NuTri InFo

NuTri InFo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NuTri InFo, Nutritionist, No.128 De.S Jayasinghe Mawatha, Colombo.
(2)

Nutrition for Healthy Life.Weght management / Diabetic diet plan / Diet for kidney disease /Diet for high blood pressure / Diets for high cholesterol and fatty liver conditions

01/05/2026

මේ රෝග ලක්ෂණ ඔයාටත් තියනවනම් යකඩ ඌනතාවය වෙන්න පුළුවන්අද අපි කථා කරන්න යන්නෙ ලාංකිකයන් බොහෝ දෙනෙක්  විශේෂයෙන් කාන්තාවන් ම...
01/05/2026

මේ රෝග ලක්ෂණ ඔයාටත් තියනවනම් යකඩ ඌනතාවය වෙන්න පුළුවන්

අද අපි කථා කරන්න යන්නෙ ලාංකිකයන් බොහෝ දෙනෙක් විශේෂයෙන් කාන්තාවන් මුහුණපාන බරපතල රෝගී තත්වයක් පිළිබඳව.ඒ තමා යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවය නම් රෝගී තත්වය.

බලන්න ඔයාලටත් මම මේ කියන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තියනවද කියලා,

Fatigue එහෙමත් නැත්තම් නිතරම ඇතිවන තෙහෙට්ටුව

නිදිමත ගතිය, හිසරදය සහ කරකැවිල්ල

හුස්ම ගැනීමට අපහසු වීම

Pale skin ඒ කියන්නෙ සම සුදු මැලි වීම

Spoon nails- සාමාන්යෙන් අපේ නියපොතු පිටතට නෙරා යන ආකාරයට ඒ කියන්නෙ උත්තලව තමා පිහිටලා තියෙන්නෙ.හැබැයි මේ තත්වයේදී නියපොතු ඇතුළු පැත්තට ගිලී යන ආකාරයට එහෙමත් නැත්තම් අවතලව පිහිටා තිබෙනවා.ඒ විතරක් නෙමෙයි නියපොතු මෘදු වෙලා ඉක්මනින් කැඩිලා යනවා

කෙස් හැලී යාම සහ තුනී වීම- අපි දන්නවා නීරෝගි පුද්ගලයෙකුගෙ උනත් දවසකට කෙස් 50–100ක් පමණ වැටීම සාමාන්‍ය දෙයක් කියලා.හැබැයි රක්තහීනතාවය තියන කෙනෙක්ගේ මීට වඩා වැඩි හිස කෙස් ප්‍රමාණයක් දවසකට හැලෙනවා.

කෙරටීන් කියන්නෙ අපේ හිස කෙස් ශක්තිමත් කරන ප්‍රෝටීනය.මේ ප්‍රෝටීනය නිපදවන්න යකඩ අත්‍යවශ්‍යයි. ඉතින් අපේ දේහයේ ප්‍රමාණවත් තරම් යකඩ නැතිවෙන කොට කෙරටීන් නිශ්පාදනය අඩාල වෙලා හිස කෙස් තුනී,සිහින් බවට පත් වෙනවා.

හෘදස්පන්දන වේගය ඉහළ යාම- විශේෂයෙන් ඇවිදිනකොට,පඩිපෙල් නගිනකොට වගේ කායිකව වෙහෙස වෙන අවස්ථාවකදී හෘදස්පන්දන වේගය ඉහළ යාම යකඩ ඌනතාවයේ ප්‍රධාන ලක්ෂණයක් කියලා හදුන්වන්න පුළුවන්.

මේ කියන රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඒවා නොසලකා හරින්න නම් එපා. මොකද Iron Deficiency Anemia එහෙමත් නැත්තම් රක්තහීනතාවය කියන්නෙ බොහෝ දෙනාට තිබුනත්, මේ කියන රෝග ලක්ෂණ සාමාන්‍ය වැඩ කිරීම නිසා ඇතිවන ලක්ෂණ ලෙස සැලකීම නිසා හරියටම හඳුනාගන්නේ නැති රෝගයක් කියලා සදහන් කරන්න පුළුවන්.

ඇත්තටම යකඩ කියන්නේ අපේ රුධිරයේ හීමොග්ලොබින් (Hemoglobin) හදාගන්න අත්‍යවශ්‍ය ඛනිජයක්. හීමොග්ලොබින් තමයි ඔක්සිජන් අපේ ශරීරය පුරා ගෙනියන්නේ.

එහෙමනම් අපි යකඩ අඩුවුණාම මොකද වෙන්නේ කියලා බලමු,

යකඩ අඩුවුණාම අපේ රුධිරයේ තියෙන හීමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා.එතකොට අපේ ශරීරයට ඔක්සිජන් ලැබෙන්නේ අඩුවෙන්. මේ නිසා අපි හුඟාක් වෙලාවට කෙට්ටු වෙලා වෙලා, ඉක්මනින් තෙහෙට්ටුවට පත් වෙනවා.

අපිට යකඩ අඩුවෙන්නෙ ඇයි?

1. අපේ ආහාර වේලේ ප්‍රමාණවත් තරම් යකඩ අඩංගු නොවීම

අපි ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරගමු, අපි ගන්න ආහාරවල තියෙන යකඩ ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා. ඒ හීම් යකඩ සහ හීම් නොවන යකඩ විදිහට. කුකුල් මස් හරක් මස්, පීකුදු, මාළු, කිරි වගේ සත්වමය ආහාරවල තියෙන යකඩ හදුන්වන්නෙ හීම් යකඩ කියලා. හීම් යකඩවල විශේෂත්වය තමා ඒවා ශරීරයට ඉතා පහසුවෙන්අවශෝෂණය වීම.ඒ කියන්නෙ ආහාරයේ තියෙන යකඩවලින් 15% – 35% ක් විතර අපේ ශරීරයට උරා ගන්නවා.

පරිප්පු , කඩල, මුං ඇට වගේ පියළි වර්ගවල, පලා කොළවල වගේ ශාකමය ආහාරවල තියෙන්නෙ හීම් නොවන යකඩ. මේ හීම් නොවන යකඩ සාපේක්ෂව අපේ ඇගට උරා ගන්නවා අඩුයි. ඒ කියන්නෙ ආහාරයේ තියෙන යකඩවලින් 2% – 5% වගේ සුළු ප්‍රමාණයක් තමා අපේ ශරීරයට උරා ගන්නෙ.

මේකෙන් ඔයාලට තේරෙනවා ඇති මස් ,මාළු කන කෙනෙක්ට වඩා vegetarian කෙනෙක්ට යකඩ ඌනතාවය ඇතිවීමේ අවධානම වැඩි බව.ඒක නිසා vegetarian අය මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕනි.

2. අධික රුධිර වහනය – විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී, තුවාලයකින් අධිකව රුධිරය වහනය වීම වගේ දේවල් නිසා අපිට යකඩ ඌනතාවය ඇති වෙන්න පුළුවන්.
පාසල් වයසේ පසුවන දියණියන්ට මාසික ඔසප් වීමේදී අධිකව රුධිරය වහනය වීම නිසා රක්තහීනතාව ඇතිවීම, එයාලගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම බිඳවැටෙන්න හේතු වෙන්න පුළුවන්.ඒක නිසා ගැහැණු දරුවන්ට ඔසප් සමයේදී මස්,මාළු වගේ සත්වමය ආහාර වැඩි වශයෙන් ලබා දෙන්න. සමහරු මේ කාලයේදී මස්,මාළු කෑවම පිටවන රුධිරයෙන් අධික දුගදක් පිටවෙනවා කියලා ඒවායින් වැළකිලා ඉන්නවා. ඒවගේ මිත්‍යාමතවල කිසිදු සත්‍යතාවක් නෑ.
3. ගර්භණී කාලය – ගර්භණී කාලයේදී කාන්තාවකට දිනකට අවශ්‍යවන යකඩ ප්‍රමාණය සාමාන්‍ය කාන්තාවකගේ අවශ්‍යතාවට වඩා වැඩි වෙනවා.ඒකට හේතු වෙන්නෙ ගර්භණී කාලයේදී අම්මාගේ රුධිර පරිමාව වැඩි වීම වගේම බබාගේ මොළයේ වර්ධනයට, ඔකිසිජන් සැපයුමට සහ අක්මාවේ සංචිත කිරීමට යකඩ අවශ්‍ය වීමයි.
මේ නිසා ගර්භණී සමයේ second trimester එකේදී ඒ කියන්නෙ හතරවෙනි මාසය ආරම්භයේ ඉදලම ආහාරයට අමතරව පෙත් විදිහට යකඩ ලබා ගන්න ඕනි. එහිදී දිනපතා iron 60 mg පෙති විදිහට ලබා ගන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕනි.
ඒ විතරක් නෙමෙයි යොවුන් වියේ පසුවන ගර්භනී කාන්තාවන්, නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන ගර්භනී කාන්තාවන්, vegetarian ගර්භනී කාන්තාවන් වගේ අවධානම් අය ගර්භණී බාවය දැනගත් දිනයේ පටන්ම ආහාරයට අමතරව පෙති විදිහට යකඩ ලබා ගන්න ඕනි.
දරු ප්‍රසූතියෙන් පස්සෙත් මාස 6 ක්වත් පෙති විදිහට යකඩ ලබා ගන්න එක තමා නිර්දේශය වෙන්නෙ.

4. පණු රෝග (worms)- මෙහිදී සමහර පනුවන් අපේ දේහයේ රුධිරය උරා බොමින් ජීවත් වෙනවා.රුධිරය අඩු වෙනවා කියන්නෙ අපේ ඇගේ යකඩ ප්‍රමාණයත් අඩු වීමයි.

ඒ විතරක් නෙමෙයි සමහර පනුවන් අපේ දේහයට යකඩ උරා ගන්න එකත් වළක්වනවා.

5.ශරීරයට යකඩ අවශෝෂණය නොවීම

අප ගන්නා විවිධ ඖෂධ වර්ග හා වෙනත් හේතු නිසා ආහාරයේ තියෙන යකඩ ශරීරයට උරා ගන්න එක අඩු වීමත් යකඩ ඌනතාවය ඇති වීමට බලපාන එක් හේතුවක් කියලා සදහන් කරන්න පුළුවන්.

අපි දැන් බලමු රක්තහීනතාවය අදුරගන්නෙ කොහොමද කියන එක,

රුධිරයේ Full Blood Count එකක් කරලා අපිට රුධිරයේ හිමොග්ලොබින් ප්‍රතිශතය දැන ලන්න පුළුවන්.

Full Blood Count එකක තිබිය යුතු සාමාන්‍ය Hemoglobin levels (Normal values) තමා මේ,

වැඩිහිටි පිරිමි -13 – 17 g/dL

වැඩිහිටි පිරිමි ගැහැණු - 12 – 15 g/dL

ගර්භණී මව්වරු -≥ 11 g/dL

ළමයි (Children)- සාමාන්යයෙන් 11 – 13 g/dL. මේක වයස අනුව වෙනස් වෙනවා

Full Blood Count එකේ හිමොග්ලොබින් ප්‍රමාණය මේ සදහන් කළ ප්‍රමාණයන්ට වඩා අඩු උනා කියලා යකඩ supplements ගන්න පටන් ගන්න නම් එපා. මොකද තැලසීමියාව, වෛරස් උන වගේ තත්වයන් වලදිත් හිමොග්ලොබින් ප්රමාණය සාමාන්‍ය ප්රමාණයන්ට වඩා අඩු වෙන්න පුළුවන්.ඒක නිසා මේ පිළිබඳව හරියටම දැන ගන්න සුදුසුකම් ලත් පෝෂණවේදීයෙකු මුණගැසීම තමා වඩාත් සුදුසු වෙන්නෙ.

ඒ වගේම Ferritin test එක මගින් අපිට ශරීරයේ iron stores ප්‍රමාණය බලාගන්නත් පුළුවන්.

දැන් තමා වැදගත්ම part එක.ඒ තමා අපි කොහොමද රක්තහීනතාවය වළක්වගන්නෙ කියන එක.

ඒ සදහා අපි යකඩ බහුල ආහාර දිනපතා අපේ ආහාර වේලට එකතු කර ගන්න ඕනි.විශේෂයෙන්ම හීම් යකඩ අඩංගුකුකුල් මස් හරක් මස්, පීකුදු, මාළු, කිරි වගේ සත්වමය ආහාර අපේ ආහාර වේලට අනිවාර්යෙන්ම එකතු කර ගන්න ඕනි.

ඒ වගේම හීම් නොවන යකඩ අඩංගු වෙන මුං ඇට වගේ පියළි ආහාර, දින දෙකක් පමණ වතුරේ දමා අංකුර ආවට පස්සෙ ආහාරයට ගන්න ඕනි.මොකද පැළවෙන බීජවල තියෙන යකඩ පහසුවෙන් දේහයට උරා ගන්න පුළුවන්.



ඒ වගේම තමා Vitamin C ආහාරවල තියෙන යකඩ ශරීරයට උරා ගන්න එක වැඩි කරනවා.ඒ නිසා මැල්ලුම්,සලාදවලට දෙහි ටිකක් එකතු කරන්න අමතක කරන්න එපා.

Vitamin C ආහාරවල තියෙන යකඩ ශරීරයට උරා ගන්න එක වැඩි කරනවා වගේම තේ, කෝපිවල තියෙන කැෆේන්, ටැනීන් වගේ රසායනික සංයෝග ආහාරවල තියෙන යකඩ ශරීරයට උරා ගන්න වළක්වනවා.ඒ නිසා තේ, කෝපි පානය කරනවනම් ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට ව්තර පස්සෙ පානය කරන්න අමතක කරන්න එපා.

දඹානේ ආදිවාසීන්ගේ "මී පැණි මස්" රස රහස දඹානේ ආදිවාසීන් එහෙමත් නැත්නම් වැදි ජනතාව , දඩයම් කරගත්ත අමු මස් වලට මී පැණි එකතු...
01/05/2026

දඹානේ ආදිවාසීන්ගේ "මී පැණි මස්" රස රහස

දඹානේ ආදිවාසීන් එහෙමත් නැත්නම් වැදි ජනතාව , දඩයම් කරගත්ත අමු මස් වලට මී පැණි එකතු කරල, ගස් බෙන තුල හංගලා තියල , කල් ගත උනාට පස්සෙ කෑමට ගත්ත කියල අපි හැමෝම දන්නවනී.. ඒ වගේම එයාල අදකාලෙ වගේ ඉක්මනින් ලෙඩ උනෙත් නෑ.... අවුරුදු සියගන් ජීවත් උනා කියලත් ‍ඔයා අහල ඇති, ඔවු ඒව අපූරු රහ්ස් , ඒ අය තුල තිබුන හිතාගන්නවත් බැරි දියුනු පෝෂණවිද්‍යාත්මක් රස රහස් ගැන තමයි, පෝෂණවේදී අදහස් තුලින් අද අපි කතා කරන්න යන්නෙ ,

ඒ කාලෙ අද කාලේ වගේ ජිම් තිබුණේ නැහැ, විටමින් පෙති තිබුණේත් නැහැ. හැබැයි ඔවුන්ට තිබුණා සොබාදහමෙන් ලැබුණු "සුපිරි ආහාර" වර්ග. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි මී පැණියේ බහාලපු දඩමස්. ඔවු අද ඔයාට දැනගන්න පුලුවන් මේ මී පැණි මස්වල තියෙන දියුණු විද්‍යාව වගේම, මේවා කෑමෙන් ලැබෙන සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන.

වැදි ජනතාව දඩයම් කරලා ගේන මස්, විශේෂයෙන්ම මුව මස්, ගෝණ මස් වගේ දේවල් "ගස් බෙන" ඇතුළට දාලා පිරිසිදු මී පැණියෙන් පුරවනවා. මේක නිකම්ම කෑමක් නෙවෙයි, මේක නියම විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමයක්.

ඔයාලා දන්නවාද, මී පැණි කියන්නේ කිසිම දවසක නරක් වෙන්නේ නැති දෙයක්. මී පැණිවල ජලය ගොඩක් අඩුයි. ඒ නිසා මස්වල තියෙන වතුර අංශු මී පැණිවලට ඇදලා ගන්නවා. එතකොට බැක්ටීරියාවලට ඒ මස් ඇතුළේ ජීවත් වෙන්න බැහැ. ඒ කියන්නෙ මේ ගස් බෙනය "ස්වභාවික ෆ්‍රිජ් එකක්" විදිහට කිරියාත්මක වෙනවා. එත් අදකාලෙ ශීතකරනයක උනත් අවුරුදු ගනන් මස් වර්ග තියගන්න බෑ... ඒත් මේ විදිහට අවුරුද්දක් වුණත් මස් නරක් නොවී තියාගන්න ඔවුන්ට පුළුවන් වුණා.

දැන් අපි බලමු ඇයි මේ මී පැණි මස් මෙච්චර ගුණයි කියලා සමාජයේ මතයක් තියෙන්නේ කියලා. මෙතනදී "හෙළ වෙදකම" සහ "පෝෂණ විද්‍යාව" කියන දෙකම එකතු වෙනවා.

1. **ලේසියෙන් ජීර්ණය වීම:** සාමාන්‍යයෙන් මස් කියන්නේ ජීර්ණය වෙන්න ගොඩක් වෙලා යන කෑමක්. හැබැයි මී පැණිවල තියෙන විශේෂ එන්සයිම (Enzymes) නිසා, මස්වල තියෙන තද ප්‍රෝටීන් තන්තු මෘදු වෙනවා. එතකොට අපේ බඩට මේක හරිම ලේසියෙන් උරාගන්න පුළුවන්.
2. **ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම:** මී පැණි කියන්නේ ස්වභාවික විෂබීජ නාශකයක්. මස්වල තියෙන සින්ක් (Zinc) සහ යකඩ (Iron) එක්ක මී පැණි එකතු වුණාම, අපේ ඇඟේ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන ශක්තිය හදිසියේම වගේ වැඩි වෙනවා. වැදි ජනතාවට තුවාලයක් වුණාම හරිම ඉක්මනට ඒක සුව වෙන්න මේ කෑම රටාව ගොඩක් උදව් වුණා.
3. **ශක්ති ජනක ආහාරයක් (Energy Tonic):** මී පැණිවලින් ක්ෂණික ශක්තිය ලැබෙනවා, මස්වලින් දීර්ඝකාලීන ශක්තිය ලැබෙනවා. මේ දෙක එකතු වුණාම ඒක ඇඟට මාරම ගැම්මක් දෙන "ටොනික්" එකක් වගේ. අත පය හන්දිපත් රුදාවට මේක දිව්‍ය ඖෂධයක් වගේ කියලා තමයි පැරණි මතය තියෙන්නේ.
4. **ඖෂධ වාහකයෙක් (Carrier):** හෙළ වෙදකමේ මී පැණි හඳුන්වන්නේ "යෝගවාහී" ද්‍රව්‍යයක් විදිහට. ඒ කියන්නේ මී පැණි එක්ක වෙනත් ඕනෑම පෝෂකයක් කලවම් කළාම, ඒක ඇඟේ නහරවලටම අරන් යන්න මී පැණි උදව් වෙනවා. ඉතින් මස්වල තියෙන ගුණය උපරිමයෙන් ඇඟට ගන්න මේක නියම ක්‍රමයක්.

වැදි ජනතාව මස් සංරක්ෂණය කරන්න පාවිච්චි කරපු අනෙක් ක්‍රම දෙක තමයි දුම් ගැසීම සහ අව්වේ වේලීම.

දුම් ගහනකොට දර ලිපෙන් එන දුමේ තියෙන "ෆීනෝල්" (Phenols) කියන සංයෝග මස් වටේට ආරක්ෂක වැටක් හදනවා. මේකෙන් මස්වල තියෙන තෙල් ගතිය නරක් වෙන්නේ නැහැ. ඒ වගේම අව්වේ වේලනකොට හිරු එළියේ තියෙන UV කිරණ මගින් මස්වල ඉන්න විෂබීජ විනාශ කරනවා. මේ ක්‍රම දෙකෙන්ම කරන්නේ මස්වල පෝෂණය එකම තැනක "කන්සන්ට්‍රේට්" කරන (Concentrate) එකයි. ඒ කියන්නේ පොඩි මස් කෑල්ලකින් අපිට විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්.

යාලුවනේ, වැදි ජනතාවගේ මේ ආහාර රටාව ඇත්තටම විද්‍යාගාරයක් වගේ. අද කාලේ අපි කන්නේ ශීතකරණවල දාලා, රසායනික ද්‍රව්‍ය ගහලා, පෝෂණය විනාශ වෙච්ච කෑම. හැබැයි දඹානේ වැදි ජනතාව මී පැණි, දුම සහ හිරු එළිය පාවිච්චි කරලා ලෙඩ රෝග නැති පරපුරක් බිහි කළා.

දැන් අපි බලමු මේ පාරම්පරික දැනුම ලෝක වෙළඳපොළට අරන් යන්නේ කොහොමද කියලා. මම යෝජනා කරනවා අපේ ඉංජිනේරුවන්ට සහ නිර්මාණකරුවන්ට මේ දේවල් අනුසාරයෙන් අලුත් උපකරණ දෙකක් හදන්න:

"Smart Honey-Hollow" (ස්මාර්ට් මී පැණි පදම් කිරීමේ උපකරණය): අපිට පුළුවන් ගස් බෙනයක හැඩයට, ස්වභාවික ලීවලින් නිමවපු, ඇතුළත උෂ්ණත්වය පාලනය කළ හැකි කුඩා යන්ත්‍රයක් හදන්න. මස් කැබැල්ලක් දාලා මී පැණි පුරවලා මේ යන්ත්‍රයට දැම්මම, ඒක ඇතුළේ "ගස් බෙනයක" තියෙන ස්වභාවික වටපිටාව නිර්මාණය කරනවා. මාස කිහිපයකින් ලෝකයේ තියෙන මිල අධිකම සහ ගුණදායකම "Honey Cured Meat" මේ යන්ත්‍රයෙන් අපිට ලබාගන්න පුළුවන්.

"Modern Vedda-Smoker" (නූතන දුම් මැස්ස): සාමාන්‍ය විදුලි අවන් එකක් වෙනුවට, වැදි ජනතාව පාවිච්චි කරන ඒ සුවිශේෂී දර වර්ගවලින් එන දුම නිවැරදි සාන්ද්‍රණයකින් මස්වලට වද්දන, තාක්ෂණික "දුම් කුටීරයක්" හදන්න පුළුවන්. මේක ලෝකයේ ඉන්න "Steak" සහ මස් ලෝලීන්ට හඳුන්වා දුන්නොත්, ඒක විශාල පෙරළියක් වෙයි.

මෙහෙම උපකරණයක් අපි ලෝක වෙළඳපොළට "Made in Sri Lanka" කියලා දැම්මොත් ඒකෙන් ලැබෙන වාසි හිතන්න. එක පැත්තකින් අපේ රටට විශාල විදේශ විනිමයක් (Dollars) ලැබෙනවා. අනෙක් පැත්තෙන්, අපේ වැදි ජනතාවගේ අභිමානය සහ ඔවුන්ගේ "ආදි තාක්ෂණය" ගැන මුළු ලෝකයම කතා කරන්න ගන්නවා.

අපි කරන්න ඕනේ අපේ සංස්කෘතිය ලෝකෙට විකුණන එක නෙවෙයි, අපේ සංස්කෘතිය ඇතුළේ තියෙන දැනුම ලෝකෙට අවශ්‍ය විදිහට "පැකේජ්" කරලා දෙන එකයි. මේක තමයි අපේ රට ගොඩනගන්න තියෙන හොඳම මාවත.

ඉතින්, ලිපියෙන් අප උත්සාහ කළේ අපේ අතීත උරුමය නවීන විද්‍යාවත් එක්ක ගළපලා අනාගතයට පාරක් පෙන්වන්න. අපේ රටේ නිර්මාණකරුවන් මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා.

මේ ලිපිය ඔයාලට වැදගත් වුණා නම් අනිත් අය අතරෙත් බෙදාගන්න. Page එකත් Like කරල තියාගන්න, මේ වගේ අලුත් අදහස් එක්ක ආයෙත් හම්බවෙමු.

Nitri Info

30/04/2026
https://youtu.be/tSRavqH-ibM
29/04/2026

https://youtu.be/tSRavqH-ibM

මැස්සො අපේ ඇඟේ වහල කරන රහසිගත මෙහෙයුම. By Nutri Info

අද කාලෙ රත්තරං කොච්චර මිල වැඩි උනත්, ඇත්තම කැරට් 24 රත්තරං කෑමට ගන්න අය ඔයාගෙ සමාජයේ ඉන්නවා කියාල ඔයා දන්නවද? ඉස්සර මේ ව...
29/04/2026

අද කාලෙ රත්තරං කොච්චර මිල වැඩි උනත්, ඇත්තම කැරට් 24 රත්තරං කෑමට ගන්න අය ඔයාගෙ සමාජයේ ඉන්නවා කියාල ඔයා දන්නවද? ඉස්සර මේ විදියට ඇත්තම රත්තරං තියෙන කෑම කන්න පිටරටක ලොකු හෝටලයකටම යන්න ඕන ඒත අද වෙනකොට කොළඹ හෝටල් වලත් මේ රත්තරං එකතු කරපු කෑම කන්න දෙනවා

අද කාලේ සමාජ මාධ්‍ය වල, මිල අධික අවන්හල් වල රත්තරන් කොළ අලවපු කේක්, බර්ගර්, අයිස්ක්‍රීම්, සහ කෝපි වර්ග පවා ඔබ දැකලා ඇති. මේවා දකිද්දී ඔබට හිතෙන්න ඇති "ඇත්තටම රත්තරන් කන්න පුළුවන්ද?", , මේ රත්තරං වගේ පේන වෙන දයක්ද ? මෙන්න මේ වගේ දේවල ඔබට හිතෙන්න ඇති, නෑ නෑ... මේ කන්නෙ බොරු රත්තරං නෙවෙයි, මේ කන්නෙ ඇත්තම කැරට් 24 රත්තරංම තමයි. අද අපි පෝෂණවේදි අදහස් තුලින් කතා කරමු මේ පිටුපස තියන විද්‍යාත්මක කාරනය මොකක්ද? අපේ ශරීරයට මේකෙන් මොකක්ද වෙන්නෙ, හිතකරද ? නැත්නම් අහිතකරද කියන කාරනය ගැන

කෑමට රත්තරන් එකතු කරන එක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙවෙයි. මේකේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක් පරණයි. පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කළා රත්තරන් කියන්නේ දෙවිවරුන්ගේ සම කියලා. ඒ නිසා රත්තරන් කෑමෙන් තමන්ට දිව්‍යමය බලයක් සහ දිගු ආයුෂක් ලැබෙනවා කියලා ඔවුන් හිතුවා. ඒ වගේම මධ්‍යකාලීන යුරෝපයේ හිටපු රජවරු සහ සිටුවරු තමන්ගේ බලය සහ ධනය ප්‍රදර්ශනය කරන්න තමන්ගේ කෑම මේසයට රත්තරන් එකතු කළා. ඉතින්, එදා ඉඳන් අද වෙනකම්ම කෑමට රත්තරන් එකතු කිරීම කියන්නේ "සුඛෝපභෝගීත්වයේ" (Luxury) සංකේතයක්.

එතකොට මේ කෑමට ගන්නා රත්තරන් කියන්නේ හරියටම මොනවද?
මේවා සාමාන්‍යයෙන් කැරට් 22 ත් 24 ත් අතර තියෙන ඉතාමත් පිරිසිදු රත්තරන්. යුරෝපීය ආහාර ප්‍රමිතීන්ට අනුව මේවා හඳුන්වන්නේ E175 කියන ආහාර ආකලනය (Food Additive) විදිහටයි.

බොහොමයක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මේවායේ රස කොහොමද?" කියලා. ඇත්තම කතාව නම්, රත්තරන් වලට කිසිම රසයක් නැහැ. ඒ වගේම කිසිම සුවඳකුත් නැහැ. කටේ දාගත්තම හැපෙන ගතියක් (Texture) දැනෙන්නෙත් නැහැ.

එහෙනම් රසයක් නැත්නම් ඇයි මේ තරම් වියදම් කරලා කෝකිවරු මේවා කෑම වලට දාන්නේ?
ඒකට ප්‍රධාන හේතුව තමයි මනෝවිද්‍යාත්මක බලපෑම. අපි කෑමක් කන්න කලින් ඒ කෑම රස විඳින්නේ අපේ ඇස් දෙකෙන්. රත්තරන් වල තියෙන ඒ දිලිසෙන ස්වභාවය, කෑමක් දැක්ක ගමන් මේක ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු, සුවිශේෂී කෑමක් කියන හැඟීම අපේ මොළයට ලබා දෙනවා. ඒ වගේම මේවා භාවිතා කිරීමේ එකම අරමුණ කෑමේ පෙනුම අලංකාර කිරීම (Garnishing) සහ මිල අධික බවක් එකතු කිරීම පමණයි.

දැන් අපි බලමු මේවා කොහොමද හදන්නේ කියලා. කෑමට ගන්නා රත්තරන් කොළයක් කියන්නේ කොච්චර තුනී දෙයක්ද කියලා ඔබ දන්නවද? මේවා නිෂ්පාදනය කිරීම ඉතාම අපහසු, ඉවසීමෙන් කරන්න ඕනේ කලාවක් (Gold beating).

පිරිසිදු රත්තරන් කුට්ටියක් අරගෙන, මැෂින් මගින් හෝ පළපුරුදු ශිල්පීන් විසින් අතින් තලලා තලලා තමයි මේවා හදන්නේ. මේ විදිහට තලන රත්තරන් කොළයක්, මිලිමීටරයකින් අටදාහෙන් පංගුවක් (1/8000 mm) තරම් තුනී වෙනවා. ඒ කියන්නේ අපේ කොණ්ඩ ගහකට වඩා සිය ගුණයකින් විතර තුනියි! මේ කොළ කොච්චර සියුම්ද කියනවා නම්, ඔබ මේවා අතින් අල්ලන්න ගියොත් ඔබේ ඇඟිලි වල තියෙන රස්නෙට සහ තෙතමනයට මේවා දියවෙලා, ඇඟිල්ලේ ඇලිලා විනාශ වෙලා යනවා. ඒ නිසයි කෝකිවරු මේවා අල්ලන්න විශේෂ ලී කූරු හෝ Tweezers පාවිච්චි කරන්නේ.

මෙවා ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් වෙළඳපොලේ දකින්න පුළුවන්. එකක් තමයි Gold Leaves නැත්නම් සම්පූර්ණ රත්තරන් කොළ. අනික තමයි Gold Flakes නැත්නම් රත්තරන් කුඩු.

ලෝකය පුරාම විවිධ සංස්කෘතීන් වල මේවා භාවිතා වෙනවා. ඔබ ඩුබායි වගේ රටකට ගියොත්, රත්තරන් කොළ දාපු කෝපි කෝප්පයක් හෝ ඩොලර් දහස් ගණනක් වටිනා රත්තරන් දාපු බර්ගර් එකක් මිලදී ගන්න පුළුවන්. නිව්යෝර්ක් නුවර සමහර අවන්හල් වල ඩොලර් 1000 ක් වටිනා අයිස්ක්‍රීම් තියෙනවා සම්පූර්ණයෙන්ම රත්තරන් වලින් සරසපු.

ඒ වගේම ජපානයේ තේ පානය කරන උත්සව (Tea ceremonies) වලදී හරිත තේ (Matcha Tea) වලට රත්තරන් කුඩු එකතු කිරීම සෞභාග්‍යයේ සංකේතයක් විදිහට සලකනවා. අපේ අසල්වැසි ඉන්දියාව ගත්තොත්, ඔවුන්ගේ සාම්ප්‍රදායික රසකැවිලි වල (උදාහරණයක් විදිහට ලඩ්ඩු, බර්ෆි වගේ දේවල් වල) උඩින් අලවලා තියෙන රිදී හෝ රන් පැහැති කොළ ඔබ දැකලා ඇති. මේවා ඉන්දියාවේ හඳුන්වන්නේ 'Vark' (වාර්ක්) කියලා. විශේෂ උත්සව වලදී මේවා ගොඩක් ජනප්‍රියයි.

හරි, දැන් අපි එමු අද ලිපියේ වැදගත්ම මාතෘකාවට. ඇත්තටම මේ විදියට "රත්තරන් කෑවම අපේ ඇඟට ගුණද? අපිට පෝෂණයක් ලැබෙනවද?"

කෙටිම උත්තරය තමයි "නැහැ". කෑමට ගන්නා රත්තරන් වලින් අපේ ශරීරයට කිසිම, කිසිම පෝෂණයක් ලැබෙන්නේ නැහැ.
විද්‍යාත්මකව කිව්වොත්, රත්තරන් කියන්නේ 'Biologically Inert' එහෙමත් නැත්නම් ජීව විද්‍යාත්මකව අක්‍රිය මූලද්‍රව්‍යයක්. අපි කන සාමාන්‍ය කෑම අපේ ආමාශයට ගියාම, ආමාශයේ තියෙන ඇසිඩ් සහ එන්සයිම මගින් ඒවා දිරවලා, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, විටමින් විදිහට ඇඟට උරා ගන්නවා. නමුත් රත්තරන් අපේ ආමාශයේ තියෙන කිසිම අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒවා දියවෙන්නෙත් නැහැ.

ඒ කියන්නේ, ඔබ කන රත්තරන්, ඔබේ ආහාර මාර්ගය හරහා ගමන් කරලා, අවසානයේ කිසිම වෙනසක් නොවී අපද්‍රව්‍ය විදිහට ශරීරයෙන් පිටවෙලා යනවා. මේකෙ කිසිම කැලරි ප්‍රමාණයක් නැහැ, විටමින් නැහැ, ඛනිජ ලවණ නැහැ. ඒ නිසා රත්තරන් කෑවා කියලා ඔබට අමතර ශක්තියක් හෝ සෞඛ්‍යමය වාසියක් කවදාවත් ලැබෙන්නේ නැහැ කියන එක පෝෂණවේදියෙක් විදිහට මම තහවුරු කරනවා.

පෝෂණයක් නැති වුණාට, මේවා කන එකෙන් ඇඟට අහිතකර බලපෑමක්, සෞඛ්‍ය අවදානමක් තියෙනවද?

ඔබ කන්නේ ආහාරයට ගැනීම සඳහාම සහතික කරපු (Certified Edible Gold), කැරට් 22-24 පිරිසිදු රත්තරන් නම් කිසිම සෞඛ්‍ය අවදානමක් නැහැ. ඇඟට උරාගන්නේ නැති නිසා විෂ වීමකුත් වෙන්නේ නැහැ.

නමුත් ඉතාම භයානක තත්වයක් තියෙනවා. සමහර අය නොදැනුවත්කමට කෑම අලංකාර කරන්න, අපි ආභරණ හදන්න පාවිච්චි කරන සාමාන්‍ය රත්තරන් (Jewelry Gold) යොදාගන්නවා. මේක කවදාවත් කරන්න එපා! ආභරණ හදන්න ගන්න රත්තරන් වල තඹ (Copper), ඊයම්, සහ රිදී වගේ වෙනත් ලෝහ කලවම් කරලා තියෙන්නේ. මේ වෙනත් ලෝහ අපේ ඇඟට ගියොත් 'Heavy Metal Poisoning' එහෙමත් නැත්නම් බැර ලෝහ විෂ වීම කියන භයානක තත්වයට ඔබ මුහුණ දෙන්න පුළුවන්. ඒකෙන් ඔබේ වකුගඩු වලට සහ අක්මාවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා, අනිවාර්යයෙන්ම ආහාර සඳහාම අනුමත, ලේබල් කර ඇති රත්තරන් පමණක් භාවිතා කරන්න.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, කෑමට ගන්නා රත්තරන් කියන්නේ පෝෂණය ලබා දෙන ආහාරයක් නෙවෙයි, ඒක හුදෙක්ම ඔබේ කෑම මේසයට 'Art' එකක්, එහෙමත් නැත්නම් කලාවක් සහ ලස්සනක් එකතු කරන දෙයක් විතරයි. ඔබ රත්තරන් දාපු කෑමකට විශාල මුදලක් ගෙවනවා නම්, ඔබ ඒ මුදල ගෙවන්නේ පෝෂණයට නෙවෙයි, ඒ සුඛෝපභෝගී අත්දැකීමටයි.

ඉතින්, කෑමට ගන්නා රත්තරන් ගැන ඔබ නොදැන හිටපු ගොඩක් දේවල් අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ නිවැරදි, විද්‍යාත්මක පෝෂණ තොරතුරු දිගටම දැනගන්න අපේ Page එක Like කරන්න. මේ ලිපිය ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේම වටිනා ලිපියකින් අපි ආයෙත් හමුවෙමු. හැමදාමත් ඔබට සුවැති දිවියක් ප්‍රාර්තනා කරන අපි Nutri Info

Address

No.128 De.S Jayasinghe Mawatha
Colombo

Alerts

Be the first to know and let us send you an email when NuTri InFo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NuTri InFo:

Share

Category