Smart Mind Counseling Service

Smart Mind Counseling Service මෙම ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වීමෙන් ඔබට ඔබගේ ඕනෑම ආකාරයක ගැටළු සඳහා උපදේශන සේවාවන් ලබා ගත හැකිය.
(1)

ඔබත් කිසියම් මානසික පීඩාවක් නිසා විඳවමින් කල් ගෙවනවාද ?විවිධ වූ මානසික ගැටළු වලින් පීඩා විදිමින් සිටින ඔබට සහනයක් වන්නට ...
24/03/2026

ඔබත් කිසියම් මානසික පීඩාවක් නිසා විඳවමින් කල් ගෙවනවාද ?

විවිධ වූ මානසික ගැටළු වලින් පීඩා විදිමින් සිටින ඔබට සහනයක් වන්නට අප සූදානම්. ✊

අපගේ පලපුරුදු මනෝ උපදේශකවරුන් මුණ ගැසීම තුලින් ඔබට, ඔබේ දරුවාට හෝ ඔබේ සමීපතමයාට ඇති මානසික පීඩාවට විදිමත් හා ක්‍රමානුකූල විසඳුම් ලබා ගැනීමට ඔබට හැකිය.

ඔබේ මානසික පීඩාවට සමුදීම අදම අරඹන්න.

+94721596740

ලැබුවා වූ නව වසර ලෝකවාසී සැමටම  කායික මානසික අධ්‍යාත්මික සුවයෙන් සපිරි සතුට ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා ✨❤️‍🩹Smart Min...
31/12/2025

ලැබුවා වූ නව වසර ලෝකවාසී සැමටම කායික මානසික අධ්‍යාත්මික සුවයෙන් සපිරි සතුට ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා ✨❤️‍🩹

Smart Mind Counseling Service

අකුරු මිතුරු ✨️ඔටිසම්...ADHD⁣ඉගෙනුම් අක්‍රමතා..මේ වගේ තත්ව අද වෙනකොට අපේ පුංචි දුවලා පුතාලා අතර ඉතාමත් සුලභව දැක ගන්න පු...
30/12/2025

අකුරු මිතුරු ✨️

ඔටිසම්...
ADHD
⁣ඉගෙනුම් අක්‍රමතා..

මේ වගේ තත්ව අද වෙනකොට අපේ පුංචි දුවලා පුතාලා අතර ඉතාමත් සුලභව දැක ගන්න පුළුවන්..

නමුත් මෙවැනි ගැටළු කෙරෙහි තියෙන අනවබෝධය හෝ වැරදි මතවාද නිසා ඔබේ දරුවාගේ අනාගතයම අත්හැර දැමීම හෝ වැරදි මඟක ගෙන යාම සිදු කල යුතු නැහැ..

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත වඩා යහපත් එකක් කරන්න ඔබට සහය වෙන්න අපි සූදානම්...

ඔටිසම් තත්ව, ADHD හෝ ඕනෑම ඉගෙනුම් අක්‍රමතාවයකින් පෙලෙන ඔබේ ආදරණීය පුංචි මල් කැකුළ රැක ගන්න Smart Mind Counseling Service අපගේ විශේෂඥ උපදේශක මඩුල්ලේ සහය ලබා ගැනීමට 2026 වර්ෂය සඳහා වේලාවන් වෙන් කරවා ගන්න දැන් ඔබටත් පුළුවන්..

අමතන්න..
Smart Mind Counseling Service
0721596740

18/11/2025
" අලුත් ඉරක්  ලස්සන හෙටක්" තේමාව යටතේ ශ්‍රී ලංකාවේ මුල්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානය වන මග්ගොන ශාන්ත වින්සන්ට් ළමා සංවර්ධන ම...
08/09/2025

" අලුත් ඉරක් ලස්සන හෙටක්"

තේමාව යටතේ ශ්‍රී ලංකාවේ මුල්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානය වන මග්ගොන ශාන්ත වින්සන්ට් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී 2025.09.07 වන දිනය පුරා ක්‍රියාකාරකම් රාශියක් සමඟින් අති සාර්ථක අයුරින් සිදු කරනු ලැබූ මනෝ විද්‍යාත්මක සවිබල ගැන්වීමේ වැඩසටහන..

ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා නිලන්ති පතිරණ මහත්මියගේ මැදහත්කරණයෙන් වැඩසටහන සංවිධානය තිබූ අතර

Smart Mind Counselling Service උපදේශන මඩුල්ල නියෝජනය කරමින් ,
යොහාන් විමුක්ති මහතා
සංඛ වික්‍රමසිංහ මහතා
දිල්කි කරුණාරත්න මෙනවිය සහ
ප්‍රොෆිෂන් මයින්ඩ් උසස් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධාන උපදේශිකා
අප්සරා ලෝරන්ස් මෙනවියගේ දායකත්වයෙන් නඳුනි අප්සරා, ලක්ෂානි සිල්වා සහ කසුනි රුවන් කුමාරි යන පුහුණුවන ගුරුතුමියන්ලාගේ සහයෝගයෙන් වැඩසටහන පවත්වන ලදී.

27/05/2025

මතකද Taare Zameen Par චිත්‍රපටියෙ ඉෂාන් ව....

අනිත් අයට වඩා වෙනස් විදිහට හිතන...
හරිම හිමින් හිතලා තීරණ ගන්න..
එදිනෙදා ජීවිතයෙ තමන්ගෙ වැඩ ටිකවත් පිලිවෙලට කර ගන්න බැරි....
හරිම අපිලිවෙල...
හැම වෙලාවෙම දුකින් ඉන්න...
සමාජ ආශ්‍රය අඩු....
ලියන අකුරු පවා වැරදියට ලියන...

ලස්සන හිනාවක් තියෙන පුංචි පිරිමි ලමයව... 🧒

ඔයාගෙ ගෙදරත් මේ වගේ ලක්ෂණ තියෙන , ඉගෙනුම් මට්ටම ගැන නිතරම පාසලෙන් පැමිණිලි එන ඔටිසම් , ADHD හෝ ඉෂාන්ට තිබ්බා වගේ ඩිස්ලෙක්ෂියා වගේ ඉගෙනුම් ආබාධයක ලක්ෂණ පෙන්වන පුංචි පොඩිත්තො ඉන්නවා නම් අද හරියයි හෙට හරියයි කියලා බලාගෙන ඉන්න එපා...

ඔයා හිතන්නෙවත් නැති තරමෙ තාමත් අඳුර ගන්න බැරි වුණ දක්ෂයෙක් ඔයාගෙ දුවගෙ පුතාගෙ ඇතුලෙ ඉන්නවා...
අපි ඒ සූදානම් ඒ දක්ෂයව හොයාගන්න ඔබට උදව් කරන්න..

ඒ වගේම ඔබේ ආදරණීය දරුවා⁣ව පොදු සමාජය සමඟ සාමාන්‍ය පරිදි ගණුදෙනු කිරීමට හැකි අයුරින් නඟා සිටුවන්න සහය වන්නත් අපි සූදානම්...

වැඩි විස්තර සඳහා අමතන්න..

Smart Mind Counselling Service -Ja ela
0721596740 , 0768311389 , 0717798149

CityMed Clinic - Minuwangoda
0701939964

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන්, සතුටින්, සාමයෙන් සපිරි නීරෝගීමත් සුභම සුභ අලුත් අවු...
13/04/2025

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන්, සතුටින්, සාමයෙන් සපිරි නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️💐🥰

Smart Mind Counselling Service

මනෝවිද්‍යාත්මක වැඩමුළු මෙහෙයවීම පිළිබඳ පදනම් පාඨමාලාව • ඔබ මනෝවිද්‍යා විෂය සම්බන්ධව ඉතාමත් හොඳ හැදෑරීමක් තිබුණත් තවමත් ඒ...
28/03/2025

මනෝවිද්‍යාත්මක වැඩමුළු මෙහෙයවීම පිළිබඳ පදනම් පාඨමාලාව

• ඔබ මනෝවිද්‍යා විෂය සම්බන්ධව ඉතාමත් හොඳ හැදෑරීමක් තිබුණත් තවමත් ඒ හරහා පොදු සමාජීය යහපත වෙනුවෙන් කිසිවක් සිදු කිරීමට අවස්ථාවක් හිමි නොවූ හෝ අවස්ථාවක් එ⁣ලඹෙන තුරු බලා සිටින අයෙක් ද ?

• සුදුසුකම් සපුරා තිබුණත් වැඩසටහනක් මෙහෙයවීම හෝ උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම පිළිබඳව අවබෝධයක් නොමැති කෙනෙක්ද ?

එසේ නම් මේ ඔබ හැදෑරිය යුතුම පාඨමාලාවයි.
------------------------------------------------

මෙම පාඨමාලාව හැදෑරීම තුලින් ඔබට,

• උපදේශන ආචාර ධර්ම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.

• උපදේශන කුසලතා පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.

• ඔබ තුල ඇති කුසලතාවයන් හඳුනා ගැනීමට හැකි වීම සහ ඔප මට්ටම් කර ගැනීමට හැකි වීම.

• ප්‍රායෝගිකව වැඩසටහන් මෙහෙයවීමට අවස්ථාව ලැබීම.

• මනෝ උපදේශන ක්‍රියාවලිය තුල ඔබට අනන්‍යය සුවිශේෂි කුසලතාවයන් හඳුනා ගැනීමට හැකි වීම..

වැනි මනෝ විද්‍යාත්මක හා වෘත්තීමය වටිනාකම් රාශියක් පිළිබඳව ප්‍රායෝගිකව හැදෑරීමට අවස්ථාව හිමිවේ...
------------------------------------------------
වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම
2007 අංක 07 දරණ පනත යටතේ රජයේ ලියාපදිංචි ආයතනයක් වන Smart Mind Counselling Services (Pvt) Ltd ආයතනය මඟින් වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදු කරයි.
------------------------------------------------
පාඨමාලා කාලය
මාස හතරකි.
(සෙනසුරාදා සහ ඉරිදා දින වල දේශන පැවැත්වේ.)
------------------------------------------------
දේශන මාධ්‍යය
දේශන මාර්ගගතව හා ප්‍රායෝගිකව පැවැත්වෙන අතර ප්‍රායෝගික වැඩමුළු සඳහා අනිවාර්යෙන් සම්බන්ධ විය යුතුය.
------------------------------------------------
ආයෝජනය

රු.15000/=
-----------------------------------------------
සීමිත විද්‍යාර්ථයින් පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් ඔබත් මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රය තුලින් පොදු සමාජයට පිවිසීමට බලා සිටින අයෙක් නම් දැන්ම මෙම පාඨමාලාව හා සම්බන්ධ වන්න.

ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න.
0721596740
0720380564
071 7798149
0768311389

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත මහතාගේ හ...
19/03/2025

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත මහතාගේ හදිසි අභාවය පිළිබඳ සාතිශය සංවේගය පළ කර සිටිමු...!! 🙏
Smart mind counseling service

ලෝක මානසික සෞඛ්‍යය දිනය 2024සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 10 වනදා ලෝක මානසික සෞඛ්‍යය දිනය විවිධ වූ තේමාවන් මුල් කොට ගෙන සමරන...
09/10/2024

ලෝක මානසික සෞඛ්‍යය දිනය 2024

සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 10 වනදා ලෝක මානසික සෞඛ්‍යය දිනය විවිධ වූ තේමාවන් මුල් කොට ගෙන සමරනු ලබනවා..

මෙවර ලෝක මානසික සෞඛ්‍යය දිනයේ තේමාව වන්නේ "වැඩබිමේදී මානසික සෞඛ්‍යය පිළිබඳව ප්‍රමුඛතාවය දී සලකමු."
යන්නයි..

ඉතිං මෙවර යොදාගෙන තියෙන තේමාව වෙනදාට වඩා විශේෂයි කියලා හඳුන්වන්න පුළුවන්. ළමයින්, පීඩාවට පත් ජනතාව, කාන්තාව වැනි තේමාවන් වෙනුවට මෙවර යොදාගෙන තියෙන්නෙ සමස්ත ප්‍රජාවම නියෝජන වෙන එහෙමත් නැත්තම් ආයතන ප්‍රධානීන්ගේ ඉදන් සේවක පටිපාටියේ අවසනෙ පුරුක වෙනකල් නියෝජනය වෙන තේමාවක්...

ඉතිං මේ තේමාව ඉතාමත් කාලෝචිත සහ ගැලපෙනම තේමාවක් විදිහට හඳුන්වන්න පුළුවන් ..

මෙවර ⁣මානසික සෞඛ්‍යය දින සැමරුමේ තේමාව සංශිප්තයක් විදිහට ගත්තතොත් එයින් කියන්නෙ..

ඔබේ වම් පසින් , ඔබේ දකුණු පසින්, ඔබේ ඉදිරියෙන් සහ පිටුපසින් සිටින සහෝදර සේවකයාගේ මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න කියන එක..

ආයතනයක් තුල සිටින ⁣සියලුම සේවකයින් සතුටින් ඉන්න තෘප්තිමත් සේවකයින් වෙනවා කියන්නෙ. ඒ ආයතනය සාර්ථක ඵලදායීතාවය අතින් ඉහල ආයතනයක් බවට පත්වෙනවා කියන එක...

ඉතිං ආයතනයක සේවය කරන සේවකයින් එහෙම සතුටින් ඉද්දි නොදැනීම ඒ සතුට ඔවුන්ගෙ පවුල් වලටත් ගලාගෙන යනවා...

අවසාන ප්‍රතිඵලය ගත්තම වැඩබිමේදී යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් පිරිසක් නිර්මාණය වෙනවා කියන්නෙම ඔවු⁣න්ගේ පවුල් සහ ඔවුන් ගණුදෙනු කරන ප්‍රජාව යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් එකක් බවට පත්වෙනවා කියන එක...

ඉතිං එහෙම නම් ඔබ මේ වෙනකල් ඔබේ වැඩබිමේ ඔබ යටතේ ඉන්න සේවකයගෙ, ඔබේ සහෝදර සේවකයගෙ මානසික සෞඛ්‍යය ගැන හිතුවෙ නැත්තම් අද ඉදන් ඒ ගැනත් හිතලා කටයුතු කරන්න...

වැඩ කරන අපි හැමෝම එකතු වෙලා යහපත් වැඩ බිමක් නිර්මාණය කරමු....

යොහාන් විමුක්ති
Smart Mind Counseling Service

ඇයි මටම මෙහෙම වෙන්නෙ - 1 😪🙇"ඇයි මටම මෙහෙම වෙන්නෙ"මේ  අපිට නිතරම ඇහෙන වදන් පෙලක්...මේ වචන කිහිපය තුල සෑම විටම සිරව ඇත්තේ ...
07/08/2024

ඇයි මටම මෙහෙම වෙන්නෙ - 1 😪🙇

"ඇයි මටම මෙහෙම වෙන්නෙ"
මේ අපිට නිතරම ඇහෙන වදන් පෙලක්...

මේ වචන කිහිපය තුල සෑම විටම සිරව ඇත්තේ පුද්ගලයෙකුගෙ පරාජය වීමක් , දුක් ගැනවිල්ලක් හෝ නොසිතූ මොහොතක සිදු වූ බිඳ වැටීමක්...

"ඇයි මටම මෙහෙම වෙන්නෙ"

මේ වචන හතර විවිධ අවස්ථානුකූලව ආකාර රාශියකින් විග්‍රහ කරන්න පුළුවන්. ..

ඔබ යම් කාර්යයක් කිරීමට බොහෝ වාරයක් උත්සහ කරලත් ඔබට බලාපොරොත්තු වූ සාර්ථකත්වය ලඟා කර ගැනීමට නොහැකි වූ අවස්ථාව වලදී ඔබ පත් වෙන ඉච්ඡාභංගත්වයත් එක්ක බොහෝ විට මේ වචන ⁣ටික⁣ ඔබේ මුවින් පිට වෙනවා වන්නට පුළුවන්...

තවත් විටකදී ඔබ ඔබෙන්ම මේ වචන ටික ප්‍රශ්නයක් විදිහට අසනවා වන්නට පුළුවන්...

නමුත් මතක තියා ගන්න..

ඔබට කිසිවක් අහිමි වී නොමැති බව... 😊

මේ වචන ටික ඔබට ඇසෙන්නේ ඔබ කිහිප වරක්ම බොහොම මහන්සියෙන් සමත් වන්නට උත්සහ කල විභාගයක් අවසානයේ නම්

මතක තබා ගන්න...

• ඔබ ලියූ විභාගයේ නමවත් හරි හැටි නොදන්නා බොහෝ පිරිසක් සිටින බව.

• ඔබටත් වඩා වැඩි වාර ගණනක් ලියා අසමත් වූවන්ද සිටින බව.

• විභාගය සමත් වීමට තියා ඒ පිළිබඳව උත්සහයක්වත් නොදැරූ පිරිසක් සිටින බව.

⭐ වැදගත්ම කාරණය තමයි ඔබ අසමත් වූ පමණින් , අසාර්ථක පුද්ගලයෙකු නොවන බව..

ඉතිං...

"ඇයි මටම මෙහෙම වෙන්නෙ"

කියලා හිත හිත දුක් වෙවී ඉන්නෙ නැතුව ආයෙත් වතාවක් උත්සහ කරන්න. මේ වතාවෙදි ඔබට පුළුවන් වේවි අනිවාර්යයෙන්ම සමත් වෙන්න. ❤️😊

යොහාන් විමුක්ති
මනෝවිද්‍යා උපදේශක
Smart Mind Counseling Service
+94720380564
+94717798149
+94768311389

Address

No. 110, Orex City
Ekala
11390

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Mind Counseling Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share