Mahamevnawa Galle

Mahamevnawa Galle ගාල්ල මහමෙව්නාව භාවනා අසපුව

18/07/2025
🗓මේ ඉරිදා🕖 සවස 7ට..සුපින්බර වස්සාන සමයේ අරුත්බර සදහම් දෙසුම් මාලාව 🌧🪷 2️⃣වන ධර්ම ද‍ේශනාව...
17/07/2025

🗓මේ ඉරිදා🕖 සවස 7ට..
සුපින්බර වස්සාන සමයේ අරුත්බර සදහම් දෙසුම් මාලාව 🌧🪷 2️⃣වන ධර්ම ද‍ේශනාව...

17/07/2025

තුසිත දෙව්ලොවෙන් ඇසෙන පිනක කතාවක් | Ven.Ankumbure Amithadeepa Thero

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව අසපුවේ වස්සාන ධර්ම දේශනා මාලාව...🌧🌧🪷🪷🪷ප්‍රථම දම් දෙසුම මේ මස 13 වන ඉරිදා දින අසපුවේ අභිනව ධර්ම ශ...
15/07/2025

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව අසපුවේ වස්සාන ධර්ම දේශනා මාලාව...🌧🌧🪷🪷🪷

ප්‍රථම දම් දෙසුම මේ මස 13 වන ඉරිදා දින අසපුවේ අභිනව ධර්ම ශාලා මන්දිරයේ දී දහසකට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් අති සාර්ථකව පැවැත්වුණු වගයි.

🟥බුදු සසුනේ මහානීය අනුපිළිවෙල කතාව සහ චතුරාර්ය සත්‍යය අරුත්බර සදහම් දේශනා මාලාව පළවෙනි දෙසුම

මාතෘකාව- අත්හැරීමෙන් සතුටුවන්න...

(අකිත්ති ජාතකය සහ සප්පුරිසදාන සූත්‍රය ඇසුරෙන්)

ප්‍රධාන දායකත්වය ප්‍රවීණ ව්‍යාපාර අධ්‍යයන දේශක චරක ධනංජය ගුරු පියාණන්, ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක ලකී චතුරංග ගුරු පියාණන් ඇතුළු පින්වතුන්

සංවිධානය - එම ගුරු පියවරුන්ගේ කාර්ය මණ්ඩලය, දූ දරුවන් සහ පවුලේ ඥාතීන් සහ ගාල්ල මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන්...

රැස් වූ සියලු පින් අභිනව දම්සභා මණ්ඩපය තැනවීම සඳහා දායකත්වය ලබා දුන් ඔබ සැමටත් දැකබලා අනුමෝදන් වන ඔබටත් අනුමෝදන් වේවා!!!

🟤🟤 මීළඟ වස්සාන සදහම් දේශනාව

⚪️පින්වත් සෙවනගල උදිතානන්ද ස්වාමීන් වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන්

🗓 ජූලි 20 ඉරිදා

🕖සවස 7.00 ට
🟠 අභිනව ධර්ම ශාලා මන්දිරයේදී පවත්වනු ලැබේ.

◼️ධර්ම දේශනාවට පෙර - සවස 5.30 ට විශේෂ තෙරුවන් වන්දනාව සහ

◼️ධර්ම ද‍ේශනාවට පසු - බත් දන්සල පැවැත්වේ..

✉️මේ පණිවිඩය ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න...

සුපින්බර වස්සාන සමයේ අරුත්බර සදහම් දෙසුම් මාලාවේ.. දෙවැනි සුමධුර ධර්ම දේශනාව...සැදැහැ සිතින් ඔබත් පැමිණෙන්න....
15/07/2025

සුපින්බර වස්සාන සමයේ අරුත්බර සදහම් දෙසුම් මාලාවේ.. දෙවැනි සුමධුර ධර්ම දේශනාව...

සැදැහැ සිතින් ඔබත් පැමිණෙන්න....

පින්බර වස්සානයේ අරුත්බර සදහම් දෙසුම් මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව 🙏🪷🪷ඔබගේ මිතුරන් සමග මේ පණිවිඩය බෙදාගන්න 🙏
12/07/2025

පින්බර වස්සානයේ අරුත්බර සදහම් දෙසුම් මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව 🙏🪷🪷

ඔබගේ මිතුරන් සමග මේ පණිවිඩය බෙදාගන්න 🙏

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට 🙏🪷‘දානකථා,🪷 ශීලකථා 🪷ස්වර්‍ගකථා 🪷කාමයන්ගේ ආදීනව, 🪷කාමයන්ගේ ලාමක බව, 🪷කාමයන්ගේ ක...
11/07/2025

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට 🙏
🪷‘දානකථා,
🪷 ශීලකථා
🪷ස්වර්‍ගකථා
🪷කාමයන්ගේ ආදීනව,
🪷කාමයන්ගේ ලාමක බව,
🪷කාමයන්ගේ කිලිටි බව,
🪷කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද යන අනුපූර්‍ව කථාව
(දානාදි පිළිවෙළින් කියන ධර්‍මකථාව) පැවැසූ සේක.

යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහු (කෙලෙස් යටපත් වීමෙන්) නීරෝග සිතැත්තහු, මොළොක් සිතැත්තහු කාමච්ඡන්දදි නීවරණ යටපත්ව ගිය සිතැත්තහු ඔදවැඩි සිතැත්තහු, පහන් සිතැත්තහු දත්සේක් ද, එ කල්හි දුක ද දුඃඛසමුදය ද නිරෝධය ද මාර්‍ගය ද යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික දේශනාවෙක් වේ ද එය පැවැසූසේක. පහ වූ කළු බව ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම්සේ මනාකොට ම රඳන් උරා ගන්නේ ද, එසේ ම අනේපිඬු සිටුහට එ අස්නෙහි දී ම ‘යම් කිසිවෙක් ප්‍රත්‍යයෙන් හටගන්නාසුලු ද ඒ සියල්ල නැසෙන සුලුයැ’ යි කෙලෙස් රජසින් තොර, පහවූ කෙලෙස් මලැති, දහම් ඇස (සෝවන් මඟ නුවණ) පහළ විය.

සුපින්බර වස්සාන සමයේ ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපු භූමියෙන් සැදැහැති ඔබ වෙනුවෙන් තිලිණ වන සොඳුරු ධර්ම දේශනා මාලාව...🌧🌧

🌕සුපින්බර ඇසළ පුන් පොහොය දින ගාල්ල මහමෙව්නාව අසපු භූමියේ අභිනව ධර්ම ශාලා භූමියේ දී පවත්වන ලද වස් ආරාධනා පුණ්‍ය අවස්ථාව.....
11/07/2025

🌕සුපින්බර ඇසළ පුන් පොහොය දින
ගාල්ල මහමෙව්නාව අසපු භූමියේ අභිනව ධර්ම ශාලා භූමියේ දී පවත්වන ලද වස් ආරාධනා පුණ්‍ය අවස්ථාව...🌝🪷🙏

සැදැහැතියන් හට අනුත්තර පින් ඵල උපදවන සුපින්බර වස්සාන සමය මෙසේ ආරම්භ වූ වගයි...🌧🌧

ජූලි මස හතරවන දින අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු ප්‍රාදේ...
06/07/2025

ජූලි මස හතරවන දින
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරී පින්වතුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පරිපාලන කටයුතු සිදුකරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී පින්වතුන් ඇතුළු ඒ ඒ ආයතනයන්ට අනුබද්ධ සැදැහැවත් පින්වතුන්ගේ සහභාගීත්වයෙන් සුවිශේෂී සීල භාවනා වැඩසටහනක් පින්බර ඇසළ පුන් පොහොය නිමිති කරගෙන ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව ධර්ම ශාලා මන්දිරයේදී ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණා. ඒ සඳහා සංවිධාන කටයුතු කළ උදව් උපකාර කළ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා!!!

පවුල ම බෞද්ධ කරමින් අද වැනි දිනක ජන්ම ලාභය ලදඅතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ (Biography)👇 https://w...
01/07/2025

පවුල ම බෞද්ධ කරමින් අද වැනි දිනක ජන්ම ලාභය ලද
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ (Biography)👇
https://www.youtube.com/watch?v=mQBlwq-L4jA
උන්වහන්සේගේ උතුම් පැවිදිබව දක්වා වූ ජීවිත කතාව නරඹන්න.. 💐💐💐

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුව සැලසේවා!!!

26/06/2025

Send a message to learn more

Address

Galle

Telephone

+94712500708

Website

https://tripitaka.online/

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahamevnawa Galle:

Share