Doc On The Tap

Doc On The Tap Sri Lankan born Neuroscientist mom in Australia, on a mission to educate you about your WATER

Join with us to transform your health for a better tomorrow!

DM us to learn more!

07/04/2026

Let them get messy. Let them feel the rain. Let them be kids 🌧️💛

Puddles: 1
Clean clothes: 0 😅
But childhood… 100.

He won’t remember the clean clothes…
but he’ll remember the freedom. The laughter. The way the rain felt on his skin.

Not everything needs a “no.”
Sometimes, it’s okay to just pause and say… go ahead.

Because one day, the puddles will dry…
and these little moments will quietly become memories.

So if it doesn’t hurt anyone — including them —
let them live a little, get a little dirty, and feel a whole lot of joy 💛

31/03/2026

This wasn’t about a quick fix.

And it definitely wasn’t about a “cure.”

What I experienced was something much deeper…

Over time, I focused on supporting my body instead of fighting symptoms.

And slowly, things began to shift.

My system felt more balanced.
My body felt more responsive.
And everything started functioning the way it’s meant to.

For me, electrolyzed reduced water became part of that support system.

Not to override my body…

But to help it return closer to its baseline.

Because when your body is supported properly, it knows what to do.

This was my experience 🤍

27/03/2026

When I got pregnant the third time…

I was honestly expecting the same story.

But this time…

I didn’t have gestational diabetes.

And that was a huge moment for me.

Because nothing about pregnancy had changed—

But something in my body had.

Over time, I started focusing on supporting my system… not just managing symptoms.

And one of the key things I introduced consistently was electrolyzed reduced water.

Now let me be clear—

This didn’t “cure” anything.

But what I experienced was this:

My body started functioning the way it’s supposed to.

Because gestational diabetes isn’t just about sugar…

It’s about how your body responds to it.

And during pregnancy, your body has to constantly adjust insulin based on what the placenta needs.

For me, it felt like my system was finally able to regulate, adapt, and respond better.

And that made all the difference.

25/03/2026

No one really prepares you for what comes after a gestational diabetes diagnosis…

For me, my first pregnancy became all about managing it.

Every single day.

Checking my blood sugar.
Planning every meal.
Second-guessing everything I ate.

Even the “healthy” choices didn’t always make sense.

Some days the numbers were fine…
Other days, they weren’t.

And I couldn’t understand why.

It felt like I had no control over my own body.

And that was the hardest part.

Not just physically… but mentally.

Because you’re trying to do everything right—for your baby.

But your body isn’t responding the way you expect it to.

I went through my entire first pregnancy like this…

And just when I thought I was done with it—

I got diagnosed again in my second pregnancy.

24/03/2026

During my first pregnancy, I was diagnosed with gestational diabetes (GD).

I remember feeling confused… and honestly, a little scared.

Because no one really explains it properly.

So here’s the simple version 👇

Gestational diabetes is when your blood sugar levels become higher than normal during pregnancy.

It usually gets picked up through a glucose test around 24–28 weeks.

You drink a very sugary drink 🍹 and then your blood sugar is measured to see how your body handles it.

If your body can’t regulate that sugar properly, you’re diagnosed with GD.

And here’s the thing…

It doesn’t mean you did something wrong.

It’s about how your body is responding during pregnancy.

For me, it was the beginning of really understanding my body on a deeper level.

Then the story continues…….

15/03/2026

Baby no:3 on the way…

But this was the first pregnancy announcement I got to share with my best friend in person instead of over the phone from Australia.

Her reaction says everything. 🥹🤍

A moment I’ll never forget.


❤️

🔴 පොතු කබර ඇත්තටම හමේ රෝගයක් විතරයි කියලද හිතන්නේ? පොතු කබර වගේ රෝග තත්වයක් ඇති බහුතරයක් පුද්ගලයින් වරින් වර නොයෙක් ආකාර...
21/02/2026

🔴 පොතු කබර ඇත්තටම හමේ රෝගයක් විතරයි කියලද හිතන්නේ?

පොතු කබර වගේ රෝග තත්වයක් ඇති බහුතරයක් පුද්ගලයින් වරින් වර නොයෙක් ආකාරයේ ක්‍රීම් වර්ග, ආලේපන සහ වෛද්‍යවරු මාරු කරමින් එයට විසඳුම් සොයන්න පෙළබෙනව. මේ සියලුම දේවල් වලින් බොහෝ දුරට තාවකාලික විසඳුමක් ලැබුනත් එම තත්වයන් නැවත නැවත කාලෙන් කාලෙට මතුවෙනව ගොඩක් අවස්තාවල.

එහෙම වෙන්නේ ඇයි කියල කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්. ඒ කියන්නෙ මේ ලෙඩෙන් හෙම්බත් වුණ පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් ඇයි මම මේකට මෙච්චර බෙහෙත් කරලත් අඩුවක් නැත්තේ? එහෙමත් නැත්නම් කොහොමද මම මේක නිට්ටාවටම සනීප කරගන්නේ? කියල. විශේෂයෙන් කාන්තාවකට, තරුණ ගැහැණු ළමයෙකුට මේක මානසික ප්‍රශ්නයක් බවට පත් වෙන්නත් පුළුවන් කාලයත් එක්ක. කුරුලෑ වලින් වසර ගණනාවක් පීඩා විඳපු පුද්ගලයෙක් විදියට මම ඒ මානසික පීඩනය පෞද්ගලිකව අත් විඳල තියෙනව.

📍ඕගොල්ලන්ගෙ හිතේ තියෙන මේ ප්‍රශ්නයට කෙටි පිලිතුර තමයි “පොතු කබර ඇතුලු අනෙකුත් සමේ රෝග ඇත්තටම සමෙන් ආරම්භ නොවෙන්න පුලුවන්”. එතකොට අපි කොච්චර සමට බෙහෙත් කලත් රෝග මූලයට ඒක විසඳුමක් වෙන්නේ නෑ.

ඉතින් ඒ නිසා අපි අද මේ පොතු කබර නමින් සමේ රෝගයක් කියල අපි හිතාගෙන ඉන්න රෝගය ගැන හරියටම විද්‍යාත්මක මූලාශ්‍ර ඇසුරෙන් දැනගමු.

කලින් ලිපියෙන් කිව්වට මේ සතියෙ දියවැඩියාව ගැන කතා කරමු කියල, කීප දෙනෙක්ගේ ඉල්ලීම මත මම හිතුව අද මේ පොතු කබර කියන තත්වය ගැන කතා කලොත් හොඳයි කියල. මේ කතාවෙන් පස්සෙ පොරොන්දු වුණ විදියට අපි දියවැඩියාව ගැන කතා කරමු.

🔺පොතු කබර වල විද්‍යාත්මක නිර්වචනය තමයි:

එය නිධන්ගත, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ-පද්ධතිය මැදිහත් වූ inflammatory එහෙමත් නැත්නම් ශරීර අභ්‍යන්තරයේ ඉදිමුමක් ඇති කරන රෝගයක් [1, 2, 3, 4]. එහි සම පාධක කොටගෙන පෙන්නුම් කරන රෝග ලක්ෂණ, එහි දෘශ්‍යමාණ ප්‍රතිඵලය පමණක් වන අතර රෝගයේ මූල් බීජය නොවේ. මෙහිදී මූලිකවම ශරීර අභ්‍යන්තරයේ සිදුවන දෙය කෙටියෙන්ම මෙහෙම කියන්න පුළුවන්.

💥ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදි සංඥාවක් නිකුත් කරනව. ඒ වැරදි සංඥාව නිසා සමේ සෛල ඉතා වේගයෙන් වර්ධනය වෙනව.

🔺මූලික ජීව විද්‍යත්මක පැහැදිලි කිරීමක් මම මෙහෙම කරන්නම්.

සාමාන්‍යයෙන් අපේ සමේ සෛල දින 28කට වරක් අලුත් වෙනව. නමුත් පොතු කබර තත්වයේදි ප්‍රතිශක්තීකරණය අනවශ්‍ය ලෙස සක්‍රිය වීම නිසා සමේ සෛල අලුත් වීමට ගතවෙන්නේ දින 3ත් - 7ත් අතර කාලයක් පමණයි.

මෙලෙස ඉතා වේගවත්ව ප්‍රතිනිර්මාණය වන සමේ සෛල එක් රැස් වීම නිසා පොතු වශයෙන් එය ගැලවී යාමට පටන් ගන්නව. මෙන්න මේක තමයි අපි පොතු කබර ලෙස හඳුන්වන්නේ.

🔺මේ සඳහා මැදිහත්වන ප්‍රධාන ප්‍රතිශ්ක්තීකරණ කාණ්ඩයන් වෙන්නේ,

• T - සෛල සහ
• සයිටොකයින් කියන ප්‍රෝටීන (මේ කියන්නෙ ප්‍රතිශක්තිකරණ සහ අනෙකුත් සෛල මගින් ප්‍රතිශක්තිය, දැවිල්ල (inflammation) සහ රුධිර සෛල නිෂ්පාදනය නියාමනය කිරීම සඳහා මුදා හරින කුඩා සංඥා ප්‍රෝටීනයක්) [1].

🔺එතකොට මේක සමේ ගැටලුවක් විතරක් නෙමෙයි කියල මම කිව්වා ඇයි? මේක මම කොටස් දෙකකින් පැහැදිලි කරන්නම්.

1. ප්‍රතිශක්තිකරණ අක්‍රමිකතාව (immune dysregulation) පද්ධතිමය වශයෙන් තමයි ආරම්භ වෙන්නෙ.

ප්‍රතිශක්තිකරණ අක්‍රමිකතාව බොහෝ විට ආරම්භ වන්නේ හෝ ප්‍රකාශ වන්නේ මුලින් තනි ඉන්ද්‍රියයකට සීමා නොවී පද්ධතිමය තත්වයක් ආකාරයට. එයට ශරීරයේ ප්‍රතිශක්තිකරණ හෝමියස්ටැසිස් (immune homeostasis) හි බිඳවැටීමක් ඇතුළත් වන අතර එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රිය වීමට (Immune system malfunction), බහු පටක (multiple cellsa) වලට බලපෑම් කිරීමට සහ පුළුල්, බොහෝ විට විවිධාකාර රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වෙනව.

2. මේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ඉදිමුම/දැවිල්ල (inflammation) දෘශ්‍යමාන වන ස්ථානය සමයි.

අපේ සම ඇත්තටම හුදකලා වුන අවයවයක් නෙමෙයි. ඒක ශරීර අභ්‍යන්තරයේ ගැටලු මතුපිටට පෙන්වන් කැඩපතක් එහෙමත් නැත්නම් කැන්වස් එකක් ලෙස ක්‍රියා කරනව.

🔺එතකොට මොනවද මේ පොතු කබර ආශ්‍රිතව පැන නගින අනෙකුත් ගැටළුකාරී තත්වයන්? ඒව තමයි [5, 6, 7, 8]

• සොරියාටික් ආතරයිටිස් (Psoriatic arthritis)
• පරිවෘත්තීය සින්ඩ්‍රෝමය (Metabolic syndrome)
• හෘද වාහිනී රෝග (Cardiovascular disease)
• ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin resistance)

🔺දැන් අපි බලමු මේ තත්වයේ ප්‍රේරක මොනවද කියල (ප්‍රේරක කියන්නේ මූලිකව හේතු වන දේවල් නෙමෙයි. ප්‍රේරක කියන්නේ දැනටමත් සංවේධී ප්‍රතිශක්තීකරණ පද්ධතිය සක්‍රිය කරන් දේවල්)

• ආතතිය
• ආසාදන
• සමහර ඖෂධ
• දුම්පානය
• තරබාරුකම (obesity)
• නිදන්ගත දැවිල්ල (chronic inflammation)

🔺ඉතින් ඔන්න ඊලඟට එන ප්‍රශ්නෙ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පොතු කබර වගේ සමේ රෝග ආරම්භ වෙනවනම්, ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ සමතුලිතතාවයට බලපාන්නේ මොකක්ද කියන එක?

ඒ ගැන අපි ඊලඟ දවසෙ කතා කරමු!

~ මේ, විද්‍යාවත්, ස්වභාවධර්මයත්, ඔබත් අතර පරතරය නැතිකරන තෝතැන්න. ~

අද සටහනට අදාල විද්‍යාත්මක මූලාශ්‍ර:

1. https://www.annualreviews.org/content/journals/10.1146/annurev-immunol-032713-120225 (Immunology of Psoriasis)
2. https://link.springer.com/article/10.1007/s12016-024-08991-7 (The Immunology of Psoriasis--Current Concepts in Pathogenesis)
3. https://www.thelancet.com/journals/lancet/article/PIIS0140673607611283/abstract (Pathogenesis and Clinical Features of Psoriasis)
4. https://www.psoriasis.org/about-psoriasis/ (National Psoriasis Foundation)
5. https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(18)30949-8/abstract (Clinical Management of Psoriatic Arthritis)
6. https://jamanetwork.com/journals/jamadermatology/article-abstract/2787961 (Psoriasis and Cardiovascular Disease- An Ounce of Prevention Is Worth a Pound of Cure)
7. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC4429992/ (Psoriasis and Metabolic Syndrome)
8. https://academic.oup.com/bjd/article-abstract/191/4/486/7670779 (Insulin Resistance and Psoriasis)

මම කැම්පස් යන කාලෙ වුණ අමතක නොවන සිදුවීමක් ගැන කියලම අද කතාව පටන් ගන්න හිතුන. මේ වගේ අත්දැකීම් ඕගොල්ලන්ටත් තියෙනවනම් මාත...
06/02/2026

මම කැම්පස් යන කාලෙ වුණ අමතක නොවන සිදුවීමක් ගැන කියලම අද කතාව පටන් ගන්න හිතුන. මේ වගේ අත්දැකීම් ඕගොල්ලන්ටත් තියෙනවනම් මාත් එක්ක බෙදාගන්න.

ඒ දවස් වල විභාගෙ කාලෙ. දන්නවනෙ ඉතින්, අපි එදිනෙදා වැඩ එදිනෙදාම කරන නිසා විභාගෙට පාඩම් කරන්න නිවාඩු ලැබෙන කාලෙට කරන්න වැඩ කිසිම දෙයක් නැතුව, කකා බිබී නිදාගන්න එක තමයි කරන්නෙ.

ඇත්ත කියල හිතුවද? 🫣

ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඇත්තටම මම මේ කියන සිද්ධිය වුණ දවසෙ සහ ඊට කලින් දවසෙත් මට මතක විදියට කෑම එක්ක තරහ වෙලා පොත් එක්ක විතරක් යාලු වෙලා හිටිය දවස් කීපයක්. උදේ ඉඳන් මට වමනෙ යනව. එකපාරටම මට සිහියත් නැති වුණා. අන්තිමට අම්මලට සිද්ධවුණා මාව හදිසි අනතුරු අංශයට (emergancy) එක්කන් යන්න. ඒ ගියාම මට ඉන්ජෙක්ෂන් එකක් ගහල තමයි සිහිය අරන් තියෙන්නේ.

🔺මේ සිද්ධිය මට ජීවිතේට අමතක නොවෙන්න ලොකුම හේතුව තමයි, මගේ ජීවිත කාලෙටම මට සිහිය නැති වුණේ මේ දවසෙ විතරයි. දැනට මම බබාල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්, නමුත් දරු ප්‍රසූතියකදිවත් මට සිහිය නැති කරල හෝ නැතිවෙලා නෑ.

🔴මේ සිදුවීමට මුල් වුණ කාරනය තමයි අද කතාවේ මාතෘකාව; ගැස්ට්‍රයිටිස්!

🔺මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ? කෙටියෙන්ම කියනවනම් ගැස්ට්‍රයිටිස් කියන්නේ ආමාශයේ ශ්ලේෂ්මල පටලයේ ඇතිවන දැවිල්ල. මොකක්ද එතකොට ශ්ලේෂ්මල පටලය කියන්නේ? ශ්ලේෂ්මල පටලය කියන්නේ අපේ ආමාශ බිත්තියේ තියෙන අභ්‍යන්තරම ස්ථරය. එය ඉතාම තීරණාත්මක, ස්වයං-ජනනය වන බාධකයක් (self-regenerating barrier) ලෙස ක්‍රියාකරනව.

ගැස්ට්‍රයිටිස් කියන තත්වය හදිසි හෝ නිධන්ගත තත්වයක් විය හැකියි. විශේෂයෙන් නිදන්ගත ගැස්ට්‍රයිටිස් හුදෙක් තාවකාලික රෝග ලක්ෂණයක් නොව, තවදුරටත් බරපතල රෝග වලට තුඩු දිය හැකි ව්‍යුහාත්මක හානි තත්වයක් බවට පත් වෙන්න පුළුවන් [1, 2].

🔺මේ වගේ තත්වයකදි ඇත්තටම අපේ ආමාශය ඇතුලෙ මොකද වෙන්නෙ කියල දැන් බලමු.

ආමාශයේ ශ්ලේෂ්මල පටලයේ කාර්යබාරය තමයි අම්ල හා එන්සයිම වලින් ආමාශය ආරක්ෂා කිරීම. ගැස්ට්‍රයිටිස් වලදි මුලින්ම වෙන්නෙ ඒ ආරක්ෂිත ශ්ලේෂ්මල තරලය දුර්වල වෙන එක. එතකොට ඒ අම්ල, ශ්ලේෂ්මල පටලය කුපිත (irritate) කරනව. ඒ නිසා ඔන්න ආමාශයේ දැවිල්ලක් ඇතිවෙන්න පටන්ගන්නව.

මේ ගැස්ට්‍රයිටිස් ආකාර දෙකක් ගැන අපිට කතාකරන්න පුළුවන්. ඒ තමයි
• උග්‍ර ගැස්ට්‍රයිටිස් (accute gastritis): බොහෝ විට කෙටිකාලීනව ඇතිවන දැවිල්ල, සහ
• නිධන්ගත ගැස්ට්‍රයිටිස් (chronic gastritis): ආමාශයේ ශ්ලේෂ්මල පටලයේ දීර්ඝකාලීනව සිදුවන සෛලීය වෙනස්කම් නිසා සිදුවන ආසාදන [3, 4, 5].


🔺දැන් බලමු මේ ශ්ලේෂ්මල පටලයේ ඇතිවන දැවිල්ල ඇතිවෙන්න හේතු වෙන්නෙ මොනවගේ කාරණාද කියන එක [6].

• හෙලිකොබැක්ටර් පයිලෝරි ආසාදනය (Helicobacter pylori infection) → ආමාශයේ අම්ලයට ඔරොත්තු දෙන නමුත් ශ්ලේෂ්මල පටලයට හානි කරන බැක්ටීරියා.
• වේදනා නාශක → ආරක්ෂිත ශ්ලේෂ්මල තරලය අඩු කරයි.
අතිරික්ත අම්ලය හෝ පිත පරාවර්තනය (bile reflux) → කෝපය (irritation)
• ජීවන රටාව/ ආතතිය → නිදන්ගත ආතතිය/ දැවිල්ල උග්‍ර කළ හැකිය.
• මත්පැන් සහ දුම්පානය → කුපිත කරන්නන් (irritants)

⚠️බොහෝ අවස්ථාවලදී ගැස්ට්‍රයිටිස් තත්වයන් වළක්වාගතහැකි අතර කලින් ප්‍රතිකාර කලහොත් බරපතල තත්වයක් බවට පත්වීමද නවතාගත්හැකිය.

🔺එතකොට මේ හේතු කාරණා නිසා ඇතිවන ශ්ලේෂ්මල පටලයේ දැවිල්ලට කොහොමද අපේ ශරීරය ප්‍රතිචාර දක්වන්නේ කියල දැන් බලමු [1, 2, 7].

• ආමාශයේ ශ්ලේෂ්මල පටලයේ රතු පැහැය සහ ඉදිමීම - ශ්ලේෂ්මල පටලයේ ක්ෂුද්‍ර වෙනස්කම් ඇතිවේ
• වේදනාව/ දැවෙන සංවේදනය - රෝග ලක්ෂණ ආකාරයේන් දැනෙන දේවල් තමයි ඉහළ මැද උදරයේ වේදනාව. බොහෝ විට epigastric කලාපය ලෙස හැඳින්වේ (පියයුරු අස්ථියට පහළින්).
• ශ්ලේෂ්මල පටලයේ දැවිල්ලට හේතුවන දෙය ඉවත් කිරීමෙන් ආමාශ ආශ්‍රිත පටලය ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත් විය හැක
නිදන්ගත දැවිල්ල(chronic inflammation) ශ්ලේෂ්මල පටල ක්ෂය වීමට හේතු විය හැක → සමහර විට වණ(ulcers) හෝ ක්‍රියාකාරී ගැටළු ඇතිවිය හැකිය

⭕️සෛලීය මට්ටමෙන් මේ සියලුම දේවල් ඉතාම කෙටියෙන් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්:

ශරීරයේ හදිසි ප්‍රතිචාර දක්වන්නන් ලෙස ප්‍රතිශක්තිකරණ සෛල (immune cells) ගැන සිතන්න. ආමාශයේ ශ්ලේෂ්මල පටලය කෝපයට පත් වූ විට (irritated), ඒවා උපකාර ඉල්ලා සිටින රසායනික සංඥා (සයිටොකයින්) නිකුත් කරයි. මෙය තාවකාලික රතු පැහැය, ඉදිමීම සහ වේදනාව ඇති කරනව. මේ ක්‍රයාදාමය හරියට අපේ ආමාශය තුළ ඇති කුඩා ඉදිකිරීම් කලාපයක් (construction zone 🏗️) හානි අලුත්වැඩියා කිරීමට ක්‍රියා කරනව වගේ හිතන්න පුළුවන්.

🔺ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කියල හිතනව, මොකද බහුතරයකට මේක අඩු වැඩි වශයෙන් තියෙන නිසා. නමුත් අද ලිපිය සම්පූර්ණ වෙන්න ඒ ගැනත් කතා කරන්න ඕනෙ කියල හිතෙන නිසා පොඩි සඳහනක් තියන්නම්.

• උදරයේ ඉහළ වේදනාව/ දැවීම
• ඔක්කාරය
• බඩ පුරවාදැමීම (bloating)
• ආහාර රුචිය නැතිවීම
• නිදන්ගත අවස්ථාවන්හිදී බොහෝ විට රෝග ලක්ෂණ නිහඬයි

⚠️සෑම බඩේ වේදනාවක්ම ගැස්ට්‍රයිටිස් නොවන බවත් අවධාරනයෙන් කියන්න ඕනෙ!

ඕක තමයි ඉතින් ගැස්ට්‍රිටිස් වල කතාව බොහොම කෙටියෙන්. මම හිතන විදියට මේක ඉතා බහුලව තියෙන තත්වයක් වුණාට ගොඩක් දෙනා ලේසියට බෙහෙත් පෙත්තක් බීල ඒ වෙලාවට අමතක කරන්න උත්සහ කරන දෙයක්. නමුත් අපේ life style එකේ සුළු සුළු වෙනස් කම් වලින් පමණක් වුණත් වෙනස් කරන්න පුළුවන් තත්වයක් කියල නවීන විද්‍යත්මක තොරතුරු අනුව නිගමනය කරන්න පුළුවන්.

අපි ලබන සතියෙ තවත් මේ වගේම බහුලව අහන්න ලැබෙන දියවැඩියාව ගැන කතා කරමු.

~ මේ, විද්‍යාවත්, ස්වභාවධර්මයත්, ඔබත් අතර පරතරය නැතිකරන තෝතැන්න. ~

අද සටහනට අදාල විද්‍යාත්මක මූලාශ්‍ර:

1. https://www.nature.com/articles/nrgastro.2015.37 (Nanomedicines in gastroenterology and hepatology)
2. https://www.nature.com/articles/nrgastro.2009.195 (Stem cells in gastroenterology and hepatology)
3. https://link.springer.com/article/10.1007/s11938-020-00298-8
4. https://www.tandfonline.com/doi/full/10.3109/00365521.2015.1019918
5. https://onlinelibrary.wiley.com/doi/book/10.1002/9781119959762 (Essentials of Gastroenterology)
6. The Lancet Gastroenterology and Hepatology
7. https://books.google.lk/books?hl=en&lr=&id=XLWKssM4tFgC&oi=fnd&pg=PA28&dq=Clinical+gastroenterology+textbooks&ots=Yi8cySzzRX&sig=HK1tHTT7gK_PAsXhFgDDp9Ow5mI&redir_esc=y =onepage&q=Clinical%20gastroenterology%20textbooks&f=false (Clinical Gastroenterology and Hepatology)

Change doesn’t start with motivation.It starts with a tiny habit that rewires your brain.One choice. Repeated daily.That...
28/01/2026

Change doesn’t start with motivation.

It starts with a tiny habit that rewires your brain.

One choice. Repeated daily.

That’s how your best self is built — from the inside out 🧠

Dementia is not just forgetfulness – it’s a complex change happening inside your brain’s cells ඩිමෙන්ශියා යනු අමතකවීම පම...
26/01/2026

Dementia is not just forgetfulness – it’s a complex change happening inside your brain’s cells

ඩිමෙන්ශියා යනු අමතකවීම පමණක් නොවේ - එය ඔබේ මොළයේ සෛල තුළ සිදුවන සංකීර්ණ වෙනසක්!

🔴ඩිමෙන්ශියා සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛණ කිහිපයක් ගැන සඳහන් කරලම අද කතාව අපි පටන් ගමු.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව [1]:
🔺 2021 වසරේ ලොව පුරා පුද්ගලයින් මිලියල 57ක ප්‍රමාණක් මේ ඩිමෙන්ෂියා කියන තත්වයට ගොදුරු වෙලා තියෙනව. එයින් 60% ක් පමණ වර්තා වෙලා තියෙන්නෙ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවලින්.
🔺 සෑම වසරකම ලෝකය පුරා සාමාන්‍යයෙන් මිලියන 10කට ආසන්න නව රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනව.
🔺 ඩිමෙන්ශියා වර්තමානයේ මරණ සඳහා බලපාන ප්‍රධානතම හේතු අතර හත්වන ස්ථානයේ පසුවන අතර ගෝලීය වශයෙන් වැඩිහිටි පුද්ගලයින් අතර ආබාධිතභාවය සහ යැපීමට ප්‍රධාන හේතුවක් වේ.

🔴 මොකක්ද ඉතින් ඇත්තටම මේ ඩිමෙන්ශියා කියන්නේ?

ඩිමෙන්ශියා කියන්නෙ සින්ඩ්‍රොම් එකක් කියල අපි කියනව. ඒකත් අපි කලින් කතාකරපු පිළිකා වගේම තනි රෝගයක් නෙමෙයි. ඩිමෙන්ශියා විවිධ කාණ්ඩ වලට වර්ගීකරණය කරන්න පුලුවන්. උදාහරණයක් විදියට ඇල්සයිමර් රෝගය, ලෙවී ශරීර සහිත ඩිමෙන්ශියා (dementia with Lewy bodies), මොළයේ ඉදිරිපස සෛල හානි වීමෙන් ඇතිවන ඩිමෙන්ෂියාව (frontotemporal dementia) ආදී ලෙස [2].

🔴 එතකොට මොනවද ඩිමෙන්ෂියා වල රෝග ලක්ෂණ?

ප්‍රධාන වශයෙන් ඩිමෙන්ෂියා වලදි මතකය, සිතීම, දෛනික ක්‍රියාකාරකම් සහ හැසිරීම වගේ දේවල් කාලයත් සමග අඩපණ වෙනව (progressive decline).

මුල් කාලයේ එන්න පුලුවන් රෝග ලක්ෂණ ලැයිසිතුගත කරනවනම්;
• දේවල් හෝ මෑත කාලීන සිදුවීම් අමතක වීම
• දේවල් නැතිවීම හෝ අස්ථානගත වීම
• ඇවිදින විට හෝ රිය පදවන විට අතරමං වීම
• හුරුපුරුදු ස්ථානවල පවා ව්‍යාකූල වීම
• කාලය පිළිබඳ අවබෝධය නැති වීම
• ගැටළු විසඳීමේ හෝ තීරණ ගැනීමේ දුෂ්කරතා
• සංවාදවලින් පසු ගැටළු හෝ වචන සොයා ගැනීමේ ගැටළු
• හුරුපුරුදු කාර්යයන් ඉටු කිරීමේ දුෂ්කරතා
• දෘශ්‍යමය වශයෙන් වස්තූන්ට ඇති දුර වැරදි ලෙස විනිශ්චය කිරීම

ඩිමෙන්ශියා එක් එක් පුද්ගලයාට වෙනස් ආකාරයකින් බලපාන අතර එය මූලික වන හේතුව, අනෙකුත් සෞඛ්‍ය තත්වයන් සහ රෝගාතුර වීමට පෙර පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය මත රඳා පවතිනව. [1].

🔴 අපි දැන් කතාකරමු වැදගත්ම දේ. ඒ තමයි, රෝග ලක්ෂණ මතුවෙන්න කලින් ඉඳන්ම කොහොමද මොළය තුල වෙනස්කම් වෙන්න පටන්ගන්නේ කියන එක.

ඩිමෙන්ශියා රෝගයේ සායනික රෝග ලක්ෂණ (clinical symptoms) මතුවීමට වසර 10 සිට 30 දක්වා කාලය තුළ මොළය සැලකිය යුතු, නිහඬ සහ ප්‍රගතිශීලී වෙනස්කම් වලට භාජනය වන බව ස්නායු විද්‍යා පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනව. ඒ අනුව ඩිමෙන්ශියා වලදි අපේ මොළයේ ඇතුලත මෙන්න මේ දේවල් තමයි සිද්ධවෙන්නේ [3,4].

1. මොළයේ ස්නායු සෛල වල ක්‍රියාකාරිත්වය නැති වෙලා ඒවා මිය යනව
2. ස්නායු සෛල එකිනෙක සන්නිවේදනය කරන එහෙමත් නැත්නම් ස්නායු සෛල වල පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ (synaptic connection) ක්‍රියාකාරීත්වය දුර්වල වෙනව.
3. ඒ නිසා ව්‍යාධිජනක ප්‍රෝටීන (pathological proteins such as Amyloid-beta plaques, Tau tangles) එක් රැස් වීමක් (accumulation) සිදුවෙනව. ඒක හරියට අපි දත්මදින්නේ නැතුව ටික දවසක් හිටියම දත් වල අර කහට බැඳෙනව වගේ දෙයක්, ස්නායු මට්ටමෙන් සිදුවීමක් කියල පැහැදිලි කරන්න පුලුවන්.
4. මේ වගේ මොළයේ ස්නායු වලට විවිධ මට්ටමෙන් හානි සිදු වුණාම, මොළයට අවශ්‍ය රුධිර සැපයුම අඩාල වෙනව. ඒ නිසා ස්නායු වල ඔක්සිජන් සහ වෙනත් පෝෂක වල ඌණතාවයක් ඇතිවෙනව.

මෙන්න මේ වගේ දේවල් වෙලා ඒවයේ ප්‍රථිපලයක් විදියට තමයි සායනික රෝග ලක්ෂණ (clinical symptoms) මතුවෙන්නේ. ඩිමෙන්ශියා වැළඳීමේ අවදානම වැඩි කරන දේවල් අතරට පහත දේවල් විශේෂයෙන් සඳහන් කරන්න පුලුවන් [1].

• වයස (අවුරුදු 65 හෝ ඊට වැඩි අය තුළ බහුලව දක්නට ලැබේ)
• අධික රුධිර පීඩනය (hypertension)
• අධික රුධිර සීනි මට්ටම (diabetes)
• අධික බර හෝ තරබාරු බව (obesity)
• දුම්පානය (smoking)
• අධික ලෙස මත්පැන් පානය කිරීම (too much alchohol consumption)
• ශාරීරිකව අක්‍රිය වීම (physical inactivity)
• සමාජීය වශයෙන් හුදකලා වීම (social isolation)
• මානසික අවපීඩනය (depression)

🔴 දැන් අපි යමු වැදගත්ම අවසාන ප්‍රශ්නෙට. ඩිමෙන්ෂියා වලට බෙහෙත් තියෙනවද?

නෑ, ඩිමෙන්ශියා වලට විවිධ හේතු පාදක වන නිසා, දැනට ඒ සඳහා ප්‍රතිකාරයක් නෑ. නමුත් භෞතචිකිත්සා වැනි විවිධ ප්‍රතිකාර ක්‍රම මගින් රෝග කළමනාකරණය කිරීම හා රෝග පැතිරීමේ වේගය අඩාල කරගන්න පුලුවන්.

නවීන ස්නායු විද්‍යාව අනුව හොයාගෙන තියෙන කරුණු තමයි,
මොළයේ ස්නායු වලට ඇති අනුගත වීමේ හැකියාව (brain plasticity) නිසා මොළයේ යම් කොටසක ස්නායු වලට හානි වීමෙන් බාධා වන ක්‍රියාවලිය සිදුකිරීමට මොළයේ තවත් කොටසක ඇති ස්නායු වලට අනුගත වීමේ හැකියාවක් තියෙනව. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්.

අපි බහුතරයක් මේ වෙනකොට google maps භාවිතා කරනවනෙ හැමදාම වගේ. දැන් හිතන්න අපිට A ඉඳන් B වලට යන්න ඕනෙ. Starting point එකයි destination එකයි දුන්නම ඔන්න google maps ඉක්මනින්ම යන්න පුලුවන් පාර අපිට දෙනව. අපි ඒ පාරෙ යන්න පටන්ගන්නව. නමුත් ටික දුරක් යනකොට ආරංචි වෙනව අන්තුරක් වෙලා එහෙමත් නැත්නම් නඩත්තු කටයුත්තකට ඒ වෙලාවෙ ඉඳල පාර වහල කියල. එතකොට map එක මොකද කරන්නෙ, අපිට වෙන පාරක් හොයල දෙනව අපේ destination එකට යන්න. ඔන්න ඔය වගේ අපේ මොළයේ ස්නායු කොටසක් අකර්මන්‍ය වුනොත් මොළය විසින්ම ඒ අකර්මන්‍ය වුන ස්නායු වලින් කරන කර්තව්‍ය කරන්න වෙනත් ස්නායු ටිකකට පවරනව. එතකොට අර අලුත් ස්නායු ටික ඒ කාර්යට අනුගත් වෙලා මොළයේ ඒ සංඥා ගෙනියන්න අලුත් පාරක් බවට පත් වෙනව. මෙන්න මේ ක්‍රියාවලියට තමයි Brain Plasticity කියල කියන්නේ. මේ දේ ඇත්තටම හැම අවස්ථාවෙදිම වෙනව කියන්න බෑ. නමුත් ස්නායු වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වුනොත් මේ වගේ ක්‍රියාවලියකින් මොළයම එයට ප්‍රතිකර්ම ලබාදෙනව [1].

නමුත් ඕනෙම අවස්ථාවකදි මේ විදියට අපේ මොළය එයා විසින්ම recover වෙනව කියන්න බෑ, මොකද ඒක රඳාපවතින්නේ අක්‍රියතාවයේ ස්වභාවය, හානියේ තරම, අපේ ජීවන රටාව වගෙ තව ගොඩක් දේවල් මත.

අන්න ඒ නිසයි හැමදාම වගේ අදත් මම කියන්නේ රෝග ලක්ෂණ මතුවෙනකම් ඉන්නවට වඩා පෙර සූදානම ඒ කියන්නේ කලින් ඉඳන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වෙලා පරිසරයට තව ටිකක් ලං වෙලා ඉන්න එක පරම්පරා ගානකට හොඳ බෙහෙතක් කියල.

🔴 දැන් ඉතින් මේකට බෙහෙතුත් නැත්තම්, කොහොමද අපි ඩිමෙන්ශියා හැදීමේ අවදානම අඩු කරගන්නේ? ඒකනෙ ඔලුවට ආව ඊලඟ ප්‍රශ්නේ? මෙන්න ඒකට උත්තරේ.

විද්‍යාත්මක පරීක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ මෙන්න මේ විදියට අපේ ජීවන රටාව වෙනස් කරගත්තොත් අපිට ඩිමෙන්ශියා හැදෙන්න තියෙන අවදානම අඩු කරගන්න පුලුවන් කියල.
• ශාරීරිකව ක්‍රියාශීලී වීම
• දුම්පානය නොකිරීම
• මත්පැන් භාවිතය
• බර පාලනය කිරීම
• සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම
• සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම් පවත්වා ගැනීම

ඔන්න ඕක තමයි බොහොම කෙටියෙන් විද්‍යාත්මක මූලාශ්‍ර අනුසාරයෙන්, ඩිමෙන්ශියා වල කතාව!

ගැස්ට්‍රයිටිස් වල මුල, මැද සහ අග දැනගන්න කැමති නම් ලබන සතියෙත් මාත් එක්ක එකතු වෙන්න!

~ මේ, විද්‍යාවත්, ස්වභාවධර්මයත්, ඔබත් අතර පරතරය නැතිකරන තෝතැන්න. ~

අද සටහනට අදාල විද්‍යාත්මක මූලාශ්‍ර:

1. https://www.who.int/news-room/fact-sheets/detail/dementia
2. https://www.thelancet.com/journals/lancet/article/PIIS0140673602116679/abstract (The dementias)
3. https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(25)01389-3/fulltext (Alzheimer’s disease outlook)
4. https://www.thelancet.com/article/S1474-4422(12)70191-6/abstract (Cognitive reserve in aging and Alzheimer’s disease)

One of the most damaging cancer myths is the belief that GENETICS alone determine our fate.While genes matter, lifestyle...
22/01/2026

One of the most damaging cancer myths is the belief that GENETICS alone determine our fate.

While genes matter, lifestyle and environment play a much bigger role than most people realise.

Awareness isn’t about fear.

It’s about informed, daily choices.

Save this. Share it with someone who needs it!

පිළිකා පිළිබඳව නොබෙල් ත්‍යාගලාභියෙකුගේ සොයාගැනීම! 🔴කලින් සටහනේ කිව්ව වගේම ඔන්න අද අපි ඉගෙනගන්න යන්නේ අපේ ශරීරයේ අනවශ්‍ය ...
19/01/2026

පිළිකා පිළිබඳව නොබෙල් ත්‍යාගලාභියෙකුගේ සොයාගැනීම!

🔴කලින් සටහනේ කිව්ව වගේම ඔන්න අද අපි ඉගෙනගන්න යන්නේ අපේ ශරීරයේ අනවශ්‍ය ආතතියකට දීර්ඝකාලීනව මුහුණ දීපු ශෛල කොහොමද පිළිකාවක් බවට පත්වෙන්නෙ කියන එක.

💥ඒ කොටස පැහැදිලි කරන්න කලින් නොබෙල් ත්‍යාග ලාභී ආචාර්ය ඔට්ටො වෝබර්ග් කියන විද්‍යාඥවරයාගේ සොයාගැනීම ගැන පොඩ්ඩක් කතා කරමු.

ඔහුගේ වසර ගණනාවක පරීක්ෂණ කටයුතු වල මූලික අරමුණ වෙන්නේ ශෛලීය ශවස්නය (cellular respiration) පිළිබඳ අවබෝධය පුළුල් කරගැනීම. ශෛලීය ශ්වසනය පාදක කරගෙන සිදුකරන ලද මේ පරීක්ෂණ කටයුතු වල සොයාගැනීම් සඳහා වර්ෂ 1931දී ඔහු නොබෙල් ත්‍යාගය දිනාගන්නව.

ඔහුගේ එම සොයාගැනීම්වලින් ගම්‍යවුනේ පිළිකා ශෛල ඔක්සිජන් සහිත අවස්ථාවලදී පවා ග්ලයිකොලිසිස් (glycolysis) කියන ක්‍රියාවලිය මත දැඩිව රඳාපවතින බව. ග්ලයිකොලිසිස් ක්‍රියාවලියෙදි වෙන්නේ එන්සයිම් මගින් ග්ලූකෝස් බිඳවැටීම සහ එම ක්‍රියාවලියේදී ශක්තිය හා පයුරුවික් අම්ලය (Pyruvic acid) මුදාහැරීමයි. මෙම සංසිද්ධිය දැන් වෝබර්ග් ආචරණය (Warburg effect) ලෙසද හැඳින්වෙනව [1, 2].

වෝබර්ග් යෝජනා කලේ පිළිකා ශෛල වර්ධනය සඳහා කේන්ද්‍ර වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා, එහෙමත් නැත්නම් අපේ ශෛල වල ශක්ති මධ්‍යස්ථානය කියන කොටසේ ශ්වසනයට හානිවීමයි (impaired respiration). මේ හානි වූ ශ්වසන ක්‍රියාවලිය නිසා එම ශෛල වල පරිවෘතීය ක්‍රියාවලියේ (metabolism) වෙනස්වීම් සිදුවෙනව. මෙම පරිවෘතීය ක්‍රියාවලියේ වෙනස්වීම ජාන වෙනස් වීමට කලින් සිදු වන දෙයක් ලෙස තමයි ඔහු විශ්වාස කලේ [1, 3].

🔺දැන් අපි එමු අර මුලින්ම තිබුන ප්‍රශ්නෙට. දීර්ඝකාලීනව ආතතියට පත් වුණ ශෛල හා පිළිකා අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඇත්තටම විද්‍යාවෙන් මේ ගැන මොනවද කියන්නේ?

අපේ ශරීරයේ කලින් කිවුව ග්ලයිකොලිසිස් කියන ක්‍රියාවලිය සිදුවීමේ සීඝ්‍රතාවය වැඩි වුනාම එමගින් අපේ ශරීරයෙ ලැක්ටේට් (lactate) සහ ආම්ලික ක්ෂුද්‍ර පරිසරයන් (acidic micro-environments) නිර්මාණය වෙනව. පිළිකා ශෛල පවතින පරිසරයන් බැලුවොත් එහෙම ඒවා බොහෝවිට ආම්ලිකයි වගේම ඔක්සිජන් ඌණතාවයෙනුත් යුක්තයි.

මේ ආම්ලිකතාවය බොහෝදුරට අර කලින් කිව්ව වෙනස් වූ පරිවෘතීය ක්‍රියාවලියේ (altered metabolism) ප්‍රතිවිපාකයක්. මේ ආම්ලිකතාවය, පිළිකාවක් ඇතිවෙන්න බලපාන එකම මූලික හෙතුව කියල කියන්න බෑ. ඒ සඳහා බලපාන තව බොහෝ හේතු කාරණා තියෙන්න පුලුවන්.

🔺කොහොම නමුත් ආම්ලික පරිසරයක් අපේ ශරීරය තුල ගොඩනැගීම මඟින්

• පිළිකා ශෛල වල ආක්‍රමනිකතාවය ප්‍රවර්ධනය කිරීම (promote invasion)
• ප්‍රතිශක්තීකරණ නිරීක්ෂණය මර්ධනය කිරීම (suppress immune surveillance)
• පිළිකා පැවැත්මට උපකාර කිරීම (help cancer survival) වගේ දේවල් වෙන්න පුලුවන් [4, 5].

ඒ ඉතිහාසය ගැන අවබෝධයත් එක්කම අපි දැන් නවීන ජීව විද්‍යාව පැත්තට හැරෙමු. මොකද නැත්තං ඕගොල්ලො හිතයි මම මේ එක්දාස් නමසිය බරගන්න වල boring කතා ඕගොල්ලන්ට කියල ෂේප් වෙන්නයි හදන්නෙ කියල.

🔺ඉතින් නවීන පිළිකා ජීව විද්‍යාවට අනුව නම් පිළිකාවක මූලික ලක්ෂණ දෙක තමයි

• ජාන විකෘතිතාවය (genetic mutations) සහ
• පරිවෘතීය ප්‍රතිනිර්මාණය (metabolic reprogramming)

මේ ක්‍රියාවලි දෙකම අන්තර්ක්‍රියා (interact) කරන අතර එකිනෙකා අනෙක් ක්‍රියාවලිය ශක්තිමත් කරනව (reinforce each other). මේ නිසාම අද පිළිකාව කියන එක වඩාත් හොඳින් වටහාගෙන ඇත්තේ පද්ධති මට්ටමේ රෝගයක් (system-level disease) ලෙස [1, 2, 6].

🔺ඉතින් මේ කියන කාරණා කොහොමද අද දවසේ අපිට පිළිකා පිළිබඳ අවබෝධය වැඩි කරගැනීමට හා එයින් වැළකී සිටීමට උදව්වක් වෙන්නෙ?

ඒ සදහා විද්‍යාත්මක නිගමනය මම මේ විදියට කියන්නම්:

1. ශෛලීය පරිසරය (cellular environment) වෙත අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්
2. නිධන්ගත් පරිවෘතීය ආතතිය (chronic metabolic stress) වෙත අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්
3. දිගුකාලීන දැවිල්ල/ඉදිමුම (Long-term inflammation) වෙත අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්
4. රෝග විනිශ්චය කිරීමට වසර ගණනාවකට පෙර මුල් ජීවවිද්‍යාත්මක වෙනස්කම් සිදු වන බව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් [7, 8]

🔺මේ කියපු කාරණා වලින් 3වන කාරණයට අදාලව මට අහන්න/දකින්න ලැබුන ප්‍රායෝගික අත්දැකීමක් ගැන කියලම අද කතාව නවත්තන්නම්.

මගේ ප්‍රථම උපාධිය කරන කාලෙ කතාවක් මේ කියන්න යන්නෙ. ඒ කියන්නෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලෙ, second year වගේ මට මතක විදියට. Batchmate කෙනෙක් හිටිය, අපි ඇයව මේ කතාව සදහා හදුන්වමු සදුනි කියල. හරිම අහිංසක චරිතයක්. කතා කරන එක ලගම ඉන්න කෙනාටවත් ඇහෙන්නෙ නෑ. මේ සිද්ධිය වෙන්න කලින් නම් campus එකේ ගොඩක් අය (මාත් ඇතුලුව) සදුනිව වැඩිය දන්නෙත් නෑ. ඒ තරමට පැත්තකට වෙලා පාඩුවෙ හිටපු ළමයෙක්.

කොහොමහරි ඔන්න අපිට ආරංචි වෙනව එයාට පිළිකාවක් කියල. අපි ඉතින් batch එකේ ළමයෙක්ට කරදරයක් වුනාම කට්ටිය එකතු වෙලා කරන දේවල් සියල්ලම සදුනි වෙනුවෙනුත් කලා. විජේරාම පංසලේ දවස් 7ක් බෝධි පූජා තිව්ව. හැමෝම පුලු පුලුවන් විදියට මහරගම පිළිකා රෝහලට එයාව බලන්නත් ගියා. මූල්‍යමය වශයෙන් උදවු කලා. ඔය ආකරයේ එකී නොකී මෙකී දේවල් හැමෝම කලා.

📍ඔය අතර ඇත්තටම එක පාරටම සදුනිට මොකද උනේ කියන එක එයාගෙ හොදම යාලුවන්ගෙන් තමයි දැනගන්න ලැබුනෙ.

එයාට මාසයක් දෙකක් කකුලෙ අමාරුවක් තිබිල (මේක කිව්වම අපිටත් මතක් උණා එයා නොන්ඩි ගහමින් Universityත් ආව බව දැක්ක කියල දවසක් දෙකක්). ඒ කියන්නෙ දණිස්සට පොඩ්ඩක් උඩින් කකුළ ඇතුලෙ කැක්කුමක් ඇවිල්ල.

ඒක ආවම අපි හැමෝම වගේ උණු වතුරෙන් තවල ඒ කාලෙනම් Wintagino මේ කාලෙ නම Voltaran වගේ දෙයක් ගාල හොදට අතගාල. ටික දවසක් එහෙම කරල අඩු නැති නිසා සිංහල බෙහෙත් කරන කෙනෙක් ළගට ගිහින් තෙල් බෙහෙතුත් කරල ටික දවසක්.

ඔය සාත්තු ටික කරල මාසයක් දෙකක් ගියාට පස්සෙත් අඩු නැති නිසා ඊටපස්සෙ තව වෛද්‍යවරයෙක් ලගට ගියාම කරපු investigation වලින් තමයි ඔන්න හොයාගෙන තිබුනෙ ඒ කැක්කුමට හේතුව.

⭕️ඒක තමයි සදුනිගෙ අස්ථි ආක්‍රමණය කරල තිබුන “අස්ථි පිළිකාව”. මේ වෙනකොටත් අස්ථි පුරාම පැතිරිලා තිබුනෙ.

පිළිකා රෝහලෙන් වගේම පිළිකා වලට බෙහෙත් කරන වෙද මහත්තයෙකුගෙනුත් සදුනිට කාලයක් ප්‍රතිකාර කලා, නමුත් ඒ එකකටවත් බැරි වුණා අස්ථි පුරාම පැතිරිලා තිබුන පිළිකාව පරදන්න. අන්තිමේදි සදුනි ජීවිතයෙන් සමුගත්ත එයාගෙ ආදරණීයයන්ගේ හදවත් වල හිස් තැනක් තියල.

🔺මේ කතාවෙන් මට හැමෝටම දෙන්න ඕන පණිවිඩය තමයි, අපිට අපේ ශරීරයේ ඇතුලෙ ගොඩ නැගෙන දේවල් පේන්නෙ නෑ. කාලයක් ගියාම තමයි මොනව හරි රෝග ලක්ෂණයක් විදියට අපිට තේරෙන්නෙ. ඒ නිසා රෝග ලක්ෂණ එනකම් එහෙමත් නැත්නම් වෛද්‍ය වාර්තාවකින් රෝග විනිශ්චයක් ලැබෙනකම් බලන් ඉන්න එපා.

ඇත්තම කතාව කියනවනම් කාලයක් අපේ ශරීරය තුල ගොඩනැගෙමින් තියෙන දේවල් රෝග විනිශ්චයකට ලක් වෙලා ඉතිරි ජීවිත කාලෙම ඒ රෝගයට බෙහෙත් බොන්න වෙනවට වඩා ශරීරය තුල ඒ දේවල් ගොඩ නැගෙන්න හේතුවන සාධක ඇති නොවන්න කලින් ඉදන්ම වගබලාගන්න එක හැමෝටම පහසුයි. මොකද ඒකට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නෙ අපිට එදිනෙදා ජීවිතයේ කරන්න පුළුවන් ඉතා සරළ වෙනස්කම් (lifestyle changes). අවධානමට වඩා පෙර සූදානම හොදයි කියන්නෙ මෙන්න මේ නිසයි!

අද ඉදන් පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න.

~ මේ, විද්‍යාවත්, ස්වභාවධර්මයත්, ඔබත් අතර පරතරය නැතිකරන තෝතැන්න. ~

අද සටහනට අදාල විද්‍යාත්මක මූලාශ්‍ර:

1. https://www.science.org/doi/abs/10.1126/science.123.3191.309 (On the Origin of Cancer Cells)
2. https://www.nature.com/articles/s41568-020-00329-7 (The Matrix in Cancer)
3. https://link.springer.com/article/10.1007/s10863-025-10059-w (The Warburg Hypothesis and the Emergence of the Mitochondrial Metabolic Theory of Cancer)
4. https://www.nature.com/articles/nrc3110 (Dysregulated pH: A Perfect Storm for Cancer Progression)
5. https://aacrjournals.org/cancerres/article/71/22/6921/569447/Lactate-A-Metabolic-Key-Player-in-CancerLactate-in (Lactate: A Metabolic Key Player in Cancer)
6. https://www.nejm.org/doi/full/10.1056/NEJMoa1402121 (Comprehensive, Integrative Genomic Analysis of Diffuse Lower-Grade Gliomas)
7. https://www.thelancet.com/journals/lanonc/article/PIIS1470-2045(17)30536-3/abstract (Preventative Therapy for Cancer)
8. https://www.who.int/news-room/fact-sheets/detail/cancer

Address

141, D. R. Wijewardena Road
Colombo

Opening Hours

Monday 09:30 - 16:00
Tuesday 09:30 - 16:00
Wednesday 09:30 - 16:00
Thursday 09:30 - 16:00
Friday 09:30 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Doc On The Tap posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share