07/09/2024
පැපොල හඳුනාගනිමු
ශිෂ්‍යත්වය අතලඟ ඔවුන් අතර මේ දිනවල පැපොල රෝගය සීග්‍රයෙන් පැතිරී යන බව නිරීක්ෂණය වී ඇත.එමනිසා පැපොල රෝගය පිලිබඳ පහත කරුණු වලට අවධානය දීම ඉතා වැදගත් .
1. පැපොල රෝගය Varicella Virus නම් DNA වෛරසයක් මඟින් බෝවීම සිදුවේ
2. එය බෝවන්නේ තවත් ආසාදිත පුද්ගලයෙකුගෙන්
3. එසේ බෝවන්නේ ප්‍රධාන වශයෙන් ශ්වසන බිදිති මඟින් ශ්වසන වෛරසයක් ආසාදනය වන ආකාරයට වේ. ඊට අමතරව බිබිලි වල ඇති ආසාදන ද්‍රව්‍යයන්ගෙන්ද මෙය සෑදීමට හැක.
4. පැපොල ආසාදනය වූ දිනම එය මතුවීම සිදුනොවේ. ඒ සඳහා මධ්‍ය කාලීන බීජෞෂණ සමයක් නැත්නම් incubation period එකක් ඇත.
5. රෝගය ආසාදනය වී රෝගය ඇතිවීමට දින 12 ත් 21 ත් අතර කාලයක් ගතවේ
එනම් 7 දින රෝගය ආසාදනය වුවහොත් රෝගය මතුවන්නේ 19 වනදාත් 28 වනදාත් අතර කාලයේදීය.
6. රෝගය ආරම්භවනවිට මද උණ, තෙහෙටිටුව , කොරයිසාව (උගුර සහ ඇස්වල ඇතිවන දැවිල්ල) වැනි රෝග ලක්ෂණ මතුවිය හැකිය.
7. නමුත් රෝගය හදුනාගතහැක්කේ එහි ලාක්ෂණික බිබිලි ඇතිවීම මගිනි (රෑපයේ දක්වා ඇති) . පලමු බිබිල ඇතිවන්නේ බෙල්ල, මුහුණ , පිටේ උඩකොටස, ලයේ ඉහල කොටස, උඩ බාහුවේ ඉහල කොටස, හිසේ කෙස් අතර ප්‍රදේශයේ වැනි ස්ථාන වලය.
8. මෙම රෝගය තව කෙනෙකුට බෝවන්නේ බිබිලි මතුවීමට දින දෙකක පෙර සිට එම බිබිලි මතුවී ඒවා වේලී යන කාලය තුලදී වේ. (දින 5-7 ක් වැනි කාලයක් ඖෂධ ලබාගැනීමෙන් මෙම කාලය කෙටිවේ)
9. රෝගය හඳුනාගැනීම කල හැක්කේ මෙම බිබිලි හදුනාගැනීම මගිනි
10. මේ සඳහා විශේෂිත ඖෂධයක් ඇත. එය පලමු බිබිල ඇතිවූවිටම ලබාදුන්නේ නම්, රෝගය පාලනවී බිබිලි ඇතිවීම අඩුවේ. පසුව ලබා දුන්නොත් තරමක් බිබිලි ඇතිවීම සිදුවේ නමුත් රෝගය පාලනය වීම සිදුවේ
11. මෙම ඖෂධය මඟින් තවත් අයෙකුට රෝගය බෝවීම අඩුවේ
12. මෙම ඖෂධය මගින් එහිදී ඇතිවන සංකූලතාවන පෙනහලු පැපොල සහ මොලේ පැපොල ඇතිවීම අවම වේ. එමෙන්ම පසුකාලීනව ඇතිවන අංශ පැපොලද ඇතිවීම අවමවේ.
13. මෙම රෝගය පැපොල එන්නත මගින් වලක්වා ගැනීමට හැකියි. එම එන්නත රෝග නිවාරක එන්නතක් ලෙස මෙන්ම post exposure රෝගයට නිරාවරණය වූ පසු එන්නතක් ලෙස ලබාදීමට හැකියි. (එන්නතක් ලබාදීමේදී එම එන්නත නිසි ප්‍රමිතියේ එකක් විය යුතු අතර සහ එන්නත් ඉතිහාසය ගැන සැලකිලිමත් වියයුතුයි. බෙහෙත් තිබෙන නිසා ප්‍රමිතියක් ඇති එන්නතක් පමණක් ලබාදීම සුදුසු බවයි රචකයායගේ අදහස)
14. පැපොල බෙහෙත් තිබෙන පහසුවෙන් හදුනාගතහැකි ලෙඩක් නිසා අනිසි බිය ගැනීම අවශ්‍ය නැත.
15. පැපොල සෑදුනුවිට කරුවල කාමරක තැබීම, ප්‍රෝටීන ආහර පාලනය අවිද්‍යාත්මක සහ කිසිදුපදනමක් නැති අවිද්‍යාත්මක කරුණු බවට පත්වී ඇත.
16. එම නිසා හොදින් දියර වර්ග, පෝටීන බහුල ආහාර හොඳ පලතුරු වර්ග ලබාදීම මෙන්ම හොදින් හිරුඑලිය වැටිමට සැලැස්මත් වැදගත්.
17. උණ සඳහා නිසි මාත්‍රාවට පැරසිටමෝල් ලබාදෙන්න.
විශේෂඥ වෛද්‍ය ගංගානාත් ගුණතිලක