DocFlex AI

DocFlex AI DocFlex AI - Sri Lanka’s First Medical AI Platform 🩺

𝘞𝘦 𝘣𝘶𝘪𝘭𝘥 𝘪𝘯𝘵𝘦𝘭𝘭𝘪𝘨𝘦𝘯𝘵 𝘵𝘰𝘰𝘭𝘴 𝘵𝘰 𝘦𝘮𝘱𝘰𝘸𝘦𝘳 𝘮𝘦𝘥𝘪𝘤𝘢𝘭 𝘱𝘳𝘰𝘧𝘦𝘴𝘴𝘪𝘰𝘯𝘢𝘭𝘴 𝘢𝘯𝘥 𝘦𝘯𝘩𝘢𝘯𝘤𝘦 𝘱𝘢𝘵𝘪𝘦𝘯𝘵 𝘤𝘢𝘳𝘦.

Celebrating the strength, compassion, and brilliance of women everywhere.𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻’𝘀 𝗗𝗮𝘆! 💚
08/03/2026

Celebrating the strength, compassion, and brilliance of women everywhere.

𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻’𝘀 𝗗𝗮𝘆! 💚





🚀 𝟱𝟬𝟬+ 𝗛𝗲𝗮𝗹𝘁𝗵𝗰𝗮𝗿𝗲 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹𝘀 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿𝗲𝗱 𝗶𝗻 𝗝𝘂𝘀𝘁 𝟰𝟴 𝗛𝗼𝘂𝗿𝘀!We’ve hit our first milestone on 𝗗𝗼𝗰𝗙𝗹𝗲𝘅 𝗔𝗜, and it’s all th...
05/02/2026

🚀 𝟱𝟬𝟬+ 𝗛𝗲𝗮𝗹𝘁𝗵𝗰𝗮𝗿𝗲 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹𝘀 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿𝗲𝗱 𝗶𝗻 𝗝𝘂𝘀𝘁 𝟰𝟴 𝗛𝗼𝘂𝗿𝘀!

We’ve hit our first milestone on 𝗗𝗼𝗰𝗙𝗹𝗲𝘅 𝗔𝗜, and it’s all thanks to YOU 🙌

Your trust fuels our mission to transform healthcare with AI.

🔗 𝐕𝐢𝐬𝐢𝐭 𝐧𝐨𝐰: www.docflex.net

📲 Join our 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 for quick alerts & updates:
https://whatsapp.com/channel/0029Vb6ax3yBVJl9dkFpf33W

01/02/2026

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚’𝐬 𝐅𝐈𝐑𝐒𝐓 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐀𝐈 𝐏𝐥𝐚𝐭𝐟𝐨𝐫𝐦 𝐢𝐬 𝐇𝐄𝐑𝐄! 🚀

✨ 𝐃𝐨𝐜𝐅𝐥𝐞𝐱 𝐀𝐈 𝐢𝐬 𝐧𝐨𝐰 𝐋𝐈𝐕𝐄 ✨

🔗 Try it now 👉 www.docflex.net

💊 Instant & accurate medical answers
📚 Verified references – BNF, BNFC, BP & other trusted sources
🔒 Evidence-based clinical decisions you can trust

✅ Faster clinical workflow
✅ Zero confusion in prescribing
✅ Simple & smart prescription analysis

🩺 𝙋𝙖𝙩𝙞𝙚𝙣𝙩 𝙨𝙖𝙛𝙚𝙩𝙮 𝙘𝙤𝙢𝙚𝙨 𝙁𝙄𝙍𝙎𝙏 — 𝙖𝙡𝙬𝙖𝙮𝙨.

🔁 Like • Share • Tag a colleague who needs this!




𝑻𝒉𝒊𝒔 𝑪𝒉𝒓𝒊𝒔𝒕𝒎𝒂𝒔, 𝒘𝒆 𝒂𝒓𝒆 𝒑𝒓𝒆𝒔𝒄𝒓𝒊𝒃𝒊𝒏𝒈 𝒚𝒐𝒖 𝒂 𝒉𝒆𝒂𝒗𝒚 𝒅𝒐𝒔𝒆 𝒐𝒇 𝒋𝒐𝒚, 𝒍𝒂𝒖𝒈𝒉𝒕𝒆𝒓, 𝒂𝒏𝒅 𝒑𝒆𝒓𝒇𝒆𝒄𝒕 𝒉𝒆𝒂𝒍𝒕𝒉.🩺❤️
25/12/2025

𝑻𝒉𝒊𝒔 𝑪𝒉𝒓𝒊𝒔𝒕𝒎𝒂𝒔, 𝒘𝒆 𝒂𝒓𝒆 𝒑𝒓𝒆𝒔𝒄𝒓𝒊𝒃𝒊𝒏𝒈 𝒚𝒐𝒖 𝒂 𝒉𝒆𝒂𝒗𝒚 𝒅𝒐𝒔𝒆 𝒐𝒇 𝒋𝒐𝒚, 𝒍𝒂𝒖𝒈𝒉𝒕𝒆𝒓, 𝒂𝒏𝒅 𝒑𝒆𝒓𝒇𝒆𝒄𝒕 𝒉𝒆𝒂𝒍𝒕𝒉.🩺❤️

Let’s boost your medical brainpower! ⚡🩺
16/12/2025

Let’s boost your medical brainpower! ⚡🩺

🌊💔 “හැමදේම ගහගෙන ගියාට පස්සේ… ජීවිතේ විතරක් ඉතුරුවුණාම...”ගංවතුර බැසගෙන යද්දි ඉතුරු වෙන්නේ මඩ විතරක් නෙවෙයි. ජීවිත කාලෙම...
04/12/2025

🌊💔 “හැමදේම ගහගෙන ගියාට පස්සේ… ජීවිතේ විතරක් ඉතුරුවුණාම...”

ගංවතුර බැසගෙන යද්දි ඉතුරු වෙන්නේ මඩ විතරක් නෙවෙයි. ජීවිත කාලෙම හම්බ කරපු ගෙවල් දොරවල්, දේපළ, සමහරවිට තමන්ගේ පණ වගේ ආදරය කරපු අම්මා, තාත්තා, දරුවෝ... මේ හැමදේම වතුරට ගිහින් ඉවරයි.

අපි එළියේ ඉඳන් ලේසියට "මොනවා නැතත් ජීවිතේ හරි බේරුණානේ" 🙏 කියලා කිව්වට, ඒ මනුස්සයා ඉන්නේ ඒක පිළිගන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි. හැමදේම නැති වුණාට පස්සේ "බින්දුවේ ඉඳන් ආයේ පටන් ගන්න එක" හිතන තරම් ලේසි නෑ. සමහරුන්ට ඒක දරාගන්නම බැරි තැන, ජීවිතේ නැති කරගන්න හිතුණු අවස්ථාත් මේ දවස්වල අසන්නට ලැබෙනවා.

ඒ නිසා, කන්න බොන්න දෙනවා වගේම, ඇඳුම් දෙනවා වගේම, අපි ඒ මිනිස්සුන්ගේ "මානසික සෞඛ්‍යය" ගැන බලන්නම ඕන වෙලාවක් මේක.

මේකට ලොකු ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන නෑ. ඔයාට කරන්න පුළුවන් වටිනාම දෙයක් තියෙනවා. ඒකට කියන්නේ "මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර" ලබා දීම.
සරලවම කිව්වොත් මේක "හදවතින්ම කරන මනුෂ්‍යකමක්" 💛🫂.

✨ කොහොමද අපි මේක කරන්නේ;

1️⃣ ආරක්ෂාව සහ රැකවරණය දැනෙන්න අරින්න. කම්පනයට පත් වුණ කෙනෙක් ඉන්නේ දැඩි බයකින්. එයාට මුලින්ම ඕන "දැන් මම ආරක්ෂිතයි" කියන හැඟීම.
කලබල අස්සේ ඉන්නවා නම් එයාව ටිකක් නිස්කලංක තැනකට එක්කන් යන්න. වතුර ටිකක් බොන්න දෙන්න. බය වෙන්න එපා අපි ඔයා එක්ක ඉන්නවා කියන එක වචනයෙන් වගේම ඔයාගේ හැසිරීමෙන් පෙන්නන්න.

2️⃣ "උපදෙස් දෙන්න එපා, අහගෙන ඉන්න". මේක තමයි අමාරුම සහ වැදගත්ම දේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ එයාට උපදෙස් දෙන එක. මේ වෙලාවේ ඒක කරන්න එපා.
"අපෝ ඕවා ගණන් ගන්න එපා", "හිත හයිය කරගන්න", "අර අයට ඊට වඩා වෙලානේ" වගේ දේවල් කියලා එයාව නිහඬ කරන්න එපා. එයා අඬනවා නම් අඬන්න ඉඩ දෙන්න. කෑගහලා දුක කියනවා නම් නිකන්ම අහගෙන ඉන්න. ඔයාට දැනෙන දුක සාධාරණයි කියලා දැනෙන්න දෙන්න. හොඳට ඇස් දිහා බලලා අහගෙන ඉන්න.

3️⃣ "ස්පර්ශය කියන්නේ හොද බෙහෙතක්" : වචන දහසකින් කියන්න බැරි දෙයක් පුංචි ස්පර්ශයක තියෙනවා. එයාගෙ පිටට තට්ටුවක් දාන්න. උණුසුම් hug එකක් දෙන්න. ඒ උණුසුම එයාට ලොකු හයියක්. "මම තනි වෙලා නෑ" කියන එක එයාට දැනෙන්නේ එතකොට.

4️⃣ මූලික අවශ්‍යතා වලට මග පෙන්වන්න. කම්පනය නිසා එයාට හිතාගන්න බැහැ මොකද කරන්නේ කියලා. කෑම බීම ගන්න තැන්, බෙහෙත් ගන්න තැන්, නැතිවුණු අය හොයන්න තොරතුරු දෙන තැන් වලට එයාව යොමු කරන්න. ඒ බර එයාගේ ඔලුවෙන් නිදහස් කරන්න උදව් වෙන්න.

🚨 විශේෂයෙන් සැලකිලිමත් වන්න 🚨

මේ කම්පනය දරාගන්න බැරුව කවුරුහරි කෙනෙක්:
• තනිවෙලා පැත්තකට වෙලා ඉන්නවා නම්,
• කතා කරන්නේම නැතුව ගල් ගැහිලා වගේ ඉන්නවා නම්,
• "ජීවත් වෙලා වැඩක් නෑ" වගේ දේවල් කියනවා නම්,

අනිවාර්යයෙන්ම ඒ කෙනාව තනි කරන්න එපා. එයා ළඟින්ම ඉන්න. වහාම කඳවුරේ ඉන්න වගකිවයුතු නිලධාරියෙක්ට, වෛද්‍යවරයෙක්ට හෝ පවුලේ අයව දැනුවත් කරන්න. ☎ 1926 වගේ මානසික සෞඛ්‍ය උපකාරක සේවාවකට කතා කරන්න උදව් කරන්න

බත් පැකට් එකකින් බඩ පිරෙයි. ඒත් ආදරණීය වචනයකින්, උණුසුම් වැළඳගැනීමකින් පිරෙන්නේ හිතක්. සමහරවිට ඒක එයාගේ ජීවිතේම වෙනස් කරයි.

අපි මේ වෙලාවේ ඒ මනුස්සකම බෙදාගමු. ❤🤝

මේ පණිවිඩය හැමෝටම පේන්න 𝑺𝒉𝒂𝒓𝒆 කරන්න...

👉 මෙතනින් අපේ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 එකට 𝗝𝗼𝗶𝗻 වෙන්න: https://whatsapp.com/channel/0029Vb6ax3yBVJl9dkFpf33W

🛑 ගංවතුර අස්සේ අපි කතා නොකරන, හැබැයි කතා කරන්නම ඕන මාතෘකාවක්...🩸ගෙවල් යට වෙලා, ජීවිතේම බඩු මලු කීපයකට සීමා වෙලා ඉන්න මේ ...
03/12/2025

🛑 ගංවතුර අස්සේ අපි කතා නොකරන, හැබැයි කතා කරන්නම ඕන මාතෘකාවක්...🩸

ගෙවල් යට වෙලා, ජීවිතේම බඩු මලු කීපයකට සීමා වෙලා ඉන්න මේ වෙලාවේ, අපේ අම්මලා, අක්කලා, නංගිලා මුහුණ දෙන ලොකුම අභියෝගයක් තියෙනවා. ඒ තමයි "ඔසප් වීම" නැත්නම් "𝐏𝐞𝐫𝐢𝐨𝐝𝐬", "𝐌𝐞𝐧𝐬𝐮𝐬".

කඳවුරක, පන්සලක, ඉස්කෝලෙක, කුමන හෝ ආරක්ෂිත ස්ථානයක ගොඩ ගැහිලා ඉන්නකොට මේ ගැන එළිපිට කතා කරන්න ගොඩක් අය ලැජ්ජයි. හැබැයි මේක ලැජ්ජාව පැත්තක තියලා අපි හැමෝම එකතු වෙලා විසඳගන්න ඕන දෙයක්...

👉 ආදරණීය නංගිලාට, අක්කලාට සහ අම්මලාට: ඔයාලා ඉන්නේ ලොකු පීඩනයක(Stress) කියලා අපි දන්නවා. ඒත් මේ ටික ගැන සැලකිලිමත් වෙන්න..

🚨 𝐏𝐚𝐝𝐬 නැතිනම් මොකද කරන්නේ? හදිසියට පෑඩ් හොයාගන්න නැතිනම්, පිරිසිදු කපු රෙදි (Cotton clothes) පාවිච්චි කරන්න. හැබැයි මතක තියාගන්න, අපිරිසිදු ගංවතුරින් කවදාවත් ඒ රෙදි හෝදන්න එපා. පිරිසිදු වතුර නැතිනම් පාවිච්චි කරපු රෙදි නැවත පාවිච්චි නොකර අයින් කරන එක තමයි ඇඟට හොඳම. නැත්නම් දරුණු ආසාදන ඇතිවෙන්න පුලුවන්.

🚨 පෑඩ් (Pad) මාරු කිරීම සහ බැහැර කිරීම: එකම පෑඩ් එක පැය 6කට වඩා අඳින්න එපා. ලේ යන්නේ අඩුවෙන් වුණත් වෙලාවට මාරු කරන්න. පාවිච්චි කරපු පෑඩ් ටොයිලට් එකට දාන්නම එපා. මේ වෙලාවේ වැසිකිළි පද්ධති හිර වුණොත් ඒක මුළු කඳවුරටම ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙනවා. පත්තර කෑල්ලක, බෑග් එකක ඔතලා වෙන් කරපු බඳුනකටම දාන්න.

🚨 කඳවුරේ තියෙන පොදු වැසිකිළි පාවිච්චිය: පොදු වැසිකිළි පාවිච්චි කරද්දි පරිස්සම් වෙන්න. දොරවල් හරියට වැහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තනියම යන්න එපා. අම්මා, සහෝදරියක් හෝ විශ්වාසවන්ත යාලුවෙක් එක්ක යන්න. රෑට විශේෂයෙන්ම කෙනෙක් එක්ක යන්න.

🚨 මේ වෙලාවේ "බඩේ කැක්කුම" (𝗣𝗲𝗿𝗶𝗼𝗱 𝗣𝗮𝗶𝗻) දරාගන්න බැරිද? මෙන්න කරන්න පුළුවන් දේවල්:
ගංවතුරේ සීතලත් එක්ක බඩේ සහ කොන්දේ කැක්කුම දෙගුණ වෙන්න පුළුවන්. බෙහෙත් නැති වුණත් මේ පුංචි දේවල්වලින් සහනයක් ගන්න බලන්න.

✅ උණුහුම තමයි හොඳම බෙහෙත:

බඩට සහ කොන්දට උණුහුමක් දෙන්න. Hot water bag එකක් නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවට වීදුරු බෝතලයකට (ප්ලාස්ටික් ගන්න එපා උණු වතුරට දියවෙයි) උණු වතුර පුරවලා, ඒක රෙදි කෑල්ලකින් ඔතලා බඩ තවන්න.

එහෙම නැත්නම්, රෙදි කැබැල්ලක් උණු වතුරෙන් පොඟවලා මිරිකලා බඩට තියාගන්න.

✅ උණු වතුර බොන්න:

කූල් වතුර බොන එක නවත්තන්න. පුළුවන් හැම වෙලාවෙම රස්නෙට වතුර ටිකක් බොන්න. ඉඟුරු කෑල්ලක්, කොත්තමල්ලි ටිකක් හොයාගන්න පුළුවන් නම් තම්බලා බොන්න. ඒකෙන් ලේ ගමනාගමනය ලේසි වෙලා කැක්කුම අඩු වෙනවා.

❌ එක තැන ඉන්න එපා:

කඳවුරේ ඉඩ මදි වුණත්, එකම ඉරියව්වෙන් ගුලි වෙලා ඉන්න එපා. එතකොට කැක්කුම වැඩි වෙනවා. පුළුවන් විදියට හිටගෙන පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න. ඇඟ ටිකක් ස්ට්‍රෙච් (Stretch) කරන්න.

✅ පීඩනය (Stress) අඩු කරගන්න:

බය වෙලා, Stress වෙලා ඉන්නකොට ඇඟ හිර වෙනවා, එතකොට කැක්කුම වැඩියි. පුළුවන් තරම් ගැඹුරින් හුස්ම ගන්න (Deep Breathing). යාලුවෙක් එක්ක කතා කරලා හිත සැහැල්ලු කරගන්න.

✅ ආහාර පාලනය:

බිස්කට්, පාන් වගේ පිටි කෑම කෑවම බඩ පුරවා දාන (Gastritis) ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් ඔසප් වේදනාව වැඩි වෙනවා. ලැබෙන කෑම වේල එකපාර කන්නේ නැතුව, ටික ටික හපලා කන්න. වතුර හොඳට බොන්න.

🚑 වෛද්‍ය කණ්ඩායම් (𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗧𝗲𝗮𝗺𝘀) එනවා නම්: ඔයා ඉන්න තැනට බෙහෙත් දෙන්න කණ්ඩායමක් ආවොත් ලැජ්ජා නොවී "මට පීරියඩ්ස්, අමාරුයි, පැරසිටමෝල් (Paracetamol) දෙන්න" කියලා ඉල්ලන්න.

🚨 විශේෂයෙන් සැමියන්ට/ පිරිමි පාර්ශ්වයට: මේ වෙලාවේ ඔයාලගේ සහයෝගය තමයි එයාට තියෙන ලොකුම හයිය. කඩේකින් හරි බඩු බෙදන තැනකින් හරි "පැඩ් පැකට්" එකක් ඉල්ලලා ගෙනත් දෙන්න ලැජ්ජ වෙන්න එපා. "මූණ එල්ලාගෙන ඉන්නවා" කියලා බැන වදින්න එපා. හෝමෝන වෙනස්වීම් එක්ක මේ ආතතිය දරාගන්න අමාරුයි කියලා තේරුම් ගන්න. එයාට වොෂ් රූම් එකට යන්න, ඇඳුම් මාරු කරගන්න පොඩි හරි ආවරණයක්, ආරක්ෂාවක් හදලා දෙන්න මැදිහත් වෙන්න. ඔයාගේ බිරිඳට හෝ දරුවාට මේ වෙලාවේ කොන්දේ කැක්කුම හැදෙන්නේ සීතල බිමක නිදාගන්න වුණාම වෙන්න පුළුවන්.

පුළුවන් නම් කාඩ්බෝඩ් එකක්, පැදුරක් හෝ රෙදි ගොඩක් දාලා එයාට සීතල නොවෙන තැනක් හදලා දෙන්න.

එයාගේ කකුල් දෙක සීතල වෙන්න දෙන්න එපා. මේස් දෙකක් නැත්නම් රෙදි කෑල්ලකින් හරි කකුල් දෙක ඔතලා තියන්න උදව් කරන්න.

🚨 ආධාර බෙදන/එකතු කරන අයට: 📦 ඔයාලා හදන සහනාධාර මලු වලට අනිවාර්යයෙන්ම 𝗦𝗮𝗻𝗶𝘁𝗮𝗿𝘆 𝗡𝗮𝗽𝗸𝗶𝗻𝘀 පැකට් එකක් දාන්න. ඒ වගේම අලුත් යට ඇඳුම් (𝗨𝗻𝗱𝗲𝗿𝗴𝗮𝗿𝗺𝗲𝗻𝘁𝘀) කීපයක් ලබා දෙන්න. ගෙවල්වලින් එද්දි ගොඩක් අයට මේවා අරන් එන්න සිහියක් තිබුණේ නෑ. සබන්, 𝗛𝗮𝗻𝗱 𝗦𝗮𝗻𝗶𝘁𝗶𝘇𝗲𝗿 සහ 𝗚𝗮𝗿𝗯𝗮𝗴𝗲 𝗯𝗮𝗴𝘀 සපයන්න.

මේ වෙලාවේ අපි එකිනෙකාට උදව් කරගමු. කාන්තාවකගේ ගෞරවය සහ සෞඛ්‍යය ආරක්ෂා කරන එක අපේ වගකීමක් වගේම මනුස්සකමක්! 🤍🤝

👉 අනිත් අයටත් දැනගන්න, මේක 𝑺𝒉𝒂𝒓𝒆 කරන්න අමතක කරන්න එපා.. ඒ වගේම, ඔබට අවශ්‍යය 𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗔𝗿𝘁𝗶𝗰𝗹𝗲𝘀' 𝗧𝗼𝗽𝗶𝗰𝘀 පහලින් 𝑪𝒐𝒎𝒎𝒆𝒏𝒕 කරන්න..

📍𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙩𝙝𝙚 𝘿𝙤𝙘𝙁𝙡𝙚𝙭 𝘼𝙄 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙤𝙣 𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥: https://whatsapp.com/channel/0029Vb6ax3yBVJl9dkFpf33W

🚨 ජනතාවගේ අවධානයට! 🚨මේ දිනවල පවතින ගංවතුර තත්වය හේතුවෙන් බොහෝ දෙනෙක් අපදා ජලයට නිරාවරණය වෙනවා. ඒ නිසා මී උණ (𝗟𝗲𝗽𝘁𝗼𝘀𝗽𝗶𝗿𝗼𝘀...
02/12/2025

🚨 ජනතාවගේ අවධානයට! 🚨

මේ දිනවල පවතින ගංවතුර තත්වය හේතුවෙන් බොහෝ දෙනෙක් අපදා ජලයට නිරාවරණය වෙනවා. ඒ නිසා මී උණ (𝗟𝗲𝗽𝘁𝗼𝘀𝗽𝗶𝗿𝗼𝘀𝗶𝘀) වැනි රෝග වැළඳීමේ අවදානමත් යනවා.

මී උණ වැළැක්වීමට භාවිතා කරන ප්‍රධානතම ප්‍රතිකාරයක් වන Doxycycline නිවැරදිව භාවිත කරන ආකාරය සහ ඔබ දැනගත යුතු වැදගත් ආරක්ෂිත උපදෙස්, දැන් අපි කියන්නම්:

💊 𝗗𝗼𝘅𝘆𝗰𝘆𝗰𝗹𝗶𝗻𝗲 යනු කුමක්ද?
Doxycycline යනු Tetracycline කාණ්ඩයට අයත් වන Antibiotic එකක් වගේම Prescription Only Medicine (POM) එකක්. මෙයට Photosensitivity Effect එකක් ද පවතිනවා.

✅ Doxycycline 100mg Tablets (පෙති) සහ Capsules (කරල්) ලෙස පවතිනවා.

✅ මී උණ වැළැක්වීම සඳහා සාමාන්‍ය නිර්දේශිත මාත්‍රාව වන්නේ 200mg - Once a week (සතියට එක් වරක්)

(සැයු: රෝගී තත්වය මත / වෛද්‍ය නිර්දේශය මත මෙය වෙනස්විය හැක.)

✅ Doxycycline බොනකොට , වතුර වීදුරුවක් පිරෙන්න බොන්න.(full glass of water)

✅ කෑමෙන් පසු ගැනිමෙන් බඩේ දැවිල්ල ඇතිවීම වලක්වා ගන්න පුලුවන්.

❌ බෙහෙත බිමෙන් පසු අවම වශයෙන් විනාඩි 30ක්වත් යනතුරු වැතිරෙන්න / හාන්සී වෙන්න එපා. (එහෙම වුනොත් පපුවේ දැවිල්ල -Esophageal Irritation ඇතිවෙන්න පුලුවන්). සිටගෙන හෝ වාඩි වී සිටින්න.

❌ Doxycycline සමග කිරි, ආශ්‍රිත නිෂ්පාදන ( කිරි, යෝගට්, චීස්) , Antacids ( ගැස්ට්‍රයිටිස් සඳහා බොන බෙහෙත්) , කැල්සියම් / යකඩ / මැග්නීසියම් අඩංගු විටමින් වර්ග සමග එකට බොන්න එපා. මොකද මේවා Doxycycline වල ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා.
ඒවා භාවිතා කරනවා නම් Doxycycline බොන්න පැය 2කට පෙර හෝ පසු ගන්න.

❌ ගැබිනි මව්වරුන්, කිරි දෙන මව්වරුන්,වයස අවුරුදු 8 (හෝ සමහර නිර්දේශ අනුව 12) ට අඩු කුඩා ළමුන්, Doxycycline ඖෂධයට ආසාත්මිකතා (Allergy) ඇති අය වගේම අක්මා හෝ වකුගඩු ආශ්‍රීත රෝග ඇති අය ද වෛද්‍ය නිර්දේශයකින් තොරව Doxycycline බොන්න එපා.

🚨 සමේ පලු දැමීම, කැසීම, මුහුණ, තොල්, දිව හෝ උගුර ඉදිමීම, දැඩි හිසරදය, පෙනීම වෙනස් වීම, පෙනීම බොඳ වීම, ඔක්කාරය, වමනය, සන්ධි වේදනාව, ගිලීමේ අපහසුව හෝ වේදනාව, උණ සමඟ දරුණු පාචනය, දත්වල වර්ණය වෙනස් වීම (විශේෂයෙන් ළමුන්ගේ), යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ස්‍රාවයක් ඒම, කැසීම හෝ දුර්ගන්ධයක් වැනි අසත්මිකතා ඔබට ඇතිවුනොත්, වහාම ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න.

එහෙනම් හැමෝම සෞඛ්‍ය සම්පන්නව ඉන්න!.අනිත් අයටත් දැනගන්න, මේක Shareකරන්න අමතක කරන්න එපා.

𝙎𝙤𝙪𝙧𝙘𝙚: 𝘽𝙉𝙁 (𝘽𝙧𝙞𝙩𝙞𝙨𝙝 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙁𝙤𝙧𝙢𝙪𝙡𝙖𝙧𝙮) - 85

#ගංවතුර #වසංගත_රෝග #මීඋණ

🛑 ගංවතුර අඩුවුනාට අවදානම ඉවර නෑ! 🛑ගංවතුර බැහැලා ගියත්, අපි හැමෝටම තියෙන ලොකුම අවදානම තමයි "මී උණ" කියන්නේ. මේකට වෙලාවට බ...
01/12/2025

🛑 ගංවතුර අඩුවුනාට අවදානම ඉවර නෑ! 🛑

ගංවතුර බැහැලා ගියත්, අපි හැමෝටම තියෙන ලොකුම අවදානම තමයි "මී උණ" කියන්නේ. මේකට වෙලාවට බෙහෙත් නොගත්තොත් ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්.

ඒ නිසා පරිස්සම් වෙන්න මේ දේවල් ටික අහගන්න.

🟢කොහොමද මේක හැදෙන්නේ?

• මේක බැක්ටීරියා එකක්. ගංවතුරට මීයන්ගේ මුත්‍රා (Urine) එකතු වෙලා තමයි හැදෙන්නේ.
• ඔයාගේ කකුලේ පොඩි හරි තුවාලයක්, සීරීමක් තිබ්බොත් එතනින් මේ විෂබීජ ඇඟ ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම ඇස්, කට, නාසයෙනුත් යන්න පුළුවන්.

🟢ගංවතුරට බැහැලා දවස් 5ක් 14ක් ඇතුළත මේ ලක්ෂණ තියෙනවද බලන්න:

• කෙණ්ඩ සහ කොන්දේ කැක්කුම (මේක තමයි ප්‍රධානම දේ).
• ඔළුව රිදෙනවා නම්.
• ඇස් රතු වෙලා නම්.
• වෙව්ලලා උණ ගන්නවා නම්.

🟢බේරෙන්න මොනවද කරන්න ඕන?

• පුළුවන් තරම් ගංවතුරට, මඩ වලවල් වලට බහින්නේ නැතුව ඉන්න.
• අනිවාර්යයෙන් බහින්න වෙනවා නම් Boots දාන්නම බලන්න.
• කකුලේ පොඩි හරි තුවාලයක් තියෙනවා නම් Waterproof Plaster එකක් අලවගෙනම බහින්න.
• වතුරට බැස්සට පස්සේ සබන් දාලා කකුල් හොඳට හෝදගන්න.
• ගංවතුර බහුල ප්‍රදේශවල ජීවත් වන්නෙක් නම්, වෛද්‍ය උපදෙස් මත පූර්ව ආරක්ෂක ඖෂධ (Doxycycline) ලබාගැනීමට කටයුතු කරන්න.

⚠ වැදගත්ම දේ: ඔයා ගංවතුරට බැස්සනම්, දැන් ඔයාට උණ වගේ නම්, ගෙදර ඉන්න එපා. කෙලින්ම හොස්පිට්ල් යන්න. ගිහින් ඩොක්ටර්ට අනිවාර්යයෙන් කියන්න "මම ගංවතුරට බැස්සා" කියලා. ඒක කිව්වොත් තමයි හරියටම ලෙඩේ හොයාගන්න පුළුවන් වෙන්නේ.

මේ පණිවිඩේ හැමෝටම යන්න Share කරන්න. ජීවිතයක් බේරගන්න පුළුවන්!

🚨 ගංවතුරත් සමඟ එන ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු! 🚨මේ දිනවල පවතින ගංවතුර තත්ත්වයත් සමඟ අපේ සෞඛ්‍යය ගැන අපි වෙනදාටත් වඩා සැලකිල...
30/11/2025

🚨 ගංවතුරත් සමඟ එන ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු! 🚨

මේ දිනවල පවතින ගංවතුර තත්ත්වයත් සමඟ අපේ සෞඛ්‍යය ගැන අපි වෙනදාටත් වඩා සැලකිලිමත් විය යුතුයි. වතුර බැස ගියත්, විවිධ ලෙඩ රෝග පැතිරීමේ අවදානම ඉතා වැඩියි.

ඔබත් ඔබේ පවුලේ අයත් ආරක්ෂා කරගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න:

🚰 පානීය ජලය (Drinking Water): පානීය ජලය අනිවාර්යයෙන්ම මිනිත්තු කිහිපයක් නටවා, නිවාගෙන පානය කරන්න. ෆිල්ටර් කළ ජලය හෝ බෝතල් කළ ජලය වුවද නටවා භාවිතා කිරීම මේ දිනවල වඩාත් ආරක්ෂිතයි.

🧼 දෑත් පිරිසිදුකම (Hand Hygiene): ආහාර ගැනීමට පෙර, ආහාර පිසීමට පෙර සහ වැසිකිලි යාමෙන් පසු සබන් යොදා දෑත් හොඳින් සෝදන්න. Hand sanitizer එකක් ළඟ තබා ගැනීමත් වැදගත්.

🍲 ආහාර ආරක්ෂාව (Food Safety): ගංවතුරට හසු වූ කිසිදු ආහාරයක් අනුභව කරන්න එපා. ආහාර පිසීමේදී එළවළු සහ පලතුරු පිරිසිදු වතුරෙන් හොඳින් සෝදාගන්න. පිසූ ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා කරගැනීමට හොඳින් වසා තබන්න.

🩹 තුවාල සහ මී උණ (Wounds & Rat Fever): පාදවල කුඩා හෝ තුවාලයක් තිබේ නම් ගංවතුරට බහින්න එපා. "මී උණ" (Leptospirosis) වැළඳීමේ විශාල අවදානමක් තියනවා. අනිවාර්යයෙන්ම ජලයට බැසීමට සිදුවුවහොත් තුවාල ආවරණය වන සේ Waterproof Plaster එකක් හෝ බූට් සපත්තු (Boots) පළදින්න.

👶 කුඩා දරුවන් ගැන සැලකිලිමත් වන්න: දරුවන්ට ගංවතුරේ සෙල්ලම් කිරීමට හෝ බැසීමට ඉඩ නොදෙන්න. ජලයේ ඇති විෂබීජ සහ බැක්ටීරියා නිසා දරුවන් ඉක්මනින් රෝගී විය හැක.

🏠 නිවස පිරිසිදු කිරීම: ජලය බැස ගිය පසු නිවස හොඳින් විෂබීජහරණය කර පිරිසිදු කරන්න. ක්ලෝරීන් හෝ වෙනත් විෂබීජ නාශක දියරයක් මේ සඳහා භාවිතා කරන්න.

අපි කල්පනාවෙන් සහ පරිස්සමින් මේ කාලය පසු කරමු. මෙම පණිවිඩය Share කර අන් අයවත් දැනුවත් කරන්න! 𝑺𝒕𝒂𝒚 𝑺𝒂𝒇𝒆 𝒆𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when DocFlex AI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram