Physio with UPALI

Physio with UPALI Chief Physiotherapist (former) at Sri Lanka Army Medical Corps

21/06/2025

🛑 ඔබගේ සියලුම සන්ධි රෝග වලට මෙන්ම වේදනා හා සංකූලතා වලට, සරල ව්‍යායාම මගින් ඔබ මෙතෙක් නොදුටු ප්‍රතිඵල, පුහුණු භෞතචිකිත්සක වරයෙකුගෙන් ලබා ගන්න

✅ අංශභාග - 𝐏𝐚𝐫𝐚𝐥𝐲𝐬𝐢𝐬
✅ ශරීරයේ පැති කුද - 𝐊𝐲𝐩𝐡𝐨𝐭𝐢𝐜 𝐒𝐩𝐢𝐧𝐞
✅ උරහිසේ/දණහිසේ වේදනාවන් - 𝐒𝐡𝐨𝐮𝐥𝐝𝐞𝐫 𝐏𝐚𝐢𝐧
✅ අස්ථි බිදීමෙන් ඇති වන සංකූලතා - 𝐅𝐫𝐚𝐜𝐭𝐮𝐫𝐞𝐬
✅ සමබරතාව හා සමායෝජනය - 𝐁𝐚𝐥𝐚𝐧𝐜𝐞 & 𝐂𝐨𝐨𝐫𝐝𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧
✅ මාංශ පේශි ආශ්‍රිත වේදනා - 𝐌𝐮𝐬𝐜𝐥𝐞 𝐏𝐚𝐢𝐧 & 𝐌𝐮𝐬𝐜𝐥𝐞 𝐂𝐫𝐚𝐦𝐩
✅ ළමා අවධියේදී ඇතිවන දුබලතා - 𝐂𝐡𝐢𝐥𝐝𝐡𝐨𝐨𝐝 𝐃𝐢𝐬𝐚𝐛𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬
✅ කොන්ද හා ගෙල ආශ්‍රිත වේදනා හා සංකූලතා - 𝐁𝐚𝐜𝐤 𝐏𝐚𝐢𝐧, 𝐍𝐞𝐜𝐤 𝐏𝐚𝐢𝐧, 𝐒𝐜𝐨𝐥𝐢𝐨𝐬𝐢𝐬
✅ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග - 𝐀𝐬𝐭𝐡𝐦𝐚, 𝐏𝐧𝐞𝐮𝐦𝐨𝐧𝐢𝐚
✅ ක්‍රීඩා අනතුරු - 𝐒𝐩𝐨𝐫𝐭𝐬 𝐈𝐧𝐣𝐮𝐫𝐢𝐞𝐬

👉 පැමිණීමට අපහසු රෝගීන් සඳහා ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය අවට නිවසට පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ

‼️ ඔබත් කොන්දේ, උරහිසේ, දනහිසේ වේදනාවෙන් පෙලෙනවාද ?
⭕ වේදනාවට කොපමණ වේදනා නාශක (Painkillers) බිවුවත් පලක් නැතිද ? 🤷‍♂️

👉 දනිස් වේදනාවට තිත තියමුද ?
👉 බෙහෙත් බොන ගමන් කළයුතු ව්‍යායාම ප්‍රතිකාර ගැන දැනුවත් වෙමුද ?

✅ ඔබගේ ආදරණීයයන්, දෙමාපියන් ජීවිතයේ සැඳෑ සමයට යාමේදී ඔවුන් ඔවුන්ගේ වැඩ කටයුතු තමන්ටම කර ගැනීමට අවශ්‍ය සැහැල්ලු ව්‍යායාම (𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐚𝐥 𝐓𝐡𝐞𝐫𝐚𝐩𝐲) ගැන දැන ගැනීමට සහ අංශභාග රෝගී තත්ත්වයන්ට, ශරීරයේ පැති කුද, උරහිසේ/දණහිසේ වේදනාවන්ට වේදනානාශක බොන ගමන් කළ යුතු සරල ව්‍යායාම පුහුණු - දැනුම ඇති 𝐏𝐡𝐲𝐬𝐢𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐢𝐬𝐭 කෙනෙකු මගින් ප්‍රතිකාර ලබා ගන්න...

පැමිණීමට අපහසු රෝගීන් සඳහා,
📌️ ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය අවට
🛑 නිවසට පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ

𝐊. 𝐔. 𝐒. 𝐃𝐞 𝐒𝐢𝐥𝐯𝐚
𝐂𝐡𝐢𝐞𝐟 𝐏𝐡𝐲𝐬𝐢𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐢𝐬𝐭 (𝐟𝐨𝐫𝐦𝐞𝐫) 𝐚𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐀𝐫𝐦𝐲 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐫𝐩𝐬

අපව සම්බන්ධ කරගන්න
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩:- 071 490 6460




‼️  අංශභාගයට භෞත චිකිත්සාව...📌 මිනිස් මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් පණ නැතිවී යන අවස්ථා බොහෝවිට ඔබ අසා දැක...
11/08/2023

‼️ අංශභාගයට භෞත චිකිත්සාව...

📌 මිනිස් මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් පණ නැතිවී යන අවස්ථා බොහෝවිට ඔබ අසා දැක ඇත. නොයෙකුත් හේතූන් නිසා මොළයට සිදුවන හානියක් හේතුවෙන් ඇතිවන මෙම තත්ත්වය අංශ භාගයයි. අංශ භාගයයි කී විට සිතට බිය දැණුනද කඩිනම් නිවැරදි ප‍්‍රතිකාර ගතහොත් මේ තත්ත්වය බොහෝදුරට සුවකර ගත හැකිය. සුව වීමට ගතවන කාලය හා සුවවන ප‍්‍රමාණය රඳා පවතින්නේ මොළයට සිදුවන හානියේ ප‍්‍රමාණයත් හානිය සිදුවූ මොළයේ ප‍්‍රදේශයත්, මොළයට සිදුවන අනතුරේ ස්වභාවයත්, රෝගියාගේ වයසත් මතය.

📌 අංශභාගය ඇතිවීමට හේතු ලෙස රුධිර වාහිනියක් පිපිරීමෙන් ෙසෙල තුළට රුධිරය වහනය වීමත්, ලේ කැටියක් හිරවීමෙන්, මොළයේ ෙසෙල තුළට ලැබෙන රුධිරය ඇනහිටීමත්, මොළයේ ඇතිවන අර්බුද හෙවත් ගෙඩි නිසාත්, රිය අනතුරු වැනි මොළයට සිදුවන අනතුරුත් පෙන්වා දිය හැකිය.

📌 අංශභාගය නිසා රෝගීන්ගේ එක් පැත්තක අතක් සහ පාදයක් අසාමාන්‍ය ඉරියව්වකට යොමුවේ. මෙහිදී සිදුවන්නේ ඇත්ත වශයෙන්ම තමන්ගේ අනුදැනුම මත කෙරෙන චලන එක් අංශයක පණ නැති වීමය. පණ නැති වන්නේ පේශීන් නොව මොළයේ චලනයන් පිළිබඳ මතකයයි.

📌 එමෙන්ම ආබාධයට ලක්වූ අංශයේ අත හා පය චලනය කරන විටද තද ගතියක් ඇතිවේ. අත යොමුවන අසාමාන්‍ය ඉරියව්ව වන්නේ උරහිසෙන් අත ශරීරයට හේත්තු වී වැලමිටෙන් සන්ධිය නැවී තිබීමය. ආබාධයට ලක්ව ඇති කකුලද දණහිසෙන් දිග හැරී පතුල ප‍්‍රදේශය පහතට කඩා වැටී තිබේ. මෙම රෝගයට ලක්වූ පසුව ඖෂධීය ප‍්‍රතිකාර, ශල්‍ය ප‍්‍රතිකාර සහ භෞත චිකිත්සක ප‍්‍රතිකාර අත්‍යවශ්‍ය වේ. මෙම රෝගයට භෞත චිකිත්සක ප‍්‍රතිකාර ආරම්භ කිරීමට පමා වුවොත්,

රෝගියාගේ පෙර කී අසාමාන්‍ය ඉරියව් වර්ධනය වේ.

📌 එබැවින් මෙවැනි රෝගීන්ට ඉහත දැක්වූ ඉරියව්වලට විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යයි. පෙර සඳහන් කළ පරිදි මේ රෝගීන්ට සිදුවන්නේ අනුදැනුම මත සිදුවන චලන (Voluntary Movements) අමතක වීම බැවින් භෞත චිකිත්සාවේදී කරන්නේ ඒ අමතක වුණු චලන නැවත නැවත කිරීමෙන් යළි මොළය තුළ ස්ථානගත කිරීමයි. මෙය සුදුසුකම්ලත් භෞත චිකිත්සකයෙකුගේ උපදෙස් මත කිරීම ඉතා වැදගත්ය. භෞත චිකිත්සාවේදී මේ ව්‍යායාම P.N.F Patterns නමින් හැඳින්වේ. (Propriorecepto Neuro muscular Fascilitation) ව්‍යායාම මගින් රෝගියාගේ සන්ධිවල ඇති සංවේදක ග‍්‍රාහක සහ ස්නායු උත්තේජනය කර මොළය අවදි කරවීමක් කරයි.

📌 එසේම මුල් කාලයේදී එනම් රෝගියා සිහි නැතිව සිටින අවධියේ සිටම රෝගියා නිවැරදි ඉරියව්වල තැබිය යුතුය. මෙමඟින් රෝගියාට ඉදිරියේදී ඇතිවිය හැකි සන්ධි දරදඬු වීම, පේශී කෙටිවීම, අසාමාන්‍ය ඉරියව් ඇතිවීම වැළැක්විය හැකිය. ඒ වගේම මෙලෙස එක්තැන්වී සිටින

📌 රෝගීන්ට නිතර ශ්වසන ආබාධ, මුත‍්‍රා ආසාදන හා ඇඳ තුවාල ඇතිවිය හැකිය. මෙලෙස ඇතිවන ශ්වසන ආබාධ වැළැක්වීමට භෞත චිකිත්සාවේ යෙදෙන උරස් චිකිත්සක ප‍්‍රතිකාර වැදගත්වේ. සිහි නොමැතිව සිටින අවස්ථාවේ සිටම රෝගියාට මෙම උරස් චිකිත්සක ප‍්‍රතිකාර කෙරනු ලබයි. අවශ්‍ය නම් චූෂණ යන්ත‍්‍ර භාවිතාවෙන් ස‍්‍රාවයන්ද ඉවත් කරයි.

📌 එසේම ඇඳ තුවාල වළක්වා ගැනීමට රෝගියා හා ඇඳ ඇතිරිලි පිරිසිදුව තබා ගත යුතුය. රෝගියා සේදීමෙන් පසු හොඳින් තෙත මාත්තු කළ යුතුය. පැය 1/2 කට වරක්වත් රෝගියා හැරවීමෙන් රෝගියාගේ ශරීරයේ එකම ස්ථානයකට නිතර පීඩනය දැනීම වළක්වා ගත හැකි අතර එමඟින් ඇඳ තුවාල සෑදීම අවම කර ගත හැකිය. රෝගියාගේ සමබරතාව රැක ගැනීමට උදව් දෙන ව්‍යායාම, අංශභාග රෝගීන් සඳහා වන ආවේණික විලාසය බිඳ ගැනීම සඳහා වන ව්‍යායාම සහ මොළයේ ෙසෙල උත්තේජනය කරන ව්‍යායාම මගින් එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කරවීමද කළ යුතුය. රෝගියාගේ කථනය දුර්වල නම් කථන චිකිත්සක ක‍්‍රම සඳහා යොමුවිය යුතුය.

📌 තවද සංවේදන ක‍්‍රම නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නඟාසිටුවීම සහ ඇවිදීම පුහුණු කරවීමද භෞත චිකිත්සක ක‍්‍රම මගින් කළ හැකිය.

ජාලිය උඩුවැල්ල
භෞතචිකිත්සක අධිකාරි
රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

‼️ ඔබත් කොන්දේ, උරහිසේ, දනහිසේ වේදනාවෙන් පෙලෙනවාද ?⭕ වේදනාවට කොපමණ වේදනා නාශක (Painkillers) බිවුවත් පලක් වුණිද ? 🤷‍♂️👉 ද...
07/08/2023

‼️ ඔබත් කොන්දේ, උරහිසේ, දනහිසේ වේදනාවෙන් පෙලෙනවාද ?
⭕ වේදනාවට කොපමණ වේදනා නාශක (Painkillers) බිවුවත් පලක් වුණිද ? 🤷‍♂️

👉 දනිස් වේදනාවට තිත තියමුද ?
👉 බෙහෙත් බොන ගමන් කළයුතු ව්‍යායාම ප්‍රතිකාර ගැන දැනුවත් වෙමුද ?

✅ ඔබගේ ආදරණීයයන්, දෙමාපියන් ජීවිතයේ සැඳෑ සමයට යාමේදී ඔවුන් ඔවුන්ගේ වැඩ කටයුතු තමන්ටම කර ගැනීමට අවශ්‍ය සැහැල්ලු ව්‍යායාම (Physical Therapy) ගැන දැන ගැනීමට සහ අංශභාග රෝගී තත්ත්වයන්ට, ශරීරයේ පැති කුද, උරහිසේ/දණහිසේ වේදනාවන්ට වේදනානාශක බොන ගමන් කළ යුතු සරල ව්‍යායාම පුහුණු - දැනුම ඇති 𝐏𝐡𝐲𝐬𝐢𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐢𝐬𝐭 කෙනෙකු මගින් ප්‍රතිකාර ලබා ගන්න...

📌️ ගාල්ල, කරාපිටිය, හික්කඩුව අවට
🛑 නිවසට පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ

𝐊. 𝐔. 𝐒. 𝐃𝐞 𝐒𝐢𝐥𝐯𝐚
𝐂𝐡𝐢𝐞𝐟 𝐏𝐡𝐲𝐬𝐢𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐢𝐬𝐭 (𝐟𝐨𝐫𝐦𝐞𝐫) 𝐚𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐀𝐫𝐦𝐲 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐫𝐩𝐬

අපව සම්බන්ධ කරගන්න
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩:- 0714 90 64 60

මොකද්ද මේ භෞත චිකිත්සාව ❓ 📌 මොකක්ද මේ භෞත චිකිත්සාවභෞතචිකිත්සක ප‍්‍රතිකාර යනු වැඩි දියුණු වූ සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයක්...
04/08/2023

මොකද්ද මේ භෞත චිකිත්සාව ❓

📌 මොකක්ද මේ භෞත චිකිත්සාව

භෞතචිකිත්සක ප‍්‍රතිකාර යනු වැඩි දියුණු වූ සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයක් වන අතර අපේ රටේ නම් බොහෝ අයට මේ පිළිබඳව එතරම් අවබෝධය, දැනුමක් නොතිබුණත් බටහිර රටවලත්, වෙනත් දියුණු රටවලත් ජනප‍්‍රිය ප‍්‍රතිකාර ක‍්‍රමයක් බවට පත්වී හමාරය. කොළඹ හා ඒ අවට ප‍්‍රදේශවල සුළුතර පිරිසකට භෞතචිකිත්සක ප‍්‍රතිකාර පිළිබඳව දැනුමක් තිබුනත් පිටිසර පළාත්වල ජනතාවට මේ පිළිබඳව නිසි අවබෝධයක් ඇතිවී නොමැත. එමෙන්ම භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලට යොමුවීමට බොහෝ දෙනා තුළ මැලිකමක් හා බියක්ද පවතී. භෞතචිකිත්සාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමටත් භෞතචිකිත්සක ප‍්‍රතිකාර යෙදෙන අවස්ථා පිළිබඳව ඔබ දැනුවත් කිරීමටත් මෙම ලිපිය හරහා අපි බලාපොරොත්තු වෙමු.

📌 මොකක්ද මේ භෞතචිකිත්සාව ?

බොහෝ දෙනා භෞතචිකිත්සාව හඳුනාගන්නේ අස්ථිබිදීමකින් හෝ එවැනි අනතුරකින් පසු ලබා දෙන ව්‍යායාම හෝ ව්‍යායාමික ප‍්‍රතිකාර ලෙසයි. ඇත්තෙන්ම මෙය මීට එහා ගිය සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පුළුල් පරාසයක විහිදී යන සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් භෞතචිකිත්සාව නිර්වචනය කරනුයේ, තාපය, විද්‍යුතය, ශබ්දය, චුම්භකත්වය, ගුරුත්වාකර්ෂණය වැනි ශක්ති ප‍්‍රභේදත් ශාරීරික ශක්තිය හෙවත් ව්‍යායාමත් භාවිත කරමින් රෝගියාගේ ශාරීරික, මානසික සහ සමාජීය සුව පැවැත්ම, ප‍්‍රවර්ධනය පවත්වාගෙන යාම සහ ප‍්‍රතිසාධනය සිදුකරනු ලබන වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙසිනි. භෞතචිකිත්සාව මූලික සෞඛ්‍ය වෘත්තීය සේවයක් වන අතර මිනිස් සිරුරේ චලන හා ක‍්‍රියාකාරකම් පිළිබඳව මූලිකවම අවධානය යොමු කරනවා. මෙහි භාවිතා වන ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් වේදනා, ආබාධ හා සංකූලතා ඇතිවීම වැළැක්වීමත් එසේ ඇත්නම් ඒවායින් මිදීමටත් මඟ පෙන්වනවා.

📌 භෞතචිකිත්සාවේ ඉතිහාසය හා වර්ධනය

ලංකාවේ අපට භෞතචිකිත්සාව අලූත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් වුවද එහි ඉතිහාසය ක‍්‍රි.පූ. 460 දක්වා අතීතයට දිවයයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක‍්‍රටීස් විසින් වේදනාව නැසීම සඳහා අතින් සිදුකරන ලද සම්භාහන ක‍්‍රම සඳහා මුලින්ම භෞතවිකිත්සාව යන අදහස ඉදිරිපත් කළ අතර පසුව ඔහු විකලාංග තත්ත්ව සඳහාත් භෞතචිකිත්සාවේ දැනට භාවිත වන මූලික ක‍්‍රමවේද භාවිත කළ බව සඳහන්වේ.

එතැන් සිට විවිධ සංකීර්ණ ප‍්‍රතිකාර ක‍්‍රමයන් එකතු වෙමින් වර්ධනය වන භෞතචිකිත්සාව වඩාත් ප‍්‍රචලිත වන්නේ 1917-1918 කාලය තුළ පළමු වැනි ලෝක යුද්ධය ආරම්භවීමත් සමඟය. එහිදී අනතුරට පත් සොල්දාදුවන් හා සිවිල් වැසියන් සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට ගෙන ඒම හෙවත් පුනරුත්තාපනය සඳහා භෞතචිකිත්සාව වඩාත් පුළුල් ලෙස යොදා ගැණුන අතර භෞතචිකිත්සාව වෙනම විෂයක් ලෙස වර්ධනය විය.

1920 වන විට පෝලියෝ වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ පෝලියෝ රෝගීන් පුනරුත්ථාපනය කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකාර මඟින් විශාල පිටුවහලක් ලැබුණු අතර භෞතචිකිත්සාව සමාජය තුළ ජනප‍්‍රියවෙමින් වර්ධනය විය. 1950 වන විට භෞතචිකිත්සාව වෙනත් වෘත්තීන්ගෙන් වෙන්ව වෙනම ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස වර්ධනය විය යුතු බව තීරණය වූ අතර 1951 දී ලෝක භෞතචිකිත්සක සංගමය බිහිවිය.

ඉන්පසු තාක්‍ෂණයේ සීඝ‍්‍ර දියුණුවත් සමඟ පුළුල් පරාසයක විශාල දියුණුවක් ලබා තිබේ. විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම, විවිධ තාක්‍ෂණික උපකරණ ආදිය එකතු වෙමින් අද වනවිට ඉතාමත් සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයක් බවට භෞතචිකිත්සාව පත්ව තිබේ.

📌 භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබා දෙන්නේ කුමන ආකාරයේ රෝගාබාධ සඳහාද ?

භෞත චිකිත්සාව යම් රෝගාබාධයකට හෝ එක් අංශයකට අයත් වූ රෝගාබාධවලට පමණක් සීමාවූ ප‍්‍රතිකාර ක‍්‍රමයක් නොවේ. එය බටහිර වෛද්‍ය විද්‍යාවත් සමඟ ඒකාබද්ධ වූ විවිධ අංශ රාශියකට ව්‍යාප්ත වූ ප‍්‍රතිකාර ක‍්‍රමයකි.

👉 විකලාංග හා රක්තවාතවේද උදාහරණ ලෙස අස්ථි බිදීමෙන් පසු ඇතිවන සංකූලතා, සන්ධි ආශි‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රත රෝග, කොන්ද හා ගෙල ආශ‍්‍රිත වේදනා හා සංකූලතා, මස්පිඬු ආශ‍්‍රිත වේදනා හා සංකූලතා.

👉 ස්නායු රෝග: අංශභාගය, සුසුම්නාව ආශි‍්‍රත ආබාධ, පාකිංසන් රෝගය.

👉 ළමා රෝගාබාධ: මස්තිෂ්ක ආඝාතය, ඩවුන්ස් සහලක්ෂණය.

👉 රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග: ධමනි හා ශිරා ආශි‍්‍රත සංකූලතා, වසා පද්ධතිය ආශ‍්‍රිත සංකූලතා, කාන්තාවන්ට විශේෂිතවූ රෝග.

👉 ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ: ඇදුම රෝගය නියුමෝනියාව සහ කී‍්‍රඩා ආබාධ.

එසේම දියවැඩියාව වැනි රෝග සඳහාත් පිළිස්සුම් හා කාන්තාවන්ගේ දරු ප‍්‍රසූතියෙන් පසු ඇති වන සංකූලතා සඳහාත් ස්ථූලතාවය සඳහාත් භෞත චිකිත්සාවේ විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කරනවා.

📌 භෞතචිකිත්සාවේ භාවිතා කරන ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?

භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා ඖෂධ භාවිතයක් සිදුකරන්නේ නැහැ. සියලූ ප‍්‍රතිකාර භෞතික ශක්තීන් හා ක‍්‍රමෝපාය යොදාගෙන සිදුකරනවා. එසේම මෙම යොදා ගන්නා ප‍්‍රතිකාර ක‍්‍රම එක් එක් රෝගාබාධ අනුවත් රෝගීයාගේ ශාරීරික යෝග්‍යතාව අනුවත් වෙනස්වෙනවා. ප‍්‍රතිකාරමය ව්‍යායාම, විද්‍යුත් චිකිත්සාව, ජල චිකිත්සාව, ප‍්‍රතිකාරමය සම්භාහන ක‍්‍රම, උරස් චිකිත්සාව, ඉරියව් ගත කිරීම්, ආධාරක ආශි‍්‍රත ප‍්‍රතිකාර වැනි ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් භෞත චිකිත්සාවේදී බොහෝ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ලබාදෙනවා.

📌 භෞතචිකිත්සකවරයාගේ කාර්යභාර්ය කුමක්ද ?

භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා යොමුවන රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්‍ෂා කර රෝගය නිශ්චය කර ගැනීමෙන් පසු භෞත චිකිත්සකවරයා විසින් ප‍්‍රතිකාර සැලසුම් කෙරේ. පසුව රෝගියාට ප‍්‍රතිකාර නියම කිරීමත්, ප‍්‍රතිකාර කරවීමත්, මඟපෙන්වීමත් හා පසුවිපරමක් සිදුකරනු ලබයි. ප‍්‍රතිකාරවලදී රෝගියාගේ සිරුරේ චලනය, ශක්තිය, දරාගැනීමේ හැකියාව, සාමාන්‍ය කි‍්‍රයාකාරීත්වය හා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව භෞත චිකිත්සකවරයා විශේෂ සැලකිල්ලක් යොමුකරයි.

බොහෝ දෙනා භෞත චිකිත්සක ප‍්‍රතිකාරවලට යොමුවීමට බියක් දක්වන්නේ මෙහිදී භාවිත වන විවිධ කිරණ වර්ග, විද්‍යුත් තරංග ආදිය සිරුරට අහිතකර යැයි සිතන නිසාය. ඇත්තෙන්ම භෞත චිකිත්සාවේ භාවිත වන ප‍්‍රතිකාරවලින් අතුරු ආබාධ ඇති නොවේ. එමෙන්ම භෞත චිකිත්සක ප‍්‍රතිකාර මඟින් බොහෝවිට රෝගියා සැත්කමකටයාමට ඇති අවකාශය මඟහරවා ගැනීම සඳහා භෞත චිකිත්සකවරයා විශේෂයෙන් සැලකිලිමත්වේ.

උපුටා ගැනීමකි.

Address

"Sepalika", Galle Road, Devinigoda, Rathgama.
Galle
80260

Website

Alerts

Be the first to know and let us send you an email when Physio with UPALI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram