19/12/2024
ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය හැඳින්වීම👇
ලිංගික සෞඛ්‍ය යනු ලිංගිකත්වය සම්බන්ධයෙන් ශාරීරික චිත්ත වේග මානසික හා සමාජීය යහපැවැත්මයි.එය හුදෙක්ම රෝග අක්‍රීයතා හෝ දුර්වලත නැතිවීම පමණක් නොව බලහත්කාරයෙන්ම වෙනස් කොට සැලකීමක් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රීතිමත් හා ආරක්ෂිත ලිංගික අත්දැකීමක් ලබාගැනීමේ හැකියාවයි.
ලිංගිකත්වය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි.
ලිංගිකත්වය යනු සමූහයකි. පුද්ගලයන්ගේ හැසිරීම හා උපායමාර්ග වෙනත් පුද්ගලයකු භෞතිකව ආකර්ෂණය කර ගැනීමට භාවිතා කරයි. එම නිසා ජීවීන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ ප්‍රජනනයයි. එය යාන්ත්‍රීකරණයක් ලෙස හැඳින්වේ. ලිංගිකත්වය එක් එක් පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක සහ සමාජ සාධකවල එකතුවකි.මෙම සාධකය සංයෝජනය කර ගනිමින් මනසෙහි වෙනස්කම් ඇති කරයි. ප්‍රජනනයෙන් ස්වාධීනව මිනිසා අපගේ ශරීරය පිළිබඳ අදහස් හා හැඟීම් සමූහයක් වර්ධනය කරන අතර එමඟින් අපගේ ලිංගිකත්වය හැඟීම් සංවේගයන් සෙනෙහස විශ්වාසයත් සහ ශාරීරික සම්මතයන්ගෙන් යුක්ත වීමයි.
ලිංගික සෞඛ්‍යයට ලිංගික සම්බන්ධතා සඳහා ධනාත්මක හා ගෞරවනීය ප්‍රවේශයක් අවශ්‍ය වේ. ප්‍රජනක සෞඛ්‍යයනු ප්‍රජනක පද්ධතිය හා ඒව් ක්‍රියාකාරීත්වය සම්බන්ධව රෝග වලින් ආරක්‍ෂා වීමයි. එහිදී ජීවිතයේ සෑම අදියරකදීම ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාවලීන් හා එහි කාර්යයන් වැදගත් වේ. එම නිසා ප්‍රජනක සෞඛ්‍ය කෙරේ මිනිසුන් වගකිව යුතුය. තෘප්තිමත් හා ආරක්ෂිත ලිංගික ජීවිතයක් ගත කිරීමට නම් නිවැරැදි ලිංගික පුරුදු ඇතිකර ගැනීම වැදගත්ය. සමීක්ෂණ වලට අනුව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුම ඇති තරුණ ප්‍රජාව පළමු ලිංගික ඇසුර ලබාගැනීමට පමා කරන බව හෙළි වේ. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මිලියන 65 පමණ සිටි. එයින් 70% පමණ වූ නව යොවුන් වියේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම තුලින් ලිංගික ගැටලූ අවම කර ගැනීමට හැකියාව ඇත.ලංකාවේ තරුණ ප්‍රජාවෙන් 80% ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය හඳුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවකි.එම නිසා පහත ආකාරයට තම ලිංගික අවයව ආරක්ෂාකාරීවත් පිරිසිදුවත් තබා ගැනීමට අවධානය යොමු කරමින් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ.
ලිංගික සෞඛ්‍ය දිනය ලෙස 2010 දී ලිංගික සෞඛ්‍ය සඳහා වූ ලෝකයේ සංගමය (WAS) විසින් සැප්තැම්බර් 4 වැනිදා නම් කරනු ලැබීය.
ස්ත්‍රී ලිංගික පද්ධතිය හා පුරුෂ ලිංගික පද්ධතිය සෞඛ්‍යවත්ව පවත්වා ගතයුතු ආකාරය👇
ස්ත්‍රී ලිංග පද්ධතිය සෞඛ්‍යමත්ව පවත්වා ගන්නා ආකාරය පිළිබද ඔබ දැන සිටියාද?
*හොද බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ සංකීර්ණ ජනපදයක් යෝනි මාර්ගය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.
*යෝනි මාර්ගය සමස්ත සෞඛ්‍යයට වැදගත් වන විවිධ තරල නිපදවයි.යෝනි මාර්ගය සේදීමෙන් සියලුම ගන්ධය නැති කිරීමට උත්සාහ නොගත යුතුය.නිරෝගි යෝනී මාර්ගයක් ස්වභාවිකව මෘදු ගන්ධයක් ඇත.කටුක සබන් භාවිත කිරීමෙන් සියුම් යෝනි පටක වියළි යා හැකි අතර එමඟින් බැක්ටීරියා යෝනි මාර්ගයට ආසාදනය වීම සිදු වේ.පිරිසිදු කිරීම සදහා සුවද විලවුන් , ඩියෝට්නේට් භාවිතා නොකළ යුතුය.ඉන් PH අගය වෙනස් වී ආසාදන ඇති වීම නිසා හැමවිටම පිරිසිදු වතුරෙන් භාහිර ප්‍රදේශයේ තොල් වල නැමීම් මෘදු ලෙස ඔසවමින් සෝදා තෙත මාත්තු කර තබා ගැනීම.
*හොඳින් සෝදා තද අවුවේ වියළා ගත් යට ඇදුම් භාවිතා කරන්න.අධික ලෙස හිර තද යට ඇදුම් භාවිතා නොකරන්න.
*යෝනි මාර්ගය පිරිසිදු කිරීමේදී පෙරිනියම් ප්‍රදේශය යෝනි මාර්ගය සහ ගුදය සේදීමේදී යෝනි මාර්ගයට බැක්ටීරියා ඒම වැළැක්වීම සදහා ඉදිරිපස සිට පසුපසට සේදීමට වග බලා ගන්න.
*ඔපස් වීමේදී පැය 4කට වරක් හෝ සනීපාරක්ෂක තුවා මාරු කිරීම සහ එම කාලවලදී දිනකට එක් වරක් හෝ යෝනි මාර්ගය පිරිසිදු කිරීම ඔබගේ ඔපස් කාලය තුල ශරීරය නීරෝගීව හා පිරිසිදුව තබා ගැනීමට ප්‍රමාණවත් වේ.
*ලිංගය ආශ්‍රිත රෝම ඉවත් කිරීමේදි සැලකිලිමත් වීම කැපුම් තුවාල සිදු වුවහොත් ආසාදන තත්වයන් ඇති වීමට ඉඩ ඇත.
*ස්ත්‍රී ලිංගය අඳුරු වීම යනු සාමාන්‍ය කායික වෙනස්වීමක් වන අතර බොහෝ විට එය සෞඛ්‍ය ගැටලුවකට නොව එයා ජාන වලින් ලැබෙන සමයේ වර්ණයෙන්ම නිසා වෙනස්වීමට හැකිය .එහෙත් මේ වෙනස්වීම සොයාගත හැකි ආකාර කිහිපයක් ඇත. එනම් හෝමෝන වෙනස් වීම,ඝර්ම රෝම කූප පිරිසිදු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයයි. අඳුරු වීම් අවම කර ගැනීමට නම් අනවශ්‍ය friction භාවිතය වැළැක්වීම.
• ලිංගාශ්‍රිත රෝග ඇති වීම වැලැක්වීමට නම් එම ස්ථානය වියළි ලෙස තබා ගැනීම දහඩිය,ඔපස් තරලවලින් වෙනත් තරලවලින් තෙත් වුවහොත් යට ඇදුම් වෙනස් කිරීම ලිංගිකව හැසිරීමෙන් පසුත් ගුද සංසර්ගයේ යෙදීමෙන් යෝනි මාර්ගයේ බැක්ටීරියා ඇති විය හැකි බැවින් පිරිසිදු කර ගැනීම වැදගත් වේ.
පුරුෂ ලිංගය පිරිසිදුව තබා ගන්නා ආකාරය👇
*ශිෂ්ණය සහ වෘෂණ කෝෂ පිරිසිදු කිරීමේදී ද සබන් සුවද විලවුන් ආදිය භාවිතා නොකළ යුතුය.
*සැමවිටම සැහැල්ලු යට ඇදුම් භාවිතා කළ යුතු අතර යට ඇදුම් හොදින් වියළා ගැනීම.අධික ලෙස හිර තද යට ඇදුම් භාවිතා නොකරන්න.
*ශිෂ්ණය පිරිසිදු කර ගැනීම තුළින් දැවිල්ල හෝ ආසාදන වළක්වා ගත හැකිය.පෙර සම මෘදු ලෙස පිටුපසට ඇද ඔබගේ ලිංගයේ හිස සහ පෙර සමට යටින් සෝදන්න.බලහත්කාරයෙන් පෙර සම ඇද නොගත යුතුය.මෙය තුවාල වීම හෝ කැලැල් ඇති වි සංකූලතා ඇති විය හැකිය.වියළීමට කාලය පැමිණි විට ලිංග්‍රේන්ද්‍රයේ හිස තුවායකින් මෘදු ලෙස වියළා ගත හැකි වන පරිදි පෙරසම නැවත් ඉවත් කරන්න.ඉන් පසු පෙර සම සාමාන්‍ය තත්වයට ඉදිරියට ඇද දමන්න.
*ලිංගිකව හැසිරීමෙන් පසු පිරිසිදු වන්න.ව්‍යායාම කිරීමෙන් පසු තෙත යට ඇදුම් ඉවත් කරන්න.නිතරම පිරිසිදු වතුරෙන් සෝදා තෙත මාත්තු කර තබාගන්න
ලිංගාශ්‍රිතව ඇති වන රෝග
👉1)ස්ත්‍රී ලිංගය ආශ්‍රිතව ඇති වන රෝග
1.යෝනි මාර්ගයෙන් කිරි පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවීම
2.ඒ අවට කැසීමක් දැවිල්ලක් ඇතිවීම
3.ලිංගික එක්වීමේදී සුළු වේදනාවක් ඇති වීම.
මෙවැනි රෝග ලක්ෂණ ඇති වූ විට පරීක්ෂාවකින් තොරවම මෙම රෝග තත්වය හඳුනා ගන්න ට වෛද්‍ය වරයෙකුට හැකියාව තිබෙනවා .
👉2)පුරුෂ ලිංගය ආශ්‍රිතව ඇති වන රෝග
ඔබේ ශිෂ්ණයේ හිස වටා කෑසීම්,වේදනාව,මුදු මොළොක් බව,ශ්‍රාවය,කැසීම,ගැටිති එනම් බලනිටිස්,ෆයිමෝසිස්,යීස්ට් වැනි ආසාදන නැමති රෝගී තත්වයන් ඇති උවහොත් දිගුකාලීන හානිය වළක්වා ගැනීමට වෛද්‍යවරයකු හමු වන්න.
ලිංගාශ්‍රිත රෝග, එහෙමත් නැත්තන් STDs සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් ඉතා වැදගත්.
එවැනි රෝග වැළදීම වළක්වා ගන්න පියවර ගත යුතුයි වගේම රෝගයක් වැළදුනොත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගන්න එකත් අත්‍යවශ්‍ය දෙයක්.
එය කිසිසේත්ම ලැජ්ජ විය යුතු කාරණයක් විදිහට සලකන්න බැරි ලිංගාශ්‍රිත රෝග කියන්නේ ඕනම කෙනෙක්ට ඇති විය හැකි තත්වයක් නිසා.රෝග තත්වයක් තිබුනත් නැතත් විවිධ ලිංගික සවඳතා පවත්වන කෙනෙක් මාස 6කට වරක් හෝ අවුරුද්දකට වරක් වත් checkup එකක් කරගැනීම අවශ්‍යයි.ලිංගික අවයව කියන්නේ අපේ ශරීරයේ වැඩිපුරම අවධානයක් දැක්විය යුතු කොටසකි.ජීවිතේ සතුටට ලිංගික ජීවිතයේ සතුට දැඩිවම බලපානවා. තමන් තමන්ට ආදරේ කරන තැන තමයි ඒ සතුට රැදෙන එකම තැන බවට පත් වෙන්නේ..
වැදගත්
ඔබේ මුහුණට ලබා දෙන සැලකිලිමත්භාවය ඔබේ ලිංගික ප්‍රදේශයටද ලබා දෙන්න.සතියකට වරක් හෝ තම ලිංගය කණ්ණාඩියකින් හෝ බලා එම ස්ථානයේ වෙනස්කම් පිළිබද සැලකිලිමත් වන්න.වෙනස් වූ ලක්ෂන පවතී නම් වෛද්‍යවරයකු හමුවන්න.