Authentic Ayurveda by Dr.Chanaka

Authentic Ayurveda by Dr.Chanaka -Galle Ayurveda Clinic - Enhansing the life with Ayurveda

New Day New Hope
12/02/2024

New Day New Hope

knowledge is power
07/02/2024

knowledge is power

Sujini Kaushalya Thusith New Thusith de Silva
26/08/2023

Sujini Kaushalya Thusith New Thusith de Silva

හාවාගල යනු සංචාරකයකු වශයෙන් ජීවිතේ අනිවාර්‍යෙන්ම යන්නට බලාගෙන ඉඳපු සුන්දර ගමනාන්තයක්. හාවාගල යනු බෙලිහුල්ඔයට ආ...

20/12/2020

මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or i...

28/10/2020
ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම ආයුර්වේදය හා කොරෝනා =====================================අපි හැමෝම දන්නවා, මේ වන විට ශ්‍රී ලං...
18/10/2020

ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම ආයුර්වේදය හා කොරෝනා
=====================================

අපි හැමෝම දන්නවා, මේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය පුරාම ජන ජීවිතය බොහෝ සෙයින් අඩාල වෙලා තිබෙන බව
Corona හෙවත් Covid-19 රෝගය බරපතළ ලෙස සමාජය තුළ පැතිර යාම මෙසේ ජන ජීවිතය අඩාල වීම සඳහා ප්‍රභලව බලපා තිබෙනවා.

මේ බෝවන රෝග ගණයේ කොරෝනා වෛරසය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් නිපදවීම, සංස්කරණය කිරීම සම්බන්ධව ලෝකයම මෙතෙක් අපොහොසත්ව සිටිනවා.

ඒ අනුව මෙහිදී අපගේ උදව්වට පැමිණෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ම පමණයි. බෝවන රෝගයක් සලකද්දී ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සතු පුද්ගලයා එම රෝගය කෙරෙහි ප්‍රතිරෝධී වේ, නැතහොත් එම රෝගය මගින් එම පුද්ගලයාට සිදු කළ හැකියි හානිය අවමය.

එබැවින් පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණය ඉහල දැමිය හැකි පුද්ගලචර්‍යා ආහාර පාන මෙන්ම ඖෂධ සංස්කරන කාලීනව ඉතා වැදගත්ය.

අනෙක් සියලු වෛද්‍යකර්ම සලකද්දී, ආයුර්වේද වෛද්‍යක්‍රමය තුල පුද්ගලයකුගේ ව්‍යාධික්ශමත්වය ඉහල නැංවිය හැකි ඔසු බොහොමයක් ගැන සකච්චාකරන්නෙ
ආයුර්වේද විද්‍යාව තුල රෝග වැලැක්වීමටත් වැලඳීමෙන් වැලකීසිටීමටත් දී ඇත්තේ සමාන වටිනාකමක් නිසාවෙනි.

එවැනි පුද්ගල චර්‍යා හා ආහාර ගැන වෙනම ලිපියක් මගින් සාකච්චා කරමු.

ඒ අනුව මේ වන විටත් ප්‍රත්‍යක්ෂව ආයුර්වේදය තුළ තුල ඔබගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීම සඳහා භාවිත ඖෂධ සංයෝග කිහිපයක් සලකා බලමු

ලංකාව තුළ කොවිඩ් 19රෝගය පැතිරුණු අවස්ථාවන් වලදී ප්‍රායෝගිකව මෙම ඖෂධ භාවිත කොට ඇත.

එබැවින් නිරෝගී ඔබගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමටත් මේ වන විටත් නිරෝධායන තත්ත්වයේ පසුවන අයවලුන්ට හෝ රෝගය ආසාදනය වූ වන්ගේ රෝගී ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම සඳහා මෙම ඖෂධ භාවිතා කළ හැක.

කොවිඩ්-19 රෝගය පැතිරීමත් සමග ම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනය යටතේ සිදු කෙරුණු ක්‍රියාවලියේදී ජේශ්ඨ කතිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවුණු ප්‍රතිකාර යටතේ දී මෙම ඖෂධය බෙහෙවින් භාවිතා කරන ලදී.

ඖෂධ ද්‍රව්‍ය

අමු ඉඟුරු ග්‍රෑම් 10 යි
කොත්තමල්ලි ග්‍රෑම් 10 යි
දෙහි කොළ ග්‍රෑම් 10 යි
යකිනාරං කොළ ග්‍රෑම් 10
ගම්මිරිස් ඇට ග්‍රෑම් 5

යකිනාරං කොළ සොයා ගැනීම අපහසු නම් දෙහි කොළ ග්‍රෑම් 20 ගන්න නමුත් යකිනාරම් කොළ ලබා ගැනීම වඩා ප්‍රයෝජනවත් වේ.

සාදාගන්නා ආකාරය
=====================================

ඉහත සියලු ද්‍රව්‍යයන්ට ලීටර් 1 ක වතුර ප්‍රමාණයක් දමා ඉන්පසු මිලට 500ට සිඳවා ගන්න එනම් දෙක එකට සිඳවා ගන්න

මාත්‍රාව
=====================================

වැඩිහිටි අයකු සඳහා වරකට 125ml ක ප්‍රමාණය පැය හතරකට වරක් භාවිතා කරන්න

එනම් උදේ 8, දවල් 12, සවස4, රාත්‍රී 8

වයස අවුරුදු 5 ත් 12 ත් අතර කුඩා දරුවන් සඳහා වරකට 60ml බැගින් පැය හතරකට වරක් භාවිත කරන්න.

වයස අවුරුදු 1- 5 ත් අතර සිඟිත්තන්ට වරකට 30ml බැගින් පැය හතරකට වරක් භාවිතා කරන්න.

මෙහි ඇති අනෙකුත් ද්‍රව්‍ය හදුනා හඳුනාගැනීම පිළිබඳ ගැටලුවක් ඇති නොවුනත් යකිනාරම් පිළිබඳව හඳුනා ගැනීමට යම් අපහසුතාවයන් පැන නගිනවා ඇත. එබැවින් යකිනාරම් පිළිබඳව කුඩා විස්තරයක් පහත සඳහන් කරමි

යකිනාරං / Atalantia ceylanica 🌿🌿🌿🌿

බහුලව අතු බෙදෙමින් මීටර් 2 දක්වා පමණ උසට වැඩෙන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයක් වන මෙය ඇතැම් විට පඳුරු ආකාරයෙන්ද වර්ධනය වන අවස්ථාවන්ද වෙයි. කඳේ සහ අතුවල ලාක්ශනික දික් කටු පිහිටා ඇත. ළපටි පත්‍ර ළා කොළ හෝ කහ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොල පැහැයෙන් යුක්තයි. මල් සුදු පැහැයෙන් යුක්තව පුෂ්ප මංජරියක හට ගනි . යකිනාරං ගෙඩි මාංසල බදරියක් වන අතර ඵලය තුල බීජ ගනනාවක් දක්නට පුලුවනි. ඵලාවරණය පැඟිරි සහිත ග්රන්ථීමය වේ. බීජ මගින් සහ මුල් මගින් ව්‍යාප්තිය සිදු වේ. යකිනාරං Rutaceae කුලයට අයත් ශාකයකි. යකිනාරං සදහා උඩුදෙහි යන නාමයද ප්‍රාදේශීය වශයෙන් භාවිතා කරයි.

ප්‍රතිශ්‍යාවට ඇදුම සලකද්දී විශේෂයෙන්ම යකිනාරං ශාකයට ඇත්තේ සෙම් ප්‍රතිශ්‍යා ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ ගුණයකි.

* යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්‍රහණය කිරීම ප්‍රතිශ්‍යායාවට සහනය ගෙනෙයි.

* යකිනාරං බලි තොවිල් ගුරුකම් සඳහා ද යොදාගනු ලැබෙන අතර යාග හෝම ආදියේදී අවශ්‍යවන පස්පැඟිරි එකතුවට දෙහි , දොඩම් , නාරං , නස්නාරං , සිදරං සමග ගනී.

ඒකීයව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි. ඖෂධීය ශාක කිහිපයක් සමගද යකිනාරං ශාකය ඔසු පිණිස ගන්නා භාවිතයන් රාශියක් තවත් දැක්වෙයි ... !

ශාක විස්තරය අන්තර්ජාලයේ ලිපි අනුසාරයෙන් සැකසුනකි ...

ආයු සුජීවක වෛද්‍ය මධ්‍යස්ථානය
කෝන්ගහ පාර
ගාල්ල
0710372996
0704331997

ආතරයිටිස් සුවය හා ආහාර විධි====================================ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත රෝගයක් සම්බන්ධව සලකද්දී බොහෝ...
05/10/2020

ආතරයිටිස් සුවය හා ආහාර විධි
====================================

ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත රෝගයක් සම්බන්ධව සලකද්දී බොහෝ විට රෝගය සුව වීම කෙරෙහි ඖෂධ බලපාන්නේ යම් සේද, ඒ හා සමානවම රෝගියා විසින් භාවිතා කරන ආහාර එමෙන්ම රෝගියාගේ විහරණ එනම් රෝගියාගේ ක්‍රියාකාරකම් රෝගය නිවාරනය සඳහා බොහෝ උපකාරී වෙයි.

සන්ධි ආශ්‍රිතව ඇතිවන ආතරයිටිස් වැනි රෝග තත්ව වලදී රෝගියාට මතුවන සංකූලතා සුලුපටු නොවේ.

ඉතින් එවනි පීඩාකාරී රෝගයකින් හැකි ඉක්මනින් අත් මිදීම සඳහා සාමාන්‍ය දිනචර්‍යාවේ අප ගන්නා ආහාර වෙනුවට, රෝගයටද වඩා ප්‍රයෝජනවත් වන ලෙස ආහාර රටා වෙනස් කරගැනීම කාලොචිතය.

ආයු සුජීවක සුව සන්ධි සායනය වෙත සහභාගී වෙන බොහොමයක් රෝගීන් වෙතින් නැගෙන ප්‍රශ්නයක් වන්නෙ, මොන වගේ කෑමද අපිට හොඳ, මොනවද නරක ?

ඉතිං ඔබේ පහසුව වෙනුවෙන් හන්දි රෝග ආශ්‍රිතව රෝගයකින් පීඩා විඳින ඔබට භාවිතා කළ යුතු ආහාර පිළිබඳ කෙටි හැඳින්වීමක් ලිපි පෙලකින් සාකච්චා කලයුතුයැයි සිතුවා.

🥒🥒🥒🥒 බන්ඩක්කා 🥒🥒🥒🥒🥒

බණ්ඩක්කා යනු සන්ධි ආශ්‍රිත රෝග සඳහා ඉතාමත්ම ගුණදායී ආහාරයකි.

සන්ධි රෝග වලට අමතරව අනෙකුත් බොහොමයක් රෝගවලටද ගුණ දෙන බව ප්‍රකට ඒ බව පර්යේෂණාත්මකව ඔප්පු ආහාරයකි.

බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය හා ප්‍රියතම ආහාර ලයිස්තුවේ නොමැති වුවත් බණ්ඩක්කාවල ගුණ දැන සිටීම එය ඔබේ ප්‍රියතම ආහාර ලයිස්තුවට එකතු කර ගැනීමට හේතුවනවා ඇත.

ආතරයිටීස් රෝගය නිසා කාලාන්තරයක් පීඩා විඳි අයකුට මුහුන පාන්නට වන ගැටලුවක් වන්නෙ අස්ථි කොටස් ක්ශය වී යාම හෝ දුර්වල වීමයි.

මිනිස් අස්ථි සෑදීමට හේතු වන ප්‍රධාන සංඝඨකයක් වන්නෙ කැල්සියම් අයනයි.

ප්‍රතිකාර මගින් සුව වීමේ යාන්ත්‍රන නිවරදි කරත්, හොඳ කැල්සියම් සැපයීමේ මාධ්‍යයක් තිබේ නම් රෝගය සුවවීම ඉතා ඉක්මන් වේ.

බණ්ඩක්කා යනු කැල්සියම් වලින් අනූන එලවලුවකි ඒ හෙතුවෙන් අස්ථි සෞඛ්‍ය වෙනුවෙන් ඉතා ප්‍රයෝජනවත් වේ. අමතරව එහි ඇති මැග්නීසියම් අයන හා විටමින වර්ග මගින් ඔබගේ අස්ථි සෞඛ්‍යය පවත්වාගෙන යෑම සඳහා මහත් පිටිවහලක් වේ.

එමෙන්ම අයුර්වේදානුකූලව සන්ධි රෝග වාත ප්‍රමුඛ රෝගයෝ වෙති. මෙවනි වාත රෝග වලදී බොහොමයක් රෝගීන්ට මලබද්ධය යන අවස්තාව සුලභ කාරනාවකි.

බන්ඩක්කා වල පවතින තන්තුමය ස්වභාවය (insoluble fiber) හේතු කොටගෙන ආහාර ජීර්ණ පද්ධතිය වෙත එයට ඇති කළ හැක්කේ ප්‍රබල බලපෑමකි.( lubrication of large intestines ), බොහොමයක් සන්ධි රෝග ආශ්‍රය කරගෙන පවතින්නාවූ රෝගීන්ට මුහුණ පාන්නට වෙන ගැටලුවක් වන, මලබද්ධය රෝග අවස්ථාවද මෙවැනි තන්තුමය ශාක ආහාර වලින් වලක්වා ගැනීමට හැක.

ආතරයිටිස් රෝග තත්වය සමග සන්ධි ආශ්‍රිතව ප්‍රදාහාත්මක තත්වයක් ඇතිවේ.ඒ අනුව සන්ධි ආශ්‍රිතව ඇතිවෙන අධික වේදනාව ඉදිමීම ආදී වූ ලක්ෂණයන් දැක ගත හැක.

බණ්ඩක්කා යනු ෆෝලේට් සහ විවිධ විටමින් වර්ග බහුලව අන්තර්ගත ආහාරයකි.විශේශයෙන්ම විටමින් A විටමින් C වැනි විටමින වර්ග,එබැවින් බණ්ඩක්කා සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙරෙහි ඇති කළ හැක්කේ සාධනීය බලපෑමකි.එමගින් සන්ධි ආශ්‍රිතව පවතින වේදනාවන් වේදනාවන් ඉදිමී සමනය කිරීම කෙරෙහි බලපෑමක් සිදුකළ හැක.ඒ සමගම බණ්ඩක්කා යනු පිළිකාව මගහැරීමට කටයුතු කරන ප්‍රධාන ආහාරයකි.

එසේම මේ සන්ධි රෝග හැරුණු කොට මිනිසුන් මුහුණ මුහුණපාන විවිධ රෝග අවස්ථා ගණනාවකට බණ්ඩක්කා යනු ඉතාමත් ගුණදායි ආහාරයකි.

දියවැඩියාවට සුදුසු ආහාරයක් වශයෙන් බණ්ඩක්කා දරන්නේ ඉහළ ඉහල ස්ථානයකි.

එමෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුන බහුල බැවින් ස්භාවිකවම අලස ගතිය දුරලීමට මෙන්ම අඩංගු ෆෝලෙට් බී විටමීන හේතුවෙන් ඩොපමින් ශ්‍රාවය කෙරෙහි ඇති කරන බලපෑම නිසා මානසික ආතතිය ආදී ගැටලුද දුරු කරවයි.

එමෙන්ම හෘද සෞඛ්‍ය වෙනුවෙන්ද බන්ඩක්කා හොඳ නමක් දිනා සිටියි. එහි අඩංගු පෙක්ටීන් කොලෙස්ටෙරෝල් යාමනයටද එමෙන්ම හෘද සෞඛ්‍ය වෙනුවෙන් ද ප්‍රයෝජනවත් වේ.

බන්ඩක්කා යනු බර අඩු කරගැනීම වෙනුවෙං මහංසි වන ඕනෑම අයෙකුට ඉතාමත් සුවිශේෂී ආහාරයකි.

බණ්ඩක්කා හේතුවෙන් අක්ෂි සෞඛ්‍ය වෙනුවෙන් ද සාධනීය වෙනසක් සිදු කළ හැක. එහි අඩංගු විටමින් A යනු අක්ෂි සෞඛ්‍ය වෙනුවෙන් වඩා ප්‍රයෝජනවත් වන පෝෂ්‍ය පදාර්ථයකි එමෙන්ම ශරීරයේ සමේ වර්ණය වෙනුවෙන් ද විටමින් A සිදු කරන්නේ යහපත් බලපෑමකි

ඉතිං ඔබත් බණ්ඩක්කා ඔබේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්නට එපා.

අවසාන වශයෙං එකතු කරන්නට යමක් ඇත බණ්ඩක්කා යනු ඔබේ ගෙවත්තේ ඉතාමත් පහසුවෙන් වැවෙන කෘෂි බෝගයකි වැඩි ඉඩකඩක් නොමැති බඳුන් ගත වගාවකටද උචිත වුවකි.වෙළඳපොලේ පවතින කෘෂි රසායනික ද්‍රව්‍ය වැපිරූ ආහාරයකට වඩා ඔබේ ගෙවත්තේම වැවෙන මෙවැනි ස්වභාවික එළවළුවක රස මෙන්ම ගුණ වලද ඇත්තේ සුලුපටු වෙනසක් නොවේ ඔබේ ගෙවත්ත නිරෝගිමත් දිවියක් උදෙසා භාවිතා කරන්න

ආයු සුජීවක සුව සන්ධි සායනය

කොන්ගහ

ගාල්ල

0710372996

0704331997

බ්‍රහස්පතින්දා පෝය දින හා සිකුරාදා දින ආයතනය වසා ඇති බව කරුනාවෙන් සලකන්න.ආයු සුජීවක වෛද්‍ය මධ්‍යස්ථානය 07103729960704331...
29/09/2020

බ්‍රහස්පතින්දා පෝය දින හා සිකුරාදා දින ආයතනය වසා ඇති බව කරුනාවෙන් සලකන්න.

ආයු සුජීවක වෛද්‍ය මධ්‍යස්ථානය

0710372996
0704331997

Address

Galle

Telephone

+94710372996

Website

Alerts

Be the first to know and let us send you an email when Authentic Ayurveda by Dr.Chanaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Authentic Ayurveda by Dr.Chanaka:

Share