13/02/2022
පුරාණ හෙළ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඇවතුම් පැවතුම් සිදුකළ පැරැන්නෝ සෞඛ්යමත්ව සිටි නිසා පිළිකා රෝගයට ගොදුරු වී මිය ගියේ නැති තරම්. එසේ රෝගී වන මුලික ලකුණු තිබුණේ ඔවුන් මුල් අවස්ථාවේදීම එය හඳුනාගෙන ඉතා ඉක්මනින් සුවපත් කරගත් වෛද්‍ය ශාස්ත්‍රයක් මේ හෙළ දෙරණේ පැවතුණා.
වාසනාවකට ලංකාද්වීපයට කොයි තරම් පාර සතුරු උවදුරු හා ආක්‍රමණ පැවැතියේ වූ නමුත් මේ කියන ඉපැරණි වෛද්‍ය ශාස්ත්‍රය නැත්තට නැති කරලා දාන්න කාටවත් බැරි වුණා. ඒ නිසා මහා ඍෂි හෙළ වෙද පරපුරේ ආභාෂය භාවිතයෙන් පරම්පරා ගණනක සිට පැවැත එන හෙළ වෙදකම තවමත් මේ රටේ නොනැසී පවතිනවා. එම පරපුරේ මුල් සහිත වෙද පරපුරක් තමයි ගලේවෙල, දේවහූව,දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ එරමුදුගහගෙදර වෙද පරපුර. එම පරපුරේ වත්මන නියෝජනය කරන්නේ පාරම්පරික, දේශීය, ආයුර්වේද, සර්වාංග රස වෙදකමෙහි නිරත වාජීරජීව සරත් කුමාර වෛද්‍යතුමා. එතුමන් අපේ රටේ වැඩියෙන් තිබෙන පිළිකා රෝගය ගැන කියන්නේ මෙවැන්නක්...
" අපේ ඉපැරණි වෛද්‍ය ශාස්ත්‍රයෙහි සුව කළ හැකි පිළිකා වර්ග රාශියක් ගැන තොරතුරු සඳහන්වෙලා තියෙනවා. ඒවාට ආවේණික ප්‍රතිකාර විධිත් තියෙනවා. බොහෝ පැරැන්නෝ ඒ නිසා අකාලයේ මිය යන්නේ නැතිව නිදුක් නිරෝගී දිවියක් ගත කළා. අද අපේ ආහාර රටාවත්, දේශීය පිළිවෙතට වූ ඇවතුම් පැවතුම්ද උඩු යටිකුරු වෙලා. සමාජය වේගයෙන් විනාශයට යන ගමනකට ඇද වැටිලා. මේ නිසා මිනිසුන් දැන හෝ නොදැන හිතාගන්න බැරි තරමේ රෝග පීඩාදියට ගොදුරු වෙලා නමුත් සිහිබුද්ධිය ඇති මිනිසුනේ පැරණි වෛද්‍ය ශාස්ත්‍රයේ පිහිටෙන් තවමත් ජීවත්වීමට වාසනා ලැබීම සතුටට කාරණාවක්. "
" පිළිකා වගේ රෝග ඇති නොවෙන්න අපේ පැරැන්නෝ භාවිතා කළ ආහාර පාන බොහොමයක් තියෙනවා. සුදුලූනු බිකක් සහ උළුහාල් ටිකක් වතුර කොප්පයකට දමා රාත්‍රී කාලයේ තබා උදෑසනම හිස්බඩ පානය කිරීමත් පිළිකා රෝග පාලනයට ඉතා ගුණායකයි. තවද ඉඟිනි ඇට පිටි ටිකක් රාත්‍රියට වතුර කෝප්පයකට දමා තබා උදෑසනම හිස්බඩ පානය කිරීමත් පිළිකා ඇතිවීම පාලනයට ඉතා ගුණදායකයි. එසේම උදෑසනම කොළ කැඳ වර්ග පානයට හුරුවීමත් ගුණදායකයි. ඇතැම් කොළ කැඳ වර්ග සිරුරේ මතුව ඇති පිළිකාවට අනුව පානය කිරීම මඟින් එම පිළිකා සුවපත් කරගත හැකි බව හෙළ වෙදකමට අනුව පුරාණයේ පටන් හඳුනාගෙන තිබෙනවා. "
"පෙනහැල්ල ආශ්‍රිත පිළිකා ඇති අයට කුප්පමේනියා, යකිනාරං, ගොටුකොළ, මොනරකුඩුම්බිය, එළබටු දළු, මුකුණුවැන්න මිශ්‍රකර සකස් කරගත් කැඳ වර්ගයක් පානයත් ගුණදායකයි. අක්මාව, අග්න්‍යාශය, පිත්තාශය, ආශ්‍රිතව හටගෙන තිබෙන පිළිකා සුවය සඳහා මොනරකුඩුම්බිය කැඳ, ඇඹරැල්ලා පොතු කැඳ, හීන්බෝවිටියා කැඳ, යකිනාරං කැඳ, ගුණදායකයි. මුත්‍රා පද්ධතිය ආශ්‍රිත පිළිකා සඳහා බෙහෙත් සාරණ කැඳ, පොල්පලා කැඳ, නීරමුල්ලිය කැඳ පානය කළ හැකියි. බඩවැල් ආශ්‍රිත පිළිකා ඇති අයට සුදුවෙල්ලන් කොළ කැඳ, කටුපිල කොළ කැඳ ආදිය ගුණදායකයි. ගුද මාර්ගයේ පිළිකා ඇති අයට කොහිල අල සහ කොහිල දළු කැඳ පානය කළ හැකියි. "
ඒ නිසාම ඉපැරණි හෙළ වෙද ශාස්ත්‍රයෙහි මහිමයෙන් සුව කළ හැකි පිළිකා රෝග තත්ත්වයන් තිබෙන නිසා ඒ සඳහා වූ සුවිශේෂ වූ ප්‍රතිකාර ගැනීමෙන් සුව සහනය සලසාගත හැකි බව ඔබට සිහිපත් කළ යුතුයි.
- සූලක්ඛන ජයවර්ධන -