Shanthi Mental Helth Care

Shanthi Mental Helth Care Psychotherapist/ Psychological Counselor & Lecturer at Nawaloka Hospital 0774071401

29/11/2022
ආදරණීය දෙමාපියනි ,.......ඔබ ට නොදැනීම ඔබේ දරුවා ඔබ අතින් අපයෝජනයට ලක්වෙලා ද ?-------------------------------------------...
29/11/2022

ආදරණීය දෙමාපියනි ,.......ඔබ ට නොදැනීම ඔබේ දරුවා ඔබ අතින් අපයෝජනයට ලක්වෙලා ද ?
-------------------------------------------------------------

කිසියම් ක්‍රියාවක් හේතුවෙන් ඔබේ දරුවා ගේ සoවර්ධනයට හෝ වර්ධනයට බාධාවක් සිදුවන්නේ නම් එය ළමා අපයෝජනයයි.......

ළමා අපයෝජනය කියනා සැනින්ම බොහෝ දෙමාපියන් ගේ සිහියට නැගෙන්නේ ලිoගික අපයෝජනය පමනයි. මේ ලිපියෙන් කතා කරන්නේ ලිoගික අපයෝජනය ගැන නොවෙයි . ඔබ අතින් ඔබේ දරුවා ට සිදුවන කායික , මානසික හා කුසලතා අපයෝජනය පිලිබඳව යි.

මීට වසර දෙකකට පමණ පෙර මා මුහුණ දුන් අපයෝජනයට ලක්වූ දරුවකුගේ සත්‍ය සිදුවීමක් මෙසේ සටහන් තබමි ......

තුන ශ්‍රේණිය ඉගෙනුම ලැබු දැරියකි ඇය ඔමලි ලෙස හදුන්වමි . මට එම පාසලට යාමට ලැබුනේ රාජකාරි කටයුතක් සදහා ය.

අදාල කටයුත්ත පටන්ගන්නා තුරු මා එම පාසලේ තැනින් තැන ඇවිදිමින් සිටියෙමි. තුනේ පන්තියේ දරුවන් යම්කිසි පාඩම් වැඩක් සදහා සහභාගි වී පේලියට පන්තියට එනවා . එක දැරියක් කදුලු පුරවා ගත් දෙනෙතින් සියලුම දරුවන් ට පිටුපසින් වේදානාබරව එනවා . බොහෝ වේලාවක් ඇය පිලිබඳ විමසිල්ලෙන් සිටි මම පන්ති බාර ගුරුතුමියගේ අනුදැනුම මත ඇය මම වෙත කැදවා ගතිමි.

ඔමලි පැහැයෙන් අඩු වුවත් ඉතාමත් හුරුබුහුටි දැරියකි. මගේ ලගට ලන්කර ගැනීමට ඇගේ බදවටා අත යවා ඇය ලන්කර ගැනීමට මම උත්සාහය කලෙමි.

" අනේ ගොඩක් රිදෙනවා මැඩම් ......එපා මගේ පිටේ ලේ එනවා ..."

" කෝ නැහැ නේ ....අපි බලමු මොකෝ උනේ කියලා ..."

" මොකුත් නැහැ . එපා මට ටිකයි රිදෙන්නේ...."

ඔමලි වේදනාවෙන් මිමිනුවාය.මේ දරුවා ට කවුරු හෝ පහර දී ඇතිබව මට වැටහුනා. මගේ බෑගයේ තිබූ උදේ ආහාරය සදහා රැගෙන ආ රෝස් කරනලද පාන් ගෙන මමත් කනගමන් ඇයටද දුන්නා . පාන් කනගමන් ඇගේ දෑසින් කදුලු කැට කඩා වැටුනි.

" ඔමලි ට බඩගිනීද?..."

" නැහැ මට බයයි . "

" ඉතින් අනේ මම ඉන්නේ මොකෝ බය වෙන්නේ "

" එහෙම නෙවෙයි මැඩම් අපිට ගෙයක් හම්බ වෙනඑකක් නැතිවෙයි ද ?..."

ඔමලිගේ කතාව මෙසේය ....ඇය මවත් පියාත් තම එකම සහෝදරයා ත් සමග ජීවිත් වූයේ මුර වත්තකය. ඇගේ පියාගේ රැකියාව වූයේ මුර කිරීමය. දෙමාපියන් කිසිදා පාසල්ගොස් නැත . සහෝදරයා ද පාසල් යන්නේ නැත . පියා සිටින්නේ නිතරම බීමතිනි. ඔවුන්ගේ එකම අනාගත බලාපොරොත්තුව ඔමලිය. ඔමලි ශිෂත්ව විභාගයෙන් ලoකාවෙන් පලමු තැන ලබාගෙන් ටීවී එකට ගොස් ගෙයක් ඉල්ලාගන්න කියලා තමයි ඔමලිගේ පියා ඔමලිට නිතරම කියන්නේ . කුමන හෝ විෂයක් සදහා ඔමලිට ලකුණු අඩුවන්නේ නම් ඔමලිගේ පිට පුපුරා යනතුරු පියා පහර දෙයි. ඔමලිගේ පිටට එදා සිදුවී තිබුණේ ද එවැනිම දෙයකි.
-----------------------------------------

ඔමලි ට කායික මානසික හා ඇගේ කුසතා සියල්ල ද අපයෝජනයට ලක්ව තිබුනි. දරුනු කායික අපයෝජනයට ලක්වීම තුලින් ඇය මානසිකව ද අපයෝජනයට ලක්වී ඇය තුලින් මතුවන කුසලතා ද අපයෝජනයට ලක්වී ඇත්තේ ය.

ඔමලිට පමනක් නොව මෙවැනි අපයෝජනයට ලක්වන දරුවන් කොතෙකුත් ඇත . දෙමාපියන් තම අරමුණු මුදුන්පත් කර ගැනීමට තම දරුවන් මෙවැනි අපයෝජනයට ලක්කරයි.

"තෝව මරනවා "
" හමගහනවා"
"කෝටුමස් කරනවා "
"පල් බූරුවා"
"කාලකන්නියා"
" වල් හරකා"

සමහර දෙමාපියන් ගේ මුවින් පිටවෙන මෙවැනි වදන් කසපහර වලටත් වඩා දරුනුය. හෙම්බත් වී සිටින දරුවා ට අත්වන මානසික පීඩනය අල්ප මාත්‍ර වශයෙන් වත් බොහෝ දෙමාපියන් ට වැටහෙන්නේ නැත . කෙසේ හෝ දරුවා ට ඉගැන්වීමට වෙර දරයි . මෙසේ මානසිකව අපයෝජනයට ලක්වෙන දරුවන් නින්දට යන්නේ ද වයිරයෙනි.

* නිතරම දරුවා ට නිග්‍රහ කිරීම .
* දරුවා නිතරම උපහාසයට හා අපහාසයට ලක් කිරීම .
* දරුවා ගේ අඩුපාඩු පමනක් හුවා දැක්වීම .
* දරුවා ට නිතරම බැන අඩගැසීම.
* දරුවා පිලිකුල් කිරීම .
*දරුවා ට ආදරය සෙනෙහස නොදැක්වීම.
* දරුවා ට හානි වෙන්න ඉඩ හැරීම .

මෙවැනි දේ ඔබ විසින් ඔබේ දරුවා ට කරන්නේ දරුවා හදාගැනීමට නම් එය වැරදි ය. මෙයින් සිදුවන්නේ ඔබේ දරුවා ඔබට නොදැනීම අපයෝජනයට ලක්වීමයි.

......දෙමාපියනි ,...
ඔබ තුළ සිටිය හැකි අපයෝජකයා
හදුනා ගන්න .....

* පාලනය කරගත නොහැකි කෝපය.
* දරුවන් කරදරයක් යැයි දැනීම.
*වැඩ කටයුතු අදිකබව.
* බලාපොරොත්තු අදීක වීම.
* අන් අය අනතුරු අගවා තිබීම.

ඔබ තුලින් ද ඔබේ දරුවන් ට මෙවැනි ම දේ සිදුවන බව නොවනුමානය. කුඩා කල මෙවැනි අපයෝජනයට ලක්වන දරුවන් වැඩිහිටියන් වූ කල තමාගෙ දරුවන් ද අපයෝජනයට ලක්කරයි .

දෙමාපියනි ඔබේ දරුවා ට සුන්දර ළමා ලොව අත්විඳීමට ඉඩ හරින්න. දරුවා ට ආදරය සෙනෙහස ලබා දෙන්න . කිසිවිටෙකත් ඔබේ අරමුණු මුදුන්පත් කර ගැනීමට දරුවා පලිහක් කර නොගන්න. ආදරණීය ව අධ්‍යාපනය ලබා දෙන්න . එවිට යහපත් දරුවෙක් සමාජයට දායාද කළ හැකිය ..

ශාන්ති කුමාරි ජයනෙත්ති .
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝචිකිත්සක .

නවලෝක රෝහල - කොළඹ නවලෝක රෝහල -ගම්පහ .
නවලෝක රෝහල - මීගමුව
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07
0774071401

Address

Gampaha

Telephone

+94774071401

Website

Alerts

Be the first to know and let us send you an email when Shanthi Mental Helth Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram