නෙල්ලි/Amla-Powder

නෙල්ලි/Amla-Powder It has eight times more vitamin C than an orange, twice the antioxidant power of acai berry, and aro

🌳🌳නෙල්ලි වල තිබෙන ගුණ දැන ගන්න🌳🌳බෙහෙත් නෙල්ලි ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් ආයුර්වේදීය ඖෂධයක් ලෙසින් පිළිගැනෙනවා. හි...
07/10/2021

🌳🌳නෙල්ලි වල තිබෙන ගුණ දැන ගන්න🌳🌳

බෙහෙත් නෙල්ලි ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් ආයුර්වේදීය ඖෂධයක් ලෙසින් පිළිගැනෙනවා. හිසකෙස් වර්ධනය සඳහා නෙල්ලි නිතරම භාවිත කරනවා. එහි තිබෙන වටිනාකම් පිළිබඳව දැනුවත් වීම ඔබට බොහෝ සෙයින් වැදගත් ඇතැයි සිතනවා.

🌳 ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ඉහලයි

බෙහෙත් නෙල්ලි වලට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල නැංවිය හැකි අතර ශරීරය ආසාදන වැලි වැළක්වීමේ හැකියාවක්ද පවතිනවා. දිනපතා නෙල්ලි භාවිත කළ හැකි නම් ඔබට ඇතිවන ආසාදන තත්වයන් මග හරවා ගත හැකියි.

🌳දන්ත සෞඛ්‍යය රැක දෙයි

දිනපතා නෙල්ලි ආහාරයට ගැනීමෙන් දත් වල ඇතිවෙන කුහර, මැලියම් සහ ආබාධ වලකා ගන්නට පුලුවන්. නෙල්ලි වල තිබෙන ක්ෂුද්‍ර ජීවින් මර්ධනය කිරීමේ ගුණය නිසා එය ඔබේ මුඛ සෞඛ්‍යය රැක දෙනවා.

🌳 සමේ පිළිස්සුම් කැළැල් සුව කරයි

හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ ඇතිවන පිළිස්සුම් කැළැල් සුව කිරීමට නෙල්ලි වලට හැකියාවක් තිබෙනවා. නෙල්ලි බ්ලෙන්ඩර් කර පිළිස්සුම් තුවාල මත ආලේපකිරීම මගින් ඒවා සනීප කර ගත හැකියි.

🌳 ආහාර ජීර්ණය පහසු කරයි

ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ජීරණ ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යාමට නෙල්ලි තුල විශේෂ හැකියාවක් ඇත. එමගින් දේහයේ පරිවෘත්තීය වේගය වර්ධනය වන අතර බර ද අඩු වේ.

🌳 ආමාශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි
සිරුරේ ආමාශගත රෝග ඇති වීම ඉතා වේදනාකාරී එකකි. මෙම තත්ත්වයන් සමනය කිරීමේ හැකියාව බෙහෙත් නෙල්ලි සතුය. බෙහෙත් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ආම්ලික ගතිය අවම කරවන හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කරයි.

🌳 දියවැඩියාව පාලනය කරයි

බෙහෙත් නෙල්ලි ඔබගේ රුධිරගත සීනි සාන්ද්‍රණය පාලනය කරයි. එමෙන්ම රුධිරයේ කොලේස්ටරෝල් මට්ටම අඩු කිරීමටද නෙල්ලිවලට හැකිය. ඒ නිසා හදවත සුරක්ෂිත කිරීමට බෙහෙත් නෙල්ලි හොඳ ඔසුවකි.

අන්‍තර්ජාලයෙන් උපුටා ගැනීමකි

මී පැණි වල පොගවන ලද නෙල්ලි අනුභවයෙන් ලැබෙන විශ්මිත වාසි 😮😍❤
15/09/2021

මී පැණි වල පොගවන ලද නෙල්ලි අනුභවයෙන් ලැබෙන විශ්මිත වාසි 😮😍❤

Amla powder is the purest form of Vitamin C and it enriches you from within by making the blood vessels stronger and thi...
08/09/2021

Amla powder is the purest form of Vitamin C and it enriches you from within by making the blood vessels stronger and thicker. It also improves your immunity so that you can fight infections easily.
Amla is rich in antioxidants that help in fighting free radicals in the body. This reduces cell damage and also the risk of cancer and inflammation.

One of the best Amla powder benefits is that it reduces the risk of heart disease by regulating the build-up of bad cholesterol.
Another one of Amla powder benefits is that it gives you glowing skin and also keeps it hydrated.

One important benefit of Amla is that it is considered as the first and foremost food for anti-aging. Consuming Amla in any form on a daily basis is the secret behind the slow aging process and beautiful skin.

Amla is great for your hair. It not only cures dandruff but also helps in preventing hair loss.

🍈 නෙල්ලි 🍈            රූප සොබාව සහ පළතුරු අතර  ඇත්තේ ගහට පොත්ත මෙන් සබඳතාවකි. ඒ අතර නෙල්ලි වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක...
08/09/2021

🍈 නෙල්ලි 🍈

රූප සොබාව සහ පළතුරු අතර ඇත්තේ ගහට පොත්ත මෙන් සබඳතාවකි. ඒ අතර නෙල්ලි වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.පෝෂණ ගුණයෙන් අනූන නෙල්ලි, තාරුණ්‍ය රඳවා ගනිමින්, වියපත්වීම පමා කරන ඔසුවක් ලෙස ආයුර්වේද රූපලාවණ්‍යයේ අග්‍රස්ථානය හිමිකරගනී. එසේම නිරෝගි දිවියකට ද නෙල්ලි සැබෑම දිව ඔසුවකි.

👉 ආයුර්වේදයේදී නෙල්ලි වල වැදගත්කම
මධුර, අම්ල, කටුක, තිත්ත, හා කසාය යන පංච රසය අඩංගු එකම පලතුර නෙල්ලි වේ."ගාත්‍රී" ලෙසින් හැඳින්වෙන, "කිරි මව" යන අරුත ගැන්වෙන නෙල්ලි, රසයෙන් මෙන්ම ගුණයෙන් ද ඉහල ඖෂධීය පළතුරකි.

👉 නෙල්ලි වල අඩංගු පෝෂණ ගුණයන්

🍈.නෙල්ලි වල විටමින් c බහුල ව ඇත.
නෙල්ලි ග්‍රෑම් 100ක විටමින් c මිලි ග්‍රෑම් 600කි.

🍈.ඊට අමතරව ... යකඩ, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස් යනාදී පෝෂ්‍ය පදාර්ථයන් ද අඩංගු වේ.

👉 නෙල්ලි වල ඖෂධීය ගුණයන්

1. තාරුණ්‍ය රැකගනිමින් ආයු බල වඩයි.
2. මල බද්ධය දුරු කරයි.
3. අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි.
4. බඩගිනි වඩවයි.
5. ගර්භාෂයට හිතකරයි .
6. හෘදය හා රුධිර සංසරණයට හිතකර වේ .
7. මුත්‍රා ආබාධ සුව කරයි.
8. නීරක්තියට හිතකරයි.
9. ශරීර දාහය දුරු කරයි.
10. සමේ රෝගයන්ට ගුණ ගෙනෙයි.
11. ශ්වේත ප්‍රදර රෝගයට හිතකරයි.
12. සමේ කාන්තිය වඩවයි.
13. හිස් කබල හා හිසකෙස් ආශ්‍රිත රෝගයන්ට හිතකර වේ .
14. දහදිය දුගද නසයි

👉 නෙල්ලි පානයක් සකස් කර ගැනීම

✅ නෙල්ලි ගෙඩි 4ක් පමණ ඇට ඉවත් කොට බ්ලෙන්ඩර් කර ලුණු ස්වල්පයක් හා ජලය එක් කරමින් පානයක් ලෙස සකස් කර ගත හැ.

✅ වියළි නෙල්ලි ගෙඩි කිහිපයක් උණු වතුර අඩු කෝප්පයකට දමා රැයක් පුරා තබා උදෑසන හිස්බඩ පානය කිරීම කළ හැක.

✅ නෙල්ලි තම්බා ගත් ජලය පානය කිරීම ද එහි පෝෂණය ලබාගත හැකි ආකාරයක්.

👉 ආලේපයක් ලෙස නෙල්ලි භාවිතා කිරීම

🍈 ආලේපයක් ලෙස නෙල්ලි යුෂ ආලේප කිරීමෙන් සමෙහි ඇතිවන දැවිල්ල ආදිය නැතිවී සිසිල් බවක් ලැබෙයි.

🍈 සම කාන්තිමත් වෙයි.

👉 හිසකෙස්වල නිරෝගී භාවයට නෙල්ලි

🍈 නෙල්ලි තැම්බූ ජලයෙන් හිස සේදීම, හිස් කබලේ හා හිස කෙස්වල පිරිසුදු බව හා නිරෝගි බවට හේතුවේ.

🍈 අරළු, බුළු, නෙල්ලි තම්බා ගත් ජලයෙන් හිස සේදීම ද හිස කෙස්වල නිරෝගී බවට හා දීප්තිමත් පැහැයට හේතු වේ.

Address

New Town
Embilipitiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when නෙල්ලි/Amla-Powder posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram