Namal Pharmacy

Namal Pharmacy All kind of medicines .. cosmetics.. milk powders. And baby items.. available

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!
14/04/2026

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!

සුබම සුබ නව වසරක් වේවා 🍂☃️🦋
31/12/2025

සුබම සුබ නව වසරක් වේවා 🍂☃️🦋

⛄️☃️🦋❄️❄️⛄️
24/12/2025

⛄️☃️🦋❄️❄️⛄️

29/10/2025

හතිපෙති..එහෙම නැත්නම් දම් පාට පොඩි පෙත්ත කියලත් ගොඩක් අය කියනවා..අද ඒ ගැන කතා කරමු..

සැල්බියුටමෝල් (Salbutamol) තමයි ඖෂධයේ නාමය (සමහර රටවල ඇල්බියුටරෝල් - albuterol ලෙසද හැඳින්වේ) ශ්වාසනාලිකා විස්තාරකයකි..ඒ කියන්නේ ශ්වාසනාලිකා ලොකු කරනවා.විශාල කරනවා කරනවා එහෙම උනාම හුස්ම ගන්න පහසු වෙනවා.. (මේකට කියන්නේ bronchodilator effects කියලා).

භාවිතා වෙන්නේ මොන වගේ අවස්ථාවලට අවස්ථාවලට ද..?.
1.ඇදුම (asthma)

2.දීර්ඝකාලීනව පවතින පෙනහළු අවහිරතා රෝග වලදී(chronic obstructive pulmonary disease - COPD)

3.ශ්වාසනාලිකා සංකෝචනය (bronchospasm - ​ශ්වාසනාලිකා බිත්තිවල ඇති මාංශ පේශිවල හදිසි සංකෝචනය) ඇති කරන වෙනත් තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිතා වේ.

​ක්‍රියා කරන ආකාරය ..
​එය පෙනහළු වල ඇති බීටා-2 ඇඩ්‍රිනර්ජික් ප්‍රතිග්‍රාහක (beta-2 adrenergic receptors) (beta-2 agonist) වල ක්‍රියාකරයි.ඒ කියන්නේ මෙතන සිදුවෙන්නේ මෙහෙම දෙයක්. සෛලයක ප්‍රතිග්‍රාහකයකට බැඳී එය සක්‍රීය කර, ශරීරයේ ස්වභාවික රසායනික ද්‍රව්‍යයන්ට සමාන ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් සිදුවෙනවා.උත්තේජනය වීම වගේ දෙයක්..
​මෙය ස්වසන මාර්ග ලිහිල් කර විවෘත වීමට හේතු වන අතර, එමඟින් හුස්ම ගැනීම පහසු වේ.

​ආකාර (Forms)..
​ආශ්වාසකයක් (Inhaler - MDI or DPI)
​නෙබියුලයිසර් ද්‍රාවණය (Nebulizer solution)
​පෙති 2mg
සිරප් (Tablet or syrup)2mg/5ml

​භාවිතයන් (Uses)..
1.​ඇදුම රෝගාබාධවලින් සහනය ලබා දීම. (ගලවා ගැනීමේ ආශ්වාසකයක් - rescue inhaler ලෙස)

2.​විවිධ තත්ත්ව වලදී ඇතිවන ශ්වාසනාලිකා සංකෝචනය වැළැක්වීම.

3.​COPD රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට.

​සාමාන්‍ය අතුරු ආබාධ (Common Side Effects)
​වෙව්ලීම (Tremors - ශරීරය සෙලවීම)..
​වේගවත් හෘද ස්පන්දනය ( tachycardia)..
​හිසරදය (Headache)..
​නොසන්සුන් බව (Nervousness)..
​මාංශ පේශි කැක්කුම (Muscle cramps)..

​සැල්බියුටමෝල් කඩිනම් සහනයක් ලබා දෙන නමුත් ප්‍රදාහක සඳහා ප්‍රතිකාර නොකරයි. ඇඳුම රෝග තත්ත්වයන් වලදී දිගුකාලීන පාලනය සඳහා, ආශ්වාස කරන කෝටිකොස්ටෙරොයිඩ් (inhaled corticosteroids) ද අවශ්‍ය විය හැකිය.

මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයේ මත පමණක් ලබා ගන්නා ඖෂධයක් නිසා වෛද්‍ය නිර්දේශය මත පමණක් භාවිතා කරන්න.✅

සුවයෙන් සිටින්න..❤

ඔබේ ඖෂධවේදියා..🙋..

​Salbutamol (The Purple Little Tablet)
​Salbutamol is the name of the medicine (also known as Albuterol in some countries). It is a bronchodilator, which means it widens the bronchial tubes. When this happens, it becomes easier to breathe (these are called bronchodilator effects).

​When is it used?✋
1.​Asthma

2​Chronic Obstructive Pulmonary Disease (COPD)

3.​Also used to treat other conditions that cause bronchospasm (sudden constriction of the muscles in the walls of the bronchial tubes).

​Mechanism of Action
It acts on the beta-2 adrenergic receptors (a beta-2 agonist) in the lungs. This means that it binds to a receptor on a cell and activates it, causing a biological response similar to the body's natural chemicals—like a stimulation.
This causes the airways to relax and open up, which makes breathing easier.

​Forms
​Inhaler (MDI or DPI)
​Nebulizer solution
​Tablets 2mg
​Syrup 2mg/5ml

​Uses
1.​Provides relief from asthma attacks (as a rescue inhaler).
2.​Prevents bronchospasm that occurs in various conditions.
3.​Manages symptoms of COPD.

​Common Side Effects
​Tremors (shaking of the body)
​Tachycardia (fast heart rate)
​Headache
​Nervousness
​Muscle cramps

​Salbutamol provides quick relief but does not treat inflammation. For long-term control of asthma conditions, inhaled corticosteroids may also be required.

​This is a prescription-only medication, so use it only on a doctor's recommendation. ✅

​Stay well... ❤️

​Your Pharmacist... 🙋..

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
13/04/2025

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

13/03/2025

ඔබටත් වාහන වල යනවිට හිසරදය , වමනය ඇතිවෙනවානම් මෙය කියවන්න✅✅✅

🔯මෝෂන් සික්නස් ( Motion sickness)

✅මෝෂන් සික්නස් ( Motion sickness)යනු මෝටර් රථයකින්, බෝට්ටුවකින්, ගුවන් යානයකින් හෝ දුම්රියකින් ගමන් කරන විට කරකැවිල්ල , වමනය සහ තවත් රෝග ලක්ෂණ දැනිමයි

🔯මෝෂන් සික්නස් ( Motion sickness) ලක්ෂණ

ක්ලාන්තය
ඔක්කාරය
කටට වැඩිපුර කෙල ඉනීම
වමනය
හිසරදය
සීතල සහ සුදුමැලි වීම දැනේ
දහඩිය දැමීම

🔯 මෝෂන් සික්නස් ( Motion sickness)ඔබම අඩු කරගන්නේ කෙසේද?

🔆චලනය අඩු කරන්න - වාහනයක ඉදිරිපස වාඩි වි යන්න

🔆 කෙළින්ම ඉදිරිය බලාගෙන යන්න, දෙපැත්ත බලන්න එපා
ඉදිරියේ ඇති ඇස් මට්ටමෙ දෙවල් පමනක් බලන්න

🔆 ඔබේ ඇස් වසා ගැනීමට, උත්සාහ කරන්න.

🔆හැකි නම් නැවුම් වාතය ආශ්වාස කරන්න - උදාහරණයක් ලෙස, වාහනයෙ කවුළුවක් විවෘත කිරීමෙන්

🔆ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරමින් ඔබේ ඇස් වසා සෙමින් හුස්ම ගන්න

🔆කතා කිරීමෙන්, සංගීතයට සවන් දීමෙන් හෝ ගීත ගායනා කිරීමෙන් දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න

🔆එක දිගට දිග ගමනක් යනවානම් අතර මැද කිහිප ස්තානයකින් නවත්වා ,වහනයෙන් බැස ටික වේලාවක් සිට ගමන කොටස් වලට කඩා ගන්න

🔯 ඉඟුරු සහිත බිස්කට් , තේ පානය කරන්න
ඉඟුරු මූල ☑️☑️
ඔක්කාරය සඳහා බහුලව භාවිතා වන පිළියමක් වන ඉඟුරු මූල බොහෝ විට ලොසින්ජස්, තේ, බිස්කට්, ඉගුරු ටොෆි ලෙස ගත හෑක.


❌මේ දේවල් කරන්න එපා

🔆 පොත් ,පත්තර කියවීම, චිත්‍රපට නැරඹීම හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ, ෆොන් භාවිතා නොකරන්න

🔆 මෝටර් රථ පසුකර යාම හෝ රළ පෙරළීම වැනි චලනය වන වස්තූන් දෙස නොබලන්න

🔆ගමනට ටික වේලාවකට පෙර හෝ ගමන් අතරතුර බර ආහාර, කුළුබඩු සහිත ආහාර හෝ මත්පැන් පානය නොකරන්න

🔆 ආහාර ගැනිමෙදි කුඩා ප්‍රමාන වලින් ගන්න

🔆හදිසි හෝ වේගවත් හිස හැරවිමෙන් වළකින්න, ඔබට හැකි නම්, ඔබේ ආසනය පිටුපස ඔබේ හිස තබා ගන්න හෝ ඔබේ ඇස් වසාගෙන නිදාගන්න.

🔯මෝෂන් සික්නස් ( Motion sickness) හේතුව කුමක්ද

🔆වාහනයක වංගු හරහා යාම හෝ බෝට්ටුවක, ගුවන් යානයක හෝ දුම්රියක ඉහළට පහළට ගමන් කිරීම වැනි ගමන් කිරීමේදී නැවත නැවත චලනයන් මෝෂන් සික්නස් ( Motion sickness)

🔆අභ්‍යන්තර කන ඔබේ ඇස්වලින් දකින විවිධ සංඥා ඔබේ මොළයට යවයි. මෙම ව්‍යාකූල පණිවිඩ මඟින් ඔබට මෝසන් සික්නස් ( Motion sickness) ඇති විය හැකිය.

🙏මෙම රෝගය ඔබට තිබෙනම් ගමන් යාම නවත්වන්න එපා මේ සදහා බෙහෙත් තියෙනවා , මෙ බෙහෙත් පෙති මුදලින් ඉතාමත් අඩුයි,

📵ගමන පටන් ගන්න මිනිත්තු තිහකට පෙර පලමු මාත්‍රාව ගන්න,
ඉලග මාත්‍රා

🌐පෙනගර්න්(promethasine) නම් ඉන්පසුව පැය 12 කට වරක් ගතයුතුයි.
🌐 සිනරසින් (cinaracine) නම් පැය 8 කට වරක් ගත යුතුයි .
මීට අමතරව තවත් බෙහෙත් වර්ග කිහිපයක් ඇත,
👍👍ඔබේ වෛද්ය වරයාගෙන් බෙහෙතේ නම සහ ගත යුතු මාත්‍රාව පිලිබද දැන ගන්න , වැඩි හිටි අයට සහ කුඩා අයට ගතයුතු බෙහෙත් ප්‍රමාණ (මාත්‍රාව)වෙනස් බව සලකන්න .🙏

✅✅ඉහත ක්‍රම සහ අවශ්‍යය නම් බෙහෙත් පාවිච්චි කර නිතර වාහන වල කාලයක් ගමන් කිරිමෙන් මෙම රොගය ඉබේම සුව වේ.

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමර, ශික්ෂණ රෝහල, කුලියාපිටිය

ලෝක වාසී සැමටත්. මාගේ පාරිභෝගික ඔබ සැමටත් සුබ නව වසරක් වේවා🎉🎊🎈❤️❤️
31/12/2024

ලෝක වාසී සැමටත්.
මාගේ පාරිභෝගික ඔබ සැමටත්
සුබ නව වසරක් වේවා
🎉🎊🎈❤️❤️

ඔබ සැමට සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා.  ❄️🎅🧑‍🎄
24/12/2024

ඔබ සැමට සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා.
❄️🎅🧑‍🎄

Address

Yatalamaththa Junction. . Yatalamaththa. Galle
Galle
10100

Telephone

0772217050

Website

Alerts

Be the first to know and let us send you an email when Namal Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share