30/08/2025
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පාසල් දරුවන්ගේ යහපැවැත්ම දියුණු කිරීමේ වැඩඩටහන් මාලාවේ තවත් අදියරක් කොටදෙණියාව කරුණාරත්න බෞද්ධ මහා විද්‍යලයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී 10, 11 සහ උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් යොවුන් සෞඛ්‍ය පිළිබඳ සාකච්ඡාවක් ගත් අතර දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, කොටදෙණියාව සහ අකරගම කොට්ඨාශ වල මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
එලෙසම පාසල් දරුවන්ගේ යහපැවැත්ම දියුණු කිරීම වෙනුවෙන් පාසල් ප්‍රජාවම ක්‍රියාත්මක වීමේ වැදගත්කම සාකච්ඡා කරමින් 'පාසල් සෞඛ්‍ය සමාජය' සක්‍රීය කර ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය පියවර මෙහිදි ගන්නා ලදී.