15/02/2024
👣👣👣👣 චාකෝට් පාදය 👣👣👣👣
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
🦶 දියවැඩියා රෝගය මූලිකව හා අනෙකුත් රෝග ආශ්‍රිතව පවතින, ස්නායු අකර්මණ්‍යතාවය හේතුවෙන් ඇති වන්නාවූ, පාද අස්ථි දුර්වලතාවය චාකෝට් පාදය ලෙස හැඳින් වේ.
🦶 මෙය අස්ථි බිඳීයාම දක්වා වර්ධනය වූ විට, පාදයේ හැඩය වෙනස් වීමද සිදු වේ. මෙය තව දුරටත් වර්ධනය වූ විට, මෙලෙස අස්ථි බිඳී ගොස්, පාදයේ හැඩය වෙනස් වීමට ලක් විය හැකිය. මෙය රොකර් බොටම් පදය ලෙස හැඳින් වේ.
🦶 මෙම තත්ත්වය ඉතා බරපතල වන අතර, අධික ලෙස පාදයේ හැඩය වෙනස් වීම, ඇවිදීමට නොහැකි වීම හා නිසි ප්‍රතිකාර නොගතහොත් පාදය අහිමි වීම දක්වා වර්ධනය විය හැකිය.
🦶 එම නිසා, පාද ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන දියවැඩියා රෝගීන් සෑම විටම, පාද පරීක්ෂා කිරීම හා වෙනත් ආරක්ශාකාරී පියවරයන් ගත යුතුය....................................................................
First Care Clinic - විශේෂ තුවාල හා සැත්කම් සායනය
වෛද්‍ය කේ.බී.තිලිණ සසංක
077 210 1534