Rumi Ruben

Rumi Ruben Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rumi Ruben, Doctor, Galle.

05/07/2024

ආගමකට වැදගත් වන්නේ මනස පමණක්ද?

නියම ලෙස බුද්ධාගම අදහන්නේ නම් වැදගත් වන්නේ මනස පමණක් බව දැන් ඇතම් විට අසන්න ලැබෙන මතවාදයක්.
මේ පිලිබදව ආගමික අර්තකතනය කෙසේ වුවත් මනෝ විද්‍යාත්මක අදහසත් විමසා බැලීම වැදගත් .

හැසිරීම් වලට සිතුවිලි බල පාන බව අපි හැමොම දන්න දෙයක් .ඒ නිසා අපේ හැසිරීම වෙනස් කර ගන්න මනස පමනක් සෑහෙන බවත් එය ආගමක පැවත්ම සදහා ප්‍රමානවත් බවත් සමහරු නිගමනය කරනවා
ඒත් හැසිරීම සහ සංජානනය (සිතුවිලි )අතර ඇති හේතු සම්බන්ධය දෙපැතටම බලපානවා.

උදාහරනක් ලෙස ඉරියව් වැනි සරල දෙයක් ඔබේ මානසික තත්වයට බලපාන බව සලකන්න

ශාරීරික හැසිරීම හුදෙක් චින්තනයේ ප්‍රතිඵලයක් පමනක් නොවන බවත්, ශාරීරික ක්‍රියාකාරකම් සංජානනයට ද බලපාන බවත් මනෝ විද්‍යාවේ පැවසෙනවා.

උදා. චලනය මගින් සිතුවිලි පහසු කරනවා

අභිනය මගින් සිතුවිලි ප්‍රකාශ කිරීම පමණක් නොව අදහස් සැකසීමට සහ කථිකයාට උපකාර කරනවා. ඒ හා සමානව, යම් තත්වයක් පරිකල්පනය කිරීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති වෙනවා ඔබ බර ඉසිලීම ගැන සිතීම ඇත්ත වශයෙන්ම බර එසවීම පහසු කරනවා.චර්‍යත්මක ප්‍රතිකාර ක්‍රමය රදා පවතින්නෙම මේ ආකාරයට.

මොලය කොටස් වැඩ කරන්නෙ එකිනෙකට සම්බන්ධ වෙලා
තර්කනය සංවේදන හා හැගීම් සදහා මොලයේ වෙනස් තැන් තිබුනත් ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නෙ..ඒ සදහා මොලයේ උප සංජානන පද්ධති දෙකක් එකව ක්‍රියා කිරීම සිදුවෙන බව හදුන්වා දී තිබෙනවා

අවිඥානික සංජානනය, ප්‍රතිභාන සහ වේගවත් ප්‍රතික්‍රියා සහ සවිඥානක සංජානනය, මන්දගාමී හා වඩා හිතාමතා ය. මෙම උප පද්ධති දෙක ද එකින් එක රඳා පවතින අතර, ඒ සෑම එකක්ම එකිනෙකට බලපායි.එසේ එකව ක්‍රියා කිරීම වඩාත් සාර්තක ආධ්‍යාත්මික අවබෝධයකට බල පානවා.

අපේ ආකල්ප සිතුවිලි හැසිරීම් වෙනස් කරන්න තර්කනය වගේම හැගීම් සහිත ක්‍රියාකරකම් එකසේ වැදගත් වෙන්නෙ ඒ නිසා.

මෙයට අවුරුදු 70000 පෙර වූ යේයි සැලකෙන සංජානන විප්ලවයෙන් පසු මිනිස්සු ප්‍රවාද ගොඩ නගන්නට චරිත්‍ර වාරිත්‍ර සිදු කරන්න්නට පටන් ගත්තා. මේවා මිනිසාගෙ බුද්ධි වර්ධනයට බොහෝ සේ බල පෑවා.
පසු කලක ආගම් බවට පත් වුනෙත් මේ හැසිරීම්

ආගම් වල විවිධ චරිත්‍ර වාරිත් පවතිනවා මේවා විවිධ ක්‍රියාකාරකම් හා සම්බන්ධයි.

සිටගෙන සිටීම, ඇවිදීම, අභිනය කිරීම, සහ චාරිත්‍රානුකූලව කටයුතු කිරීම අපට වෙනස් ලෙස සිතීමට සහ අප සහ ලෝකය පිළිබඳ අපගේ අවබෝධය වෙනස් කිරීමට බලපානවා.අවමංගල්‍ය චාරිත්‍ර වැනි හැසිරීම් අපේ සිතිවිලි හා දුක වැනි හැගීම් වෙනස් කිරීම තවත් උදාහරනයක්

ආගම් වල ක්‍රියාකාරිත්වය හා මිනිස් මනසට වන බලපෑම ඒවායෙ ඇති චාරිත්‍ර වාරිත්‍ර මත බොහෝ සේ රදා පවතිනවා

යෝග , භාවනාව , දාන ශීල ආදී චරිත්‍ර වාරිත්‍ර අපේ මොලයේ ආධ්‍යාත්මික අවබෝධය වර්ධනයට වැදගත් .ඒ දේවල් ඉගෙන ගන්න තර්කනයට පමණක් බෑ ක්‍රියාවත් අවශ්‍යයි.

ආගම කියන්නේ සිතුවිලි සමුදායක් විතරක් නෙවි.සිතුවිලි වගේම සිත වෙනස් කරන ක්‍රියාවෙන් ඉගෙන ගත යුතු චාරිත්‍ර හා හැසිරීම් සමුදායක්.
පහු ගිය අවුරුදු 70000 තිස්සෙ අපි ඉගන ගත්තෙ ඒ විදියට.

17/09/2023
14/07/2023
27/04/2023
21/04/2023

විශාදය සැදුනු පුද්ගලයෙකු සිය ජීවිතය ගැන ගන්නා තීරණ ඇතැම් විට නිවැරදි නොවේ.විශාදය නිසා මොළයේ ක්‍රියත්මක වීමේ වෙනස් කම් ඇති වීම එයට හේතුවයි.

සංකිර්ණ චින්තනය දුර්වල් වීම
සිතා මතා හැගීම් පාලනය දුර්වල වීම
හැගීම් සැකසීම දුර්වල් වීම
නිවැරදි අවදානය දුර්වල වීම
දිරි ගැන්වීම් දුර්වල වීම
මනෝ කායික ගැටලු
මේ අකර්මන්‍ය වීම් අතර ඇත.

සිය ජීවිතය නැති කර ගැනීමට ගන්නා තීරණයද ,එසේම මෙම දුර්වලතා මත පදනම්ව මොලය ගන්නා වැරදි තීරණයකි.

මේ සදහා බලපාන හේතු Price and Drevets 2012 හා Kesler 2015 දී SPET ,PET,fMRI ඇසුරින් පර්‍ර්ක්ශණයට ලක් කරන ලදි.
විශදයෙන් පීඩා විදින පුද්ගලයන්ගේ ඉහත සදහන් ක්‍රියකාරිත්ව දුර්වලතා හා මොලයේ පහත සදහන් කොටස් වල මස්තිස්ක රුධිර සංසරනය හා පරිවුර්තිය ,
වෙනස් වීම් අතර සම්බන්ධය හදුනා ගෙන ඇත.

Altered cerebral
perfusion and metabolism
in depressed patients in

Dorsolateral and dorsomedial prefrontal cortexleads to Cognitive dysfunction (particularly executive dysfunction)
Impaired voluntary regulation of emotion

In the medial prefrontal cortexleads to abnormal emotional processing

In the anterior cingulate
Leads to impaired attentional processes

Altered emotional salience
In the amygdalaleads to abnormal emotional processing

In the Ventral striatum leads to Impaired incentive behaviourand psychomotor disturbance

Address

Galle

Telephone

+94716865407

Website

Alerts

Be the first to know and let us send you an email when Rumi Ruben posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category