පිස්සු පූසා Pissu pusa

පිස්සු පූසා Pissu pusa අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ

තරග දෙකේම සාර්ථක වුණ නවක නිශාන් මධුෂ්ක ඉවතට‼️එක්දින පිටියේ අති සාර්ථක නවක දුනිත් ඉවතට‼️❇️ ආබාධයෙන් පසු නැවතත් කණ්ඩායමට ප...
26/10/2024

තරග දෙකේම සාර්ථක වුණ නවක නිශාන් මධුෂ්ක ඉවතට‼️
එක්දින පිටියේ අති සාර්ථක නවක දුනිත් ඉවතට‼️

❇️ ආබාධයෙන් පසු නැවතත් කණ්ඩායමට පැමිණි , consistency ලකුණු අතර සිටීමට නොහැකි වුණ ,
අවිශ්ක ප්‍රනාන්දුට තවත් අවස්ථාවක් ලැබී තිබෙනවා.
මේ වසරේ ඔහු තරග 15 ක් ක්‍රීඩා කරල තියෙනවා.
ඔහුගේ ඉනිමක සාමාන්‍යය 28 යි.

❇️ විස්සයි විස්ස ආරම්භක පිතිකරුවකු ලෙස සාර්ථකත්වයක් ලැබුවත් එක්දින පිටියේ පසුබෑමක සිටින කුසල් මෙන්ඩිස්ට දිගින් දිගටම අවස්ථාව ලැබෙනවා. ඔහුගේ වසර 8 ක එක්දින දිවියේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 33 ක සාමාන්‍යයක් රඳවාගෙන තිබෙනවා.

🛑 එක්දින පිටියේ ආරම්භක පිතිකරුවෙක්ට හා අංක 3 පිතිකරුවෙක්ට මෙවැනි සාමාන්‍යයන් උචිතද ?
උචිතයි නම් කමක් නෑ.

🛑 වරදවා වටහාගන්නෙපා ,
ක්‍රීඩකයෝ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.
ක්‍රීඩා කිරීම ඔවුන්ගේ රැකියාවයි.
ඔවුන්ට අවස්ථාව ලැබෙනව නම් ඔවුන් ක්‍රිඩා කරනවා.
හරි.

🛑 ඒත් ක්‍රීඩකයන් සමඟ සෙල්ලම් කරන බලාධාරින් ගැන කලකිරීමක් තියෙන්නේ.
ඇයි මෙහෙම ක්‍රීඩකයන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ ?
ඇයි එක එක ක්‍රීඩකයන්ට එක එක විදියට සලකන්නේ ?
එක්කෙනෙක් අසාර්ථක වෙද්දි සාර්ථක වෙනකන්ම අවස්ථාව දෙන්නයි ,
තව කෙනෙක් අසාර්ථක වෙද්දි එකපාරම කපලා දාන්නයි ,
කෙනෙක් සාර්ථක වෙලා අසාර්ථක කෙනෙක්ට අවස්ථාව දෙන්නයි
ඇයි මෙහෙම ?
මෙහෙම වුණාම ඒ අසාධාරණයට ලක්වෙන අයට මොකද හිතෙන්නේ ?
කණ්ඩායම් ඇතුලෙ බෙදීම් හැදෙන්නේ මේවගෙන් නෙවෙයිද ?

🛑 මේ තරගාවලියේ දින්න තරග දෙකේම ඒ ඒ අයගේ ඒ ඒ ප්‍රියතම මාර players ලා ලකුණු 10 ක් වත් ලබාගත නොහැකිව අසරණව ඉනිම බිඳ වට්ටල යද්දි ,
ඉනිමට ශක්තිමත් ආරම්භයක් දුන්නේ අත්දැකීම් නැති නවක නිශාන්.
ඒත් අර players ලා තාම අත්දැකීම් ගන්නවා.

🛑 දුනිත් කියන්නේ නවක ක්‍රීඩකයෙක්.
අත්දැකීම් දෙන්න ඕනේ ඇත්තටම මේ වගේ නවකයන්ට මිසක් අවුරුදු 8 ක් 9 ක් ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන වයස අවුරුදු 30 ට ලඟා වුණ අයට නෙවෙයි නේද ?
අද දුනිතුත් එලියෙ

කණගාටුයි ‼️

❇️ පවන් රත්නායක , පසිඳු සූරියබණ්ඩාර , නුවනිඳු ප්‍රනාන්දු , අහන්
එකී මෙකී නොකී නවකයිනි ;
ඔබලා වැනි නවක ක්‍රීඩකයන්ට ඉස්සරහට වෙන්නේ මොකද්ද කියල හිතාගන්න අමාරුයි.
මෙහෙම අවස්ථාවන් ඔයාලට හම්බෙයිද නැද්ද දන්නෙ නෑ.
ඒ හින්ඳා අතාරින්නෙපා. ගේමේ ඉන්න.
ලහිරු උදාරල වගේ කඩුලු රකින්නන්ට කොච්චර ලකුණු ගත්තත් කණ්ඩායමේ ස්ථානයක් ලැබෙයිද ?

🛑 මුල් අංක හතර ඇතුලෙ ඉන්න ඕන කමිඳු අංක 7 ට වැටිලා.
ටෙස්ට් වල එයාව උඩට ගේන්නම වුණා.
ඒ ගෙනාපු එකෙන් ඒ ඒ ප්‍රියතමයන්ට පහළට යන්න වුණා.
ඒ හින්ඳ කමිඳුව උඩට ගේන්න බයද ?

🛑 අවිශ්ක , කුසල්
ඔබලා වාසනාවන්තයි.
හැමෝටම ඔහොම අවස්ථාව ලැබෙන්නෙ නෑ.
සුබ පතනවා සාර්ථක වෙන්න කියල.
අවස්ථාවට සාධාරණයක් කරන්න.
Good luck.
මොනා වුණත් මේ match එක දිනන එක වැදගත්.

Good luck Sri Lanka ❤️🇱🇰

❇️ කලිනුත් මේ වගේ වැඩ කරපු අය හිටියා.
එයාල ගියේ ලංකාවට ලෝක කුසලාන වලට ක්‍රීඩා කරන්න සුදුසුකම් ලබා ගැනීමේ වටවලට ක්‍රීඩා කරන්න වෙන තැනට පත් කරලා ,
එක්දින ලෝක කුසලානයක කණ්ඩායම් දහයෙන් නව වෙනි තැනට වට්ටලා ,
Champions trophy එකෙනුත් එලියට දාලා.
ආයෙ එහෙම දේවල් වෙනවට සුවහසක් ප්‍රේක්ෂකයො කැමති නැහැ.

- Prishon H Silva -

බංගලාදේශය ටුවර් එක ඕල් ෆෝමැට් එකක්, අපි ඒකේ ෆෝමැට් 3න් මැච් 7ක් සෙල්ලම් කලා..මේ මැච් 7ම සෙල්ලම් කරපු එකම ක්‍රීඩකයා කුසල්...
23/03/2024

බංගලාදේශය ටුවර් එක ඕල් ෆෝමැට් එකක්, අපි ඒකේ ෆෝමැට් 3න් මැච් 7ක් සෙල්ලම් කලා..

මේ මැච් 7ම සෙල්ලම් කරපු එකම ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් විතරයි.

ඇත්තටම රටක ඕල් ෆෝමැට් බැටෙක් වෙන්න ලේසි නෑ. ගොඩක් රටවල් ප්ලේයර්ස්ලා ෆෝමැට් 1කට 2කට හදාගෙන යන්නෙ. 3 වෙනි එක ඔප්ශනල් දීලා. අපෙත් අනික් අය ඔක්කොටොම එහෙමයි.

ඒත් කුසල් මෙන්ඩිස්ට හැම ෆෝමැට් එකකම හැම මැච් එකක්ම ගහන්න දෙනවා ටොප් 3වල. එච්චර ස්ථිර ප්ලේස් එකක් තියා ගන්න කරපු දෙයක් නැ. මට හිතෙන්නේ අපේ ක්‍රිකට් ඉතිහාසයේම ප්ලේයර් කෙනෙක් විදියට වැඩිම favouritism ලැබුන ක්‍රීඩකයා.

සීරිස් එකකට සැරයක් ගහන 50 කෑල්ලෙන්, ඩ්‍රොප් 2ක් ආවොත් ගහන 100කින් තේරිම් කමිටුව ජස්ටිෆයි කරගන්නවා.

කුසල් මෙන්ඩිස්ගෙන් තමා ෆේලියර්ස් රිවෝර්ඩ් කරන වැඩේ පටන් ගත්තෙම.

කුසල් මෙන්ඩිස් 0 4ක් ගහලා ටීම් එකේ එලියේ ඉන්නකොට B ග්‍රේඩ් කන්ට්‍රෑක්ට් එක A ග්‍රේඩ් කලා.

2020 බංගලාදේශයෙදි ෆ්ලොප් වෙලා ඉන්නකොට එංගලන්ත ටුවර් එකේ වයිස් කැප්ටන් කලා, සීරිස් එක කෑවම කැප්ටන්සි දෙන්න.

පාරවල් ගානේ සිගා ගහලා බෑන් නොකර බැරි උනාම බෑන් කරලා මාස 5න් ටීම් එකට ගෙනාවා.

ස්ටෑන්ඩ් බයි කැපා විදියට වර්ල්ඩ් කප් එකේ අසාර්ථක වෙලා බංගලි ඇෆ්ගන් උන්ගෙන් කාලා චැම්පියන්ස් ත්‍රෝපි නැතුව ආවම, කුසල්ව ස්ථිර නායකකමට උසස් කලා.

Rewarding for failures නතර වෙනකන් ක්‍රිකට් හැදෙන්නේ නෑ. ඊලඟ ටෙස්ට් එකටත් මෙන්ඩිස් සෙල්ලම් කරනවා. මෙන්ඩිස්ට ඇති කියලා හිතෙනකන් තියෙන හැම මැච් එකකම සෙල්ලම් කරනවා..

Copied from Vinod Bhanuka

14/11/2021

Thats my bouy

විකෘති නව වෛරසය වැළදී රෝහල්ගතවෙලා ඉන්න අපේම කෙනෙක්ගෙ සටහනක් මේ. හැමෝම කියවන්න. හැමෝටම යවන්න |Chinese virus එක අනිත් එක ත...
09/05/2021

විකෘති නව වෛරසය වැළදී රෝහල්ගතවෙලා ඉන්න අපේම කෙනෙක්ගෙ සටහනක් මේ. හැමෝම කියවන්න. හැමෝටම යවන්න |

Chinese virus එක අනිත් එක තරමටම අමාරුවක් නෑ. ඒත් බයානක නැතුව නෙමේ. මුලින් උණ වගේ ගැනිලා කොන්ද පොඩ්ඩක් රිදෙනවා. දවස් 2 කින් වගෙ සමහරවිට හොද වෙනවා. මම ඒකේ විස්තර කලින් මැසේජ් එකකින් කිව්වා. ඒකත් දරුණු නැත්තෙම නෑ. ඒත් ඒකත් කො රෝනාම තමා. පැතිරෙනවා. UK co rona virus එක තමයි ගොඩක්ම දරුණු. ඒක හැදුනහම හුස්ම ගන්න අමාරු වෙනවා, ලූස් මෝශන් වෙනවා, පපුව කැක්කුම එනවා, හුස්ම ගන්න අමාරුම වෙනවා දරුණුම උනහම. ඒක නිසා ඒ අයට ඔක්සිජන් දෙන්න ඕනි. මේක තදබලව පැතිරෙනවා.
කො රෝනා හැදුන කිව්වහම මේ ජාතියේ virus 2 ම හැදුනු ලෙඩ්ඩු එකම hospital එකකට දානවා. කිසිම බෙදිල්ලක් නෑ. ඒක තව පැතිරෙනවාද කියන්නනම් මම දන්නෙ නෑ. ඒ මදිවට මේ hospital වල මැස්සෝ සෑහෙන්න. උන්ගෙනුත් තව බෝ වෙනවද කියන්න තාම හිතන්න අමාරුයි. හතරවටේ වහනවා. තියෙන ඇදන් හිස් උනහම chinese virus එක හැදුනු කෙනෙක් දායිද කියලා කාටවත්ම කියන්න බෑ. එන පිලිවෙලට තමා දාන්නෙ. ඩොක්‍ටස්ලා නර්ස්ලා ලගටවත් එන්නේ නෑ. ඒකෙ නම් මම වරදක් කියන්නෙ නෑ. මොකද ඒ අය අසනීප නොවී මේ කෙරෙන කාර්යය කරගෙන යන එක තමයි වැදගත්ම දේ.
කාට හරි අමාරු උනහම අමාරු අඩු කෙනෙක් තමා එයා ලගට ගිහින් මොනවද තියෙන අමාරු කියලා අහන්න ඕනි. ඊටපස්සෙ ගොඩක්ම අමාරුනම් ඩොක්ටර්ට call කරල කියන්න ඕනි. ඊට පස්සෙ ඒකට ඩොක්‍ටර්ස්ලා මොනවා කරනවද කියන්න නම් මම දන්නෙ නෑ.
කො රෝනා හැදුනු අය විතරක් නෙමේ හැමෝම උනත් එක දිගටම උණු වතුරම බොන එක මාර වැදගත්. ඒ වගේම උණු වතුර වාශ්ප අල්ල එකත්. පැය 24 ම මාස්ක් එක දාගෙන ඉන්නේ. කෑම කන වෙලාවට, වතුර බොන වෙලාවට විතරයි මාස්ක් එක ගලවන්නේ. මම නම් නිදා ගන්නෙත් මාස්ක් එක දාගෙන. උදේ 06 ටයි හවස 02 ටයි අපේ ප්‍රෙෂර් චෙක් කරනවා. ප්‍රෙෂර් ලෙවල් එක බලලා කෝඩිනේටර් (කොරෝනා හැදිලා දවස් 05 කට වැඩිය Hospital එකේම බෙහෙත් ගන්න කෙනෙක්) ඩොක්ටර්ට අපේ විස්තර දෙනවා. ⁣එක එක්කෙනාට තියෙන හෙම්බිරිස්සාව, ඇගපත වේදනාව, ඔලුවේ කැක්කුම අනුව බෙහෙත් දෙනවා.
පෙරේදා මගේ ඇදේ එහා පැත්තේ වයස අවු 40 ක වගෙ කෙනෙක්ට රෑ 01ට වගේ හුස්ම ගන්න අමාරු උනා. හැමෝම හොදටම නිදි. මට වෙලාවට ඇහැරුනා එයා හුස්ම ගත්තේත් ගොඩක් අමාරුවෙන්. එයාට නැගිටගන්නවත් පන නෑ වගේ. ඊට පස්සේ එයාව ඇදෙන් වාඩි කරෝලා උණුවතුර බොන්න දුන්නා. ටික වෙලාවකින් දෙයියන්ගෙ පිහිටෙන් පොර Normal තත්වෙට ආවා. එයා මගේ මූණ දිහා බලාගෙන කිව්වේ "මල්ලී මට හිතුනේ මම මැරෙයි තමා" කියලයි. "පවුලේ උන්වත් මතක් උනා" කියලයි. වාට්ටු පුරාම ඇහෙන්නේ කහින සද්දේ තමයි. බිත්තියක් අල්ලන්න බයයි, ටොයිලට් යන්න බයයි, දොරක්, ඇදක් අල්ලන්න බයයි. කෝප්ප, පිඟන් උණු වතුරෙන් පිරිසිදු කරගන්නවා හැම තිස්සෙම. ඉතින් ඔහොමයි මෙහෙ තත්වේ. හිතන තරම් මේ ලෙඩේ සුන්දර නෑ.

අපේ අම්මා call කරන හැම වෙලාවෙම කියන්නෙ, "ඇදෙන්වත් බහින්න එපා.
වැඩිය මොකුත් අල්ලන්න එපා" කියලා. මම ඉතින් "හා අම්මේ" කියලා කියනවා. ඒත් මෙහෙ ඇත්ත තත්වෙ එයාලට කියන්න බෑ. මගේ මේ හිතේ තියෙන දේවල් මේ group එකේ හරි දාලා මගේ ප්‍රෙෂර් එක අඩු කරගන්නවා.

ඔයාලට කො රෝනා හැදිලා නෑ ඔයාලට කො රොනා හැදෙන්න දෙන්නෙ නැති විදිහට මෙහෙම හරි විස්තරයක් කියල ඔයාලව පරිස්සම් කරන්න chance එකක් හම්බෙලා තියෙනවා. ඒක නිසා මම මට හිතෙන දැනෙන එක Message එකක් විදිහට දානවා. පෙරේදා Bus 6 යි. ඊයේ Bus 5 යි. ඔක්කොම පූනානි යැව්වා.

මේ තාම අහු වෙන්නේ අලුත් අවුරුද්දට එලියට ගියපු අය. තාම එ අයගේ ආශ්‍රිතයෝ හම්බ වෙන්න පටන් අරන් නැහැ. ඒ අයත් ඉස්සරහා සති වලදි PCR වලින් අඳුන ගනීවි.

හැමෝම පරිස්සමට ඉන්න. කො රෝනා නම් හදාගන්න එපා. මේක මහ අපායක් වගේ. කො රෝනා හදාගෙන එන්න හිතන්නවත් එපා.

ලොකු ටෝක්ස්
පිටුවෙන් උපුටා ගන්නා ලදී..

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.38  ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.7 ඉන්දියාවේ ජනගහනය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් 64 ගුණයක් පමණ වේ...
25/12/2020

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.38 ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.7
ඉන්දියාවේ ජනගහනය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් 64 ගුණයක් පමණ වේ.

2020 දෙසැම්බර් 24 ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 588. ලන්කාවේ ජනගහනය ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂ කර බලමු.
588 X 64 = 37632. නමුත් ඊයේ (24 දින) ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 24712. ඒ අනුව ඉන්දියාවේ කොරෝනා පැතිරීමට වඩා ලංකාවේ කොරෝනා පැතිරීම වේගවත් බව පෙනී යයි.

මිනිසුන් ලක්ශයක නියැඳියකින් දිනකට කොරෝනා ආසාදනය වන ප්‍රතිශතය
ශ්‍රී ලංකාව - 2.7
ඉන්දියාව - 1.8

25/10/2020

ජපානෙ පාසල් පෙළපොත්වලටත් ගියපු අපිට වීරයෙක් නොවුණු වීරයා රණතුංග කරුණානන්ද..
ඔලිම්පික් තරගාවලියෙන් පසුව හරිහමන් රැකියාවක් නොලැබු කරුණානන්ද මහතාට වර්ශ 1975දී ජපානයේ ව්‍යාපාරිකයෙකුගෙන් රැකියාවක් සඳහා ඇරයුමක් ලැබෙන්නේ ඔහුට ගෞරවයක් වශයෙන්. නමුත් ඔහු ජපානයට යාමට දින කීපයකට පෙර ඉඟිනියාගල 'නාමල් ඔය' වැවේ ගිලී මිය යන්නේ අභිරහස් ලෙසයි. මිනීමැරුමක්ද හදිසි අනතුරක්ද යන්න තවමත් හෙලි නොවූ කරුණානන්ද මහතාගේ අභාවයෙන් ශෝකයට පත් ඔහුගේ බිරිඳ සිහිවිකල් තත්වයට පත්වූ අතර ඇය සහ ඇගේ දරු පවුල මහමගට වැටීමට කරුණු සැලසුනා.

පසුව කරුණානන්ද මහතාගේ ඥාතියෙක් එම පවුලට රැකවරණය සහ මුදල් හදල් ලබාදීමට කටයුතු කර තිබුණත් එවකට පැවති රජය ඔවුන්ට වන්දි මුදල් ලබාදීමට හෝ රණතුංග කරුණානන්ද මහතා වීරයෙකු ලෙස පිළිගැනීමට කැමති වූයේ නැහැ.
ඒ අනුව වසර 39ක් වැනි තරුණ වියේදී අපට වීරයෙක් නොවුණු වීරයාගේ ඉරණම එසේ අවසන් උනා..

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කය සඳහාම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.සඳුදා අලුයම 5 දක්වා මෙම ඇඳිරි ...
21/10/2020

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කය සඳහාම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.සඳුදා අලුයම 5 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

කුලියාපිටිය, ගිරිඋල්ල, පන්නල, දුම්මලසූරිය, නාරම්මල පොලිස් බලප්‍රදේශවලටත් ඇඳිරිනීතිය..හොඳ වෙලාවට තාම සමාජගත වෙලා නෑ. වෙන ...
20/10/2020

කුලියාපිටිය, ගිරිඋල්ල, පන්නල, දුම්මලසූරිය, නාරම්මල පොලිස් බලප්‍රදේශවලටත් ඇඳිරිනීතිය..
හොඳ වෙලාවට තාම සමාජගත වෙලා නෑ. වෙන පැත්තකට පැනගන්න ඕනෙ.

බෝම්බ සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි...☎️ 071 8591771☎️ 011 2422176☎️ 011 2395605
25/04/2019

බෝම්බ සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි...

☎️ 071 8591771
☎️ 011 2422176
☎️ 011 2395605

බෝම්බ සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි...☎️ 071 8591771☎️ 011 2422176
25/04/2019

බෝම්බ සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි...

☎️ 071 8591771
☎️ 011 2422176

මීට සුළු මොහොතකට පෙර යුධ හමුදාව භාවිත් කරන වෙඩි නොවදින ඇඳුම් සමඟ කුරුණෑගල -කෑගල්ල මාරගයේ බස් රථයක් තුලදී මුස්ලිම් ත්‍රස්...
25/04/2019

මීට සුළු මොහොතකට පෙර යුධ හමුදාව භාවිත් කරන වෙඩි නොවදින ඇඳුම් සමඟ කුරුණෑගල -කෑගල්ල මාරගයේ බස් රථයක් තුලදී මුස්ලිම් ත්‍රස්ථවාදියෙකු අත්අඩංගුවට..

25/04/2019
25/04/2019

කටුනායක බදුල්ල, පූගොඩ සහ කුරුණෑගල හදිසි තත්වයක්. ඒ පැතිවලට යන අය ඉන්නවානම් දැනුම් දෙන්න.. බොහොමයක් මාර්ග වසා ඇත

අඩුම ගානෙ මේ දවස් ටිකේවත් මේ වගේ වැඩ නවත්තගන්න
25/04/2019

අඩුම ගානෙ මේ දවස් ටිකේවත් මේ වගේ වැඩ නවත්තගන්න

25/04/2019

අලුත් වොයිස් මැසේජ් එක. ඇත්ත නැත්ත මොකක් උනත් අවදානමෙන් ඉන්න එක වටිනවා

😜
06/02/2019

😜

😂
19/02/2018

😂

Address

Colombo
25675

Website

Alerts

Be the first to know and let us send you an email when පිස්සු පූසා Pissu pusa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram