Hela Wedakama Medical Association

Hela Wedakama Medical Association Hela Wedakama Medical Association - හෙළ වෙදකම වෛද්‍ය සංවිධානය.

"හෙළ වෙදකම" - දේශීය පාරම්පරික හා ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන්, සුරැකීමේ සංවිධානය.

මොහු නමින් මොහොමඩ් රුක් ස්කාන්.නැමති මෙම ‍වයාජ වෛද්‍යවරයා ව්‍යාජ වෛද්‍යය ප්‍රසන්න කුමාරගේ  ITMI ව්‍යාජ විශ්වවිද්‍යාලය මග...
27/05/2025

මොහු නමින් මොහොමඩ් රුක් ස්කාන්.

නැමති මෙම ‍වයාජ වෛද්‍යවරයා ව්‍යාජ වෛද්‍යය ප්‍රසන්න කුමාරගේ ITMI ව්‍යාජ විශ්වවිද්‍යාලය මගින් ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබා විවිධ දේශපාලන හෙංචයියන් යොදාගෙන තමාගේ බල පුළුවන්කාරකම් මගින් අයුර්වේද වෛද්‍ය සභාව සහ වෙනත් වෛද්‍ය සභාවල නිලධාරීන් දේශපාලන හයිය යොදා ගනිමින් තර්ජනය කර බිය ගන්වමින් තමා වෙදගෙදර මුදියන්සේලාගේ මොහොමඩ් රුස්කාන් යැයි ආරූඪ නමක් භාවිතා කරමින් රට පුරා තමාගේ භාණ්ඩ විකුණා ගැනීම සඳහා වෛද්‍යසායන සංවිධානය කරමින් පොලිස් නිලධාරීන් හා සිංහ සමාජවල ඉහළ නිලධාරීන් රවටමින්, රට පුරා වෙදකමේ නිරත වූ,

මෙම ව්‍යාජ වෛද්‍යවරයා කොළඹ මැරින් ඩ්‍රයිව්, කාත්තං කුඩි,. එරාවුර් වැනි ප්‍රදේශවල ජනතාව රවටමින් වෛද්‍යවරයෙක් ලෙස රංගනයේ යෙදෙමින් ඖෂධ ලබාදෙමින් ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන සෞඛ්‍ය හා ඖෂධ ලබා ගැනීමේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, නුසුදුසු ඖෂධ වැඩිමිලට අලෙවි කරමින් ෛද්‍යවරයෙක් ලෙස රඟපෑ භූමිකාව
අවසන් කර ඇත.

මේ සඳහා සහාය දැක්වූ රටේ නීතියට හිස නමා ආචාර කරමු.

මෙ වැනි ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් කරුණාකර අප හෙළ වෙදකම වෛද්‍යවරුන් සුරැකීමේ සංවිධානයේ නිලධාරි මණ්ඩලය දැනුවත් හකිරීමට කටයුතු කරන්න. ස්තූතියි.🙏

06/05/2025

හතු පිපෙන්නා සේ හොර වෙදකම්වල නිරත වෙන හොර ආචාර්ය උපාධි ජාවාරම් වහාම නවතනු.

මුදලට ගෞරව නාම ලබාදීමේ BMICH විගඩම වහා නවතනු.

උගත් ආචාර්ය වරුන්ගේ හා ලියාපදිංචි වෛද්‍යවරුන් සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ ගෞරව නාම ලබාගත් විශිෂ්ට පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරකිනු.

ආචාර්ය උපාධි නමින් මුදලට අලෙවි වන DR. කියන නම මුලට දාගෙන වෙදකම් කරන අනීතික විශ්වවිද්‍යාලවලින් ලබා ගත්තු වෛද්‍ය සහතික ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීමට කටයුතු කරමු.

බොරු ගෞරව නම්බු නාම යොදාගෙන වෙදකමේ නිරත වන පිරිස් අදූ 80 දාහකට වැඩි ප්‍රමාණයක් රට පුරා විසිරව ව්‍යාප්තව අනීතික වෙදකමේ නිරත වේ.

මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කර අනීතික විශ්වවිද්‍යාල සහ අනීතික ගෞරව නම්බු නාම ලබා දෙන හතු පිපෙන්නා සේ බිහි වී ඇති BMICH. හී කරන මෙ ගෞරව නාම ලබාදීමේ නාඩගම නතර කිරීමට කටයුතු කරමු.

ඒ සඳහා ඔබටත් පුද්ගලිකව මැදිහත් වී අප සංවිධානය ශක්තිමත් කරන්න එකතු වෙන්න. අපි හැමෝම එකතුවෙලා උගතුන්ට හා නියම ප්‍රභූවරුන්ට නියම වෛද්‍යවරුන්ට ලංකාව තුළ ඇති නිසි ඇගයීම ගෞරවය තවදුරටත් ආරක්ෂා කරමු.

මෙය ශෙයා කරන හැමෝම ට ගොඩක් පින්. 🙏

29/04/2025

පුත්තලම වෙසෙන ජනතාව බිල්ලට ගත් ව්‍යාජ වෛද්‍යවරු ගැන දෙවන හෙළිදරව්ව..
Dasathalankanews.com

ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමනි ඔබතුමාගේ දැඩි අවධානය පිණිසයි.

ජනතාව මෙලෙස ‍වයාජ වෛද්‍යවරුන්ට බිල්ලට දෙන්නේ ඇයි... නීති රීති අන පනත් වල සිදුරු ඇතිනම් වහාම ක්‍රියාත්මක වන පරිදි අනපනත් ශක්තිමත් කිරීමට කටයුතු කරන්න.

ගරු ජනාධිපතිතුමනි, ජාතික ජන බලවේග නව ආණ්ඩුව යටතේ ඔබතුමා හා ගරු සෞඛ්‍ය ඇමතිතුමාගෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යපාරය තුළින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොවන්නේ මන්ද...

වෛද්‍ය විද්‍යාලයේ Anatomy ඉගෙන ගන්නකොට, දහ දෙනෙක් විතර ඉන්න ගෘප් එකකට, එක මළ සිරුරක් ගානේ හම්බෙනවා, අපි මේ ගෘප් එකට කියන...
05/04/2025

වෛද්‍ය විද්‍යාලයේ Anatomy ඉගෙන ගන්නකොට, දහ දෙනෙක් විතර ඉන්න ගෘප් එකකට, එක මළ සිරුරක් ගානේ හම්බෙනවා, අපි මේ ගෘප් එකට කියන්නේ body group කියලා, ඒ ගෘප් එක තමා ඒ සිරුරට අදාල අයිතිකාරයෝ, මුළු අවුරුද්දක් තිස්සේ , ඒ කණ්ඩායම, ඒ එකම මළ සිරුර කපලා ඉගෙන ගන්නවා.
This photo graph and contents for the education purpose only credit by first owner.

✅ මේ කවිය තියෙන්නේ, කලකට ඉහතදී මිය ගිය , අම්මගෙ මළ සිරුර තමන්ටම ඉගෙන ගන්න හම්බෙච්ච වෛද්‍ය ශිෂ්‍යාවකට දැනෙන හැඟීම.

පුරුදු ලෙස එකිනෙකා වට වී නොදත් පාඩම සොයන්න
මැද මේසේ මත මහලු මවකගේ සිරුර සතපා කපන්න
පළමු පියවර පුරුදු උනේ අපි පින් සිතින් ඈ වඳින්න 🙏❤️
දකුණු අත කපලා පටන් ගමු එකිනෙකින් තතු බලන්න

පොත බලාගෙන මම කියනකොට තව එකෙක් ඈ කපනවා
වට වෙලා සිටි හැම එකාටම වාරයක් මග තියෙනවා
සුදු පාට කෙස් වැටිය පරදන ස්නායු දැක එබෙනවා
එකින් එක කප කපා විමසන ගමන පෙරටම ඇදෙනවා.

හිස් කබල යට මොලය පුදුමය වම දකුණ ගැන හොයනවා
කඳුළු දරමින් ලොවක් පෙන්නු ඇස් උගුල්ලා බලනවා.
මගේ වාරය පිහිය අරගෙන ඇගේ පපුව වෙත එබෙනවා
දකුණු පැත්තේ බෙල්ල පහළින් ලපය මා නෙත් තෙමනවා

✅ කාලයක් ගතවෙලා, එයාගේ වාරය ආවහම , බෙල්ලේ තිබුන ලපය නිසා, මේ තමන්ගේ අම්මා කියලා හඳුනගන්න පුළුවන් වෙනවා. මුලින් ඉගෙන ගන්නේ upper limbs , අත පය ගැන, මාස ගානක් ගියාට පස්සේ තමා, පපුව, බඩ ගැන ඉගෙන්නෙ, මුළු අවුරුද්දක් පුරාවටම ඇඟේ කොටසින් කොටස ඉගෙන ගන්නවා.

දෙඇස් පියවිණි කඳුළු අතරින් පපුව දෙපසට වෙන්කරා
රුහීරු වියලුණු නහරවැල් ටික දුඹුරු පාටට හැරවිලා
දරාගෙන ලෝකයක කෙනෙහිලි ගැහැණු හදවත ගුලි වෙලා.
පොතේ නැති හුඟක් දේවල් පපුව ඇතුලේ ගොළු වෙලා.

දවස් ගානේ සිහින් පහරින් එකිනෙකා අපි කපද්දි
ලියූ මැල්ලුම් අහුරු වාගේ මස් කැබලි ඉකි බිඳිද්දි
පාඩමේ අවසාන අදියර ඇට ගොඩක් වී හිඳිද්දී
පොත වසා ඇස් පියා ගත්තෙමි නොකී රහසක් හඬද්දි

✅ අවුරුද්ද ඉවර උනහම, ඇට විතරයි ඉතුරු වෙන්නේ, ඒ අස්ථිත් සමහර වෙලාවට වේලලා, පොලිෂ් කරලා, අස්ථි ගැන ඉගෙන ගන්න භාවිතා කරනවා, එහෙම නැත්නම් අවුරුද්ද අන්තිමේ, පාංශුකූලය දීලා, පිරිත් කියලා, තමයි ඉවත් කරන්නේ.

කැබලි එක්කල බහා පෙට්ටිය කර තබාගෙන පිටවුණා.
සුදු ඇඳන් පැන් වඩන මොහොතෙදි කාට කාටත් හැඬ වුණා.
කනත්තේ පස් ගොඩ ළඟදි මට නොහඩ ඉන්නට බැරි උනා.
මගේ අම්මා නිවන් දැක්කා කෑගහලා මට කියවුනා.

✅ ඕනම කෙනෙකුට, තමන් මියගියහම, තමන්ගේ දේහ දන් දෙන්න ලියාපදිංචි වෙන්න පුළුවන්, මිය ගිහිල්ලත් අවුරුදු ගානක් පින් කරන්න පුළුවන්. ❤️ Share කරලා දැනුවත් කරන්න අනිත් අයවත්, ඔබේ දරුවන්ට ප්‍රතිකාර කරන්න, දක්ෂ වෛද්‍යවරුන් බිහිකරන්න, උදව්වක් වේවි.

කවිය ලියලා තියෙන්නේ, අතුල බණ්ඩාර (කුරුණෑගල ශික්‍ෂණ රෝහල )

Dr. Priya
Page
උපුටාගැනීමකි ..
ස්තුතියී ..

ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්‍ෂිදාන මූලස්ථානය,
120/1,විද්‍යා මාවත,
කොළඹ 07.
දුරකථන අංක :- 011 2 698 040, 011 2 698 041
011 2 698 043, 011 2 692 051

(Sri Lanka Eye Donation Society,
Dr. Hudson Silva Eye Donation Headquarters,
120/12, Vidya Mawatha,
Colombo 07.
Contact Numbers :- 011 2 698 040, 011 2 698 041
011 2 698 043, 011 2 692 051)

03/04/2025

සුවැති දිවියක් සදහා ආයුර්වේද වාජීකරණ තන්ත්‍රය.

ලිංගිකත්වය, ආයුර්වේදය අනුව, මිනිස් ජීවිතයට ආහාර හා නිදා ගැනීම වැනි අත්යවශ්ය වේ. ආයුර්වේදය දැඩි ලෙස පවසන්නේ මිනිස් ලිංගිකතාවය යනු හුදෙක් ශාරීරිකව සංවාසය පමණක් නොව සහකරුවන්ගේ ශරීර, මනස හා ආත්මයන් එක්වීමකි.

වජිකරණය (Aphrodisiac Medicine) යනු ආයුර්වේදයේ ශාඛා අට අතරින් එකකි.

ආයුර්වේදයට අනුව සහකරුවන් දෙදෙනාටම තෘප්තිමත් ලිංගික අත්දැකීමක් තිබිය යුතුය. කීර්තිමත් පුරාණ ආයුර්වේද කෘතියක් වන චරක සම්හිතාවේ සඳහන් වන්නේ මිනිසාට හොදම වාජීකරණය වනුයේ ඔහුට ආදරය කරන සහකාරියයි.

වාජීකරණය යන මාතෘකාව සාකච්ඡා කිරීම වර්තමානයේදී වැදගත් වනුයේ මක් නිසාද යත් නූතන දියුණුයැයි කියාගන්නා සමාජය තුල දික්කසාද වීම සදහා වැඩි වශයෙන් බලපාන්නේ නිවැරැදි ලිංගක ජීවිතයක්(sex life)නොමැති වීමයි. ලිංගික දුරාචාරය විවාහයේ අසාර්ථක වීමේ ප්රධාන හේතුවයි.

වජිකරණය:-

'වජි' යනු අශ්වයා ලෙස අර්ථ ගැන්වෙන අතර ' වජිකරාණය'යන වචනයේ අර්ථය වන්නේ මෙම චිකිත්සාව මගින් අශ්වයෙකුගේ මෙන් වැඩි ලිංගික හැකියාවක් මිනිසාට ලබා දෙන බවයි.

එපමණක් ද නොව වජිකරණ චිකිත්සාව මගින් , ශුක්‍රාණු වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණත්මකභාවයය වැඩි දියුණු කිරීමත්, ලිංගික කාර්ය්‍යයෙහි යෙදීමට ඇති කැමත්ත වැඩිදියුණු කිරීමත්, වදභාවය නැති කිරීමත් ආදී බොහෝ කටයුතු සිදුවේ.

අනෙක් අතට, එය පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික සෞඛ්යය වැඩිදියුණු කිරීම නිසා එය යහපත් සෞඛ්ය සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා ප්රයෝජනවත් වේ.

වජිකරණය මගින් මූලිකව,

1. කෙනෙකුගේ හැඟීම් පාලනය කරගැනීම සඳහා හික්මුණු ජීවන රටාවක්.

2. ප්‍රජනනය කාර්ය්‍ය සදහා අවශ්‍ය වටපිටාව.

3. මෙම ලිංගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වජිකරනා ඖෂධ (ඇෆ්ගනිස්ථානයේ ඖෂධීය සූත්ර) භාවිතය. අරමුණු කෙරේ.

ආයුර්වේදය අනුව වජීකරණ ප්‍රතිකාර සඳහා සුදුසුකම් :-

1. වයස අවුරුදු 18 ත් 70 ත් අතර පුද්ගලයන්ට වජීකරණ ප්‍රතිකාර කළ යුතුය.

2. මෙම ප්රතිකාර කළ හැක්කේ ස්වයං පාලිත පුද්ගලයෙකුට පමණි. මෙම චිකිත්සාව ස්වයං පාලනයක් නොමැති පුද්ගලයෙකුට කළ හොත්, ඔහුගේ සමාජයේ නීති විරෝධී ලිංගික ක්රියා හරහා සමාජයට අපහාසයක් සිදුවේ.

වජීකරණ චිකිත්සාවේ ප්‍රතිලාභ:-

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එන වාජීකරණ ප්‍රතිකාර හරහා ලිංගික ක්‍රියාවන් සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය වර්ධනය කිරීම සිදුකරනු ලැබේ.

එම ප්‍රතිකාර හරහා හොඳ ශක්තිවන්ත පුද්ගලයකු සමාජයට බිහිකිරීම සිදුකෙරේ. එදා වාජීකරණ ප්‍රතිකාර අවශ්‍ය වූයේ සමාජ අවශ්‍යතාවයන් පවත්වා ගැනීමටය. නමුත් අද වනවිට ඒ තත්ත්වය බොහෝදුරට වෙනස් වී ඇති අතර වර්තමානයේ බොහෝ දෙනා වාජීකරණය කෙරෙහි යොමුවන්නේ ලිංගික ජීවිතයේ සතුට වර්ධනය කර ගැනීම සඳහාය.

කෙසේ වෙතත් නිරෝගී ජනතාවක්, නිරෝගී මානසිකත්වයක් වගේම සමාජ සම්බන්ධතා තිබෙන පවුලක්, සතුටෙන් සිටින මිනිස්සු බිහිකිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේ සැබෑ අරමුණය.

අන්තර්ජාල බ්ලොග් අඩවි
ලිපි ඇසුරින් සකස් කරන ලදී.

මෙවැනි මගින් දේශීය පාරම්පරික හා අයුර්වේදය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පහත සබැඳිය හා එක්වන්න.
Hela Wedakama Medical Association

03/04/2025

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ජීවක කෝමාර භච්චය. එතුමන් රෝගීනට ප්‍රතිකාර ලබාදීමේ දී පොදු ජනතාව පමණක් නොව රාජ රාජ මහාමාත්‍ය - සිටුවරු ඇතුළු ප්‍රභූ පංතිය පමණක් නොව තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ද වෛද්‍යවරයා බවට පත් වී සිටියහ.

ජීවක ගෞතම බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත් වීම සඳහා ප්‍රාර්ථනය ඇති කර ගනු ලැබුවේ පෙර ආත්ම භවයන් රාශියකට පෙර ය. එනම් පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි හංසවතී නුවර උපත ලැබූ ඔහු එදවස ශාස්තෘන් වහන්සේගේ ප්‍රසාදය ලැබූ උපාසකයකු ව ජීවත් වූ බව (මනෝරථ පුරණියෙහි) සඳහන් වන්නේ ය. හෙතෙම සංඝයා වහන්සේට කරන ලද පූජාවකින් අනතුරුව "මම ඒකාන්ත වශයෙන් ම අනාගත බුද්ධෝත්පාද කාලයෙහි උන්වහන්සේගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන බවට ප්‍රාර්ථනා කළ බව අප හට ප්‍රකට වේ. ජීවකගේ මෙලොව ජනිත වීම පිළිබඳ කතාන්තරය නම් අසන්නාට, කියවන්නාට එතරම් ප්‍රියමනාප වූ එකක්, සිද්ධියක් නොවන්නේ ම ය.

එදවස භාරත දේශයෙහි අතිශය රූබර ලලනාවක් ඉපදුණේ නම් රජ බිසවක් ලෙස රජෙකුට පරිහරණය කිරීමේ දුෂ්කරතා ඇති වී තිබුණු බව ප්‍රකට ව පෙනේ. එවන් අභිරූපිකාවියන් එක රජෙකුට පරිහරණය කිරීමට නොහැකි වූ විට, අදාළ පාලකයන් විසින් ම සුව පහසු මැදුරු, සේවක සේවිකාවන් හා වස්තුව ද සපයා දී රජවරුන්, ඇමතිවරුන්, ක්‍ෂත්‍රීයයන්, ප්‍රමුඛයන් කහවණු දහස් ගණන් අය කොට පිනවීමට සුදුසු පරිදි නීත්‍යනුකූල ලෙස කටයුතු කිරීමට ඔවුනට අවස්ථාව සලසා දී තිබිණි. බුදුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි වේසාලි නම් වූ ධනවත් නගරයෙහි විසූ අම්බපාලී නමැති රූබර ගණිකාව එයට නිදසුනකි. බිම්බිසාර රජු පවා ඇතැම් විට තම ආශාවන් සනහාලන්නට ඇයගේ මැදුර කරා ගොස් ඇය සමඟ දින ගණන් රිසි සේ සතුටින් කල් ගෙවා ඇත.

මෙදවස විශාලා මහනුවර ධනවත් සිටුවරයකුට දාව උපන් කුල කුමරියක් වූ සාලවතී ද රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තියකි. ඇය සිරිකතගේ දියණියක් ලෙස හැඳින්විණි. වරක් ඈ දෙස බැලූ පිරිමියෙකු රජ කුමරෙකු, සිටුවරයකු නැවත ද ඈ දෙස හැරී බලනුයේ ඒ රූසිරි බවින් ආකර්ශනය වීමෙනි. ප්‍රභූ ජනතාවගේ ඉල්ලීම පරිදි රූමත් සාලවතී කුමරිය වෙත රාජ්‍ය අනුග්‍රහයෙන් සුඛෝපභෝගී මැදුරක් සේවකාදීන් හා වස්තුව ලැබුණ අතර ඇය නගර ශෝභිනියක් බවට පත්විය. සාලවතී කුමරිය රූමත් බවින් මෙන් ම නැණ නුවණින් ද යුක්ත වූවා ය. සාලවතී කුමරිය පොකුණෙහි, නාන තොටෙහි සිය යෙහෙළියන් සමඟ දිය නෑමට ගිය විට ද, බිම්බිසාර රජුගේ කනිටු පුත් අභයරාජ කුමරා ඇයගේ දර්ශනය ද, දෙවනු ව ඇසුර ද ප්‍රිය කළේ ය. වැඩිකල් නොගොස් කුමරිය වසන මැදුර නිසසල විය. කුමරුන් නිසා ඈ ගැබ්ගෙන සිටි නිසාය. ගැබ්බරින් පසු වූ සාලවතී නගර ශෝභිනිය දිනක් අඳුරු කුටියෙහි ප්‍රසූත වේදනාවෙන් පසුවෙමින් සිට, අරුණෝදයට ආසන්න රාත්‍රියෙහි පුත්‍රයෙකු ප්‍රසූත කළාය. වැදූ ළපැටියා කොතරම් හුරුබුහුටි බැව් පෙනුනත් නගර ශෝභිනියකට පුතෙකුගෙන් ඇති ඵලය කිම? ඇතමුන් අනුමාන කරන්නේ ඇයට වැදූගෙයි සන්නියක් වැළඳෙන්නට ඇතැයි කියා ය. කෙසේ හෝ ඇය සිහිවිකල්ලෙන් මෙන් තමා ප්‍රසූත කළ ඒ දයාබර ලේ කැටි පුතු උපන් සැනෙකින් ම තම සේවිකාවකට කියා මදක් ඈතින් පිහිටි කසළ ගොඩක රඳවනු ලැබුවා ය. මද වේලාවක් ගත වෙත් ම අරුණෝදය දීප්තිමත්ව හැම තැන සිසාරා පැතිර යමින් තිබිණි.

ඒ උදෑසන තරුණ අභය රාජ කුමරුන් ව්‍යායාමයක් ලෙසින් දෝ තම ආරක්ෂක රාජ්‍ය සේවකයන් ද සමගින් අසුපිටින් මේ අසලින් පියමන් කරමින් සිටියේ ය. කසළ ගොඩෙහි කුණු තැවරුණු සුරුබුහුටි සිඟිති බබෙකු සිටිනු දුටු රජකුමරා නොපමාව මොහොතකට අසු නවතා දරුවා තවමත් ජීවතුන් අතර දැයි විමසීය. එසේ ය, කුමරුනි යයි සවනෙහි රැඳෙත් ම, එසේ නම් වහාම දරුවා අහුලා ගන්න යැයි රාජ්‍ය සේවකයන් දැනුවත් කළේ ය. ළදරුවා නිරුපද්‍රිත ව ජීවතුන් අතර පසු වූ බැවින් ඔහු රජ මැදුර කරා සෙනෙහසින් ගෙන ගොස් කිරිමව්වරුන්ට භාර කළහ. සිඟිත්තා ජීවත් වන බැවින් 'ජීවක' යයි නම් තබනු ලැබුවේ ය. අභය රාජ කුමරා ළදරුවා වෙත සෙනෙහසින් අවශ්‍ය සැප සම්පත් ලබා දෙමින් ස්නේහයෙන් පෝෂණය කරගන්නා ලද්දේය. ඔහුට රජ කුමරකුට මෙන් අවශ්‍ය සියලු සුව පහසුකම් සලසා දුන් අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ඔහු හැඳින්විණි. ළදරුවා කුඩා කල සිට ම වැඩිහිටි බසට කීකරු බුද්ධිමත් ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලැබුවේ ය. නිමිති ලක්ෂණ පිළිබඳ පඬිවරු ඔහු ගැන පැවසුවේ ස්ථිර වශයෙන් ම මොහු මහා පඬිවරයකු වීමේ වාසනා ගුණයෙන් යුතු ව සිටින බව ය. ජීවකයාගේ පියා තමා බව අභයරාජ කුමරු පුතුට සෙනෙහසින් පවසා ඇත. ජීවකට කුඩා කල රජ කුමරෙකුට මෙන් පූර්ව අධ්‍යාපනය ලබා දුන්නේ ය. ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය රජ කුමරෙකුට ලබා දෙන්නා වූ යුද ශිල්පය, ධනු ශිල්පය ආදී වශයෙන් රාජ්‍ය පාලකයකුට ලබා දෙන්නා වූ අධ්‍යාපනයන් ප්‍රගුණ කරලීම නොවේ. ජීවක කුඩා කාලයේ පටන් ම සත්ත්ව ශරීරයෙහි ඇතිවන වේදනා දැන සිටියේ ය. දිනක් ඔහු දුනුවායකු නිසා වේදනාවෙන් ලේ ගලමින් සිටි සැළලිහිණියකු ගෙනවුත් ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේ ය. ජීවකගේ සිත්හි පෙර ආත්මවල සිට පැවත ආවේ ලෝ සතුන් ශාරීරිකව සුවපත් කරලීමයි. එකී මාහැඟි අධිෂ්ඨානයක් පෙරදැරි කරගෙන සිටි ඔහු දිනක් කිසිවෙකුට හෝ නොදන්වා තක්ෂිලා නුවර විශ්වවිද්‍යාලයේ දිසාපාමොක් මහැදුරු අබියසට පැමිණියේ ය. තමා පැමිණියේ 'වෛද්‍ය විද්‍යාව' හැදෑරීමට යැයි හෙතෙම පැවසීය. එසේ නම් චාරිත්‍රානුකූල ව ගුරු පඬුරු ගෙනවිත් තිබේ දැයි ඇදුරුතුමන් විමසීය. තමා බිම්බිසාර රජ මාලිගයේ වසන බවත්, ඔහුට නොදන්වා මෙහි පැමිණි නිසා කහවණු නොගෙනා බවත් පවසමින්, ඒ වෙනුවට තමා මහැදුරු තුමාගේ බැල මෙහෙවරකම් කරදෙන බවත් පැවසීය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවකගේ ශරීර ලක්ෂණ දෙස නිරීක්ෂණය කර බලා, මොහු විශිෂ්ට ඥානවන්තයකු වන බව තේරුම් ගෙන, ඔහු ව වසර හතක වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීම පිළිබඳ වූ අධ්‍යයනය සඳහා බඳවා ගනු ලැබුවේ ය.

'වෛද්‍ය පීඨයේ' තක්ෂිලා නුවර සරසවියේ වෛද්‍ය විෂය ධාරාව හදාරා ඉතා දක්ෂ ලෙස අවසන් කළ ජීවක තමා අබියසට කැඳවූ වයෝවෘධ දිසාපාමොක් මහැදුරුතුමා මෙවන් ඉල්ලීමක් ඔහුට ඉදිරිපත් කළේ ය. එනම් මේ මිහිතලය තුළ ඖෂධයක් නොවන කිසියම් පැළෑටියක් වේ නම් එය සොයාගෙන අවුත් තමන් වෙත නොපමාව ඉදිරිපත් කරන ලෙස ය. දිසාපාමොක් ඇදුරුතුමා පෙන්වා දුන් පෙදෙස වූ සොළොස් ගව්වක ප්‍රමාණයක් ආවරණය වූ භූමි තලයක් සිසාරා විවිධ වෘක්ෂ හා පැළෑටිවල මුල් පොතු, කොළ, කඳ පිළිබඳ ව පර්යේෂණය කළ ජීවක තම වගකීම් කාර්යය නිමා කොට, සිය නිගමනය මෙලෙස හෙළි කළේ ය. මේ මිහිතලය මත එවන් ඖෂධයක් නොවන කිසිදු පැළෑටියක් නොතිබෙන බව ය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවක මහා ප්‍රාඥ වෛද්‍යවරයකු ලෙස එමගින් අවසන් ලෙස නිගමනය කළ අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ද, (කුමාරෙන පොසාපිතො කොමාරපච්චො) යනුවෙන් ද ඔහු හඳුන්වන ලදි.

වෛද්‍ය ජීවක කෝමාර භච්ච තක්ෂිලා නුවරින් ආපසු තම උපන් ප්‍රදේශයට ඒමට පිටත් ව සිටියදී, සාකේත නුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකුගේ ඇඹේණිය සත්වසරක් දැඩි හිස රුජාවෙන් පෙළෙමින් සිටි අතර, තම වෛද්‍ය ප්‍රතිකාරයෙන් ඇය සුවය ලැබුවා ය. සතුටට පත් සිටුවරයා සිය ධනයෙන් කහවණු දහසයදහසක් ඔහුට තිළිණ කළේ ය. මේසා විශාල ධනයක් පිරිනැමුවේ කුමකට ද, මා ජීවත් වන්නේ වෛද්‍ය කර්ම කිරීමට විනා ධනය ඉපයීමකට නම් නොවන්නේ යයි හෙතෙම සිතුවේ ය.

ජීවක වෛද්‍යවරයා රජගහනුවරට පැමිණි විට අභයරාජ පියා තම පුතණුවන් පැමිණීම නිසා මහත් සේ සොම්නසට පත්විය. ඔහු සතුට පළ කළේ ජීවක තමාට දාව උපන් බව පවසමිනි. ඉක්බිතිව අභය රාජ කුමරුන් දයාවෙන් ජීවක වෙත තම රජ මැදුරට සමීප ව තවත් මැදුරක් ද තනවා වාසය සඳහා පිළිගැන්වීය.

දෙවනු ව ජීවක වෛද්‍ය - බිම්බිසාර රජු බගන්දරා නම් රෝගයෙන් පෙළෙමින් සිටි බැවින් එම රජුට ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේ ය.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට 'වෛද්‍ය ශිරෝමණී' නාමය සහිත තනතුරු ද ලක්ෂයක් අගනා නියම් ගමක් ද අඹ උයනක් ද සිය ගණනක් පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදි.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට "වෛද්‍ය ශිරෝමණී" නාමය සහිත තනතුරු ද ලක්ෂයක් අගනා නියම් ගමක් ද අඹ උයනක් ද සිය ගණනක් පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදි.

මේ අතර උදේනි නුවර චණ්ඩපජ්ජෝති රජුගේ ආරාධනයෙන් වෛද්‍ය මෙහෙවරක් කිරීමේ අවස්ථාව ජීවකට උදාවිය. ජීවකගේ ප්‍රතිකාර මහිමයෙන් රජුගේ රෝගාබාධ පුදුමාකාර ලෙස නිවාරණය විය. මෙයින් ඉමහත් සතුටට පත් රජු ජීවකට මහා ධන පරිත්‍යාගයක් ද මිල කළ නොහැකි අගනා සළුවක් ද පරිත්‍යාග කරන ලද්දේය. ජීවක මේ අගනා සළුව බුදුන් වහන්සේට පූජා කළ බැව් සඳහන් වේ. රජගහනුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකු රෝ බියෙන් පසු වූ අතර, ඔහුගේ හදිසි මරණය දින 05 කින් සිදු වන බවට තොරතුරු පැතිරිණ. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලැබූ සිටුවරයා තමන්ගේ අසූ කෙළක් ධනය වෛද්‍යතුමන් වෙත පවරමි යැයි සැළකර සිටියේ ය. බරණැස් නුවර (බාරනාසි) සිටුවරයකුගේ රෝගාබාධයකයට ද ප්‍රතිකාර කොට සුවය ලබා දී මහා ධන සම්පත් පරිත්‍යාග පිරිනැමිණ.

ජීවක වෛද්‍ය විශේෂඥවරයාණන් නොබෝ කලෙකින් දඹදිව් තලයෙහි මහා ධනවතෙකු බවට පත් වූ අතර මහමැදුරු සංකීර්ණයකින් සමන්විත ජීවකාම්බ වනයේ හිමිකරු බවට ද පත්විය.

"දික් සඟියෙහි සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් පරිදි මේ සශ්‍රීක 'ජීවකාම්බවනය' සියලු සම්පත් සමගින් පසු කල බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලද්දේය.

බුදුන් වහන්සේ සමීප ව ඇසුරු කළ ජීවක වෛද්‍යවරයාණන් උන්වහන්සේ කෙරෙහි දැක්වූයේ අප්‍රමාණ භක්තියකි. ගෞරවයකි. බුදුරදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ වෙත "ජීවකාම්බ වනය" පූජා කරලීමට පෙරාතුව, බුදුන් වහන්සේට වැඩ සිටීමටත්, භාවනා කිරීමටත්, සරිලන ආකාරයෙන් භාවනා කුටි, ධර්ම දේශන ශාලා, මණ්ඩප, දාන ශාලා, සක්මන් මළු ඇතුළු බෞද්ධ විහාරාංගයක අත්‍යවශ්‍ය ගෘහ නිර්මාණ අංගයන්ගෙන් පරිපූර්ණ සංඝාරාමයක් හෙතෙම ඉදි කර වූයේ ය. ගොඩනැඟිලි හාත්පස අටළොස් රියන් ප්‍රාකාරයක් ද ඉදිකර වී ය. බුදුන් වහන්සේ වඩාත් කැමැත්තෙන් මේ නිස්කලංක සංඝාවාසයෙහි හා ගන්ධකුටියෙහි වැඩ වෙසෙමින් ජීවක සූත්‍රය, සාමඤ්ඤඵල සූත්‍රය, චුල්ලසෙට්ටි ජාතකය ආදී සූත්‍ර රාශියක් දේශනා කරමින් ශාසනික මෙහෙවරෙහි නිරත වූ බව ත්‍රිපිටකයෙන් සනාථ වේ. ජීවක වෛද්‍ය විසින් බුදුන් වහන්සේට විහාරයක් තනා පූජා කළ බව ජීවක සුත්ත වණ්ණනා - පපඤ්චසුදනියෙහි සඳහන් වේ.

ජීවක කෝමාරභච්ච සෝවාන් ඵලයට පත් වූ උපාසකයෙකු බව ද ප්‍රකට වන්නේ ය. ජීවක එක් කලෙක භාග්‍යවතුන් වහන්සේගේ දොස් කිපී පීඩිත ව පැවති ශරීරය සැහැල්ලු වන ආකාරයට විරේක කරවා සිවෙය්‍යක වස්ත්‍ර යුගලය පූජා කොට වස්ත්‍ර දන්දීම නිසා කළ අනුමෝදනාව අවසන සෝවාන් ඵලයෙහි පිහිටියේ යැයි ද සඳහන් වේ

"ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ සරණ යමි, භික්ෂු සංඝයා සරණ යමි. ධර්මරත්නය සරණ යමි. "ජීවක සුත්ත වණ්ණනා - පපඤ්චසුදනිය" ඒ බව සඳහන් කර ඇත. දම්රජාණෝ ජීවකයනට කළ ධර්ම දේශනය - මජ්ඣිම නිකායේ - ජීවක සූත්‍රයෙහි සඳහන් වන්නේ ය.

මහාවග්ගයේ විවරක්ඛන්ධක යේ සඳහන් මෙම කොටසින් ජීවක වෛද්‍යවරයාණන් බුදුන් වහන්සේගේ ශරීරයේ ඌෂ්ණාධික අවස්ථා නිවාරණය කොට ශරීර සුවය ලබාදීමට ඉවහල් වී ඇත. ඒ මෙසේ ය.

ජීවක විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ දොස් කිපී සිටි අවධියක, භාග්‍යවතුන් වහන්සේට තිස් වසරක විරේකය සඳහා බෙහෙත් ප්‍රතිකාර කර ඇත. එක් එක්වර විරේක ප්‍රතිකාර බේත් ගැනීමෙන් පසු උණු දිය ස්නානය කළ යුතු බැව් සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මේ ප්‍රතිකාර මාලාව මගින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිනිඳු ආහාර ගැළපේ යැයි ද නිගමනය කොට ඇත. අනතුරුව ගෞතමයාණන් වහන්සේගේ ශරීරය මද කාල පරිච්ඡේදයකින් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇත.

(විවරක්ඛන්ධකය - මහාවග්ගය.)

බුදුන් වහන්සේ වැඩ සිටි තවත් විහාරයක් වූ "මද්දකුච්චි විහාරය" ජීවකාම්බ වනය නුදුරින් පිහිටි එකකි. පාපතර දෙව්දත් තෙර ගිඡ්ජකුට පර්වතයේ උඩ සිට බුදුන් වහන්සේ ඝාතනය කිරීම සඳහා මහගල් පෙරළීය. ක්ෂණයෙන් පොළොවෙන් මතු වූ ආධාරක කළුගල් මගින් බුදු සිරුරට රක්ෂාවරණය සලසන ලදි. එහෙත් මේ අවස්ථාවේ දී කැඩී ගිය ගල් පතුරක් වැදීමෙන් බුදු සිරුරට වේදනාවක් ඇති වූ අතර උන්වහන්සේට පියනගා ගමන් කිරීමට පවා දුෂ්කර විය. එහි දී භික්ෂූන් වහන්සේ මේ ස්ථානයට පැමිණ මඤ්චසිවිකාවක බුදුන් වහන්සේ හොවා වඩා හිඳුවා - මද්දකුච්චි විහාරයට ඔසවා වැඩම කරවා ගෙනා අතර, එතැන් සිට ජීවකාම්බ වනයේ උන්වහන්සේ වැඩ සිටින ගන්ධකුටියට නැවත ඔසව ගෙන එන ලද්දේය. එහි දී බුදුන් වහන්සේට ප්‍රතිකාර කරලීමට කැඳවන ලද්දේ උන්වහන්සේගේ ජීවක වෛද්‍යවරයාණන්ට ය. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකාර මගින් සියලු ශාරීරික අපහසුතා දුරු වූ අතර, බුදුන් වහන්සේට නැවත ශාරීරික සුවය ළඟාවිය. පාපතර දේවදත්ත බුදුන් වහන්සේගේ ලේ සෙලවීමේ පාපකර්මය නිසා අපාගත විය.

භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බව

රැකදීම සඳහා බුදුන් වහන්සේ ජීවක වෛද්‍යවරයාණන්ගේ අනුශාසනා ඒ ආකාරයෙන් ම පිළිගත් බවත් ත්‍රිපිටකයේ සඳහන් වලින් සනාථ වේ. රස බොජුන් වළ¹ ශරීරයට නිසි ව්‍යායාම නොලැබ වාසය කිරීමෙන් භික්ෂු සංඝයා වහන්සේ ශාරීරික රෝගාබාධයනට ගොදුරු වන බව පළමුවෙන් ම පෙන්වා දී ඇත්තේ ජීවක වෛද්‍යතුමන් ය. ශාරීරික සෞඛ්‍ය රැකෙන ආකාරයෙන් සක්මන් භාවනාවෙහි යෙදීම, ආරණ්‍ය - සංඝාවාස - නිවහන, ගෙවත්ත නිසි ලෙස අතුපතු ගා පිරිසිදු කිරීම ආදී ක්‍රියාවන්හි භික්ෂු - භික්ෂුණිය නිරතවීම සුදුසු බව බුදුන් වහන්සේ ඒ අනුව සසුන දැනුවත් කර ඇත.

ජීවක, තුන්ලෝකාග්‍ර ශාන්ති නායක බුදුරදුන්ගේ වෛද්‍යවරයා බවට පත්වීමට තරම් වූ කුසල කර්මයන්ගෙන් පිරුණු මහෝත්තමයකු විය. මහණෙනි, යම් කෙනෙක් මට උවටැන් කරන්නේ නම් ඔහු විසින් ගිලනුන්ට උපස්ථාන කළ යුතු යැයි වදාළහ. (මහාවග්ගපාලි) ජීවක වෛද්‍යවරයා තමන් හරිහම්බු කරගත් කෝටි ගණන් ධනය බුද්ධ ශාසනික කටයුතුවලට නිර්ලෝභී ව පිරිනැමූ අතර, අන්‍යාගමික බැතිමතුනට වෙනසක් නැතිව ධන පරිත්‍යාග කර ඇත.

ජීවක වෛද්‍යවරයා සිය දිවියෙහි අවසාන කාලයෙහි බුදු සසුනෙහි පැවිදි වූ අතර මාර්ගඵල ලැබූ ප්‍රසන්න පුද්ගලයන් අතර ප්‍රධාන තැන ජීවකට හිමිවිය යුතු ම යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. (අංගුත්තර නිකාය)

භාර්හුට් ස්ථූපයෙහි ඇති 'භාර්හුට් කැටයමක' ජීවක අඹ වනයෙහි මණ්ඩමාල නම් වූ නිසීදක ශාලාව විදහා පෙන්වා දක්වා ඇත. ජීවක අඹ වනයෙහි ගොඩනැඟිලි සංකීර්ණය එදවස බුදුන් වැඩ සිටි කාලයෙහි ව්‍යාප්ත ව ඉදි වී තිබිණි. මේ සංකීර්ණයේ චතුරස්‍රාකාර ගොඩනැඟිලි නටබුන් හමු වී ඇත. ඒ අතර භාජන, පාත්‍ර, දීසි, කෝප්ප ආදී උපකරණ රාශියක නටබුන් ද ඉන්දීය පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇත.

තථාගතයන් වහන්සේ ලෝවැසියන්ගේ දුක් කම්කටුලුවලට වෙදකම් කළ මහා වෙදාණන් 'භෙසඡ්ජගුරු' ලෙස අංගුත්තර නිකායේ සඳහන් වේ.

ආචාර්‍ය සිරි නිස්සංක පෙරේරා.
දිවයින 01/05/2011 හා 08/05/2011
අන්තර්ජාල බ්ලොග් අඩවි
ලිපි ඇසුරින් සකස් කරන ලදී.

මෙවැනි මගින් දේශීය පාරම්පරික හා අයුර්වේදය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පහත සබැඳිය හා එක්වන්න.
Hela Wedakama Medical Association

ගරු විෂය භාර අමාත්‍යතුමාගේ අවධානය පිණිසයි.ඊලගට ආයුර්වේද වෛද්‍ය සභාව සහ ශිල්පීය අංශය ශුද්ධ කරමුද?ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පැ...
03/04/2025

ගරු විෂය භාර අමාත්‍යතුමාගේ අවධානය පිණිසයි.

ඊලගට ආයුර්වේද වෛද්‍ය සභාව සහ ශිල්පීය අංශය ශුද්ධ කරමුද?

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පැටිකිරිය ඔවුන්ගේම වෙබ් අඩවිය ලෝකෙටම හෙළි කරයි

වෛද්‍ය සභාවේ අනුභව අනුදැනුම ඇතිව ව්‍යාජ ලෙස ලියාපදිංචිය දුන් පහල නිලධාරීන්ගේ සිට ඉහල නිලධාරීන් දක්වා විමර්ශනය කිරීම ආරම්භ කරමු.

ලබා ගත් අල්ලස් හා අල්ලස් නොදුන් දේශීය පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ලිපිගොනු කුණු කූඩයට ව්සි කිරීමට හේතු ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වීමට බල කරමු.

03/04/2025

හෙළ වෙදකම යනු තවත් හොර වෛද්‍ය සභාවක් නොවන බව හැමදෙනාම තේරුම් ගත යුතුයි.

අප දේහ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංගමයකි.

ශ්‍රී ලංකා ජනරජය තුළ දැනට ක්‍රියාත්මක වන්නේ වෛද්‍ය සභා තුනක් පමණයි.

01. බටහිර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සභාව.

02. හෝමියෝපති වෛද්‍ය සභාව.

03. ආයුර්වේද වෛද්‍ය සභාව යන දූෂිත වෛද්‍ය සභාවයි. මෙම වෛද්‍ය සභාව දැනට දේශීය පාරම්පරික වෛද්‍යවරුන් හා යුනානී වෛද්‍යවරුන් හා සිද්ධ වෛද්‍යවරුන් යටත් කරගෙන සිටින, වෛද්‍යවරුන් සඳහා ලියාපදිංචිය අල්ලස්වලට ලබාදෙන වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් දැඩි මානසික පීඩනයට ලක් කරමින්, ආයුර්වේද වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩල සේවකයන් දැඩි අපහසුතාවයට පත් කරමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව තුළ ඇති, දූෂිතම වෛද්‍ය සභාව වේ.

ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය කරුණාකර මේ පිළිබඳව යොමු කර දැඩි පරීක්ෂණයක් අයුරුවේද වෛද්‍ය සභාව සහ අයුරුවේද දෙපා...
03/04/2025

ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය කරුණාකර මේ පිළිබඳව යොමු කර දැඩි පරීක්ෂණයක් අයුරුවේද වෛද්‍ය සභාව සහ අයුරුවේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද ඖෂධ සංස්ථාව පිලිබඳ පවත්වන්න.

මෙවැනි දූෂිත අයුරුවේද අයුර්වේද දෙපාර්තමේන්තුවක් හා වෛද්‍ය සභාවක් පාරම්පරික වෛද්‍යවරුන්ට කුමටද.

වහාම දේශීය පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් නව කොමසාරිස් කෙනෙක් යටතේ ජයේ දේශීය පාරම්පරික වෛද්‍ය සභාවක් ස්ථාපිත කිරීමට කාලය එළැඹ ඇත.

ආයුර්වේද වෛද්‍ය සභාව දිගින් දිගටම පාරම්පරික වෛද්‍යසිසුන් විභාග වලින් අසමත් කරමින් ඔවුන් දැඩි මානසික පීඩනයට පත් කරමින් එම...
03/04/2025

ආයුර්වේද වෛද්‍ය සභාව දිගින් දිගටම පාරම්පරික වෛද්‍යසිසුන් විභාග වලින් අසමත් කරමින් ඔවුන් දැඩි මානසික පීඩනයට පත් කරමින් එම අසමත් කරන සිසුන් වෙනුවට රුපියල් ලක්ෂ 12,00000/- බැගින් ගෙන වුන්ගේ හිතවතුන් සහ ව්‍යාපාරිකයන්ට සර්වංග වෛද්‍යවරුන් ලෙස ියාපදිංචිය ලබාදෙමින් මේ ගෙනයන දුශිත වැඩපිළිවෙළ වහා නවත්වමු.

ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය කරුණාකර මේ පිළිබඳව යොමු කර දැඩි පරීක්ෂණයක් අයුරුවේද වෛද්‍ය සභාව සහ අයුරුවේද දෙපාර්තමේන්තුව ගැන පවත්වන්න.

මෙවැනි දූෂිත අයුරුවේද අයුර්වේද දෙපාර්තමේන්තුවක් හා වෛද්‍ය සභාවක් පාරම්පරික වෛද්‍යවරුන්ට කුමටද.

වහාම දේශීය පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් නව කොමසාරිස් කෙනෙක් යටතේ ජයේ දේශීය පාරම්පරික වෛද්‍ය සභාවක් ස්ථාපිත කිරීමට කාලය එළැඹ ඇත.

Address

Hela Wedakama Medical Association
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Wedakama Medical Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Nearby clinics


Other Colombo clinics

Show All