03/05/2026
වියළි සම
වියළි සම යනු සාමාන්‍යයෙන් සමේ පැවතිය යුතු තෙතමනය හා තෙල් ස්වාභාවය අඩු වී සම රළු, වියළි හා ගොරෝසු බවට පත් විමයි. ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති විය හැකි අතර අත්, පා, මුහුණ යන ස්ථානයන් මේ අතරින් විශේෂ වේ.
බලපාන සාධක
Ø පරිසර සාධක - සීතල කාළගුණය, අඩු ආර්ද්‍රතාවය, වායු සමීකරණ, උණු වතුරෙන් ඇග සේදීම හා නිතරම ඇග සේදීම
Ø ජීවන රටා - නිසි පමණට ජලය පානය නොකීරීම
Ø ඇතැම් රසායනික සංයෝග භාවිතය
Ø ඇතැම් රෝගී තත්වයන් - එක්සීමා, පොතු කබර, තයිරොයිඩ් රෝගී තත්වයන්, දියවැඩියාව
Ø වයසට යාම
රෝග ලක්ෂණ
Ø වියළි ගොරෝසු සම
Ø සමේ ඉරිතැලීම
Ø සමේ පොතු ගැලවීම
Ø කැසීම
Ø නෑමෙන් පසු සමේ තද ගතියක් දැනීම
Ø සම රතු වීම
Ø සමේ ඇති සියුම් රේඛා හොදින් දිස් වීම
නිසි කලට නිසි ලෙස දිගු කලක් ප්‍රතිකාර නොකිරීමෙන් ඇති විය හැකි ගැටළු
Ø සම පැලීම් ඇති වීම
Ø අධික ලෙස සම කැසීම
Ø සමේ ආසාදනයන් ඇති වීම
Ø සමේ පැලීම් ස්ථාන වලින් රුධිර වහනය වීම
සම යනු මිනිස් ශරීරයේ ඇති විශාලම අවයවයයි. සෞඛ්‍යමත් සම විෂබීජ ආසාදන වලට බාධකයක් ලෙස ක්‍රියා කරමින් බොහෝ ලෙඩ රෝග වලින් අප ශරීරය ආරක්ෂා කරනු ලැබේ. සම සෞඛ්‍යව පවත්වා ගෙන යාමට නම් එහි පැවතිය යුතු සංඝටක නිසි පමණට පැවතිය යුතුය. වියළි සම යනු ද එලෙස සමේ පැවතිය යුතු නියමිත සංඝටක නිසි පමණට නොමැති වීම නිසා ඇති වන තත්වයකි. එය ශරීර සෞඛ්‍යට මෙන්ම සුන්දරත්වයටද බලපාන කරුණකි.
ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප වියළි සම සදහා සාර්ථක ලෙස ප්‍රතිකාර කරන්නෙමු. අභ්‍යන්තර ඹෟෂධ මෙන්ම භාහිර ආලේපනයන්ද සමේ හීන වූ සංඝටක නැවත යථා තත්වයට නංවමින් සමේ වියළි බව නැති කරනු ලැබේ. ඔබත් වියළි සමක් සතු පුද්ගලයකු නම් අදම අප හා එක් වී නීරෝගී සමක් හිමි කර ගන්න.
අමතන්න
011 2 72 72 14 | 077 16 77 122