔප්පු කිරීම, වර්ණනා කිරීම ආදිය හරිම වැදගත් දෙයක්. එම නිසා අනිත් කෙනා වෙනුවෙන් අප ලබා දෙන ආදරය ප්‍රමාණවත්ද යන්න අපි සිතිය යුතු දෙයක්.

නිතර සුහදව කතා බහ කරමින් ආදරය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් ඔප්පු කරමින් කටයුතු කරන පවුල් ජීවිතයක් තුළින් දරුවන්ට ලැබෙන්නේද ඉතා ඉහළ මඟපෙන්වීමක්. දරුවන් හට දෙමාපියන් සමඟ අවබෝධයෙන් කතා බහ කිරීමේ වටපිටාව ගොඬ නැඟෙන්නේත් මෙලෙස දෙමව්පියන් එකිනෙකාට ආදරයෙන් සිටින විටයි.

ව්ශේෂයෙන් පවුලේ සියලු දෙනා අතර ආදරණීය සම්බන්ධයක් ගොඬ නැඟෙන්නේ මෙවැනි පවුල් පසුබිමක් තුළින් බව තේරුම් ගනිමු.

Address

No: 2,Kynsey Road, Colombo 10, Sri Lanka.
Sri Jayavardhanapura
80000

Alerts

Be the first to know and let us send you an email when Suwanari - සුවනාරී - சுகவனிதையர் posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwanari - සුවනාරී - சுகவனிதையர்:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram