26/08/2025
දකුණු පළාතේ සෞඛ්‍ය සේවාව අගය කිරීම උදෙසා වාර්ෂිකව පැවැත්වෙන දක්ෂිණ සුවවිරුවෝ 2024 උපහාර ප්‍රණාම උත්සවය, අගෝස්තු මස 23 වන දින, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ප්‍රධාන අරාධිත අමුත්තන්ගෙ සහභාගිත්වයෙන් කරාපිටිය වෛද්‍යපිඨ ශ්‍රවනාගාරයේදී පැවැත් විය.
මව් සෞඛ්‍ය සමාජ, පාසල් දන්ත චිකිස්සාගාර කාණ්ඩය, වැඩිහිටි දන්ත සායන කාණ්ඩය, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක කාණ්ඩය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාණ්ඩය, විශේෂිත ව්‍යාපාර ඒකක කාණ්ඩය, දිස්ත්‍රික් රෝහල් ඒ,බී සහ සී කාණ්ඩය, මූලික රෝහල් ඒ සහ බී කාණ්ඩය,දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල කාණ්ඩය වශයෙන් අදියර 09 ක් යටතේ පළමු දෙවන සහ තෙවන ස්ථාන වශයෙන් සමරු තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරිමට මෙහිදී කටයුතු කෙරිණි.
“දක්ෂිණ සුව විරුවෝ - 2024” අභිසෙස් උළෙල දකුණු පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ඉදිරිපත් කරන ලද කලා විශේෂාංගයන්ගෙන් ද අලංකාරවත් විය.