
29/06/2025
දණ්ඩාසනය
බොහෝ ශාරීරික හා මානසික ප්‍රතිලාභ ලබා දෙන විශිෂ්ඨ ආසනයකි. වාඩි වී කරනු ලබන යෝග ආසනයකි. එය සරල ලෙස පෙනුනද, මෙහි විශාල ප්‍රතිඵල ඇත.මෙම ආසනය කරන තවත් ක්‍රම 02ක් ඇත.මෙය වාඩි වී කරන ඉරියවුවයි.දණ්ඩ යනු ශක්තිමත් බවයි.එනම් මෙම ආසනය කළක් පුහුණු වීමේදී ශරීර දණ්ඩක් මෙන් ශක්තිමත් වේ.මෙහි ශක්තිමත් වීම යනු කය ප්‍රාණවත් වීමයි.මෙම ආසනයේ සිට බන්ධාස් කල හැක.එවිට ප්‍රතිඵල වෙනස් වේ.කුණ්ඩලනිය පුහුණු වන අය එය පුහුණු කරයි.මෙය ඉතා බල ආසනයකි.
🧘♀️ ප්‍රතිලාභ
1. ශරීර ඉරියව්ව නිවැරැදි කරයි.
2.කොඳු ඇට පෙළ, උරහිස් සහ ශ්‍රෝණිය නීරෝගී කර වාත අමාරු ඉවත් කරයි.
3.පසුපස මාංශ පේශි ශක්තිමත් කරයි
කොඳු ඇට පෙළ වටා මාංශ පේශි සක්‍රීය කරයි.
4.කොඳු ඇට පෙළට ආධාර කිරීම සඳහා උදරීය මාංශ පේශි ශක්තිමත් කරයි.
5.උරහිස් සහ පපුව ශක්තිමත් කරයි.
6.කකුල් වල නම්‍යශීලී බව වැඩි දියුණු කරයි
7.කලවා මෙන්ම ශරීර හැඩය ඔප නන්වයි.
8.රුධිර සන්සරනය ක්‍රමවත් කරයි.
9.ග්‍රහනීය දෝෂ ඉවත් කර ආහාර ජීර්නය ක්‍රමවත් කරයි.