24/09/2025
ඕවිට කියන්නේ Organic Shop එකක් විතරක් නෙමෙයි 😀
තනිකරම sustainability මත පදනම් වුන සමස්ථ supply chain එකක්. තේරුනේ නෑ නේද? ඉන්න මම පැහැදිලි කරන්නම්! 😇
සාමාන්‍යයෙන් shop එකක් කියන්නේ supplier කෙනෙක්ගෙන් හරි manufacturer කෙනෙක්ගෙන් හරි products අරගෙන ඒවා customersලට අලෙවිකරන physical location එකක්. ඒක e-commerce එකක් වෙන්නත් පුළුවන්. එතකොට මෙතනදී තනි පාර්ශවයක් නෙමෙයි අදාල product එකට වග කියන්නේ. විවිධ පාර්ශව ඉන්නවා.
හැබැයි ඕවිට කියන්නේ එහෙම තැනක් නෙමෙයි. අපේ supply chain එක කොටස් තුනකින් සමන්විතයි. Agriculture Arm එක, Retail Arm එක සහ අමතර වශයෙන් අපිට තියනවා Circular Business Arm එකක්(මේකේදී තමයි value-addition කරලා අළුත් products හදන්නේ). එතකොට කොහොමද මේක වැඩ කරන්නේ 👇
Product එක හැදෙන තැන ඉඳලා ඒක customerගේ ගෙදරට යනකම් සියළුම දේවල් කරන්නේ අපි, ඉතින් අපි දන්නවා මුල ඉඳලා අගටම වෙනකම් මොනවද වෙන්නේ කියලා. මේක sustainable model එකක්. මොකද අපේ ව්‍යාපාරය ඇතුලේ අපි පස regenerate කරනවා, ගොවියන්ට හොඳ ආදායමක් ලබාදෙනවා, මහපොලොවේ සතා සිව්පාවට ඉන්න පුළුවන් පරිසරයක් හදනවා, මිනිස්සුන්ව සුවපත් කරන්න හොඳ ආහාර දෙනවා, ආයතනය ඇතුලේ වැඩ කරන employeesලට හොඳ purpose එකකට වැඩ කරන්න අවස්ථාව හදලා තියනවා, මේ වගේ සෑහෙන්න දේවල් තියනවා. පසුවට ඒ දෙවල් කතා කරමු 😇 අපිට කියන්න ඕනි වුනේ පුළුවන් තරම් ලෝකෙට, සතා සිව්පාවට, පරිසරයට යහපතක් වෙන ව්‍යාපාර හදන්න. ඔවුන් රැකුනොත් මේ ලෝකෙත් පවතීවි! 🍃