LOVE

LOVE 🅻♡🆅🅴 🅼🅴 ඔයත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න හීන දකින මම...
ආදරේට හැමදාමත් ආදරෙන් love
https://www.facebook.com/Love.oneteam.lk

ඔය පොටෝ එකේ උඩ ඉන්නේ MGR සහ ජයලලිතා කපල් එක. ඔතනින් MGR තමයි දකුණු ඉන්දියාවේ රජ්නිලා විජේලටත් කලින් සුපර්ස්ටාර් ලෙවල් එක...
05/05/2026

ඔය පොටෝ එකේ උඩ ඉන්නේ MGR සහ ජයලලිතා කපල් එක. ඔතනින් MGR තමයි දකුණු ඉන්දියාවේ රජ්නිලා විජේලටත් කලින් සුපර්ස්ටාර් ලෙවල් එකට ගිහින්, රජ්නිලාටත් වඩා පිස්සුවක් ඉන්ඩස්ට්‍රිය ඇතුළේ ඇති කරපු නළුවා. ඒකෙ එන්ඩ් රිසාල්ට් එක විදියට MGR ඡන්දේ ඉල්ලලා තමිල්නාඩුවේ මහ ඇමති බවට පත් වෙනවා. ලංකාවේ තේ වත්තක හැදුණු කොල්ලෙක්, තමිල්නාඩුවේ මහ ඇමති වෙනවා. කෙලින්ම සිනමාව නිසා විතරමයි!

ඒ කාලේ හා හෝවක් යනවා MGR ට තමන්ගේ co star කෙනෙක් වුණු ජයලලිතා එක්ක අනියම් සම්බන්ධතාවක් තියෙනවා කියලා. පසු කාලීනව ඒක හා හෝවක් නෙවෙයි, සත්‍යයක් කියලා හැමෝටම පේන්න තියෙන ප්‍රසිද්ධ රහසක් වෙනවා. කවදාවත් කසාද නොබැන්දාට, දෙන්නගේ බැඳීම අසල්වැසි ලංකාවේ පවා ප්‍රසිද්ධ වෙනවා.

MGR තමන් මියෙනකන්ම අවුරුදු 10 ක් තමිල්නාඩුවේ මහ ඇමතිකම දරනවා. 1987 MGR මිය ගියාම ඒ පක්ෂෙ නායකකම විතරක් නෙවෙයි, තමිල්නාඩුවේ මහ ඇමතිකම කියන දෙකම හිමි වෙන්නේ අර MGR ගේ අනියම් පෙම්වතිය කියලා හඳුන්වපු ජයලලිතාට.

එතකොට පොටෝ එක පහළ ඉන්නේ තලපති විජේ සහ ත්‍රිශා. 2004 විතර ඉඳන් එකට රඟපාන කපල් එකක්. ඒ වගේම මේ වෙද්දි විජේ සහ ත්‍රිශා අතර අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා මුලු තමිල්නාඩුව පුරාම පැතිරිලා ඉවරයි. කොටින්ම විජේගෙ වයිෆ් සංගීතා මේ නිසා විජේගෙන් ඩිවෝස් එක පවා ඉල්ලනවා. තත්ත්වය ඒ තරම් දරුණුයි. එහෙම වෙලත්, අද විජේගෙ පක්ෂේ තමිල්නාඩුවේ මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් යද්දී විජේගෙ ගෙදරට විජේගේ තාත්තා එද්දිත් ත්‍රිශා ඕල් රෙඩි එහෙට ඇවිල්ලා ඉවරයි.

විජේ කියන්නේ MGR රජ්නි ලයින් එකේ ඉන්න වර්තමාන සුපර්ස්ටාර්. බොහෝවිට ඔහු තමිල්නාඩුවේ මහඇමති වේවි. ඉතිහාසය දෙවෙනි පාරත් වෙනවා නම්, විජේගෙන් පස්සේ තමිල්නාඩුවේ මහඇමති වෙන්නේ කවුද කියන එක අපිට ගෙස් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.

හැබැයි සංගීතා ඩිවෝස් එක ඉල්ලුවේ නැත්නම්, mgr ගෙන් පස්සේ mgr ගේ වයිස් ජානකී රාමචන්ද්‍රන් දවස් 24 කට තමිල්නාඩුවේ මහඇමති උනා වගේ, සංගීතටත් චාන්ස් එකක් තිබ්බේ නෑ කියන්නත් බෑ! 😌

05/05/2026
නෑ
04/05/2026

නෑ

ටුක් ටුක් ආදරය 🥰සමන් යනු කොළඹ නගරයේ නමගිය ත්‍රීවීල් රියදුරෙකි. ඔහුගේ ත්‍රීවීල් එක පිටුපස "ඇස්වහ කටවහ දුරු වේවා" කියා ගසා...
04/05/2026

ටුක් ටුක් ආදරය 🥰

සමන් යනු කොළඹ නගරයේ නමගිය ත්‍රීවීල් රියදුරෙකි. ඔහුගේ ත්‍රීවීල් එක පිටුපස "ඇස්වහ කටවහ දුරු වේවා" කියා ගසා තිබුණත්, ඇතුළත හරියට ඩිස්කෝ එකක් වැනිය. බල්බ් වැල්, බොබ් මාලේගේ පින්තූර සහ සද්දෙට ඇහෙන බයිලා සින්දු වලින් සමන්ගේ වීල් එකට අඩුවක් තිබුණේ නැත.

එක්තරා කාර්යබහුල උදෑසනක, අතේ ලොකු අත්බෑගයක් සහ ෆයිල් කවර කිහිපයක් තුරුළු කරගත් ඉතා රූමත් තරුණියක් සමන්ගේ වීල් එකට ගොඩ වුණාය. ඇයගේ කොණ්ඩය කඩා දමා තිබූ අතර, ඇය සිටියේ තරමක් කඩිමුඩියේය.

"අයියේ, නුගේගොඩට යමු. ටිකක් ඉක්මනට යන්න ඕනේ," තරුණිය පැවසුවාය.

"හරි නෝනා, ගාණට ගෙනිහින් දාන්නම්. හැබැයි මේ ට්‍රැෆික් එකේ නම් ඉගිලෙන්න බෑ," කියමින් සමන් මීටරය පහත් කර ගමන ආරම්භ කළේය.

වාහනය මරදාන හරියට එනවාත් සමඟම, තරුණිය පිටුපස අසුනේ සිට ඉතාම ආදරණීය, එහෙත් තරමක් දුක්මුසු හඬකින් කතා කරන්නට පටන් ගත්තාය.

"ඔයාට දැන් මාව එපා වෙලා නේද?"

සමන් ගැස්සී ගියේය. ඔහු කණ්ණාඩියෙන් පිටුපස බැලුවේය. තරුණිය බලා සිටින්නේ ඉදිරිය බලාගෙනය. ඇය කතා කළේ කාටද? සමන් වටපිට බැලුවත් වෙන කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත.

"මටද නෝනා කිව්වේ? මම අදයි නෝනව දැක්කේ. මට කොහොමද එපා වෙන්නේ?" සමන් ටිකක් බියෙන් මෙන් ඇසුවේය.

නමුත් තරුණිය ඔහුට පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට ඇය නැවතත් කතා කළාය.

"බොරු කියන්න එපා. මම දැක්කා ඔයා ඊයේ වෙන කෙනෙක් එක්ක යනවා. කවුද ඒ ගෑනු ළමයා?"

සමන්ගේ ඇඟට හීනි දාඩියක් දැම්මේය. "අම්පෝ නෝනා! මොන ගෑනු ළමයෙක්ද? ඊයේ දවල්ම මම හිටියේ පංචිකාවත්තේ ගරාජ් එකේ. මගේ වීල් එකේ ක්ලච් කේබල් එක කැඩිලා. ගරාජ් එකේ බාස්ට ඕනේ නම් කෝල් කරලා අහන්න..." සමන් පාරේ අයිනට වීල් එක ගන්නවාදෝයි කියා දෙගිඩියාවෙන් කෑගෑවේය.

තරුණියගේ හඬ දැන් තරමක් උස් විය. "මට බොරු කාරයොත් එක්ක කතා කරලා වැඩක් නෑ. ඔයාට මාව ඇත්තටම ආදරෙයි නම්, අද හවසට මාව හම්බවෙන්න එන්න."

සමන් එකපාරටම බ්‍රේක් පෑගුවේය. වීල් එක කීස් ගා නතර විය. ඔහු කරේ තිබූ ලේන්සුවෙන් මුහුණේ දාඩිය පිසදා ගනිමින් පිටුපසට හැරුණේය.

"අනේ නෝනා, මට පවුලක් පන්සලක් තියෙනවා! මගේ ලොකු ළමයා මේ පාර ඕලෙවල් කරනවා. ගෙදර ගෑනිට මේවා ඇහුණොත් මාව කොස්සෙන් ගහලා පන්නයි. මම නිකමටවත් නෝනා දිහා කණ්ණාඩියෙන්වත් බැලුවේ නෑ. මාව අමාරුවේ දාන්න එපා දෙයියෝ!"

මේ කලබලය ඇසී තරුණිය ගැස්සී ගොස් සමන් දෙස බැලුවාය. ඇයගේ කඩා වැටුණු කොණ්ඩය අස්සෙන්, ඇගේ කනේ ගසා තිබූ කුඩා 'වයර්ලස් බ්ලූටූත් ඉයර්ෆෝන්' එක (Wireless Earbuds) සමන්ගේ නෙත ගැටුණේ එවිටය.

තරුණියට සිදුවූ දේ තේරුම් ගියාය. ඇය සිනහව නවත්වාගත නොහැකිව හයියෙන් සිනාසෙන්නට ගත්තාය.

"අනේ අයියේ... පිස්සුද! මම මේ ෆෝන් එකෙන් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක කතා කර කර ආවේ. කොණ්ඩෙට කන් දෙක වැහිලා නිසා අයියා දැක්කේ නෑ නේද? අයියෝ... සමාවෙන්න අයියේ!" ඇය සිනාසෙමින් බඩ අල්ලාගත්තාය.

සමන්ගේ පපුවේ ගැස්ම අඩු වන්නට විනාඩියක් පමණ ගත විය. ඔහු සුසුමක් හෙළා, නැවතත් වීල් එක පණ ගන්වා ගත්තේය.

"අප්පේ නෝනා... මගේ පපුවත් නැවතුණා. මම මේ බැලුවා, මම අද ඇඳන් ආපු මේ රෝස පාට ෂර්ට් එකට නෝනා පැහැදිලා, එකපාරටම මට ආදරේ ප්‍රකාශ කරනවද කියලා! අපරාදේ... මම හිතුවා මටත් මොකක් හරි වාසනාවක් පෑදුණා කියලා."

සමන්ගේ කතාවට තරුණියගේ සිනහව තවත් වැඩි වූ අතර, නුගේගොඩට යන තෙක්ම ත්‍රීවීල් එක ඇතුළේ සිනා හඬේ අඩුවක් නොවීය.
________________________________________________

පාඩුවේ රස්සාව කරන කොල්ලෝ අසරණ කරන්න එපා මැණික🫢 වයිෆ් හැපින්නක් උනත් ට්‍රයි කරලා බලන්නමයි හිත😁 එකක් එකක් දාලා එකත් කරලම යන්න

කවදාවත් අතට ලැබෙන්නේ නැති දෙයකට හදවත බැඳෙද්දි,ඒ දුරටම ලස්සනක් තියෙනවා… ඒත් ඒ ලස්සන ඇතුළෙම නිහඬ වේදනාවක් තියෙනවා         ...
04/05/2026

කවදාවත් අතට ලැබෙන්නේ නැති දෙයකට හදවත බැඳෙද්දි,
ඒ දුරටම ලස්සනක් තියෙනවා… ඒත් ඒ ලස්සන ඇතුළෙම නිහඬ වේදනාවක් තියෙනවා

💔🥀

✍️ Thoughts by Sameera

゚viralシfypシ゚viralシalシ

ඔයාගෙ එකත් දාමුද..එයා ලස්සන කෙල්ලෙක් 😍♥️ LOVE ඔයාගෙ ෆොටෝ ශූට්  අපිට WhatsApp කරන්න wa.me/+94754733407🔆🔆එයා ගොඩාක් ලස්සනය...
04/05/2026

ඔයාගෙ එකත් දාමුද..

එයා ලස්සන කෙල්ලෙක් 😍♥️ LOVE
ඔයාගෙ ෆොටෝ ශූට් අපිට WhatsApp කරන්න wa.me/+94754733407
🔆🔆
එයා ගොඩාක් ලස්සනයි.❤️
🖤 L❤VE ♥️
⚠️️ වෙනත් පිටු වල මෙම චායාරූප අවසරයකින් තොරව පලකිරීම සම්පූර්ණ තහනම්. ⚠️️
Spend your vacation with us.The best destination in the world..🇱🇰
𝐒𝗋𝗂 𝐋αN𝗄α 🍀🇱🇰
__________________
•••••©️•••••







📸 Credit to Respective Owner
🇱🇰 Sri Lanka

Address

Colombo

Telephone

+94787616089

Alerts

Be the first to know and let us send you an email when LOVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to LOVE:

Share