ඉසිවර වෙද මැදුර-Isiwara weda medura

ඉසිවර වෙද මැදුර-Isiwara weda medura දේශීය හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ නිශ්පාදනය
Traditional & Ayurwedic tratments /Herbs

12/05/2025

පින්බර වෙසක් පොහෝ දිනක් වේවා 🙏🙏🌼🌼

24/04/2025

වියළි කැස්සට

❤️🙏
14/04/2025

❤️🙏

06/04/2025

සෞඛ්‍යයට අහිතකර පුරුදු ☠️

ගෙවතු වගාව සදහා ස්වාභාවික කෘමි නාශකයක් ඖෂධීය ශාකයක් වන කොහොඹ වලින් හදා ගන්නෙ කොහොම ද කියල බලමු .කොහොඹ කොළ   1kgගව මුත්‍ර...
28/03/2025

ගෙවතු වගාව සදහා ස්වාභාවික කෘමි නාශකයක් ඖෂධීය ශාකයක් වන කොහොඹ වලින් හදා ගන්නෙ කොහොම ද කියල බලමු .

කොහොඹ කොළ 1kg
ගව මුත්‍රා ලීටර් 1
ගොම 1 kg
වතුර ලීටර් 20

මෙම අනුපාතය තමන්ට අවශ්‍ය තරමට අඩු වැඩි කර ගන්න පුළුවන් .

පළමුව කොහොඹ කොළ කොටා හොදට තලපයක් වගේ අඹරා ගන්න .
එය වතුර ලීටර් 20 ට මිශ්‍ර කරන්න .ඊලගට ගව මුත්‍රා මිශ්‍ර කරල ටික වෙලාවක් කලතන්න.
එම මිශ්‍රණයට දැන් අමු ගොම ටික ටික මිශ්‍ර කරල විනාඩි 10ක් විතර කලවම් කරන්න .
ඊට පසු මිශ්‍රණය පැසීම සදහා බදුනේ කට වසා තබන්න.
එය දවසකට දෙවරක් කැලතිය යුතුයි.දවසකට පසු කෘමීන් පලවා හැරීම සදහා බාවිතා කරන්න පුළුවන් .
අවශ්‍ය වෙලාවට මෙයින් ටිකක් ගෙන රෙදි කැබැල්ලක් ගෙන පෙරා දියර ඉසින බෝතලයකට දමා පැල වලට ඉහින්න පුළුවන් .
මෙය දින පහක් පමණ තබා ගත හැකි අතර කොළ වල යුෂ උරා බොන පණුවන් හැරීමට ,කොළ කොඩ වීමේ රෝගයට සදහා සවස පහෙන් පසු ශාක පත්‍ර මතට යෙදීම සුදුසුයි.ඒ සදහා දින දෙකක් එක දිගට කළ යුතුයි .

උපුටා ගැනීම ගෙවත්තේ වගාව අත් පොතිනි.
ගොවි මහතෙකුගේ අත්දැකීම් ආශ්‍රයෙන් සකසා තිබූ කෘමි නාශකයකි.

දත් කැක්කුමට ,( ක්‍රිමි දන්තයට) බෙහෙත් 🌹එරඹදු දළු,උණ කපුරු ,මී පැණි සමග අඹරා රෙදි කඩක හෝ පුලුන් කෑල්ලක පොගවල දත මුල තියන...
16/03/2025

දත් කැක්කුමට ,( ක්‍රිමි දන්තයට) බෙහෙත්

🌹එරඹදු දළු,උණ කපුරු ,මී පැණි සමග අඹරා රෙදි කඩක හෝ පුලුන් කෑල්ලක පොගවල දත මුල තියන්න .

🌹කුඹුක් දළුවක් ගෙන ලුණු කැටයක් දමා අඹරල දත මුල තියන්න.

🌹බෙහෙත් ගොලුබෙලි සාරුව ටිකක් පුලුන් කෑල්ලක පොගවල දත මුල තබන්න .

🌹වලගසාල් නික කොළ යුෂින් අඹරා කකාරවා දත මුල තබන්න .

🌹 කරාඹු නැටි ,මූණ මල් පොතු ,කුරුදු පොතු තැම්බූ වතුරින් උදේ රාත්‍රි කට සෝදන්න.

දත වැඩිපුරම දිරා ගොස් ක්‍රිමින් ආසාදනය වී ඇත්නම් ආහාරණය හෙවත් දත ගලවා දැමිය යුතුයි .මුල් අවස්ථා වලදි සෙම නසන ප්‍රතිකාර හා ක්‍රිමින් නසන ප්‍රතිකාර වලින් වේදනාව සමනය කර ගත හැක.

වෛද්‍ය නිලූකා ප්‍රියදර්ශනී
ඉසිවර වෙද මැදුර
ගාල්ල

විෂ කටුවක් ඇනී පාදයේ හෝ අතේ ඇතුලේ ඇත්නම්,✍️අන්නාසි ගොබ,අමු කහ,පෙරුංකායම් ,උකු පොල් කිරි වලින් තම්බා අඹරා බදින්න .කටුව ඇද...
27/02/2025

විෂ කටුවක් ඇනී පාදයේ හෝ අතේ ඇතුලේ ඇත්නම්,
✍️අන්නාසි ගොබ,අමු කහ,පෙරුංකායම් ,උකු පොල් කිරි වලින් තම්බා අඹරා බදින්න .කටුව ඇදේ.
✍️කෝමාරිකා මද,පෙරුංකායම් උකු පොල් කිරි වලින් අඹරා මදක් රත් කර කටු ඇනුන තැන පාදා බදින්න .
වෛද්‍ය නිලූකා ප්‍රියදර්ශනී
ඉසිවර වෙද මැදුර

වටිනා ඖෂධීය ශාකයක් ගැන තොරතුරු ටිකක් දැනගමු🌿                 🌳🌳මදටිය🌳🌳විද්‍යාත්මක නම .Adenanthera pavoninaකුලය          ...
25/02/2025

වටිනා ඖෂධීය ශාකයක් ගැන තොරතුරු ටිකක් දැනගමු🌿

🌳🌳මදටිය🌳🌳

විද්‍යාත්මක නම .Adenanthera pavonina
කුලය .Fabaceae
ඉංග්‍රීසි නම .Red lucky seed
සංස්කෘත නම .ශිරීෂ
දේශීය නම .මදටිය

👉 මෙම ශාකයට ඇතැම් අය මාර යන නම යොදයි.මාර ලෙස වීදී වල හැදෙන විශාල ගස් වර්ගයක් ද ඇත.එය පැරැණ්නෝ වීදී මාර ලෙස හදුන්වා ඇත.මදටිය වලට වඩා එම ගස හා පත්‍ර වෙනස්ය.
මදටිය ගස අඩි 20ක් තරම් උසට වැඩේ.අතු බෙදී ගිය විශාල කදන් සහිත ගසකි.බෙදුන අතු වල සංයුක්ත පත්‍ර ඇත.මීටර් 6-12අතර ප්‍රමාණයේ කරල් දැකිය හැක.කරල් මේරූ පසු පුපුරා ගොස් රතු පාට ඇට ගහ යට දැකිය හැක.මල් සුදු පාට හා ලා කහ පාටට හුරුය.අපේ රටේ කුඩා ළමයින්ට එම ඇට ගණිත දැණුම වැඩි කිරීම සදහා යොදා ගන්නා අතර ,දේශීය වෙදකමේදී ද කිරුම් මිණුම් සදහා යොදා ගනී.

එනම් ,මදටිය ඇට එකක ප්‍රමානය අනුව ගුලි කල්ක මාත්‍රාව යොදා ගනී .කසාය ද්‍රව්‍ය මැනීමේදී මදටිය ඇට 20ක ප්‍රමානය කලං එකක් ලෙස බාවිතයේ එන මිනුම් ක්‍රමයකි .සාමාන්‍යයෙන් ඔලිද ඇට දෙකක ප්‍රමානය මදටිය ඇට එකක් ලෙස සදහන් කරයි .ඒ අනුව ඔලිද ඇටයක් 125mg ලෙස දක්වා ඇති අතර.මදටිය එකක බර ඒ අනුව 250mg වෙයි.

🌹චීනයේ මදටිය ඇට රතු පාට බැවින් ආදරයේ සංකේතයක් ලෙස ඔවුන් බාවිතා කරයි.ඒ වෙනුවෙන් සිහිවටන ලෙස විවිධ ආඹරණ නිර්මාණය කර වෙළද පොලේ ඇත.

ලංකාව,චීනය,ඇමෙරිකාව වැනි රට ⁣වල මේ ශාකය දැකිය හැක.ඉන්දියාව මව් රට ලෙස දක්වයි.

"ශිරීෂ පල්ලවං-ශීතං පිත්තාඝෘග් විෂ මර්ධනම්
කංඩු විස්ඵෝට-දාහඝ්නං නිරූණද්ධ්‍යඝෘජඃ සුවම්"
මදටිය පලාව ශීතලය,පිත ලේ දූෂිත වීම ,ශරීරයේ විෂ නැති කරයි.කැසිලි, බිබිලි, දැවිල්ල නසයි,ලේ වල වැගිරෙන බව අඩු කරයි.

(බුද්ධදාස රජතුමාගේ සාරාර්ථ සංග්‍රහයෙ ශ්ලෝක පාඨයකි)

මදටිය ඖෂධයක් වගේම රසවත් ආහාරයකි.මදටිය කොළ මද වේලාවක් තම්බල වතුර ඉවත් කර කවලම් පලා වලට හෝ රසවත් ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකි.
කොළ කැද සදහාද මදටිය කොළ යොදා ගත හැක.

එසේම අස්ථි සන්ධි වල වර්ධනයට ,කිරි වර්ධනයට එලුවන් අතර ඉතා ජනප්‍රිය කෑමක් ලෙස මෙය දක්වා ඇත .

දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීද බාවිතා කරන කසාය,ගුලි ,කල්ක,තෙල්,පත්තු ,මැල්ලුම් වර්ග සදහා විවිධ ලෙස මදටිය ශාකයේ අංග යොදා ගනු ලබයි.

ලේ පිරිසිදු වීමට,අස්ථි සන්ධි වල වේදනාව වලට,බඩවැල් ආශ්‍රිතව ඇති වන විෂබීජ ආසාදන වලට මදටිය පොතු තැම්බූ වතුර පානය ගුණයි.

කැඩුම් බිදුම් වෙදකමේදී ද අස්ථි සන්ධි සන්ධාන කිරීමට ,තැලීම් උලුක්කු ආදියට මදටිය කොල,පොතු යොදා ගන්නා පත්තු වර්ග හා තෙල් වර්ග යොදා ගනී.

කුරුලෑ ආසාදන සදහා මදටිය කොල යුෂ ආලේප කිරීම සුදුසුයි .
ඉස්හොරි ,උකුණන් සදහා මදටිය පොතු තෑම්බූ වතුරින් හිස සේදීම යහපත්ය.

කාටිලේජ ගෙවීම නිසා වන කොදු ඇට පෙලේ වේදනා ,සන්ධි වල වේදනාව ,ඉදීමීම ආදියට මදටිය පොතු චූර්ණය බිත්තර සුදු මදයෙන් අනා ආලේප කිරීම සුදුසුයි .

හමේ ඇති වන විසර ගෙඩි සදහාද මදටිය කොල යුෂ ආලේප කිරීම හා මදටිය ඇට වල මදය එලගිතෙලින් අබරා ආලේප කර හැක.

රත් හදුන් හා සමානව ලේ පිරිසිදු කිරීමේ ගුණයක් මදටිය වලට ඇති බැවින් කුඩා දරුවන්ගේ රත ගාය වැනි රෝග අවස්ථා වලදී ද මදටිය එන ඖෂධ යෝග ප්‍රතිකාර වලදී යොදා ගනී .

👉විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක් නම් මදටිය ඇට රත් පාට ලස්සන නිසා කුඩා දරුවන් කටේ දමා ගනී.ඒ ගැන දෙමව්පියන් සැලකිලිමත් විය යුතුයි .

දේශීය වෙදකමේදී මදටිය ගහේ,මුල් ,පොතු ,කොළ,ඇට ,මල් ආදී පංචාංගයම ඔසු පිණිස යොදා ගනී .

මූලාශ්‍ර. දේශීය වෛද්‍ය ග්‍රන්ථ හා ආයුර්වේද ඖෂධ ග්‍රන්ථ
වෛද්‍ය නිලූකා ප්‍රියදර්ශනී
ඉසිවර වෙද මැදුර
ගාල්ල .

Hibiscus shampoo 🌺🌺Best for hair growth
18/01/2025

Hibiscus shampoo 🌺🌺
Best for hair growth


ඔබ සැමට නිදුක් නිරෝගී නව වසරක් වේවා Welcome 2025❤️❤️
01/01/2025

ඔබ සැමට නිදුක් නිරෝගී නව වසරක් වේවා
Welcome 2025❤️❤️

Cinnamon leaves  🍃
29/12/2024

Cinnamon leaves 🍃

ඖෂධීය සබන් පැරණි වට්ටෝරුවක් අලුත් විදියට 🌱🥰කුරලෑ. ලප කැලැල් .අදුරු පැල්ලම් නැති කර ගැනීමට සමේ වියළි බව නැති කර ගැනීමට බා...
14/12/2024

ඖෂධීය සබන්
පැරණි වට්ටෝරුවක් අලුත් විදියට 🌱🥰
කුරලෑ. ලප කැලැල් .අදුරු පැල්ලම් නැති කර ගැනීමට සමේ වියළි බව නැති කර ගැනීමට බාවිතා කළ හැක.

Address

Galle
80000

Opening Hours

Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+40760128798

Website

Alerts

Be the first to know and let us send you an email when ඉසිවර වෙද මැදුර-Isiwara weda medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category