Nakiyadeniya Medical Center

Nakiyadeniya Medical Center උදෑසන 7.00 සිට රාත්‍රී 8.00 දක්වා ප්‍රතිකාර
Contact 📞 : 074 223 3594

බර වැඩිවීම පාලනය සදහා...
09/03/2024

බර වැඩිවීම පාලනය සදහා...

ඔබත්   කොලෙස්ටරෝල් නිසා පීඩා විදින්නෙක්ද..🤔🤔මෙන්න ,,  කොලෙස්ටරෝල් පාලනයට උපකාරි වන ආහාර ...😇
07/03/2024

ඔබත්
කොලෙස්ටරෝල් නිසා පීඩා විදින්නෙක්ද..🤔🤔

මෙන්න ,,
කොලෙස්ටරෝල් පාලනයට උපකාරි වන ආහාර ...😇

ව්‍යායාම කිරීමෙන් මෙතරම් ප්‍රතිලාභ ලැබෙන බව ඔබ දැන සිටියා ද? 💁‍♀️බ්‍රිතාන්‍ය journal of sports medicine හි ප්‍රකාශයට පත්...
06/03/2024

ව්‍යායාම කිරීමෙන් මෙතරම් ප්‍රතිලාභ ලැබෙන බව ඔබ දැන සිටියා ද? 💁‍♀️

බ්‍රිතාන්‍ය journal of sports medicine හි ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයන් මගින්, ව්‍යායාම/ ශාරීරික ක්‍රියාකාරකම් සිදු කිරීම, වැඩිහිටියන් අතර බහුල ලෙස පවතින විෂාදය, කාංසාව වැනි මානසික රෝග සහ අනෙකුත් නිදන්ගත රෝග පාලනය සඳහා ඉතා ප්‍රයෝජනවත් බව පෙන්වා දී තිබේ. මෙම ප්‍රකාශනය වැඩිහිටි පුද්ගලයින් ව්‍යායාම මගින් ඔවුන් තුළ වූ විෂාදය, කාංසාව ආශ්‍රිත රෝග ලක්ෂණ අවම කරගෙන ඇති ආකාරය ඇතුළත් අධ්‍යයනයන් 97ක් යොදා ගෙන සිදු කරපු සමලෝචනයක්.

සාමාන්‍ය පුද්ගලයින් මෙන්ම මානසික රෝග සහිත පුද්ගලයින් තුළ ද එම රෝග ලක්ෂණ අවම කිරීමට ව්‍යායාම හේතු වන බව මෙම පර්යේෂණ මගින් තහවුරු කර තිබේ.

දින චර්යාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවත් ව්‍යායාම සිදු කිරීම, මානසික සහ ශාරීරික සෞඛ්‍යය ප්‍රශස්ත කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් බව ඔබට දැන් වැටහෙනවා ඇති.

ඔබට මිනිත්තු 5ක ඇවිදීමකින් ව්‍යායාම ආරම්භ කරන්න පුළුවන්. සතියකට ඇවිදින දින ගණන හෝ ඇවිදීමේ කාලය ක්‍රමානුකූලව වැඩි කිරීමෙන් ඔබටත් පුළුවන් ශාරීරිකව සහ මානසික ව ඉතා නිරෝගි පුද්ගලයෙක් බවට පත් වෙන්න.

කාය වර්ධන ව්‍යායාම, බයිසිකල් පැදීම, පිහිනීම, නර්තනය වගේ ඕනෑම ක්‍රමයකින් ඔබේ සිරුරට ව්‍යායාම ලබා දිය හැක.
ඉතින් ඔබත් අද ම පටන් ගන්න. 🧘

ඔබේ දැනුමට බිදක්....... 👇👇👇👇මේ නියපොතු වල හැඩය සාමාන්‍ය නියපොතු වලට වඩා වෙනස් නේද ?මේ තත්වයට අපි කියන්නේ finger clubbing...
06/03/2024

ඔබේ දැනුමට බිදක්....... 👇👇👇👇

මේ නියපොතු වල හැඩය සාමාන්‍ය නියපොතු වලට වඩා වෙනස් නේද ?

මේ තත්වයට අපි කියන්නේ finger clubbing / ෆින්ගර් ක්ලබින් කියලා...

මෙතනදි වෙලා තියෙන්නේ ඇගිලි තුඩු අග බල්බයක් වැනි විශාල වීමක් සමග නියපොත්තේ ඉදිරි සහ දෙපැත්තේ වක්‍රතාවය වැඩි වෙන එක.නියපොත්ත සහ ඇගිල්ලේ අස්ථිය අතර තියන tissue ඕනවට වඩා සෑදිමත් ඒ එක්කම නියපොත්තේ හැඩය වෙනස් වෙන එක කිව්වත් හරි.

Clubbing තියෙනවා කියලා හරියටම දැනගන්නේ කොහොමද ?

මේ finger clubbing වල ආකාර 5ක් විතර තියෙනවා.සමහර ආකාර වලදි එහෙම නැත්නම් මුල්ම අවදියේදි අපට පැහැදිලිව clubbing තියෙනවද නැද්ද කියලා බැලූ බැල්මට පේන්නේ නෑ..
හැබැයි ඕක හරියටම බලාගන්න පොඩි ටෙස්ට් එකක් තියෙනවා.මම දාලා තියෙන ෆොටෝ එකේ විදියට තමන්ගේ අත් දෙකේ ඇගිලි දෙකක් පිට පැත්තෙන් එක ලග තියලා බලන්න.එතකොට ඇගිලි දෙක අතර පුංචි පරතරයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ.හැබැයි එහෙම පරතරයක් නැත්නම් ඔයාලට clubbing තියෙනවා වෙන්න පුලුවන්

මොකද්ද clubbing තිබ්බම වෙන්නේ ඉතින් ?

උපතේදිම සමහර අයට මේක තියෙන්න පුලුවන්.ඒ DNA වල බලපෑමක් නිසා ඇතිවන තත්වයක් හෝ කිසියම් රෝගි තත්වයක් නිසා ඇතිවෙන දෙයක් වෙන්න පුලුවන්.DNA නිසා ඇතිවන තත්වයක් නම් බොහෝ විට සාමාන්‍ය දෙයක් වෙන්නත් පුලුවන්.

එහෙම නැත්නම් ජීවිත කාලයේ පසුකාලිනව වුනත් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්.එහෙම පසුකාලිනව ඇතිවන finger clubbing තත්වය නම් ටිකක් සැලකිය යුතු තත්වයක්.මොකද ඒකට හේතු සෑහෙන ප්‍රමාණයක් බලපාන්න පුලුවන් නිසා..ඒවා විදියට

▶️ හදවත් ආශ්‍රිත රෝග
- උපතේදි ඇතිවන හදවත් දුර්වලතා
- එන්ඩෝකාඩයිටිස් තත්ව
- myxoma
- Anurysm
▶️ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග
- Bronchiactasis
- Lung fibrosis
- පෙනහලු ආශ්‍රිත පිළිකා
- Cystic fibrosis
- Lung abcess
- TB
▶️ ආහාර ජීර්ණ පද්ධතිය සහ අක්මාව ආශ්‍රිත රෝග
- IBD
- Cirrhosis
- පිළිකා තත්ව
▶️ හෝර්මොන ආශ්‍රිත රෝග
▶️ වෙනත් පිළිකා තත්ව

පෙන්වලා දෙන්න පුලුවන්..

ඉතින් කාටහරි කෙනෙක්ට මේ finger clubbing තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙලා මේ තත්වයට හේතුව මොකද්ද කියන එක පරික්ෂා කර බලන එක වඩා හොදයි.

මුඛ පිළිකාවට කලින් එන පූර්ව පිළිකා ලක්ෂණ පිළිකාව යනු ශරීරයේ ඇතිවන පාලනයකින් තොරව සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයකි. මුඛ කුහර...
04/03/2024

මුඛ පිළිකාවට කලින් එන පූර්ව පිළිකා ලක්ෂණ

පිළිකාව යනු ශරීරයේ ඇතිවන පාලනයකින් තොරව සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයකි. මුඛ කුහරයේ ඇති වන පාලනයකින් තොරව සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයක් මුඛ පිළිකාවක් ලෙස හඳුන්වයි.
මුඛ පිළිකාවක් ඇති වීමට පෙර බොහො අවස්ථාව වල ඒ බව ඇඟවීම සඳහා ලක්ෂණ මුඛ ආස්තරණය හෙවත් මුඛ කුහරයේ ඇති ආවරණ පටලයේ පෙන්නුම් කරයි. ඒවා පූර්ව පිළිකා ලක්ෂණ ලෙස හඳුන්වනු ලබයි.පූර්ව පිළිකා ලක්ෂණ මතු වීමකින් තොරව මුඛ පිළිකා හටගත් අවස්ථා කලාතුරකින් වාර්තා වී ඇත. පූර්ව පිළිකා ලක්ෂණ රාශියක් තිබුණද බහුලව හමුවන පූර්ව පිළිකා ලක්ෂණ කීපයක් ගැන සරල විස්තරයක් මෙහි දක්වා ඇත.

සුදු ලප ( Leukoplakia)

මුඛ ආස්තරණයේ උස් වූ සුදු පැහැති ලප මේවා දැකගත හැක. මෙය හඳුනා ගැනීමට වැදගත්ම ලක්ෂණය නම් පුලුං කැබැල්ලකින් පිසදමා ඉවත් කල නොහැකි වීමයි. මේවා බහුලව හමුවන ස්ථාන ලෙස කම්මුල් , තොල , වීදුරුමස් ,දිව සැලකිය හැක. සුදු ලප වල 10% පමණ පිළිකාවකට පරිවර්තනය වීමේ හැකියාවක් ඇත.

රතු සුදු ලප ( Erythroleukoplakia )

මුඛ ආස්තරණයේ ඇති සුදු සහ රතු මිෂ්‍ර ලප ලෙස දැකිය හැක. මේවාද පිසදමා ඉවත් කල නොහැකි. මුඛ පිළිකාවට පරිවර්තනය වීමේ හැකියාව සුදු ලප වලට වඩා වැඩිය.

රතු ලප ( Erythroplakia )

මුඛ ආස්තරණයේ රතු පැහැ ලප හෝ ප්‍රදේශය ලෙස දැකිය හැක. මෙය කලාතුරකින් වාර්තා වන පූර්ව පිළිකා ලක්ෂණයක් වුවත් පිළිකාවට පරිවර්තනය වීමේ හැකියාව 90% පමණ වේ.

මුඛ ශ්ලේෂ්මල ෆයිබොසියාව (Oral submucous fibrosis )

මුඛ ආස්තරණයේ ඇදෙනසුලු බවට බලපාන තන්තු පටක වර්ග ඇදෙනසුලු බව අඩු පටක වලට පත් වීම මෙහිදී සිදුවේ. මෙහි ප්‍රධාන ලක්ෂණ කීපයක් ඇත. එවා නම්
i. යටි හා උඩු තොලේ මුඛ ආස්තරණයේ සුදුමැලිභාවය.
ii. අසාමාන්‍ය ලෙස දැවිල්ල ආහාර ගැනීමට අපහසුව.
iii. දිව දිලිසෙන ස්වභාවයක් ගැනීම.
iv. කම්මුල් දෙපස තන්තු පටි (fibrous bands) මතු වීම.
v. දිව රෝල් කිරීමට අපහසුවීම .

බහුලව හමුවන පූර්ව පිළිකා ලක්ෂණයක් වන මෙයට 30% පමණ පිළිකාවට පරිවර්තනය වීමේ හැකියාවක් ඇත.



Nakiyadeniya Medical Center

04/03/2024
ශාරීරික සෞඛ්‍ය යනු අඛණ්ඩ ව්‍යායාම, නිවැරදි ආහාර වේලක්, පෝෂණය සහ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම මගින් ශාරීරික වශයෙන් මනා ස...
04/03/2024

ශාරීරික සෞඛ්‍ය යනු අඛණ්ඩ ව්‍යායාම, නිවැරදි ආහාර වේලක්, පෝෂණය සහ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම මගින් ශාරීරික වශයෙන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමයි.ඒ වගෙම නිසි නින්දක් ද අවශ්‍ය වේ.



Nakiyadeniya Medical Center

Address

Nakiyadeniya
Galle

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94742233594

Website

Alerts

Be the first to know and let us send you an email when Nakiyadeniya Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share