Mahanama optical

Mahanama optical Can you see the world with us

11/06/2025
2025 ජුනි මස 5 , 12 , 15 , 19 , 22 , 26 ,   දින තුල අප ආයතනයේදී ඔබට ඇබිලිපිටිය මූලික රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරිය හමුවිය...
03/06/2025

2025 ජුනි මස 5 , 12 , 15 , 19 , 22 , 26 , දින තුල
අප ආයතනයේදී ඔබට ඇබිලිපිටිය මූලික රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරිය හමුවිය හැක.

ඒ සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට අප අමතන්න.

වැඩි විස්තර සඳහා - 047 2261249
මහානාම ඇස්කන්නාඩි ආයතනය ඇබිලිපිටිය

Mahanama opticals annual trip Dubai
28/04/2025

Mahanama opticals annual trip Dubai

" අනිත් අයටත් බෝ වෙන්න ඕන ලෙඩක් තියෙන මහානාම අයියා " ...මිනිස්සු කියන විදියට මේක කෙනෙකුට ලේසියෙන් බෝ නොවෙන ඒත් අනිත් අයට...
19/01/2025

" අනිත් අයටත් බෝ වෙන්න ඕන ලෙඩක් තියෙන මහානාම අයියා " ...

මිනිස්සු කියන විදියට මේක කෙනෙකුට ලේසියෙන් බෝ නොවෙන ඒත් අනිත් අයටත් බෝ වෙන්න ඕන ලෙඩක්...

ඉතිං මෙහෙම කියපු මිනිස්සු කවුද ? ...

එක් කෙනෙක් ශ්‍රී ලංකා eye care institute හි නිර්මාතෘ ප්‍රවීණ දෘෂ්ටි විශේෂඥ නේපාල ජාතික නරේෂ් ප්‍රධාන් මහතා. අනිත් කෙනා ඇඹිලිපිටිය ප්‍රාදේශිය මහ ලේකම් විශාඛා පුබුදුනි පීටර්ස් මහත්මිය. අනිත් කට්ටිය වුනේ ඇඹිලිපිටිය හා ඒ අවට පාසල් වල විදුහල්පතිවරු, ව්‍යාපාරිකයින්. එතකොට මේ වගේ වගකිව යුතු තනතුරු දරණ මිනිසුන් කියන අනිත් අයටත් බෝ වෙන්න ඕන ඇඹිලිපිටිය මහානාම ඇස් කණ්නාඩි ආයතනයේ හිමිකරු වන ප්‍රියන්ත මහානාම මහතා ලග තියෙන ලෙඩේ මොකද්ද.

කතාව කෙටියෙන්ම මෙහෙමයි...

2025 මේ අවුරුද්දට ඇඹිලිපිටිය මහානාම ඇස් කණ්නාඩි ආයතනය ට අවුරුදු 25 යි. ඉතිං 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට,
ප්‍රදේශයේ විදුහල්පතිවරු 25 දෙනෙක්...
ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් 125 ක්..
පාරිභෝගිකයින් 25 දෙනෙක්...
ආරාධිතයින් 50 දෙනෙක් වගේම මහානාම ආයතනයේ කාර්‍ය මණ්ඩලය ඇගයීම එකම වේදිකාවකදි සිදු කෙරුණා. ඒ වගේම ඒ සියලුම දෙනා සුපිරි හෝටලයකට රැගෙන විත් ඔවුන් සියලුම දෙනාට අත පිරෙන්න තෑගි බෝග වගේම හිත පිරෙන්න ප්‍රණීත ආහාර වලින් සංග්‍රහ කරන්නත් අමතක කළේ නැහැ.මේ සියල්ල කළේ අඛණ්ඩව සංවිධානය කළ මහානාම පාරිභෝගික සත්කාරය 7 වන අදියරට සමගාමීව.

ඉතිං මේ වැඩසටහනේ දී කතා කරපු ශ්‍රී ලංකා අයි කෙයාර් ආයතනයේ නිර්මාතෘ නරේෂ් ප්‍රධාන් මහතා කියපු කතාවක් තමයි " මහානාම ගාව තියෙන මේ අනුන්ට දීමේ ගුණය අනිත් අයටත් බෝ විය යුතු ලෙඩක් " කියන කතාව. එහිදි කතා කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියත් ඒ කතාව අනුමත කරමින් කිව්වේ ඇත්ත වශයෙන්ම මහානාම මහතා ලග තියෙන ඒ ගුණය අනිත් අයටත් වහ වහා බෝ විය යුතු රෝගයක් බවයි.

ඒ කතාව ඒ විදියට අනුමත කළ විදුහල්පතිවරු අතරින් බොහෝ දෙනෙක් කිව්වේ තමන්ගේ විදුහල්පති වෘත්තිය තුළ මෙලෙස ඇගයීමට ලක් වු පළමු අවස්ථාව මෙය බවයි. ඒ වගේම ඇතැම් තියෙන මිනිසුන් කැලැන්ඩරයක්වත් දෙන්නේ නැති කාලයක මහානාම මහතා කළ මේ ක්‍රියාව සමාජයට ආදර්ශයක් බවයි වැඩසටහනට සහභාගි වු බොහෝදෙනා කිව්වේ.

මේ වැඩේ ඇතුලෙම කුට්ටිගල සහ සෙවනගල පොලිස් ස්ථාන වල නිළධාරීන්ට අව් කණ්නාඩි ( sun glasses ) ප්‍රධානය කිරීම ද අතිශයින්ම පැසසිය යුත්තක්.

ඉතිං පෞද්ගලිකවම මම දන්නවා මහානාම අයියා තව ගොඩක් සමාජ සත්කාර කරනවා. ඒ අතරට අලුත් අවුරුද්දේ පළවෙනි පෝය දවසේ මිලියන 3 ක් විතර වියදම් කරලා, ආපූ අයට, ආරාධනා කරපු අයට සතුට ,විනෝදය වගේම හිතන්නත් යමක් දීලා ඔවුන් අගය කරපු එක පට්ටම වැඩක් නිසාම මෙහෙම ලියන්න ඕන කියලා මගේ හිත මට බල කළා. අනික මේ ඔක්කොම ඇස් දෙකෙන් දැකපු, කන් දෙකෙන් අහපු සාක්ෂිකාරයෙක් විදියට සමාජයට මේ පණිවුඩය පාස් කරන එක මගේ යුතුකමක්. ඒ වගේම මේ කතාව දැක්කට පස්සේ තව අයටත් මේ ලෙඩේ බෝ වුනොත් ඒක කොච්චර දෙයක්ද. අනිත් අතට කිසිම දෙයක් පෙරළා බලාපොරොත්තු නොවි සමාජය ට මේ වගේ සේවය කරන මිනිසුන් අගය කිරීම සහ රැක ගැනීම අපි කාගෙත් යුතුකමක් සහ වගකීමක්.

ඉතිං මහානාම අයියා ඔබ කරන මේ වගේ සමාජ සත්කාර වැඩ තව තවත් කරන්න ශක්තිය, ධෛර්ය වගේම වාසනාව ලැබේවා. ජය වේවා. ඔබ විදියට හිතන පතන, අනුන්ට දීමේ ගුණය බෝ විය යුතු ලෙඩක් නම් ඒ ලෙඩේ තවත් බොහෝ පිරිසකට බෝ වේවා....

ජය හා සතුට...
ඔබේ මිත්‍රයා රුවන් මල්ලී.

Ruwan Janaka Gamage
2025/ 01/ 18
( මේ වැඩේ අගය කළ යුතුම වැඩක් නිසා කතාව share කරන්නත් අමතක කරන්න එපා ඉතිං )

Mahanama opticals 25th anniversary & happy new year ❤️
01/01/2025

Mahanama opticals 25th anniversary & happy new year ❤️

හතළිස් ඇඳිරිය (Presbyopia)වයස අවු. 40 -50 ත් අතර වයස ප්‍රමාණයක සිටින පාඨක ඔබ දැනටමත් ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් අත් දැකලා ඇත...
30/07/2024

හතළිස් ඇඳිරිය (Presbyopia)

වයස අවු. 40 -50 ත් අතර වයස ප්‍රමාණයක සිටින පාඨක ඔබ දැනටමත් ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් අත් දැකලා ඇති බව නොඅනුමානයි. පත්තර පොත්වල කුඩා අකුරු පැහැදිලි නැති බව එහෙම නැතිනම් අකුරු පැහැදිලිව බලා ගැනිම සඳහා ඔබ කියවන පත්තරය ඔබගේ ඇසට යම් දුරක් ඈත්ව තබා ගන්නා එක තරමක් අඳුර ඇති විට කියවීම අපහසු වීම කියවීම සඳහා ඇස වෙහෙසට පත් කිරීමට සිදුවීම, ඔබට කුතුහලයක් මෙන්ම අපහසුවක් ද ඇති කරලා ඇති. මේ හතලිස් ඇඳිරියයි.

අප වයසට යන විට සුදු කෙස් එක දෙක මතුවන්නේ යම් සේද හොඳින් තිබුණු සමෙහි රැලි ගතියක් ඇති වන්නේ යම් සේද අපගේ ඇසෙහි ඇතිවන මෙම දුර්වලතාවයන් “වයස්ගත වීම” අපට සිහි කරදෙන බැව් මතක් කරන්නම වෙනවා. මෙම තත්ත්වය ඇතිවන්නේ කොහොමද කියලා සාකච්ඡා කර බලමු.

අපගේ ඇස ඉදිරිපිට පිහිටා ඇති කළු ඉංගිරියාව පිටුපස පැහැදිලි පෙනීම සඳහා උදව් කරනා “අක්ෂි කාචය” (Lens) පිහිටා තිබෙනවා. ඇස ඇතුළට ඇතුළුවන ආලෝකය මෙම කාචය තුළින් ගමන් කරන විට කාචය හැකිලීම හෝ දිගහැරීම සිදු වී ඇස පිටුපස බිත්තියේ (හරියට චිත්‍රපටයක තිරය මත පැහැදිලි රූපයක්) පැහැදිලි ලෙස පතිත කරවනු ලබනවා. මෙම පැහැදිලි කර පතිත වූ ආලෝකය (focused) රැගෙන ආ දර්ශනය මොළය වෙත ස්නායු මඟින් ලබා දී “පෙනීම” ඇති කර දෙනු ලබනවා.

“හතලිස් ඇඳිරිය” ක්‍රියාවලියේදී සිදු වන්නේ මෙම ඉහත සදහන් කළ අක්ෂි කාචයට ළඟ ඇති වස්තුන්ගේ (උදා. පත්තර පොත්වල අකුරු ඉදිකටුවට නූල ඇමිනීම) දර්ශනය ඇසෙහි පිටුපස සංවේදී බිත්තයට පැහැදිලි ලෙසට ලබාදීමට ඇතිවන නොහැකියාවයි. අනික් අතට පැහැදිලි කළොත් අක්ෂි කාචය හැකිලීමට ඇතිවන අපහසුව නිසා දර්ශනය පැහැදිලි ලෙස ගැනීමට හෙවත් නාභිගත කර ගැනීමට ඇති නොහැකියාවයි. අක්ෂි කාචයේ ඇති ඇදෙන සුලු බව වයසට යාමේදී අඩු වී යාමත්, අක්ෂි කාචය හැකිලීමට, උදව් කරනා සියුම් මාංශ පේශි වයසට යනවිට දුර්වල වීමත් නිසා මේ තත්ත්වය ඇතිවන බව විශ්වාස කෙරෙනවා. ඇත්තටම මේ ළඟ නොපෙනීම හෙවත් ළඟ ඇති වස්තූන් පැහැදිලි නැති වීම වයස අවුරුදු 40 -50 ත් අතර එකවරම ඇතිවන එකක් නොවේ.

අපි ඉතා කුඩා කාලයේ සිටම ළඟ පෙනෙනා දුර (near point)) ක්‍රම ක්‍රමයෙන් ඈත් වී වයස අවු. 40 ඉක්ම වූ පසුව අපගේ එදිනෙදා වැඩ කටයුතු වලට බලපාන මට්ටමකට ඈතට යනවා. උදා. ලෙසට වයස අවුරුදු 10 දී පමණ මේ දුර අඟල් 3 -4 පමණක්. වයස අවු. 40 පමණ වනවිට අඟල් 6 -10 පමණක්. වයස අවුරුදු 60 වනවිට අඟල් 40 පමණක් වෙනවා. ඉතිං මේ ආකාරයට වයස ගගත වනවිට ළඟ පෙනෙනා ප්‍රමාණය ටික ටික ඈතට යන බව ඔබට වැටහෙනවා ඇති. තවත් අතකට අප කරනා රැකියාව අනුව මෙම හතලිස් ඇදිරියේ බලපෑම වෙනස් වෙනවා. සියුම් වැඩ කටයුතු කරණා හෝ ලියකියවිලි වල වැඩ කරනා අය ඉතා ඉක්මනින් ද ගොවිතැන් කටයුතු හා මේසන් වැඩ වැනි ඉදිකිරීම් කටයුතු කරනා අය ටිකක් පසුව ද ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වෙනවා දකින්නට පුළුවන්. මෙම හතලිස් ඇඳිරිය සඳහා ප්‍රතිකාර ලෙස මූලිකව සිදුවන්නේ කුඩා දේ ලොකු කර බලන වීදුරු (උත්තල - කාච) සහිත කණ්ණාඩි කුට්ටමක් පැළදීමයි. මෙය බොහෝ විට අක්ෂි සායනය හා ඇස් කණ්ණාඩි විකුණන අක්ෂි පරික්ෂණ ස්ථානවලින් ද සිදු කරගත හැකි වෙනවා. වෙළඳපලේ හා පදික වේදිකාවේදී මේ සඳහා අවශ්‍ය කණ්ණාඩි යුගල මිලදී ගත හැකි වුවත් තමන්ගේ ඇසට අවශ්‍ය බලය සහිත කාචය තෝරා ගැනීම ඒ සඳහා සුදුසුකම් ලත් ශිල්පින්ගෙන් සිදු කරගැනීම ඉතා වැදගත් වෙනවා.

මීට අමතරව ශල්‍යකර්ම මඟින් ඇස තුළ ඇති කාචය ඉවත් කර කෘත්‍රීම කාචයක් දැමීම මඟින් ද මෙයට කිසියම් ප්‍රතිකර්මයක් සිදුවනු ලබනවා. විශේෂයෙන් ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්මයේ දී කෘත්‍රීම යොදනා කාචය මඟින් මෙම පෙනීමේ දුර්වලතාවයට ද කිසියම් සාධාරණයක් ඉටු කරගත හැකි වෙනවා දකින්න පුළුවන්. තවදුරටත් නූතන තාක්ෂණය අනුව දියුණ වූ ප්‍රතිකාර ක්‍රම ඇතත් ලිපියේ සරල බව සඳහා මේ අවස්ථාවේදී ඒවා ගැන වැඩිදුර සාකච්ඡා කෙරෙන්නේ නැහැ.

ඉතිං ඔබ සැම අසා පුරුදු එහෙම නැතිනම් අත් දැක ඇති “හතලිස් ඇදිරිය” හා එහි සුල මුල හොඳින් අවබෝධ කරගත්තා යැයි මම හිතනවා.

Address

New Town Road
Embilipitiya
70200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Mahanama optical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahanama optical:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram