Alpha Medi Lab

Alpha Medi Lab The Alpha Medi Lab, which is one of the leading laboratories located in the Gampaha district

''කුඩා පරීක්ෂාවක් - විශාල ආරක්ෂාවක්''නිරවද්‍ය පරීක්ෂණ සමඟින් ගුණාත්මක Laboratory Packages දැන් එකම තැනකින්.විශ්වාසනීය සේ...
02/02/2026

''කුඩා පරීක්ෂාවක් - විශාල ආරක්ෂාවක්''

නිරවද්‍ය පරීක්ෂණ සමඟින් ගුණාත්මක Laboratory Packages දැන් එකම තැනකින්.

විශ්වාසනීය සේවාවක් සඳහා ඔබත් අදම Alpha Medi Lab වෙත එන්න.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704


Endometriosis (එන්ඩෝමීට්‍රියෝසිස්) කියන්නේ,සාමාන්‍යයෙන් ගර්භාශය ඇතුළත වර්ධනය විය යුතු පටලය(Endometrium) ගර්භාශයට පිටත;ඩි...
29/01/2026

Endometriosis (එන්ඩෝමීට්‍රියෝසිස්) කියන්නේ,සාමාන්‍යයෙන් ගර්භාශය ඇතුළත වර්ධනය විය යුතු පටලය(Endometrium) ගර්භාශයට පිටත;ඩිම්බකෝෂ,නළ හෝ වෙනත් අවයවවල වර්ධනය වීමයි.

මෙම පටලය මාසික ඔසප් චක්‍රය සමඟ රුධිර වහනය වීමට උත්සාහ කරන නිසා, ශරීරය ඇතුළත දැඩි වේදනාවක් සහ ආතතියක් ඇතිවෙයි.

ප්‍රධාන රෝග ලක්ෂණ;

♦️දැඩි හා දිගුකාලීන මාසික වේදනාව
♦️මාසික ඔසප් කාලය නොවූ දිනවලත් උදර වේදනාව
♦️කොන්දේ වේදනාව
♦️ලිංගික සම්බන්ධතා අතරතුර වේදනාව
♦️අධික රුධිර වහනය
♦️තද බාධාව, වමනය, දියර වමනය
♦️ගැබ් ගැනීමට අපහසු වීම

CA-125 Test සහ Endometriosis;

CA-125 (Cancer Antigen 125) යනු ලේ තුළ මැන බලන ප්‍රෝටීනයකි.
මෙය ප්‍රධාන වශයෙන් ඩිම්බකෝෂ කෑන්සර් නිරීක්ෂණයට භාවිතා කරන පරීක්ෂාවක් වුවත්,Endometriosis ඇති කාන්තාවන්ගේ CA-125 මට්ටමද වැඩි විය හැක.

Endometriosis හිදී ගර්භාශයට පිටත endometrial පටල වර්ධනය වීම නිසා ශරීරය තුළ ආතතිය (inflammation) ඇතිවෙයි.ඒ හේතුවෙන් CA-125 මට්ටම ඉහළ යා හැක.

කෙසේවෙතත්, CA-125 මට්ටම වැඩි වීමෙන් Endometriosis තහවුරු කළ නොහැක.එය මාසික ඔසප් කාලය, ඩිම්බකෝෂ cyst වැනි වෙනත් තත්ත්වවලදීත් වැඩි විය හැකි බැවිනි.

ඒ නිසා CA-125 test එක Endometriosis හඳුනාගැනීමට උපකාරක පරීක්ෂාවක් පමණක් වන අතර,අවසන් රෝග විනිශ්චය වෛද්‍යවරයා විසින් රෝග ලක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ සමඟ එකතු කර සිදු කරයි.

මතක තබාගන්න.එන්ඩෝමීට්‍රියෝසිස් ඔබගේ වරදක් නොවේ.වේදනාව කල්පිතයක් නොවේ.උදව් ඉල්ලීම දුර්වලකමක් නොවේ.

ඔබටත් මෙම රෝග ලක්ෂණ පවතී නම් නොපමාව ඔබගේ වෛද්‍යවරයා හමු වන්න.

Alpha Medi Lab වෙතින් ඔබට CA-125 පරීක්ෂණ පහසුකම් ලබා ගත හැක.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

26/01/2026

''හදවත වෙනුවෙන් හදවතට ඇහුම්කම් දෙන්න"

අපගේ Alpha Medi Lab ඕනෑම ශාඛාවකින් දැන් ඔබට ECG පහසුකම් ලබා ගත හැක.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ECG (Electrocardiogram) ;හදවත කතා කරන භාෂාව විදියට හඳුන්වන්න පුළුවන්.හදවත ගැහෙන සෑම රිද්මයක්ම විදුලි රේඛාවක් විදියට කඩදා...
23/01/2026

ECG (Electrocardiogram) ;හදවත කතා කරන භාෂාව විදියට හඳුන්වන්න පුළුවන්.හදවත ගැහෙන සෑම රිද්මයක්ම විදුලි රේඛාවක් විදියට කඩදාසියකට වැටුණම හදවතේ සත්‍ය කතාව කියවගන්න පුළුවන්.

කිසිම වේදනාවකින් තොර පරීක්ෂණයක් වන අතර හදවත ගැහෙන රිද්මය,වේගය සහ අසාමාන්‍ය වෙනස්කම් හඳුනාගැනීමට ECG භාවිතා කරයි.
ඒ හරහා හදවතේ රෝග,අසාමාන්‍ය හෘද ස්පන්ධන හා හදවතට සිදුවන හානි පිළිබඳව වැදගත් තොරතුරු ලබාගත හැකිය.

අපගේ ඕනෑම Alpha Medi Lab ශාඛාවකින් ECG පරීක්ෂණ පහසුකම් ලබා ගත හැකිය.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

වෛද්‍ය පරීක්ෂණ වල විශ්වාසනීයත්වයට සහ රෝග විනිශ්චය සඳහා මූලික වන වැදගත්ම කරුණක් නම් නිරවද්‍ය රුධිර සාම්පලයක් ලබා ගැනීමයි....
19/01/2026

වෛද්‍ය පරීක්ෂණ වල විශ්වාසනීයත්වයට සහ රෝග විනිශ්චය සඳහා මූලික වන වැදගත්ම කරුණක් නම් නිරවද්‍ය රුධිර සාම්පලයක් ලබා ගැනීමයි.ප්‍රධාන වශයෙන්ම,

> නිවැරදි රෝග විනිශ්චය,
> නිසි ප්‍රතිකාර ලබාදීම,
> රෝගියාගේ ආරක්ෂාව,
> රෝගයේ වර්ධනය නිරීක්ෂණය,
> කාලය සහ මුදල් ඉතිරුවීම,
යන කරුණු සඳහා නිරවද්‍ය රුධිර සාම්පලයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

නිවැරදි රුධිර සාම්පලයක් පහතින් දැක්වෙන ගුණාංග වලින් සමන්විත විය යුතුය.

> සාම්පලය නිවැරදිව ලේබල් කිරීම - Correct patient identification
> ප්‍රමාණවත් රුධිර ප්‍රමාණය - Adequate blood volume
> හීමෝලයිස් නොවිය යුතුය - Free from haemolysis
> රුධිර කැටිති නොතිබිය යුතුය - Free from blood clots
> වෙනත් කිසිම ද්‍රව්‍යයක් සමග මිශ්‍ර නොවිය යුතුය - Should not contaminated
> නිවැරදි නළ භාවිතය - Correct container/tube usage
> නිසි ලෙස මිශ්‍ර කර තිබීම - Proper mixing
> නියමිත කාලසීමාව තුල රසායනාගාරය වෙතට යොමු කිරීම - Timely transport & processing
> නිසි ලෙස ගබඩා කිරීම - Proper storage conditions
> පැහැදිලි සීරම් හා ප්ලාස්මා - Clear serum & plasma

නිරවද්‍ය රුධිර සාම්පලයක් තුළින් ඔබගේ සියළුම රුධි‍ර පරීක්ෂණ කඩිනමින් පහසු මිලට සිදු කරගැනීමට වසර 25ක අඛණ්ඩ පළපුරුද්ද හිමි Alpha Medi Lab අප වෙත පැමිණෙන්න.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ඩෙංගු රෝගය යනු අපට නොදැනුවත්වම නිවසට ඇතුල්වන අමුත්තෙකු වැනි භයානක රෝගයකි.පැහැදිලි ජලයෙහි බිත්තර දමන Aedes මදුරුවන්ගෙන් (...
16/01/2026

ඩෙංගු රෝගය යනු අපට නොදැනුවත්වම නිවසට ඇතුල්වන අමුත්තෙකු වැනි භයානක රෝගයකි.
පැහැදිලි ජලයෙහි බිත්තර දමන Aedes මදුරුවන්ගෙන් (Aedes aegypti) මෙම ඩෙංගු රෝගය හට ගනී. උණ, හිසරදය, ඇඟ පුරා වේදනාවන් ආදී රෝග ලක්ෂණ පෙන්වයි..
නමුත් ඩෙංගු ‍යනු අපට වැළැක්විය හැකි රෝගයකි.ඩෙංගු රෝගය වැළඳීමෙන් පසුව ප්‍රතිකාර කරනවාට වඩා රෝගය වැළඳීම වැළැක්වීම වැදගත්ය .නිවස වටා ජලය රැඳෙන ස්ථාන (විශේෂයෙන් වතුර එකතු වූ ටයර්,බාල්දි,බැරල්,බෝතල්,ටින්,මල් පෝච්චී,ෆ්‍රිජ්/AC Drip Tray,වැසි ජලය රැඳෙන බඳුන්,බිත්තර කටු, රඹුටන් ලෙලි වැනි කුඩා ස්ථාන පවා) ඉවත් කිරීමෙන් හා අවට පරිසරය නිසියාකරව පිරිසිදු කිරීමෙන්,අපට මේ නිශ්ශබ්ද සතුරාට එරෙහිව ජයගත හැක.
අද කරන සුළු අවධානයක් හෙට ජීවිතයක් රැක ගනියි.

ඩෙංගු මාරයා හිස ඔසවමින් සිටින මෙවන් කාල වකවානුවක,ඔබටත් ඔබගේ ආදරණීයන්ටත්,
ඇඟපත රුදාව,හිසරදය සහිතව හෝ රහිතව තද උණ ගතියක් දින 03 ට වඩා පවතී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.රෝගියාට හොඳින් දියර වර්ග ලබා දෙන්න. ඔහුට ප්‍රමාණවත් විවේකයක් ලබා දෙන්න.වෛද්‍ය උපදෙස් මත ඒ හා සම්බන්ධ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය (Dengue NS1 Test) හා පූර්ණ රුධිර පරීක්ෂණය (FBC) සිදු කර ගන්න.

Alpha Medi Lab වෙතින් ගෙන එන සුහද පණිවිඩයකි.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ලොකුවට සල්ලි වියදම් කරලා Health Packages පස්සේ දුවන්න එපා !අත්‍යාවශ්‍යම පරීක්ෂණ ටික විශ්වාසනීයව,අඩුම මුදලකට කරගන්න ඔයත් ...
13/01/2026

ලොකුවට සල්ලි වියදම් කරලා Health Packages පස්සේ දුවන්න එපා !

අත්‍යාවශ්‍යම පරීක්ෂණ ටික විශ්වාසනීයව,අඩුම මුදලකට කරගන්න ඔයත් අදම එන්න Alpha Medi Lab එකට

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704


''අනිද්දා clinic යන්න තියෙනවා.ඒ නිසා පැණි රස මොකුත් එපා.clinic දවසේ ලේ එක බලන්න දෙන්න කලින් කරවිල සම්බෝලයක් එහෙම කන්න ඕන...
11/01/2026

''අනිද්දා clinic යන්න තියෙනවා.ඒ නිසා පැණි රස මොකුත් එපා.clinic දවසේ ලේ එක බලන්න දෙන්න කලින් කරවිල සම්බෝලයක් එහෙම කන්න ඕනි.''

ඉතිං මේ වගේ කතන්දර අපේ ගෙවල් වල කොතෙකුත් ඇහිලා ඇති.හැබැයි ඉතිං ඔය මොනවා කෑවත් ඇත්තම සීනී මට්ටම වහන්න බැරි Test එකක් ගැනයි මේ කියන්නේ…

නොයෙක් ආකාරයේ Blood Sugar Tests අතරින් එදිනෙදා සුලබවම භාවිතා වෙන Tests වෙන්නේ CBS/RBS (Capillary Blood Sugar/Random Blood Sugar) සහ FBS (Fasting Blood Sugar).නමුත් මෙම Test දෙකෙන්ම අපිට ලබා දෙන්නේ ක්ෂණික සීනී මට්ටමක්.එක moment එකක හෝ එක දවසක Snapshot එකක්.අපේ ශරීරය කියන්නේ පොතක් නම් මේ එක පිටුවක් වගේ.

හැබැයි සැබෑ සෞඛ්‍ය තත්වය දැනගන්න නම් අපිට පොතේ සාරාංශය තමයි වැදගත් වෙන්නේ.ඉතිං ඒ සාරාංශය ගන්න පුළුවන්,එහෙමත් නැත්නම් අපි අර මුලින්ම කතා කරපු මොනවා කලත් ඇත්ත වහන්න බැරි Blood Sugar Test එක තමයි ‘HbA1C Test(Glycated Haemoglobin Test)’එක.මේ හරහා අපිට පුළුවන් පහුගිය මාස දෙකක හෝ තුනක සීනී මට්ටමේ සාමාන්‍යය ලබාගන්න.ඒ ඔස්සේ දියවැඩියා රෝගයේ සංකූලතා අවම කරගන්න වගේම වෛද්‍යවරයාට අපගේ ඖෂධ හෝ ජීවන රටාව වෙනස් කල යුත්තේ කෙසේද යන්න නිගමනය කරමින් ප්‍රතිකාර සැලසුම් කරන්න පුළුවන්.

මේ Test එක කරන්න කිසිම පෙර සූදානමක් හෝ නිරාහාරව සිටීමක් (Fasting) අවශ්‍ය වෙන්නෙ නෑ.දවසේ ඕනෑම වෙලාවක කරන්න පුළුවන්.ඉතිං අපේ Alpha Medi Lab එකට එන ඔයාට පහසු මුදලකට කඩිනමින් මේ Test එක කරගන්න පුළුවන්.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් නිපදවන තයිරොක්සීන් හොර්මෝනය සිරුරේ සියලු කාර්යන්ට අත්‍යාවශ්‍ය හෝර්මෝනයකි.මිනිස් සිරුරේ සෑම ක්...
09/01/2026

තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් නිපදවන තයිරොක්සීන් හොර්මෝනය සිරුරේ සියලු කාර්යන්ට අත්‍යාවශ්‍ය හෝර්මෝනයකි.මිනිස් සිරුරේ සෑම ක්‍රියාකාරීත්වයකම වේගය (පාදස්ථ පරිවෘත්තීය වේගය)මේ හෝර්මෝනය මඟින් සිඳු කරයි.T3 හා T4 ලෙස තයිරොක්සීන් හෝර්මෝන වර්ග දෙකකි.තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් වැඩිපුරම නිෂ්පාදනය කරනු ලබන්නේ T4 හෝර්මෝනයයි.තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සීන් ස්‍රාව්‍ය උත්තේජන කරන TSH (Thyroid Stimulating Hormone) නිපදවනු ලබන්නේ පිටියුටරි ග්‍රන්ථියෙනි.

ශරීරයේ සියලු පරිවෘත්තීය ක්‍රියාවන්ට උපකාර වන මේ හෝමෝනය අඩු වීම Hypothyroidism තත්වයයි.මෙහිදී රුධිර TSH මට්ටම ඉහල අගයක පවතින අතර රුධිර T3/T4 මට්ටම අඩුය.මේ රෝග තත්වය යටතේදී;

🔹අඩු හෘද ස්පන්දන වේගය (Slow heart rate),
🔹බර වැඩිවීම (Weight gain),
🔹නිතර තෙහෙට්ටුව (Fatigue),
🔹මලබද්ධය (Constipation),
🔹සමේ වියළි බව (Dry skin),
🔹මාංශ පේශි වේදනාව (Muscle pain),
🔹විෂාදය (Depression)
යන රෝග ලක්ෂණ මතුවේ.

ශරීරයේ සියලු පරිවෘත්තීය ක්‍රියාවන්ට උපකාර වන මේ හෝමෝනය වැඩි වීම Hyperthyroidism තත්වයයි.මෙහිදී රුධිර TSH මට්ටම පහළ අගයක පැවතින අතර රුධිර T3/T4 මට්ටම වැඩිය.මෙම රෝගී තත්වය යටතේදී;

🔹වේගවත් හෝ අක්‍රමවත් හෘද ස්පන්දනය (Rapid or irregular heartbeat),
🔹බර අඩුවීම (Weight loss),
🔹නිතර කුසගින්න (Increased hunger),
🔹නින්ද නොයාම (Sleep disturbances),
🔹කාංසාව සහ නොසන්සුන් බව (Nervousness, anxiety and irritability),
🔹දහඩිය දැමීම සහ රස්නය දරාගැනීමට අපහසු වීම (Sweating and heat intolerance),
🔹අත් වෙව්ලීම (Hand tremors)
යන රෝග ලක්ෂණ මතුවේ.

මෙම තත්වයන් දෙකටම නිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අතර, රෝග ලක්ෂණ පාලනය කර සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. ඔබට ඉහත රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම්, වහාම වෛද්‍ය උපදෙස් හා යොමුවන්න.මෙහිදී තයිරොයිඩ් පරීක්ෂණයන් මගින් තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීම වැදගත් වේ.

Alpha Medi Labs වෙතින් ඔබ වෙත ගෙන එන සුහද පණිවිඩයකි.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ගැබ්ගෙල පිළිකාවක් යනු ගැබ්ගෙල සෛල වල අසාමාන්‍ය වෙනසක් සමඟ ආරම්භ වෙන සෙමින් වර්ධනය වෙන පිළිකාවකි.කාන්තාවන් අතර බහුලව දක්න...
08/01/2026

ගැබ්ගෙල පිළිකාවක් යනු ගැබ්ගෙල සෛල වල අසාමාන්‍ය වෙනසක් සමඟ ආරම්භ වෙන සෙමින් වර්ධනය වෙන පිළිකාවකි.කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා අතර සිව්වන ස්ථානය ගෙන ඇත්තේ ගැබ් ගෙල පිළිකාවයි.

HPV එන්නත ලබා ගැනීමෙන් හා නිතිපතා සිඳු කරන පරීක්ෂාවන් මඟින් ගැබ්ගෙල පිළිකා ඇති වීමේ අවදානම අඩු කිරීමත්,මුල් අවධියේම හඳුනාගෙන බරපතල ගැටළු ඇතිවීමට පෙර නියමිත වෙලාවට ප්‍රතිකාර කිරීමත් කල හැකිය.

ඔබත් අදම ගැබ්ගෙල පිළිකා පරීක්ෂණ සඳහා යොමුවෙන්න.

Alpha Medi Labs වෙතින් ඔබ වෙත ගෙන එන සුහද පණිවිඩයකි.

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

Address

222/B Kandy Road
Dalugama
11600

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 18:00

Telephone

+94112906949

Website

Alerts

Be the first to know and let us send you an email when Alpha Medi Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Alpha Medi Lab:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram