Physiotherapy treatments in Colombo and home visits

Physiotherapy treatments in  Colombo and home visits Personalized physiotherapy care and home visits!book your time slot for a pain free life!

06/09/2025

සයටිකා තත්වය සැත්කමකට නොයා සුව කර හැකිද??⚠️

❓කොන්දේ පිටුපසට සිට සහ කකුල දිගේ පාදයට හෝ ඇඟිලි දක්වා යන සිරුරේ එක් පැත්තක දැනෙන වේදනාවක්

❓කකුල දිගේ පාදයට හෝ ඇඟිලි දක්වා යන දැවෙන, තියුණු විදුලියක් වැනි හිරි වැටීම වැනි වේදනාවක්

❓ඇවිදීමට අපහසු වීම, කකුල, පාදය සහ ඇඟිලි වල දුර්වලතාවය සහ හිරිවැටීම

❓ටිකවේලාවක් ඉදගෙන සිටින විටදී හෝ හිටගෙන සිටින විටදී කැක්කුම වැඩිවීමක් හා හිරිවැටීම

❓එක් කකුලක් පණ නැතිව යාම

මෙම රෝග ලක්ෂණ ඔබත් අත්විද තිබෙන්නේද??? මෙය සයටිකා රෝගය විය හැකිද?

වැඩිහිටියන්ගෙන් 30% ක පමණ ප්‍රමාණයකට ඇති සයටිකා (Sciatica) තත්වය යනු බොහෝ දෙනෙක් හට එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී විශාල වේදනාවක් ගෙන දෙන රෝගී තත්වයකි. මෙම තත්වය බොහෝවිට පහල කොන්දේ වේදනාවක් හා විදුලියක් කකුල දිගේ යනවා මෙන් හෝ කකුල දිගේ සිදුවන හිරිවැටීමක් ලෙස දැනේ.එය කකුලට සංවේදනය සපයන sciatic ස්නායුවේ ඇතිවන ගැටලුකාරී තත්වයක් නිසා හට ගනී.

Sciatic ස්නායුව යනු ශරීරයේ දිගම සහ විශාලතම ස්නායුව වේ.එය පිටුපස කොන්දේ පහල ප්‍රදේශයේ සුෂුම්නාවෙන් (L4,L5,S1,S2 ) නිකුත් වන වන ස්නායූ එකතුවකින් ආරම්භ වේ. මෙම sciatic ස්නායුව,එහි ගමන් මාර්ගයෙහි කුමන හෝ ස්ථානයකදී සිදුවන තෙරපුම් තත්ත්වයක් හෝ ඇදීමක් නිසා සරලවම sciatica තත්වය ඇති වේ.

සයටිකා වලට හේතු වන පොදු හේතු❗️

❌හර්නීයකරණයට ලක් වූ කශේරුක තැටි (Lumbar Herniated Disc) -

lumbar තැටියේ ජෙලි වැනි කේන්ද්‍රයට පිටත ඝන තට්ටුව කැඩී ඒ
තැටියේ ඇතුළත ඇති මෘදු කොටස පිටතට එලියට පැනීමෙන් අසල ඇති sciatic ස්නායු මූලය අසාධනය වෙයි. මේ නිසා ස්නායු සම්පීඩනය වී වේදනාවක් (sciatica) උපදවයි. Sciatica වෙනුයේ මේ තත්වය ඇතිවීමේ ප්‍රධාන හේතුවයි.

❌පිරිෆෝමිස් රෝගය (Piriformis Syndrome)�Piriformis කියන්නේ උකුල පිටිපස්සෙ තිබෙන කුඩා මාංශපේශියක්. මේක අතිශයින් තද වෙලා ගියාම, එමෙන්ම එමඟින් ගමන් කරන sciatic ස්නායුව තදවී, කකුලට පැනෙන වේදනාව (sciatica වගේ) ඇති වෙනවා.
දිගු වේලාවක් වාඩිවීම, වැඩි දුර පියනැගීම, දිගු වේලාවක් ඇවිදීම හෝ රථය ධාවනය කිරීම රෝග ලක්ෂණ වැඩි කරයි.

❌මාංශ පේශි අසමතුලිතතාවය සහ තද බව
එමඟින් ගමන් කරන sciatic ස්නායුව තදවී, කකුලට පැනෙන වේදනාව (sciatica වගේ) ඇති වෙනවා.

❌කොඳු ඇට පෙළේ ස්ටෙනෝසිස් ( spinal stenosis)
මෙම තත්ත්වය නිසා sciatic ස්නායු මූලයන් පිහිටි කොඳු ඇට පෙළ පටු වීම තුළින් වේදනාව ඇති කරයි. පටු වීම කොදු ඇට පෙලේ පහල තනි මට්ටමක හෝ මට්‍ටම් කිහිපයක ඇති විය හැකිය.

❌අන්තර් කශේරුක තැටි පරිහානිය (Intervertebral Degenerative Disc)
අපි වයසට යද්දී තැටියන් ඇතුලේ තිබෙන ජලය අඩු වී යයි. ඒක හේතුවෙන් තැටිය දුර්වල වී බර සම්පීඩනය ජයගන්න බැරි වෙනවා. මේක හර්නියාවකට හේතු විය හැකි අතර, sciatic ස්නායුව තදවීම හෝ spinal stenosis වගේ තත්ත්ව ඇතිවීමේද මූලික හේතුවක් වෙයි.

❌අසාමාන්‍ය අස්ථි කොටස් (Bony Spurs / Osteophytes)

කශේරුකාවල අවට අතිරේක ඇට කොටස් මතුවන්නේ “Bony spurs” කියලා. මේක බොහොම වෙලාවට ඔස්ටියෝ ආර්ත්‍රයිටිස්(Osteoarthritis) නිසා කශේරුකා දුර්වල වෙද්දී සිදුවන දෙයක්.
මෙම අස්ථි කොටස් වැඩි වෙලා ආසන්නයේ ඇති sciatic ස්නායු මූලය තදවී, පිටු වේදනාව හෝ sciatica වගේ කකුලට පැනෙන වේදනාව ඇතිවෙයි.

❌ස්පොන්ඩිලොලිස්තේසිස් ( Spondylolisthesis)

මෙම තත්ත්වය ඇති වන්නේ එක් කශේරුකාවක් යාබද කශේරුකාවක් මතින් ලිස්සා යාමේදී ය. සන්ධිවල යාන්ත්‍රික අස්ථාවරත්වය නිසා ඇති වන ස්නායු සම්පීඩනය හේතුවෙන් sciatic ස්නායුව තද කල හැක.

☢️
Sciatica හඳුනා ගැනීමට කරන පරීක්ෂණ
Sciatica හඳුනාගන්න වෛද්‍යවරු කරන්නා වූ ප්‍රධාන පරීක්ෂණ

1. MRI ස්කෑන්

🔹මෙය මෘදු කොටස් (disc, ligaments, nerves) බලන්න හොඳයි.
🔹Disc herniation, spinal stenosis, nerve compression වගේ හේතු දැනගන්න පුළුවන්.
🔹කුඩා සන්ධි වල වෙනස්කම්ද පැහැදිලිව දැකගත හැක.

2. CT ස්කෑන්
🔹මෙය අස්ති වල (bones) වෙනස්කම් හඳුනාගන්න උපකාරී වේ.
🔹Bony spurs, fractures, ඇට ආශ්‍රිත වෙනස්කම් හඳුනාගන්න උපකාරී වේ.

3. X-ray
🔹පිටු ඇටවල මුල්ම වෙනස්කම්, alignment හෝ arthritis දැකගත හැක.

5. Lab Tests (ESR, CRP)
🔹Rare conditions හඳුනාගන්න, ආසාදන තියෙනවාද බලන්න.
උදා: TB (ක්ෂය රෝගය) හෝ infection නිසා sciatica විය හැක.

✨සයිටිකා (Sciatica) වැළැක්වීමට කරන්නා වූ දේවල්

1. නිතර ව්‍යායාම කරන්න
🔹දිගු වේලාවක් එක දිගට වාඩිවී නොසිටින්න.
🔹දිනකට අවම වශයෙන් පැයක් ව්‍යායාම කර කොන්දේ පේශී ශක්තිමත් කරන්න.

2. නිදාගන්නා හැටි හොඳින් සැලකිල්ලට ගන්න
🔹මෙට්ටය හොඳින් සමතලා විය යුතුයි.
🔹උඩුබැලි අතට නිදාගන්නා විට දණහිස් යටින් කොට්ටයක් තබන්න.
🔹පැත්තට හැරී නිදාගන්නා විට, කලවා දෙකට මැදින් කොට්ටයක් තබන්න.

3. ඉරියව් / වාඩිවීමේ හැටි සැලකිල්ලට ගන්න
🔹පුටුවේ වාඩි වීමේදී බර එක කකුලකට නොදැමීම.
🔹එක ඇලකට බර නොදැමීම.

4. පේශී වලට නිසි විවේක ලබාදෙන්න
🔹ක්‍රීඩාවකට හෝ ව්‍යායාමට යද්දී මාංශපේශි අවශ්‍ය විවේක ලබා දෙන්න.
🔹අධික ව්‍යායාමෙන් හෝ බර වැඩි දේවල් ඉස්සරහට නැමීමෙන් වළකින්න.

💡 ඉක්මනින් ප්‍රතිකාර ලබාගන්න!මේ තත්වය ආරම්භකව හඳුනා, physiotherapy යොමු වී ප්‍රතිකාර කල හැකි අතර නිවැරදි ප්‍රතිකාර මගින් සයටිකා තත්වය සැත්කමකට නොයා සුව කර හැකිය.

මෙවන් ඔබ සෞඛ්‍යයම කරුණු සම්බන්ධයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ Physio Connect Page සමගින් රැදී සිටින්න.

BSc (Hons) in Physiotherapy
Physio Connect
L.C.K. Thilakarathna
SLMC Reg no: 1647
☎️ 0765704886




26/08/2025

✋ Carpal Tunnel Syndrome – Don’t Let Hand Pain Stop You!

Do your hands feel numb, tingly, or weak after typing, texting, or working long hours? Do you wake up at night with a pins-and-needles sensation in your fingers? These could be signs of Carpal Tunnel Syndrome (CTS) a common condition affecting the wrist and hand.

🔎 What is Carpal Tunnel Syndrome?

Carpal Tunnel Syndrome occurs when the median nerve, which runs from your forearm into your hand, becomes compressed at the wrist. This narrow passageway, called the carpal tunnel, also contains tendons that help your fingers move. When the tunnel gets crowded or inflamed, the median nerve is squeezed, causing pain, tingling, numbness, and weakness in the hand.

🚨 Common Causes of CTS

* Repetitive hand movements: typing, using a mouse, writing, assembly line work.
* Poor wrist posture: bending wrists for long periods during work or sleep.
* Medical conditions: diabetes, thyroid problems, obesity, arthritis, pregnancy.
* Injury: wrist fractures, sprains, or inflammation.
* Genetics: a naturally smaller carpal tunnel in some individuals.

📌 Symptoms to Watch For

* Tingling, numbness, or burning in the thumb, index, middle, or half of the ring finger
* Hand weakness and dropping objects easily
* Pain or discomfort that radiates up the arm
* Night-time symptoms that disturb sleep
* Difficulty with fine motor tasks like buttoning or writing

⚡ Why Early Intervention Matters

Ignoring CTS can lead to:
❌ Chronic hand weakness
❌ Permanent nerve damage
❌ Loss of fine motor control
❌ Difficulty performing daily activities like cooking, writing, or typing

Early physiotherapy can relieve symptoms, improve function, and prevent long-term damage.

🌿 How Physiotherapy Helps

At Physio connect , we provide targeted, evidence-based physiotherapy for CTS:

✅ Wrist and Hand Exercises – Strengthen muscles and improve mobility
✅ Nerve Gliding Techniques – Reduce pressure on the median nerve
✅ Posture and Ergonomic Advice – Correct hand and wrist positioning at work and home
✅ Splinting – Keep the wrist neutral during sleep to prevent nerve compression
✅ Pain Relief Modalities – Ultrasound, TENS, or heat/cold therapy
✅ Activity Modification – Guidance on hand use and breaks to prevent aggravation

💡 With physiotherapy, many patients experience significant relief within weeks, often avoiding surgery entirely.

✨ Take Action Today

If your hands tingle, feel weak, or hurt frequently, don’t ignore the signs. Early assessment and physiotherapy can save your hands from long-term damage and restore your strength, dexterity, and comfort.

Contact us to heal your hand ✨

BSc (Hons) in Physiotherapy
Physio Connect
L.C.K. Thilakarathna
SLMC Reg no: 1647
☎️ 0765704886




26/08/2025

ඔයාටත් ඇවිදගන්න බැරි තරම් දණිස් කැක්කුමද?
නොසලකා හිටියොත් මේ තත්වය තවත් වර්ධනය වෙන්න පුලුවන්.

❗️නිතර නිතර දණහිසෙ හි ඉදිමුම් තත්වයක් ,රත් වීමක්, රතු පැහැ වීමක් ඇති වේද ?
❗️පඩිපෙල් නැගීමට සහ බැසීමට අපහසුතාවයෙන් පෙලෙන්නෙක්ද ?
❗️ඇවිදීමේදී එක් පාදයකට සිරුරේ වැඩි බරක් දෙමින් ඇවිදිනවාද?
❗️දණහිස නවන දගහරින විට ‘කටස්’ ශබ්ද ( Crepitus)ඇසේද ?
❗️දණිස් ඇදවී ඇති බවක් පෙනේද?
❗️දිගු වේලාවක් ඇවිදීමේදී , සිටගෙන සිටීමේදී දණහිස් වේදනාව උත්සන්න වේද ?

⚠️️බොහෝ විට මෙය දණහිස ආශ්‍රිතව ඇති වන ඔස්ටියෝආතරයිටිස් තත්වයෙ නොහොත් දීර්ගිකාලීනව කාටිලේජයේ සෑදෙන වෙනස්කම් හේතුව නිසා විය හැක.මෙම ලිපියෙන් ඔබට මේ සම්බන්ධව ඇති අත්‍යාවශ්‍ය තොරතුරු දැන ගත හැකි වනු ඇත.

🔎 Knee OA යනු කුමක්ද?

මෙය දණහිස් සන්ධියේ කාටිලේජ (cartilage) ගෙවීම නිසා ඇතිවන ප්‍රදාහක තත්ත්වයක් (inflammation).
* කාටිලේජ බිඳ වැටීම නිසා අස්ථි එකිනෙකට ගැටෙමින් වේදනාව, සන්ධියේ චලන දුර්වලතාව, සහ සන්ධි විකෘතිතා සිදු වේ.
* බොහෝවිට, ඔබේ දණහිස ඔබේ සිරුරේ බර ප්‍රධානව රැගෙන යන බැවින් මේ රෝගය වඩාත්ම බලපායි.
* දීර්ඝ කාලයක් මෙසේ සිදු වීමෙන් කාටිලේජ ගෙවී ගොස් අස්ථි එකිනෙක ගෑවීමට පටන් ගනී.එවිට එතෙක් පැවති වේදනාව සීඝ්‍රයෙන් වර්ධනය වීම සිදු වේ.

📌 Knee OA රෝග ලක්ෂණ
* දණහිස හිර ගතිය, තද බව
* සන්ධි වේදනාව
* සන්ධිය සහ ඒ අවට ඉදිමීම / උෂ්ණත්වය වැඩි වීම
* සන්ධි චලනයේදී ඇතුලතින් “clicking” වැනි ශබ්ද
* අවට මාංශ පේශී දුර්වල වීම සහ ක්ෂය වීම
* දිගු කාලීනව තිබේ නම් පාද ආශ්‍රිත බකල් තත්වයන් ඇති වීම

⚡ Knee OA ඇති වීමට බලපාන හේතු
* වයස (අවු. 45 ට වැඩි)
* ස්ත්‍රී පුරුෂ භාවය (බොහෝ විට කාන්තාවන්)
* අධික බර / obesity
* ක්‍රීඩා හෝ අනතුරු සහිත දණහිස් භාරය
* දිගු කාලීනව සන්ධි භාරදෙන රැකියා හෝ ක්‍රීඩා
* ජානමය හේතු
* අස්ථි විකෘතිතා

🚨 ප්‍රතිකාර නොකිරීමේ අවදානම
* දිගුකාලීනව Knee OA නොසලකා හැරීමෙන් Total Knee Replacement වැනි ශල්‍යකර්ම අවස්ථාවකට යාමට සිදු වේ.
* වේදනාව, දුර්වලතාව, සහ සන්ධි විකෘතිතා වැඩි වීම.

🌿 Knee OA සඳහා Physiotherapy ප්‍රතිකාර

✅ Therapeutic Exercises – Quadriceps, Hamstrings, Glutes වැනි muscles ශක්තිමත් කිරීම සන්ධි ශක්තිමත් කිරීම සහ චලන හැකියාව වැඩි කිරීම
✅ Electrotherapy – වේදනාව අඩු කිරීම – Ultrasound, TENS, hot/cold therapy ආදියෙන්
✅ Dry Needling – මාංශ පේශී විවේකය සහ වේදනාව සඳහා
✅ Activity Modification – දෛනික පුරුද්දන් වෙනස් කිරීම
✅ Cupping Therapy
✅ Taping Techniques – සන්ධි සහ මාංශ පේශී සහාය

💡 ඉක්මනින් ප්‍රතිකාර ලබාගන්න!
මේ තත්වය ආරම්භකව හඳුනා, Physiotherapy ලබාගන්නා අයට අනාගත ශල්‍යකර්ම අවස්ථාවන් වැළැක්විය හැකිය.

මෙවන් ඔබ සෞඛ්‍යයම කරුණු සම්බන්ධයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ Physio Connect Page සමගින් රැදී සිටින්න.

BSc (Hons) in Physiotherapy
Physio Connect
L.C.K. Thilakarathna
SLMC Reg no: 1647
☎️ 0765704886




24/08/2025

හොදම භෞත චිකිත්සක ප්‍රතිකාර ඔබේ නිවසටම

ඔබ කොන්ද, දණහිස්, ගෙල ආදී සන්ධි ආශ්‍රිත වේදනාවකින් පෙළෙන හෝ භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය අයෙක්ද?

නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර මඟින් ඔබගේ වේදනාවට ඉක්මනින් සහනයක් ලබා ගත හැකි අතර වේදනාවට අදාළ වන මූලය/හේතුවට අදාලව සිදු කරන ප්‍රතිකාර මඟින් ඔබගේ රෝගී තත්ත්වය මුළුමනින්ම සුව කර ගත හැකිය.✨️

🏡️ඔබගේ නිවසටම පැමිණ ප්‍රතිකාර සිදුකරවා ගැනීම සඳහා අමතන්න.

📞 0765704886

(ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි භෞතචිකිත්සකවරියක් මඟින් මෙහෙයවනු ලබයි)

24/08/2025

ඔබගේ උරහිස් සන්ධිය හිරවූ බවක් දැනේද?
දෛනික කටයුතු වන කොන්ඩය පීරීම, ඇඳුම් ඇදීම වගේ දේවල් ඔබට අපහසුද?
උරහිසින් අත ඉහළට එසවීමේදී දැඩි වේදනාවක් දැනේද?

ඔබේ උරහිස් සන්ධිය සෑදී ඇත්තේ අස්ථි (bones), බන්ධනීයන් (ligaments ) සහ කණ්ඩරාවන් (tendons) ගෙන් වන අතර සම්බන්ධක පටක කැප්සියුලයක් මගින් ඒවා ආවරණය කර ඇත. මෙම කැප්සියුලය ඝන වී උරහිස් සන්ධිය වටා තද වෙමින් එහි චලනය සීමා කරමින් මෙම Frozen shoulder තත්වය ඇතිවේ.

🦴💪 උරහිස් වේදනාව – ඔබ දැනගත යුතු දේ
ජීවිතයේ කිසියම් අවස්ථාවකදී බොහෝ දෙනා උරහිසේ වේදනාවන් අත්විඳිති. මුලින් මේවා නොසලකා හැරීම නිසා පසුව තද වී බරපතල තත්ත්වයටත් යා හැක.

👩‍⚕️ සමහරුන්ට හැඟෙන්නේ වැඩිපුර වැඩ කිරීම හෝ අත යට කර නිදාගැනීම නිසා වේදනාව ඇතිවූ බවයි. නමුත් ඇත්තේ, උරහිස සෑදී ඇති මාංශපේශී, කණ්ඩරාවන්, අස්ථි සහ සන්ධි වල ගැටළු නිසාද මේ වේදනාවන් හටගන්නා බවයි.

📌 උදාහරණ වශයෙන්:
මාංශපේශි ඉරීම් හෝ තදවීම්
අස්ථි බිඳීම්
ආතරයිටිස් වැනි සන්ධි රෝග
හෝ ශරීරයේ වෙනත් රෝගයකින් පසුවත්

ඉතින් ඔබට උරහිසේ වේදනාවක් දිගුකාලීනව තියෙනවා නම් 🩺 විශේෂඥ උපදෙස් ගනිමින් නිසි ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.

🦴💪 Frozen Shoulder (ෆ්‍රෝසන් ශෝල්ඩර්) – ඔබ දැනගත යුතු දේ
උරහිස් වේදනාවන් බොහෝ දෙනාට ජීවිතයේ කිසියම් අවස්ථාවකදී අත්විඳීමට සිදු වෙනවා. මේවා මුලින්ම නොසලකා හැරීමෙන්, පසුව තදවී බරපතල තත්ත්වයකට පත්විය හැක.

👉 ෆ්‍රෝසන් ශෝල්ඩර් යනු උරහිස තදවීම, දැඩි වේදනාව සහ චලනය සීමා වීම නිසා ඇතිවන පොදු සන්ධි ආබාධයකි.

මෙය විශේෂයෙන්ම 40 – 60 වයස් අතර කාන්තාවන්ට වඩා හෙළිවෙනවා.

🛑 බලපාන අවදානම් සාධක:

වයස & ලිංගිකත්වය (40ට වැඩි – විශේෂයෙන් කාන්තාවන්)
දිගුකාලීන නිශ්චලතාවය (ඉරියව්ව හෝ අත භාවිතය අඩුවීම)
Rotator cuff තුවාල, අස්ථි බිඳීම්, ආඝාතය, ශල්‍යකර්මයකට පසු සුව වීම
රෝග තත්ත්ව: දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි ගැටළු, හෘද රෝග, TB, Parkinson’s

Frozen shoulder හී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සෙමින් වර්ධනය වන අතර, අදියර 03 කට යටත්ව ඒවා සාකච්ඡා කෙරේ.මෙම සෑම අදියරය ම මාස කිහිපයක් පැවතිය හැකිය.

1️⃣ Freezing stage – වේදනාව වැඩිවීම, චලනය අපහසු වීම (සති කිහිපයක්)
2️⃣ Frozen stage – වේදනාව අඩුවීම, නමුත් උරහිස තදවීම (මාස 3–9)
3️⃣ Thawing stage – චලනය යථා තත්ත්වයට ආපසු ගමන් කිරීම (මාස 9 – අවුරුදු 2)

⚠️ Secondary complications:

උරහිස උඩට ගෙනයන විට හෝ පිටුපසට ගෙනයන විට දැඩි වේදනාව
දෛනික කාර්යයන් (ඇඳුම ගැලවීම, කැබිනට් එකේ භාණ්ඩ ගෙනයෑම) අපහසු වීම
උරහිස දුර්වල වීම, බර වස්තූන් රැගෙන යාමේ දුෂ්කරතා

🩺 භෞත චිකිත්සාවෙන් කළ හැක්කේ:
උරහිස චලනය, ශක්තිය, නම්යතාවය සහ වේදනාව තක්සේරු කිරීම

Musculoskeletal special tests මගින් මුල් අවදියේම නිශ්චය කිරීම

ඔබේ භෞත චිකිත්සක වරයා විසින් රෝග නිධානයට අනුකූලව සිදු කරනු ලබන විශේෂ තහවුරු කිරීමේ පරීක්ෂා මගින් මෙම Frozen shoulder තත්වය හදුනා ගනු ලැබේ.එමෙන්ම මේ සදහා විශේෂ වූ නිසි ව්‍යායාම හා චිකිත්සකමය ප්‍රතිකාර ක්‍රම රැසක් ඇති අතර ඒවා උපයෝගී කර ගනිමින් ඔබව ඉක්මන් සුවය කරා ගෙන යනු ඇත.

✅ වළක්වීමේ උපදෙස්

උරහිස අධික ලෙස වැඩ කිරීමෙන් වළකින්න
නිසි ඉරියව්ව රඳවාගන්න
බර භාණ්ඩ රැගෙන යන විට දෙඅත්ම භාවිතා කරන්න
මාංශපේශි ඇදීමේ ව්‍යායාම කරන්න

💡 ඔබට උරහිස සම්බන්ධ දිගුකාලීන වේදනාවක් තියෙනවා නම් එය නොසලකා නොහරින ලෙස බලන්න. මුල් අවස්ථාවේදී භෞත චිකිත්සක උපදෙස් ගන්නා විට, ඔබට ඉක්මනින් සුවය කරා ගිය හැක.

✨ ඔබේ උරහිසට නිදහස් චලනය නැවත ලබා දෙන්න – භෞත චිකිත්සාව ඔබේ සහායයි!

මෙවන් ඔබ නොදත් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්ධයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ Physio Connect Page යට ලයික් කර අප සමගින් රැදී සිටින්න.

BSc (Hons) in Physiotherapy
Physio Connect
L.C.K. Thilakarathna
SLMC Reg no: 1647
☎️ 0765704886
📍Physiotherapy treatments and homevisits in Colombo- Maharagama
https://maps.app.goo.gl/MBJLF6nRZbS688GT8?g_st=ic

12/02/2025

Say goodbye to office syndrome with these simple stretches! 🖥️✨

Did you know sitting for long periods, especially with poor posture, can lead to back pain, neck pain, headaches, and even digestive issues? 😣

Good posture isn’t just about looking confident,it can improve breathing, balance, energy, and overall health! 🪑✨

Simple changes like sitting correctly, regular stretching, and movement breaks can make a big difference. 💪

Take control of your posture and feel better every day!

Stay pain-free and energized at work.

Need personalized advice?

Call now for a FREE consultation
☎️ 0765704886

12/02/2025

💻 Proper Keyboard Placement for Wrist Health!

To avoid wrist strain, make sure your keyboard is at elbow level with your wrists straightand relaxed.

Keep your forearms parallel to the floor, and your hands slightly floating above the keys. This simple adjustment can prevent discomfort and keep your muscles happy! ✨

For a free Consultation ☎️
0765704886


10/02/2025
09/02/2025

භෞතචිකිත්සක පුනරුත්ථාපනය Physiotherapy Rehabilitation

භෞතචිකිත්සක පුනරුත්ථාපනය (Physiotherapy Rehabilitation) යනු ශරීරයේ අක්‍රිය වී ගිය හෝ නිසිලෙස ක්‍රියා නොකරන චලනයක්, භෞතික ක්‍රියාවක් හෝ ජීවන තත්ත්වයක් නැවත ලබාදීම (Restore), පවත්වා ගැනීම (Maintain) සහ වැඩිදියුණු කිරීම (Enhance) සඳහා භෞතචිකිත්සකයන් විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිකාර ක්‍රමවේදයකි.

මෙම ප්‍රතිකාර ක්‍රියාවලිය සාමාන්‍යයෙන්,
✅ අනතුරුවලට ලක්වී ශරීර හානිවීම් ඇති වූ පුද්ගලයින්,
✅ අසනීප තත්ත්වයන් නිසා ශරීර ක්‍රියාවන් බාධාවට පත්වූ පුද්ගලයින්,
✅ ආබාධ සහිත පුද්ගලයින්,
✅ වයස්ගත පුද්ගලයින් සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

මෙම ප්‍රතිකාර ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ එයට විශේෂිත පුහුණුව සහ දැනුම ලැබූ පළපුරුදු භෞතචිකිත්සකයන් විසිනි.

✅ භෞතචිකිත්සක පුනරුත්ථාපනයේ අරමුණු:
🔹 වේදනාව පාලනය කිරීම – කෙටි හෝ දිගු කාලීනව පවතින වේදනාව පාලනය කිරීම
🔹චල්‍යතාවය නැවත ලබාදීම– සන්ධි තදබදය සහ දුර්වලතාවය අඩු කර ශරීර චලනය වැඩිදියුණු කිරීම
🔹 මාංශපේශි ශක්තිය වර්ධනය කිරීම – ශරීරයේ ශක්තිය සහ ඉවසිලි ශක්තිය වැඩිදියුණු කිරීම
🔹එදිනෙදා ක්‍රියාකාරීත්වය පහසු කිරීම– ඇවිදීම, ක්‍රීඩා, කාර්ය සාධනය ඇතුළු හැකියාවන් වැඩිදියුණු කිරීම
🔹නැවත ආබාධ ඇතිවීම වැළැක්වීම– ඉදිරියේදී රෝගී තත්ත්ව හෝ ආබාධ නැවත ඇතිවීම අවම කිරීම
🔹අනුවර්තනය සහ උදව් කිරීම – සම්පූර්ණ සුවයක් ලබා ගත නොහැකි තත්ත්වයන්ට මුහුණ දිය හැකි අයුරින් ජීවිතය හොඳින් ගත කිරීමට උපකාරී වීම

✅ භාවිතා කරන ප්‍රතිකාර ක්‍රම:
🔸 ව්‍යායාම චිකිත්සාව
🔸 Manual Therapy– අතුරුපිළිවෙල සහ පියවර මත පදනම් වූ ආධුනික ප්‍රතිකාර
🔸 විද්‍යුත් චිකිත්සාව (Ultrasound, TENS, LASER)
🔸 අධ්‍යාපනය සහ උපදෙස් ලබාදීම– ඉරියව්, ශරීර තත්ත්වය, අනතුරු වළක්වා ගැනීම
🔸 ජල චිකිත්සාව (Hydrotherapy) – ජලය තුළ සිදුකරන ප්‍රතිකාර
🔸ආධාරක උපකරණ භාවිතය– Walker, Wheelchair, Braces ආදී උපකරණ

✅ ප්‍රතිකාර ලබාගත හැකි තත්ත්ව:

✅ අස්ථි සහ මාංශපේශි ආබාධ– අස්ථි බිදීම්, තැලීම්, ශල්‍යකර්ම පසු ප්‍රතිකාර
✅ ස්නායු ආබාධ– අංශභාගය, ශුෂුම්නා ආබාධ, පාකින්සන්, මුහුණේ පේශි අක්‍රිය වීම
✅ කල්ගත වූ වේදනා– ආතරයිටිස්, සයටිකා, කොන්දේ වේදනාව
✅ ක්‍රීඩා අනතුරු– ක්‍රීඩකයන්ට සිදුවන ශරීර හානි සහ පසුව ඇතිවන ප්‍රතිලාභ
✅ හුස්ම ගැනීමේ අපහසුතා– ශ්වසන පද්ධතියේ දුර්වලතාවය සහ අනෙකුත් හුස්ම ගැනීමේ ගැටලු

තවදුරටත් වේදනාවෙන් පීඩාවට පත්වී නොසිටින්න!
ඔබේ ශරීරය සුව කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

☎️ අප අමතන්න: 0765704886

09/02/2025

Suffering from Back Pain? We’ve Got You Covered!

Possible Causes of Back Pain:
✔ Spinal Degeneration
✔ Herniated Disc
✔ Poor Posture
✔ Wedge Fractures

We offer specialized treatments designed to relieve pain and restore function.

Our Services:
🔹 Expert Consultation & Assessment
🔹 Advanced Electrotherapy Treatments
🔹 Hands-on Manual Therapy
🔹 Customized Exercise Plans
🔹 Tailored Home Care Programs

📞 Get in Touch with Us Today!
0765704886

09/02/2025

Physiotherapy Wonders ✨

Unlocking the Power of Movement!

🟢 Pain Relief – Reduces chronic and acute pain naturally

🔵 Improved Mobility – Restores movement and flexibility

🟠 Injury Prevention – Strengthens muscles & joints to prevent future injuries

🟡 Post-Surgical Rehab – Aids faster & safer recovery

🟣 Neurological Rehab – Supports stroke & Parkinson’s recovery

🟤 Posture Correction – Prevents strain & improves alignment

⚪ Holistic Wellness – Enhances overall health & quality of life

💡 Move Better. Feel Better. Live Better.

Call us for a free consultation
0765704886

Address

Maharagama
Colombo
10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Physiotherapy treatments in Colombo and home visits posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram