ජීවක වෙද අසපුව

ජීවක වෙද අසපුව නිරෝගීමත් ජාතියකට පෙරමග තනමු.....

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......උපුටා ගැනීමක් ඉන්මම පිළිකා රෝගයෙන් මිදුණහැටිsunimali de silva gunasekara පළමුව - ඔබ...
12/07/2025

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......
උපුටා ගැනීමක් ඉන්
මම පිළිකා රෝගයෙන් මිදුණහැටි
sunimali de silva gunasekara

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කැමට ගන්න බලාන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්
*ගොටුකොල අහුරැ 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල්
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9යක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....

උපුටා ගැනීම

08/07/2025

ජනතාව මත බර පටවන
IMF බදු පනත ඒපා!

පරිස්සමෙන්....🙏
07/07/2025

පරිස්සමෙන්....🙏

07/07/2025

ඉත්ථි ධුත්තෝ
සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝනරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං

පරදාර කර්මය, සුරාධූතයෙක්වීම, අන්සතු වස්තු සූදුව නමැති කපටිකමින් ගැනීමට වෙහෙසීම ලබන සම්පත් විනාශ කර දැමීම පුද්ගල දිවි මගෙහි පරිහානි දොරටුය.

අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery)...
05/07/2025

අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?
අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මොළයට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්ය පදාර්ථ සපයන ධමනියක ලේ කැටියක් සිරවීම හෝ ධමනියක් පිපිරී යාම නිසා අංශභාගය ඇතිවේ. එවිට, එම ධමනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස ඔක්සිජන් සහ පෝෂ්ය පදාර්ථ නොලැබී යාමෙන් මියයයි.

අංශභාගය යනු ශ්රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්යාව සඳහා බලපාන හේතු අතර තෙවන ස්ථානය ගන්නා රෝගය වන අතර, මිනිසුන් ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්කරන රෝග අතර ප්රමුඛස්ථානයක් ගනී.

අංශභාගය ඉක්මනින් හඳුනාගැනීමේ වැදගත්කම කුමක්ද?

අංශභාගය ඉක්මනින් හඳුනාගෙන වහාම රෝගියා රෝහලකට ගෙනයාමෙන්, රෝගියා ආබාධිත තත්ත්වයට පත්වන ප්‍රමාණය අවම කරගත හැක. ඔබ රෝගියා තුළ මතුවන අවදානම් ලක්ෂණ (Warning signs) ඉක්මනින් හඳුනාගතහොත්, අදාළ රෝගියා වහා රෝහලකට ගෙනගොස් නිසි ප්‍රතිකාර ආරම්භ කිරීමට ප්‍රමාදයක් ඇති නොවේ. එමගින්, රෝගියාගේ ජීවිතයේ ගුණාත්මකභාවය (Quality of life) වැඩිදියුණු වීමට විශාල පිටුවහලක් ලැබේ.

අංශභාගයක රෝග ලක්ෂණ මොනවාද?

පාද, අත්, හෝ මුහුණේ ක්ෂණිකව හෝ කෙටි කාලයකදී ඇතිවන පණ නැතිවීම, දුර්වල වීම, හෝ හිරි ගතිය. මෙය විශේෂයෙන් ශරීරයේ එක් පැත්තක ඇතිවේ.

ක්ෂණිකව හෝ කෙටි කාලයකදී සිදුවන කථා කිරීමේ අපහසුතාවය, යමක් තේරුම් ගැනීමේ අපහසුතාවය, ගොත ගැහීම, හෝ හඬ අපැහැදිලි වීම.

ක්ෂණිකව හෝ කෙටි කාලයක් තුළදී සිදුවන එක් ඇසක හෝ ඇස් දෙකෙහිම පෙනීම දුර්වල වීම හෝ පෙනීම නැතිවී යාම.

ක්ෂණිකව හෝ කෙටි කාලයකදී සිදුවන සිහිනැතිවී යාම හෝ මානසික ව්‍යාකූලතාවය.

ක්ෂණිකව හෝ කෙටි කාලයක් තුළදී සිදුවන අත් දෙක යොදාගනිමින් කරන කාර්යයක් කිරීමට අපහසු වීම (Loss of coordination), ශරීරයේ සමබරතාවය නැතිවීම (Loss of balance), කරකැවිල්ල, හෝ ඇවිදීමට අපහසු වීම.

වෙනත් පැහැදිලි හේතුවක් නොමැතිව, ක්ෂණිකව හෝ කෙටි කලක් තුළ ඇතිවන තද හිසේ කැක්කුම.

අංශභාගය ඉක්මනින්ම හඳුනාගැනීම සඳහා ඔබට පහසුවෙන් කලහැකි ඉතා සරළ “FAST” නැමැති පරීක්ෂණයක් ඇත.

FAST යනු කුමක්ද?

Face (මුහුණ) – රෝගියාට සිනාසෙන ලෙස පවසන්න. ඉන් අනතුරුව, දිව දික්කරන ලෙස පවසන්න. එවිට, රෝගියාගේ කට හෝ දිව පැත්තකට ගොස් ඇතිදැයි බලන්න. රෝගියාගේ මුහුණෙහි පැත්තක හිරිගතියක් ඇතිදැයි විමසන්න.

Arm (අත) – රෝගියාට අත් දෙකම ඉහළට ඔසවන ලෙස පවසන්න. එක් අතක හිරිගතියක්, දුර්වල බවක්, හෝ අනෙක් අතට වඩා පහළට යාමක් ඇතිදැයි බලන්න.

Speech (කථනය) – සරළ වාක්‍යයක් නැවත කියන ලෙස රෝගියාට පවසන්න. රෝගියාට කථා කිරීමට නොහැකි දැයි, තේරුම් ගැනීමට අපහසු දැයි, හෝ වචන අපැහැදිලි හෝ ගොතගැසෙන සුලු දැයි බලන්න.

Time (කාලය) – අදාල රෝගියාට ඉහත සඳහන් කල ලක්ෂණ වලින් එකක් හෝ ඇත්නම් (එම රෝග ලක්ෂණය ඇතිවී නැවත මුලුමනින්ම යථා තත්ත්වයට පත්වී ඇතිවිට පවා), ඔබ ඉක්මනින්ම ක්‍රියාකාරී වී රෝගියා වහාම රෝහලට ගෙනයාමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මක්නිසාද, අංශභාගය නැමැති රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා කාලය යනු ඉතාම වැදගත් සාධකයකි. අනෙක් අයගේ ද උදවු ඇතිව, වහාම රෝගියා රෝහල් ගතකිරීමට කටයුතු කරන්න.

උ.ගැ

02/07/2025

අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.

රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.

✅ Complete Blood Count (FBC) : රුපියල් 400
✅ Blood Glucose (FBS) : රුපියල් 220
✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1200
✅ Kidney Function Tests ( S. Cr ) රුපියල් 650
✅ Thyroid Function Test ( TSH only) : රුපියල් 1590
✅ Urinalysis ( UFR ) රුපියල් 380
✅ Chest X-Ray PA රුපියල් 1500
✅ Electrocardiogram (ECG) : රුපියල් 500
✅ ESR රුපියල් 360
✅ Blood pressure measurement (BP)

කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. රුපියල් 6800 යි .

දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?

✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.

මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.

මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.

❤️ උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?

අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න, ඕගොල්ලන්ගේ යාලුවන්වත් ටැග් කරලා දැනුවත් කරන්න.

28/06/2025
25/06/2025

පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විටෙක ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග
============================

ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි.පුද්ගලයන් නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු මත නඩු පැවරීම පිළිබඳව එල්ල වන චෝදනා මේ අතරින් සමාජයේ වැඩි කතාබහට ලක්වී ඇත.විශේෂයෙන් හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලදී එම මත්ද්‍රව්‍ය පොලීසිය විසින් තමන්ට හදුන්වා දුන් බව පවසන සැකකරුවන් සහ විත්‍තිකරුවන් සුලභව නීතීඥ වෘත්තියේ දී මුණ ගැසේ.සැබෑ ලෙසට මෙවන් අසාධාරණයක් පොලිස් නිලධාරින්ගෙන් සිදු වූ විටෙක ඊට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද යන්න සමාජය නිසි ලෙස දැනුවත් වී නැත.එහෙයින් එවන් ක්‍රියාමාර්ග එකින් එක පෙළගස්වා පැහැදිලි කිරීමට මෙම ලිපිය මගින් මා උත්සාහ කරමි.

01.මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.

මානව හිමිකම් කොමිෂන් සභාවට මෙවන් සිදුවීමක් සිදු වී මාසයක් ඇතුලත පැමිණිලි කළ යුතුය.මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් පැමිණිලි කිරීමට මෙන්ම මාර්ගගත ක්‍රමයට (Online ) www.hrcsl.lk වෙබ් අඩවිය හරහා ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1996 හොට්ලයින් එකට හෝ 0112505580,0112505581 හෝ 0112505582 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් ද තොරතුරු විමසීම් කළ හැකිය.

02.ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.ඔබට අවශ්‍ය සහන ලබා දෙන විශ්වාසවන්තම ක්‍රමවේදය ලෙස මෙය හැඳින්වීම වඩා නිවැරදි ය.මූලික අයිතිවාසිකම් පෙත්සමක් සිදුවීමේ දින සිට මසක් ඇතුලත පැවරිය යුතුය.නමුත් ඔබ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කර ඇත්නම් එම කාලය ගණනය කරනු ලබන්නේ කොමිසමේ තීන්දුවේ දින සිටය.එසේම අධිකරණය විසින් ඔබ රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඇප ලැබී බන්ධනාගාරයෙන් පැමිණි දින සිට මාසයක කාලය ගණනය කරනු ලැබේ.නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීමක් සම්බන්ධව ගොනු කරන ලද චන්න පීරිස් එරෙහිව නීතිපති (1994 (1) SLR 1) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ හුදු සැකයක් මත පුද්ගලයෙකු අත් අඩංගුවට ගත නොහැකි බවත් එසේ කිරීමට නම් සාධාරණ සැකයක් තිබිය යුතු බවයි.සැකය අවිනිශ්චිත සහ අනුමාන වශයෙන් කරනු ලැබූ එකක් නොව පැහැදිලි එකක් විය යුතු බවත් තවදුරටත් සදහන් කරන ලදි.මින් පැහැදිලි වන්නේ පොලිස් නිලධාරින් විසින් හේතු රහිතව අත් අඩංගුවට ගැනීම පමණක් නොව හුදු සැකය මත වුවද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම නීතිවිරෝධී හා මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන බවයි.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට එරෙහිව අසත්‍ය චෝදනා මත නඩු පැවරීම සම්බන්ධව සාකච්ඡා කරන ලද නඩුවක් ලෙස 2016.02.17 වන දින තීරණය කරන ලද මුතුවා හැන්නදි රොෂාන් කොයිටෙක්ස් සහ තවත් අයෙක් එරෙහිව නීතිපති (SCFR 58/2008) දැක්විය හැක.මීට පදනම් වූ කාරණය නම් පුද්ගලයන් දෙදෙනකු හික්කඩුව පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ගංජා සන්තකයේ තබාගැනීම සහ බීමත්ව අශෝභන ලෙස හැසිරීම යන අසත්‍ය චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමයි.මෙම චෝදනාවලින් මහේස්ත්‍රත් අධිකරණය පෙත්සම්කරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේය.මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ පොලිස් නිලධාරියෙකු කරනු ලැබූ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් සාධාරණීකරණය ගැනීමට අසත්‍ය නඩු පැවරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.මෙම නඩුවේ පළමු පෙත්සම්කරුට රුපියල් 250,000 ක වන්දියක් ද දෙවන පෙත්සම්කරුට රුපියල් 150,000 ක වන්දියක් ද ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදි.

ඉහත නඩු තීන්දු අනූව පොලිස් නිලධාරිනගෙන් සිදු වන අකටයුතුකම්වලදී පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන විශ්වාසවන්තම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බව අපට පෙනේ.

03.ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.

පොලිස් නිලධාරිනට හෝ පොලිස් සේවයට එරෙහි පැමිණිලි භාරගෙන විභාග කර ඊට අදාල වන නීතීන් යටතේ සහන සැලසීම මෙම කොමිසමේ අරමුණයි.මෙම කොමිසමට ද ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.මෙහි වෙබ් අඩවිය වන npc.gov.lk හරහා මාර්ගගත ක්‍රමයට නාමිකව හෝ නිර්නාමිකව වුවද පැමිණිලි කිරීමට අවස්ථාව සලසා ඇත.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1960 හොට්ලයින් එකට හෝ 0112166500 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී මෙම ආයතනය සම්බන්ධ කරගැනීමට ඔබට අවස්ථාව ඇත.

04.පොලිස්පතිතුමාට පැමිණිලි කිරීම.

ඔබට සෘජුවම පොලිසපතිතුමාට පැමිණිලි කිරීමට හැකියාව ඇත.ඒ සදහා www.police.lk වෙබ් අඩවියේ "මහජන පැමිණිලි පොලිසපතිට කියන්න" දිගුව හරහා මාර්ගගත ක්‍රමයට පැමිණිලි කළ හැකි ය.ඊට අමතරව "පොලිස්පති සහන මැදිරිය" ගොස් වුව ද පැමිණිලි කළ හැකි ය.

05.දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩු පැවරීම.

ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසානයේ ඔබ නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් පොලිස් නිලධාරින්ගෙන් වන්දි ලබා ගැනීම සදහා දිසා අධිකරණයේ නඩු පැවරිය හැකි ය.මෙයට පදනම් වන්නේ "ද්වේෂ සහගත නඩු පැවරීම"(Malicious Prosecution ) නම් දීලික්ත නීති සංකල්පයයි.මෙවන් නඩුවකදී ඔබ පහත සදහන් කාරණා ඔප්පු කළ යුතු බව ජයවික්‍රම එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය සහ තවත් අයෙක් (2007(2) SLR 406) නඩුවේ දී දක්වා ඇත.එනම්,

(1)විත්තිකරවන් පැමිණිලිකරුට එරෙහිව නඩුවක් පවරා තිබීම.
(2)එම නඩුව පැමිණිලිකරුගේ වාසියට තීන්දු වී තිබීම
(3)විත්තිකරවන් සාධාරණ හෝ යුක්තිසහගත හේතුවක් නොමැතිව නඩු පවරා තිබීම.
(4)ද්වේශ සහගතව නඩු පවරා තිබීම
(5)නඩු පැවරීම නිසා පැමිණිලකරුට හානියක් සිදු වී තිබීම

යන ඒවාය.පොලිස් ආඥාපනතේ 88 වගන්තිය අනූව මෙවැනි නඩුවක් ,ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසන් වී මාස 03ක් තුළ පැවරිය යුතු අතර මාස 02 ක් තුළ නීතිපතිවරයාට ද දැන්වීමක් යැවිය යුතුය.

ඔබට පොලිස් නිලධාරියෙකු අසත්‍ය නඩුවක් පවරා පැවරීමට එරෙහිව ගත හැකි ඉහත ක්‍රියාමාර්ග අතරින් ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම යි.ඊට පෙර මානව හිමිකම් කොමිෂන් සභාවට ,පොලිස්පතිවරයාට සහ පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම හරහා නිලධාරීන්ට එරෙහි ආයතන මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වේ.එම නිසා ඉහත සාකච්ඡා කරන ලද සියලු ක්‍රියාමාර්ග නීතීඥවරයෙකගේ උපදෙස් ලබා ගෙන අනුගමනය කිරීම ඔබට සහනයක් ලබා ගැනීම සදහා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමි.

~ නීතීඥ සාරංග වාදසිංහ ~

24/06/2025
හසලක ගාමිණී- යුධ වීරයාමේ වගේ ඉන්න ඇති....🥹❤️-----1991 ජුලි 10 වැනිදා රාත්‍රියේ 5000 කට අධික LTTE සටන්කරුවන් පිරිසක් සෙබල...
13/06/2025

හසලක ගාමිණී- යුධ වීරයා
මේ වගේ ඉන්න ඇති....🥹❤️
-----
1991 ජුලි 10 වැනිදා රාත්‍රියේ 5000 කට අධික LTTE සටන්කරුවන් පිරිසක් සෙබලුන් 600 කින් සමන්විත අලිමංකඩ හමුදා කඳවුර වට කරන ලදි. සිංහ රෙජිමේන්තුවේ 6 වන බළ ඇණියට බැඳී සිටි ලාන්ස් කෝප්‍රල් ගාමිණි කුලරත්නට රෙජිමේන්තුවේ සෙසු සෙබලුන් සමග LTTE ප්‍රහාර ගැන සෝදිසියෙන් සිටීමට පැවරුණි.

රාත්‍රිය වනවිට LTTE ය විසින් ප්‍රහාර කිහිපයක්ම දියත් කරන ලදි. සිය ගණනක් සටන් කරුවන් කඳවුර වටකරන ලැබූ අතර එයින් ආරම්භ වූ සටන අතර මැදදී යුධ ටැංකියක පෙනුම ගත් සන්නාහ සන්නද්ධ බුල්ඩෝසරයක් කඳවුර දෙසට ඇදුනි.

මැෂින් තුවක්කුවකින් හා උන්ඩ විශාල ප්‍රමාණයකින් සන්නද්ධ වූ බුල්ඩෝසරය කඳවුරේ දකුණු දොරටුව දෙසට ගමන් කළේය. ලාන්ස් කෝප්‍රල් කුලරත්න ට පෙනී ගියේ අධික ලෙස සන්නාහ ව තිබූ මෙම බුල්ඩෝසරයට කඳවුරේ රැකවල් බිඳ ඇතුල්වීම ඉතාම පහසු ක්‍රියාවක් බවයි. අලිමංකඩ සතුරන් අතට පත්වීම රටට විශාල පාඩුවක් වන්නට ඉඩ තිබුණි.

මේ අතර LTTEය විසින් කඳවුරට මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. තුවාල වී මියයන සෙබලුන්ගේ සහ පිපිරුම් වල හඬ මධ්‍යයේද සියලුම දෙනාගෙ අවධානය යොමුවූයේ ක්‍රමයෙන් කඳවුරට ළඟාවෙන බුල්ඩෝසරය වෙතය.

ලාන්ස් කෝප්‍රල් කුලරත්න, අත් බෝම්බ දෙකක් රැගෙන බුල්ඩෝසරය දෙසට දිව ගියේය. LTTE ය එල්ල කළ වෙඩි ප්‍රහාර නොසලකා ඔහු බුල්ඩෝසරයේ ඉණිමග නැග, අත් බෝම්බ දෙක බුල්ඩෝසරය තුලට විසි කළේය. අත් බෝම්බ විසින් බුල්ඩෝසරය ක්‍රියා විරහිත කළ අතර, පිපිරීම් කිහිපයකට හසුවූ ලාන්ස් කෝප්‍රල් කුලරත්න මරණයට පත් විය.

ඒත් සමගම ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ දරුණුතම සටනක් නිමා විය. කෝප්‍රල් කුලරත්නගේ නිර්භීත ක්‍රියාව නිසා අලිමංකඩ කඳවුර සතුරන්ට යටත්වීම වැලකුනි.

මෙම පරාර්ථකාමි නිර්භීත ක්‍රියාව වෙනුවෙන් ඔහුව මරණයෙන් පසු කෝප්‍රල් තනතුරට උසස් කරන ලදි. එමෙන්ම 1991 ඔක්තෝබර් 10 වැනිදා කෝප්‍රල් කුලරත්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම පදක්කම වන පරම වීර විභූෂනය පිරිනමන ලදි. එම තනතුරින් පිදුම් ලැබූ පළමු පුද්ගලයා කෝප්‍රල් කුලරත්න විය.

පසුව ඔහු හසලක වීරයා යන නමින් හඳුවන ලදි.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවක වෙද අසපුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share