20/03/2026
ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනයට සමගාමීව (මාර්තු 18) , Link Natural Products සමාගම විසින් තිරසාර අනාගතයක් වෙනුවෙන් වැදගත් පියවරක් ගන්නා ලදී.
කුඩා කල සිටම දරුවන්ගේ සිත් තුළ පරිසර හිතකාමී ආකල්ප ගොඩනැංවීමත්, භාවිතයෙන් ඉවතලන අපද්‍රව්‍ය නිසිපරිදි කළමනාකරණය කිරීම පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින්, දිරාපත් නොවන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කිරීමේ වැඩසටහනක් අවට පාසල් සමඟ එක්ව සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා දොම්පෙ සියනෑ ජාතික පාසල, පූගොඩ බෝධිරාජ විද්‍යාලය යන පාසල් එක්වුණි.
සිසුන් විසින් තම නිවෙස් වලින් ප්ලාස්ටික් බෝතල්, ඝන ප්ලාස්ටික් වර්ග සහ e-waste එකතු කරමින් මෙම වැඩසටහනට සක්‍රීයව දායක විය.මෙම කාර්යයට දායක වූ සියලු සිසුන් අගය කිරීම සඳහා ඔවුන්ට ඖෂධිය වටිනාකමකින් යුත් ශාක පැල ලබාදීමක් සිදු කරන ලදී.
In line with Global Recycling Day (March 18), Link Natural Products took a meaningful step towards building a more sustainable future.
With the aim of nurturing eco-friendly attitudes among children from a young age and raising awareness about proper waste management practices, a recycling initiative was organized in collaboration with nearby schools to collect non-biodegradable waste.
This initiative was carried out with the participation of
Dompe Siyane National School
Pugoda Bodhiraja Vidyalaya
Students actively contributed by collecting plastic bottles, hard plastics, and e-waste from their homes.
In recognition of their valuable contribution, students were presented with medicinal plant saplings, symbolizing health, sustainability, and a greener future.