Poly Clinic Private Hospital

Poly Clinic Private Hospital Poly Clinic Private Hospital is the best private hospital in the area providing quality health care for affordable prices for more than 30 years.

Our compassionate staff is committed to provide you an excellent service and advanced healthcare. Poly Clinic NTS School

ලෝක දියවැඩියා දිනය අදයි ...මොකක්ද මේ දියවැඩියාව කියන්නේ, කොහොමද අපි මේ රෝගය පාලනය කරගන්නේ  ...🥺🤕දියවැඩියාව යනු ,ඉන්සියුල...
14/11/2025

ලෝක දියවැඩියා දිනය අදයි ...

මොකක්ද මේ දියවැඩියාව කියන්නේ, කොහොමද අපි මේ රෝගය පාලනය කරගන්නේ ...🥺🤕

දියවැඩියාව යනු ,

ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ.

දියවැඩියාව වැළඳුන පසු යලි සුවකල නොහැක. නමුත් එම රෝග තත්ත්වය පාලනය කල හැක. දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ. එවා නම්, විශාල රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Macrovascular complications) සහ කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications) ය.

විශාල රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Macrovascular complications)

⛔කිරීට හදවත් රෝග (Coronary heart disease) හෙවත් හදවත් රෝග

⛔අත් පා වල ප්‍රධාන වශයෙන් ඇතිවන පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease)

⛔අංශභාගය

⛔කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications)

⛔ඇසේ දෘෂ්ටිවිතානයට හානි වීමෙන් පෙනීම දුර්වල වීම (Retinopathy)

⛔වකුගඩු රෝග (Nephropathy)

⛔ස්නායු දුර්වල වීම (Neuropathy)

ඔබට දියවැඩියාව වැළඳුන පසු, දියවැඩියාව හොඳින් පාලනය කලද, විශාල රුධිර වාහිනී වල වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා ඇතිවීමේ අවදානම සම්පූර්ණයෙන් නැතිකිරීමට අපහසුය. නමුත්, එමගින් කුඩා රුධිර වාහිනී වල වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා ඇතිවීමේ අවදානම නැතිවී යයි.

⛳දියවැඩියා රෝගයේ ප්‍රධාන වර්ග

දියවැඩියා රෝගය ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදනු ලැබේ.

පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus)

ශරීරය තුළ ඉන්සියුලින් හෝමෝනයේ දැඩි ඌණතාවයක් හටගැනීම නිසා පළමු වර්ගයේ දියවැඩියාව හටගනී. ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය කරන්නේ අග්න්‍යාශයේ ඇති ලැන්ගහැන්ස් ද්වීපිකා සෛල (Islets of Langerhans or Pancreatic islets) නම් වූ සෛල විශේෂයකිනි. මෙම සෛල සම්පූර්ණයෙන් හෝ විශාල වශයෙන් විනාශ වීම නිසා පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවේ. මෙම වර්ගයේ දියවැඩියා තත්ත්වය, අවුරුදු 40 ට අඩු අයට බහුලව වැළඳෙන වර්ගය වේ. මෙම රෝගය පාලනය කිරීම සඳහා දිනපතා ඉන්සියුලින් හෝමෝන නික්ෂේපන (Insulin injections) ලෙස විදීම, ආහාර පාලනය, සහ ජීවන රටාව වෙනස්කිරීම අවශ්‍ය වේ.

දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus)

අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය නොකිරීම හෝ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ශරීරය තුළ හටගැනීම දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතුවේ. මෙය වැඩිපුරම ඇතිවන්නේ වයස අවුරුදු 40 ට වැඩි අයටය. දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම සඳහා මුඛයෙන් ගන්නා ඖෂධ, ආහාර පාලනය, සහ ජීවන රටාව වෙනස්කිරීම අවශ්‍ය වේ. ඇතැම් රෝගීන් සඳහා ඉන්සියුලින් හෝමෝන නික්ෂේපන විදීම ද අවශ්‍ය වේ.

*******************************************

දියවැඩියාව යමෙකුට වැළඳුන පසු එය සුව කිරීමට හැකියාවක් තවම නැහැ. දියවැඩියා රෝගියෙකුට තම සෞඛ්‍යය හැකි පමණින් හොඳින් තබාගැනීමට කලහැකි එකම දෙය නම් රෝගය පාලනය කිරීම පමණයි. එමනිසා, දියවැඩියාව පාලනය කිරීමට නම්,

☢️ ඔබේ බර පාලනය කරගන්න

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) 18.5 සහ 24.9 අතර තබාගන්න. වඩාත්ම සුදුසු වන්නේ, එය 22 සහ 23 අතර තබාගැනීමයි. ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

☢️ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

අවම වශයෙන් සතියකට දවස් 5 ක් බැගින්, දවසකට විනාඩි 30-45 ක් සෙමින් දිවීම, වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, හෝ නර්ථනයක නියැලීම වැනි මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) වල නියැලෙන්න. එමගින්, ඔබගේ සාමාන්‍ය සෞඛ්‍යය වැඩිදියුණු වෙනවා මෙන්ම දියවැඩියාව ද පාලනය වේ.

☢️සෞඛ්‍ය සම්පන්න ආහාර

වැඩිපුර තන්තු (කෙඳි) සහ ප්‍රෝටීන් අඩංගු සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගැනීමට හුරුවන්න. අතුරුපස, සීනි සහිත ආහාර, කෘතිම ලෙස සකස් කරන ලද ආහාර, සහ පාන වර්ග ආහාරයට ගැනීමෙන් වලකින්න. තෙල් අධික ආහාර ගැනීම හැකිතරම් අවම කරන්න. වැඩිපුර කෑම මෙන්ම ආහාර වේල් මගහැරීම ද එකසේ හානිකර වේ. ආහාර ගැනීම සඳහා හොඳ ආහාර කාලසටහනක් පවත්වාගැනීම වැදගත්. ආහාර වල අඩංගු තන්තු, ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් සීනි උරාගැනීම අඩු කරයි. තෙල් අඩු ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔබ කලින්ම ආහාර වලින් තෘප්තිමත් බව හැඟෙන බැවින්, ඔබ ආහාර ගන්නා ප්‍රමාණය සහ කැලරි ප්‍රමාණය අඩුවීම සිදුවේ.

☢️සෞඛ්‍ය අවවාද

ඔබගේ වෛද්‍යවරයාගේ සහ පෝෂණවේදියාගේ නිර්දේශ හොඳින් අනුගමනය කරන්න. ඔබට දියවැඩියාව පාලනය පිළිබඳ ගැටළු ඇත්නම්, සැමවිටම ඔවුන්ගෙන් විමසන්න. ඔවුන් සමග සාකච්ඡා කරන්න.

☢️ස්වයං අධ්‍යයනය කරන්න.

දියවැඩියාව පාලනය සහ රුධිරයේ සීනි මට්ටම අධික ලෙස පහත වැටීම (Hypoglycaemia) පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදීමෙන්, දියවැඩියාව පාලනය කිරීම ඔබට පහසු වනු ඇත.

☢️මත්පැන් පානය කිරීමෙන් සහ දුම්පානය කිරීමෙන් වලකින්න.

මත්පැන් පානය සහ දුම්පානය මගින් දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වන හෘදයාබාධ, අංශභාගය, සහ පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease) ඇතිවීමට ඇති අවදානම වැඩිකරයි.

☢️ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට වැදගත් වේ.

☢️හොඳින් නිදාගන්න. මානසික ආතතිය පාලනය කරගන්න.

ප්‍රමාණවත් ලෙස හොඳින් නිදාගැනීම සහ මානසික ආතතිය පාලනය කිරීම ශරීරය තුළ ආතති හොමෝන (Stress hormones) ශ්‍රාවය වීම අඩුකරයි. ආතති හෝමෝන මගින් රුධිරයේ සීනි මට්ටම වැඩිවේ.

☢️කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර පීඩනය පාලනය කරන්න.

ඔබට අධික රුධිර පීඩනය සහ අධික ලෙස කොලෙස්ටරෝල් ඇත්නම්, ඒවා තදින් පාලනය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. අධික රුධිර පීඩනය සහ අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම, දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ඇතිවීමට ඇති අවදානම වැඩිකරයි.

☢️ඔබේ දෙපා සහ සම හොඳින් ආරක්ෂා කරගන්න.

පාලනය නොකරන දියවැඩියාව නිසා ඔබේ අත් පා වල ස්නායු ක්‍රමයෙන් දුර්වල වේ. එමනිසා, අත් පා වල හිරිවැටීම සහ නොදැනීම ඇතිවීමෙන් ඒවායේ ඇතිවන තුවාළ ඔබට මගහැරී යාම සිදුවිය හැක. දියවැඩියාව තුවාළ සුවවීම ප්‍රමාද වීමටත් බලපාන බැවින්, ඔබගේ හෝ වෙනත් අයෙකුගේ අවධානයට ඔබේ තුවාළය ලක්වන විට එය දරුණු තත්ත්වයක පැවතීමට වැඩි ඉඩක් පවතී. ඔබේ ඇඟිලි සහ දෙපා බේරාගැනීමට, ඒ වනවිට ඔබ ප්‍රමාද වී සිටීමට ඉඩ ඇත. ඔබගේ සීනි මට්ටම පාලනය කරනවා මෙන්ම, ඔබේ දෙපා සහ සම ආරක්ෂා කරගැනීමට ද අවධානය යොමුකල යුතුවේ.




සුව නෙත web page

පොලි ක්ලිනික් රෝහලට අද දිනයේදී (2025/11/14) පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්  👇🎯 කායික හා සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛ...
14/11/2025

පොලි ක්ලිනික් රෝහලට අද දිනයේදී (2025/11/14) පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් 👇

🎯 කායික හා සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය

🎯 ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය

🎯 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

🎯 ශල්‍ය විශේෂඥ වෛද්‍ය

🎯 චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

🎯 හෘද රෝග විශේෂඥ වෛද්‍ය

🎯 මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

අංක වෙන්කරවා ගැනීම සදහා පහත දුරකතන අංක අමතන්න.

☎ 047 - 22 30 831 / 070 - 7000 831

පොලි ක්ලිනික් රෝහලට හෙට දිනයේදී (2025/11/ 09) පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්  👇🎯 කායික හා සර්වාංග රෝග පිළිබද විශේෂඥ ...
08/11/2025

පොලි ක්ලිනික් රෝහලට හෙට දිනයේදී (2025/11/ 09) පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් 👇

🎯 කායික හා සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය

🎯 ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය

🎯 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

🎯 ශල්‍ය විශේෂඥ වෛද්‍ය

🎯 අක්ෂි සම්බන්ද විශේෂඥ වෛද්‍ය

🎯 විකිරණවේදී විශේෂඥ වෛද්‍ය

🎯 උගුර, කන, නාසය සම්බන්ද විශේෂඥ වෛද්‍ය

අංක වෙන්කරවා ගැනීම සදහා පහත දුරකතන අංක අමතන්න.

☎ 047 - 22 30 831 / 070 - 7000 831

05/11/2025
🛑 ස්ථානය : පොලි ක්ලිනික් පෞද්ගලික රෝහල 🛑 වේලාව   : සදුදා සිට සිකුරාදා දක්වා සවස 4.00 ට , සෙනසුරාදා සහ ඉරිදා සවස 2.00 ට🛑 ...
04/11/2025

🛑 ස්ථානය : පොලි ක්ලිනික් පෞද්ගලික රෝහල

🛑 වේලාව : සදුදා සිට සිකුරාදා දක්වා සවස 4.00 ට , සෙනසුරාදා සහ ඉරිදා සවස 2.00 ට

🛑 මෙහෙයවීම : ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පුහුණු හෙද නිළධාරිනී.

ඉන්ෆ්ලුවෙන්සා යනු,ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගින් නාසය, උගුර සහ පෙනහළු ඇතු‍ළුව ශ්වසන මාර්ගය ආසාදනය කරන බෝවන රෝගයකි. මෙය සාමාන‍...
30/10/2025

ඉන්ෆ්ලුවෙන්සා යනු,

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගින් නාසය, උගුර සහ පෙනහළු ඇතු‍ළුව ශ්වසන මාර්ගය ආසාදනය කරන බෝවන රෝගයකි. මෙය සාමාන‍‍්‍ය අසනීප තත්වයක සිට මරණය දක්වා වුවද දරුණුවිය හැක. මේ දින වල මෙම වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බැවින් මේ පි‍ළිබඳව දැනුවත්වීම ඔබගේ වගකීමකි.

රෝග ලක්ෂණ😷

⭕උණ (උණගතිය/ ඇඟ වෙව්ලීම)
⭕කැස්ස
⭕සෙම්ප්‍රතිශ්‍යාව
⭕උගුර ආසාදනය
⭕ඇඟපත වේදනාව
⭕හිසරදය
⭕ඇස් රතුවීම හා කඳුළු ගැලීම
⭕සමහරවිට වමනය සහ පාචනය වැනි තත්ත්ව ඇතිවිය හැක.

උණ තත්ත්වයක් නොමැති වුවද ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න

👉ව්‍යාප්තිය

ආසාදිත පුද්ගලයන් කිවිසීමේදී, කහිනවිටදී හෝ කතාකිරීමේදී පිටවන ඛේට බිඳිති මගින් රෝග ව්‍යාප්තිය සිදුවේ. මෙම බිඳිති අසල්වැසි පුද්ගලයන්ගේ ස්වසන පද්ධතියට ඇතුල්වීමෙන් ඔහු ආසාදිතයෙක් බවට පත්වේ. කලාතුරකින්, වෛරස බිඳිති පැතිරී ඇති මතුපිටක් ස්පර්ශ කිරීමෙන් පසු තම නාසය හෝ මුඛය ස්පර්ශයෙන්ද ආසාදනය වියහැක.

👉ආසාදන කාල සීමාව

ඔබ ආසාදිතයෙක් බව දැනගැනීමට පෙර මෙන්ම දැනගැනීමෙන් පසුවද රෝග වාහකයෙකු ලෙස ක්‍රියාකිරී‍මේ හැකියාවක් ඇත. වැඩි වශයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ රෝග ලක්ෂණ පහලවීමට දිනකට පෙර සිට දින 5ත් 7ත් අතර කාලයක් තුලදීය.

👉රෝග ලක්ෂණ පහලවීම

⭕ආසාදනයෙන් දින 1ත් 4ත් අතර සිදුවේ.

😷අවදානම් පුද්ගල කාණ්ඩ

ඕනෑම කෙනෙකු රෝගය ආසාදනයවීමේ සහ දරුණු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක පසුවේ. නමුත්,

🛑වයස අවු. 65ට වැඩි පුද්ගලයන්
🛑ඕනෑම වයසක සිටින දිගුකාලීන රෝග තත්ත්වයක පෙලෙන්නන් (දියවැඩියාව, හෘද රෝග,ස්නායු හා මාංශ පේශි ආශ්‍රිත රෝග, ඇදුම, වකුගඩු, අක්මාව හා රුධිර ආශ්‍රිත රෝග)
🛑ගර්භනී කාන්තාවන්, දරු ප්‍රසූතියෙන් පසු සති දෙකක් ඇතුලත සිටින කාන්තාවන්
🛑වයස අවු. 5ට අඩු දරුවන්, විශේෂයෙන් අවු. 2ට අඩු දරුවන්
🛑රෝහල් හෝ සාත්තුසේවා නිවාස වල දිගුකාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්
🛑අධික තරබාරු පුද්ගලයන්
🛑ප්‍රතිශක්ති ඌනතා සහිත පුද්ගලයන්

👉නිවසේදී අනුගමනය කලයුතු පිලිවෙත්

🛑හැකිතාක් දියර වර්ග පානය කරන්න (ජලය, පලතුරු යුෂ, සුප් ආදිය)
🛑විවේක ගන්න, වැඩිපුර නිදාගන්න එමගින් ප්‍රතිශක්තීකරණ පද්ධතියට වෛරසය යටපත් කිරීම පහසුවේ.
🛑වේදනානාශක භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න

👉වැලකී සිටීමට නම්,

🛑අසනීප තත්ත්වකින් පෙලෙන්නේ නම් නිවසේ රැඳීසිටින්න
🛑නිරන්තරයෙන්, හොඳින් අත් සෝදන්න
🛑කිවිසීමේදී හෝ කහින විටදී නාසය හා මුඛය ආවරණය කරගන්න

යහපත් පුරුදු භාවිතයෙන් හා පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීමෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වළක්වා ගැනීමට ඔබත් දායක වන්න.

Suwahas web magazine

21/10/2025

අභිමානවත් වෘත්තීයෙකු ලෙස ඔබේ අනාගත සිහින ජය ගන්න , පොලි ක්ලිනික් හෙද පුහුණු පාඨමාලාව සමඟ එක්වන්න!

👩‍⚕ NVQ Level 4 හෙද පුහුණු පාඨමාලාව – දැන් ඔබටත් ඇතුළත් විය හැක!

📅 පාඨමාලා ලියාපදිංචිය – නොවැම්බර් මස 30 දින දක්වා.

🏥 පාඨමාලාවේ විශේෂත්වය:
✅ NVQ Level 4 සඳහා අනුමත පුහුණු පාඨමාලාව
✅ ආධුනික හෙදියන් ලෙස අප රෝහලේ පුහුණුව

📌 ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම
යෝග්‍යයි

පහත link එකෙන් whatsapp group එකට සම්බන්ධ වෙන්න.👇 https://chat.whatsapp.com/C9aUQwaQyhH0VvyIFXjaiT

📲 දැන්ම අමතන්න / WhatsApp පණිවිඩයක් එවන්න:
📞 070 700 0833

මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය බොහෝ දෙනෙකුට මහත් හිරිහැරයක් ගෙනදේ. 🌞🌡️මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් බොහෝ විට අධික පිප...
12/10/2025

මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය බොහෝ දෙනෙකුට මහත් හිරිහැරයක් ගෙනදේ. 🌞🌡️

මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් බොහෝ විට අධික පිපාසයක් දැනෙන අතරම දෑස් වලට මෙන්ම ශරීරයටද මහත් වෙහෙසකාරී තත්ත්වයක් දැනේ.

මෙම තත්ත්වය හමුවේ අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් වෙමු.

🛑පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කරන්න.

🛑 වැඩිහිටි කෙනෙකු අවම වශයෙන් දිනකට ලීටර 5ක් වත් ජලය පානය කළ යුතුය.

🛑පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.

🛑අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳින්න.

🛑පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කරන්න.

🛑මෙම දින වල හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින්න.

🛑එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවන්න.

🛑වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වන්න.

ඉහත කරුණු සියල්ල පිළිබඳ සැලකිලිමත් වීමෙන් අධික උෂ්ණත්වයෙන් ඇතිවන පීඩා අවම කරගත හැකිවනු ඇත.

(Health promotion Bureau )

පොලි ක්ලිනික් රෝහලට අද දිනයේදී (2025/10/12) පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්  👇🎯 කායික හා සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛ...
12/10/2025

පොලි ක්ලිනික් රෝහලට අද දිනයේදී (2025/10/12) පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් 👇

🎯 කායික හා සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය

🎯 ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය

🎯 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

🎯 ශල්‍ය විශේෂඥ වෛද්‍ය

🎯 අක්ෂි සම්බන්ද විශේෂඥ වෛද්‍ය

🎯 විකිරණවේදී විශේෂඥ වෛද්‍ය

අංක වෙන්කරවා ගැනීම සදහා පහත දුරකතන අංක අමතන්න.

☎ 047 - 22 30 831 / 070 - 7000 831

02/10/2025

Happy children's day 🎊️🎉️😍🤩

Address

Poly Clinic Private Hospital, New Town Road
Embilipitiya

Telephone

+94472230831

Website

Alerts

Be the first to know and let us send you an email when Poly Clinic Private Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Poly Clinic Private Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram