Shyamalee Pathirage

Shyamalee Pathirage Shyamalee Pathirage who has over two decades of experience in the field & Child and Maternal Health as a midwife.

Pediatric Health Adviser/ Counselor, and a Health Journalist. We believe in the happiest day of your life.We believe this is the most challenging thing you'll ever do,
to be a good mother and father

At the end of the day, the most overwhelming key to a child's success is the positive involvement of parents

06/07/2025
30/06/2025

ආතල් රටේ සල්ලි දුන්නම ඕනම සම්මානයක් /
තමන් කැමති සම්මානයක් / නමක් හදාගෙන ලොකු උත්සවයක ලොකු ලොකු අය අතින් ගන්න පුළුවන්.

30/06/2025
ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ"මට වයස අවුරුදු හතේ දී යහළුවන් සමඟ එළිමහනේ සෙල්ලම් කරමින් සිටින ...
22/05/2025

ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ

"මට වයස අවුරුදු හතේ දී යහළුවන් සමඟ එළිමහනේ සෙල්ලම් කරමින් සිටින විට මාව අරගෙන ගිහින් මගේ ඇඳුම් ගලවලා මාව කාමරයකට රැගෙන ගියා.

ගැහැණුන් පිරිසක් බ්ලේඩ්, කතුරු, පරණ ආයුධ අතැතිව මා එනතුරු බලාගෙන සිටියා. එම කාන්තාවන් වෛද්‍යවරු හෝ එවැනි පුහුණුවක් ලද අය නෙවෙයි.

සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන් පමණයි. ඔවුන් මගේ ශරීරයේ මා කාන්තාවක් බවට පත් කළ ඉන්ද්‍රීය කපා දැමුවා. ඉන්පසු ඔවුන් ඇතුළත සහ පිටත යෝනි මාර්ගයේ කොටස් කපා ඉවත් කළා.

මට මතකයි මම වේදනාවෙන් කෑ ගැසුවා. මොකද මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වින්දනයක් සිදු වුණේ නැහැ. කිසිම පහසුවක් දැනුණේ නෑ.
ලේ සහ ඝෝෂාකාරී නිහඬතාවයක් පමණයි. මට මතකයි මම ඇඬුවා. අයැද සිටියා. නමුත් ඒ ගැහැනු අය මට කිව්වේ, නිහඬ වෙන්න, නිර්භීතවෙන්න, ආඩම්බර වෙන්න කියා පමණයි.

කැපීම අවසන් වීමෙන් පසු ඝන නූලක් වැනි යමකින් මගේ සමට මැහුම් දැම්මා. මුත්‍රා සහ රුධිරය පමණක් පිට වීමට කුඩා සිදුරක් පමණක් ඉතිරිවන සේ. මෙම ක්‍රියාවලිය ඉන්ෆියුපිලේෂන් (ලිංගික අවයව ඡේදනය) ලෙස හැඳින්වෙන අතර ලිංගේන්ද්‍රියට දිය හැකි වඩාත් දරුණුම වධ හිංසාවලින් එකකි.

මෙම ක්‍රියාදාමයෙන් පසු මම අඳුරු කාමරයක වැතිර සිටියා. මගේ කකුල් තදින් බැඳ තිබුණා."

මේ ඉන්දියාවේ තෙලන්ගානා හි මේ දිනවල පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින හෙඩ්-ටු-හෙඩ් අභියෝගතා වටය අතරතුර සෝමාලියානු මිස් වර්ල්ඩ් වුණු සෙනීබ් ජමා ඇගේ ළමා විය පිළිබඳව සිදු කළ කම්පන සහගත හෙළිදරව්වයි.

එය ඇගේ මව්බිමේ දිගුකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් වූ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම පිළිබඳ ඛේදනීය තත්ත්වය පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමු කරවීමක් වුණා.

වෛද්‍ය නොවන ක්‍රියා පටිපාටියක් ඔස්සේ ලිංගික අවයව ඡේදනය කිරීම හේතුවෙන් ඇයට ජීවිත කාලය පුරාවට අත් විඳීමට සිදු වූ ශාරිරික සහ චිත්තවේගීය කම්පනය පිළිබඳ ලෝක රූ රැජිණ තරගය ජ්‍යාත්‍යන්තර වේදිකාවක් තුළ අනාවරණය කිරීමට ඇය ගත් තීරණයම නිර්භීත එකකි. සිය සමාජයේ දැරියන් අත් විඳින කටුක සහ දරුණු ගණයේ අපරාධය පිළිබඳ නැවත වටයකින් ඇස් ඇරවීමට ඇය එහි දී සමත් වුණා.

ලෝක රූ රැජිණ තරගයේ හෙඩ් ටු හෙඩ් වටය යනු තරගකාරියන්ට තම Beauty with a Purpose ව්‍යාපෘති හෙවත් සමාජයේ අර්ථවත් වෙනසක් ඇති කිරීමට දරන උත්සාහයන් අනාවරණය කිරීමට ලැබෙන අවස්ථාවයි.

"සෝමාලියාවේ කාන්තාවන්ගෙන් 98% ක් අවයව ඡේදනයට ලක් වෙනවා. 98% කියන්නේ විශාල අංකයක්. ඉතිරි 2% තවමත් අවයව ඡේදනය කිරීමේ වයසට ළඟා නොවූ කුඩා ළදැරියන්ය. එහි අර්ථය මගේ රටේ සියලුම කාන්තාවන් මෙම ක්‍රියාපටිපාටියට ලක් වන බවයි.."

ඇය ඇගේ කතාවේ අවසානය සනිටුහන් කළේ සියලු දෙනා කම්පනයට ලක් කරමිනි. සමස්ත කතාව අතරතුර ඇය හඬා වැටුණු අවස්ථා බොහෝ විය. එහෙත් තමා ජීවත් වන සමාජයේ සැඟවී ගිය සත්‍යයක් ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇයට තිබූ ධෛර්යයට හිස නමා ආචාර කළ යුතුය. ඇය ඇගේ සුන්දරත්වය ලෝකයට හෙළි කරන අතරතුර ඇගේ ව්‍යාපෘතිය ලෙස එළිදැක්වූයේ සෝමාලියාවේ ගමෙන් ගමට ගෙදරින් ගෙදරට ගොස් සියලු මව්වරුන් දැනුම්වත් කිරීමයි. සංස්කෘතියට සම්ප්‍රදායට ගරු කිරීමට ලිංගික අවයව කපා දැමීමෙන් හැකියාවක් නැහැ. ඔබේ සිඟිති දියණියට වධ හිංසා පැමිණවීමෙන් තොරවත් සංස්කෘතියට සදාචාරයට ගරු කළ හැකිය යන පණිවිඩය හැකිතාක් බෙදා ගැනීම ඇයගේ සුන්දරත්වයේ අරමුණ බව ඇය පෙන්වා දුන්නා.

ඉතින් ඇය 2025 ලෝක රූ රැජිණ කිරුළ දිනාගත්ත ද නැති වුවද ඇය රැජිණක් බව ලස්සනට ඔප්පු කර හමාරය.

- සුබා -

Baby Care pack 1 SLR 8000/=Includes:💌 Baby Food Guide💌 Baby Care Guide💌 Visual stimulation Card set🧠 Super IQ Set🤱 Breas...
15/05/2025

Baby Care pack 1
SLR 8000/=
Includes:
💌 Baby Food Guide
💌 Baby Care Guide
💌 Visual stimulation Card set
🧠 Super IQ Set
🤱 Breastfeeding Guide
👶 Pregnancy Care (පින්වත් දරුවෙකු කුස පිළිසිඳ ගැනීම හා ගැබිණි මවට උපදෙස්)
🎵 Free Baby Lullaby Book (නැලවිලි ගී නොමිලේ)

Baby Care pack 2lk
SLR 5800/=
Includes:
💌 Baby Food Guide
💌 Baby Care Guide
🧠 Super IQ Set
🎵 Free Baby Lullaby Book (නැලවිලි ගී නොමිලේ)

💳 Payment: Deposit/Transfer to Sampath Bank, Thibirigasyaya Branch
🛑 AC No: 103453917297

🔔 After Payment:

Send the bank receipt or transfer screenshot
Include paid amount, name, address, and phone number

🚛 බෙදා හැරීමේ අංශය +094777070338

💬 For inquiries:
📞 0766066777
📩 apemiss20@gmail.com

🌐 Website: apemiss.lk

Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss...

https://youtu.be/EUWm1UnHC9k?si=CkA0tPgSyM5VSh9y
09/05/2025

https://youtu.be/EUWm1UnHC9k?si=CkA0tPgSyM5VSh9y

ගර්භණී සමයේදී අධි රුධිර පීඩනය ඇතිවීමට හේතුව කුමක්ද? නිරීක්ෂණය කළ යුතු රෝග ලක්ෂණ සහ ඒ ආශ්‍රිත තත්වයන් කළමනාකරණය ස.....

20/11/2024
https://www.silumina.lk/2024/11/05/dinamina-online/28801/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%B4%E0%B7%80%E0%B7%9...
05/11/2024

https://www.silumina.lk/2024/11/05/dinamina-online/28801/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F-%E0%B7%83%E0%B6%82/

දිවයින පුරා විසිරී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ වෘත්තීය සංගමය වන පොදු පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නිලවරණ.....

12/10/2024

සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල (Whiting cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක්දහස් ගුණයක් රසදිය අඩංගුයි.

"රසදිය සමට අවශෝෂණය වීමෙන් ඇත්තෙන්ම සම සුදු වෙනවා. නමුත්, දීර්ඝ කාලීන භාවිතය තුළින් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙව්ලීම, නොයෙකුත් ආසාදන තත්වයන් සහ ගර්භණී මවක් නම් දරුවාගේ වර්ධනයට පවා බලපෑම් එල්ල වෙන්න පුළුවන්"

අපේ පරීක්ෂණවලදී හෙළි වුණා මාලිකා කියන නිෂ්පාදනයක් ගැන. ඒකෙ රසදිය තිබුණා 51,752ක්. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අන්තර්ජාලයෙන් පරික්ෂා කළා. එක වාර්තාවක තිබුණා ලෝකයේ හමුවුණු වැඩි ම නිෂ්පාදනයේ තිබුණෙත් රසදිය තිස් දාස් ගාණක් කියලා. කිසි ම උප්පැන්නයක් නැති ලයිලා , නූහා , ගෝරි සහ ගෝල්ඩන් පර්ල් යන නිෂ්පාදනවලත් ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් තිබුණා,'

"මේ දේවල් වලින් සම තුනී වෙනවා. ඊට පසු සමට යටින් තිබෙන ලේ නහර එළියට පේන්න ගන්නවා. මේ දේවල් භාවිතා කරලා සමේ රෝග ඇතිවුණ අය සතියකට දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මා හමුවට ප්‍රතිකාර ලබා ගන්න එනවා. ඒ අයගේ මුහුණේ ඇති කුරුලෑ දුටු සැණින් අපි දන්නවා යම් ආලේපනයක් විස වෙලා කියලා. මොකද, ඒවා සාමාන්‍ය ඒවාට වඩා වෙනස්,"

"එක් කාන්තාවක් පැමිණියා සුදු වෙන ක්‍රීම් වර්ග භාවිත කරලා මුහුණේ විශාල ගෙඩි තිබුණ. අවසානයේ දී සොයලා බලද්දී ඒ ගෙඩි ඇතුළේ පණුවෝ පිරිලා සිටියා. මේ වගේ ඉවක්බවක් නැතුව නොයෙක් ක්‍රම භාවිත කරන සමහර අය ටික කාලයකින් හිටියටත් වැඩිය කළු වෙනවා. ක්‍රීම් ගාලා හෝ එන්නත් ලබා ගත්තාම ඒවා නවත්වන්න බැරුව යනවා. නැවැත්තුව ගමන් ආයෙත් කළු වෙනවා. සම පැහැපත් කර ගැනීමේ ස්වභාවික ක්‍රම ඕනෑ තරම් තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන පසුපස දුවන්නේ නැතුව තමන්ට හිමි ලස්සන සමට සහ ශරීරයට ආදරය කරලා ඉතා පිරිසිදුව ඉන්න එකයි වැදගත්"

රසදිය ශරීරගත වීම නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු:

වකුගඩු රෝග
ස්නායු ආබාධ
නොරුස්සන ගතිය
සිහිමද ගතිය
සමේ දද සහ කැළැල් ඇති වීම
සම දුර්වර්ණ වීම
ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා පහසුවෙන් බැක්ටීරියා හා අසාදනවලට ලක්වීම
කන් ඇසීම අඩුවීම
ඇස් පෙනීම අඩු වීම

විශේෂයෙන්ම බ්ලීචින් ක්‍රීම් නිසා සමේ පිළිකාව ඇතිවී ඉක්මනින්ම මරණයට පත්වේ. සමේ පිළිකාව යනු පිළිකා රෝගයන් ගෙන් දරාගත නොහැකි දරුණුතම පිළිකාව බවත් ඔබ දැනගත යුතුයි.

--------------------------------------------
පහත ජායාරූපයේ සිටින්නේ ස්නෝ වයිට් නමින් හදුන්වමින් බ්ලිචීන් ක්‍රීම් අලෙවිකරන තැනැත්තියක්. මෙම ජායාරූපය ඈ විසින්ම අප්ලෝඩ් කල තිබුනු වීඩීයෝවකින් ගත් කොටසක් වන අතර මෙහි කිසිදු වර්ණ වෙනස්කමක් නොකර මෙහි අප්ලෝඩ් කරන ලදී.
ඔබ ඇයගේ රූපය දෙස බැලිය යුතුය.
ඔබත් බ්ලීචීන් වර්ග භාවිතා කරන කාන්තාවක්නම් මම අසන්නේ එකම ප්‍රශ්ණයයි : "මෑ දෙස බැලූ විට ඔබට සුදුවීමට සිතෙනවා ද?"

නිසි ප්‍රමිතියක් නැති ආහාර පාන වර්ග විකිණීම නීතීයෙන් දඩුවම් ලැබිය හැකි වරදක්නම්, පිළිකා කාරක ද්‍රව්‍ය විකිණීම නීතීයෙන් දඩුවම් ලැබිය හැකි දෙයක් නොවන්නේ කෙසේද?

ලංකාවේ මාධ්‍ය මෙන්ම, අපරාධ විමර්ෂණ ඒකකයද මේ ගැන අවධානය යොමු කල යුතුයි.
නව පොලිස්පති තුමනී මෙය ඔබේ අවධානයට...

Address

Malabe

Alerts

Be the first to know and let us send you an email when Shyamalee Pathirage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shyamalee Pathirage:

Share

Our Story

We believe in the happiest day of your life.We believe this is the most challenging thing you'll ever do, to be a good mother and father At the end of the day, the most overwhelming key to a child's success is the positive involvement of parents