Dehiattakandiya Base Hospital - දෙහිඅත්තකණ්ඩිය රෝහල

  • Home
  • Dehiattakandiya Base Hospital - දෙහිඅත්තකණ්ඩිය රෝහල

Dehiattakandiya Base Hospital - දෙහිඅත්තකණ්ඩිය රෝහල This is the official Page for Dehiattakandiya Base Hospital. You can find all of our activities here Which is directly serving a population of 75000 people.

Dehiattakandiya Base hospital is situated at eastern province,
Mahaweli system C region.

23/06/2024
දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සායන සහ බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය කාලය තුළ ක්‍රමයෙන් ඉහළ යාමත් සමග රෝගීන...
02/04/2024

දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සායන සහ බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය කාලය තුළ ක්‍රමයෙන් ඉහළ යාමත් සමග රෝගීන්ට රැඳි සිටීමේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත්වීම දැඩි ගැටලුකාරී තත්වයක් ඇති කිරීමට හේතු විය.

මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ සායන පැවැත්වෙන ගොඩනැගිල්ල පුළුල් කිරීමත් ඖෂධාගාරය නිසියාකාරව ස්ථාපිත කිරීමත් අදියර කීපයක් යටතේ සිදු කරන ලදී.

මෙහි මූලික අදියර යටතේ බාහිර රෝගී අංශයේ හා සායනයේ ඖෂධ නිකුත් කිරීම එකම ස්ථානයකට ගෙන ඒමට අවශ්‍ය ඉදිකිරීම් පසුගිය වසරේ සිදුකරන ලද අතර මෙම වසරේදී ඊට අදාල රැඳි සිටීමේ කොටස පුළුල් කිරීම සිදුකරන ලදී. මෙහි මීලඟ අදියර ලෙස පහත මාලයේ ඖෂධ නිකුත් කිරීමේ කොටස තවදුරටත් පුළුල් කිරීමටත් එය ප්‍රධාන ගොඩනැගිලි පද්ධතියට සම්බන්ධ කිරීමත් ඉදිරි වසරේදී සිදුකිරීමට සැලසුම් කොට ඇත.

මෙහිදී දැනට ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් පවතින රෝගීන් රැඳි සිටිමේ කොටසට අවශ්‍ය රැඳි සිටිමේ පුටු ලබා ගැනීම ව්‍යාපෘතිය සඳහා පැවති ප්‍රතිපාදන යටතේ දුෂ්කර වීම හේතුවෙන් ඒ සඳහා පරිත්‍යාගශීලින්ගේ සහය ලබා ගැනීමට අප හට සිදු වූ අතර එහිදී Sri Lanka Kidney Foundation සංවිධානය රෝහලට අවශ්‍ය සහය ලබාදීමට ඉදිරිපත් විය. මෙහිදී එම සංවිධානය සමග අප සම්බන්ධ කරමින් රංග මහතා විසින් සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන ලද අතර රුපියල් මිලියනයකට වැඩි වටිනාකමක් සහිත ඉහළ ගුණාත්මක බවකින් යුතු රැඳි සිටීමේ ආසන අප වෙත පරිත්‍යාග ලෙස ලබා දෙන ලදී.

එසේම අපගේ අවශ්‍යතා⁣වයෙන් ඔබ්බට යමින් පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් Water Dispenser ලබා දීමටද එම සංවිධානය කටයුතු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කොට රෝගී ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් බාර දීම තව නොබෝ දිනකින් සිදුවනු ඇත.

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ නව ජන්ම ඒකකයෙහි ආරම්භයමෙ සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩිය මූලික රෝහල තුල සාකච්ජාව ආරම්භ වූයෙ මීට වස...
13/01/2024

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ නව ජන්ම ඒකකයෙහි ආරම්භය

මෙ සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩිය මූලික රෝහල තුල සාකච්ජාව ආරම්භ වූයෙ මීට වසර දෙකක පමන කාලයක සිටය.

ඒ රෝහලේ නව ජන්ම ලදරුවන්ගේ උපතේ සිදුවන සංකූලතාවන්ට අදාලව ඔවුන්ගේ resuscitation facilities දියුනු කිරීම හා එවැනි නව ජන්ම ලදරුවන් වෙනත් රෝහලක PBU හෝ NICU වෙත ලගාවන තෙක් ඔවුන්ට ගැටලුවන් නොවන පරිදි observation facility එකක් දියුනු කිරීම මෙහි අරමුණයි.

එ සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ අවසර ඇතුව නව ජන්ම ලදරුවන් බිහිවන සූතිකාගාරය හා ශල්‍යාගාරයේ resuscitation facilities දියුනු කිරීමට හා ලමා රෝග වාට්ටුවේම කොටසක neonatal observation unit එකක් ඉදිකිරීමට සාකච්ජාව ඇරබිණි.
එහිදී අප රෝහලෙ වෛද්‍ය අධිකාරීතුමන්ගේ හා සැලසුම් ඒකකයේ මූලිකත්වයෙන් ළමාරෝග විශේෂඥ වෛද්‍ය අශාන් මහතා හා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංජය මහතා සමග එකතුව අප මෙ සම්බන්ධ මූලික සාකච්ජාව ඇරඹිනි.

එ සම්බන්ධයෙන් අවශ්‍ය ;

1-වෛද්‍ය උපකරණ AUSLMATසංවිධානය සමග සම්බන්ධව ලබා ගැනීමටත්

2-ඒකකය ඉදිකිරීමට දෙහිඅත්තකන්ඩිය වෙලද සංගමය සම්බන්ධ කරගැනීමටත්

යොදාගැනිනි.

ඒ අනුව ගිය වසරේ ජූලිමස AUSLMAT සංවිධානය අප රෝහලට පැමිනි අවස්තාවේ එම කණ්ඩායමට දීර්ඝ ලෙස මෙහි අවශ්‍යතාව පැහැදිලි කල අතර ඔවුන් එ සම්බන්ධයෙන් සුභවාදීව තම උදව් ලබාදීමට එකග විය.
එ සමගම දෙහිඅත්තකන්ඩිය හිටපු ප්‍රාදේශිය සභා සභාපතිතුමන්ගේ සම්බන්ධිකරනයෙන් දෙහිඅත්තකන්ඩිය වෙළද සංගමය සමග සාකච්ජා ආරම්භ කල අතර ඔවුන් හා AUSLMAT සංවිධානයේ සභාපතිනිය විශේෂඥ වෛද්‍ය ඉරෝෂා ප්‍රේමරත්න මහත්මිය එක්ව සාකච්ඡාව ගිය ජුලි මස පැවැත්විනි.
එ අනුව සියල්ලගේ ඒකමතිකත්වයෙන් ඒකකය ඉදිකිරීමට හා එ අවශ්‍ය වෛද්‍ය උපකරන පියවර ලෙස ලබා ගැනිමට සාකච්ජා කරනලදි.

එ අනුව ගිය සැප්තැම්බර් මාසයේ AUSLMAT සංවිධානය එකග වූ පරිදි පලමු පියවර ලෙස neonatal resuscitation සදහා අවශ්‍ය neopuff machine දෙකක් සූතිකාගාරයට හා ශල්‍යාගාරයට ලබාදෙන ලදි.
එමෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ අනුමැතිය ලත් unit plan එක ලැබුනු පසු නැවත් සැප්තැම්බර් මස වෙලද සංගමය සමග සාකච්ජාවටයක් පැවැත්වූ අතර කෙටිකලකදී ලමා රෝග වාට්ටුවේ එම ඒකකය අදාල partition එක නිර්මාණය කිරීමට ඔවුන් එකග විය.

ඒ අනුව ගිය ඔක්තෝබර් මස එහි වැඩ දෙහිඅත්තකණ්ඩිට වෙලද සංගමය මගින් ආර්ම්භකල අතර එහි ලෙකම් නලින් මහතා හා සමාජික අජිත් මහතා දිවා රෑ රෝහල තුල රැදෙමින් Partion එක හා එහි wiring කටයුතු සති දෙකක් ඇතුලත මිලියන 1.5 ක වටිනාකමකට එහා ගිය එම කටයුතු සම්පූර්ණ කරන ලදි.
එහි අවශ්‍ය scrub sink හා oxygen tank holders ප්‍රාදෙශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ මහින් මෙ මස සවිකර දෙන ලදි.

අභියෝගය පැමිනියෙ එම ඒකකයට අවශ්‍ය A/C machine දෙකක් ලබාගැනීමයි.
රටේ ආර්ථික අර්බුදය හමුවේ එ සම්බන්ධයෙන් පරිත්‍යාගශීලින් සම්බන්ධ කරගැනීම පහසු කාර්‍යක් නොවීය.
ලක්ෂ 5 කට වඩා වැඩි වියදමක් සදහා දෙස් විදෙස් යහලුවන්ගෙන් ඉල්ලිම් කරන්න සිදු උනා.
එ අනුව ලංකාවෙ වෙසෙන ඉංජිනේරු මහත්වරු හා ඕස්ට්‍රේලියාවෙ වෙසෙන ඉංජිනේරු ආචාර්‍යවරු හා වෛද්‍යවරයෙක් හා අපේ VOG සර් මෙ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා එ මුදල එකතු කරල දුන්නා
එ අනුව ජනවාරි 6 වෙනිදා වෙද්දි A/C machine දෙක ගන්න මුදල් සම්පූර්ණ උනා.
එ අනුව නැවත වෙලද සංගමයේ උදව් ඇතුව එ උපකරණ 10 රෑ වෙද්දි සවිකරගත්තා.රෑ වෙනකන් වෙලද සංගමයෙ සමාජිකයින් ඉස්පිරිතාලෙ.
මගෙ සහෘද වෛද්‍ය හෙද ඇතුලු රෝහල් කණ්ඩායම හැමදාම වගේ මාත් එක්ක එකට ඉදන් අවසන් මොහොත දක්වා ඉදන් මෙ වැඩෙ ඉවර කරන්න සම්බන්ධ උනා.
රත්මල්කදුර බණ්ඩාර වඩු මහත්මයා monitors තියන්න රැක් ටික නොමිලෙ හදල දුන්නා.
නොමිලෙ Curtain ටික එලිවෙනකන් මහල අවසන් මොහොතෙ ගෙනල්ල ලස්සනට සවි කරල දුන්නෙ දෙහිඅත්තකන්ඩිය curtain shop එකෙ සමීර මහතා.

කොහොම හරි 11 උදෙ හාමුදුරුවො වඩිනකොටත් අපි curtain හයි කරනවා.

දෙහිඅත්තකන්ඩියෙන් නිදහස් වෙන්න කලින් කොහොම හරි වැඩෙ ඉවරකලා.
AUSLMAT එකෙන් පොරොන්දු උන මෙකට ඕනි infant warmer and incubator ටික ලැබෙන්නෙ මෙ මාසෙ අන්තිම.
එ වගෙම ඕනි neonatal transport ventilator හා අනෙකුත් monitoring උපකරන ටික ලබන අප්‍රේල් මැයි වෙද්දි ලැබේවි.
ඒකට AUSLMAT සංවිදානය fund raising program එකක් ලබන අප්‍රෙල් සිදුකරනවා ❤️

මෙ ඒකකයෙන් උපතෙදි අසාධ්‍යවන ලදරුවන් සාර්තකව resuscitate කරල ඔවුන්ට වෙනත් PBU හෝ NICU පහසුකම් ඇති රෝහලකට සුරක්ෂිතව යවන්න stable කරගන්න හා ඔවුන්ට bed එකක් ලැබෙනකන් හොදින් observe කරගන්න මෙ unit එක වැදගත් වෙවි.🥰

මෙම ඒකකය ඇතිකිරීමට දායක උන ඕස්ට්‍රේලියාවෙ ඔස්ලොමැට් සංවිධානය, දෙහිඅත්තකන්ඩිය ඉදපු ප්‍රාදේශිය සභා සභාපතිතුමා, දෙහිඅත්තකණ්ඩිය වෙලද සංගමය දෙස් විදෙස් දානපතියන්, අම්පාර ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂක , මූලික රෝහල් වෛද්‍ය අධිකාරීතුමන්, වෛද්‍යවරුන් ඇතුලු සියලු රෝහල් කාර්‍යමණ්ඩලයට පිං 🙏

🎅සොම්නස් උදුවප් නත්තලය...ලොවක් සමරන නත්තල් අලුයම...ගිලන්ව නැවතුන පුංචි පැටවුනට...සිත් සනසන්නට, සිනහා ගෙනෙන්නට...ගී කියමි...
25/12/2023

🎅සොම්නස් උදුවප් නත්තලය...

ලොවක් සමරන නත්තල් අලුයම...
ගිලන්ව නැවතුන පුංචි පැටවුනට...
සිත් සනසන්නට, සිනහා ගෙනෙන්නට...
ගී කියමින්, තෑගි බෙදමින්...
රෝහල් නත්තල් පැමිණි වගයි....

අද දින දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ළමා වාට්ටුවේ නත්තල් සංගීත ගායනයක් සමගින් නේවාසිකව ප්‍රතිකාර ලබන ලමුන් සදහා තෑගි බෙදා දීමක් රෝහල් කාර්‍යමන්ඩලය විසින් සංවිධානය කරනු ලැබුවා.
ගිලන්ව සිටින පුංචි සිත් වලට සතුටක් ගෙන දෙමින් ලොව පුරා සමරන මේ නත්තල් අසිරිය ඔවුන් වෙතටද ගෙන ඒමට අපට හැකි උනා.
මේ සදහා නොමද සහය දුන් වෛද්‍ය අධිකාරිතුමන්ටද , තම කාලය හා ශ්‍රමය වැය කරමින් කැපවූ වෛද්‍යවරුන්ටද නන් අයුරින් සහය දුන් අනිකුත් සියලු කාර්‍යමන්ඩලයටද මෙම කාර්‍යය සාර්ථකව කිරීමේ ගෞරවය හා ස්තූතිය හිමිවිය යුතුයි.

නොකඩවා තෙවෙනි වරටත් මෙසේ සංවිධානය කල අයුරින්ම නව වසරේ නත්තලටද නත්තල් සීයා වාට්ටු අංක 01ට නැවත එවෙනු නොවනුමානයි 🎅

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ ප්‍රසව වාට්ටුවට Visitors waiting area විවෘත කිරීම. 2023/12/14 මෙ සදහා අදහස ඉදිරිපත් කරන ලද්දේ...
14/12/2023

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ ප්‍රසව වාට්ටුවට Visitors waiting area විවෘත කිරීම. 2023/12/14

මෙ සදහා අදහස ඉදිරිපත් කරන ලද්දේ ප්‍රසව වාට්ටුවෙ හෙද කාර්‍යමන්ඩලයයි.එ අනුව අප ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංජය කුමාරසිංහ මහතා අදාල මූල්‍ය අනුග්‍රහය ලබාගැනීමට කටයුතු කලා.මෙහි මූලික සැලැස්ම Biophelia සමාගමේ දැනට සේවය කරන චාමර මහතා විසින් සකස් කරල දුන්නා.
වෛද්‍ය අධිකාරි මහේෂ් මහතා අදාල අවසරය ලබා දීල දිරිමත් කලා.එ අනුව දෙහිඅත්තකන්ඩිය Venus architecture කන්ඩායමට අදාල වැඩ කටයුතු බාර දීල වැඩේ කරන් ගියා.වැහි පීලි නැවත සකස් කරන්න පුද්ගලික මෘදුකාංග ආයතනයක දැනට සෙවය කරන බුද්ධික මහතා මූල්‍ය සහය ලබාදුන්නා, විදුල් ලංකා බලාගාරෙ ප්‍රධාන ඉංජිනේරු මගපෙන්වීම මගින් නඩත්තු අංශය දවස් දෙකෙන් වැහි පීලි හදල දුන්නා.රෝහලේ නඩත්තු අංශය තීන්ත ගාල අඩු පාඩු සකස් කරල දුන්නා වගෙම පවිත්‍රතා කන්ඩායම ඔක්කොම ඉවර වෙනකොට ලස්සනට අස් කරල දුන්නා.
හැමෝටම මෙ වැඩේ වෙනුවෙන් ගෞරවය හිමි වෙන්න ඕනි.

වැස්ස වගෙම විවිධ අභියෝග එක්ක දිනෙන් දින කල් ඇදුනා.කොහොම උනත් දෙසැම්බරයේ විවෘත කරන්න වැඩ යොදාගෙන වාට්ටුවෙ හෙද සොහොයුරිය ඇතුලු කාර්‍ය මණ්ඩලය තේ පැන් සංග්‍රහයකුත් ලේස්ති කරන් අද වාට්ටුවෙම අම්මා කෙනෙක්ගෙ අතින් විවෘත කලා.මුල් පොටෝ එක වාට්ටුව ලග තිබුන විදිය.
හැමදාම වගේ මෙ වැඩේ සාර්තක කරගන්න ලොකු වෙහෙසක් ගත්ත රොහලේ වෛද්‍ය කන්ඩායමට ගොඩක් පිං 🙏

අභියෝගයට ලක්වුන සෞඛ්‍ය සේවය පවත්වා ගැනීමට හයියක් වෙන මිනිස්සු ❤️අප කල ඉල්ලීමකට ලංකාවෙ, එංගලන්තෙ හා ඕස්ට්‍රේලියාවෙ වෙසෙන ...
11/12/2023

අභියෝගයට ලක්වුන සෞඛ්‍ය සේවය පවත්වා ගැනීමට හයියක් වෙන මිනිස්සු ❤️

අප කල ඉල්ලීමකට ලංකාවෙ, එංගලන්තෙ හා ඕස්ට්‍රේලියාවෙ වෙසෙන ඉංජිනේරු කණ්ඩායමගේ සත්කාරයක්.
දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද වාට්ටුවට අවශ්‍ය හෑන්ඩ් ඩොප්ලර් උපකරනයක් හා මාස ගණනක් නතර වී ඇති ලැපරොස්කොපි ශල්‍යකර්ම සදහා අවශ්‍ය පැරාසේෆ් කෙමිකල් ලබා දීමට ඔවුන් මූල්‍ය දායකත්වය ලබා දුන්නා.

මෙ කාරනය සම්බන්ධීකරනය කල ආචාර්‍ය Kasun Shanaka හා S K Eranga Sanjaya ඇතුලු සම්බන්ධ වූ සැමට පිං.🙏

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ අධි සත්කාර ඒකකය ආරම්භ කර වසර දෙකක් සැපිරීම නිමෙත්තෙන් පැවති පිරිත් හා දානමය පිංකම පසුගිය 22 ව...
28/11/2023

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ අධි සත්කාර ඒකකය ආරම්භ කර වසර දෙකක් සැපිරීම නිමෙත්තෙන් පැවති පිරිත් හා දානමය පිංකම පසුගිය 22 වෙනිදා දෙහිඅත්තකන්ඩිය බෞද්ධ මධ්‍යස්තානයේ ස්වාමීන්වහන්සේ වඩම්වා පැවැත්විනි.

දෙහිඅත්තකණ්ඩිය අධිසත්කාර ඒකකය ආරම්භ වීමට යෙදුනෙ 2021 ඔක්තෝබර් මාසයේ.රෝහලට අත්‍යාවශ්‍ය ඒකකයක් ලෙස ඉදිකිරීමට දේශිය විදේශීය පරිත්‍යාගශීලින්ගේන් ලැබුන දායකත්වය මෙහිදී මතක් කල යුතුය.විශේෂයෙන් අප රෝහල සමග ඉතා සමීපව කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ AUSLMAT සංවිධානය මෙම ඒකකට අවශ්‍ය ඉතා අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන ලදි.
අද වනවිට මෙම අධිසත්කාර ඒකකය මගින් අසාධ්‍ය රෝගීන් විශාල ප්‍රමානයකගේ ජීවිත රැකදීමට කටයුතු කර ඇති අතර ඉන් රෝහලෙන් වෙනත් රෝහල් සදහා අධිසත්කාර සදහා යවන රෝගීන් ප්‍රමාණය අඩු කරගැනීමට සමත්ව ඇත.

දානමය පිංකමේදී මෙම ඒකකය ඉදිකිරීමට කැපකිරීමක් සිදු කල රෝහල් වෛද්‍ය අධිකාරී ,වෛද්‍ය කණ්ඩායම ඇතුලු රෝහල් කාර්‍ය මණ්ඩලයට, දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශයේ සහය ලබාදුන් සියලු දෙනා හා එ වෙනුවෙන් පරිත්‍යාග ලබාදුන් සියලු දේශීය විදේශීය පරිත්‍යාගශීලීන්ට පිං අනුමෝදන් කරනලදි 🙏

18/11/2023

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ ලේ බැංකුවේ ලේ හිගයක් පවතින බැවින් ප්‍රදේශයේ රුධිර දායකයින්ට රෝහලට පැමිණ ලේ ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු 🩸
ජිවිතයක් බේරා ගැනීමට ලේ දන් දෙමු.

මී උණ මාරාන්තිකයි....!🐁මෙම කන්නයේ කුඹුරු වැඩ පටන් ගැනීමට පෙර, මී උණ සෑදීම වලක්වා ගැනීමට ඖෂධය ලබා ගන්න ඔබේ ආදරණීයන්ට පණිව...
21/10/2023

මී උණ මාරාන්තිකයි....!🐁
මෙම කන්නයේ කුඹුරු වැඩ පටන් ගැනීමට පෙර, මී උණ සෑදීම වලක්වා ගැනීමට ඖෂධය ලබා ගන්න ඔබේ ආදරණීයන්ට පණිවුඩය ලබා දෙන්න !

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ රක්තවේද වෛද්‍ය අංශය අද දින විවෘත කෙරුනා. රක්තහීනතාවය නොහොත් 'සිරුරේ ලේ හිග වීම' දෙහිඅත්තකණ්ඩි...
19/10/2023

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ රක්තවේද වෛද්‍ය අංශය අද දින විවෘත කෙරුනා.
රක්තහීනතාවය නොහොත් 'සිරුරේ ලේ හිග වීම' දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශය තුල බහුලව දැකගත හැකි ගැටලුවක්. ගර්භණී මාතාවන්, වකුගඩු රෝගීන් මන්ම කුඩා දරුවන් අතර වැඩිවශයෙන් හමුවන රක්තහීනතාවය සදහා හේතුව සෙවීමේදී රුධිර සාම්පල පරීක්ෂාව අද දින සිට දෙහිඅත්තකණ්ඩිය රෝහලේදීම කිරීමට පහසුකම් මෙම නව ඒකකට ස්තාපනය සමග ලැබෙන අතර, ඉක්මනින් ප්‍රථිපල ලබා ගැනීමටත් ඒ හරහා ඉක්මන් රෝග නීර්ණය සදහාත් අවස්තාව සැලසෙනවා.
මෙම අංශය ස්ථාපනය සදහා අනුදැනුම හා උපකරණ ලබා දුන් අම්පාර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ශකතුමන්ටද, දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිතුමන්ටද, අත්‍යවශ්‍ය උපකරණයක් වන අන්වීක්ශය පරිත්‍යාග කල ඕස්ට්‍රේලියාවේ AUSLMAT සංවිධානයේ මහාචාර්ය ඇන්ඩෘ කොක්‍රේන් මහතා (Prof Andrew Cochrane)
සහ ඒ සදහා මග සැලැස්වූ AUSLMAT සංවිධානයේ සභාපති වෛද්‍ය ඉරෝශා ප්‍රේමරත්න මහත්මියටද (Dr Erosha Premaratne) අනිකුත් උපකරණ ලබාදීමට මූලික වූ සින්කෝමැක්ස් ආයතනයටද, මේ කර්තව්‍යය සාර්ථක කරගැනීමට කාලය ශ්‍රමය වැය කරමින් කැපවූ වෛද්‍යවරුන්ටද අනිකුත් කාර්‍යමන්ඩලයටද මේ මොහොතේ ස්තූතිපූර්වක ප්‍රණාමය හිමිවිය යුතුයි.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල මේ අයුරින් දියුණුවට පත්වීමෙන් පහසුව සැලසෙන්නේ ප්‍රදේශයේ ජනතාවටම වන අතර ඒ සදහා කැපවූ සියලු දෙනට නැවතත් ස්තූතියි 🙏

ඕස්ට්‍රේලියාවේ AUSLMAT සංගමයේ දෙවැනි ආගමනය හා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහල තුල නව ජන්ම ඒකකයක් නිර්මාණය කිරීමේ ආරම්භය...Aust...
25/07/2023

ඕස්ට්‍රේලියාවේ AUSLMAT සංගමයේ දෙවැනි ආගමනය හා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහල තුල නව ජන්ම ඒකකයක් නිර්මාණය කිරීමේ ආරම්භය...

Australia Sri Lanka medical aid team (🇦🇺 🇱🇰),ඕස්ලොමැට් සංවිධානය ලංකාව තුල සෞඛ්‍ය ප්‍රවර්ධනයෙහි ලා සුවිසල් කැප කිරීමක් සිදුකරන සංවිධානයකි.මෙ වන විටත් ලංකාව පුරා පවතින බෙහෙත් හිගයට සක්‍රීයව ලොකය පුරා සිටින දානපතියන් සම්බන්ධ කරගෙන පිලියම් සෙවිමට වැඩ කරමින් සිටී.
ඕස්ලොමැට් සංවිධානය දෙහිඅත්තකන්ඩිය මූලික රෝහල සමග සම්බන්ධ වන්නෙ 2021 කොවිඩ් වසංගතයෙන් අතිශය පීඩාකාරි වටපිටාවක රෝහලෙ අඩු පාඩු රැසක් පැවති සමයක.ඔවුන් මූලික පියවර ලෙස එකල රෝහලට අවශ්‍යව පැවති බොහෝ සෞඛ්‍ය උපකරණ ලබාදීමට කටයුතු කල අතර, එ සමග රෝහලේ අධිසත්කාර ඒකකයට අවශ්‍ය මිලියන 10ක අධික වෛද්‍ය උපකරණ ලබා දීමට කටයුතු කලේය.එමෙන්ම සියලු පහසුකම් සහිත අක්ෂි ඒකකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය උපකරන ලබා දීමට කටයුතු කරන ලදි.පසුව 2022 අවුරුද්දෙ පැවති බෙහෙත් හිගයේදි රෝහලට අවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ රැසක් ලබා දීමට ඔවුන් පෙරමුණ ගන්නා ලදි.

මෙ අවුරුද්දෙදී ඔවුන් දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලෙ ලමා වාට්ටුවෙ children’s park එක නවීකරණය කර සකස් කිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදි.

මෙවර ඔවුන්ගෙ සංචාරයෙදි දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට පැමිනෙන්නෙ අපගේ ඉල්ලීම මත දෙහිඅත්තකන්ඩිය රෝහල තුල නව ජන්ම ඒකකකයක් නිර්මාණය කිරීමෙ මූලික අඩිතාලම දැමීමටයි.එ සම්බන්දයෙන් රෝහලෙ තත්වය නිරීක්ෂණය කර එ සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බවට එකගවී එ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ඕස්ලොමැට් සංවිධානයෙ පරිත්‍යාගශීලින් සමග සාකච්ජා කිරීමට කටයුතු කරන බවට එකග විය.
තවද රෝහලට අවශ්‍ය උපකරන හා බෙහෙත් ලබාදීමක්ද මෙහෙදි ඔවුන් විසින් සිදු කරන ලදි.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල තුල කාලයක සිට පැවති මූලික අවශ්‍යතාවක් වන මෙම නව ජන්ම ඒකකය නිර්මාණය වීම රෝහලෙන් සැපයෙන සේවාව පුලුල් වීමටත්, අසාධ්‍ය තත්වයට පත්වන නව ජන්ම ලදරුවන්ගෙ ජිවිත රැකගැනීමට පිටිවහලක් වනු ඇත.

Address

New Town, Dehiattakandiya

32150

Telephone

0272250344

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiattakandiya Base Hospital - දෙහිඅත්තකණ්ඩිය රෝහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram