Dr.Chamila Kumari Kaluthanthri

Dr.Chamila Kumari Kaluthanthri Join with Sri Lankan Ayurvedic Treatments

04/12/2025

කොදු ඇටපෙලේ පහළ ප්‍රදේශයේ ස්නායු තෙරපීම - ගුධ්‍රසී රෝගය (සයටිකා/sciatica) (L4/L5/L5/S1)

අද වෙද්දී තුනටිය වේදනාව සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. එකක් තුනටිය වේදනාව ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ආයුර්වේදයේ සඳහන් වන “ගුධ්‍රසි” රෝග තත්ත්වයයි. රෝගීයාගේ ගමන් රටාව අනුව ආයුර්වේදයේ මේ තත්ත්වය මේ නමින් හැඳින්වේ. සංස්කෘතික භාෂාවෙන් “ගෘධ්‍ර” යනුවෙන් හඳුන්වන්නේ ගිජුලිහිණියාටය. එනම් “ගිජුලිහිණියකුගේ ගමන් විලාසය” ලෙසින් මෙම නමින් හැඳින්වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙය Sciatica ලෙසින් හැඳින්වේ.

🔴රෝග ලක්ෂණ
================

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ රෝගියාගේ පහළ කටී ප්‍රදේශයේ (තට්ටම් ප්‍රදේශයේ) සිට පාදයේ පහළට පිටුපසින් දිවෙන ඉතා තදබල වේදනාව.

• මෙම වේදනාව ඇතැම්විට යම්කිසි දෙයකින් අනිනු විට ඇතිවන වේදනාවට සමාන වේ.

• ඇතැම් රෝගීන්ට ඉවසාගත නොහැකි වේදනාවක් දැනීම.

• ඇවිදීම, නැවීම ආදී ක්‍රියාකාරකම්වලදී ඇතිවන වේදනාව.

• මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනාව වන අතර එම වේදනාව රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• ස්නායු ගමන් කරනු ලබන මාර්ගය ඔස්සේ මෙම වේදනාව පැතිරීම දැකිය හැක.

• ඇතැම් රෝගීන්ට මඳ වශයෙන් උණ ඇතිවීමටද පුළුවන.

🔴රෝගය ඇතිවීමට හේතු
=======================

• කශේරුකාවේ අන්තර් කශේරැකා මඬල (කශේරුකා දෙකක් අතර ඇති කොටස) පිටතට නෙරා යාම නිසා මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවිය හැක. මෙය පිටතට නෙරා යාම හේතුවෙන් ස්නායු තෙරපීමක් ඇතිවිය හැක. මෙමඟින් ස්නායු ගමන් කරනා මාර්ගයේ යම් පීඩනයක් ඇතිවිය හැක.

• වයස් ගතවීමත් සමඟ වැඩිහිටියන්ගේ ගුධ්‍රසී රෝග තත්ත්වය ඇතිවිය හැක. මෙමගින් අන්තර් කශේරැකා මඬල දිරායාමට ලක්වීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැක.

• නිවැරදි නොවන ඉරියව්වෙන් වැඩිවේලාවක් යම් වැඩක නිරතවීම, වාඩිවී සිටීම.

• නිවැරදි නොවන ඉරියව්වෙන් බරැති දෙයක් එසවීම.

• වෙනත් රෝගයක ඇතිවන පිළිකාමය තත්ත්වයක් නිසාවෙන්ද මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

• ස්නායු ගමන් ගන්නා මාර්ගයේ ඇති මාංශපේශිවලට යම් හානියක් සිදුවීමෙන්ද මෙම ස්ථානය පටුවීමක් සිදුව මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

🔴රෝගියා සැලකිලිමත් විය යුතු ආකාරය
=======================

• මෙම රෝගය වැළඳීමට පළමුව රෝග පාලනය කිරීම ඉතා වැදගත් වේ. එය ආයුර්වේදයේදී “රෝගීවීමට පෙර නිරෝගී පුද්ගලයා නිරෝගී බව ආරක්ෂා කළ යුතුවේ...” යනුවෙන් සඳහන් කර ඇත.

• නිවැරදි ඉරියව්වෙන් එදිනෙදා වැඩකටයුතු කිරීම ඉතා වැදගත් වේ. බර ඉසිලීම, ඇවිදීම, අසුනක වාඩිවී සිටීම, නිදා ගැනීම වැනි ඉරියව්වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

• විවේකය ඉතා වැදගත් වේ. විශේෂයෙන් එක දිගට එකම ඉරියව්වෙන් වැඩක නිරත වීම තුළින් මේ තත්ත්වය ඇතිවිය හැක.

• ශරීරයේ බර පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. අධි ස්ථුලතාවය ඇති බොහෝ දෙනෙකු තුළ මෙම රෝග තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකිවේ.

• සමබර ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් වේ.

• බර පාලනය කර ගැනීම සඳහාද ව්‍යායාම් කිරීම ඉතාමත් සුදුසු වේ. මේ සඳහා ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම් කිරීම ඉතා වැදගත් වේ.

🔴කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාර
======================

• මේ රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• මේ සඳහා හිතුමතේට අත්බෙහෙත් කිරීම සුදුසු නැත. වෙනත් කෙනෙකු වෙනුවෙන් වෛද්‍යවරයකු ලබාදුන් ඖෂධ හෝ ප්‍රතිකාර හිතුමතේට වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතයද කිසිසේත්ම සුදුසු නොවේ.

• රෝගියාගෙන් රෝගියාට රෝග ලක්ෂණ මෙන්ම රෝගය පැතිර යාමේ ක්‍රමවේදයද වෙනස් වේ.

• ඇතැම් රෝගීන්ට මෙම රෝගය සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොකොට දින දෙක තුනකින් සුව විය හැක. එය රෝගයට ඇතිවන හේතුව අනුව තීරණය වේ. නමුත් බොහෝවිට මෙම රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍යම වේ.

• ප්‍රතිකාර මෙන්ම ව්‍යායාමද ඉතා යෝග්‍ය වේ. මේ සඳහා විශේෂිත වූ ව්‍යායාම් ඇති අතර ඇතැම් ව්‍යායාම් මෙම රෝගියා සඳහා යෝග්‍ය නොවේ. එය පිළිගත් වෛද්‍යවරයකුගේ අනුදැනුම සහ උපදෙස් අනුව කළ යුතුවේ.

• ආයුර්වේදයෙහි මේ සඳහා ප්‍රතිකාර පද්ධතියන් ක්‍රියාත්මක කෙරේ. රෝගියාගේ දෝෂ අනුව ඒ ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ. බාහිරව සහ අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම අනුව මේ සඳහා ප්‍රතිකාර කෙරේ.

• මේ සඳහා යෝග ව්‍යායාමද ඉතා යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වේ. මේ සඳහාම විශේෂිත වූ යෝග ව්‍යායාම් ඇත.

• හිතුමතේට මේ සඳහා ආයුර්වේද තෙල් ආලේප නොකළ යුතුය. ඇතැම් තෙල්වර්ග සෑම වේදනාවකටම ගුණදායක නොවේ. මේ නිසා හිතුමතේට තෙල් නොගෑ යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එක් එක් රෝගය අනුව තෙල් වර්ගයද වෙනස් වේ. තෙල් වර්ගවල ගුණ එකිනෙකට වෙනස් වේ. මේ නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසෙන්න.

කටී ප්‍රදේශයේ සිට දෙපා ඔස්සේ ගමන් කරනු ලබන මෙම වේදනාවේ ගැටලු ස්ථානය වන්නේ තුනටිය ආශ්‍රිත කටී ප්‍රදේශයේයි. මේ සඳහා වැඩිපුරම අවධානය යොමුකළ යුත්තේ ඒ ආශ්‍රිතවයටයි. මීට අමතරව සී.ටී. ස්කෑන් වැනි ස්කෑන් ක්‍රම මගින්ද මෙම රෝගී තත්ත්වය වෛද්‍යවරයාට හඳුනාගත හැක. ඔබත් මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳියි නම් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

ලිපිය සකස් කලේ ආයුර්වේද වෛද්‍ය චමිලා කුමාරි කලුතන්ත්‍රි . ආරෝගා මෙඩිකල් සෙන්ටර් ,යගම්වෙල, දුම්මලසූරිය . 0765603231

03/12/2025

දීර්ඝකාලීනව ඔබ පහත රෝගී තත්වයන්ගෙන් පීඩා විදින අයෙකුනම් නස්න කර්ම සහ අවශ්‍ය ආයුර්වේදීය ප්‍රතිකාර මඟින් ඔබගේ සුවතාවය ලබා ගතහැකිය.

නස්‍ය කිරීම මගින් ස්වසන පද්ධතියේ කෝඨර තුළ තැන්පත්ව ඇති අපද්‍රව්‍ය විෂ සහිත දෑ සෙම් සොටු ආකාරයෙන් නහයෙන් හා මුඛයෙන් පිට කිරීමට සැලැස්වීම සිදුකෙරේ. මෙය

හිසේ කැක්කුම.

මුඛ දුර්ගන්ධය.

ඔලුවේ බර ගතිය.

කන් කැක්කුම.

පීනස.

සයිනොසයිටිස්

ඉරුවාරදය

වැනි රෝග සුව කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ විසදුමකි.

විමසීම් 0762462663
ආරෝගා - යගම්වෙල දුම්මලසූරිය.
fans

27/11/2025

සන්ධිගත රෝග අවස්ථා නිසා වැඩි වශයෙන් මෙම විලුඹ ආශ්‍රිතව අස්ථි වේදනා ඇතිවිය හැකියි..

-එමෙන්ම තරබාරුව, වැඩි වේලාවක් සිටගෙන සිටීම නිසා විලුඹ ආශ්‍රිතව වැඩි තෙරපුමක් ඇති වීමද මුලික හේතුවක් වෙනවා.

සමහර විට විලුඹ ආශ්‍රිත පටක ඉරීයාම, ගෙවීයාම සහ මාංසමය ගෙඩි මෙයට බලපානවා..

විශම ලෙස වල ගොඩැලි සහිත බිමෙහි පාද තබමින් බොහෝ ඇවිදීමෙදි වාත දෝෂය කෝප වී ගැටය ඇසුරු කර තද වේදනාවක් ඇති කරයි. එය වා කටු හෙවත් වාත කණ්ටකය නමින් හැඳින්වෙනවා.

මෙහිදී බොලැට සන්ධිය මෙන්ම අසල කුඩා සන්ධි ඉදිමී , ඇවිදීමේදී බලවත් පීඩාවක් ඇති වෙනවා.

ඒ විතරක් නෙවෙයි, නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ද නිරතුරුවම පීඩනයට ලක් වීමෙන් බොලැටය ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වෙනවා.

-අධික තරබාරු පුද්ගලයන්
-යටි පතුල පැතලි ව පිහිටා පුද්ගලයන්
-අඩි උස පාවහන් පලඳින පුද්ගලයන්
මෙම රෝගයට වැඩිපුර ගොදුරු වන අතර, එයට හේතු වන්නේ ඔවුන්ගේ විලුඹ නිතර අධික පීඩනයට ලක්වීමයි.

මෙහිදි calcaneus ලෙසින් හැඳින්වෙන බොලැටයේ මෙම තැන්පත් වීම සිදුවෙනවා. එය අස්තියේ පාදස්තානයෙන් සිදුවේ නම් inferior calcaneal supur ලෙසද, තැන්පත් වීම අස්තිය පිටුපස වෙයිනම් posterior calcaneal supur ලෙසද හඳුන්වනු ලබන අතර, එක තරමක් විශාල වෙනවා.

රෝග ලක්ෂණ..
-එම ස්තානය වටා වේදනාවක් ඇතිවේ.
-මෙම වේදනාව විවේකීව සිට එකවර සිටගැනීම හා ඇවිදීවෙම්දි අධිකව දැනේ.
-උදෑසන නින්දෙන් අවදි වූ පසු ඇවිදීමෙදි වේදනාව අදිකව දැනේ.
-බරක් ඔසවන විට වේදනාව වැඩිවේ.
-ඇවිදීමෙදි හා දිවීමෙදි වේදනාව ඇතිවේ.
පිලිපැදිය යුතු කරුණු
-රෝගියා විසින් අදික වෙහෙස දායක ක්‍රියා අත් හල යුතුය
-ශරීර බර නියම මට්ටමක පවත්වා ගත යුතුය.
-නිවැරදි පාවහන් දැමීම.
-වෛද්‍යවරුන් විසින් නියම කරන ව්‍යායාම කිරීම
-උණුසුම් ජලය ස්නානය
-සමබල ආහාර වේලක් ගැනීම.

ඒ විතරක් නෙවෙයි මේ රෝගාබාධයෙන් පීඩාවිදින ඔබට,
-ඉදිරිය උල් හැඩති හෝ උස් අඩි පාවහන් ගැලපෙන්නෙ නැත.
-පාවහන් යුගලයේ ඇතුලත ඇඟිලි වල සිට විලුඹ දක්වාම කෙලින් තිබිය යුතුය.
-එමෙන්ම එය පැලඳි පසු යටි පතුල සහ සපත්තුවේ අඩිය හොඳින් ස්පර්ශවී තිබිය යුතුය
-ඇවිදින විට ලිස්සා නොයා යුතුය.
-රළු පොලවක ඇවිදීමට හෝ වැඩි වෙලාවක් සිටගෙන සිටීමට වේ නම්, ශරීරයේ බර හොඳින් දරා ගත හැකි පාවහන් යුගලක් තෝරා ගත යුතුය.

නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවතාවය ලබා ගතහැකි රෝග තත්වයක් වන අතර ඔබට යම් ගැටලුවක් ඇතිනම් අපව සම්භන්ධකර ගන්න.

ආරෝගා මෙඩිකල් සෙන්ටර්,
යගම්වෙල,
දුම්මලසූරිය.
0762462663

21/11/2025

රෝගයට බලපාන හේතු සාධක කීපයක්ම ඇත. ඒවා පහත පරිදිය.

1) දවසේ වැඩි වේලාවක් එකම ඉරියව්වකින් වාඩිවී වැඩ කිරීම .
2) දහවල නිදා ගැනීම.
3) රාත්‍රි කාලයේ නිදි වැරීම.
4) වළ ගොඩැලි ඇති අසම බිමක නිදාගැනීම හෝ එවැනි කොට්ටයක් හිසට තබාගෙන නිදාගැනීම .
5) තදින් ඇස් ඇර උඩ බැලීම.
6) පහර වැදීම් / වැටීම්/ පෙරළීම් ආදියෙන්
7) බෙල්ලේ පිටුපස ඇති ග්‍රීවා කශේරුකාවල බිම්බ ( Disks ) පටු වීමෙන් හෝ බිම්බ දිරීමෙන්
8) වර්තමාන සමාජයේ නම් බෙල්ල නවාගෙන බොහෝ වේලාවක් ජංගම දුරකතනය භාවිතා කිරීම
9)හිස මතින් බර ගෙනයාම/දැරිය නොහැකි බර එසවීම.
10) ශාරීරික ව්‍යායාම පමණට වඩා සිදු කිරීම.

ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මුලින්ම බෙල්ලේ හෝ උරපතු දෙක අතර වේදනාවක් ඇතිවේ. මෙය බොහෝවිට නිදි උලුක්කුවක් ලෙස රෝගීහු තේරුම් ගනියි.
ඉදිරි කාලය ඇතුලත එය අත දිගට විහිදීමට පටන් ගනියි
මෙය ඉතා දරුණු වේදනාවක් වන අතර නින්දේදී පවා එය අධික ලෙස උත්සන්න විය හැක.
උරපත්තට වැලමිටට හෝ මැණික් කාටුව ප්‍රදේශයට විහිදිය හැකිය.
මේ සමගම අතේ විවිධ මාංශ පේශි දුර්වල වීමට හැකියාව පවතී. ඒ වගේම අත දිගේ යන හිරියක් ඇතිවේ එය ඇතැම් විට දබර ඇඟිල්ල දක්වා ගමන් කල හැක.

නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම ස්නායු රෝගී තත්වය සාර්ථකව සුවකර ගත් හැක..

ඔබට පහත රෝග ලක්ෂණ සති කීපයක් තිස්සේ හෝ වරින් වර මතු වේනම් එය cervicogenic headache ලෙස හැදින්වේ.

බෙල්ලේ පිටුපස සිට හිස දෙසට එන කැක්කුම

බෙල්ල හැරවීමේදී එන වේදනාව

බෙල්ලේ සිට ඇස දෙසට එන වේදනාව

ඔලුව ගැස්සීමේදි (කිවිසුමක් යෑම) බෙල්ලේ සිට කණ පිටුපසින් හිස දෙසට එන වේදනාව

හිසේ කැක්කුම හිසේ එක් පැත්තකට පමණක් බලපෑම.

ඉහත රෝගී තත්වය බෙල්ල පිටු පස කොදු ඇට පෙළේ මුල් පුරුක් වල (C1-C3) ගැටලුවක් නිසා සිදුවන ස්නායු තෙරපීමකදී උරහිසේ මාංශ පේශි තද විමක් සමඟ ඇති වන තත්වයකි. මෙය ඉරුවාරදය(මිග්ග්‍රේන්) වලින් වෙන් කොට හදුනා ගත යුතුයි..

නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර හා උපදෙස් මගින් සුවතාවයට පත්වීමට ඔබට පුලුවන්..

වැරදි ඉරියව්වකින් නිදා ගැනීම, නිතර හිස නවාගෙන පොත් කියවීම හෝ පරිඝණක,දුරකතන භාවිතා කිරීම, කොන්දෙ මුල් පුරුක් වලට සිදුවන අනතුරු, ආතරයිටිස් මෙන්ම වයස්ගත වීම..මෙම රෝග තත්වයට හේතු වේ.

බෙල්ලේ කැක්කුම සඳහා නිවසේදී සිදුකළ හැකි පිළියම්

පළමු දින කිහිපය සඳහා තැවීම, නැතහොත් උණුසුම් ස්නානය කළ යුතුය.

රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන බර එසවීම ක්‍රීඩා කිරීම වැනි කාර්යයන් වලින් විවේක ගත යුතුය.

රෝග ලක්ෂණ පහව යන විට සාමාන්‍ය ක්‍රියාකාරකම් සෙමෙන් නැවත ආරම්භ කළ හැකිය.

බෙල්ලේ ව්‍යායාම සෑම දිනකම සිදු කළ යුතුය.

හිස සෙමෙන් දෙපැත්තට සහ ඉහළට සහ පහළට චලනය කළ යුතුය.

නිසි ඉරියව්ව පුහුණු කළ යුතුය.

ඉරියව්ව නිතර වෙනස් කරන්න, දිගු වේලාවක් එකම ඉරියව්වෙන් හිටගෙන හෝ වාඩි නොවන්න.

මෘදුව බෙල්ල සම්බාහනය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වෙනවා.

නිදාගැනීම සඳහා විශේෂ කොට්ටයක් භාවිතා කරන්න.

වෛද්‍යවරයෙකුගේ අවසරයකින් තොරව බෙල්ලට පටි භාවිතා නොකළ යුතුය, මන්ද නුසුදුසු භාවිතය රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන්න පුලුවන්.

සති කිපයක් තිස්සේ මෙම රෝගී තත්වය අඩු වැඩි වෙමින් පවතීනම් ඔබ සුදුසුකම් ලත් වෛද්‍යරයෙක් මුණගැසී ප්‍රතිකාර ආරම්භ කල යුතුයි..

නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර මගින් සැත්කමකට නොගොස් මෙය සුවකර ගත් හැකියි..

ඔබට යම් ගැටලුවක් තිබෙනවානම් comment එකකින් එය විමසන්න..

20/11/2025

මෙම රෝගයට බලපාන හේතු

උරහිස් සන්ධිය අධික ලෙස චලනයන් සඳහා භාවිතා කිරීම.

උරහිස් සන්ධිය චලනයන් සඳහා භාවිතා නොකර සිටීම. පහරක් වැදීමෙන් හෝ අධික බරක් එසවීමෙන් හෝ වැරදි ඉරියව්වකින් යම් ක්‍රියාවක් කිරීමට තැත් කිරීමෙන් හෝ උරහිස් සන්ධියට හානියක්, ඇඳීමක් සිදුවීමෙන් පසුව ඇතිවන වේදනාකාරී තත්ත්වය නිසා උරහිස් සන්ධිය අක්‍රියතාවයකින් තබා ගැනීමයි.

ඒකාකාරී හා සීමාකාරී චලනයන් නිතර නිතර සිදු කිරීම.

ඉහත හේතුකාරී සාධක දිගු කාලයක් පැවතීම නිසා Frozen Shoulder තත්ත්වයට පත්විය හැක.

මීට අමතරව ඔබගේ ජිවිත කාලය තුල උරහිස් සංධිය අවට මොනයම් හෝ ආබාධයකට/ රෝගයකට ලක්වී ඇත්නම් එහි අතුරු ආබාධ යක් ලෙසද මෙම රෝගය ඇති විය හැකිය.

තවද පහත රෝග/ රෝගලක්ෂණයන් ගෙන් ඔබ පෙලෙන්නේ නම් මෙම රෝගය වැලදීමේ ඉහල අවදානමක් පවතියි. ඒවා නම්,

දියවැඩියාව
අඝාතය/අංශභාගය
තෛරොයිඩ් ගැටළු
පාර්කින්සන්
පිළිකා
පරිවෘතීය රෝග
ටියුබකියුලෝසිස්

මෙම රෝගයේ රෝග ලක්ෂණ

මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උරහිස් කැක්කුමයි.එම කැක්කුම උරහිස් සංධියේ චලයන් සමග උග්‍ර වන අතර රාත්‍රි කාලයේ ත්‍රිව්‍ර වීම සිදුවේ. මීට අමතරව මෙම කැක්කුම උරහිසේ සිට වැලමිට දක්වා ගමන් කිරීම පවා සිදුවිය හැකිය.

අනෙකුත් ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උරහිස් සංධියේ චලන පරාසය සියලුම දිශාවලට අඩුවීමය.

වැලමිට ඉහලින් පිහිටන මාංශ පේශීයේ තද ගතියක් ද දැනෙනු ලැබේ..
නිවැරැදි වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් පිළිපැදිමෙන් ඔබට සුවතාවය පත්වන්නට හැකියි..

ආරෝගා මෙඩිකල් සෙන්ටර්,
යගම්වෙල,
දුම්මලසූරිය.
0762462663

fans #රෝග #බෙල්ලේ #තුනටියේ #දණහිස් #කැක්කුම #තෙරපීම Aroga Aroga Medical Centre Aroga Ayurvedic Treatment ආරෝගා මෙඩිකල් සෙන්ටර් Aroga Medical Centre

ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද බලන්න.අසාමන්‍ය ලෙස මුත්‍රා පිට කිරීමේ වාරගණන වැඩි වීමක්පිටවන මුත්‍රා වල වර්ණයේ වෙනසක්පිටවන මුත්‍...
18/11/2025

ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද බලන්න.
අසාමන්‍ය ලෙස මුත්‍රා පිට කිරීමේ වාරගණන වැඩි වීමක්
පිටවන මුත්‍රා වල වර්ණයේ වෙනසක්
පිටවන මුත්‍රාවල මී පැණි වලට සමාන ගන්ධයක්
එකවරම සිරුර කෙට්ටු වීම.
වරින් වර පිපාසය, දහදිය දැමීම, ක්ලාන්තය, හා මහන්සිය දැනීම.
විශේෂයෙන් පාදයේ හා අත්ලේ හටගන්නා හිරිය.
දීර්ඝ කාලීනව පවත්නා සුව නොවනා තුවාල, විශේෂයෙන් පාදයේ ඇඟිලි පුරුක් අතර.
තොල,කට වියලීම.
සම ඉරිතැලී වියලි ස්වභාවයක් ගැනීම
මෙම ලක්ෂණ ඔබටත් පවතීනම් ඔබගේ රුධිරයේ සීනි පරික්ෂාවක් කර ගැනීම වඩාත් සුදුසු වේ.

එමෙන්ම පවුලේ කිසියක් අයකුට හෝ දියවැඩියාව පවතී නම් රුධිරයේ සීනි පරික්ෂාවක් කරගැනීම සුදුසු වේ.

දියවැඩියාව හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණදියවැඩියාව හඳුනා ගැනීම සඳහා සිදුකරන  පරීක්ෂණ ගැන දැන ගනිමු. පහත දැක්වෙන රුධිර...
18/11/2025

දියවැඩියාව හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ

දියවැඩියාව හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ ගැන දැන ගනිමු. පහත දැක්වෙන රුධිර පරීක්ෂණ බෙහෙවින් ඒ සඳහා ප්‍රයෝජනවත් වෙයි.

1.FBS (Fasting blood sugar)
2.RBS (Random blood sugar)
3.HbA1C(glycated haemoglobin test)
4.OGTT (Oral glucose tolerence test)
5.PPBS(Post prandial blood sugar)


01. Fasting Blood Sugar Test (FBS)(නි‍රා‍හා‍ර ‍‍රුධි‍ර ‍සී‍නි ‍ප‍රීක්‍‍ෂා‍ව)
රාත්‍රියේ පැය 8 -12 අතර කාලයක් නිරාහාරව සිට ලබා දෙන රුධිර සාම්පලයක් මඟින් පුද්ගලයකුගේ දියවැඩියා තත්ත්වය හඳුනාගත හැක. එහිදී රුධිරගත සීනි මට්ටටම 126mg/dL
හෝ ඊට වැඩි අගයක් පෙන්නුම් කරයි නම් එම පුද්ගලයා දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගනී. එය 100 mg/dL - 125 mg/dL අතර නම් පූර්ව දියවැඩියා තත්ත්වයක් ලෙස හඳුන්වයි. රුධිරගත සීනි මට්ටම 126 mg/dL සහිත පුද්ගලයන් මෙම පරීක්ෂණය එක්වරක් සිදු කළ ද රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් දියවැඩියාව ස්ථිර කිරීමට එම පරීක්ෂණය ප්‍රමාණවත් වේ.
නමුත් යම් පුද්ගලයකුගේ රුධිරගත සීනි මට්ටම මෙවැනි අගයක පවතීද්දී රෝග ලක්ෂණ පෙන්නුම් කර නැතිනම් නැවත වතාවක් මෙම පරීක්ෂණය සිදු කිරීම වැදගත් වේ. විශේෂයෙන් පූර්ව දියවැඩියා තත්ත්වයක් පෙන්නුම් කරන තැනැත්තන් හට දියවැඩියාව ඇති වීමේ ඉඩකඩ වැඩිය.
මීට අමතරව එම පුද්ගලයන් හට අනාගතයේ නිරෝගි පුද්ගලයන්ට වඩා හෘදයාබාධ, ආඝාතය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් සහිතය.

02.RBS – Random Blood Sugar (අහඹු රුධිර පරීක්ෂාව)
මෙය ඕනෑම අවස්ථාවක සිදු කල හැකි රුධිර පරීක්ෂණයකි. ආහාර ගත් වේලාව සලකනු නොලැබේ.
මෙය රසායනාගාරයක් මගින් ද සිදුකල හැකි අතර, තවත් පහසු සරල හා ඉක්මන් ක්‍රමයක් ඇත. එනම් ග්ලුකොමීටර් නම් උපකරණය භාවිතා කිරිමයි

03. HbA1c
දියවැඩියාව හඳුනා ගැනීමට සිදු කරන තවත් රුධිර පරීක්ෂණයකි HbA1c. මේ සඳහා නිරාහාරව සිටීම අවශ්‍ය නොවේ. මෙම පරීක්ෂණය මඟින් ගෙවී ගිය මාස තුනක කාලය ඇතුළත රුධිරයේ සීනි මට්ටම් පිළිබඳ අදහසක් ලබාගත හැකි වේ.

04. OGTT – Oral Glucose Tolerance Test
මෙම පරීක්ෂණය මගින් ග්ලූකෝස් දරාගැනීමේ හැකියාව හා අවශෝෂණය කිරීමේ හැකියාව මනිනු ලැබේ.
මෙම පරීක්ෂණය සිදුකිරීමට ප්‍රථම FBS පරීක්ෂණයේ මෙන්ම පැය 8 – 10 අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය. ඉන් පසුව රුධිර සාම්පලයක් හා මුත්‍රා සාම්පලයක් ලබාගනී.
ඉන් පසුව රෝගියාට ග්ලුකෝස් 75g ක් ජලය 250 ml ක දියකර බීමට දෙනු ලැබේ. එම ප්‍රමාණය මි.5 ක් වැනි කාලයක් තුලදී පානය කල යුතුය. (සමහර රෝගීන්ට මෙම ග්ලුකෝස් පානය කිරීමේදී වමනය යා හැක. එම නිසා ලයිමෝල් බින්දු කිහිපයක් හෝ දෙහි බින්දු කිහිපයක් එකතු කර පානය කල හැක. නමුත් නිවැරදි ක්‍රමය වන්නේ ග්ලුකෝස් හා ජලය පමණක් පානය කිරීමයි.)
ග්ලූකෝස් පානය කර පැයකින් හා පැය දෙකකින් රුධිර සාම්පලයක් හා මුත්‍රා සාම්පලයක් බැගින් ලබා ගනී.

05.Postprandial Blood Sugar Test
මෙය ආහාර ගෙන පැය දෙකකට පසුව සිදු කරන පරික්ෂණයකි. මෙමඟින් රුධිරයේ සීනි පාලනය හඳුනාගත හැක.

17/11/2025
17/11/2025

රෝගියා සැලකිලිමත් විය යුතු ආකාරය
=======================

• මෙම රෝගය වැළඳීමට පළමුව රෝග පාලනය කිරීම ඉතා වැදගත් වේ. එය ආයුර්වේදයේදී “රෝගීවීමට පෙර නිරෝගී පුද්ගලයා නිරෝගී බව ආරක්ෂා කළ යුතුවේ...” යනුවෙන් සඳහන් කර ඇත.

• නිවැරදි ඉරියව්වෙන් එදිනෙදා වැඩකටයුතු කිරීම ඉතා වැදගත් වේ. බර ඉසිලීම, ඇවිදීම, අසුනක වාඩිවී සිටීම, නිදා ගැනීම වැනි ඉරියව්වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

• විවේකය ඉතා වැදගත් වේ. විශේෂයෙන් එක දිගට එකම ඉරියව්වෙන් වැඩක නිරත වීම තුළින් මේ තත්ත්වය ඇතිවිය හැක.

• ශරීරයේ බර පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. අධි ස්ථුලතාවය ඇති බොහෝ දෙනෙකු තුළ මෙම රෝග තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකිවේ.

• සමබර ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් වේ.

• බර පාලනය කර ගැනීම සඳහාද ව්‍යායාම් කිරීම සුදුසු වේ. මේ සඳහා ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම් කිරීම ඉතා වැදගත් වේ.

🔴කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාර
======================

• මේ රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

• මේ සඳහා හිතුමතේට අත්බෙහෙත් කිරීම සුදුසු නැත. වෙනත් කෙනෙකු වෙනුවෙන් වෛද්‍යවරයකු ලබාදුන් ඖෂධ හෝ ප්‍රතිකාර හිතුමතේට වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතයද කිසිසේත්ම සුදුසු නොවේ.

• රෝගියාගෙන් රෝගියාට රෝග ලක්ෂණ මෙන්ම රෝගය පැතිර යාමේ ක්‍රමවේදයද වෙනස් වේ.

• ඇතැම් රෝගීන්ට මෙම රෝගය සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොකොට දින දෙක තුනකින් සුව විය හැක. එය රෝගයට ඇතිවන හේතුව අනුව තීරණය වේ. නමුත් බොහෝවිට මෙම රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍යම වේ.

• ප්‍රතිකාර මෙන්ම ව්‍යායාමද ඉතා යෝග්‍ය වේ. මේ සඳහා විශේෂිත වූ ව්‍යායාම් ඇති අතර ඇතැම් ව්‍යායාම් මෙම රෝගියා සඳහා යෝග්‍ය නොවේ. එය පිළිගත් වෛද්‍යවරයකුගේ අනුදැනුම සහ උපදෙස් අනුව කළ යුතුවේ.

• ආයුර්වේදයෙහි මේ සඳහා ප්‍රතිකාර පද්ධතියන් ක්‍රියාත්මක කෙරේ. රෝගියාගේ දෝෂ අනුව ඒ ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ. බාහිරව සහ අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම අනුව මේ සඳහා ප්‍රතිකාර කෙරේ.

• මේ සඳහා යෝග ව්‍යායාමද ඉතා යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වේ. මේ සඳහාම විශේෂිත වූ යෝග ව්‍යායාම් ඇත.

• හිතුමතේට මේ සඳහා ආයුර්වේද තෙල් ආලේප නොකළ යුතුය. ඇතැම් තෙල්වර්ග සෑම වේදනාවකටම ගුණදායක නොවේ. මේ නිසා හිතුමතේට තෙල් නොගෑ යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එක් එක් රෝගය අනුව තෙල් වර්ගයද වෙනස් වේ. තෙල් වර්ගවල ගුණ එකිනෙකට වෙනස් වේ. මේ නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසෙන්න.

කටී ප්‍රදේශයේ සිට දෙපා ඔස්සේ ගමන් කරනු ලබන මෙම වේදනාවේ ගැටලු ස්ථානය වන්නේ තුනටිය ආශ්‍රිත කටී ප්‍රදේශයේයි. මේ සඳහා වැඩිපුරම අවධානය යොමුකළ යුත්තේ ඒ ආශ්‍රිතවයටයි. මීට අමතරව සී.ටී. ස්කෑන් වැනි ස්කෑන් ක්‍රම මගින්ද මෙම රෝගී තත්ත්වය වෛද්‍යවරයාට හඳුනාගත හැක. ඔබත් මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳියි නම් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

මෙම රෝගී තත්වයෙන් ඔබ පීඩා විදීනම් මේ රෝගය සම්භන්ධයෙන් ලිපි පෙළක් මා විසින් පලකොට තිබෙනවා. පේජයට ගොස් එවා නරඹන්න..

තව දුරටත් ගැටලු ඇතිනම් විමසන්න..0762462663

ලිපිය සකස් කලේ ආයුර්වේද වෛද්‍ය චමිලා කුමාරි කලුතන්ත්‍රි .

ආරෝගා මෙඩිකල් සෙන්ටර් ,
යගම්වෙල, දුම්මලසූරිය .
0765603231

"The biggest adventure you can ever take is to live the life of your dreams."
16/11/2025

"The biggest adventure you can ever take is to live the life of your dreams."

15/11/2025

අත් හිරිවැටීමේ රෝග තත්වයෙන් මිදීමට
-------------------------------------------------------
අතෙහි හිරිවැටීම වර්තමානයේ බහුලව අසන්නට ලැබෙන රෝග තත්ත්වයකි. වෙනත් රෝග අවස්‌ථාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ද අතෙහි සහ ඇඟිලිවල හිරිවැටීම පිළිබඳ පැමිණිලි කරන අවස්‌ථා නිරන්තරයෙන් හමු වේ. මෙවැනි තත්ත්වයන් ඇති වීමට බොහෝ හේතු සාධකවල බලපෑම් ඇති විය හැක. මෙය Carpal Tunnel Syndrome ලෙස බටහිර වෛද්‍ය ක්‍රමය තුල හදුන්වයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ගණයේ ලා සැලකෙන රෝග තත්ත්යවකි. මැණික්‌ කටු සන්ධියේ යම් ව්‍යූහයක්‌ තුළින් ගමන් ගන්නා ස්‌නායුවක්‌ (Median nerve) පීඩාවට පත් වීම හේතුවෙන් රෝග ලක්‍ෂණ හට ගන්නා අතර මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්‌වභාවයද බලපෑ හැකි බව සොයා ගෙන ඇත.

මැණික්‌ කටු සන්ධිය ආශ්‍රිතව ඇති යම්කිසි කුහරමය ව්‍යූහයක්‌ (Carpal Tunnel) හරහා ඇඟිලිවලට විශේෂයෙන් මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි කොටසකටත් ස්‌නායු ආවේග සපයන ස්‌නායුව (Median nerve) ගමන් ගනී. මෙය අස්‌ථි හා අස්‌ථි බන්ධනී (Ligaments) වලින් මායිම් වී ඇති අතර මෙම කුහරය හරහා පේශී ඛණ්‌ඩරා (Muscles Tendons) හා ස්‌නායුව (Median nerve) ගමන් කරයි. මෙම කුහරමය ව්‍යූහය ඇතුළත පීඩනය යම් හේතුවක්‌ නිසා උදාහරණයක්‌ ලෙස ද්‍රව එක්‌ රැස්‌වීමක්‌ නිසා හෝ වැඩිවීම හේතුවෙන් ස්‌නායුව තෙරපීමට ලක්‌ වෙයි.එවිට රෝග ලක්‍ෂණ ඇති වීමට පටන් ගනී.

👉රෝග ලක්‍ෂණ
================

මෙය එක්‌වරම හට ගන්නා රෝග තත්ත්වයක්‌ නොව රෝග ලක්‍ෂණ ක්‍රමයෙන් ඇති වෙමින් එදිනෙදා කටයුතුවලට බාධා වන අයුරින් උග්‍ර විය හැකි තත්ත්වයකි. අතෙහි මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි එක්‌ පාර්ශ්වයක වරින් වර ඇතිවන නලියන මෙන් දැනෙන ස්‌වභාවය. (Tingling Sensatian) දාහය හා හිරිය සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වයේදී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණයකි.

රාත්‍රි නින්දට බාධා වන අයුරින් අතෙහි ඇතිවන වේදනාවත් අත පහළට එල්ලා වැටෙන අයුරින් තබාගෙන සිටීමෙන් එම අපහසුතාව මඟ හැරීයැමත් විශේෂයෙන් මෙවැනි රෝගීන්ගෙන් අසන්නට ලැබෙන පැමිණිල්ලකි. මීට අමතරව යමක්‌ අතින් තදින් ග්‍රහණය කිරීමට අසමත් බව හා එසේ කිරීමේදී අපහසුතාව.

වේදනාව හා ඇතැම් විට අතෙහි අප්‍රාණික ස්‌වභාවයක්‌ දැනීම ද සිදු විය හැක.

විශේෂයෙන් කාන්තාවන් හා මැදිවියේ පුද්ගලයන්ට මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමේ වැඩි ප්‍රවණතාවක්‌ පවතී.

👉 අත හිරිවැටීමට බලපාන හේතු
========================

විවිධ හේතු මේ සඳහා බලපායි.

1) තයිරොක්‌සින් හෝමෝනයේ විෂමතාවක්‌ පැවතීම (Hypothyrodism)

2) දියවැඩියාව වැනි කාලීන රෝග තත්ත්වයක්‌ පැවතීම.

3) අති ස්‌ථුලතාවය නිසා ස්‌නායු ගමන් මාර්ගය අවට පටකවල මේද තැන්පත් වීමෙන් ස්‌නායුව මත තෙරපීමක්‌ ඇති වීම.

4) මැණික්‌ කටුව සන්ධියට සිදු වූ අනතුරකින් අස්‌ථි බිඳීමකදී (Trauma) ස්‌නායුවට හානි සිදුවීම.

5)එසේම ස්‌නායු ගමන් මාර්ගයට පිටතින් මාංශවල වර්ධනයක්‌ හෝ මේද තැන්පත් වීමක්‌ (Lipoma) නිසා ද කුහරමය ව්‍යුහය තුළ පීඩනය වැඩි වීම නිසාද මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැක.

විශේෂයෙන් ගර්භණී අවස්‌ථාවේදී ස්‌නායු ගමන් මාර්ගය අවට ද්‍රව එක්‌ රැස්‌වීමක්‌ සිදු විය හැකි බැවින් ස්‌නායුව පීඩාවට පත් වීමෙන් ඉහත රෝග ලක්‍ෂණ මතු වීම සාමාන්‍ය අවස්‌ථාවකි. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ විට එම තත්ත්වය මගහැරී යයි.

බොහෝ විට යම් පුද්ගලයෙකුගේ වෘත්තිය හා රෝග ලක්‍ෂණ ඇතිවීම අතර සම්බන්ධතාවක්‌ පවතින අවස්‌ථා හමුවේ. උදාහරණ ලෙස ලියන්නන්, යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, විශේෂයෙන් කම්පනය වන උපකරණ (Vibrating Tools) සමඟ නිතර කාර්යයන්හි නිරත වන්නන් මෙවැනි අවස්‌ථාවන්ට බහුලව ගොදුරු වෙයි.

👉කාන්තාවන්ට බලපෑම
======================

එසේම ගෘහණියන් දිනපතා නිතර යෙදෙන කාර්යයන් වන පොල්මිරිකීම, අතින් රෙදි සේදීම වැනි කාර්යයන් මැණික්‌කටු සන්ධියේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වන අතර වැඩි පීඩනයක්‌ යෙදෙන අවස්‌ථා ලෙස දැක්‌විය හැකියි.

මැණික්‌කටු සන්ධියෙන් අත නැවීමේදී හා දිගහැරීමේදී ස්‌නායුව ගමන් ගන්නා අවකාශයේ පීඩන වෙනස්‌ වීමක්‌ සිදු වෙයි. මෙම පීඩන වෙනස්‌ වීම නිතර නිතර සිදුවන ලෙස යම් ක්‍රියාකාරකමක නිරත වන්නේ නම් ස්‌නායුව මත පීඩනයක්‌ යෙදෙයි. එබැවින් එවැනි ක්‍රියාකාරකම් අවම වන සේ වැඩ කටයුතුවල යෙදීම, බලපෑම අවම වන සේ උපකරණ භාවිත කිරීම එහිදී අවම වශයෙන් එවැනි රැකියාවන්වල යෙදෙන්නන් පැයකට වරක්‌ හෝ විවේක ගැනීම, මැණික්‌ කටු සන්ධිය හා ඇඟිලිවලට සුදුසු ව්‍යායාම කිරීම, සම්බාහනය කිරීම මඟින් මෙවැනි ගැටලු ඇති වීම වළක්‌වා ගත හැක. එසේම සෑම විටම නිවැරදි ඉරියව්වල අත තබා ගැනීමද වැදගත් වෙයි. මෙසේ පෙර සූදානම මගින් එදිනෙදා වැඩ කටයුතුවලින් මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමට ඇති අවදානම වළක්‌වා ගත හැකි වනවා සේම පවතින රෝග තත්ත්වය පාලනය කර ගැනීමටද උපකාරී වෙයි.

👉ප්‍රතිකාර කිරීම
=================

මෙහිදී පෙන්නුම් කරන විශේෂිත රෝග ලක්‍ෂණ හා විශේෂ රෝග පරීක්‍ෂා ක්‍රම මගින් පහසුවෙන් රෝග නිර්ණයකට පැමිණිය හැකිය.

නවීන විද්‍යානුකූලව වේදනා නාශක, එන්නත් (Steroids ingectios) ලබා දීම මෙහිදී සිදු කරන අතර සරල, ශල්‍යකර්මයක්‌ මගින් ස්‌නායුව මත ඇති වන පීඩනය අවම කිරීමක්‌ සිදු කරයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි මෙවැනි තත්ත්වයන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම භාවිත වෙයි. එමගින් ශල්‍යකර්මයකට නොගොස්‌ මෙම තත්ත්වය සුව කර ගැනීමේ අවස්‌ථාව ඇත. මෙහිදී ප්‍රධානම වාත රෝග චිකිත්සාවට අනුව ප්‍රතිකාර සිදු කරනු ලබන අතර රෝග හේතුවට අනුව ප්‍රතිකාර පද්ධතිය තීරණය කරයි.

අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාරවලට අමතරව බාහිරින් ඖෂධීය තෛල අභ්‍යංගය යෙදීම අත්‍යවශ්‍යය. ඖෂධීය පොට්ටනි වලින් තැවීම ,පැලැස්‌තර යෙදීම, ධූපන ප්‍රතිකාර , ආලේප ආදී සරල ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

මැණික්‌ කටු සන්ධිය සඳහා වූ ආධාරක (Wrist braces) පැළඳීමෙන් අතෙහි චලන සීමා කිරීමත් සමගින් ස්‌නායුව මත ඇතිවන පීඩනය පාලනයක්‌ මගින් රෝගියාට ඇතිවන අපහසුතාව මඟහරවා ගත හැකියි.

ප්‍රතිකාරවලට යොමු නොවී දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයක්‌ පාලනය නොකර සිටීමෙන් ස්‌නායුවට හානි සිදු වීමෙන් මාංශිපේශි ක්‍ෂය වීම හා දුර්වල වීම සිදුවිය හැකි බැවින්, රෝග ලක්‍ෂණ ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස්‌ අවශ්‍ය උපදෙස්‌ හා ප්‍රතිකාර ලබා ගත යුතුයි.....................................................

ලිපිය සකස් කලේ
ආයුර්වේද වෛද්‍ය චමිලා කුමාරි කලුතන්ත්‍රි, ආරෝගා මෙඩිකල් සෙන්ටර්,
යගම්වෙල,දුම්මලසූරිය.
0765603231..................................................

13/11/2025

අතේ ඇගිලි වල හිරිය සහ වේදනාව බොහෝ දෙනෙකුට පීඩා දෙන රෝගී තත්වයක්.

කාන්තාවන් අතර බහුලව මෙම රෝග තත්වය දක්නට ඇති අතර මැදි වයස් සහ වයස් ගත පිරිස් අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම රෝගී තත්වය දැකිය හැකියි. පොල් මිරිකීම අපහසු වීම, තදින් යමක් ඇල්ලීම අපහසු වීම, නිදාගෙන සිටීමේදී අත හිරිවැටිම, රිය පැදවීම අපහසු වීම මෙම රෝග තත්වය තිබෙන අයට ඇතිවන පොදු ගැටලු වේ.

රෝගී තත්වයට හේතු වන කාරණා කිපයක් මම මෙහි සඳහන් කරන්නම්..

මේ සදහා රෝගාබාධ ගනනාවක් හේතුවේ. ඒ පිළිබඳව හේතු පහතින් දැක්වේ.

කාපල් ටනල් සින්ඩ්රෝම්(මහපට ඇඟිල්ල,දබර ඇඟිල්ල,මැදගිල්ල, වෙදගිල්ලේ අර්ධයක් වේදනාව හෝ හිරිය) හෝ කියුබිටල් ටනල් සින්ඩ්රෝම් තත්වයක් තිබීම( සුලගිල්ල, වෙදගිල්ලේ අර්ධය හිරිය වේදනාව)

ඇගිල්ල ලොක්වීම,ට්රිගර් ෆින්ගර් තත්වයක් පැවතීම

මැනික්කටුවේ වේදනාව

ඔස්ටියෝ හෝ රුමටොයිඩ් ආතරයිටිස් තත්වයක් පැවතීම

මැණික්කටුව ඉදිමීම.

හෝමෝන අසමතුලිත තාවය සහ දියවැඩියාව

වැනි කාරණා අතේ අල්ල සමග වේදනා හිරි ඇති වීමට හේතු වෙනවා

ඉහත සඳහන් කල හේතු කාරණා වලට වෙන වෙනම ලිපි මා විසින් ෆේස් බුක් පේජය තුල පලකර තිබෙනවා..ඒවා අවශ්‍ය අය කියවා තවදුරටත් දැනුම ලබාගත හැකියි

නිවැරැදි ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුලින් සැත්කමකින් තොරව මෙම රෝගී තත්වය සුව කර ගන්න ඔබට පුලුවන්....

ඔබට යම්කිසි ගැටලුවක් ඇතිනම් දුරකතන ඇමතුමක් මගින් වැඩිදුර විස්තර ලබා ගන්න පුලුවන්.

1.Carpal tunnel syndrome
2.cubital tunnel syndrome
3.Trigger finger
4.Dequervains disease
5.Dupuytrens contractors
6.Osteoarthritis
7.Rheumatoid arthritis
8.Psoriatic arthritis of hand
9.Acessory finger
10.Ganglion cyst
11.Extensor tenosynovitis
12.Tendinitis

Address

Yagamwela
Dummalasuriya

Opening Hours

Wednesday 08:00 - 16:00
Sunday 09:00 - 20:00

Telephone

+94765603231

Alerts

Be the first to know and let us send you an email when Dr.Chamila Kumari Kaluthanthri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Chamila Kumari Kaluthanthri:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category