Department of Health Services, Southern Province.

Department of Health Services, Southern Province. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Health Services, Southern Province., no. 15/A, Lower Dickson Road, Galle, Gallela.

නව දකුණු පළාත් ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ජී.එස්. පණ්ඩිතරත්න මැතිතුමා තනතුරේ වැඩභාරගැනීම නිමිත්තෙන් දකුණු පළාත් ‍ස...
03/09/2025

නව දකුණු පළාත් ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ජී.එස්. පණ්ඩිතරත්න මැතිතුමා තනතුරේ වැඩභාරගැනීම නිමිත්තෙන් දකුණු පළාත් ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවැති සෙත් පිරිත් සජ්ජයනාවක් 2025.09.03 දින පැවැත්විණි.

දකුණු  පළාතේ සෞඛ්‍ය සේවාව අගය කිරීම උදෙසා වාර්ෂිකව පැවැත්වෙන දක්ෂිණ සුවවිරුවෝ 2024 උපහාර ප්‍රණාම උත්සවය, අගෝස්තු මස 23 ව...
26/08/2025

දකුණු පළාතේ සෞඛ්‍ය සේවාව අගය කිරීම උදෙසා වාර්ෂිකව පැවැත්වෙන දක්ෂිණ සුවවිරුවෝ 2024 උපහාර ප්‍රණාම උත්සවය, අගෝස්තු මස 23 වන දින, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ප්‍රධාන අරාධිත අමුත්තන්ගෙ සහභාගිත්වයෙන් කරාපිටිය වෛද්‍යපිඨ ශ්‍රවනාගාරයේදී පැවැත් විය.

මව් සෞඛ්‍ය සමාජ, පාසල් දන්ත චිකිස්සාගාර කාණ්ඩය, වැඩිහිටි දන්ත සායන කාණ්ඩය, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක කාණ්ඩය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාණ්ඩය, විශේෂිත ව්‍යාපාර ඒකක කාණ්ඩය, දිස්ත්‍රික් රෝහල් ඒ,බී සහ සී කාණ්ඩය, මූලික රෝහල් ඒ සහ බී කාණ්ඩය,දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල කාණ්ඩය වශයෙන් අදියර 09 ක් යටතේ පළමු දෙවන සහ තෙවන ස්ථාන වශයෙන් සමරු තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරිමට මෙහිදී කටයුතු කෙරිණි.

“දක්ෂිණ සුව විරුවෝ - 2024” අභිසෙස් උළෙල දකුණු පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ඉදිරිපත් කරන ලද කලා විශේෂාංගයන්ගෙන් ද අලංකාරවත් විය.

26/08/2025

Dhakshina Suwaviru 2024

"Advocacy Programme for all key stakeholders at the Provincial level authorities for young key population interventions"...
29/05/2025

"Advocacy Programme for all key stakeholders at the Provincial level authorities for young key population interventions" දකුණු පළාත් වැඩසටහන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් 2025.05.27 වන දින දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. එමෙන්ම මේ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, අදාල රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් ද සහභාගී විය. මෙම වැඩසටහන පැවැත්වීමේ අරමුණ ඒඩ්ස් රෝගය පැතිරීමේ වැඩි අවධානමක් සහිත කාණ්ඩවල ප්‍රධාන බලධාරීන් දැනුවත් කරමින් උපදේශනයක් ලබා දීමත්, නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමත්ය.

සම්බුදු වෙසක් තෙමඟුල වෙනුවෙන් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලීය සුබ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ධර්මදේ...
16/05/2025

සම්බුදු වෙසක් තෙමඟුල වෙනුවෙන් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලීය සුබ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ධර්මදේශනා පිංකම 2025.05.16 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි . මෙහිදී සුමධුර ධර්ම දේශනාව, පූජ්‍යපාද මාළිගාකන්දේ ධම්ම විශුද්ධි ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලැබීය.

වාර්ෂික ‌සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සංග්‍රහය (Annual Health Bulletin)-2023දකුණු පළාත් ‌‌‌සෞඛ්‍ය ‌සේවාවට අදාල ‌සෞඛ්‍ය සංඛ්‍යාලේඛන...
08/03/2025

වාර්ෂික ‌සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සංග්‍රහය (Annual Health Bulletin)-2023

දකුණු පළාත් ‌‌‌සෞඛ්‍ය ‌සේවාවට අදාල ‌සෞඛ්‍ය සංඛ්‍යාලේඛන ‌තොරතුරු ඇතුළත් කර සැකසු වාර්ෂික වාර්තාව,

මෙම සබැඳිය මගින් විද්‍යුත් ග්‍රන්ථය පරිශීලනය කල හැක.

https://drive.google.com/file/d/1ePctE9_Yz_zWkZd3amtKBkymclVFDcrO/view

රාජ්‍ය මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ වගවීම සඳහා වූ නොසැලෙන කැපවීම ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ග...
31/12/2024

රාජ්‍ය මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ වගවීම සඳහා වූ නොසැලෙන කැපවීම ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (CA Sri Lanka) හි රාජ්‍ය අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) විසින් 8 වැනි වරටත් සංවිධානය කරන ලද හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් (BARA) සම්මාන උළෙල 2024 දෙසැම්බර් 2 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.

මෙහිදී පළාත් පාලන අංශයේ දෙපාර්තමේන්තු කාණ්ඩයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි රිදී සම්මානය දිනා ගැනීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සමත් විය.මෙම අවස්ථාව සඳහා ආයතනය වෙනුවෙන් ප්‍රධාන ගණකාධීකාරී කේ.අමරරත්න මහත්මිය සහ ගණකාධීකාරී එරන්දි සමන්තිකා මහත්මිය සහභාගී විය.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරන ලද "හද ගැබ රැඳුනෝ-2024" වැඩසටහන 2024.09.13  ...
18/09/2024

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරන ලද "හද ගැබ රැඳුනෝ-2024" වැඩසටහන 2024.09.13 වන දින උත්කර්ෂවත් අන්දමින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

මෙහිදී අප ආයතනයේ සේවයේ නියුතුව සිට විශ්‍රාම ලැබූ, ජී.ජේ. රූපරත්න මයා,කේ.ජී.එස්.ඩබ්.වීරක්කොඩි මයා,සුරේෂ් ලියනගේ මයා, කුමුදුනී ජයවර්ධන මිය සහ ස්ථාන මාරු හා උසස්වීම් ලැබූ, එල්.කරුණාරත්න මයා,ඒ්.ජී.යූ. ඉන්ද්‍රජිත් මයා, එච්.ජී.ඉමේෂ් අචින්ත මයා, ගිහානි අමර්ෂි මෙය, විශේෂඥ වෛද්‍ය නෙරංජලා මුදලිගේ මිය, ජී.එච්. ශාන්ත පියල් මයා, මිහිරි අමරසේකර මෙය, ප්‍රදීපා කුමාරී මිය,මුතුමිණි වීරසූරිය මිය,නිල්මි ප්‍රේමකුමාර මිය, වෛද්‍ය හිමාෂිණි ඩයස් මිය,කස්තුරි උමංගා හේමමාලි මිය මෙහිදී උපහාරයට ලක්විය.

එමෙන්ම “සිසුදිරි අභිමන්-2024” වැඩසටහන යටතේ ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්ගේ විභාග කඩඉම් වලින් සමත් වූ සිසු දරුවන්ට ත්‍යාග ලබා දීමද මෙහිදී සිදුකරන ලදී.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙි ප්‍රජා සෞඛ්‍ය අංශය මඟින් පවත්වනු ලබන ප්‍රජා සුව දැක්ම වැඩසටහන 2024.08.28 වන දින...
02/09/2024

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙි ප්‍රජා සෞඛ්‍ය අංශය මඟින් පවත්වනු ලබන ප්‍රජා සුව දැක්ම වැඩසටහන 2024.08.28 වන දින මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පවත්වන ලදී. දකුණු පළාත තුල ප්‍රජා සෞඛ්‍ය සේවාව සපයන ප්‍රධාන ආයතනයක් වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අධීක්ෂණයට ලක්කර එම කටයුතු ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

මේ සඳහා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා, දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිශානි උබේසේකර මහත්මිය,දකුණු පළාත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ටී.ඩී.පී.පීරිස් මහතා, වෛද්‍ය නිලධාරී(ප්‍රජා සෞඛ්‍ය) ඉෂාන්ති ගුණරත්න මහත්මිය, වෛද්‍ය නිලධාරී(තත්ත්ව කළමනාකරණ) ජගත් චන්දන මහතා, දකුණු පළාත් පරිපාලන මහජන සෞඛ්‍ය හෙද නිලධාරී දයා අමරසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූ අතර මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය ඇතුළු වෛද්‍ය නිලධාරීන්,මාණ්ඩලික නිලධාරීන් ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.

..! PDHS Annual Trip 🏞️🚎📷 !..දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සුභ සාධක සංගමය විසින් වාර්ෂික විනෝද හා අධ්‍යාපනි...
31/08/2024

..! PDHS Annual Trip 🏞️🚎📷 !..

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සුභ සාධක සංගමය විසින් වාර්ෂික විනෝද හා අධ්‍යාපනික චාරිකාව 2024-08-24 දින සීතාවක පුරවරය ආශ්‍රිතව යොදා ගැනිණි. එහිදී කලටුවාවල හා ලබුගම ජල පවිත්‍රාගාරය , කුමාරි ඇල්ල නැරඹීමටත් හා සීතාවක උද්භිත උද්‍යානය නැරඹීමටත් කටයුතු සංවිධානය කර තිබිණි. මෙම චාරිකාවට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා ඇතුළු නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ද සහභාගි විය.

දකුණු පළාත් ඩෙංගු කමිටු රැස්වීම සහ දකුණු පළාත් ඒඩ්ස් කමිටු රැස්වීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතාගේ ප්‍රධ...
30/08/2024

දකුණු පළාත් ඩෙංගු කමිටු රැස්වීම සහ දකුණු පළාත් ඒඩ්ස් කමිටු රැස්වීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, සෞඛ්‍ය ලේකම්, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහභාගීත්වයෙන් 2024.08.20 වන දින දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. එමෙන්ම මේ සඳහා නියෝජ්‍ය දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නොවන රාජ්‍ය නිලධාරීන් ද සහභාගී විය. දකුණු පළාත තුල ‍ඩෙංගු රෝගය සහ ඒඩ්ස් රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා බහු පාර්ශවීය සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මෙම රැස්වීම් පවත්වන ලදී.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ තත්ව කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය රෝහල් අධීක්ෂණ වැඩසටහන යටතේ ...
26/08/2024

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ තත්ව කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය රෝහල් අධීක්ෂණ වැඩසටහන යටතේ ප්‍රාදේශීය රෝහල් ‘සී’ කාණ්ඩයේ රෝහල්වල තත්ත්ව කළමනාකරණ ඒකකවලට අනුයුක්තව කටයුතු කරන නිලධාරීන් හා එහි කටයුතු සඳහා උනන්දුවක් දක්වන නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ සහ රෝහල් අධීක්ෂණය කිරීමේ වැඩසටහන් මාලාව දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහල් 20 කදී සාර්ථකව පැවත්විණි.

මෙහිදි රෝහලේ බාහිර රෝගී අංශය,සායන,වාට්ටු,කාර්යාලය,ආසාදන පාලන ඒකකය, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය,හදිසි ප්‍රතිකාර ඒකකය, ප්‍රාථමික සත්කාර ඒකකය, ඖෂධ නිකුත්කරන ස්ථාන ඇතුලු සියලුම ස්ථාන සඳහා සුදුසු පරිදි තත්ව කළමනාකරණ ක්‍රමවේද ස්ථාපිත කිරීම,ක්‍රියාත්මක කිරීම,පසු විපරම් කිරීම හා එමගින් ක්‍රමික දියුණුවක් ලබා ගැනීම සඳහා ආයතනික වශයෙන් ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට හා දැනට පවතින තත්වය නිරීක්ෂණය කිරීම මෙම වැඩසටහ‌න මගින් සිදුකරන ලදී.

Address

No. 15/A, Lower Dickson Road, Galle
Gallela

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+94912231620

Alerts

Be the first to know and let us send you an email when Department of Health Services, Southern Province. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram