Divisional Hospital Kiriporuwa

Divisional Hospital Kiriporuwa Primary health care provider

27/03/2025
04/01/2025 දින  ධනාගල වතුයායේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගැබිනි මව්වරුන් සදහා ළදරු උපකරණ ලබාදීමේ වැඩසටහන
06/01/2025

04/01/2025 දින ධනාගල වතුයායේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගැබිනි මව්වරුන් සදහා ළදරු උපකරණ ලබාදීමේ වැඩසටහන

❤️Happy new year 2025❤️
01/01/2025

❤️Happy new year 2025❤️

24/12/2024

2024/12/29 වන දින රාත්‍රී 7 සිට සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ.


සැදැහැවත් ඔබ සැමට ආරාධනා....!!!

ප්‍රාදේශීය රෝහල - කිරිපෝරුව
(ආයතන භාර වෛද්‍ය නිලධාරී- කිරිපෝරුව)

කිරිපෝරුව ප්‍රාදේශීය රෝහලේ මාතෘ හා ළමා සායනයට අවශ්‍ය නව ගොඩනැගිල්ල විවෘත කිරීම..මේ සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය දනාගල ව...
04/11/2024

කිරිපෝරුව ප්‍රාදේශීය රෝහලේ මාතෘ හා ළමා සායනයට අවශ්‍ය නව ගොඩනැගිල්ල විවෘත කිරීම..මේ සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය දනාගල වතුයායේ අධිපති ආනන්ද මහතා ඇතුලු පවුලේ හිත මිත්‍රාදීන් විසින් දැරූ අතර..විවෘත කිරීමේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ තුමා සහභාගිවිය..!

NCD screening programme  - Danagala Estate
05/09/2024

NCD screening programme - Danagala Estate

ප්‍රථමාධාර පුහුණු වැඩසටහන - කිරිපෝරුව පාසල
22/08/2024

ප්‍රථමාධාර පුහුණු වැඩසටහන - කිරිපෝරුව පාසල

Ncd screening programme - වෑවිල වත්ත
16/08/2024

Ncd screening programme - වෑවිල වත්ත

24/04/2023
07/09/2022

අප දැන් සිටින්නේ පුරන් වූ කුඹුරු සහ වගා භූමි යළි අස්වැද්දීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාව තුළ ඉතා දැඩි උනන්දුවක් පවතින අවස්ථාවකයි. මීට අමතරව පහුගිය සති කිහිපය පුරාවටම ලැබුණු අධික වර්ෂාව සහ විටින් විට ඇති වුන ජල ගැලීම් ද හේතුකොටගෙන ජල මූලාශ්‍රවලට සහ ජලය එකතු වූ ස්ථානවලට මිනිසුන් නිරාවරණය වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස ජලය එක්රැස් වන ස්ථාන මීයන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර වී ඒ හරහා සම්ප්‍රේෂණය වන ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) නැමැති ආසාදන තත්ත්වය ඇති කරන බැක්ටීරියාව ඉතා ඉක්මනින් පැතිර යෑමට ආරම්භ වී ඇත. මේ අවස්ථාව වනවිට රෝහල්වලට වාර්තාවන මී උණ සහිත රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.

මෙවැනි පසුබිමක් යටතේ, මේ රෝගය සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සහ ඉන් වැළකී සිටීමට අප කළ යුත්තේ කුමක්ද පිළිබඳව විමසා බැලීම ඉතාමත් කාලෝචිත වනු ඇත.

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis' රෝගය මීයන්,ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි. මෙම රෝගයම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි.

ඉහතින් සඳහන් කළ ජලය රැඳෙන ස්ථානවලට එකතු වන මෙම බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශ්ලේෂ්මල පටල ( ඇස්, මුඛය, ලිංගාශ්‍රිත ප්‍රදේශ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු විය හැකියි. මෙම ආසාදන තත්වය අක්මාව / වකුගඩු වැනි අභ්‍යන්තර අවයව වලට හානි සිදුකල හැකි අතර මෙනින්ජයිටීස් තත්වයන් වලට ද හේතු විය හැකියි.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී පහත සඳහන් රෝග ලක්ෂණ මතුවිය හැකියි.

♦ උණ
♦ මස් පිඩු වේදනාව
♦ ඇස් රතු වීම
♦ හිසරදය
♦ මුත්‍රා කහ පැහැ වීම
♦ මුත්‍රා යාම අඩු වීම
♦ වමනය
♦ සිරුරේ අප්‍රාණිකත්වය

මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.

මී උණ මාරාන්තිකද?

නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.

මී උණෙන් වැලකී සිටීමට නම්..

♦ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කාණු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්ට මෙන්ම ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැන්වත් වී සිටිය යුතු වේ.

♦ මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

♦ තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.

♦ කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.

♦ මී උණ වළකන ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.

♦ ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදී ද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.

♦ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් / ඇඟ සේදීමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් .

මේ සෞඛ්‍ය අවදානම ගැන දැනුවත් වූ ඔබ, ඔබගේ හිතවතුන් අතරත් මේ දැනුම බෙදා හදාගෙන, හැකි උපරිමයෙන් මී උණ තත්වය වළක්වා ගැනීමට උත්සුක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ම මේ අර්බුදකාරී වාතාවරණය අතරතුර මෙවන් සෞඛ්‍ය ගැටලු හැකිතාක් වළක්වා ගැනීමේ වැදගත්කම මෙන්ම සංකූලතාවයන් ඇති නොවන පරිදි ප්‍රතිකාර වලට කඩිනමින් යොමු වීමේ අවශ්‍යතාවයත් අප නැවතත් අවධාරණය කරනවා.

07/09/2022

ඉර එළිය නොඅඩුව ලැබෙන රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌණතාවය?

සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙනගෙන තිබෙන විද්‍යාත්මක කරුණක්. එහෙත්, වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම්විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා.

එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් (Vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ (Vitamin D Insuficiency). දකුණු පලාතේ කාන්තාවන් අතර සිදුකල සමීක්ෂණයකිනුත් මෙයට සමාන ප්‍රතිඵල ලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැති බව බව තහවුරු වී තිබෙනවා. වයස 10 -18 අතර පාසැල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ.

අපව ආසාදන වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරී වන, ශ්වසන රෝග වළක්වාලන, ශක්තිමත් අස්ථි සඳහා අත්‍යාවශ්‍ය, මාංශ පේශි වල මෙන්ම මොළයේ ක්‍රියකාරීත්වයට වැදගත්වන, කෙටියෙන් කිවහොත් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජිවිතයකට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුලු කොට තැකිය හැකි තත්වයක් වන්නෙ නැහැ. හිරු එළියෙන් නැහැවෙන එළිමහනේ සක්‍රීය ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගතකල ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් නිවාස /ගොඩනැගිලි අභ්‍යන්තරයේ රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.

සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) වල මෙන්ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ග වල විටමින් D අඩංගු වෙන නමුත් දෛනික අවශ්‍යතාවයට සරිලන තරම් ප්‍රමාණයක් අප අතරින් බොහෝ දෙනකුට එදිනෙදා ආහාර රටාව තුලින් ලැබෙන්නේ නැහැ. එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගන්නා අතරේම අප මුලින් සඳහන් කල පරිදි හිරු එළිය ට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්‍ය විටමින් D ප්‍රමාණය සිරුර තුලම නිපදවා ගැනීම කල හැකි ආකාරය ගැන දැනුවත් වීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීම වැදගත්. පවත්නා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණය තුල මෙය කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් ද වනු ඇති බව නොඅනුමානයි.

ඒ සඳහා ඔබ, එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වෙනවා. ශරීරයට අවශ්‍ය සම්පූර්ණ විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.

මේ හිරු එළියට නිරාවරණයවන කාලය අතරතුර ව්‍යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමති කටයුත්තක යෙදෙන්නත් හැකියාව තිබෙනවා.

යම් සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මේ ක්‍රමය ඔබට සුදුසු වන්නේ නෑ​​. ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත් වනවා. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වේ නම් එය වහාම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.

අභියෝග හමුවේ තවත් සවිමත් වෙමින් නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් බවට පත්වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිතා කරන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Address

Erepola
Eheliyagoda
70602

Telephone

+94362258870

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Kiriporuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Kiriporuwa:

Share

Category