Isiwara Pharmacy & Grocery

Isiwara Pharmacy & Grocery Pharmaceutical

02/08/2024
First flow New shop &  items ❤
02/08/2024

First flow
New shop & items ❤

New Isiwara pharmacy.&Grocery
08/05/2024

New Isiwara pharmacy.&Grocery

29/11/2022
04/08/2020

සේලයින් ගැන හරියට දැනගමු.........🚑❤

ලෙඩාට සේලයින් දෙනවා? සේලයින් එකක් දුන්නොත් හොඳයි!

සේලයින් දෙන්නේ ලෙඩාට ගොඩාක් අමාරු ඇති!

මොකක්ද මේ සේලයින්? අද අපි සේලයින් ගැන කතා කරමු.

ඇත්තටම සේලයින් කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්නා ලුණු Nacl - හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් ඉතා ස්වල්පයක් මිශ්‍ර වූ පිරිසිදු වතුරයි.

ඇත්ත තත්ත්වය ඒක වුණත් සම්පූර්ණයෙන් විෂබීජ රහිතව සිරුරට විෂ නැති ප්ලාස්ටික් බෝතලයක ගබඩා කර, විද්‍යානුකූලව නිපදවන ලද සේලයින් බෝතලය, පහසුවෙන් තියෙන බෙහෙත් කර්මාන්තශාලාවක තමයි නිපදවන්න පුළුවන් වෙන්නේ.

ඒ වගේම ප්ලාස්ටික් බෝතලයක එල්ලා, ප්ලාස්ටික් බටයක් දිගේ (Drip set) රෝගියාගේ ශරීරයේ නහර තුළට (ශිරාවක් ඇතුළට හෙවත් Intravenous) දෙනු ලබන හැම බෙහෙතක් ම “සේලයින්” ලෙස හඳුන්වන්නට වෛද්‍ය නොවන සාමාන්‍ය ජනතාව පුරුදුවෙලා තියෙනවා.

ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. සේලයින් බෝතලයේ හැඩරුව ඇති ඖෂධ වර්ග රාශියක් එලෙස ලබා දෙනවා. උදාහරණ ලෙස 5% ග්ලූකෝස් ද්‍රාවණය රුධිරය අඩු වු විට දෙන ප්ලස්මා වැඩිකරන දේවල් හෙවත් Plasma expanders, මුඛයෙන් ආහාර නොගන්නා විට දෙන ආහාරමය ඖෂධත්, අධික පාචනය, වමනය නිසා රුධිර පොටෑසියම් අඩු විටෙක දෙන “හාට්මාන්” නම් ඖෂධයත් තවත් එවැනි ඖෂධ කිහිපයකුත් හඳුන්වන්න පුළුවන්.

නමුත් ඉතා බහුලව පාවිච්චි කරන සේලයින් ද්‍රාවණය “සාමාන්‍ය සේලයින්” හෙවත් “Normal Saline” ලෙස හඳුන්වනවා. අද අපි ඒ සේලයින් ගැන කතා කරමු. මම මුලින් සඳහන් කළ පරිදි ආහාරයට ගන්නා ලුණු හා ජලය එකතුවෙන් තමයි මේ සේලයින් ද්‍රාවණය නිපදවන්නේ. මෙ සේලයින්වල ලවණ තත්ත්වය එහෙම නැතිනම් ලුණු ගතිය (Osmloality) ශරීරය ඇතුලේ තරලවල ලවණ ගතියට සමාන නිසා ශරීරයට අයිති තරලයක් වගේ ශරීරය ඇතුලේ හැසිරෙනවා. ඒ නිසා සේලයින් වතුරෙන් අපිට ප්‍රයෝජන රාශියක් ලබාගන්න පුළුවන් වෙනවා.

1 ප්‍රධාන වශයෙන් ශරීරයට ජලය හා ලවණ අවශ්‍ය වූ විට උදාහරණයක් ලෙස වමනය, පාචනය, අධික දහදිය ආදී ලවණ හා ජලය ශරීරයෙන් පිටතට යන අවස්ථාවල.

2 අධික රුධිර වහනය වැනි අවස්ථාවක රුධිරය ලබා දෙන තෙක් හා සාමාන්‍ය රුධිර වහනයකදී ප්‍රතිකාරයක් ලෙසත් සාමාන්‍ය සේලයින් වැදගත් වෙනවා.

3 කම්පන තත්ත්වයක් (shock State) ශරීරයේ රෝගාබාධයක් නිසා රුධිර පීඩනය ඉතාමත්ම අඩු වී කම්පන තත්ත්වයක් ඇති වූ විට රුධිර පීඩනය වැඩිකිරීමට.

4 ශල්‍යකර්මවලදී ශරීරය ඇතුළත පිරිසිදු කිරීමට ජලය වෙනුවට සාමාන්‍ය සේලයින් භාවිතා වෙනවා.

5 ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියන් පිරිසිදු කිරීමටත්, තුවාල පිරිසිදු කිරීමටත්, ඒ ඒ ස්ථානයන්ට පමණක් සේලයින් පාවිච්චි කරනු ලබනවා.

6 මීට අමතරව සමහර බෙහෙත් වර්ග, විටමින් ආදිය ශරීරය තුළට ලබා දෙන මාධ්‍යයක් ලෙසත් භාවිතා කරනවා.

සේලයින් ශරීරයට ලබා දෙන්නේ කොහොමද?

අපේ ශරීරයේ විශේෂයෙන් අත පය ආදී ප්‍රදේශවල ඉලිප්පී පෙනෙන නහර විශේෂය “ශිරා” යනුවෙන් හඳුන්වනවා. මේ ශිරාවන්වලින් කෙරෙන්නේ හෘදය වෙතට රුධිරය නැවත රැගෙන ඒමයි. (හෘදයෙන් ඉවතට යන නහර “ධමනි” ලෙස හඳුන්වනවා. මේ ධමනි ටිකක් ගැඹුරින් පිහිටා ඇති නිසා සම ආසන්නව පෙනෙන්නේ නැහැ. “නාඩි වැටීම” ලෙස අපට දැනෙන්නේ, සමහර ස්ථානවලදී ධමනිය අහුවෙන විටයි. උදා: අතේ මැනික් කටුවට පහළින්) ඉතිං මම කලින් කියපු ශිරාවක් තුළට ඉදිකටුවක් (needle) හෝ ප්ලාස්ටික්වලින් හැදුන කැනියුලාවක් (Canula) මගින් තමයි සේලයින් ශරීරය තුළට ලබා දෙන්නේ.

සේලයින්වල අතුරු ආබාධ නැද්ද?

නැතිවාම නෙවෙයි. සේලයින් ශරීරය තුළට දෙන්න සිදුවන අවස්ථා සලකා බැලුවාම ඒ අතුරු ආබාධ වැදගත්කමින් අඩුවෙනවා. සමහර විට මඳ උණ ගතියක්, සේලයින් විදපු ස්ථානයේ විෂබීජ ආසාධනයක්, ශිරාව ඇතුලේ ඉදිමීමක්, රුධිර කැටි ඇතිවීමක් හෝ නහරයෙන් පිටතට යාමක් නිසා ඒ ස්ථානය ඉදිමීමත් දකින්නට පුළුවන්.

මීට අමතරව මුහුණේ ඇස් යට ඉදිමීමක් හා හෘදය වස්තුව ඉතා දුර්වල වූ අවස්ථාවක (Heart failure) කෘත්‍රිමව දෙන සේලයින් පොම්ප කර ගැනීම බැරි වූ විට හා වකුගඩු නරක් වූ විට පෙනහළුවල ඉදිමීමක් හෙවත් වතුර ගතිය වැඩිවීමක් පවා සිදුවන්න පුළුවන්. නමුත් වෛද්‍යවරු මේ ඖෂධ දීමේදී ඉතා සැලකිලිමත් ලෙස මාත්‍රාව හසුරුවන නිසා මෙවැනි දේ ඉතා කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.

ඉතිං සේලයින් කියන්නේ තරමක් සංකීර්ණ මාතෘකාවක් වුණත් පාඨක ඔබට සේලයින් ගැන මූලික අදහසක් මේ ලිපියෙන් ලැබුණා කියලා මම හිතනවා. ඇත්තටම අපි රෝගී වූ විට සේලයින් අපිට යම්කිසි ජීවයක් ලබා දෙනවා කියන එක සේලයින් භාවිතා කරන අවස්ථා දිහා බැලුවාම ඇත්තක් කියලා කියන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න සේලයින් ලබා දිය යුත්තේ ඇත්තටම සේලයින් අවශ්‍යම විටෙක පමණක් නිසා “සේලයින් ටිකක්වත් දුන්නේ නැහැ කියලා” හිත නරක් කර ගන්නත් එපා.

උපුටා ගැනීමකි
වෛද්‍ය මහින්ද හේමප්‍රිය
ශික්ෂණ රෝහල
රාගම

04/08/2020

පණුබෙහෙත්(මෙබෙන්ඩසෝල්) ගැන හරියට දැනගමු.........🚑❤

🌸ශ්‍රී ලoකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ,ළමාරෝග විශේෂඥවරුන්ගේ සoගමය සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ සoගමය සමග එක් වෙලා හදාපු පණු රෝග අවම කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය අනුව තමයි මේ සටහන ලියල තියෙන්නේ.( ).
🌸ලoකාවේ කුඩා දරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට පණුබෙහෙත් ලබා දීමේදී ප්‍රදේශ අනුව කොටස් දෙකකට වෙන් කරල තියනවා.
1. අධි අවදානම් ප්‍රදේශ
ඌව, සබරගමුව, මධ්‍යම
2. මධ්‍යස්ථ අවදානම් ප්‍රදේශ
අනෙකුත් සියලු පළාත්
🌸මධ්‍යස්ථ අවදානම් ප්‍රදේශ වල උනත් පණු රෝග පැතිරීමේ හැකියාව වැඩි පාසැල් හෝ කර්මාන්ත ආයතන තිබේ නම් ඒවායේ අධි අවදානම් ප්‍රදේශ වල විදිහට බෙහෙත් ලබා දීම කරනවා.

#පස හරහා බෝවෙන පණු රෝග නිසා ඇති වන ගැටලු
🌼ආහාර වල තියන පෝෂණ කොටස් අවශෝශනය අඩු වීම
🌼නීරක්තිය
🌼ආහාර රුචිය අඩු වීම
🌼පාචනය
🌼බඩවැල් අවහිර වීම
🌼ආන්ත්‍රික සහ පිත්ත ප්‍රනාල අවහිර වීම
🌼බුද්ධි වර්ධනයේ ගැටලු ඇති වීම දීර්ඝ කාලීන අතුරුපල වේ..

#අධි අවදානම් ප්‍රදේශ වල පණු බෙහෙත් දෙන ආකාරය~

🌲~වයස අවුරුදු 5 ට අඩු දරුවන් සඳහා~
🍁වසරකට දෙවතාවක් පණුබෙහෙත් දිය යුතුයි.
🍁වයස මාස 18 සිට වයස අවුරුදු 5 දක්වා මාස හයකට වරක් #විටමින්A අධිමාත්‍රාව සමඟ #මෙබෙන්ඩසෝල් 500 mg තනි පණු පෙත්ත දිය යුතුයි .මෙහිදී මාස 18 සිට අවුරුදු 3 දක්වා දරුවන්ට හැඳි තල දෙකක් මැද පෙත්ත තබා කුඩු කර දෙන්න.
🍁පෙර පාසල් හෝ පාසල් දරුවන්ට වයස 5 සම්පූර්ණ වීමේදී විටමින් A අධි මාත්‍රාව එක්ක සායනයෙන් පණුබෙහෙත් දෙනවා.

🌲🌲~පාසල් දරුවන් සඳහා~
🍁වසරකට දෙවතාවක් පණුබෙහෙත් දිය යුතුයි .
🍁1 වසරේ සිට 13 වසර දක්වා දරුවන් ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම මෙබෙන්ඩසෝල් 500 g තනි පෙත්ත දිලා ඉන්පසු සති 24 එකදිගට යකඩ, ෆෝලේට්, විටමින් C පෙති ලබා දෙනවා.මෙම පෙත්ත මාස හයකින් නැවත ලබා දිය යුතුය.

🌲🌲~ගර්භණී මව්වරුන් සඳහා ~
🍁මුල් තුන්මසෙන් පසු යකඩ පෙති ලබා දීම ආරම්භයේ දීම මෙබෙන්ඩසෝල් 500g පෙත්ත දෙනු ලැබේ.

#මධ්‍යස්ථ අවදානම් ප්‍රදේශ වල පණු බෙහෙත් දෙන ආකාරය~

🌲~වයස අවුරුදු 5 ට අඩු දරුවන් සඳහා~
🍁වසරකට එක්වරක් පණුබෙහෙත් ලබා දිය යුතුයි.
🍁වයස මාස 18 සිට වයස අවුරුදු 4 දක්වා විටමින් A අධිමාත්‍රාව සමඟ මෙබෙන්ඩසෝල් 500 mg තනි පණු පෙත්ත දිය යුතුයි .මෙහිදී මාස 18 සිට අවුරුදු 3 දක්වා දරුවන්ට හැඳි තල දෙකක් මැද පෙත්ත තබා කුඩු කර දෙන්න.
🍁පෙර පාසල් හෝ පාසල් දරුවන්ට වයස 5 සම්පූර්ණ වීමේදී විටමින් A අධි මාත්‍රාව එක්ක සායනයෙන් පණුබෙහෙත් දෙනවා.

🌲~පාසල් දරුවන් සඳහා~
🍁වසරකට වරක් පණුබෙහෙත් දිය යුතුයි .
🍁1 වසරේ සිට 13 වසර දක්වා දරුවන් ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම මෙබෙන්ඩසෝල් 500 g තනි පෙත්ත දිලා ඉන්පසු සති 24 එකදිගට යකඩ, ෆෝලේට්, විටමින් C පෙති ලබා දෙනවා.

🌲~ගර්භණී මව්වරුන් සඳහා ~
🍁මුල් තුන්මසෙන් පසු යකඩ පෙති ලබා දීම ආරම්භයේ දීම මෙබෙන්ඩසෝල් 500g පෙත්ත දෙනු ලැබේ.

#පණුරෝග අවම කිරීම සඳහා කල යුතු දේ~
🌷ආහාර පිළියෙල කිරීමට පසු, ආහාර ගැනීමට පෙර, වැසිකිලි යාමෙන් පසු දෑත් සබන් යොදා සේදීම.
🌷වැසිකිලි නිසි ආකාර පරිහරණය.
🌷කුඩා දරුවන් සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීම.
🌷පාවහන් භාවිතය හුරුකිරීම

🌼පනුවන් සඳහා බෙහෙත් බීමේදී සියලු දෙනා එකම දිනයකදී එකට පණුබෙහෙත් බොන්න ඕනේ.
🌼පණුබෙහෙත් බීමෙන් පසු බුරුල් නොවන තද යට ඇඳුම් ඇන්ඳවන්න.
🌼පහුවදාට ඇඳේ බෙඩ්ශීට් ඒවගේම ඇඳගෙන හිටපු ඇඳුම් සියල්ල හෝදන්න.බිම මොප් කරල පිරිසිදු කරන්න.
🌼නාවන්න එපා කියන මතය සමාජයේ තිබුනත් මේ කාලයේ පණුවන් පිටවන නිසා දරුවා නාවා හොඳින් පිරිසිදු කරගැනීම අත්‍යාවශ්‍යයි.
🌼සමහර ආහාර වර්ග පණුබෙහෙත් එක්ක ගන්න එපා කියල කිව්වත් ඒවායේ විද්‍යාත්මක සත්‍යයක් නැහැ.

🌻ලබා දීමේ පහසුව නිසා දියර පණු බෙහෙත් අම්මලා අතර හරිම ජනප්‍රිය යි.
🌻මේ බෙහෙත් වර්ගය සහ එහි ක්‍රියාකාරිත්වය මෙබෙන්ඩසෝල් පෙත්තට බොහොම සමාන උනත් වෛද්‍ය අවවාදයක් සහිතවම ලබා ගැනීම වැදගත්.

උපුටා ගැනීමකි
Samadhi

02/08/2020

තයිරොක්සින් ගැන හරියට දැනගමු.........🚑❤

ඔබත් තයිරොක්සින් ගන්නවාද

නිර්මලී හොඳ දැරිවියක්. ඇගේ අම්මා ගැන දක්වන උනන්දුව සායනයේ අනෙකුත් රෝගීන් අතර කැපී පෙනුණා. ඇගේ අම්මා තයිරොක්සින් අඩුකම හින්දා වසර ගණනාවක සිට බෙහෙත් ගත්තා. අම්මගේ රෝගී තත්ත්වය ගැන අම්මටත් වඩා සංවේදී වුණේ නිර්මලී යි.

දවසක් ඇය තම අම්මත් සමඟ සායනයට ආවා. සුපුරුදු පරිදි අම්මාටත් වඩා රෝගය ගැන කතා කළේ නිර්මලී යි.

‘ඩොක්ටර් අම්මාගේ බර ටිකක් වැඩිවෙලා වගේ. ටිකක් වෙනදටත් වැඩිය කම්මැලිකමකුත් පේනවා’

‘ඇයි ඩොක්ටර් එහෙම වෙන්නෙ ?’

ඇත්තටම හේතු කාරණා ගොඩක් නිසා එහෙම වෙන්න පුළුවන්. බොහෝ දුරට තයිරොක්සින් අඩුවන්නට පුළුවන්. මොකද තයිරොක්සින් අඩු රෝගියෙකුගේ බර වැඩිවෙනවා,

1 ආහාර අරුචිය, බඩ වේලීම, අලස ගතිය වැඩිවීම, ශීතලට ඔරොත්තු දීම අඩුවීම, කොණ්ඩය තුනී වීම හෝ අධිකව ගැලවී යාම

2 සමෙහි ගොරෝසු භාවය

3 ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම

4මානසිකත්වය දුර්වල ස්වභාවයක් ඇතිවීම

වැනි කාරණා ඉස්මතු වෙනවා නම් තයිරොක්සින් ලැබෙන ප්‍රමාණයේ මදිවීමක් හෝ ශරීරයට තයිරොක්සින් අවශ්‍යතාවයේ ප්‍රමාණය වැඩිවීමක් හෝ ඇති වන්න පුළුවන්.

‘ඒ කියන්නේ ඩොක්ටර් අම්මා ගන්න පෙති ප්‍රමාණය මදිද ?’

ඇත්තටම ඒක මදි කියන කාරණයට අමතරව ගන්නා ආකාරයත්, බෙහෙත් පෙති ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා.

‘ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩොක්ටර්. . .’

අපි මේ තයිරොක්සින් පෙති රෝගියාට දෙන්නේ එයාගේ ඇගේ තයිරොක්සින් නිපදවෙන්නේ නැතිනිසා. ඒ නිසා ඒක ජීවිත කාලය පුරාවටම වගේ වෛද්‍ය උපදෙස් මත ගන්න වෙනවා. මේකෙදි අපි ගන්න පෙත්තත්, එහි ගුණාත්මක බවත් පෙත්ත ගන්නා ආකාරයත්, අපට තියෙන අනිකුත් ලෙඩ රෝග හා ඒවාට ගන්නා බෙහෙත් වර්ගත් වැදගත් වෙනවා.

‘ඒ කියන්නේ ඒක ටිකක් සංකීර්ණ තත්ත්වයක් ?’

අපොයි නැහැ. පෙනුමට එහෙම වුණාට අවශ්‍ය වන්නේ සරල උපදෙස් පිළිපැදීමක් විතරයි.

‘ඉතින් අපි මොනවද මේකට කරන්න ඕන ?’

පළවෙනි කාරණය පෙත්ත නොවරදවාම ගන්න ඕන. ඒක දිනපතා එකම වෙලාවක ඒ කියන්නේ බොහෝ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව උදේට හිස් බඩට ගැනීම වැදගත්. අපි ගන්නා ආහාර සමඟ කළවම් වුණොත් පෙත්ත ශරීරයට උරා ගන්නා ප්‍රමාණයන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා උදේ පෙති බිව්වාට පැයකට පමණ පසු උදේ ආහාරය ගන්න පුළුවන් නම්, පෙති ඇඟට උරා ගැනීම වැඩි වෙනවා.

මේක නීතියක් වගේ ක්‍රියාත්මක කරනවාට වඩා වැදගත් වෙන්නේ පුරුද්දක් ලෙස පෙති ගැනීම හා ආහාරය අතර නියමිත පරතරයක් (පැය 1 / 2 හෝ පැයක් හෝ වෙනත් කාලයක්) පවත්වා ගෙන යෑමයි. ඒ වගේ වෙලාවට ශරීරයට හැමදාම එකම තයිරොක්සින් ප්‍රමාණයක් ලැබෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්. වෛද්‍යවරයාට තියෙන්නේ ඒ පෙති ප්‍රමාණය එහා මෙහා කරන එක විතරයි.

‘එතකොට පෙත්තේ ගුණාත්මක භාවය වැදගත් නැද්ද ?’

වෙළෙඳ පොළේ තයිරොක්සින් ඖෂධය ආකාර දෙකකට තියෙනවා. එකක් වෙළෙඳ නාමය යටතේ එන පෙති හා අනෙක ඖෂධීය නාමය යටතේ එන පෙති. මේවා අදාළ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එන නිසා සාමාන්‍යයෙන් වරදක් සිදුවීමට ඇති ඉඩකඩ අවමයි. ඉඳහිට සිදුවන සිදුවීමක් අපි සාමාන්‍ය වශයෙන් ගන්න හොඳ නැහැ. ඖෂධීය නාමයෙන් එන ඒවා මිලෙන් අඩුවීම රෝගියාට පහසුවක්.

අනෙක් අතට වෙළෙඳ නාමයෙන් එන ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ ඒවා නිපදවන ආයතන වගකීමක් දැරිය යුතු නිසා, ඔවුන් ඒ පිළිබඳ ඉතා සැලකිලිමත් වෙනවා. රෝගියා කළ යුත්තේ තමන්ගේ වෛද්‍යවරයත් එක්ක සාකච්ඡා කරලා, තමන්ට තමන්ගේ වියදමට ගැලපෙන පෙත්තක් තෝරා ගැනීමයි. එහෙම නැතුව පෙති ගැන අවිශ්වාසයෙන් කටයුතු කිරීම ගැන දෙපාරක් හිතන්නම වෙනවා.

‘ඒ කියන්නේ ඩොක්ටර් තමන්ට ගැලපෙන පෙත්ත දිගටම භාවිත කිරීම වැදගත් කියලද ?’

ඇත්තටම ඔව්. වඩාත් වැදගත් වන්නේ තමන්ගේ වියදමට ගැලපෙන එකම පෙති වර්ගයක් දිගටම භාවිත කිරීමයි. වෛද්‍යවරයාට රුධිරය පරීක්ෂා කරලා ඒ ප්‍රමාණයේ අවශ්‍ය වෙනස්කම් කරගන්න පුළුවන්. එසේම ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්.

මේ ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ මීට වසර 1 1 / 2 කට පමණ පෙර ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවාද ?

මේ ඖෂධය පිළිබඳ කාලයකට ප්‍රථම ඇතිවී තිබූ ගැටලුව තමයි ඖෂධ නිෂ්පාදනයේදී නිසි ගුණාත්මක බවක් නොමැති වීම. එසේ නොමැතිව මෙය බෝතලයේ හෝ දවටනයේ වූ ගැටලුවක් නොවෙයි. ඖෂධය නිෂ්පාදනය වීමේ දීම නිසි ප්‍රමිතියට අදාළව එය නිෂ්පාදනය වූවා නම්, ඉහත ගැටලුව ඇති වන්නේ නැහැ. ඒ අනුව අසුරනය පිළිබඳ ගැටලුවකුත් නැහැ. මෙහිදී අදාළ ඖෂධය නිසි ප්‍රමිතියට අනුව නිපදවීම වැදගත් බව කිව හැකියි.

කෙසේ නමුත් මේ වන විට ඉහත ගැටලුවත් විසඳී තිබෙනවා. ඒ අනුව රෝගියාට විශ්වාසයෙන් යුතුව අදාළ ඖෂධය භාවිත කිරීමේ හැකියාවද තිබෙනවා. මේ අනුව කිසියම් පුද්ගලයෙකු තයිරොක්සින් හෝර්මෝනයේ අඩුවීමකින් පෙළෙනවා නම්, වෛද්‍ය උපදෙස් මත තයිරොක්සින් හෝර්මෝනය අදාළ මාත්‍රාවට අනුවම ලබා ගැනීම ඉතා වැදගත්.

ගුªණාත්මක භාවයට අමතරව තව මොනවද ඩොක්ටර් බලපාන දේවල් ?

මම කලින් කිව්වා ආහාරයේ බලපෑම. ඊට අමතරව පෙත්ත නිති පතා පිළිවෙළට ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට කලබල වෙලා වැඩිපුර ගන්න හොඳ නැහැ. ඊළඟ දවසේ නියමිත වෙලාවට ගත්තාම ඇති. හදිසි වෙලා පෙති ගැනීමෙන් මාත්‍රාව වැඩි වී අතුරු ආබාධ ඇති වන්න පුළුවන්. වඩාත් වැදගත් වන්නේ පෙති දිනපතා බොන්න වැඩපිළිවෙළක් ඒ කියන්නේ නියමිත වේලාවක් ඇස ගැටෙන ස්ථානයක් ඒ පිළිබඳ මතක් කිරීමේ ක්‍රමයක් වගේ සැලැස්මක් හදා ගන්න එක. ඊට අමතරව අපි ගන්නා වෙනත් බෙහෙත් වර්ගත් මේ පෙත්තේ ක්‍රියාකාරීත්වයට බලපානවා.

ඒ ගැනත් ටිකක් කිව්වොත් ඩොක්ටර් ? මොකද අපේ අම්මා තව ලෙඩවලට බෙහෙත් බොනවනේ ?

සමහර බෙහෙත් වර්ගවලින් තයිරොක්සින් පෙත්තේ ක්‍රියාකාරී බව වැඩි කරනවා වගේම සමහර පෙති වර්ගවලින් ක්‍රියාකාරී බව අඩු කරනවා. ඒ නිසා ඒ බෙහෙත් වර්ග ගැන වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කළායින් පසුව ප්‍රශ්නයක් ඇතිනම් ඒවා ගන්න වෙලාවල් වෙනස් කිරීම වගේ දේවල් මගින් හා විකල්ප බෙහෙත් පාවිච්චි කිරීම මගින් මෙයට සාධාරණයක් ඉටු කර ගන්න පුළුවන්.

නිර්මලී අම්මාගේ අලුත් බෙහෙත් පරීක්ෂා කරලා මම ඒ ගැන කියන්නම්.

බොහොම ස්තුතියි ඩොක්ටර් මේ ගැන තවත් දැනගත යුතු විශේෂ දේවල් තියෙනවද ?

ඔව්.

තව කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධවල අතුරු ආබාධ (Side effects) හා මාත්‍රාව වැඩි වූ විට දැනෙන රෝග ලක්ෂණ. මේවා ගැනත් වෛද්‍යවරයා එක්ක කතා කරන්න ඕන. තයිරොක්සින් වැඩිවූ විට කලබල ගතිය, නොඉවසිලිමත් බව, හදවතේ ගැස්ම වැඩිවීම, වමනය, පාචනය, හුස්ම ගැනීමේ අපහසුව වගේ දේවල් දැනෙන්න පුළුවන්. මේ වෙලාවට වෛද්‍යවරයා හමුවුණොත් ඔහු ඒ ගැන පරීක්ෂා කරලා බලලා කටයුතු කරාවි.

ඒ වගේ දේ වලින් රෝගියාට දිගටම ගැනීමට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය නිවැරදිව තක්සේරු කරන්න උදවු වෙනවා. වැදගත්ම කාරණය වෙන්නේ තමන්ට දිගටම අවශ්‍ය බෙහෙත් පෙති ප්‍රමාණය හෝ මාත්‍රාව තීරණය කිරීමට වෛද්‍යවරයාට ටික කාලයක් සමහර විට මාස කිහිපයක් ලබාදීමයි.

උපුටා ගැනීමකි
වෛද්‍ය මහින්ද හේමප්‍රිය
ශික්ෂණ රෝහල
රාගම

01/08/2020

GTN(දිව යට තියන පෙත්ත)ගැන හරියට දැනගමු.........🚑❤

GTN හෙවත් දිව යට තියාගන්න පෙත්ත,සමහරු TNT කියලත් කියනවා

මොකටද මේ බෙහෙත heart attack වලදී පපුව මැද අධික වේදනාවක් ඇති වෙනවනේ
ඒ වේදනාව සමනය කරන්න තමයි මේ බෙහෙත වැදගත් වෙන්නේ

පපුවේ වේදනාව ඇති වෙන්නේ හදවතට රුධිරය සපයන කිරීටක ධමනියක් අවහිර වීමෙන්
GTN මගින් අවහිර වූ කිරීටක ධමනි බිත්තිය වගේම අවට ඇති කුඩා ධමනි වල බිත්තියත් ප්‍රසාරණය කිරීමකට ලක් කරනවා.එමගින් ධමනි අවහිරතාව නිසා හදවතේ යම් ප්‍රදේශයට රුධිර සැපයුම අවහිර වූවානම් එය යම්තාක් දුරකට නිවැරදි කිරීමට සමත් වෙනවා

කොහෙද මේ බෙහෙත ගබඩා කරන්න පුළුවන්

හිරු එලිය නොවැටෙන අදුරු පැහැති විදුරු කුප්පියක සාමාන්‍ය වාතයට නිරාවරණය නොවන ලෙස කාමර උෂ්ණත්වයේ ගබඩා කරනවා.

මන්ද හිරු එලියට වීම මගින් එය රසායනික වියජනයට ලක් වී එහි ක්‍රියාකාරිත්වය අඩපණ වන නිසා

කොපමණ කාලයක් ගබඩා කරන්න පුලුවන්ද?

මාස 2යි. මෙය භාවිතය ගත්තත් නොගත්තත් මාස 2 ක් ඇතුලත යාවත්කාලින කිරීමක් සිදුකල යුතුයි.

heart attack එකකදී

වහාම දිවයට තබා ගන්න.
ගිලින්න,බොන්න එපා.එවිට බෙහෙතේ ක්‍රියාකාරිත්වය අඩපණ වේ.
ක්‍රියාත්මක වීමට විනාඩි 3-5 අතර කාලයක් ගත වේ.
ඔබට වේදනාව අඩු වීමක් නොදැනේ නං නැවත වරක් GTN පෙත්තක් ලබා ගන්න.වහාම රෝහලට ඇතුළු වන්න.

අතුරු ආබාධ මොනවද

හිසරදය තම ප්‍රධානතම ගැටලුව වන්නේ.එම නිසා පැනඩෝල් පෙත්තක් ලබා ගත්තාට වරදක් වෙන්නේ නැ
මෙයට අමතරව GTN පෙති නිතරම නැවත නැවත ලබා ගැනීමට සිදු වීම මගින් සිරුර GTN වලට හුරු වන අතර එමගින් එහි ක්‍රියාකරිතව පලදායි නොවන තත්වයකට පත් වේ.
මෙයට අමතව එය රුධිර පීඩනය අඩු කරන අතර එය වාසි/අවාසිදායක විය හැක.

කෙසේ වෙතත් GTN මගින් heart attack ස්ථිර ලෙස සුව නොකරයි.තාවකාලික සහනයක් ගෙනදෙයි
දැන් වෙලදපොලේ GTN patches ලෙස ඇති නිසා සමට ඇලවීමෙන් දීර්ඝ වෙලාවක් ඖශධයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගතහැක.

උපුටා ගැනීමකි
facebook. com/ story. php?story_fbid=553469565149087&id=345431122619600

01/08/2020

ඇස්ප්‍රීන් ගැන හරියට දැනගමු.........🚑❤

ඇස්ප්‍රීන් වේදනා නාශකයක් ලෙස ඉතාමත් ප්‍රකට ඖෂධයකි.රුධිරය කැටි ගැසීමට මුලික වන්නේ රුධිර පට්ටිකායි. මෙසේ පට්ටිකා කැටි ඇතිවීම වැළැක්විය හැකිනම් හෘදයාබාධ මෙන්ම අංශභාගයද යම් තරමක් දුරට වැළැක්විය හැකි වෙයි. මෙහිදී අඩු මාත්‍රාවකින් ඇස්ප්‍රීන් ගත් කළ රුධිරයේ පට්ටිකා කැටි ගැසීම යම් පමණකට අඩු කළ හැකි වන්නේය. ඒ නිසා ඇස්ප්‍රීන් යනු අතිශය වැදගත් ප්‍රතිකාරයකි.

කෙසේ වෙතත් ඇස්ප්‍රීන් යනු හෘදරෝග වැළැක්වීමේ සහ නිවාරණයේ ප්‍රතිකාරයක් ලෙසද හැඳින්විය හැකිය. ඇස්ප්‍රීන් වේදනා නාශකයක් ලෙස යොදා ගැනීමේදී විශාල මාත්‍රාවක් ලබා දුන්නද, රුධිර නාලවල පිපිරූ මේද තට්ටුව මත පට්ටිකා ඇතිවීම වැළැක්වීමට යොදනුයේ ඉහත යොදා ගන්නා ප්‍රමාණය මෙන් 1/8 පමණ අල්ප වූ ප්‍රමාණයකි. මෙය ඖෂධවල ප්‍රමාණ අනුව පැහැදිලි කළහොත් වේදනාව සමනය කිරීම සඳහා ඇස්ප්‍රීන් පෙති 2 ක් එනම් මිලිග්‍රෑම් 600 ක් ලබා දුන්නද පට්ටිකා කැටි ඇතිවීම වැළැක්වීමට බොහෝ දුරට රෝගීන්ට ලබාදෙනුයේ මිලිග්‍රෑම් 75 න් වැනි ප්‍රමාණයකි.

නමුත් ඇතැම්විට ඖෂධවල ක්‍රියාකාරිත්වය අඩු නම් ඒ ප්‍රමාණය මිලිග්‍රෑම් 100 දක්වා වැඩි කළ යුතුයි. එමෙන්ම දිගුකලක් මේ ඖෂධය භාවිතා කිරීමේදී විවිධාකාර අපහසුතාවලටද මුහුණදීමට සිදුවන අතර බඩේ දැවිල්ල ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.

ඇතැම්විට ආමාශයෙන් ලේ ගැලීමක් ඇතිවීම ලේ වමනය, ඉතා කළු පැහැති (තාර වැනි) අසූචි පහවීම ආදී අහිතකර ප්‍රතිඵලවලටද මේ ඖෂධ හේතුවිය හැකියි. කෙසේ වෙතත් මෙවැනි යම් යම් දුර්වල ප්‍රතිඵල ඇතිවුවද එම ඖෂධයේ ගුණාත්මක අගය ඉහළ මට්ටමක පැවතීම නිසා ඇස්ප්‍රීන් මීට යොදා ගත හැකි කදිම විසඳුමක්. මේ ඖෂධය ලබා ගත යුතු කාලසීමාව පිළිබඳ කතාබහ කිරීමේදී මේ සඳහා නියමිත කාලපරිච්ඡේදයක් වෙන්කොට නොමැතිවීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. දළ වශයෙන් ඖෂධය ලබාගත යුතු කාලසීමාව පිළිබඳ දළ අදහසක් පැවසිය හැකිය.

ඒ අනුව යම්තාක් කල් මේද තැම්පතු මත පට්ටිකා ඇතිවීම වැළැක්විය යුතුද ඒ කාලය පුරාම ඇස්ප්‍රීන් භාවිතා කළ යුතුය. මේ කරුණු කාරණාවලට අමතරව ඖෂධ ලබා ගැනීමේදී අනෙකුත් ලෙඩ රෝගවලට ප්‍රතිකාර යෙදීම ඉතාමත් පරිස්සමින් කළ යුතුයි. උදාහරණයක් ලෙස යම් ලෙසක ඇස්ප්‍රීන් ලබා ගන්නා අයෙක් ශල්‍යකර්මයක් එසේත් නැතිනම් දතක් ගැලවීම සඳහා වැනි අවශ්‍යතාවයකදී දින 5 – 7 ක පමණ කාලයකට ඇස්ප්‍රීන් ගැනීම නවතා දමනවා.

ඊට හේතුව පට්ටිකාවල ක්‍රියාකාරිත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති නිසා නමුත් මෙවැනි අවස්ථාවක ඇස්ප්‍රීන් ගැනීම නවතා නොතිබුණහොත් රෝගියාගේ තුවාලය ඇතිකරන ලද අදාළ ප්‍රදේශයෙන් රුධිරය ගමනා ගමනය වැඩි විය හැකියි.

ඉහත සඳහන් කළ ඇස්ප්‍රීන් නිසා ඇතිවිය හැකි තත්ත්වයන් අතර සමේ රතු නිල් පැහැති පැල්ලම් ඇතිවීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එසේ වුවහොත් නොපමාව වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ඇස්ප්‍රීන් නම් ඖෂධය විවිධ නම්වලින් වෙළෙඳපොළේ දක්නට ලැබෙන අතර දිගුකාලීනව භාවිතයෙන් ඇතිවන බඩේ දැවිල්ල අවමවන පරිදි මේ ඖෂධය නිර්මාණය කොට ඇත. එසේ වුවද මුළුමනින්ම බඩේ දැවිල්ල නොමැති වන්නේද නැත.

ක්ලොපිඩොග්‍රෙල් නම් ඖෂධය ඇස්ප්‍රීන් ඖෂධයේ ගුණවලට බෙහෙවින් සමානය. එමඟින් බඩේ ඇතිවන දැවිල්ල අවම වන අතර ඇස්ප්‍රීන් සමඟ භාවිතය මඟින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

කොලඹ ජාතික රෝහලේ හෘද රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක
උපුටා ගැනීමකි

31/07/2020

ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගැන හරියට දැනගමු.........🚑❤

ලිපියට කලින් කියන්න ඕන මේක බොන බෙහෙතක් නම් නෙවේ.නමුත් ඉන්සියුලින් කියන්නෙ අපි බොන බෙහෙත් වගේම අපිට අද නැතුවම බැරි දෙයක් වෙලා කියලා.ඒක නිසයි "අපි බොන බෙහෙත්" ලිපි මාලාවට මම මෙය එක් කරන්න හිතුවේ.❤

දියවැඩියා රෝගයෙන් පෙළෙන ඇතැමුන්ට එන්නත් නැත්නම් නික්ෂේපණ ආකාරයෙන් ඉන්සියුලින් ලබා දීමට සිදු වෙනවා. එවැනි අය විශේෂයෙන් දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ඉන්සියුලින් මගින් රුධිර සීනි මට්ටම පහත හෙළීම සිදු කරනු ලබනවා. එමගින් රුධිරයේ සීනි මට්ටම පාලනයකට ලක් වෙනවා. වෛද්‍යවරයා විසින් ඔබට නියම කළ ඉන්සියුලින් වර්ගය පමණක්ම එන්නත කර ගැනීම වැදගත් වෙනවා. ඉන්සියුලින් හම යටට විදින්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා කලවා ප්‍රදේශය නාභිය ප්‍රදේශය තට්ටම් ප්‍රදේශය හෝ අතේ ඉහල ප්‍රදේශය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. ඉන්සියුලින් විදීමට නියමිත සිරින්ජරය හෝ පෑන භාවිතා කිරීම ඊට සුදුසුයි.

උදේ දවල් රාත්‍රි ප්‍රධාන ආහාර ආහාරවේල් තුනට විනාඩි පහළොවකට හෝ තිහකට පෙර ඉන්සියුලින් විදීම කළ යුතු වෙනවා. ඉන්සියුලින් නියම කළ ප්‍රමාණයට වඩා ගතහොත් ආහාරය අඩුවෙන් ගත්තා නම් හෝ බලාපොරොත්තු වූවාට වැඩියෙන් ව්‍යායාම යෙදුනා නම් සීනි මට්ටම අවම ඇතිවී කලන්තය හෝ සිහිමුර්ජාව ඇතිවිය හැකියි. කල්පනාව අඩු වීම දාඩිය දැමීම හෘදය වේගයෙන් ගැහීම ඇති ඇතිවුවහොත් ග්ලූකෝස් අහුරක් හෝ පැණි රස කෑමක් ආහාරයට ගැනීම සුදුසු වෙනවා. ඉන්පසු ඔබේ වෛද්‍යවරයා හමුවීම සිදුකළ යුතු අතර ඔබ විද ගන්නා ඉන්සියුලින් ප්‍රමාණය අඩු කිරීමට මෙහිදී සිදුවිය හැකියි.

වෛද්‍ය උපදෙස් නොමැතිව කිසි දිනෙක ඉන්සුලින් විද ගැනීම නවත්වන්න එපා. ඔබට ආහාර අරුචිය වමනය ඇති වුවහොත් වහාම වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගත යුතු වෙනවා. දියවැඩියාවෙන් පෙළෙන බවට දැක්වෙන කාඩ්පත නිතර ළඟ තබා ගැනීමෙන් හදිසි අවස්ථාවකදී පවුලේ පුද්ගලයන්ට වුවත් එය ප්‍රයෝජනයට ගතහැකි වෙනවා.

දියවැඩියා ප්‍රතිකාරයේ වැදගත්ම සොයා ගැනීම ලෙස ඉන්සුලින් හෝර්මෝනය සැලකෙනවා. ඊළඟට වැදගත්ම සොයා ගැනීම ලෙස සැලකෙන්නේ රුධිර සීනි මට්ටම සොයා ගැනීම සඳහා යොදා ගන්නා ග්ලුකෝමීටර් නිෂ්පාදනය කිරීමයි. දියවැඩියා රෝගීන් සුවයක් ලබාගත හැක ගත හැක්කේ ආහාර පාලනය ව්‍යායාම සහ ඖෂධ භාවිතය මගින්. ඉතින් මේ කියන කාරණා නිසි ආකාරයෙන් ශරීරය තුළ ක්‍රියාත්මක වෙනවාද යන්න මැන බැලීමට රුධිරයේ සීනි මට්ටම මැන බැලිය යුතු වෙනවා. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය මැන බලන මේ ග්ලුකෝමීටරය දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගියෙකුට අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත්ව තිබෙනවා. එය යොදා ගැනීමෙන් ආහාර ගැනීමට පෙර ආහාර ගැනීමෙන් පසු ව්‍යායාමයට පෙර හා පසු ප්‍රතිකාර ගැනීමට පෙර හා පසු හෝ වෙනත් රෝගී තත්වයක් ඇතිවූ විටකදී විනාඩි දෙකක් ඇතුළත තමන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම මැන බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

එසේ මැන බලා ගන්නා රුධිර සීනි මට්ටම අනුව රෝගියා ලබාගත යුතු ඉන්සියුලින් ප්‍රමාණය තීරණය කරනවා.

උපුටා ගැනීමකි

මුල් ලිපියෙ අයිතිය:Dilki Shamani

Alcoholic hand rub💧🤲🤗Kills 99.99% of germs in seconds😃Price :- 225.00
27/07/2020

Alcoholic hand rub💧🤲🤗
Kills 99.99% of germs in seconds😃
Price :- 225.00

26/07/2020

ප්‍රෙෂර් පෙත්ත (ලොසාටන්) ගැන හරියට දැනගමු.........🚑❤

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍ය විද්‍යා අංශය මඟින් ලංකාවේ ඖෂධ භාවිතය පිළිබඳව පවත්වන ලද දීප ව්‍යාප්ත සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු අනුව මෙරට වෛද්‍යවරුන් විසින් ‍රෝගීන් සඳහා වැඩියෙන් ම නියම කරන ලද ඖෂධ අතරින් දෙවැනි තැන ගන්නේ ලොසාටන් (Losartan) ඖෂධය වේ. ලොසාටන් ඖෂධය වැඩියෙන් ම නියම කරනු ලබන්නේ අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ය. ඉන් අමතරව ‍හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු වීම පාලනයට, දියවැඩියාව ඇති රෝගීන්ගේ වකුගඩුවල ආරක්ෂාව සහ වකුගඩුවලින් ප්‍රෝටින් පෙරීයන ප්‍රමාණය පාලනය කිරීම සඳහා ලොසාටන් ඖෂධය දෙනු ලැබේ.

වෛද්‍යවරයා විසින් ඔබට ලොසාටන් ඖෂධය නියම කර දී ඇත්නම් ඒ ඉහත සඳහන් රෝග තත්ත්ව අතරින් කවරක් වෙනුවෙන් ද යන්න වෛද්‍යවරයාගෙන් දැනගැනීම වැදගත් ය. ලොසාටන් බහුලව ඇත්තේ මිලිග්‍රෑම් 50 පෙත්තක් වශයෙනි. ඇතැම් විට මිලිග්‍රෑම් 10 සහ 25 පෙති ද තිබේ. ඔබට නියමිත ඖෂධ මාත්‍රාව කුමක් දැයි දැන සිටීම වැදගත් වන අතර ඔබට නියම කර ඇත්තේ මිලිග්‍රෑම් 50 ක් දවසට වරක් හෝ හෝ දෙවරක් විය හැකි ය. ඇතැම් විට මිලිග්‍රෑම් 50 ක් දවසකට දෙවරක් ලෙස නියම කළ විට පෙත්තෙන් ½ ක් ගැනීමට සිදු විය හැකි ය. ඇතැම් විට ¼ ක් ද විය හැකි ය. පෙති - ගණනින් නොව මිලිග්‍රෑම් ප්‍රමාණයෙන් ඔබ ගත යුතු බෙහෙත් ප්‍රමාණය දැන සිටීම වැදගත් වන්නේ එලෙස පෙති ½ හෝ ¼ බැගින් ගන්නා අවස්ථාවලදී ය.

සාමාන්‍යයෙන් ලොසාටන් ඖෂධය උදේ සහ සවසට ගන්නා මෙන් උපදෙස් දෙනු ලැබේ‍. මේ ඖෂධය ආරම්භ කරන විට ඔබ ගත යුත්තේ දිනකට එක් වරක් නම් එය රාත්‍රියේදී ගැනීම වඩාත් සුදුසු ය. උදේට ගත්තද වරදක් නැත. මෙහි කෑමට පෙර හෝ පසු යනුවෙන් විශේෂත්වයක් නැත. එහෙත් හැමදාම එකම නිශ්චිත වෙලාවක බෙහෙත ගැනීම කළ යුතු ය.

අතුරු ආබාධ

ලොසාටන් යනු අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයකි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු මේ ඖෂධය නියම කරන්නට පෙර වකුගඩුවල ක්‍රියාකාරීත්වය හා රුධිරයේ සෝඩියම් සහ පොටෑසියම් මට්ටම බලා එය නියම කරනු ඇත. එමෙන් ම මින් පෙර ආසාත්මිකතා ඇත්නම් මීට සමාන කාණ්ඩයකට අයත් (Ac Inhibitors) කාණ්ඩයට අයත් (Captopril, Enalapril) බෙහෙත් මඟින් කැස්සක් ඇති විය හැකි ය. එසේ හෙයින් ඒ වෙනුවට ලොසාටන් නියම කරනු ලැබේ.

ලොසාටන් ඖෂධය ගැනීම අරඹා මාසයකින් පමණ පසුව ඉහත සඳහන් පරීක්ෂණ සිදුකර ඒ වාර්තාවල කිසියම් වෙනසක් ඇත් දැයි සොයා බැලිය යුතු ය. වෙනත් බෙහෙත් සමඟ ලොසාටන් ගන්නා විට රුධිරයේ පොටෑසියම් වැඩි වන වෙනත් බෙහෙත් Spronolactone නම් ඖෂධ කාණ්ඩයේ ගන්නවා නම් රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩි විය හැකි හෙයින් එවැනි රෝගීන් වෛද්‍ය උපදෙස් දෙනු ලබන ආකාරයට ම රුධිර පරීක්ෂණ කර ගැනීම වැදගත් වේ.

කලාතුරකින්, ඇතැම් විට ආසාත්මිකතාවක් ඇති විය හැකි ය. උගුර, තොල් ඉදිමීම, හෝ පළු දැමීම වැනි ලක්ෂණ පහළ වුවහොත් බෙහෙත නවත්වා වෛද්‍යවරයා වෙතින් ඒ වෙනුවට වෙනත් බෙහෙතක් ලියවා ගත යුතු ය.

ගබඩා කිරීම

ගබඩා කිරීමෙහි ලා විශේෂත්වයක් නැතත් සායනයකින් ලබාදෙන ඇසුරුම් රහිත පෙති ඉරු එළියෙන් වලකින සේ දුඹුරු පැහැති හෝ සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයකට දමා ලොසාටන් මිලිග්‍රෑම් 50/45/10 යනාදී වශයෙන් පැහැදිලිව ලියූ ලේබලයක් අලවා වියලි ස්ථානයක අසුරන්න.

ලොසාටන් ගන්නේ අධික රුධිර පීඩනය පාලනයට වන හෙයින් එය හොඳින් පාලනය වී ඇත්දැයි පරීක්ෂා කර බැලිය යුතු ය. සාමාන්‍යයෙන් ඔබේ රුධිර පීඩන මට්ටම සිස්ටොලික් අගය 140 ට අඩුවෙන් හා ඩයස්ටලික් අගය 90 ට අඩුවෙන් පැවතීම යහපත් ය. හොඳින් අධික රුධිර පීඩන මට්ටම පාලනය වී ඇත්නම් මසකට වරක් රුධිර පීඩන මට්ටම මැන බැලීම ප්‍රමාණවත් ය.

ඇතැම් විට තයසයිඩ් කාණ්ඩයේ ඖෂධ හා මිශ්‍ර ව ලොසාටන් ලබාදෙන අවස්ථා ද තිබේ. බෙහෙත් වර්ග දෙකක් වෙනුවට ඒ දෙකට එකතු කර සාදන ලද මිශ්‍ර බෙහෙත් වර්ග ද දෙනු ලැබේ. එවැනි පෙති ලොසාටන් මිලිග්‍රෑම් 50 – 100 ප්‍රමාණවලින් ද නියම කිරීමට ඉඩ තිබේ. හැම විටම ඔබට ලබාදෙන පෙත්තෙහි අඩංගු සංඝටක ගැන දැන සිටීම ද වැදගත් වේ.

උපුටා ගැනීමකි .
කොලඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යා අංශ ප්‍රධානී, කායික රෝග හා ඖෂධවේදීනිය පිලිබඳ මහාචාර්ය,විශේෂඥ වෛද්‍ය
ප්‍රියදර්ශනී ගලප්පත්ති

Address

Wackwella Road
Galle
80042

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94771360485

Website

Alerts

Be the first to know and let us send you an email when Isiwara Pharmacy & Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share