13/05/2024
තමන්ගෙ පොඩි පර්යේෂණ කටයුත්තක් වෙනුවෙන්, අවුරුදු 4-8 අතර පොඩි දරුවොන්ගෙන් කණ්ඩායමක් අහනවා "ආදරේ කියන්නෙ මොකක්ද?" කියන ප්‍රශ්නය. මේ කණ්ඩායමේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුණු උත්තර එයාලට ලැබෙනවා. මේ ඒ අතරින් තෝරගත්ත උත්තර කිහිපයක්.
💫 "මගේ ආත්තම්මට ආතරයිටිස් හැදුණට පස්සෙ එයාට එයාගෙ කකුළෙ නියපොතු පාට කරන්න නැවෙන්න බැරුව ගියා. ඊටපස්සෙ මම දැක්කා මගේ සීයා ඒ වැඩේ කරනවා. ආත්තම්මා ලස්සනට ඉන්න ආස නිසා, එයා ආත්තම්මගෙ නියපොතු පාට කරන්න පටන් ගත්තා. හැබැයි මගේ සීයගෙත් අත්වලට ආතරයිටිස් හැදිලා තිබ්බෙ. මං හිතන්නෙ ඒක තමා ආදරේ"
රෙබෙකා- අවුරුදු 8යි
💫 "කවුරු හරි අපිට ආදරෙයි නම්, එයාලා අපේ නම කියන විදිහ වෙනස් මං හිතන්නෙ. එයාලගෙ කටෙන් එයාලා අපේ නම කියද්දි, එයාලා පරිස්සමෙන් කියනවා"
බිලී- අවුරුදු 4
💫 "ගෑනු ළමෙක් පර්ෆියුම් ගාගෙන, කොල්ලෙක් shaving cologne ගාගෙන, ඊටපස්සෙ දෙන්නම එකතු වෙලා එළියට ගිහින් දෙන්නගෙ සුවඳ බලන එක තමා ආදරේ"
කාල්- අවුරුදු 5
💫 "අපි එළියට ගිහින් කෑම කද්දි, ඔයා ඔයාගෙ french fries එකෙන් ගොඩක් තව කෙනෙක්ට දෙනවනම් එයාගෙන් මුකුත් ආයේ ඉල්ලන්නෙම නැතුව, ඒක තමා ආදරේ"
ක්‍රිසී- අවුරුදු 6
💫 "ආදරේ කියන්නෙ ඔයා මහන්සි වෙලා ඉද්දි ඔයාව හිනස්සන දේකට"
ටෙරී- අවුරුදු 4
💫 "ආදරේ කියන්නෙ මගේ අම්මා, තාත්තට දෙන්න කෝපි එක හදලා එයාට ඒක දෙන්න කළින්, ඒකෙ රහ හරියටම තියෙනවද කියලා දැනගන්න උගුරක් බීලා බලන එකට වෙන්න ඕනේ"
ඩැනී- අවුරුදු 8
💫 "ආදරේ කියන්නෙ නත්තල් දවසෙ ගෙදර අය එක්ක අපේ සාලෙට වෙලා, තෑගී පෙට්ටි ඇරලා බල බල ඉන්න ගමන්, ඒ වැඩේ නවත්තලා පොඩ්ඩක් අහන් හිටියම, ඇහෙන සද්දෙට"
බොබී- අවුරුදු 7 ( wow)
💫 "ඔයාට හොඳට ආදරේ කරන්න ඉගෙනගන්න ඕනේනම් ඔයාට පේන්න බැරි යාළුවෙක්ගෙන් පටන්ගන්න ඒ වැඩේ"
නිකා - අවුරුදු 6 (අපිට නිකාලා මිලියන කිහිපයක් ඕනේ මේ ලෝකෙට)
💫 "ආදරේ කියන්නෙ ඔයා පිරිමි ළමෙක්ට කිව්වම ඔයා එයා ඇඳන් ඉන්න ෂර්ට් එකට කැමතියි කියලා, එයා ඒක දවස ගාණේ අඳින එකට"
නොඑල්- අවුරුදු 7
💫 "ආදරේ කියන්නෙ වයසක ආත්තම්මෙකුයි සීයෙකුයි ඒ දෙන්නව අවුරුදු ගාණක් තිස්සෙ හොඳටම දැන දැනමත් තාමත් හොඳම යාලුවො වෙලා ඉන්න එකට"
ටොමී- අවුරුදු 6
💫 "මගේ පියානෝ පන්තියේ විභාගෙ වෙලාවෙ මම ස්ටේජ් එකට නැග්ගට පස්සෙ මට හුඟක් බය හිතුණා. මම මං දිහා බලන් ඉන්න මිනිස්සු දිහා බැලුවම දැක්කා මගේ තාත්තා හිනාවෙවී මට අත වනනවා. එයා විතරයි මං දිහා එහෙම බලපු එකම කෙනා ඒ සෙනඟ ගොඩේ. මගේ බය නැති වුණා"
සින්ඩි- අවුරුදු 8
💫 "මගේ අම්මා මට හුඟක් ආදරෙයි. එයා මට නින්ද යනකන්ම මාව ඉඹිනවා. ඔයාට පේනවද වෙන කිසිකෙනෙක් එහෙම කරනවා?"
ක්ලෙයාර්- අවුරුදු 6
💫 "ආදරේ කියන්නෙ අම්මා තාත්තගෙ පිගානට හොඳම මස් කෑල්ල බෙදන එකට"
එලේන්- අවුරුදු 5
💫 "ආදරේ කියන්නෙ අපේ තාත්තා දාඩියයි දූවිල්ලයි පෙරාගෙන ඉන්න වෙලාවටත් අපේ අම්මා එයාට 'ඔයා Robert Redfordටත් වඩා කඩවසම් කියලා කියන එකට"
ක්‍රිස්- අවුරුදු 7
💫 "ආදරේ කියන්නෙ ඔයා ඔයාගෙ බලු පැටියව මුළු දවසම ගෙදර තනියෙන් දාලා ගියත්, ඔයා ගෙදර ආපු ගමන් එයා ඔයාගෙ මූණ ලෙවකන එකට"
මේරි ඈන්- අවුරුදු 4
💫 "මම දන්නවා මගේ අක්කා මට ආදරෙයි කියලා. මොකද එයා එයාගෙ පරණ ඇඳුම් ඔක්කොම මට දෙනවා. ඊටපස්සෙ ගිහින් එයාට අලුතෙන් ඇඳුම් ගන්නවා"
ලොරේන්- අවුරුදු 4
💫 "ඔයා කාටහරි ආදරෙයිනම්, ඔයාගෙ ඇහිපිල්ලම් උඩ පහළ
යන හැම වෙලාවෙම ඔයාගෙ ඇස්වලින් පොඩි තරු එළියට එන එකට කියලා මට විශ්වාසයි"
කැරන්- අවුරුදු 7
💫 "ආදරේ කියන්නෙ අම්මා තාත්තව ටොයිලට් එකේ ඉන්නවා දැක්කමත් එයාට අප්පිරිය හිතෙන්නෙ නැති එකට වෙන්න ඕනේ"
මාර්ක්- අවුරුදු 6
💫 "ඔයා ඇත්තටම හදවතින්ම ඒක විශ්වාස කරන්නෙ නැත්තම්, කාටවත් කියන්නෙපා 'මම ඔයාට ආදරෙයි' කියලා. හැබැයි ඔයාට හොඳටම විශ්වාසනම්, ඒක හැම වෙලේම කියන්න. මිනිස්සුන්ට අමතක වෙනවා"
ජෙසිකා- අවුරුදු 8
💫 "ආදරේ කියන්නෙ මොකක්ද" ප්‍රශ්නයට ලැබුණ උත්තර අතරෙන් අවසන් උත්තරය සහ ප්‍රශ්නය අහපු කණ්ඩායම කම්පනයට පත් වුණ උත්තරය.
සිදුවීමේ අයිතිකාරයා අවුරුදු හතරක පොඩි කොළුවෙක්. එයාගෙ අසල්වැසි නිවසෙ සීයගේ බිරිඳ මිය යනවා. දවසක එයා දකිනවා සීයා වත්තෙ බංකුවක ඉඳගෙන අඬනවා. එයා වත්තට ගිහින්, ඒ බංකුවට නැගලා, සීයගෙ ඔඩොක්කුවෙන් ඉඳගන්නවා. ඉඳගෙන සීයට අඬන්න දීලා ඉන්නවා. කොලුවගෙ අම්මා අහනවා " ඔයා මොනාද සීයට කිව්වෙ?" කියලා කොලුවා උත්තර දෙනවා මෙහෙම...
" මුකුත් කිව්වෙ නෑ. මම සීයට අඬන්න උදව් වුණා ( Nothing, I just helped him cry.')
♥️✨
කතෘ: නොදනී