
24/03/2023
🔥 තල 🔥
♒ sesamum indicum යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.
♒ එසේම තල ඇට ඖෂධීය ගුණාංග රැසකින් සමන්විත වන බැවින් අතීතයේ සිටම ආයුර්වේදයේ දී ඖෂධයක් ලෙස යොදා ගැනෙන බව සඳහන් වේ.
♒ තල ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර තල තෙල් ඔලිව් තෙල් වලට ආදේශකයක් ලෙස යොදා ගැනෙන අවස්ථා ද පවතී.
♒ පෝෂ්‍ය පදාර්ථ බහුල මෙම කුළුබඩුවේ විටමින් සහ ඛනිජ ලවණ එකතුවක් ඇති අතර එම නිසා එය සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස සැලකේ.
♒ තල ඇට වල කැල්සියම්, යකඩ, සින්ක්, මැග්නීසියම්, පොස්පරස්, මැන්ගනීස්, තඹ, කෙඳි, විටමින් B 6 යනාදිය ඇත..
♒ තල ඇට සුවඳවත් හා සාරවත් වන අතර විවිධ සූපශාස්ත්‍ර කටයුතු සඳහා ද භාවිතා කරයි.
🔹අධිරුධිර පීඩනය අඩු කරයි.
🔹පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි
🔹හානිකර විකිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.
🔹පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
🔹දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ.
🔹අස්ථි සෞඛ්‍යය ඉහළ නංවයි.
🔹මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.
🔹ශරීරයේ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.
🔹සම සහ හිසකෙස් නීරෝගී කරයි.
🔹කාංසාව සමනය කරයි.
♒ ඉතින් ඔබත් තල ඇට ඔබේ ආහාර වේලට එක් කර ගැනීමට කටයුතු කරන්න.නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයන් ගත කිරීමට එයද ඔබට යම් පමණකින් සහාය වනු
ඇත.