12/05/2020
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය මේ වන විට සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවක් වෙලා තියෙනවා. ත්‍රිකුණාමල වරායේ ඇති සුවිශේෂී භූගෝලීය වටිනාකම නිසා මේ තෙල් ටැංකි සංකීර්ණය ලෝක බලවතුන්ගේ අවදානය පවා දිනා ගන්න සමත් වෙනවා
අක්කර අසූ පහක පමණ භූමි ප්‍රද්ශයක විහිඳුණු මෙහි තෙල් ටැංකි 102 ක් ඉදි කරන්නට යෝජනා වෙනවා. නමුත් කිසියම් මිත්‍යා විශ්වාසයක් නිසා එහි අනූ නම වන ටැංකිය ඉදි වන්නේ නැහැ. ඒ අනුව එහි ටැංකි 101 ක් ඉදිවෙනවා. එහි එක් ටැංකියක ධාරිතාවය ටොන් දොළොස් දහසක්.
මෙය දෙවන ලෝක යුද සමයේ මිත්‍ර පක්ෂය සතුවූ දැවැන්තම තෙල් ගබඩා අතරින් එකක් වුණා. මේ නිසාම නිතැතින්ම සතුරන්ගේ අවදානය මේ වෙත යොමු වන්න එය හේතුවක් වුණා. කොළඹට බෝම්බ හෙළා දින 04කට පස්සෙ ත්‍රිකුණාමලය තම ඉලක්කය විය යුතු බවට ජපනුන් තීරණය කරනවා.
ත්‍රිකුණාමල ප්‍රහාරය තුළ දී ජපනුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය. ඒ අනුව 1942 අප්‍රේල් නමවැනිදා, ජපන් ප්‍රහාරක යානාවක් තෙල් ටැංකි සංකීර්ණයට ප්‍රහාර එල්ල කරනවා. නමුත් ප්‍රතිප්‍රහාර සඳහා ද සූදානමක් තිබුණු නිසා මේ ප්‍රහාරය අසාර්ථක වෙනවා.
ප්‍රතිප්‍රහාර දරුණු වෙද්දි, ජපන් යානාවේ නියමුවා වූ ෂිජෙනෝරී වටනාබේ, තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ද සමඟින් 91 වන ටැංකිය මත තම යානය හැප්පවීමට කටයුතු කරනවා. එය එක්තරා ආකාරයක සියදිවි නසා ගැනීමක්.
මේ ආන්දෝලනාත්මක තෙල් ටැංකි සංකීර්ණයේ අප්‍රකට අඳුරු අතීතයයි.
https://youtu.be/6CIYxh0qfGY
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ නොකියූ කතාව ත්‍රිකුණාමල ප්‍රහාරය තුළ දී ජපනුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ වරාය සහ ත.....