Asiri Pharmacy ,Karapitiya

Asiri Pharmacy ,Karapitiya NMRA Registered

Warm wishes for a joyful Christmas and a healthy, prosperous New Year 2026❤️
25/12/2025

Warm wishes for a joyful Christmas and a healthy, prosperous New Year 2026
❤️

🍃මේ ඔවුන්ට පිහිටක් අවැසිම මොහොතයි.🙏🙏අයහපත් වූ කාලගුණය හේතුවෙන් විපතට පත් අපේම අය වෙනුවෙන් ❤️ඔබගේ පරිත්‍යාග ගාල්ල අපගේ ආය...
29/11/2025

🍃මේ ඔවුන්ට පිහිටක් අවැසිම මොහොතයි.🙏🙏

අයහපත් වූ කාලගුණය හේතුවෙන් විපතට පත් අපේම අය වෙනුවෙන් ❤️

ඔබගේ පරිත්‍යාග ගාල්ල අපගේ ආයතනයට ලබාදිය හැක.❤️

📍 COLLECTION POINTS

Galle Town ( Cloud 0775350352)
Karapitiya (Asiri Pharmacy 075 617 6830) Ginthota Juntion ( Sakuna 076 549 3910
Tharindu 074 002 2225 )
Makuluwa (Suniru lanka 077 717 7452) Kuruduwaththa (Nisitha 076 6375932)

29/11/2025
Be careful
29/11/2025

Be careful

ගංවතුර සමග පැතිරෙන 🌧️🌊
ලෙප්ටොස්පයිරෝසිස් - මී උණ 🐁
හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැක

Talk to us 077 5408017
05/09/2025

Talk to us 077 5408017

Be aware
20/07/2025

Be aware

චිකුන්ගන්යා රෝගීන් NSAID කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමෙන් වළකින්න

20/07/2025

බෙල්ලේ සිදුවන සම කළු පැහැගැන්වීම ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධතාවයේ ලක්ෂණයක් විය හැක. Acanthosis nigricans (ඇකන්තෝසිස් නිග්‍රිකන්ස්) ලෙස හඳුන්වන මෙම ලක්ෂණය දියවැඩියා තත්ත්වයක් වර්ධනය වීමේ මූලික ලක්ෂණයක් විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

15/07/2025

"තාත්තා operation එකට කලින් කකුල් වලට මේස් දෙකක් දාන්න ඕනේ. ඒක hospital එකේ නෑ. පිටින් තමා ගන්න වෙන්නේ. "

පිටින් බෙහෙත් ගේන්න කියන්නත් බයයි. ඒත් මේ මේස් දෙක ඕනෙමයි.

"සුදු මේස් දෙකක් ගෙනත් තියෙන්නේ?"

"කෝ බලන්න. "

ඒක අපි සපත්තු වලට දාන මේස් දෙකක්.
"ඕක හරියන්නේ නෑ තාත්තා. වෙන දෙකක් ඕනේ. පිටින් ගන්න වෙනවා."

"කීයක් විතර වෙයිද දන්නේ නෑ නේද?"

"5000 ක් විතර වෙයි."

ඒ තාත්තා මුකුත් කිව්වේ නෑ.

ටිකකින් මම ඉන්න මේසේ ළගට ඇවිත් "doctor අර මේස් දෙක ඕනෙමද?
පඩි හම්බවෙන්නේ 10 වෙනිදා පහු වෙලා. එතකන් ටිකක් අමාරුයි." කියලා කියන කොට මම කොහොමද ඕනෙමයි කියන්නේ.
ඒ තාත්තා පොඩි රස්සාවක් කරන කෙනෙක්. මේ operation එකෙන් පස්සේ දවස් 15 ක් 20 ක් hospital එකේ ඉන්න වෙනවා. සමහර විට ඊළග මාසේ පඩියක් නැති වෙන්නත් පුලුවන්.

"හරි බලමු තාත්තා මොනවහරි කරන්න බලමු" කිව්වේ හොයාගන්න බැරි උනොත් මම හරි ගෙනත් දෙනවා කියලා හිතාගෙන.

අද හෑල්ල operation කරන ලෙඩෙක්ට දාන ඒ මේස් ගැන.

අපේ කකුල් වල ඉදන් heart එක පැත්තට ලේ ගමනාගමනය වෙන්නේ ශිරා (veins) හරහා. මේ ශිරා තුළ ලේ ගලන්නේ කකුල් වල මාංශ පේශිවල උදව්වෙන් (muscle pump ක්‍රියාවලිය). අපි ඇවිදිනකොට, ව්‍යායාම කරනකොට, පාද හොලවනකොට, මේ මාංශ පේශි සම්පීඩනය වෙලා ශිරා තුළ ලේ ඉහළට (හදවත දිහාවට) තල්ලු කරනවා. ශිරා ඇතුළේ තියෙන කපාට (valves) නිසා ලේ ආපහු පහළට ගලන්නේ නැහැ.

ලොකු operation එකකින් පස්සේ ටික කාලයක් ඇඳේ විවේක ගන්න වෙනවා. මේ වෙලාවේ කකුල් හොලවන්නේ නැති නිසා muscle pump එක හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට කකුල් වල ලේ ගමනාගමනය හරියට වෙන්නේ නෑ. ලේ එක තැනක එකතු වෙලා, ලේ කැටි (blood clots) හැදෙන්න පුළුවන්.

මේ තත්වය තමයි Deep Vein Thrombosis (DVT) කියන්නේ. DVT එක බරපතල වුණොත්, මේ ලේ කැටියක් පෙනහලුවලට ගිහින් pulmonary embolism වගේ ජීවිතයට තර්ජනයක් වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්.

Compression stockings තමයි මේ තත්වය වළක්වන්න බහුලව භාවිතා කරන්නේ. මේවා තදින් කකුල් වලට පළඳිනවා, ඒවා පාදවල ශිරා තද (compression) කරනවා. මේ නිසා ලේ ගමනාගමනය වෙනවා. ඒ නිසා ලේ කැටි ඇති වෙන අවදානම අඩු වෙනවා.

ඉතින් වාට්ටුවට පරිත්‍යාග විදියට හම්බ උන compression Stockings දෙකක් තිබුනා. වෙලාවට ඒ තාත්තටම ගැලපුනා.

මගේ facebook පිටුවේ followers ලා 21000 ක් ඉන්නවා. මම හැමදාම ලිපියක් ලියලා ඔයාලව දැනුවත් කරනවා.
මම කවදාවත් ඔයාලගෙන් උදව්වක් ඉල්ලා නෑ.
ඒත් අද වෛද්‍යවරයෙක් විදියට නෙවෙයි සාමාන්‍ය මිනිහෙක් විදියට ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න හිතුනා. ඔයාලට පුලුවන් නම් රෝහලකට මේ වගේ පරිත්‍යාගයක් කරන්න. ලොකු දේවල් නෙවෙයි. සරමක් චීත්තයක්, පැම්පස් පැකට් එකක්, මේ වගේ වෛද්‍ය උපකරණයක්. ඒක අපේ රටේ අහිංසක අසරණ මනුස්සයෙකුට ප්‍රයෝජන වත් වෙයි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර

14/07/2025
ඔබේ ඖෂධ වට්ටෝරු WhatsApp මගින් කරාපිටිය ආසිරි ෆාමසි වෙත යවන්න .නිවැරදිව සහ ආරක්ෂිතව ඖෂධ භාවිතය සඳහා සුදුසු උපදෙස් ලබා ගන...
13/07/2025

ඔබේ ඖෂධ වට්ටෝරු WhatsApp මගින් කරාපිටිය ආසිරි ෆාමසි වෙත යවන්න .
නිවැරදිව සහ ආරක්ෂිතව ඖෂධ භාවිතය සඳහා සුදුසු උපදෙස් ලබා ගන්න.

පලපුරුදු ඖෂධවේදියකුගෙන් ඔබට වැදගත්ම සියළු උපදෙස් ලබා දෙන අතර,
*ඔබේ ඖෂධ සම්බන්ධ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනු ඇත.*

📍 ආසිරි ෆාමසි , කරාපිටිය, ගාල්ල
📞 077 540 80 17

නිවැරදිව ඖෂධ භාවිත කර හොඳින් සුවවෙමු !

මාරාන්තික ආසාත්මිකතාව අපිට වළක්වාගත හැකි තත්ත්වයක්
04/07/2025

මාරාන්තික ආසාත්මිකතාව අපිට වළක්වාගත හැකි තත්ත්වයක්

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://www.youtube.com/ News Sri Lanka's Number One News Portal.𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.hirunews.lk...

Address

Hirimbura Cross Road Karapitiya
Galle

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 20:00

Telephone

+94773168017

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Pharmacy ,Karapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Asiri Pharmacy ,Karapitiya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram