
03/06/2025
2025 පොසොන් පොහොය නිමිත්තෙන් දෙහිඅත්තකණ්ඩිය අප බලප්‍රදේශය තුළ පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම මේ වන විට අප ආයතනය මගින් සිදු කරනු ලබයි. මෙලෙස පවත්වනු ලබන දන්සල් වල සංවිධායකයන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2025-06-09 දින පෙ.ව. 10.00 ට දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් සංවිධානය කිරීම, සෞඛ්‍යාරක්ෂිතව ආහාර පාන සකස් කිරීම හා පිරිනැමීම සහ වෙනත් මහජන සෞඛ්‍ය වෙනුවෙන් වැදගත් වන කරුණු පිළිබඳව දන්සල් සංවිධායකයන්ව දැනුම්වත් කිරීමට අපේක්ෂා කෙරේ.
එබැවින් මෙවර පොසොන් පෝය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය සෞ.වෛ.නි. බලප්‍රදේශය තුළ දන්සලක් පැවැත්වීමට අපේක්ෂා කරන සියලුම දන්සල් සංවිධායකයන් (මේ වන විටත් අප කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලියපදිංචි වී නොමැති) 2025-06-09 වන දින අප කාර්යාලයේ පැවැත්වෙන මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. මේ වන විට ලියාපදිංචි වී නොමැති දන්සල් සංවිධායකයන්ට එදින පැමිණ ලියාපදිංචි විය හැක.
ඔබ දන්සල වෙත පැමිණෙන අප ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සහ අනෙකුත් සියලුම ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව ඉහල නැංවීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සහභාගී වී ඔබගේ සහයෝගය අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වැඩිදුර විස්තර සඳහා -
දුරකථන අංකය : 027 225 0145
E - mail : mohdehiattakandiya@gmail.com