05/09/2024
Tonge tie නොහොත් "බැඳුන දිව "..😋
අද අපි කතාකරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි බැඳුන දිව එහෙමත් නැත්නම් උප්පත්තියෙන් පිහිටන දිව එළියට දැමීමේ අපහසුතාවය පිළිබඳව යි.
මොකද්ද මේ tongue tie කියන්නේ?
ඇත්තටම මෙය රෝගී තත්ත්වයක් නොවන අතර දරුවෙකු මෙලොව එළිය දකින විට ම ඔවුන්ගෙ දිවෙහි සැකස්මෙහි, එහෙමත් නැත්නම් දිව වර්ධනය වන විට දිවෙහි යට කොටසේ තදින් බැඳුණු , කෙටි හෝ අසාමන්‍ය ලෙස ඝණට පිහිටන පටලයක් නිසා මෙම තත්ත්වය හට ගනු ලබයි.
මෙම පටල කොටස දිවෙහි යට කොටසේ සිට ඉදිරිපස කොටස දක්වා (Tip of the tongue) බැදී ඇති අතර , එහි තීව්‍රරත්වය අනුව දිව එළියට ඇදීමේ ප්‍රමාණය තීරණය වේ. මෙහිදී දිව සාමාන්‍ය තත්ත්වයට වඩා මදක් අඩුවෙන් හෝ සම්පුරණයෙන් ම එළියට දැමීමෙ අපහසුතාව දක්වා පරාසයක් තුල රෝග ලක්ෂණ හඳුනා ගත හැක. මෙය කිසිසෙත්ම බිය විය යුතු තත්ත්වයක් නොවන අතර, ඔබට හෝ ඔබේ දරුවාට මේ මගින් ඇතිවිය හැකි අපහසුතා වනූයේ,😛😛
කුඩා දරුවකු නම්,
🪻 මවු කිරි උරා බිමේ අපහසුතවක් ඇතිවිය හැක. (සෑම විටම නොවේ)
🪻මුඛය දිව මගින් පිරිසිදු කර ගැනිමේ අපහසුතාව
🪻දිවෙහි තුඩ කොටස භාවිතා කරමින් කරන රස බැලිම 😉
🪻කථන අපහසුතාවක් හෝ කථනය පිළිබඳව ගැටලු ඇති අවස්ථාවක
මෙමගින් යම් බලපැමක් අති කල හැකිය.
ඔබගේ දරුවාට මෙවැනි ගැටලුවක් තිබේ නම්, ඔබට එය නිවසේදි හඳුනා ගත හැක. දරුවා දිව එළියට දැමීමට උත්සාහ කිරීමේ දී දිවේ කෙලවර බෙදුනු හැඩයක් ගැනිම, නැතිනම් heart shaped වීම හෝ දිව මුඛ කුහරය තුළින් එළියට නොයා නැමුන ස්වභාවයකට පත් වීම මගින් ඔබට මෙම තත්ත්වය පිළිබඳ ව යම් අවබෝධයක් ඇතිකර ගත හැකිය. 🥵
ඔබට තව දුරටත් නිශ්චිතව හදුනාගැනිමට අවශ්‍ය නම්, ඔබට ළගම දන්ත වෛද්‍ය වරයා හෝ මුඛ, මුහුණ හා හණු පිළිබඳ විශේෂඥ පිළිබදවරයෙකු හෝ රජයේ රෝහලක සායනයක් සදහා යොමු විය හැක.👍👍
මේ සදහා සිදු කරනු ලබන lingual frenectomy නැමති කුඩා ශල්‍ය කර්මයක් මගින් සම්පුර්ණයෙන් නිවැරදි කල හැකි අතර, එය හිරිවැට්ටිම මගින් හෝ, කුඩා දරුවකු නම් පුර්ණ නිර්වින්දනය යටතේ සිදුකල හැකි අතර, විශේෂිත සංකූලතා නොමැති තරම් වේ.
එම නිසා ඔබ හෝ ඔබේ දරුවා මෙවැනි තත්ත්වයකින් පීඩා විදී නම් තවදුරටත් එය එසේ සිටිය යුතු නොවන අතර ඔබට පහසු ,ළගම රෝහලක, මුඛ, මුහුණ හා හනූ පිළිබඳ ශල්‍ය එකකයක් වෙත යොමුවිය හැක.🦋🦋🦋🦋
ඔබ දකුණු පළාත තුල අයෙක් නම් පහත රෝහල් වල සායන සදහා යොමු විය හැක.
🧑⚕️Regional Cleft center and OMF Clinic
සායන අංක - 08
ශික්ෂණ රෝහල - කරාපිටිය
🧑⚕️OMF Clinic
සායන අංක - 50
දිස්ත්‍රික් මහ රෝහල - මාතර
🧑⚕️OMF Clinic
සායන අංක 01
දිස්ත්‍රික් මහ රෝහල -හම්බන්තොට.
🧑⚕️OMF Clinic
මූලික රෝහල ,
ඇල්පිටිය
🧑⚕️OMF Clinic
මූලික රෝහල,
තංගල්ල.
🧑⚕️OMF Clinc
මූලික රෝහල
ඇඹ්ළිපිටිය.
ස්තුතියි !
🌹වෛද්‍ය මනෝජ් දේවාලේගම
ජේයෂ්ඨ ලේඛකාධිකාරි
මුඛ, මුහුණ හා හනූ පිළිබඳ ශල්‍ය ඒකකය
ජාතික රෝහල- ගාල්ල.
👉👉👉මෙම ලිපිය වැදගත් වන අයෙක් වෙනුවෙන් බෙදා හරින්න සහ fb පිටුව follow කරනත් අමතක කරන්න එපා🙏🙏