29/07/2020
Generic: Chlorpheniramine Maleate
Brands: piriton, Allermine,
1- Allergic ආසාත්මිකතාවයකදී( ඇලජික් එකකදී)එන ආසාත්මික ලක්ශණ අවමකිරීමට(කැසීම, පළු දැමීම, රතු වීම්, ඉදිමීම් වැනි ලක්ශන)
2- ආහාර විශ වීමකදී
3- නාසයෙන් සොටු දියර ගලන විට
4- සෙම්ප්‍රතිශ්‍යාව
පිරිටන් ගැන හරියට දැනගමුද.......?
[පෙත්තක 4mg පමන පිරිටන් ඖෂධය අඩංගු වේ.
සිරප් තේ හැන්දක(5ml) ක 2mg පිරිටන් ඖෂධය අඩංගුවේ.]
CHLORPHENAMINE MALEATE/CHLORPHENIRAMINE එහෙමත් නැත්නම් හැමෝම දන්න පිරිටන් පෙත්ත ඕනි වෙලාවක ෆාමසියෙන් ගන්න පුලුවන් පෙත්තක්. ඒ වගේම සිරප් විදියටත් ගන්න පුලුවන්. ඒත් බොන්න කලින් ඔබ මෙන්න මේ දේවල් ගැන දැනගෙන සිටිය යුතුයි. කියවලා බලන්න.
භාවිතයන්------👇
*ආසාත්මිකතාවයකදී( ඇලජික් එකකදී)එන ආසාත්මික ලක්ශණ අවමකිරීමට(කැසීම, පළු දැමීම, රතු වීම්, ඉදිමීම් වැනි ලක්ශන)
* ආහාර විශ වීමකදී
* නාසයෙන් සොටු දියර ගලන විට
*සෙම්ප්‍රතිශ්‍යාව
භාවිතා නොකළ යුතු පුද්ගලයන් හා වෛද්‍ය උපදෙස් උපදෙස් ලැබිය යුතු පුද්ගලයන්------👇
*තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග සහිත පුද්ගලයන්
*අධිරුධිර පීඩනය සහිත පුද්ගලයන්
*ආමාශයේ තුවාල සහිත පුද්ගලයන්
*ආමාශයේ හෝ අන්ත්‍ර වල සිරවීමක් (BLOCK) ඇති පුද්ගලයන්
*මූත්‍රාශයේ සිරවීමක් ඇති පුද්ගලයන්
*මූත්‍රා සම්පූර්ණයෙන් පහ කළ නොහැකි නම්
*වෘෂණ කෝෂ වල ඉදිමීම් වැනි ගැටලු ඇත්නම්
අතුරු ආබාධ ලෙස-------👇
*මුඛය වියළු වීම
*බොඳ වී පෙනීම
*නිදිමත ගතිය
*තෙහෙට්ටුව
මාත්‍රාව පෙති සහා සිරප් යන දෙකටම අදාලව දක්වා ඇති බැවින් නිවැරදිව කියවන්න.
අවුරුදු 12 ට වැඩි සහ වැඩිහිටි
10ml (4mg) -පැය 4 හෝ 6 කට වරක් [දිනකට 60ml (24mg) වලට නොවැඩි විය යුතුය]
අවුරුදු 6-12 අතර
5ml (2mg) -පැය 4 හෝ 6 කට වරක් [දිනකට 30ml (12mg) වලට නොවැඩි විය යුතුය]
අවුරුදු 2-6 අතර
2.5ml (1mg) -පැය 4 හෝ 6 කට වරක් [දිනකට 15ml (6mg) වලට නොවැඩි විය යුතුය]
අවුරුදු 1-2 අතර
2.5ml (1 mg) -දිනකට දෙවරක්. දිනකට ලබා දෙන වේල් දෙක අතර පරතරය පැය 4-6 කට වඩා වැඩි විය යුතුය.[දිනකට 5ml (2mg) වලට නොවැඩි විය යුතුය]
අවුරුදු 1 ට අඩු දරුවන් සඳහා නිර්දේශ කරනු නොලැබේ. වෛද්‍ය උපදෙස් මත ලබා දෙන්න.
සැළකිය යුතුයි -------👇
පිරිටන් ලබා ගැනීමේදි ඔබ රාජකාරී කරන පුද්ගලයෙකු නම් උදෑසන එය ලබා ගැනීමට වඩා රාත්‍රියේදි ලබා ගැනීම වඩා සුදුසුය. නිදිමත ගතිය වැඩි වන බැවින් ඔබට අපහසුතාවයන් සිදු වීමට ඉඩ ඇත.
(source_from internet)
Your pharmacist