MOH Office Dehiattakandiya

MOH Office Dehiattakandiya Medical Officer of Health Office - Dehiattakandiya

පසුගිය දිනවල අප රටට බලපෑ අයහපත් කාලගුණික තත්වයත් සමග අප බලප්‍රදේශයද එහි බලපෑමට ලක් වීය. එහිදී මහවැලි ගඟ පිටාර ගැලීම හේතු...
08/12/2025

පසුගිය දිනවල අප රටට බලපෑ අයහපත් කාලගුණික තත්වයත් සමග අප බලප්‍රදේශයද එහි බලපෑමට ලක් වීය. එහිදී මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අප බලප්‍රෙදේශයට අයත් රංහෙලගම, සල්පිටිගම, සේරුපිටිය හා වෑබඩගම යන ප්‍රදේශ ජලයෙන් යටවී ප්‍රදේශවාසී ජනතාවගේ නිවාස අහිමි වීම හේතුවෙන් සුරක්ෂා මධ්‍යස්ථාන වල රැඳවීමට සිදු විය.

අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ මගපෙන්වීම හා මෙහෙයවීම අනුව කඩිනමින් ක්‍රියත්මක වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු අප කාර්ය මණ්ඩලය මෙලෙස අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් දෛනිකව අදාළ සුරක්ෂා මධ්‍යස්ථාන වෙත ගොස් එම ජනතාවගේ සෞඛ්‍යමය අවශ්‍යතා පිළිබඳව සොයා බලා ඒවා හැකි උපරිමයෙන් සපුරාලීමටත්, රෝගී ජනතාව වෙත අත්‍යාවශ්‍ය ඖෂධ සහ ප්‍රතිකාර ලබා දීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලැබිණි.

මෙම රෝගී සත්කාර සේවා වෙනුවෙන් අවශ්‍ය ඖෂධ හා උපකරණ සැපයීම දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල මගින් සිදු කෙරුණ අතර, මෙම ආපදා අවස්ථාවේ කඩිනමින් ක්‍රියාත්මක වී අප හට අදාළ ඖෂධ හා අනෙකුත් ද්‍රව්‍ය ලබා දී සහයෝගය දැක්වූ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමා ඇතුළු එම රෝහල් කාර්ය මණ්ඩලයට අපගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිමු.

මෙම හදිසි ආපදා තත්වය හමුවේ විපතට පත් ජනතාවට පහසුකම් සැලසීම සඳහා ‍අප විසින් ගෙන යන ලද වැඩසටහන සඳහා අවශ්‍ය වූ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙන් සපයා ගත නොහැකි ඖෂධ වර්ග ලබා ගැනීම සඳහා අපගේ ඉල්ලීම පරිදි දෙහිඅත්තකණ්ඩිය වෙළඳ සංග‍මය මගින් මූල්‍යාධාර ලබා දිම සිදු කෙරිණි. අපගේ ඉල්ලීම ලද සැණින් ක්‍රියත්මක වී අදාළ කටයුතු සිදු කර දුන් දෙහිඅත්තකණ්ඩිය වෙළඳ සංගමයේ සභාපතිතුමා ඇතුළු වෙළඳ සංගමයේ සියලුම සාමාජිකයන්ටත්, දෙහිඅත්තකණ්ඩිය ඔසෙල්කා ෆාමසියේ අධිපතිතුමාටත් අපගේ මහත් ස්තූතිය පළ කරමු.

මෙම ආපදා තත්වය ඇති වූ අවස්ථාවේ සිට අප බලප්‍රදේශයේ කටයුතු හා අවශ්‍යතා සම්බන්ධව සොයා බලමින්, අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සඳහා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය නිලධාරීතුමිය මහත් කැපවීමකින් යුතුව කටයුතු කරන ලදී. එසේම මෙම අවස්ථාවේ විවිධ අයුරින් අපගේ කටයුතු වලට සහයෝගය දැක්වූ අම්පාර මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී, මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී, අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නිලධාරී (සැළසුම්) යන නිලධාරී මහත්ම මහත්මීන් විසින් දැක්වූ සහයෝගය කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කරමු.

එසේම මෙම ආපදා අවස්ථාවේ අප ආයතනය මගින් ක්‍රියාත්මක කළ ‍විශේෂ සෞඛ්‍ය ‍වැඩසටහන් සඳහා සහය වීම සඳහා පැමිණි මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක ප්‍රියදර්ශන මහතා විසින් කළ කාර්යභාරය විශේෂයෙන් සිහිපත් කරමු.

තවද මෙම ‍ආපදා අවස්ථාවේ දී අප සමග අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරමින් අප කටයුතු සඳහා මහත් සහයෝගයක් ලබා දුන් අම්පාර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුතු රත්වත්තේ මහත්මිය වෙත වෙත අපගේ කෘතඥතාවය පිරිනමමු. එසේම අප ආයතනය සමග එක්ව අපගේ කටයුතු සඳහා සහාය දැක්වූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශී‍ය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා සහ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය‍, ශ්‍රී ලංකා පොලිසිය හා ආරක්ෂක අංශ නිලධාරීන්, මහවනාවෙල සහ නවමැදගම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක භාර වෛද්‍ය නිලධාරීන් ඇතුළු නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම රාජ්‍ය ආයතන හා නිලධාරීන්, පෞද්ගලික ආයතන, ප්‍රජා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන වෙත අප කාර්ය මණ්ඩලයේ හද පිරි ස්තූතිය ප්‍රකාශ කර සිටිමු.

මෙහිදී අප විසින් කළ ඉල්ලීම අනුව කඩිනමින් ක්‍රියාත්මක වී අප ප්‍රදේශයේ විපතට පත් ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් හා අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමට ක්‍රියාත්මක වූ World Vision ආයතනය සහ එහි නිලධාරීන්ව ගෞරවයෙන් සිහිපත් කරමු.

මෙම බලවත් ව්‍යවසනකාරී ආපදා අවස්ථාව මෙලෙස විධිමත් පරිදි කළමනාකරණය කර ගැනීමටත්, ප්‍ර‍දේශය තුළ වසංගත රෝග පැතිර යාමට හැකි අවස්ථාව අවම කරමින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට හැකි වීම අප ලද ජයග්‍රහණයකි.

මෙම ආපදා අවස්ථාවේ විපතට පත් ප්‍ර‍දේශවාසී ජනතාව වෙනුවෙන් කටයුතු කළ සියලුම දෙනාටත්, විවිධ අයුරින් අප ආයතනය සමග එක්ව එම ජනතාවට සහයෝගය දුන් සැමටත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට අප ක්‍රියාත්මක කළ වැඩසටහන් සඳහා දායක වූ සහ අවබෝධයෙන් කටයුතු කළ සියලුම දෙනාටත් දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය කාර්ය මණ්ඩලය වෙනුවෙන් මාගේ ස්තූතිය ප්‍රකාශ කරමි.
..

වෛද්‍ය මාලක මිහිර බණ්ඩාර
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
දෙහිඅත්තකණ්ඩිය

අප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පසුගිය කාලය තුළ මී උණ වැළඳුන රෝගීන් බහුලව වාර්තා වී ඇත. එබැවින් මෙම රෝග අවධානමෙන් අ...
28/10/2025

අප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පසුගිය කාලය තුළ මී උණ වැළඳුන රෝගීන් බහුලව වාර්තා වී ඇත. එබැවින් මෙම රෝග අවධානමෙන් අත්මිදීම සඳහා එළඹෙන කන්නයේ කුඹුරට බැසීමට පෙර මී උණ වළක්වා ගැනීමට අවශ්‍ය ඖෂධ නිසි පරිදි ලබා ගන්න.

අප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පසුගිය කාලය තුළ මී උණ වැළඳුන රෝගීන් බහුලව වාර්තා වී ඇත. එබැවින් මෙම රෝග අවධානමෙන් අ...
28/10/2025

අප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පසුගිය කාලය තුළ මී උණ වැළඳුන රෝගීන් බහුලව වාර්තා වී ඇත. එබැවින් මෙම රෝග අවධානමෙන් අත්මිදීම සඳහා එළඹෙන කන්නයේ කුඹුරට බැසීමට පෙර මී උණ වළක්වා ගැනීමට අවශ්‍ය ඖෂධ නිසි පරිදි ලබා ගන්න.

03/07/2025

අප කාර්යාලීය සුභසාධක සංගමයේ ආපන ශාලාව අද දින සිට නැවත විවෘතව ඇත

2025 පොසොන් පොහොය නිමිත්තෙන් දෙහිඅත්තකණ්ඩිය අප බලප්‍රදේශය තුළ පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම මේ වන විට අප ආයතනය මගින් සි...
03/06/2025

2025 පොසොන් පොහොය නිමිත්තෙන් දෙහිඅත්තකණ්ඩිය අප බලප්‍රදේශය තුළ පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම මේ වන විට අප ආයතනය මගින් සිදු කරනු ලබයි. මෙලෙස පවත්වනු ලබන දන්සල් වල සංවිධායකයන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2025-06-09 දින පෙ.ව. 10.00 ට දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් සංවිධානය කිරීම, සෞඛ්‍යාරක්ෂිතව ආහාර පාන සකස් කිරීම හා පිරිනැමීම සහ වෙනත් මහජන සෞඛ්‍ය වෙනුවෙන් වැදගත් වන කරුණු පිළිබඳව දන්සල් සංවිධායකයන්ව දැනුම්වත් කිරීමට අපේක්ෂා කෙරේ.
එබැවින් මෙවර පොසොන් පෝය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය සෞ.වෛ.නි. බලප්‍රදේශය තුළ දන්සලක් පැවැත්වීමට අපේක්ෂා කරන සියලුම දන්සල් සංවිධායකයන් (මේ වන විටත් අප කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලියපදිංචි වී නොමැති) 2025-06-09 වන දින අප කාර්යාලයේ පැවැත්වෙන මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. මේ වන විට ලියාපදිංචි වී නොමැති දන්සල් සංවිධායකයන්ට එදින පැමිණ ලියාපදිංචි විය හැක.
ඔබ දන්සල වෙත පැමිණෙන අප ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සහ අනෙකුත් සියලුම ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව ඉහල නැංවීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සහභාගී වී ඔබගේ සහයෝගය අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වැඩිදුර විස්තර සඳහා -
දුරකථන අංකය : 027 225 0145
E - mail : mohdehiattakandiya@gmail.com

02/06/2025

චිකුන්ගන්යා රෝගීන් NSAID කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමෙන් වළකින්න

02/06/2025

චිකුන්ගන්යා - දැනුවත් කිරීම
ඩෙංගු රෝගය පැතිරීම සිදුවන්නේ ද මෙම මදුරුවන් මගින්ම වීම විශේෂත්වයක්!!

02/06/2025
02/06/2025

මෙවර පොසොන් පෝය වෙනුවෙන් අප බලප්‍රදේශය තුළ ඔබ පවත්වන දන්සල් පිළිබඳව අප කාර්යාලය දැනුවත් කර ලියපදිංචි වන්න

09/05/2025
2025 වෙසක් පොහොය නිමිත්තෙන් දෙහිඅත්තකණ්ඩිය අප බලප්‍රදේශය තුළ පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම මේ වන විට අප ආයතනය මගින් සිද...
08/05/2025

2025 වෙසක් පොහොය නිමිත්තෙන් දෙහිඅත්තකණ්ඩිය අප බලප්‍රදේශය තුළ පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම මේ වන විට අප ආයතනය මගින් සිදු කරනු ලබයි. මෙලෙස පවත්වනු ලබන දන්සල් වල සංවිධායකයන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2025-05-10දින පෙ.ව. 10.00 ට දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් සංවිධානය කිරීම, සෞඛ්‍යාරක්ෂිතව ආහාර පාන සකස් කිරීම හා පිරිනැමීම සහ වෙනත් මහජන සෞඛ්‍ය වෙනුවෙන් වැදගත් වන කරුණු පිළිබඳව දන්සල් සංවිධායකයන්ව දැනුම්වත් කිරීමට අපේක්ෂා කෙරේ.
එබැවින් මෙවර වෙසක් පෝය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය සෞ.වෛ.නි. බලප්‍රදේශය තුළ දන්සලක් පැවැත්වීමට අපේක්ෂා කරන සියලුම දන්සල් සංවිධායකයන් (මේ වන විටත් අප කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලියපදිංචි වී නොමැති) 2025-05-10 වන දින අප කාර්යාලයේ පැවැත්වෙන මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. මේ වන විට ලියාපදිංචි වී නොමැති දන්සල් සංවිධායකයන්ට එදින පැමිණ ලියාපදිංචි විය හැක.
ඔබ දන්සල වෙත පැමිණෙන අප ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සහ අනෙකුත් සියලුම ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව ඉහල නැංවීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සහභාගී වී ඔබගේ සහයෝගය අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වැඩිදුර විස්තර සඳහා -
දුරකථන අංකය : 027 225 0145
E - mail : mohdehiattakandiya@gmail.com

02/05/2025

මෙවර වෙසක් පෝය වෙනුවෙන් අප බලප්‍රදේශය තුළ ඔබ පවත්වන දන්සල් පිළිබඳව අප කාර්යාලය දැනුවත් කර ලියපදිංචි වන්න

Address

Dehiattekandiya

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Telephone

+94272250145

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Dehiattakandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MOH Office Dehiattakandiya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram