Ayu Rishi

Ayu Rishi Your Ayurvedic Healthcare Partner.

13/04/2024
04/11/2023

ඔබත් අකලට හිස කෙස් ගැලවී යාම නිසා පීඩාවෙන් ද?

100% ස්වභාවික ද්‍රව්‍ය සංයෝගයෙන් සකසන ලද hair pack හා herbal oil massage තුලින් අකලට හිස කෙස් ගැලවී යෑම පාලනය කල හැකි බව ඔබ දන්නවාද
මෙමගින් හිස් කබල ආශ්‍රිත සමෙහි රුධිර සංසරණය ක්‍රමවත් කර හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දීම, හිස් කබලේ තෙතමනය රදවා ගනිමින් කෙස් ගැලවී යාම පාලනය කරයි.හිස් හොරි ඇති වීම පාලනය කරයි.
☘️ පලමු ප්‍රතිකාරයෙන් ම පැහැදිලි වෙනසක් ඔබටම දැක ගත හැක.

ප්‍රතිකාර සඳහා විමසන්න -: 0775248250 ( Ayu RISHI ගම්පහ බෙහෙත් ශාලාව සදලංකාව )
https://www.facebook.com/100067525741759/posts/665598745700978/?app=fbl

27/10/2023
AYU RISHI ගම්පහ බෙහෙත් ශාලාව දැන් සදලංකාව සණස බැංකුව ඉදිරිපිට ☘️ කැඩුම් බිදුම්☘️ ආතරයිටීස්☘️ සියලු වාත රෝග☘️ කාන්තා රෝග☘...
27/10/2023

AYU RISHI ගම්පහ බෙහෙත් ශාලාව දැන් සදලංකාව සණස බැංකුව ඉදිරිපිට

☘️ කැඩුම් බිදුම්
☘️ ආතරයිටීස්
☘️ සියලු වාත රෝග
☘️ කාන්තා රෝග
☘️ චර්ම රෝග
☘️ අර්ශස්
☘️ අකලට හිස කෙස් ගැලවී යාම
☘️ සෙම් රෝග
☘️ මධුමේහය
☘️ අධික රුධිර පීඩනය.
සදහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරනු ලැබේ.

විමසීම්:- 0775248250
ප්‍රතිකාර කරනු ලබන වේලාවන් :- අගහරුවාදා, සිකුරාදා, පෝය දින හැර උදේ 9.30 - සවස 5.30 දක්වා

වැඩිහිටියන්ගේ වගේම විශේෂයෙන් දරුවන්ගෙ පෝෂණය පිලිබදව බොහෝ කථාබහට ලක් වන කාලයක , වැඩි වියදමක් නොදරා ගෙවත්තෙන් හො...
30/06/2022

වැඩිහිටියන්ගේ වගේම විශේෂයෙන් දරුවන්ගෙ පෝෂණය පිලිබදව බොහෝ කථාබහට ලක් වන කාලයක , වැඩි වියදමක් නොදරා ගෙවත්තෙන් හොයා ගන්න පුළුවන් පෝෂණීය අාහාරයක් පිලිබදවයි අද කියන්න යන්නේ .

ගොඩක් අය බතල අල කාලා තිබුනට බතල කොල කාලා තියෙනවාද ??? බතල කොල මැල්ලුමක් ලෙසත් , තෙල් දමාත් සකසා ගත හැකි අතර ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී අාහාරයක්.

බතල කොල වල විටමින් C , විටමින් K , රයිබොෆ්ලේවින් , නියැසින් , විටමින් A , ෆෝලික් අම්ලය , ප්‍රතිඔක්සිකාරක හා තන්තු අඩංගු වෙනවා .

බතල කොල වල 👇

🌿 විටමින් C අඩංගු නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි.

🌿 විටමින් A අඩංගු නිසා අැස් පෙනීම වර්ධනය කරයි.

🌿ෆෝලික් අම්ලය අඩංගු නිසා විශේෂයෙන් ගර්භණී අවධියේ දී ගැබ සිටින දරුවාගේ වර්ධනය ඉතා හොදින් සිදු වෙයි.

🌿 තන්තු අඩංගු නිසා මල බද්ධය නැසීමට ද ඉතාම ගුණදායකයි.

🌿 රුධිරයේ හිමොග්ලොබින් මට්ටම වැඩි කිරීමේ විශේෂ ගුණයක් පවතින නිසා නීරක්තියෙන් පෙලෙන ලොකු කුඩා කාහටත් ඉතා ගුණදායක ඔසුවක්.

🌿 ප්‍රති ඔක්සිකාරක අඩංගු නිසා පිලිකා සෙෙල විනාශ කිරීමේ හැකියාව පවතිනවා.

🌿 විටමින් K අඩංගු නිසා අස්ථි පද්ධතිය ශක්තිමත් කරන අතර රුධිරය කැටි ගැසීම වෙිගවත් කරනවා.

🌿 විටමින් A හා C මගින් සේ හා හිසකෙස් වල නීරෝගීභාවය රැක දෙනවා.

ඉතින් මේ තරම් පෝෂණ ගුණයක් සහිත රසවත් පලා වර්ගයක් ඔබේ අාහාරයටත් එකතු කර ගන්න අමතක කරන්න එපා..

ගෙදර මුළුතැන්ගෙයි අාහාර සුවදවත් කරන්න ගන්න කුළුබඩු අතරින් නැතිවම බැරි දෙයක් තමයි එනසහල් කියන්නේ. ඉංග්‍රීසියෙන් Cadmom ක...
01/03/2022

ගෙදර මුළුතැන්ගෙයි අාහාර සුවදවත් කරන්න ගන්න කුළුබඩු අතරින් නැතිවම බැරි දෙයක් තමයි එනසහල් කියන්නේ. ඉංග්‍රීසියෙන් Cadmom කියලා හදුන්වන , සංස්කෘත භාෂාවෙන් එ්ලා ලෙස හදුන්වන එනසහල් කුළුබඩුවක් වගේම අායුර්වෙිදයේ දී ඉතා වටිනා ඔෟෂධයක් ලෙස යොදා ගන්නවා.

මුළුතැන්ගෙයි තියෙන පුංචි කුළුබඩුවෙි ඔෟෂධීය වටිනාකම 🌿

🍀 මුත්‍රාකාරක ගුණයක් එහෙමත් නැත්නම් Duretic එකක් විදිහට ක්‍රියා කරන නිසා අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයට රුධිර පීඩනය අඩු කර ගන්න උපකාරී වෙනවා. එ් වගේම මුත්‍රා සම්බන්ධ රෝගාබාධ තියෙන අයටත් ගුණදායක ඔසුවක්.

🍀 ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් සෙෙල වයසට යාම පාලනය කරයි.

🍀 පිලිකා සෙෙල විනාශ කිරීමෙි හැකියාවක් ද මෙි එනසහල් සතුයි.

🍀 සිරුර තුල ප්‍රදාහ තත්වයන් අැති වීම වලක්වන නිසා අාතරයිටිස් , වාතරක්ත වැනි රෝග අැති වීමෙි අවධානම අඩු කරනවා.

🍀 අාහාර ජීරණය හොදින් සිදු කරන අතර අාමාශයේ තුවාල සුව කිරීමෙි හැකියාවක් එනසහල් සතුයි.

🍀 මුඛය තුල දුර්ගන්ධයට හේතු වන බැක්ටීරියා විනාශ කර විදුරුමස නීරෝගී කරන අතර මුඛ දුර්ගන්ධය වලක්වයි.

🍀 රුධිරයේ සීනි මට්ටම අඩු කර සිරුරේ බර අඩු කරයි.

🍀 කාංසාව වැනි මානසික රෝග සුව කරයි.

කෘත්‍රිම සුවදකාරක වෙනුවට ඔෟෂධීය ගුණයෙන් යුත් එනසහල් භාවිතා කර අාහාර සුවදවත් කර ගැනීමෙන් අාහාරයට සුවදක් වගේම සිරුරේ නීරෝගී බව රැක ගන්නත් හැකියාව ලැබෙනවා.

මෙි දවස් වල පලතුරු ටිකක් මිලෙන් අධිකයිනේ. ඉතින් ලාබෙට ගන්න පුළුවන් ඔෟෂධීය වටිනාකමින් ඉතා ඉහල පලතුරක් ගැනයි මෙි කියන්න ය...
22/01/2022

මෙි දවස් වල පලතුරු ටිකක් මිලෙන් අධිකයිනේ. ඉතින් ලාබෙට ගන්න පුළුවන් ඔෟෂධීය වටිනාකමින් ඉතා ඉහල පලතුරක් ගැනයි මෙි කියන්න යන්නේ 🌿👇

බිත්තර කහ මදය හා සමාන ඉතා දීප්තිමත් කහ වර්ණයක් අැති Egg fruit නමින් හදුන්වන ලාවුළු වර්තමානය වන විට ඉතා දුර්ලබ පලතුරක්. බොහෝ කුඩා දරුවන් මෙි පලතුර ගැන දන්නෙත් නැති තරම්. අපි කවුරුත් වැඩිය ගනන් ගන්නේ නැති මෙි පලතුර මිලෙන් අධික අැපල් , දොඩම් , මිදි , පෙයාර්ස් වැනි පලතුරු වලට වඩා ගුණයෙන් ඉතා ඉහලයි.

🌿 ලාවුළු වල විටමින් A , විටමින් B , කැල්සියම් , යකඩ , තන්තු හා එහි වර්ණයට හේතු වන බීටා කැරොටීන් අඩංගු වෙනවා. ලාවුළු හොද ශක්තිජනක අාහාරයක්. මෙි නිසා ක්ෂණික ශක්තිය අවශ්ය්‍ය අවස්ථා වලදී ඉදුනු ලාවුළු පානයක් ලෙස සකසා පානයට ගැනීමෙන් අවශ්ය්‍ය කැලරි අවශ්ය්‍යතාවය සපුරනවා.

විටමින් A හා බීටා කැරොටීන් අඩංගු නිසා අැස් පෙනීම වර්ධනය කරන අතර සිරුර පැහැපත් කරනවා. කැල්සියම් මගින් අස්ථි ශක්තිමත් වීම සිදු වන අතර තන්තු බහුල නිසා අාහාර ජීරණය හොදින් සිදු කර මළ බද්ධය අැති වීම අවම කරනවා.

👉 මෙහි අඩංගු යකඩ නිසා රක්තහීනතාවයට ඉතා හොද ඹෟෂධයක්.එ් වගේම ඩිමෙන්ශියා අාදී ස්නායු රෝග සුව කරන අතර කාන්තාවන්ගේ සුද යාම රෝගය සුව කරනවා.

👉 එසේම පුරුෂයින්ගේ ශුක්‍රාණු ජනනය උත්තේජනය කිරීමෙි හැකියාවක් ද ලාවුළු බීජ වලට පවතිනවා. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට ඉතා හොද පලතුරක්.

🌿 ගුණයෙන් අඩු විදේශීය පලතුරු වෙනුවට පලතුරක් , පානයක් , අතුරුපසක් , ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකි මෙි තරමි ගුණදායී වස විසෙන් තොර දේශීය පලතුරක් වන ලාවුළු ඔබත් අාහාරයට එක් කර ගන්න.

සිතා බලන්නට යමක්....   ඖෂධ පැලයක් කියන්නෙ පණ තියෙන තව කෙනෙකුට පණ දෙන්න පුලුවන් ස්වභාවධර්මයේ දායාදයක්. මේ නිසා තමයි අතීතය...
15/11/2021

සිතා බලන්නට යමක්....

ඖෂධ පැලයක් කියන්නෙ පණ තියෙන තව කෙනෙකුට පණ දෙන්න පුලුවන් ස්වභාවධර්මයේ දායාදයක්. මේ නිසා තමයි අතීතයේ දේශීය වෛද්‍යවරු ගහකින් පොත්තක් ගැලෙව්වත් ගහට වැදලා ඒ වැඩේ ආරම්භ කලේ. එතරම් වටිනාකමක් ගරුත්වයක් අතීතයේ මිනිස්සු ඔසු පැල වලට ලබා දුන්නා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නෙ මේ පණ තියෙන ගස් එක්ක එකට බද්ධ වෙච්ච ඒ ඔසු පැල වලින් විස්මිත පෙලහර පාන උතුම් ශාස්ත්‍රයක්. ආයුර්වේදයේ මූලික පරමාර්ථය වන නීරෝගී පුද්ගලයාගේ නීරෝගි බව රැක ගැනීමත් , රෝගී පුද්ගලයාගේ රෝග සුව කර මරණයෙන් මුදවා ගැනීමත් සිදු කරනු ලබන්නේ මේ සිය දහස් ගනන් වූ ඖෂධ පැල වල බලයෙන්.

නමුත් මේ තරම් බලයක් සහිත ආයුර්වේදය පිලිබඳ අපේ රටේ ජනතාව සතුව පවතින්නෙ අල්ප විශ්වාසයක් හා අඩු වටිනාකමක්. ඒකට හොදම උදාහරනය තමයි පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් පස් පන්ගුව වෙනුවට piriton පෙත්ත, විටමින් C පෙත්තට හුරු වෙලා තියෙන්වා. කැඩුනු අස්ථියක් එක පැයකින් සුව කරන්න පුලුවන් ඖෂධීය ශාක සන්‍යෝග තියෙනවා නම් පස් පන්ගුවෙන් හෙම්බිරිස්සාව සුව කරන්න බැරිද??

වර්තමානයේ බොහෝ තරුණ අය බැවිල, ඉරමුසු, කරල්හැබ, පොල්පලා, මොනරකුඩුම්බිය, වගේ ගෙවත්තෙ ඉබේ හැදෙන ඔසු පැලයක්වත් හදුනන්නේ නැති තැනට අද පත්වෙලා තියෙන්වා . වර්ථමානයේ මව්වරු , දරුවන්ට පණු අමාරුවකදි එරබදු කොල මැල්ලුම දෙනවා කියලවත් දන්නෙ නැති අවස්ථා තියෙනවා . ඒ වගේම තැම්බුම් හොද්දක් , කොලකැද එකක් හදා ගන්න දන්නෙ නැති අවස්ථා තියෙනවා . මේ නොඩැනුවත්කම හා දේශීය ඖශධ ,ආහාර වලට වටිනාකමක් නොදීම නිසා අද බෝ නොවන රෝග වල වැඩි වීමක් දක්නට ලැබෙනවා .
ඒ නිසා අද පටන් ඔබේ ගෙවත්තෙ හැකි තරම් ඔශධ පැල වගා කරන්න. ඖෂධ පැල තිබේ නම් ඒවා ආරක්ෂා කරන්න, ඔබේ දරුවාටත් ඒවයේ වටිනාකම කියා දෙන්න.

කෙතරම් අතුරු ආබාධ තිබුනත් බටහිර ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කරන්න ජනතාව තුල බියක් නොමැති වුවත් ආයුර්වේද ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් වකුගඩු රෝග වැනි බොහෝ රෝගාබාධ ඇති වේයැයි යන බියක් හෝ මතයක් ජනතාව තුල තිබෙනවා. මිනිසා ය්නු ස්වභාවධර්මයේ කොටසක් නම් ස්වභාවධර්මයට අයත් ඖශධීය ශාක වලින් සකස් කර ගත් ඔසු නියමිත් මාත්‍රාවෙන් භාවිතා කිරීමෙන් මිනිසා රෝගී වෙයිද??
බුද්ධිමත්ව හා විද්‍යාත්මකව සිතා බලන්න තීරණය ඔබ සතුයි.

Address

Dankotuwa

Opening Hours

09:00 - 17:00

Telephone

+94775248250

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Rishi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayu Rishi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram