LOVE

LOVE 🅻♡🆅🅴 🅼🅴 ඔයත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න හීන දකින මම...
ආදරේට හැමදාමත් ආදරෙන් love
https://www.facebook.com/Love.oneteam.lk

20/08/2025
20/08/2025

කොහේ බැස්සත් බත් කටක් හරි දෙන්න එකෙක් ඉන්නවා...🥺❤️

20/08/2025

අව්වට පිච්චිලා ගිය ගසුත් දලු දාන කාලයක් එනවා මිත්‍රයා

" ඉවසන්න ✨"

20/08/2025

දවසක හරියන්න ඕනි,
ජීවිතේ පුරාවටම දුක් විදපු හැම මනුස්සයෙක්ටම ♥️

සමහර මවා ගැනීම් ඇතුලේ |      මං හරි සතුටින්...!! ☺️
20/08/2025

සමහර මවා ගැනීම් ඇතුලේ |
මං හරි සතුටින්...!! ☺️

20/08/2025

මගේ බෝයිපෙන් වගේ හැසිරෙමු 😌

පින්තූරය දැක්කම හිතෙන්නෙ මොකද්ද?අත්තටු කපනවා...අපි මෙහෙම හිතමු...ඔයා කැමති ද ඔයාගේ අත්තටු කපනවට??ඒ කිව්වේ ඔයා දැන් වැඩිහ...
20/08/2025

පින්තූරය දැක්කම හිතෙන්නෙ මොකද්ද?

අත්තටු කපනවා...අපි මෙහෙම හිතමු...ඔයා කැමති ද ඔයාගේ අත්තටු කපනවට??
ඒ කිව්වේ ඔයා දැන් වැඩිහිටියෙක්...ඔයත් කැමති නැත්නම් ඔයාගේ අත්තටු එහෙම නැත්නම් කැමැත්තට බාධා කරනවනං....... පුංචි දරුවෙක් කැමති වෙයි ද එයාගේ අත්‍තටු කපනවට?එයාගේ කැමැත්තට බාධා කරනවට???

හිතන්න.....ඔයාගේ දරුවාට ඔයා ඇයි අනවශ්‍ය සීමා මායිම්,නීතිවලින් බාධා කරන්නේ?

දරුවෙක්ට ගහල හදන්න පුලුවන් ද? බෑ ... කවදාවත් බෑ...

මෙහෙම හිතන්න...ඔයා කැමති ද ඔයාට ගහනවට?

ඉතින් ඇයි දරුවව ගහල හදන්න හදන්නේ?

ඔයා කැමති ද ඔයාගේ හැම වැරද්දකටම ඔයාට බයිනවට?

ඇයි එහෙනං දරුවට හැමවෙලේම බනින්නේ?

අපි හිතනවා ගහල,බැනල,කෑ ගහල දරුවව හදාගන්න පුළුවන් කියල....ඒත් එහෙම කරන්න බෑ ... හැම වෙලේම දරුවව නිවැරදි කරන්න යන්න එපා..වරදින්න දෙන්න.වැරදි වැරදි ජීවිතේ ඉගෙන ගන්න දෙන්න.

දරුවා හැමවෙලේම හරිම දේ කරයි කියල බලාපොරොත්තු වෙන ඔයාගෙ හිත වෙනස් කරගන්න....දරුවෙක් කියන්නේ ලෝකය අලුතින් දකින කෙනෙක් බව මතක් කරගන්න...

හිස් කඩදාසියක් වගේ පිරිසිදුව,විවෘත මනසකින් ,අපි ගැන අසීමිතව විශ්වාසයකින් මේ ලෝකේ එළිය දකින දරුවාට එයාගේ ජීව්තයේ ස්වාධීන වෙන්න දෙන්න....

✔කරුණාවන්ත වෙන්න..
✔ආදරය කරන්න..
✔ඉවසන්න...
✔මග පෙන්වන්න..

❌අපහස කරන්න එපා
❌විවේචනය කරන්න එපා.
❌අනවශ්‍ය නීති දාන්න එපා.
❌සංසන්දනය කරන්න එපා.

ගෙදර කියන්නෙ දරුවා තලල,බිදල දාන තැන නෙවි.

ලෝකය ඉදිරියට ආත්ම අභිමානයෙන් ඉස්සරහට යන්න කියල දෙන තැන කරන්න.

❤අනවශ්‍ය ලෙස දරුවාගේ ජීව්තයට බලපෑම් කරන්න එපා.

❤ස්වාධීනව ,ශක්තිමත්ව නැගී සිටින්න උදව් කරන්න.

ස්තූතියි.

-කෞශි ටීචර්-

🖊️ කෞශල්‍යා පෙරේරා
📚Advanced Certificate in Child and Education Psychology
🎓 Diploma in Childcare and Nutrition
🎓 Diploma in Early Childhood and Primary Education
🎓 B.Ed (Hons) Primary Education Undergraduate

20/08/2025

වැඩි ගානට හොන්ඩා ඩියෝ
ගත්ත උන් දැන්
හොන්ඩා ජුලෝ කරනවා 😂

20/08/2025

අද "World Photography Day" එක.
ඔයා ගහපු හොදම Photo 📷 එක දාගෙන යමු බලන්න.

"  දුක හිතෙන තැන් වල ඇස් රතුවෙනකම් අඩන්න ඕන අඩලා අඩලා කදුලු එක්ක ඒ දුක එලියට විසි කරලම දාන්න ඕන නැත්නම් අපිට සිද්ධ වෙන්න...
20/08/2025

" දුක හිතෙන තැන් වල ඇස් රතුවෙනකම් අඩන්න ඕන අඩලා අඩලා කදුලු එක්ක ඒ දුක එලියට විසි කරලම දාන්න ඕන නැත්නම් අපිට සිද්ධ වෙන්නෙ එකම තැන ලත වෙන්න , හැබෙයි උබ හිතන දේ හරි මතක කන්දක් යට යට කරලා ගියාම කොහමද එහම හිත හදාගන්නෙ , ඒතකොට අපිට අපි අමතක වෙනවා , ඒත් ජිවත් වෙන්න ඕනනම් අපිට සිද්ධ වෙනවා ඒ කන්ද පලාගෙන කොහමහරි නැගිටින්න , හරියට අවුරුදු දහයක් ආදරය කරලා දාලා ගියපු මනුස්සයාව ආයෙත් හම්බවෙනකොට කොහමද ඔයා හොදින්ද ඇහුවම ඔව් මම හොදින් කියලා කට පුරා හිනා වෙලා කියන විදියට ..."

සුකි✍️

හන්තානෙට පායන සඳ..නිලූශි ඇඳේ ගුලි වෙලා අඬමින් උන්නා. ඒකත් දැන් හුඟ වෙලාවක් තිස්සේ. අම්මා දවල්ට කන්න කතා කරත් නිලුශි කාමර...
19/08/2025

හන්තානෙට පායන සඳ..

නිලූශි ඇඳේ ගුලි වෙලා අඬමින් උන්නා. ඒකත් දැන් හුඟ වෙලාවක් තිස්සේ. අම්මා දවල්ට කන්න කතා කරත් නිලුශි කාමරෙන් එළියට ආවේ නෑ. බැරිම තැන අම්මා කාමරෙට ඇවිල්ලත් කතා කරා. නිලුශි නෙවෙයි ඔලුව ඉස්සුවේ. උණ ගන්න වගේ කියලා තවත් ඇඳේ ගිලි වුණා.

අන්තිමේ අම්මා බලෙන්ම පැනඩෝල් දෙකකුත් පොවලා නිලුශිගේ ඔලුවේ ඕඩිකොලොන් ටිකක් ගෑවා.

"කෙල්ල මේ දවස් වල විභාගෙට පාඩම් කරනවා ඇති. කොහෙද වෙලාවට කන්නේ බොන්නෙත් නෑනේ. "

අම්මා එහෙම හිතලා හිත හදා ගත්තා. හැබැයි වෙලා තිබුණේ වෙන දෙයක්. සයිලන්ට් දාපු ෆෝන් එකට හැත්තෑ අට වෙනි ඇමතුමත් ලැබෙමින් තිබුණා. වෙන කාගෙන්වත් නෙවෙයි. නිලූශිගේ පෙම්වතා වෙච්ච යසිරුගෙන්. දෙන්නා යාලු වුණේ මේ දෙන්නාගේ හොඳම යාලුවෝ දෙන්න නිසා. දිලිනියි, ශශිකයි තමයි මේ දෙන්නාගේ කපු වැඩේ කරේ.

හැබැයි හතර දෙනාගෙන් කැම්පස් යන්න ලැබුණේ නිලූශිටයි, දිලිනිටයි විතරයි. දිලිනිගේ වාසනාවට දිලිනිට ලැබුණේ කොළඹ කැම්පස් එකමයි. ඉතින් ශශිකත් කෝස් එකක් කරන්න කොළඹ ආවා. නිලූශිට හම්බුනේ රුහුණු කැම්පස් එක. කෝච්චියෙන් ගියත් පැය පහක් විතර යනවා කැම්පස් එකට යන්න. යසිරු විභාගේ ඉවර වෙච්ච ගමන් අයියගේ ෆෝන් රෙපයර් ශොප් එකේ වැඩට ගියා. අයියා ලබන අවුරුද්දේ රට ගියාම ශොප් එක බලා කියා ගෙන ඉන්නයි යසිරුට ඕනි වුණේ.

මුලින් මුලින් නිලුශි කැම්පස් යන එක ගැන යසිරුට තිබ්බේ අකැමැත්තක්. ඒත් අවුරුදු ගාණක නිලූශිගේ මහන්සියට මුකුත් කියන්න බැරිකමකුත් යසිරුට තිබ්බා. නිලූශිට කැම්පස් යන්න ඇවිත් කියලා කට්ටිය දැන ගත්තම හැමෝම කිව්වේ යසිරුට එක දෙයයි.

" දැන් එහෙනම් හන්තානෙට පායන සඳ සිංදුව අහන්න පටන් ගනින්.."

කවුරු කොහොම කිව්වත් යසිරු තමන්ගේ පෙම්වතිය වෙච්ච නිලූශිව විශ්වාස කරා. කොහොමත් ඒලෙවල් වලින් පස්සේ දෙන්නා අතර තිබ්බ ආදරේ සම්බන්ධය හුඟක් දුර ගිහිල්ලයි තිබ්බේ. ඉතින් අවසානයේ නිලූශි කැම්පස් ආවා.

මුල් මාස කිහිපය ගෙවිලා ගිහින් ලැබුණ දීර්ඝ නිවාඩුවට තමයි නිලුශි මේ ගෙදර ආවේ. නිකම් නෙවෙයි. තමන්ගේ අවුරුදු ගාණක ප්‍රේමයට නැවතීමේ තිත තියලා.

හවස හතර වෙද්දිම නිලුශිව හොයාගෙන දිලිනි ගෙදරටම ආවා. නිලුශිට සනීප නෑ කියලා අම්මා කිව්වත් දිලිනි පුරුද්දටම කාමරේට එබුණා.

"උඹ නම් ශෝක් යකෝ. අරහේ ගම ගිනි තියලා මෙතන සැපට නිදි.."

දිලිනි එහෙම කිව්වෙම අමනාපෙන්. හැබැයි නිලුශි හරි අමාරුවෙන් ඔලුව ඉස්සුවා.

"මටත් මේ ශශික කෝල් කරලා බැන්නා කැම්පස් ගියාට පස්සේ කෙල්ලොන්ට හැදෙන අමුතු පිස්සුව ගැන කියලා. මමත් බැනුම් අහනවා උඹ හින්දා."

දිලිනි තවත් නෝක්කාඩු කියන්න ගත්තා.

" උඹට මෙච්චර ආදරේ කරන කොල්ලෙක් ඉද්දි උඹ කොහොමද කැම්පස් එකේ එකෙක් එක්ක කොක්ක ගැහුවේ. මූ උඹ වෙනුවෙන් මොනාද නොකරේ. හැමවෙලේම කෝල් කරලා හොයලා බලනවා. උඹ ඉල්ලුවත් නැතත් උඹේ එකවුන්ට් එකට සල්ලි දානවා. උඹට ඔය ලස්සන, ලස්සන ගවුමුත් අරන් දෙනවනේ. මට ශශික කිව්වා ඌ උඹට දෙන්න අලුත් ෆෝන් එකකුත් අර ගත්තා කියලා. උඹට එහෙම සලකන කොල්ලට බූට් එක තියන්න උඹට පිස්සුද..?"

ඒ වචන වලට නිලූශිට සෑහෙන්න රිදුණා. ඒත් මුකුත් කියා ගන්න තරම් හයියක් නිලුශිට තිබුණේ නෑ.

" උඹ මොන ඩිග්‍රිය ගත්තත් උඹට ඉස්සරහට රස්සාවක් කරන්න ඕනි නෑ. ඔය ෆෝන් ශොප් එක කොහොමත් ඌට. ඌ අපිට කියලනේ තියෙන්නේ උඹව රස්සාවකට යවන්නෙත් නෑ කියලා. එහෙව් එකේ උඹට තව මොනාද අඩු..??"

එතකොට නම් නිලුශිට තවත් අහන් ඉන්න හිතුණේ නෑ.

"මට සතුටක් නෑ බන්. මට නිදහසකුත් නෑ බන්. ඔය ඔක්කොම යසිරුට ඕනි දේවල්. මට ඕනි දේවල් නෙවෙයි බන්.."

නිලුශි අඬ අඬාම වචන එකතු කරා.

"උඹට නම් පිස්සු යකෝ. නිකම් ගොං ගහක් වෙන්න එපා බන්.."

දිලිනි ආයෙම කිව්වා.

"නෑ බන්. තවත් මේවා මං ඉවසුවොත් ඇත්තමයි මට පිස්සු හැදෙනවා. මං මැරෙයි යකෝ.."

නිලුශි දෑතින්ම ඔලුව බදා ගත්තා. දිලිනිට හිතා ගන්න බෑ මොකක්ද මේ හතර බීරි කතාව කියලා.

"මොකක්ද වුණේ බන්..?"

"උඹටවත් මාව තේරුම් ගන්න පුළුවන් නම් අහන් හිටපන්."

නිලුශි අමාරුවෙන් නහය උඩට ඇද්දා. ඒත් කොතනින් කොහොම පටන් ගන්නද කියලා නිලුශිට අදහසක් තිබ්බේ නෑ.

"උඹ දන්නවද.. උදේ හත වෙද්දී යසිරු කෝල් කරනවා. බැරි වෙලා හරි මට නින්ද ගිහින් තිබ්බොත් මං මුලු දවසම ඒකට බැනුම් අහනවා. ඊට පස්සේ අටහාමාර ලෙක්චර් එකට මං ලෑස්ති වෙන්න ඕනි අටට. උඹම කියපන් අපි ඉන්න හොස්ටල් වල අපි ගිය ගමන් අපිට නාන්න, මූණ හෝදන්න හම්බෙනවද..? එතන පෝලිමට ගිහිල්ලත් මං ඉන්න ඕනි කෝල් එකේ. නිකම් නෙවෙයි වීඩියෝ කෝල් එකේ.."

"ඒ විතරක් නෙවෙයි. මං බස් එකට ආවත් බස් එකේ කොච්චර සීට් තිබ්බත් ඒ සීට් එකේ එහා පැත්තේ වාඩි වෙලා පිරිමි කෙනෙක් නම් මට එතන වාඩි වෙන්න බෑ. ගෑණු අය ගාව විතරයි මං වාඩි වෙන්න ඕනි. ඒකත් මං වීඩියෝ කෝල් එකෙන් පෙන්නලා. සමහර වෙලාවට මට කොන්දොස්තරත් කෑ ගහනවා. ඊට් වඩා යසිරු මට කෑ ගහනවා.."

"අන්තිමේ කැම්පස් ගියාම මට කන්නවත් වෙලාවක් නෑ. එහෙම්ම දුවනවා ලෙක්චර්ස්. මං ලෙක්චර් ඉන්න ඕනිත් අර වීඩියෝ කෝල් එකේ. මං වාඩි වෙන්න ඕනි කොතනද කියලා එයාට බලන්න ඕනි. එතනින් එහාට මුලු පැය ගාණෙම එයා මං දිහා බලන් ඉන්නේ. බැරි වෙලා හරි බැච් එකේ කොල්ලෙක් මං එක්ක කතා කරොත්, නැත්නම් කොල්ලෙක් මගේ ළඟින් ගියොත් ඒකටත් මං බැනුම් අහනවා.. උඹ දන්නවද මංවත් නොදන්න කොල්ලෝ කීයකට මාව පාව දිල මට බනිනවද කියලා."

නිලුශි ආයෙම කඳුලු පිහිද ගත්තා.

"ඔය වීඩියෝ කෝල් එක ඉවර වෙන්නේ රෑ එකොළහට විතර. එතකොට මට පාඩමක් කරන්න, ඇසයිමන්ට් එකක් කරන්නවත් වෙලාවක් නෑ. උඹට තේරෙනවද මං කියන දේ..?? ඒ මදිවට මගේ රූම් එකේ ඉන්න කා එක්කවත් මට කතා කරන්න දෙන්නේ නෑ. ශශා කියන්නේ සෙකන්ඩ් ශයි කරලා කැම්පස් ආපු අක්කා කෙනෙක්. එයාව ආශ්‍රය කරන්න එපාලු, එහෙම අය පණ්ඩිතයිලු. එතකොට හසිතා කොළඹ පැත්තේ කෙල්ලෙක්. එයා සංකර වැඩියිලු. එතකොට දිශ්නි අම්මා, තාත්තා නැතුව ආච්චි එක්ක හැදුණ ළමයෙක්. මට අනාථයෝ එක්ක ගනුදෙනු තියා ගන්න එපාලු.."

"ඒක එතනින් ඉවර නෑ බන්. මං කොච්චර මේවා තේරුම් කරන්න හැදුවත් එයා තේරුම් ගන්නේ නෑ. එයා හිතන්නෙම මට කැම්පස් එකෙන් කොල්ලෙක් ඕනි වෙලා කියලා. මං කොච්චර පීඩනයකින්ද කියලා එයාට තේරුම් ගන්න බෑ. මං කතා කරන හැම වෙලේම මට කුණුහර්පෙන් බනිනවා. මොකක්ද බන් මේ ජීවිතේ.."

දිලිනි හිටියේ මේ කියන කතා විශ්වාස කර ගන්න බැරුව. ඒත් පිටින් පේන්නේ දකින්නේ යසිරු බොහොම ආදරණීය කෙනෙක් විදියට.

"කැම්පස් එකේ ළමයි මං දිහා බලන්නේ මහ අමුතු ජීවියෙක් විදියට. උන් මාව කොන් කරනවා. ඒ කවුරුවත් කැමති නෑ මං ෆෝන් එක උන් දිහාවට දික් කරනවට. අනික මං යසිරුගෙන් රුපියලක්වත් ඉල්ලලා නෑ. එයා මට සල්ලි දානවා තමයි. ඒ හැම සතයක්ම ඒ විදියටම මගේ එකවුන්ට් එකේ ඇති. එයා ඒ හැම වෙලේම කරන්නේ මගේ අම්මටයි, තාත්තාටයි අපහාස කරන එක. මං අම්මලා අහිංසක මිනිස්සු. බිස්නස්කාරයෝ නෙවෙයි තමයි. ඒත් එයාලට මාව බරක් නෙවෙයි.. එයා එහෙම කැත කතා කියද්දි කොහොමද මං ඉවසන්නේ..?"

නිලූශි තවත් ලොකු හුස්මක් ගත්තා.

"මං මේ ළඟදි වට්සැප් එකේ ස්ටේටස් එකක් දැම්මා. උඹට මතකනේ සුදීශ්. ඌ මැසේජ් එකක් දාලා තිබ්බා මිනිහගේ සල්ලි වලින් කැම්පස් ගිහින් රඟන්න එපා කියලා. ඒ කියන්නේ යසිරු මට සල්ලි දාන බව එයා හැමෝටම කියලා. ඇයි යසිරු එහෙම. ඔය එකක් විතරයි. දැන් උඹම කිව්වේ ශශිකත් හැමදේම දන්නවා කියලා. කෝ අපි දෙන්නගේ පෞද්ගලිකත්වය..? ඇයි මං ජීවත් වෙන්නේ එයාගේ සල්ලි වලින් කියලා දන්න කියන හැමෝටම කියන්නේ..? මට තේරෙන්නේ නෑ බන්"

"උඹ මේවා තේරුම් කරන්න උත්සාහ කරේ නැද්ද මීට් වෙච්ච වෙලාවක..?"

නිලුශි හිනා වුණා. ඒක මහ වේදනාත්මක හිනාවක්.

" ගිය පාර ආපු වෙලාවේ මං එයාට තේරුම් කරන්න උත්සාහ කරා. අන්තිමට කතාව ඉවර වුණේ මං ගුටි කාලා. එයා හැසිරෙන්නේ මං නිකම් සෙල්ලම් බඩුවක් ගාණට දාලා. මට හිතෙනවා එයාට මානසික ලෙඩක්ද කියලා. මං ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නත් කතා කරා. අන්තිමේ මං වැරදිකාරයා වුණේ.."

"ඌ මේ වගේ කෙනෙක් කියලා අපි දැනන් හිටියේ නෑ නිලූශි..ඇත්තමයි. උඹට මේ තරම් ප්‍රශ්න ඇති කියලා හීනෙකින්වත් හිතුණේ නෑ.."

දිලිනි තමන්ගේ ආදරණීය මිතුරිය තදින් වැළැඳ ගත්තා.

"මට ආයේ එයාව ඕනි නෑ. මං හරි අමාරුවෙන් මේ තීරණය ගත්තේ. මට මේ හොඳටම ඇති.."

දිලිනි හෙමීට නිලූශිගේ ඔලුව අත ගෑවා.

"ඒත් යසිරු මේක එහෙම නතර කරන්නේ නෑ බන්. මට තර්ජනය කරනවා. "

නිලුශි එයාගේ ෆෝන් එක දිලිනිට දුන්නා.

"දවසක් අපි රූම් ගියපු වෙලාවක එයා මගේ ෆොටෝ වගයක් ගැහුවා. මං නැති වෙලාවට එයාට බලන්න කියලා."

නිලූශි කිව්වේ වෙව්ලන හඬින්. එහෙනම් මේ කතාව සෑහෙන්න බරපතළයි කියලා දිලිනිට හිතුණා. දිලිනි ඒ මැසේජ් ටික කියෙව්වා.

"උඹ මාව අත ඇරියොත් මේ ඔක්කොම ෆොටෝ අද රෑ වෙද්දී ඉන්ටනෙට් එකෙ හැම තැනම තියේවි. එතකොට හෙට උදේ වෙද්දී තමුසෙගේ මහලොකු අම්මයි, තාත්තායි බෙල්ලේ වැල දාගෙන ඉඳියි. තමුසෙටත් වෙන්නේ මැරෙන්න තමයි.."

"තමුසෙ ගෙදර ආවා කියලා මං දන්නවා. හෙට උදේ හෝල්ට් එකට ඇවිත් ඉන්නවා. නාවොත් තමුසෙගේ ජීවිතේ ඉවරයි කියලා හිතා ගන්නවා.."

"මේ එක ෆොටෝ එකක් හරි එළියට ආවොත් තමුසේ එක ඩිග්‍රියක් නෙවෙයි ඩිග්‍රි සීයක් ගත්තත් වැඩක් නෑ ඕයි.."

එතනින් එහාට තිබ්බේ අන්‍ත පහත් මානසිකත්වයෙන් එවපු මැසේජ් මහ ගොඩක්. නිලූශි තවමත් අඬනවා.

"මගේ හිතේ දැන් එයා ගැන ආදරක් නෑ බන්. මට තියෙන්නේ කලකිරීමක්. පසුතැවීමක්. මට මුළු ජීවිතේම එපා වෙලා.. මට තේරෙන්නේ නෑ මං මොකක්ද කරන්නේ කියලා.."

නිලුශි ඇඬුම් අස්සෙන් කියද්දි දිලිනිටත් ඇඬුම් එනවා. ඒ අතරේ ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා දැන ගන්න ශශිකත් කෝල් කරනවා. දිලිනි කෝල් එක කට් කරලා නිලුශිගේ ඔලුව අත ගෑවා. ඊටත් පස්සේ නිලූශිගේ ෆෝන් එක අරන් යසිරුට මැසේජ් එකක් ටයිප් කරා. අන්තිමේ ෆෝන් එක නිලූශිගේ අතට දුන්නා.

"කමක් නෑ යසිරු. ඔයා මේ ෆොටෝ ටික ඕන තැනක දා ගන්න. ලෝකේ අනිත් ගෑණුන්ට නැති දෙයක් මට නෑනේ. හැබැයි ඊළඟ තප්පරේ ඔයා මට මේ තර්ජනය කරපු හැම මැසේජ් එකක්ම මමත් ෆේස්බුක් දානවා. මොකද ඔයා වගේ පහත් මානසිකත්වයක් හැම පිරිමියෙක්ටම නෑනේ. ඊට පස්සේ මමත් ලයිව් ඇවිත් හැමදේම කියන්නම්. එතකොට අපි අඳුරන අය පවා ඔයාගේ හැටි දැන ගනී. ඔයා කොහොමද ශොප් එක අරින්නේ..? ඔයාගේ නංගි කොහොමද ආයේ ඉස්කෝලේ යන්නේ..? එතකොට අයියගේ කසාදේ.. ඒකත් කැඩිලා යයි. අන්තිමේ ඔයාගේ ජීවිතෙත් ඉවර වෙයි."

නිලුශි ඒ මැසේජ් එක කියවලා යසිරුට යැව්වා. ඒ තප්පරේම යසිරු ඒ මැසේජ් එක කියෙව්වා. එතනින් එහාට යසිරුගෙන් කෝල් එකක් ආවේ නෑ. එකම මැසේජ් එකක් ආවා.

"හරි. මේක ඉවරයි. මට තමුසෙව එපා.."

නිලූශි සැනසීමෙන් හුස්මක් ගත්තා.

නිමි.

මාධවි ජයසිංහ

Address

Colombo

Telephone

+94787616089

Website

Alerts

Be the first to know and let us send you an email when LOVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to LOVE:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram