08/01/2025
ඉස්සොරි හෙවත් ඉස්හොරි.......................................................
මෙය හිසේ සමෙහි හටගන්නා වූ එක්තරා චර්ම රෝගයකි. හිසකෙස් පීරන විට දිරා ගිය සම් කැබලි කුඩු මෙන් මතු වී එයි. මෙවැනි අය දින දෙක තුනක් ස්නානය කිරීමට නොහැකි වූ කල මෙය තද ලෙසම බලපානු ඇත. මෙය දිගින් දිගටම පැවතිය හොත් දද , වණ , තුවාල දක්වා වර්ධනය විය හැක.
හිසෙහි සමෙහි පොතු මෙන්ද , කුඩා කුඩු කුඩු මෙන්ද , කුඩා කැබලි මෙන්ද යුත් වියළි ස්වභාවයේ චර්ම රෝගයකි. මේවා ශීර්ෂයෙහි ද , නලල වටේ සහ කණ ආශ්‍රිතව බහුලව තිබිය හැක. මෙවැනි රෝගීන් දිනපතාම හොදින් මල ශෝධනය හා මූත්‍රා ශෝධනය පවත්වා ගෙන යා යුතුය. මල බද්ධයෙන් පෙළෙන අයට ඉස්හොරි බහුල වීම ස්වභාවයකි. මෙම තත්වය නිසා මුහුණේ කුරැලෑ ඇති අයට ද ඒවා සුව කර ගැනීමට කාලයක් ගත වනු ඇත.
ඉස්සොරි තත්වය ඇති අය හට අම්ල ගුණ ඇති පලතුරැ ද , ටින් කෑම ද , ඉස්සන් දැල්ලන් , දෙල් වැනි ආහාර බෙහෙවින් අගුණ වේ. මෙවැනි අයට ඇඟ නිවන ආහාර පාන ගැනීම සහ නිරන්තරයෙන්ම හිස පිරිසිදු කර ගැනීම ඉතාමත්ම යෝග්‍ය වේ.
එස්. හෙට්ටිආරච්චි
2025/ 01/ 08