Colombo Surgeon

Colombo Surgeon Health education on common, surgically related topics by Professor Daksh*tha Wickramasinghe

02/05/2026

ගුද මාර්ගයේ ඇතිවන තුවාල (A**l Fissure) රෝගය නිසා ඔබ දැඩි වේදනාවකින් පසුවෙනවාද? සැත්කමකට යාමට බියෙන් ප්‍රතිකාර ප්‍රමාද කරනවාද?
ෆිෂර් රෝගය සඳහා භාවිතා කරන අලුත්ම "බෝටොක්ස්" (Botox) ප්‍රතිකාර ක්‍රමය ගැන දැනුවත් වෙන්න.

00:32 ෆිෂර් (Fissure) රෝගය යනු කුමක්ද?
01:31 බෝටොක්ස් (Botox) එන්නත මගින් මෙය සුව කරන්නේ කොහොමද?
03:00 සැත්කමකට වඩා මෙහි ඇති වාසි මොනවාද?

27/03/2026

ලොකු කැපුමකට බයද? මෙන්න අලුත් විසඳුම! මහා බඩවැලේ පිළිකා සිදු කරන laparascopic ශල්‍යකර්ම

මහා බඩවැලේ පිළිකා සඳහා ශල්‍යකර්ම කියනකොට බොහෝ දෙනාට බයයි… ලොකු කැපුම්, වේදනාව, දිග කාලයක් රෝහලේ නැවතී සිටීම 😟
ඒත් අද තියෙන්නේ නවීන ක්‍රම ගැන මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්

විශේෂඥ ශල්‍ය වෛද්‍ය දක්ෂිත වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කොළඹ) විශේෂඥ ශල්‍ය වෛද්‍ය, සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය
🔴 Open surgery වල අවාසි
🟢 යතුරු සිදුරු (Laparoscopic / Robotic ) කියන්නේ මොකක්ද?
✨ මෙම ක්‍රම වල වල වාසි

💡 මතක තියාගන්න:
ඉක්මනින් හඳුනාගත්තොත් colorectal cancer සුව කරගන්න පුළුවන්!

#මහාබඩවැලේපිළිකා #බඩවැල්කැන්සර්
#මහාබඩවැලේපිළිකාලක්ෂණ #මහාබඩවැලේපිළිකාප්‍රතිකාර




13/03/2026

ගුද මාර්ගයෙන් රුධිරය දැකීම බොහෝ දෙනාට බියක් ඇති කරන ලක්ෂණයක්.
බොහෝවිට මෙය අර්ශස් නිසා වෙන්න පුළුවන්.

නමුත් සමහර අවස්ථාවලදී මෙය මහා බඩවැලේ පිළිකා වැනි බරපතළ රෝගයක ලක්ෂණයක් විය හැක.

මෙම වීඩියෝවෙන් ඔබ දැනගන්නෙ👇

මළපහ සමග ලේ පිටවීම හැමවිටම අර්ශස්ද?
මළපහ සමග ලේ පිටවීම ඇතිවිය හැකි භයානක නොවන හේතු
මළපහ සමග ලේ පිටවීමසමඟ ඇතිවිය හැකි මහා බඩවැලේ පිළිකා වල ලක්ෂණ
මළපහ සමග ලේ පිටවීම දැක්කොත් කළ යුතු දේ

⚠️ වැදගත් පණිවිඩය
මළපහ සමග ලේ පිටවීම නොසලකා හරින්න එපා.
නිවැරදි පරීක්ෂාවෙන් හේතුව හඳුනා ගැනීම ඉතා වැදගත්.

👍 Like කරන්න
🔁 Share කරන්න – කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්න පුළුවන්
🔔 Subscribe කරන්න – තවත් Sinhala medical education videos සඳහා

06/03/2026

අර්ශස් කියන්නේ බොහෝ දෙනාට ඇති නමුත් කතා කරන්න අකමැති රෝගයක්.
වෛද්‍ය විද්‍යාවේ නව තාක්ෂණයක් ලෙස මේ සඳහා Laser haemorrhoid surgery තිබෙනවා .

මෙම වීඩියෝවෙන් ඔබට පැහැදිලි කරනවා:

🔹 අර්ශස් කියන්නේ මොනවාද?
🔹 අර්ශස් වලට තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?
🔹 Laser surgery එක වැඩ කරන්නේ කොහොමද?
🔹 Laser surgery එකේ වාසි සහ අවාසි
🔹 Laser surgery සදහා සුදුසු /සුදුසු නොවන අර්ශස්
🔹 රෝගියාට හොඳම ප්‍රතිකාරය තෝරාගන්නේ කොහොමද?

අර්ශස් සඳහා හැමෝටම එකම ප්‍රතිකාරයක් හොඳ නැහැ.
රෝගියාගේ තත්වය, අර්ශස් විශාලත්වය, සහ අනෙකුත් සාධක අනුව හොඳම ප්‍රතිකාරය වෛද්‍යවරයා තීරණය කරනවා.

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට රුධිරය පිටවීම, වේදනාව, හෝ ගැටිත්තක් වැනි ලක්ෂණ තිබේ නම්, ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.

Humbled and excited to join the IAGES 2026 Conference as a faculty and session chair. It’s a privilege to discuss the la...
14/02/2026

Humbled and excited to join the IAGES 2026 Conference as a faculty and session chair. It’s a privilege to discuss the latest in surgical innovation while reconnecting with old colleagues and meeting new friends in the field. 🤝✨

Global surgical excellence in Sri Lanka 🩺

IAGES 2026 ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීමට ලැබීම මහත් ගෞරවයකි. පැරණි මිතුරන් හමුවීමටත්, ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ නවීනතම දැනුම බෙදාහදා ගැනීමටත් මෙය කදිම අවස්ථාවකි. 🤝✨

ලොව දියුණුතම ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී ලංකාවේදී ලබාගත හැකිය 🩺

07/02/2026

Gastritis කියන්නේ රෝගයක්ද රෝග ලක්ෂණයක්ද?
ගැස්ට්‍රයිටිස් වලට හේතු සහ එහි රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වෙන්න

විශේෂඥ ශල්‍ය වෛද්‍ය දක්ෂිත වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කොළඹ) විශේෂඥ ශල්‍ය වෛද්‍ය, සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය

16/01/2026

A**l Fistula කියන්නේ මොකක්ද?
Laser fistula treatment කියන්නේ සැබෑවටම “magic solution” එකක්ද?
කවුද Laser ප්‍රතිකාරයට සුදුසු, කවුද නුසුදුසු?

මෙම වීඩියෝවෙන්👇
✔️ Laser fistula treatment කියන්නේ මොකක්ද?
✔️ Laser ප්‍රතිකාරයේ වාසි සහ සීමා
✔️ සියලුම fistula රෝගීන්ට Laser හොඳද ?
✔️ හොඳම ප්‍රතිකාරය තීරණය කරන්නේ කවුද?

Laser ප්‍රතිකාරය හොඳ විකල්පයක් වුණත්, සියලුම A**l Fistula රෝගීන්ට එකම ප්‍රතිකාරයක් නැහැ. නිවැරදි ප්‍රතිකාර ක්‍රමය තෝරාගන්නා විට පමණක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

ඔබට සුදුසුම ප්‍රතිකාරය තීරණය කළ යුතුේ
➡️ ශල්‍ය වෛද්‍ය පරීක්ෂාව
➡️ MRI ප්‍රථිපල
➡️ ඔබගේ ලක්ෂණ අනුව

විශේෂඥ ශල්‍ය වෛද්‍ය දක්ෂිත වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කොළඹ) විශේෂඥ ශල්‍ය වෛද්‍ය, සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය

09/01/2026

❌ Antibiotics වලින් ෆිස්ටියුලා සුව නොවන්නේ ඇයි ?
❌ Fistula එකක් simple ද complex ද කියලා වෛද්‍යවරු වර්ගීකරණය කරන්නේ කොහොමද?
💉 Simple fistula වලට තියෙන සරල ප්‍රතිකාර
💉 Complex fistula වලට LASER, VAAFT වගේ නවීන විසඳුම්
🎯 ඔබට හොඳම ප්‍රතිකාරය තෝරාගන්නේ කොහොමද?

😟 වැරදි ප්‍රතිකාරයක් තෝරාගත්තොත්…
– නැවත නැවත ෆිස්ටියුලා එන්න පුළුවන්
– වසර ගණන් පීඩා විඳින්න වෙන්න පුළුවන්
– වැසිකිලි යාම පාලනයට (bowel control) ගැටලු එන්නත් පුළුවන්

✅ හරි ප්‍රතිකාරය = ස්ථිර සුවවීම
සෑම fistula එකක්ටම එකම ප්‍රතිකාරයක් නෑ.
රෝගයේ ගැඹුර, ෆිස්ටියුලා යන මාර්ගය, ඔබේ ජීවන රටාව
👉 මේ හැමදේම බලලා තමයි හොඳම විසඳුම තෝරන්න ඕනේ.

🩺 Better training = safer surgeryOur latest research shows that structured, repeated practice in simulation helps surgeo...
26/12/2025

🩺 Better training = safer surgery

Our latest research shows that structured, repeated practice in simulation helps surgeons develop skills before they ever touch a patient.
This means greater precision, fewer errors, and safer care for you.

✨ This work was part of my PhD research with the University of Lancaster, UK.

Because patients deserve the best-trained doctors.

🩺 හොඳ පුහුණුව = ආරක්ෂිත ශල්‍යකර්ම

අපගේ නවතම පර්යේෂණයෙන් පෙන්වන්නේ simulation මඟින් කරන සංවිධානාත්මක, නැවත නැවත පුහුණුව මගින් රෝගීන්ට ශල්‍යකර්ම කරන මොහොතට පෙරම වෛද්‍යවරුන්ගේ කුසලතා වර්ධනය කල හැකි බවයි .

මෙය
✔️ වැඩි නිරවද්‍යතාව
✔️ අඩු දෝෂ
✔️ ඔබට වඩා ආරක්ෂිත සත්කාර
ලැබීමට හේතු වේ.

✨ මෙම පර්යේෂණය University of Lancaster (UK) කළ මගේ PhD අධ්‍යයනයේ කොටසකි.

රෝගීන්ට ලැබිය යුත්තේ හොඳින් පුහුණු වෛද්‍යවරුන්ගෙන් සත්කාරයයි.

https://tinyurl.com/48dx54jv

📢 New Publication Alert!Our latest research paper, “Awareness of colorectal cancer symptoms and risk factors: a cross-se...
22/11/2025

📢 New Publication Alert!
Our latest research paper, “Awareness of colorectal cancer symptoms and risk factors: a cross-sectional study at the largest tertiary care centre in Sri Lanka,” is now published!

🔬 What we found:

58.7% of adults could not name any colorectal cancer (CRC) symptoms without prompts.

After prompting, awareness improved — 75.3% recognised blood in stools as a key warning sign.

44.3% could not identify any CRC risk factors unprompted.

Excessive alcohol intake (72.7%) and low fibre intake (64%) were the most recognised risk factors when prompted.

⚠️ Key Message:
Unprompted CRC awareness in Sri Lanka remains low, highlighting the urgent need for targeted public health campaigns — especially for men, younger adults, and those with lower education levels.

Let’s keep working towards earlier detection and improved cancer outcomes in Sri Lanka. 🇱🇰💙

📢 නව පර්යේෂණයක් ප්‍රකාශයට!

ශ්‍රී ලංකාවේ විශාලතම තෘතියික රෝහල්ය වන ජාතික රෝහලේ මහා අන්ත්‍රයේ පිළිකාවල ලක්ෂණ සහ අවදානම් සාධක පිළිබඳ අවබෝධය පිළීබද අපගේ නව ගවේෂණ වාර්තාව ප්‍රකාශයට පත් වී ඇත.

🔬 ප්‍රධාන නිගමන:

58.7% ක් මහා අන්ත්‍රයේ පිළිකාවල ලක්ෂණ කිසිවක් නොදැන සිටියා.

ලැයිස්තුවක් ලබා දුන් විට 75.3% ක් ලක්ෂණ හඳුනා ගත්තා

44.3% ක්ට අවදානම් සාධක කිසිවක් නොදැන සිටියා.

⚠️ පණිවිඩය:
ශ්‍රී ලංකන ජනතාව අතර මහා අන්ත්‍රයේ පිළිකාවල ලක්ෂණ සහ අවදානම් සාධක අවබෝධය තදින් අඩුය.
වැඩි දැනුමක් ලබා දීම සඳහා — විශේෂයෙන්ම පිරිමි, අඩු වියේ අය, හා අඩු අධ්‍යාපන මට්ටම ඇති අය — සෞඛ්‍ය අධ්යාපන වැඩසටහන් අවශ්‍ය වේ.

මහා අන්ත්‍රයේ පිළිකා පිළිබඳ දැනුවත් කිරීම වැඩි කර, දැනුමෙන් සුරක්ෂිත ජීවිත ගොඩනගමු. 🇱🇰💙

I am deeply honored and humbled to share that I received an award for my inclusion in the prestigious Stanford-Elsevier ...
31/10/2025

I am deeply honored and humbled to share that I received an award for my inclusion in the prestigious Stanford-Elsevier Top 2% Scientists in the World at the University of Colombo Annual Research Symposium 2025.

It was a privilege to accept this recognition from the Honorable Prime Minister of Sri Lanka.

This achievement is a testament to the dedication, hard work, and collaborative spirit that drives our research endeavors. My heartfelt thanks go to my colleagues, mentors, research fellows, and the University of Colombo for their continuous support.

කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයේදී, ලොව ඉහළම 2% විද්‍යාඥයින් අතරට ඇතුළත් වීම වෙනුවෙන් පිරිනැමූ සම්මානය ලැබීම මට මහත් ගෞරවයක් හා නිහතමානී සතුටකි.

ගරු අග්‍රාමාත්‍යතුමිය අතින් මෙම සම්මානය ලැබීම විශේෂ ගවුරවයක් ලෙස සලකමි.

මෙම ජයග්‍රහණය අපගේ පර්යේෂණ කටයුතු වල කැපවීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ සාමූහිකත්වයේ ප්‍රතිඵලයකි. මා හට අඛණ්ඩව සහයෝගය දැක්වූ මගේ සගයන්ට, උපදේශකවරුන්ට, පර්යේෂක සහයකයන්ට, සහ කොළඹ විශ්වවිද්‍යාලයට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.

Address

Dematagoda

Alerts

Be the first to know and let us send you an email when Colombo Surgeon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share